tag:blogger.com,1999:blog-22434054170735834432024-03-13T21:19:19.813+05:30බස්සිගේ නවාතැන රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger362125tag:blogger.com,1999:blog-2243405417073583443.post-64284879720021673032019-08-01T16:47:00.003+05:302019-08-01T16:47:35.734+05:30ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble)

ඔබේ ජීවිතයේ සතුටුදායක නිමේෂයන් (moments of happiness) තියෙනවාදැයි මම ඇහුවොත්, ඕනෑම කෙනෙක් 'ඔව්' යැයි පිළිතුරු දේවි. නමුත් ඔබ කොපමණ කාලයක් ඒ සතුටුදායක නිමේෂයන් නොනැසී පවත්වා ගන්නට සමත් ද?

සතුටුදායක නිමේෂයන් උදෑසන උඳුපියලි ගොල්ලක වැතිරගත් පිණි බිංදු වාගෙයි. තුනී හිරු රැස් දහරක්, සිහින් සුලං රැල්ලක් හෝ වැනි ඉතා කුඩා බාහිර බලපෑමකින් ඒවා බිඳී, විසිරී යා හැකියි. ඔබේ සතුට බාහිර බලපෑමකට නතුව බිඳී ගිය පසු ඉතිරි වෙන්නේ කුමක් ද? බොහෝ විට ඒ තැන ගන්නේ තරහව/ ශෝකය/ බිය/ සැකය හෝ වෙනත් සෘණාත්මක හැඟීමක් (negative vibes).

ඉහත සඳහන් කල සතුටුදායක නිමේෂයන් බාහිර බලපෑම්වලින් සුරක්ෂිත කරගන්නත්, ඒවායින් නැංවෙන ධනාත්මක කම්පනයන් (positive vibes) නැවත නැවතත් අත්විඳින්නත් ඔබ කැමති ද? එහෙමනම්, 'සතුටු බුබුළ' හෙවත් Happiness Bubble සංකල්පය ඔබටත් වැදගත් වේවි.

දේදුණු වර්ණ පරාවර්තනය කරමින්, සැහැල්ලුවෙන් සුලඟේ පාවිපාවී යන සබන් බුබුළක් හිතේ මවා ගන්න. මම ඔබට කියාදෙන්නට යන සතුටු බුබුළත් ඒ වගේම අලංකාරයි. නමුත්, සබන් බුබුළේ තුනී, බිඳෙන සුළු සබන් පටලය වෙනුවට ඔබේ සතුටු බුබුළේ බාහිර පටලය නිර්මාණය කරගත යුත්තේ වරණ පාරගම්‍ය (selective permeable) පටලයකින්.

වරණ පාරගම්‍යතාවය කියන්නේ මොකක්ද?

වරණ පාරගම්‍යතාවය (selective permeability) කියන්නේ සෛල විද්‍යාව හා සබැඳුන සංකල්පයක්. සෛල පටල වරණ පාරගම්‍ය ගුණයෙන් යුක්තයි. ඒ කියන්නේ ඒ පටළ හරහා එහා මෙහා ගමන් කල හැක්කේ තෝරාගත් අණු හා අයනවලට පමණයි.

සතුටු බුබුළ තනාගැනීමෙන් පසුව, ඒ තුල පරාවර්තනය වෙන ධනාත්මක කම්පනයන් (positive vibes) උපරිමයෙන් අත්විඳින්න නම් ඔබ වැඩි කාලයක් සතුටු බුබුළ ඇතුලේ ජීවත් වෙන්න ඕනෙ. ඒ වගේම ඒ වටා ඇති වරණ පාරගම්‍ය පටලය (selective permeable membrane) හරහා ඇතුල් වෙන්නට ඉඩ නොදිය යුතු, සෘණාත්මක බාහිර බලපෑම් මොනවාදැයි ඔබ දැනුවත් විය යුතුමයි.

අපේ සතුටු බුබුලට පරිබාහිරව තබාගන්නට පරෙස්සම් විය යුතු දේවල් මොනවාද?

1. විසකුරු මිනිසුන් (Toxic people)

ගෝනුස්සන්, සර්පයන් වගේ සත්තුන්ට පමණක් නොවෙයි, ඇතැම් මිනිස්සුන්ටත් විෂ එන්නත් කිරීමේ හැකියාව පවතිනවා. මොවුන් ඔබට විස එන්නත් කරන්නේ සෘජු කායික හෝ වාචික අපහරණ මගින්, මානසික හිංසනයට ලක් කිරීමෙන්, එහෙමත් නැත්නම් ඔවුන්ගේ අභව්‍ය රංගනයකට ඔබව ඈඳා ගැනීමෙන් විය හැකියි.

කාර්යාලයේ, අධ්‍යාපන ආයතනයේ, මිතුරු කවයන්හි, සමාජ මාධ්‍යවල පමණක් නොවෙයි, ඔබේම නිවස තුල පවා මෙවන් විසකුරු මිනිසුන් ජීවත්වෙන්න පුලුවන්. ඒ ඔබේ ආදරවන්තිය, සැමියා, වැඩිමහල් දරුවා හෝ ඔබේම මව වෙන්නත් ඕනෑතරම් ඉඩකඩ තිබෙනවා. ඒ නිසා වැදගත්ම දේ, කිසියම් සබඳතාවයක් හරහා ඔබට විස එන්නත් වෙන බව වැටහුණු වහාම, අදාල විස සහිත පුද්ගලයාව ඔබේ සතුටු බුබුලෙන් පිටතට පලවා හැරීමයි.

විස සහිත පුද්ගලයන්ට හොඳම උදාහරණයක් තමයි බුලීස්ලා (Bullies). ඔබත් අධ්‍යාපන ආයතනයේ හෝ කාර්යාලයේ දී බුලීස්ලා අතින් හිංසනයට ලක්වෙනවා නම් පැහැදිලිවම ඔවුන්ට විරුද්ධ වෙන්න. ඔබේ විරෝධතාවයෙන් පලක් නොවන බව හැඟෙනවානම් වගකිවයුතු ඉහල නිලධාරියෙක්/ ගුරුවරයෙක්/ පාලනාධිකාරිය දැනුවත් කර ඔවුන්ගේ උපකාර ඉල්ලා සිටින්න. සමාජ ජාලා ඔස්සේ ඔබට අයුතු බලපෑම් කරන්නට එන අය ඉන්නවානම් සරලවම ඔවුන්ව බ්ලොක් කර දමන්න.

2. කරුමක්කාරයෝ (Unlucky Bastards)

දුක් කරදර සහිත කාලවලට ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්න සිදුවෙනවා. හැබැයි මේ කාණ්ඩයට වැටෙන කරුමක්කාරයන් ඔබට හඟවන්නේ ඔවුන් තරම් අසාධාරණයට ලක් වුන, පීඩා විඳින, සදාකල් දුකෙහිම පවතින වෙනත් කෙනෙක් නැති බවයි. ඔවුන් ඔබ සමග කතාකරන හැම මොහොතකම "මේ ලෝකය කොතරම් කුරිරු දැ'යි" සිහිපත් කරවා ඔබේ ඇඟේ හීගඩු නංවන්නට සමත්.

සෑම මොහොතකම, සෑම දෙයක් ගැනම සෘණාත්මක ආකල්ප පමණක්ම දරන මේ කරුමක්කාරයෝ ඔබ වෙත එළඹෙන්නේ බොහෝ සාමාන්‍ය මිනිසුන් කරන්නාක් මෙන්ම තමන්ගේ ගැටළුවක් ඔබ සමග බෙදාගෙන, ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස් සහ උපදෙස් ලබාගන්නට අවශ්‍ය බව හඟවමින්. නමුත් ඔබ සාමාන්‍ය මිනිසුන්ට ගැලපෙන විසඳුම් කීයක් ඉදිරිපත් කලත් කරුමක්කාරයන් ඒවායින් තෘප්තියට පත්වෙන්නේ නැහැ. සෑමවිටම, සෑම විසඳුමකම යම් ඇදයක් දකින ඔවුන් ඇළුම් කරන්නේ දිගින් දිගටම තමන්ගේ පීඩාවන් ගැන කතා කරන්නට පමණයි.

ඔබ අඳුරු ආගාධයක මුවවිටට වී ආගාධය ඇතුලේ හඬමින් ඉන්නා කෙනෙක්ව එලියට අදින්නට උත්සාහ ගනිමින් ඉන්නවායැයි හිතන්න. එවැනි අවස්තාවක ආගාධයට වැටුණු පුද්ගලයා ඔබේ උදව්වෙන් එලියට එන්නේ නැතිව, එතුල ඇති අඳුරත්, සීතලත්, භයංකාරබවත් දිගින් දිගටම පණ පිහිටුවමින් විස්තර කරනවානම්, අවසානයේ ඔබේ හිස තුලත් ඒ සෘණාත්මක කම්පනයන් රාව ප්රතිරාව නැංවෙන්නට පුළුවන්. ඊටත් වඩා දරුණු අවදානම තමයි, සමබරතාවය ගිලිහී ඔබත් පෙර කී ආගාධයට ඇදවැටීමේ අවදානම.

3. ඔයාගේ හොඳටයි අපි මෙහෙම කරන්නේ (Well-meaning ill-minded people)

ඔබට අකැමති ආහාර, අකැමති ප්‍රමාණවලින් ගන්නට බල කරන වැඩිහිටියෝ, ඔබේ ඇඳුම්වල වර්ණ නොගැලපීම ගැන දිනපතා විහිළු කරන කාර්යාල මිතුරෝ, ඔබ ආසාවෙන් කියවන මනෝවිද්‍යා සඟරාව ගැන දිනපතා උපහාසාත්මක විහිළු කරන ඤාති සොහොයුරෝ, ඔබත් ඔබේ සැමියාත් හොඳින් සිතා බැලීමෙන් පසු දරුවන් හදන්නේ නැතිව ඉන්නට ගත් තීරණයට දිනපතා පරිභව කරන අසල්වැසියෝ.... මේ කවුරුත් ඔබේ හිත රිදවීමෙන් අනතුරුව කියන පොදු වාක්‍ය ඛණ්ඩයක් ඇති බව දන්නවාද? "ඔයාගේ හොඳටයි අපි මෙහෙම කරන්නේ".

මගේ පෞද්ගලික අදහස නම්, අපේ රටේ මිනිසුන් "මට සමාවෙන්න/ සොරි" කියන වාක්‍ය ඛණ්ඩය තරමටම "ඔයාගේ හොඳටනෙ අපි මෙහෙම කරන්නේ" කියන වාක්‍ය ඛණ්ඩයත් අවභාවිතා කරනවා.

මේ ඝණයටම අයත්වෙන තවත් පිරිසක් තමයි, ඔබට ජීවිතයේ ප්‍රමුඛතා ලැයිස්තුවක් (priority list) ඇති බව නොපිළිගන්නා අය/ ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුවට ගරු කරන්නට අකැමති අය. ඔබ මිතුරු හමුවක් මගහැර විශ්වවිද්‍යාලයේ දේශණයකට සහභාගි වූ නිසා මාස ගණනක් මැසිවිලි නගන, ඔබ හදිසි වෘත්තීමය කටයුත්තක් හේතුවෙන් සහභාගි වෙන්නට නොහැකියැයි දැනුම් දුන් දුර ඤාතියෙකුගේ තුන් මාසේ දානමය පිංකම ගැන තවත් තුන් අවුරුද්දක් යනකම් චෝදනා කරන උදවිය මීට හොඳම උදාහරණයි.

මේ කාණ්ඩයේ සම්බන්ධතා අපේ ජීවිතයෙන් මුළුමුනින්ම බැහැර කිරීම ඉතා අපහසුයි. බොහෝ විට මෙවැනි මානසික පීඩාවන් ඇතිකරන සමීපතමයන් එහෙම කරන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාමයි. ඒ වගේම මින් පෙර මා සඳහන් කල "කරුමක්කාරයෝ"ත් ඔවුන් විසින්ම තනාගත් අඳුරු ආගාධයේ හිරවී ඉන්නේ හුදෙක් නොදැනුවත්කම නිසාමයි.

මුලිනුදුරා දමන්නට බැරි කටු-පොකුරු ආශ්‍රය කලයුත්තේ කොහොමද?

ඔවුන් කටු-පොකුරු බවට හොඳ අවබෝධයක් ඔබට තිබිය යුතුයි. මේ කාණ්ඩ දෙකේ පුද්ගලයන් නොදැනුවත්ව වුනත් ඔබේ ජීවිතයට ගෙන එන්නේ සෘණාත්මක කම්පන (negative vibes). ඒ නිසා ඔබ ධනාත්මක ශක්තීන්ගෙන් හැකි උපරිමයෙන් සන්නද්ධව ඉන්නා විට පමණක් ඔවුන්ව ආශ්‍රය කරන්න. ඔවුන්ගේ සෘණාත්මක කම්පනවල බලපෑම නිසා ඔබේ සතුටු නිමේෂයන් බිංදුවටම හිඳී යන්නට පෙර වහ වහා ඔවුන්ගෙන් ඈත්වෙන්න. විරාමයක් ගන්න. ඔවුන්ව එළියේ අතහැර දමා, ඔබේ සතුටු බුබුළ තුලට වැදී ධනාත්මක ශක්තීන්ගෙන් නැහැවෙමින් නැවතත් ප්‍රාණවත් වෙන්න (Re-energize and Re-vitalize).

සතුටු බුබුලෙන් පරිබාහිරව පවත්වාගත යුතු පුද්ගල සම්බන්ධතා ගැන අපි ඉහතින් කතා කලා. දැන් බලමු සතුටු බුබුල ඇතුලේ පුරවාගත යුතු සතුටු-වර්ධක (Happiness Enhancers/ Energy boosters) ගැන.

ඔබේ ජීවිතයේ ධනාත්මක ශක්තීන් වර්ධනය කරන පුරුදු මොනවාදැයි ඔබම හඳුනා ගත යුතුයි. මගේ සතුටු බුබුල තුලට මා පුරවා ගන්නා හැම දෙයක්ම ඔබටත් එලෙසින්ම ධනාත්මකව බලපාවියැ'යි මට කොහෙත්ම සහතික වෙන්න බැහැ. නමුත්, මම කියන්නම් මගේ සතුටු බුබුලේ, සතුටු නිමේෂයන් උත්පාදනය කරන්නත්, මානසික ඉහිල් බව පවත්වාගන්නත් නිතර භාවිතා වෙන පුරුදු කිහිපයක්;

1. පොත්පත් කියවීම

2. සුරතල් සතුන් සමග ගත කරන කාලය. (මගේ සුරතල් පූසාගේ පුරුපුරුව මැජික් එකක් වගේ ක්ෂණයකින් මනස ඉහිල් කරන්නට දායක වෙනවා.)

3. Adult coloring books/ coloring apps, Hand crafts

4. Sudoku ප්‍රහේලිකා, Scrabble games

5. පෙඩිකියු සත්කාරයක් හෝ සමට detox ප්‍රතිකාරයක් ලබා ගැනීම

6. වැහි වැටෙන දවසක උණුසුම් කෝපි කෝප්පයක් පානය කිරීම

7. මගේ ආදරවන්තයා අසල වැතිරගෙන වල්පල් කතා කියමින් කාලය ගත කිරීම

8. ආදරවන්තයා හෝ ළඟම මිතුරෙක් ගිටාරය වයන අතරේ ගී ගැයීම

9. අලුත් විෂයයන් ඉගෙනීම

10. අලුත් ආහාර වට්ටෝරු අත්හදා බැලීම

11. නිවසින් බැහැර පලාතක නිවාඩුවක් ගත කිරීම

12. දවසේ Step-target එක සම්පූර්ණ කිරීම

13. මම ඇළුම් කරන TV series, cookery shows එහෙමත් නැත්නම් movies නැරඹීම

14. මගේ සතුටු වර්ධක මිතුරන් අතළොස්ස මුණගැසීම, ඔවුන් සමග කාලය ගත කිරීම.

15. සමාජ මාධ්‍ය තුළින් හඳුනාගත් සතුට-ජනනය කල හැකි මිතුරන් අතළොස්ස සමග දොඩමළු වීම

16. වෘත්තියට අදාළ නව සොයාගැනීම්, උපකාරක වැඩසටහන් ආදිය පිළිබඳව හැදෑරීම

නමුත් මම යලිත් අවධාරණය කරන්න ඕනේ, පූසෙක්ගේ පුරුපුරුව අවුරුදු දෙකේ ඉඳන් පූස් සුරතලුන් ඇති දැඩි කරන මගේ සතුට වර්ධනය කලත්, ඒ කාරණයම පූස්-ලෝමවලට අසාත්මික ඔබේ සතුට නිශේධනය කරන්නට හේතු විය හැකියි.

ඕනෑම දෙයක් ඕනැවට වඩා ඕනෑ වීමේන් ඇතිවිය හැකි ඛේදවාචක

"ඕනෑම දෙයක් ඕනැවට වඩා ඕනෑම නෑ." මේ මගේ පාසැලේ ගුරුවරියක් විසින් නිතර කියන්නට යෙදුනු, මට අදටත් අමතක නොවෙන කතාවක්. සතුටු බුබුල තුලට පුරවාගන්නා සතුටු-වර්ධකවලට වුවත් ඒ ප්‍රකාශය ඒ ආකාරයෙන්ම වලංගුයි.

උදෑසන කෝපි කෝප්පය (ලංකාවේ බහුතරයකට නම් උදෑසන කිරි වීදුරුව) අතපසු වුනොත් මුළු දවසම මුහුණ අඳුරු කරගෙන ගෙවා දමන මිතුරන් ඔබටත් ඉන්නවාද? අද මූඩ් එක අප්සට් මොකද කියා ඇහුවොත් Ugh! I missed my morning caffeine fix යැ'යි මැසිවිලි නගන මිතුරන් මටත් ඕනෑතරම් ඉන්නවා. මේ තමයි, සතුටු වර්ධකයක්, ඇබ්බැහියක් බවට පත් කර ගැනීමේ ප්‍රතිඵලය. ඔබේ සතුට දල්වන උණුසුම් කෝපි කෝප්පයම ඔබේ සතුට නිශේධනය කරන්නට දායක වීම මොනතරම් ඛේදවාචකයක්දැ'යි මදක් නැවතිල්ලේ හිතා බලන්න.

ඔබ හොඳින් තෝරා බලා සතුටු බුබුල තුලට ඇතුළු කරගත් මානව සම්බන්ධතාවලටත් මේ රීතිය, මේ ආකාරයෙන්ම අදාල වෙන බව අමතක කරන්න එපා.

අද ඔබේ සතුට වර්ධනය කරන ආදරවන්තයා, සැමියා, බිරිඳ හෙට ඔබට වඩා ආකර්ශණීය අයෙක් සමග පෙමින් බැඳෙන්නට ඕනෑතරම් ඉඩකඩ තියෙනවා. අද ඔබේ සතුටු බුබුල තුල සුරතල්වෙන නව යොවුන් දියණිය, තව වසරකින් දෙකකින් ඔබෙන් බැහැරව තමන්ගේම සතුටු බුබුලක් ගොඩනංවාගන්නත්, ඇගේ සතුටු බුබුළ තුලට ඔබව වද්දා නොගන්නටත් ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. අද ඔබේ දෙපා මුල පුරු-පුරු ගෑවිල්ලේ දැවටෙන සුරතල් පූසාත්, ඔබ වැඩ ඇරී නිවසට එන පෙරමග බලන ආදරණීය සුනඛ පෝතකයාත් හෙට අනිද්දාට හදිසි අනතුරකින් ජීවිතය හැර යන්නට පුළුවන්. එයයි ලෝකයේ ස්වභාවය.

ඒ හැමදේටමත් වඩා ඔබ සිහි තබාගත යුතු දෙයක් තිබෙනවා. ඔබ ගොඩනගාගත් සතුටු බුබුල එපරිද්දෙන්ම වෙනස් නොවී පවතිද්දීම, ඔබට ජීවිතයෙන් සමුගන්නට සිදුවිය හැකියි.

ලෝක ස්වභාවය සහ ස්වභාවධර්මයේ මූලික නීති පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ජීවත් වීමත්, නිතරම වෙනස් වීම් දෙස අනියත බියකින්, සැකයයින් හෝ ශෝකයකින් යුතුව විමසිලිමත් වෙමින් අනවශ්‍ය පීඩනයකින් මිරිකි මිරිකී කාලය ගත කිරීමත් කියන්නේ අන්ත දෙකක්.

අද ඔබේ ආදරවන්තයා, හෙට ඔබට වඩා ආකර්ශණීය අයෙක් සමග පෙමින් බැඳෙන්නට ඕනෑතරම් ඉඩකඩ තියෙන බව අවබෝධ කරගෙන ජීවත් වෙන්න. නමුත් එහෙම දෙයක් සිදුවෙන්නට පෙර ඔබේ සතුටු බුබුල තුලට අනවශ්‍ය සැකයක් ඇතුල්වෙන්නට ඉඩ දීමෙන්, සතුටු බුබුල ඇතුලේ වාතය දූෂණය වෙන්නට ඉඩ දෙන්න එපා. පෙර සතුටු වර්ධකයක්ව පැවතුන යමක්, තවදුරටත් ඔබට සතුට දනවන්නේ නැතිනම්, එය පෙර කී වරණ පාරගම්‍ය පටලයෙන් ඉවතට වීසි කරන්න.

සතුට යනු සෑමවිටම භෞතික වස්තූන් මත රඳා පවතින යමක් නොවෙයි. අත්දැකීම්, මතක, හැඟීම් හෝ අධ්‍යාත්මික නිමේෂයන් තුලින් සතුට උපදින්නට හැකියි. ඒ වගේම, ඔබේ සතුටු බුබුලේ ආරක්ෂකයා වියයුත්තේ ඔබමයි. සතුටු බුබුලක් උත්පාදනය කරගෙන, පවත්වාගෙන යන්නට පටන් ගත්තාට පසු, ඔබේ සතුටු නිමේෂයන් විනාශ වීම ගැන බාහිර බලපෑම්වලට බැනවැදීම අසාධාරණ බව ඔබටම ඒත්තු ගැන්වේවි.

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com17tag:blogger.com,1999:blog-2243405417073583443.post-45092133391193827522018-03-17T20:53:00.000+05:302018-03-17T20:53:33.192+05:30විරාම ලකුණු

"රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක හදවත මත. වීදුරු බිත්ති හරහා ඔෆිස් එක ඇතුලට ගලාගෙන එන්න තතනන වැහි කළුවර, දීප්තිමත් විදුලි බුබුළු තුන්සිය ගණනක එළිය හමුවේ පැරදිලා, වීදුරු මත ඇතිල්ලි ඇතිල්ලි තාවර වෙමින් උන්නා.

"ම්හ්"

"රායා?" ජේසන්, අංශ ප්‍රධානියා මගේ මුහුණට එබුනා. මගේ ඇස් නැවතුනේ ඔහුගේ කඩවසම් මුහුණට ඉහළින් පලින් පල නැගීගත් අළු පැහැති කෙස් ගස් කිහිපයක් අසල. "හැමදේම හොඳින් නේද?"

"මම හිතන්නේ." පිටත වැහි වැටෙන්නට අරන්. මට මේ මොනව වෙලාද? "සමාවෙන්න ජේසන්, මේ වෙලාවේ මගේ ෆෝකස් එක අවුල්. අපි හෙට කතා කරමුද? ප්ලීස්!"

ජේසන් හිස වැනුවා. "ඔයාගේ ඔළුවට අවශ්‍ය විවේකය - ඒක දෙන්න" ඔහු යටිතොලේ කෙලවරක් හපාගෙන සුපුරුදු මද සිනහව පෑවා. "යන්න. මේ වැඩේ දවසක් පමා වීම ඒතරම් ප්‍රශ්ණයක් නෙමෙයි."

හකුලාගත් අත් පරිඝනකය මත සටහන් පොතත්, ජංගම දුරකතනයත්, පෑනත් අඩුක් කරගෙන, වතුර බෝතලය වැලමිටට හිර කරගෙන මම වැඩ මේසයට ගෑටුවා. "කුංෆු පැන්ඩා" සිනමාපටයේ "ටයිග්‍රස්" මේසය කෙලවරක හිටගෙන, ආත්මාරක්ෂක කුංෆු ඉරියව්වක් දක්වමින්, වමත මා වෙත දිගුකරගෙන උන්නා. ඊට මදක් ඔබ්බෙන්, පුළුන් පිරැවූ, වටකුරු හැම්ස්ටර් මීයා උගේ දොඹ ගෙඩි වගේ ඇස්වලින් මා දිහා බලනවා.

ජංගම දුරකතනයේ ටැක්සි ඇප් එක "අධික ඉල්ලුම්" තත්වයක් පෙන්වා වෙනදා වගේ තුන් ගුණයක ගාස්තුවක් ගෙනහැර දක්වමින් වුව, එකදු ටැක්සි රථයක්වත් අසලක නොමැති බව දැක්වුවා. මම 'දඩස්' ගා ජංගමය මේසය මතට අතහැරියා. එහි ගැටුනු 'කුංෆු ටයිග්‍රස්' උඩුබැලි අතට වැටුනා. ඈ මදක් වම් පසට ඇලවී, අසරණව වැතිර ඉන්නවා. දැන්, ඉහලට දිගුවී ඇති වමත සමග, ඈ දිසෙන්නේ 'අත දී මා නැගිටුවන්නැයි' අයැදින අහිංසකයෙක්ව මිස ආත්මාරක්ෂක කුංෆු සටන් කාරියක් විදියට නොවෙයි.

"I'll be late" අකුරු දහයකට අඩු කෙටි පණිවුඩයක් කුසේ රුවාගෙන ජංගමය වයිබ්රේට් වෙනවා.

"Its raining here. I'll be late too." කාලයත් එක්ක මම ඇහැට ඇහැක් - කනට කනක් තියරියට වැඩ කරන කෙනෙක් බවට පත්වෙමින් හිටියා. ඒත්, අකුරු දහයකට අඩුවෙන් එස්.එම්.එස්. ලියන එක මට තවම පුරුදු නැහැ.

"K"

වැස්සෙන් හේදිලා ගිය නගරයේ බොඳ වුණු විදුලි එළි, තරු වගේ ගැහි ගැහී දිලුනා. කදෝකිමි, රෑ බදුළු එළි වගේ ගිනිපෙට්ටි වාහන, පේලියකට හය ගණනේ සීරුවට ඇහිරිලා, ඉබි ගමනින් ඉදිරියට ඇදුනා.

මිනිත්තු අටක දුරින් ටැක්සියක් ඇති බව දන්වමින් ජංගමය කම්පනය වුනේ ඒ වෙලාවෙදියි. ගිලෙමින් පවතින වෙලාවක, පිදුරු ගහක එල්ලෙන තරම් කලබලෙන් මම රයිඩ් එක තහවුරු කලා. හවස හයහමාරට - ආපහු ගෙදර යන වෙලාවේ - 'මේක් අප්' කරන්නේ කාට පේන්නද කියලා අහන තැනට අඟලෙන් අඟල තල්ලු වෙමින් හිටියත් මම වෙට් ටිෂූ කොලයකට මහන්සිය එක්කාසු කරගත්තා. ඒ මහන්සි පොදිය, මේසය මත විසිරිලා තිබුණ ස්ටිකි නෝට්ස්, කුරුටු කරදාසි සහ මාර්ස් දවටනයක් එක්ක කුණු බක්කියට හලමින් ඉන්න අතරේ, ජේසන්, මදක්වත් අඩු නොවුන මදහසකින් යුක්තව සංවාද කාමරයෙන් පිටතට ආවා.

"ඔහ් රායා! ඔයා තවම මෙහෙ?" ඔහු මා දිහා බැලුවේ නළල රැලි ගන්වමින්. "ඔයාට වුවමනා හොඳ ඩීටොක්ස් ට්‍රීට්මන්ට් එකක්. ඒ ගැන පොඩ්ඩක් හිතා බලන්න. සමහර වෙලාවට අපි පිටතින් දිදුලමින් හිටියත් ඇතුලතින් දිරාපත්වෙන්න, වැහැරෙන්න පුළුවනි. ඒ නිසා නිතරෝම මෙතනින් (ඔහු තම පපුවේ වම් පැත්තට දෙවරක් හෙමින් තට්ටු කරගත්තා) කියන දේට ඇහුම්කන් දෙන්න."

"මං යන්න හදන්නේ ජේසන්" මම ලට්ට ලොට්ට පොදි කරලා බෑග් මල්ලට ඔබා ගනිමින් කිව්වා. "ගුඩ් නයිට්! සී යූ ටුමෝරෝ" එලවේටරය වෙත දුවන අතරේ මං ජේසන්ට අත වැනුවා.

දෙවරක් දුරකථනයත්, වාහන අංක තහඩුවත් පිරික්සා බැලුවේ වම් අත ඉදිරියට දිගු කරගෙන ඉන්නා ආත්මාරක්ෂක කුංෆු සටන්කාරිය. "යමු." මම පැති දොර තදින් වසමින් කිව්වා.

වාහනය වැස්ස, අඳුර සහ තෙත එකට කැලතුන ප්‍රධාන මාර්ගයට එකතු වුනායින් පස්සේ මම අත් දෙක පොරවගෙන, කවුළුවෙන් එපිට කලබලය දෙස නෙත් යොමමින්, අලසව, ආසනය මත ගුලිගැහුනා. මම ඇතුලතින් බිඳෙන්නට පටන්ගෙන. මේ මොහොතේ බටර් ඇඟිලි අතරින් ලිස්සා වැටෙන වීදුරු බඳුනක් වගේ මා පොළව මත පතිතව, කැබලි දහස් ගණනකට කැඩී බිඳී යනු ඇතැයි මට බය හිතෙන්නට ගත්තා. යලිත් එකකට එකක් පුරුද්දන්නට හිතන්නවත් බැරි, සිහින් වීදුරු පතුරු දහසක්. ඒ සිතිවිල්ලත් එක්ක වෙවුළුමක් ගත පුරා දිවයද්දි මම කර වටා ඔතාගෙන හිටි සාළුව උරහිස් වැහෙන පරිදි දවටාගත්තේ, බිඳීමෙන් ආරක්ෂා වෙන්න තතනමින්. අනපේක්ෂිත සිහින් ඉකියක්, යටි උගුර පාදන හඬක්ව, වලකා ගත නොහැකිව, පිටතට පැන්නේ එවිටයි.

"ඔයාට අපහසු නම් ඒ.සී. ඕෆ් කරන්න පුලුවනි."

එකම හැන්දෑ වරුවක, දෙවන වතාවටත් මම අහසින් පොළවට වැටුනා. බිඳක්වත් පොඩි වී නැති ලා නිල් පැහැ කමිසයකුත්, හෙයා ක්‍රීම් තවරා මනාව සැකසූ කොණ්ඩයකුත් මගේ නෙත ගැටුනා. ඔන්න ඔහු මා දිහා බලලා හිනා වෙනවා. මනාව කැපූ රැවුල් කොට අතරින් ඔහුගේ පුළුල් හකුපාඩා එකිනෙක තදව, එක්වරම සිනහව නවතිනවා.

"ඔයාට හොඳින් නේද? මෑම්, මම අහන්නේ, ඔයාට මොකක් හරි අසනීපයක්වත් ද?"

"ඇ.... ඇයි?"

"ඔයා කරදාසියක් වගේ සුදුමැලි වෙලා." කොල එලිය වැටෙන තුරු ඔහු අංශක එකසිය හැටක්ම පිටුපසට කැරකිලා මා දිහා බලනවා. ඔන්න ඉතින් මට ආයෙමත් 'මදසිනහ-වෙස්මුහුණ' ඇඳගන්න සිද්ධවෙනවා. ඒ මුහුණත්, ඒ කටහඬත් හුරුපුරුදු බවක් දැනෙන්නේ ඇයි? මම පසු බැලුම් කන්ණාඩියට එබෙන්නේ, හුරුපුරුදු හැඟීමට සාක්කියක් හොයාගන්න.

"ඇයි හොරෙන් බලන්නේ?"

මොන ජාතියක පිස්සෙක්ද මේ මිනිහා? දෙකන්පෙති පිටුපසින් පැන නැංග ලැජ්ජාවේ රත් පැහැය දෙකොපුල් හරහා පැතිර යන අයුරු මට දැනෙන්නා වාගේ. ඔහු පසු බැලුම් කණ්නාඩිය ඇතුලේ - යටි තොලේ කෙලවරක් විකාගෙන - අඩැස් බැල්මන් දෙනවා. ඔන්න, සුළු මොහොතකට කලියෙන් බිඳෙන්නට ආසන්නව, ඇතුලතින් දිර දිරා වුන් බව මට සහමුලින්ම අමතක වෙනවා.

"ඔයා කවුද?"

"මමද? මම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්." ඔහු හකහකගෑවිල්ලේ කියනවා. "සැකද? ඔයාට මේ ට්‍රැෆික් එකේ රාජගිරිය හන්දිය පහුකරන්න තව පැයකට වඩා යනව වගේම ඇත්තක් ඒක."

"කෙහෙල්මල! විහිළු කරන්න විතරක් එපා මා එක්ක. මම ඔලමොට්ටල මෝඩ අලගෙඩියක් කියලද හිතාගෙන ඉන්නෙ?" මම පාවහන් මුදා හැර, එරමිණිය ගොතාගෙන, ඉදිරි අසුන වෙත නැමුනා. ඒ මත පිළිවෙලට නමන ලද ටයි පටියත්, ඒ මැද තැබූ මිල අධික, සන්නාමගත අත් ඔරලෝසුවත් මට පෙනෙනවා.

"මේ වෙලාවෙ මාව මොකෙක් විදියටද ඔයාට පේන්නෙ මෑම්? නුවරඑළියේ එළවළු ගොවියෙක් විදියටද? වෙන්නප්පුවේ මාළු බෝට්ටුවක වැඩකරන ධීවරයෙක් විදියටද? නැත්නම් කොල්ලුපිටියේ ඉඳන් රාජගිරියට යන නෝනා කෙනෙක් වෙනුවෙන් වාහනේ එලවන ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් විදියටද?"

මම ආසනය උඩ එරමිණිය ගොතාගෙන, නිකට දෙඅත්ල මත රැඳෙව්වා. සිහින් අර්මානි විලවුන් සුවඳක් මගේ නැහැයේ හැපෙනවා.

"එහෙමත් නැත්නම්..." ඔහු වාහනය මදක් වම් පසට ගනිමින්, පසුපසින් නලා හඬ නංවමින් පැමිණි ජීප් රථයට ඉස්සර වෙන්නට ඉඩ දුන්නා. "එහෙමත් නැත්නම්, ඔයාට මාව පේන්නෙ නැද්ද මේ වැස්සයි - සීතලයි - තෙතයි - කළුවරයි අමතක වෙන්නත් එක්ක, ඉස්සරහින් තියෙන උණුහුම් ෆැන්සි බාර් එකක නැවතිලා - බීම එකක් බෙදාගන්න කැමත්තෙන් ඉන්න ආගන්තුකයෙක් විදියට?"

බීම හළ පුළුල්, හඬ-වරණ බිත්තිවලින් සමන්විත වූවක්. මම අහස් නිල් පැහැ බීම වීදුරුව රවුමට රවුමට කලතමින්, ආගාර බිත්තිවල එල්ලා ඇති සිතුවම් නරඹමින්, කියවමින්, ඉහිල් වීම ආරම්භ කලා. ඉලෙක්ට්‍රොනික සංගීතයේ පවා තිබුනේ මනස නිදහස් කරවන තානයක්.

"මට එපා වෙලා හිටියෙ." ඔහු කියමින් උන්නා. "හැමදාම, හැමදේම, එකම විදියට. උදේ ස්කූල් ට්‍රැෆික් එකට කලින් පාරට පැනගන්නවා. හැන්දෑ වෙනකම් ඩිජිටල් ස්ක්‍රීන් එකක් එක්ක, එහෙමත් නැත්නම් නම්බර්ස් වලින් කතාකරන, හැඟීම් දැනීම් නැති මිනිස්සු රොත්තක් එක්ක හැප්පෙනවා. ඇවිදින ගමන් කෝපි බොනවා. කන ගමන් ඊමේල් බලනවා. අහස කළුපාට වුනාට පස්සේ එලියට බැහැලා පැය දෙකක් තිස්සේ කිලෝමීටර දහ අටක් ඩ්‍රයිව් කරනවා. ෆිල්ම් එකක් බලන ගමන් ඩිනර් ගන්නවා. නින්ද යනකම් ෆේස්බුක් වෝල් එකේ පහලට පහලට යනවා. ඇස් ඇරලා බලනකොට ආයෙමත් කළුපාට අහස අළුපාට වෙලා, ස්කූල් ටයිම් ට්‍රැෆික් එකට කලින් පාරට පනින්න කලබලේ පටන් අරගෙන."

"බොරු කියන්න එපා කේෂාන්." මම ඒ වනවිට ඔහුගේ නම දැනගෙන හිටියා. "ඔය සර්කල් එකෙන් පිට පනින එකම දවසක්වත් නැද්ද?"

"මොකෝ නැත්තෙ?" වීදුරුව තුල වූ අයිස් කැට වැරෙන් එකිනෙක හැප්පුනා. "සමහර දාට, ටීවී සීරීස් බලන්න පටන් ගත්තම ඉතින් ඒ සිස්ටම් එක සම්පූර්ණෙන් කණපිට ගැහෙනවා. එහෙම දවසට ගෙදර ආපු වෙලාවෙ ඉඳන් පාන්දර දෙකහමාර, තුන විතර වෙනකම් එක හුස්මට ටීවී සීරීස් බැලිල්ල විතරමයි. පහුවදා පාන්දරට සොම්බි කෙනෙක් වගේ ඔෆිස් යන්නෙ."

"පිස්සෙක්." මම කට ඇද කලා.

"ඔව්. මේ හැම දේම එක්තරා විදියක පිස්සුවක් තමයි. නැද්ද?" ඔහු ඔලිව් ගෙඩියකට දත් ගසා කට ඇඹුල් කරගත්තා. "ඇත්තම කිව්වොත්, මම මටම තරයේ කියා හිටියා මෙහෙම. කේෂාන්, අද නම් දෙනෝදාහක් මැද තනිපංගලමේ උඹට පැය ගානක් ට්‍රැෆික් එකේ තපින්න ඉඩ දෙන්නෙ නැහැ මම. ඊට පස්සෙ මං කල්පනා කලේ වාහනේ ඔෆිස් එකේ පාර්ක් කරලා ටැක්සියක ගෙදර යන්න. ඒත් රායා, බලන්නකෝ, ඒක මේ හැම සොම්බි කෙනෙක්ම කරන බොහොම සාමාන්‍ය දෙයක්නේ. ඒකයි මට හිතුනෙ කාටහරි රයිඩ් එකක් දෙන්න. හැබැයි ඒ වෙලාවෙ මං තුංහිතකින්වත් හිතුවෙ නෑ මගෙ රයිඩ් එක මහ මුස්පේන්තු එරවිල්ලක් තියෙන, ක්‍රේල් කොණ්ඩාකාර චබී කෙල්ලෙක් වෙයි කියලා."

මං අත් ඔරලෝසු මුහුණත වටා දබරැඟිල්ල දුවවමින් ඉවත බලාගත්තා. මොනවද මම මේ කරන්නේ? නමක් ගමක් නොදන්න ආගන්තුකයෙක් එක්ක බීමකට ඇවිත්. මම අහක බලන තත්පරේට මේ මිනිහා මගෙ බීම වීදුරුවට දමාවි රොහිප්නෝල්. ඊට පස්සෙ වෙන දේවල් දෙයියෝ දනියි.

"අන්න ආයෙමත් පටන් ගත්තා මුස්පේන්තු එරවිල්ලයි, නළල රැලි ගැස්සිල්ලයි. ඔය රැවිලි බැල්ම නැත්නං, ක්‍රේල් කොණ්ඩ තියෙන චබී කෙල්ලො තමයි මගෙ ටේස්ට් එක." ඔහු ඇහැක් පුංචි කරමින් වසාබි ඇටයක් අහුලාගෙන, දබරැඟිල්ලත් මහපටැඟිල්ලත් අතර ඒ මේ අත පෙරලන්න වුනා.

"මම මැරි කරලා අවුරුදු පහක්." මං එකපාරම කියාදැම්මා, අරමුණක් නැතිව, එක එල්ලේ බිත්තියක් දිහා බලාගෙන. මින් පස්සේ කොහෙ ගියත් වෙඩින් රිංග් එක දාගෙන යන්න ඕනෙ බවට කුංෆු ටයිග්‍රස් ලහිලහියේ මෙමෝ සටහනක් ලියාගත්තා.

"හා ඉතිං, මට පාන් ද?" ඒ වතාවේ නම් කන් රත්පැහැ ගැනීම සහ උණුසුම පෙරට වඩා දරුණුවට දැනුනා. "මං බැඳලා අවුරුදු දෙකහමාරයි. ඒ කියන්නේ මං ඔයාට පරාදයි කියන එක ද? නැත්නං ඒකත් වයස වගේ අඩු ඉලක්කම කියන කෙනා ජයග්‍රහණය කරන පරාමිතියක් ද?"

"එහෙනම් අපි මේ මොන මගුලක් ද කරන්නෙ කේෂාන්?" බීම උගුරකට පස්සෙ මම යලිත් සැහැල්ලු වෙමින් උන්නා. වෙස්මුහුණ නැතිව, හැබෑ මන්දස්මිතයක් සමග.

"මනුස්සයෙක් එක්ක ජීවත්වීම කියන එක රසවිඳිනවා. වෙන අහවල් දෙයක් නෙමෙයි." ඔහු හෙමිහිට මගේ පිටි අත්ල පිරිමදිමින් කියන්නට වුනා. "ඔය හෙයා ටයි එක ගලවලා දාන්නකො රායා, ප්ලීස්. ඔයා මේ ඉන්නෙ බිස්නස් ෆෝරම් එකක නෙමෙයිනෙ."

"මෙන්න." මම අත්ල මත ගුලිකරගත් කොණ්ඩ පටිය ඔහු වෙත පෑවා. "මේක ගෙදර අරන් ගිහින්, වයිෆ්ගෙන් ගුටි කනවා. එතකොටවත් පාර්ට් ටයිම් ඩ්‍රයිවින් රස්සාවල් කරන එක නවත්තලා දාන්න හොඳ පාඩමක් ඉගෙන ගනීවි ඔයා."

ඔහු කොණ්ඩා පටිය දිගහැර, බ්‍රේස්ලට් එකක් වගේ දකුණතේ රුවා ගත්තා. මගේ දකුණු කන් පෙත්තේ ගැටෙන නොගැටෙන තරමට ඉදිරියට නැමුණා. "Who needs tomorrow when we have got tonight?" උරහිස හරහා ලිහිල්ව එල්ලා වැටෙන හිසකේ කැරැල්ලක එතෙන ඔහුගේ දිගු අතැඟිලි ගැන තැකීමකින් තොරව මම ගෙල දිගුකර පිටත වීදිය දිහා බැලුවා. මහ වැස්ස, සිහින් හිරිපොදයක් බවට පත්වෙමින් තිබුණා. 'Who cares? who cares about tomorrow?' බීම හලේ මදඳුරත්, පහල කඩවීදියේ දැල්වෙන නියොන් එළිවල දීප්තියත්, බිඳීයාම නතරව ඇති බවට සහතික වශයෙන් හිතේ ඇතිවුන සුරක්ෂිත හැඟුමත් හේතුවෙන් ආධූලනයව මම තොල් මැතිරුවා.

"මොබයිල් නම්බර් එක." මම ගිමන්හලේ කුරුමේසයක් මත වූ දෙකට නමන ලද ටිෂූ කොලයක්, පෑනක් සමග ඔහු වෙත පෑවා.

"මොකටද?" ඔහු නළල රැලි ගන්වා විමසමින්, කර වටේ අතලා මා තවද ලංකර ගත්තා. ටිෂූ කඩදාසිය ගුලිකොට, ඇඳ අසල වූ කසල බඳුනට අත හැරියා. "හැම කෙනෙක්ටම, තමන්ගෙම ගමනක් තියෙනවා. ඒත් කාලයක් ගතවෙනකොට අපිට අමතක වෙනවා ඒක අපි විසින්ම නිර්ණය කරගත්තු ගමනාන්තයකට ළඟාවෙන්න, අපි විසින්ම නිර්මාණය කරගත්තු ගමනක් බව. ශෝචනීයම දේ තමයි, අන්තිමේ අපි හිතන්න පෙළඹෙනව මේ වෙන කෙනෙක් විසින් අපේ උරහිස මත පටවාපු කුරුසියක් කියලා. අපි අපෙන්ම ගැලවෙන්න ක්‍රම හොයනවා. විකාරයි නේද?"

"විකාරයක් තමයි." මම ඇස් පියාගෙන, ඔහුගේ පපුව මත හිසකේ අතුල්ලමින්, කෙටි හිස සැලීමක් සමග එකඟ වුනා.

"ඉතින්, මේක අත්‍යාවශ්‍යව තිබුණු ඩීටොක්ස් ට්‍රීට්මන්ට් එකක්. අදින් පස්සේ අපිට බිඳෙන්නේ, විසිරෙන්නේ නැතුව, තව ටික කාලයක් ගෙවාගන්න පුලුවන් වේවි කියල හිතෙන්නෙ නැද්ද? බොහෝවිට, අනාගතේදිත් අන්තිම වෙහෙසකර දවසකට පස්සේ මට ආයෙම වතාවක් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හිතේවි. ඒක සහතිකයි."

කුංෆු ටයිග්‍රස් පොළවට සමාන්තරව, අනන්තය තෙක් පැතිර ඇති ආකාශය දෙස බලමින්, වමත ඉහලට දිගු කරගෙන ඉන්න බව මට දැනෙනවා. ඒ තවදුරටත් ආත්මාරක්ෂක සටන් ඉරියව්වක් හෝ, තමාව ඉහලට ඇදගන්නැයි කරන ඉල්ලීමක් නොවෙයි. ගැඹුරු සිපගැනීමකට පෙර එළැඹෙන සුළු විරාමයක්. තව මොහොතකින් ඇය කවුරුන් හෝ තවත් මනුෂ්‍යයෙක්ව බිඳවැටීමකින් ගලවා ගනීවි.

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com26tag:blogger.com,1999:blog-2243405417073583443.post-440123334038057362017-07-09T00:06:00.001+05:302017-07-09T00:06:38.653+05:30කුරුළු පිහාටුව

ඒකි තනිකරම විකාර කවිකාර වකාරයක්. අපාර සංසාරෙ පුරාම මගෙ පස්සෙන් පන්නගෙන පන්නගෙන ආවයි කියල හිතවන්න පුලුහං විදියෙ පුදුමාකාර සැහැල්ලු කුරුලු පිහාටුවක්. හීනියි සුදුයි ඇබිතිල්ලං කෝලමකට බෙල්ලෙන් අල්ලලා ඉසකුඩිච්චියක් දාන්න වෙන තරමේ දඟකාරකමකුත් එක්කහු උනාම කොහොමද සනීපේ? ඒ තමයි මං ඔය කියපු කුරුළු පිහාටුව. මගෙ කුරුලු පිහාටුව.

මං මෙහෙම ‘පපු කුහර කුස්තුර’ පිරෙන්න දිග හුස්මක් කාරිය අරගෙන ‘මගේ කුරුලු පිහාටුව’ කිව්වට මොකද, ඇත්තටම එයා කාගෙද කියල එයාවත් දැනගෙන හිටියෙ නෑ. කාටවත් අයිති නැති වීමම එක්තරා විදියක සෞන්දර්යක් නෙව. ඇරත්, වෙන කාගෙ වුනත් මේ මගේ වේවි කියලනම් එයැයිට හීනෙක අන්තරා කොටසෙ අන්තිම තත්පර කාලෙදිවත් හැඟෙන එකක් නෑ. මං රඟපෑවෙ ඇගේ හොඳම රසිකයාගෙ චරිතෙ.

වෙන එකක් තියා ‘පපු කුහර කුස්තුර’ කියන්නෙත් මං ඔය වෙන කාගෙහරි කවියකින් කියවලා කටපාඩමේ තියාගත්තු වාක්‍යාංශයක්. මට තිබුනා සුපිරි මතකයක්. බැරිවෙලාවත් එහෙම මම මාවල් හරි ඩී.සී. හරි කොමික් එකක චරිතයක් වුනානම් මගෙ සුපර් පවර් එක විදියට කිසි ගින්නක් නැතුව මේ අසාමාන්‍ය මතක ශක්තිය පාවිච්චි කරන්න තිබුණා. ඒත් ඉතින් අවාසනාවට මම කොමික් කැරැක්ටර් එකක් නෙමෙයි. මගෙ කුරුලු පිහාටුවේ හොඳම රසිකයා.

කුරුලු පිහාටුවට තිබුනා සිල්ක් වගේ සිනිඳු, එක ගානට ට්‍රිම් කරපු කෙස්සක්. ඒ වගේම හයිය දිග නාරටියක්. නාරටිය දිගේ මහත දොළපාරක් වගේ වචන ගලාගෙන ගලාගෙන ආවා. උල්පත තිබුනෙ කොහෙද කියලනම් මම දැනගෙන හිටියෙ නෑ. හැබැයි මම ඒක දන්නව වගේ හැසිරුනා. වචන දියවෙලා හදාපු උකු තීන්තයකින් තමයි ඈ කවි ලිව්වේ. ඒ කවිවල තිබුනේ එක එක විදියේ සුවඳවල්, රසවල් සහ ස්පර්ශයන්. එක්ස්ටසි ගැහැව්වා වගේ කණිනිකාව විසාල වෙලා මුළු ලෝකෙම ඇස් දෙකෙන් උරාගෙන, රැයක් එලිවෙනකම් ඒ වචනවල රිද්මයට නටන්න හැකියාව ලැබෙන මහ පුදුමාකාර පිබිදීමක් එයින් ලැබුනා. හොඳම රසිකයා චරිතය රඟපාමින් උන්නු මම ජීවිතේ වැඩිකාලයක් ගතකලේ අඩසිහියෙන් මත්වෙලා නටමින් බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ? ඒ කවි ආඝ්‍රාණයෙන් පස්සේ මම උද්දීපණය වෙන්නේ රොකට් එකක් වගේ. දිඩි දිඩි ගාලා රක්තාණුයි ස්වේතාණුයි ලේ නහර දිගේ රේස් දුවන්නෙ කන් අඩි පුපුරන තරම් මහ සද්දෙට. ඒ වෙලාවට මට ඕනෙ වුනේ මගේ කුරුලු පිහාටුව වෙනුවෙන් මරාගෙන මැරෙන්න.

ඔව් ඔව්. මරාගෙන මැරෙන්න තමයි. හැමෝම කුරුලු පිහාටුවට ආදරේ එක ඇත්ත තමයි මනුස්සයෝ. ඒ හින්ද තමයි මම හන්දියක් හන්දියක් ගානෙ සරම කැහැපොට ගන්නාගෙන කවුරුහරි එනකම් බලාගෙන උන්නෙ. මක් කිව්වා? හාංකවිසියක් නොදන්න අසරණයො? අනෙ මේහ් තමුෂෙගෙ මමීගෙ ඉස්කර්ට් එක තමයි. ඕකුන් සේරම කුරුමානං අල්ලන්නෙ මගෙ කුරුළු පිහාටුවට කෙලින්ඩ!

මම දැන් කියකියා උන්නෙ මගේ රසවින්දන කර්තව්‍ය ගැනනෙ. මත් ගතිය අඩුවෙනකොට මට ඕනෑ වුනේ මීයෙක් වෙලා ඈ කවි ලියන කරදාසි කපාගෙන කපාගෙන යන්න. එව්වා නූඩ්ල්ස් රැලි ගානට තීරු කරලා, උණුවතුරෙ දාල තම්බලා, වතුර බේරෙන්න ඇරල, ලූනුයි මුද්දරප්පලනුයි එක්ක තෙම්පරාදු කරල කන්න. පරණ තාලෙ මිනිස්සු පිහාටු පෑනෙන් කවි ලිව්වෙ කරදාසිවල වුනාට මගේ කුරුලු පිහාටුව මොඩර්න් පැටර්න් දන්න හැට ආච්චම්මෙක්. ඒකි ලියන තරමක් දේවල් ලිව්වෙ වලාකුළුවල. සිංදුවකුත් සිවුරුහන් කරගෙන කේතු හැඩේ පයිනස් අතු අගිසිවල හැප්පි හැප්පි, මීදුම් සේලෙ අස්සෙන් වැටෙන හිරු කිණිතිවල දැවටි දැවටි පියාඹන ගමන් ඈ කවි ලිව්වෙම වලාකුළුවල.

තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව. මමත් ඈට ලිව්වනෙ. ඒ කවිවලට බොහොම දෙනා පිලිතුරුත් ලිව්වා.

හද කෙමිය

වියලී මියෙන්නෙය කනාටුව

සුහදිනිය

සුළඟේ පාව යන පිහාටුව

පුබුදුවන් ඔය හිනා මුව

අපි දෙන්නා තකට තක කැපෙන කවිකාර යාළුවෝ ජෝඩුවක් කියපු සමහරුන්ට කවිකාර කරකාර බන්ධනයක් දැකබලා ගැනීමේ වුවමනාවකුත් ඇතිබවට යන්තමින් ඉඟි බිඟි පවා ලැබෙන තත්වයකුයි පැවතුනේ. ඒ වුනත් සුදෝසුදු පිහාටුවේ පරම පිවිතුරු රසිකයා විදියට මම ශෘංගාර ස්වප්න සේරම අංගාර ආගරයක අගුල්ලලා හිරකරලා මත්වීම පවත්වාගෙන ගියා. ආගාර ද්වාරය දෙදරුම්කන වෙලාවන් නොතිබුනාම නෙමෙයි. ඒ වෙලාවට “හිතූ හිතූ ගාතේ පාරක් පාරක් ගානේ ආදරේ ප්‍රකාස කරකර යන්ඩ මේක ප්රංසෙද?” කියලා මගෙ සාම්ප්‍රදායික සාන්තදාන්ත ලාංකික යටිහිත ලිබරල් වෙස්තට්ටුව ඇඳපු උඩුහිතෙන් බොහොම දරුණු විදියට ප්‍රස්න කලා - දෙදරීම ඒකක්ෂණයෙන් නතර කලා.

මත්වීම් දෙකක් අතර කාල අන්තරය ගෙවාදමන එක කොයිතරම් සීරු මාරුවට කලමනාකරණය කරගන්න උත්සාහ කලත් එන්න එන්නම අසීරු වුනා. බලන බලන අත පෙනුනේ කුරුලු පිහාටුව විතරමයි. සංසාර චක්කරේකට එකක් බැගින් හටගන්න මේ වගේ විරල බැඳීමක් සරලව හිතලා අමතක කරල දාන්න පුලුවන්යැ. ආයෙමත් ආයෙමත් වචන ඇබින්දක් ඉල්ලලා කෙඳිරිගාන එක විතරමයි කරන්න ඉතිරිවෙලා තිබුනෙ. අසමසම හොඳම රසිකයා කියන පට්ටම නිසා ඒ ඉල්ලීම කරන්න නිසඟ අයිතියක් ලැබීම උරුමයක්. නිදහසේ මගේ මාවතක හමායන්න ඉඩ ඇති කුඩා විවර සියල්ලම අහුරන මේ හඹායාම, කරුමයක් කියලා එක මොහොතකටවත් නොහිතුනේ ඒ උරුමය නිසාම වෙන්නැති.

ඇබ්බැහිය උත්සන්න වෙච්ච පාන්දරක මම බොහොම තනුක කවි ද්‍රාවණවල ගිලෙමින්, යලි යලිත් ඉල්පෙමින් වෙව්ලීම නවත්වාගන්න යත්න දරමින් උන්නා. බොලේ! ඒ ද්‍රාවණ හැමෙකකම පුරවලා තිබුණේ ඇගේ පියාසැරිය අතරමැද්දේ බිම හැළුණු පිච්කාංග. නොදෝමකින්! ඇල්කොහොල් සැර ඇල්වතුර ගානට තනුක වේගෙන යනකොට ඒවා මගේ ඇඟේ ඇනෙන්න ගත්තේ ඇල්පෙනෙත්ති මිටියක් වගේ.

“දුෂ්ඨ පාහර කොල්ලකාරයා!” මං පාන්දර දෙකයි හතලිස්පහට හිස් අවකාශය පුරා කුරුටුගාමින් උන්නා.

“පාපිෂ්ඨ අසම්මජ්ජාතියා!” ඇත්තම කිව්වොත් ඇගේ පිච්කාංග කොල්ලකාපු කල්ලතෝනියෙක් අමතන්න මං පාවිච්චි කරපු වචන හොඳ වැඩියි.

“අපි දෙන්නා හිතන්නේ පතන්නේ එකම විදියට.” පහුවෙනිදා උදේ පාන්දරම කුරුලු පිහාටුව මට ලියමනක් එවලා තිබුනා. කිව්වට විශ්වාස කරන එකකුත් නෑ, ඒ වචන ටික දැකලා මට ඉගිල්ලෙන්න හිතුනා. ප්‍රංසෙට යංද අහන්නත් හිතුනා.

“අපි දෙන්නා හිතන්නේ පතන්නේ එකම විදියට.” ඈ ආයෙමත් කියනවා. “ඔයා මගේ හොඳම රසිකයා වගේම විශ්වාසවන්තම යාලුවා. දන්නවද? එයාටයි මටයි තියෙන්නේ එකම අදහස්, එකම රිද්මය, එකම තානය, තාලය. මං හුඟ දවසක ඉඳන් එයාට යටි හිතෙන් පෙම් කරමින් හිටියේ. ඔයා දන්නවද දන්නෙ නෑ කිටිකිටියෙ සරීරෙම වෙලාගෙන පෙලාගෙන හිටිහැටියෙ යටිහිතෙන් පැනනඟින අප්රකාශිත ප්‍රේමයන් ගැන. ජාති ජාතිත්, හතුරෙක්ටවත් වෙන්න එපා ඒ වගේ පජාති විඳවිල්ලක්.”

“මොකක්?” සර්පිලාකාර කළු කුහරයක කල්ල කටුක අන්ධකාරෙට ඇදීගෙන යන අතරෙ මං අමාරුවෙන් අකුරු තුනක් ගැටගහගත්තා.

“මීටපස්සෙ එහෙම එයාට බනින්න ලෑස්තිවෙන්න එපා, තේරුණාද? අද මහ පාන්දර සමයමේ ඔයාගෙ පරුස වචන ඇඟේ වැදිල ඇහැරිච්ච වෙලාවේ තමයි අපි දෙන්නට දෙන්නා එකට වලාකුළුවලට නගින්න තීරණේ කලේ. ඔයා වගේ රසිකයෝ ලේසියෙන් කාටවත් මුණගැහෙන්නෙ නෑ රත්තරනේ! ඒකනෙ මං ඔයාට මෙච්චර ලෙන්ගතු.”

හෝස් ගාල හිත හිස්වෙන්න තත්පර දෙකක්වත් ගියෙ නෑ. වඩා ඉක්මන් කෝච්චියට බෙල්ල තියන එකද, කුරේටර් කන එකද කියලා කල්පනා කරලා කරලා බැරිම තැන මම කාසියක් උඩ දැම්මා. පුල් හන්තර් වෙලා ලෙල්ලටම සාටර් වෙලා හිටපු මගෙන් සම්භාවිතාවයත් ආතල් ගන්න හිතපු නිසා වෙන්නැති කාසිය පෙරලෙන්නෙ නැතුව කෙලින් හිටගත්තේ. ඒ ගමන මම තීරණය කලා ආකාසෙන් බිමට පනින්න.

මම අත්දෙක මිටිකරගෙන තුං හතර වතාවක් දෙපැත්තට පද්දලා පද්දලා පහලට පැන්න. වළාකුළුවල හැප්පෙනකොට සිඟිති මල්වැහි බිංදු චිරි චිරිස් සද්දෙට මගේ කම්මුල් උඩ හැප්පිලා පහල බේරුණා. හුලං රැල්ලකට අහුවෙලා හතර අතේ විසික්කා වෙවී සෑහෙන දුරක් තිරස් අතට ගමන් ගත්තට පස්සෙයි එකපාරටම මට ඒක තේරුං ගියේ.

මමත් කුරුළු පිහාටුවක් වෙලා!

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com15tag:blogger.com,1999:blog-2243405417073583443.post-58383979212339270662017-06-20T08:40:00.000+05:302017-06-20T08:41:03.808+05:30විද්‍යා ප්‍රබන්ධ කතා අංක එක්දහස් අටසිය අසූ පහ

රොමානා අත් පරිගණක තිරයෙන් දෑස මෑත්කර හිස වමට, දකුණට, යලි වමට කැරකෙව්වාය. පුවත්පත් කාර්යාලය, ‘පුවත්සල’ බවට රූපාන්තරණය වූයේ දශක දෙකතුනකට පෙර වුවද, රාජකාරියේ වෙහෙස පෙර පරිදිමය. දැන් සෝදුපත් යන්ත්‍ර ද, පිටු සැකසුම් රොබෝවරු ද සුළු බීප් නාද කිහිපයකින් පසු පුවත් සකසා, සංසරණයට සුදුසු තත්වයට නිමවා දෙන බැව් සැබැවි. නමුත් දවසින් බාගයක් අහවර වෙන්නටත් පෙර උරහිස් දෙපසින් ඇරඹී කොඳු ඇට පේලිය දිගේ පහල බසින වේදනාවත්, හෙඩිමකට වචන ගලපා ගන්නට පවා පැය ගනන් හිස කළඹවන තැනට පත් කරවන දැඩි මානසික වෙහෙසත් දිනෙන් දිනම තම නූස් කෙසඟ සිරුර වෙලා ගන්නා බැව් රොමානා සිහි කලේ කළකිරීමෙනි.

“වයසට වෙන්නැති.” දන්නා හඳුනන කවුරුත් කීවේ එහෙමය. යාන්තම් විසි විය ඉක්මවන්නටද පෙරාතුව දිවයිනේ විශාලතම පුවත්පත් සමාගමක රැකියාවට බැඳුන ඕ දැන් අදාල සමාගමේ ප්‍රධාන කතෲවරියකි. පසුගිය දශක දෙක තුල සිදුවූ තාක්ශණික පෙරලියත් සමග ‘පුවත්පත්’ ඉතිහාසයට අයත් වදනක් බවට පත්වෙද්දී ‘ඩිජිටල් පුවත් හලක්’ බවට පෙරැලුණු පුවත් කාර්යාලය ව්‍යාපාරික සමුද්‍රය කළම්බමින් ඉහළ නැගෙන රළ පහරවල් හමුවේ එහෙ මෙහෙ පෙරැලී, සුමට වී, මටසිලිටි වී හඳුනාගන්නට නොහැකි තරමට වෙනස් වී තිබුණි. විසි වියැති තරුණියක්ව, කාර්යාලයේ පටු කොරිඩෝර දිගේ කෝලිත්තම් කරමින් ඇවිද ගිය හැටි, සමවයස් සගයන්ගේ කෑ කොක්සන් නදින් දැවමය පොළොව සහ උස් කුළුණු වෙව්ලුම් කෑ හැටි එකිනෙක කැලතී නොස්ටැල්ජීය රිදුමකින් ඇගේ ඇස් කෙවන්නට වී. පුටුව මත වට දෙකතුනක් කරකැවුණු රොමානා උපැස් යුවල පිස දමමින් පුටු ඇන්දට හිස බර කරගෙන කල්පනාවේ නිමග්නව උන්නාය.

“රොම්සී”

එක්වරම ඈ ඉදිරිපස අවකාශයේ දිගහැරුණු සල්ලාප තිරයෙන් එබී උන්නේ විද්‍යා සඟරා සංස්කාරකවරයා ය. දිගැටි නිකටක්ද, විචක්ෂණශීලී දෙනෙතක්ද හිමි ඔහුගේ මුහුණ දකින රොමානාට සිහිපත් වූයේ රාජාලි කුරුල්ලෙකි.

“අමතනවා මන්දිල්. මොකක්ද ප්‍රශ්ණෙ?’

ඈ තිරය වෙත නැමී එහි ආලෝක සහ විශාලන සැකසුම් සීරුමාරු කලාය. රාජාලි තරුණයා සිය වැඩ මේසයෙහි වූ ලිපියක්, දබරැඟිල්ලෙන් ගෙන තිරය මතට ප්රක්ෂේපණය කරන්නට යෙදුණි.

‘අකාලික යෞවනයා’; ඒ විද්‍යා ප්‍රබන්ධයක් බව වටහා ගැනීමට රොමානාට තත්පර කිහිපයක් ගතවිණි. “ඔව් දැන් මොකක්ද ප්‍රශ්ණෙ?”

“මේ විද්‍යා ප්‍රබන්ධය තමයි ප්‍රශ්ණෙ.”

මන්දිල් මද සැකයකින් මෙන් වදන් ගැලපීය. “ඇත්තටම තව සුළු මොහොතකින් මේක පාඨක අවකාශයට සංසරණය කරන්නයි නියමිතව තිබුනෙ. කතාවේ මතුපිටින් පේන කිසිම අවුලක් නැහැ. ඒත්, ඒත්, මොකක්දෝ වාසනාවකට මට ආසා හිතුනා සංසරණයට අනුමැතිය දෙන්න කලින් කතාව කියවලා බලන්න. ඇත්තම කිව්වොත් මම මලපාලුවෙන් උන්නෙ රොමානා.”

“අපි හැමෝම එහෙමයි. නැද්ද?”

රොමානා මුවගට සිනහවක් නගා ගනිමින් තෙපලාය.

“මුළු කතාවම පදනම් වෙලා තියෙන්නේ සෛල වයස්ගත වීම පිළිබඳ ජානමය සම්බන්ධතාවය මත. අපි ඒ කල්පිතයේ බිඳවැටීමත් මුක්ත ඛණ්ඩක සම්බන්ධ කල්පිතය තහවුරු වීමත් ගැන වෙනමම විශේෂ විද්‍යා කලාපයක් නිකුත් කරලා දැන් මාස තුනක් වෙනවා. එහෙම තත්වයක් යටතේ මේ විද්‍යා ප්‍රබන්ධය පල කරන්න පුළුවන්ද? මේක ප්‍රබන්ධයක් විතරක් තමයි. ඒත් ඔයා දන්නවනේ පුවත් නියාමන කොමිසම බලාගෙන ඉන්නෙම අපි වංගුවක් ගහනකම්, කර මුලින් අල්ලා ගන්න.” මන්දිල්ගේ කටහඬ වෙහෙසකරය.

“එවන්න.” රොමානා උපැසට උඩින් බලමින් කීවාය. “මම පුලුවන් දෙයක් කරන්නම්”

“තැන්ක් යූ රොමානා! ඔයා නම් අපිව ගලවා ගන්න ආපු සුරදූතිකාවක්!” තිරය මත බොඳවෙමින් පැවතුන මන්දිල්ගේ මුහුණේ දෙතොල් චලන පෙනෙන නොපෙනෙන තරමට අපැහැදිලි විය.

ඕ විද්‍යා ප්‍රබන්ධය දිගහැරියාය.

"විද්‍යා ප්‍රබන්ධ කතා අංක එක්දහස් අටසිය අසූ පහ

ආචාර්ය තියඩෝර් කලංසූරිය විසින් රචනා කරන ලදී"

ලිපිය ඉහලින්ම තද කළු පැහැ ඇල අකුරෙන් සටහන්ව තිබිණි.

රොමානාට කොටට කැපූ කූරු කෙස්සක් සහිත, දුහුවිලි වැකුණු කැන්වස් සපත්තු අඳින කෙල්ලක් වූ තම විසි හැවිරිදි රුව සිහිපත් විය. ඈ පුවත් සංස්කාරකවරයාගේ කාර්යාලය අසල එකෙල මෙකෙල වෙමින් උන්නේ තමන්ට පැවරෙන්නට යන නුහුරු රාජකාරිය ගැන තැවිල්ලෙනි.

“ටිලිං ටිලිං”

විසල් දැවමුවා මේසය මත වූ පැරණි මාදිලියේ අත්-සීනුව නාද කිරීම සඟරා සංස්කාරකවරයාගේ විනෝදාංශයක් වූ අතර ඒ හේතුවෙන් ඔහුව ‘ඇන්ටික් බෙල්මෑන්’ නමින් අභිෂේක ගැන්වීමට කාර්යාලයේ ගැටවර කල්ලිය තීරණය කර තිබිණි. සීනු නාදය තේ කොල්ලාගේ සිට සහය සංස්කාරක දක්වා සියල්ලන්ටම පොදු වූ කැඳවීම් නාදය විය. ඉතින් රොමානා කුඩා අශ්ව පැටවෙක් මෙන් කෙටි පිමි මතින් ‘බෙල්මෑන්’ වෙත පිවිසුණාය.

“විද්‍යා සඟරාවක් පටන් ගන්නයි යන්නෙ.” ‘බෙල්මෑන්’ කරදාසි ගොන්නක් මත වූ ගෝලාකාර වීදුරු බරුව එහා මෙහා පෙරලමින් කීය.

“මේ මිත්‍යා සඟරා රැල්ලයි, හදි හූනියම්, වශි ගුරුකම් රැල්ලයි එක්ක අපිට ඉහ ගහන්න තියෙන හොඳම ක්‍රමය ඒක.”

රොමානා හිස සැලුවාය. මැණික් කටුව වටා බැඳ ඇති මහත අත් පළඳනා පටි කරකවමින් මදක් ඉදිරිය්ට නැමීගෙන අසා උන්නාය.

“ලොකු පිටුවක විද්‍යා ප්‍රබන්ධයක් දාන්න ඕනෙ. සතිපතා අලුත් දෙයක්. ඒක ඔයාට ලෑස්ති කරන්න පුලුවන්ද? හොඳ අලුත් විද්‍යා ලේඛකයෙක් අල්ලාගන්න ඕන.”

‘ආචාර්ය තියඩෝර් කලංසූරිය’; දශක ගනනාවක් මුලුල්ලේ නොබිඳුන බැම්මකින් විද්‍යා සඟරාවත්, එහි පාඨක ප්රජාවත් බැඳ තැබීමට සමත් විස්ම විද්‍යා ප්‍රබන්ධ රචකයා ඈට මුණගැහෙන්නේ ඉන් පසුව ය.

එකල ආචාර්ය තියඩෝර්ගේ පුස්තකාල ආගාරය මධ්‍යයේ ගෙවී ගිය කෝපි සුවඳැති සන්ධ්‍යාවන් අඩුම තරමේ දෙසතියකට එක බැගින්වත් තිබූ බව රොමානාට මතකය. වසරින් වසර ගෙවෙන්නාහාම අධික කාර්යබහුලත්වයත්, දිනෙන් දින පුළුල් වුණ වගකීම් සම්භාරයත් හේතුවෙන් අලස සැඳෑවන් නැත්තටම නැති වී ගිය වග සිහිපත් කල රොමානා, දැන් ඒ සුන්දර, වයස්ගත මිනිසා මොනවා කරමින් ඉන්නවා ඇත්දැයි සිතුවාය.

“රොම්සී, දරුවෝ” ඒ දුරකතන ඇමතුම ලැබුනේ මීට වසර දොළහකට පෙරද, නැතිනම් දහසයකට පෙරදැයි රොමානාට හරි ගනිච්චියක් තිබුණේ නැත. මතකයේ පැහැදිලිව සටහන්ව තිබුනේ ඒ ශීතල නොවැම්බර් සවස්වරුවක් බවත්, එය තියඩෝර්ගෙන් ඈ ලද අවසන් ඇමතුම බවත් පමණි.

“හායි තියෝ! ඉතින් ඉතින් කොහොමද වාසදේස?” ප්‍රීතියෙන් මඬනා ලද හඬින් යුතු රොමානා පාවහනින් මිදුන දෙපා පරිගණක මේසය මත තබාගෙන පුටුව ඉදිරියටත් පිටුපසටත් පද්දමින් උන්නාය.

“මම ඔයාට කතා කලේ ලොකු උදව්වක් ඉල්ලන්නයි පුංචි යාලුවේ!” තියඩෝර්ගේ කටහඬ වෙවුලනසුළු විය. “ඔයාලගෙ පත්තරේ ඈයොන්ගෙන් මට පුදුමාකාර කරදරයක් නෙව තියෙන්නේ. මම ගිවිසුමේ හැටියට සතියකට වතාවක් විද්‍යා ප්‍රබන්ධයක් නොවරද්දාම එවද්දිත්!” අවධානය රඳවා ගන්නට මෙන් ඔහු මදක් කැස්සේය. “මම ලොකු පර්යේෂණ කටයුත්තකට අතගහලයි ඉන්නේ. ඒ කියන්නේ, තව දශක දෙකතුනක් යනකම් මම ඔයාට ගන්න අවසාන ඇමතුම මේක වෙන්නත් පුළුවනි.”

“මොන ඇන්නෑවක්ද ඒ?”

රොමානාට කියවුණි. “ඔය වයසට ඔහොම බොන්න හොඳ නෑ තියෝ! මම දවසකුත් කිව්වා ඔයාට.”

“පිස්සු කෙල්ල. මම විද්‍යාඥයෙක්. අපේ ජීවිත මෙහෙම තමයි.” තියෝ සුසුමක් හෙලනු අනිත් පසින් ඇසුණි. “බාගවිට, තව ටිකක් ලොකු වෙනකොට ඔයාට මීට වඩා හොඳට දේවල් තේරුම් ගන්න පුලුවන් වේවි.”

එය ඈ ආචාර්ය තියඩෝර් කලංසූරිය සමග කල සංවාදවල අවසානය විය. සතිපතා ලැබෙන විද්‍යා ප්‍රබන්ධය, අවුරුදු නිවාඩු, නත්තල් නිවාඩු සමයන්හිදී පවා ඊමේල් පණිවුඩ ඇමුණුමක් ලෙස නොකඩවා පුවත් කාර්යාලය වෙත ලඟාවූයෙන් යලි යලිත් ඔහු අමතා කරදර කරන්නට කිසිවෙකුටත් උවමනා වූයේද නැත. මේ මොහොත වන තෙක්ම!

රොමානා සිය පැරණි දුර ඇමතුම් අංක ගොනුව පෙරලන්නට වූවාය. තියඩෝගේ අංකයට ඇමතුම යොමු කර මද නොඉවසිල්ලෙන් මෙන් යතුරු පුවරුවට නිය තුඩින් තට්ටු කරමින් උන්නාය.

“කණගාටුයි. ඔබ ඇමතූ දුරකතන අංකය ක්‍රියා විරහිත කර ඇත.

කරුණාකර පසුව යළිත් අමතන්න.”

සුකොමළ ගැහැණු හඬකින් පටිගත කරන ලද පණිවුඩය සිංහල, දමිල සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම වැයෙමින් පැවතුණි. රොමානා කැරකෙන පුටුව පසුපසට තල්ලු කරමින් නැගී ගත්තාය. පුටු ඇන්ද මත වූ කාඩිගන් කමිසය වමතටත්, ලීයෙන් කල ලෝක ගෝලයක අනුරුවක් සහිත යතුරු කැරැල්ල දකුණතටත් ගත් ඕ විදුලි සෝපානය වෙත ඇවිද ගියේ කඩිනම් ගමනිනි.

‘තියෝට මොනවා වෙලාද?’ තියඩෝර්ගේ නිවස බලා වාහනය පදවන අතර ඇයට මැවී පෙනුනේ තනිකමෙන් පීඩිතව, මිත්‍ර සම්භාෂණයක්, සමාගමයක උණුහුමක් බලාපොරොත්තුවෙන් දෑස් අයා මග බලා ඉන්නා සෑහෙන්න වයස්ගත, දුබල මිනිසෙකි. සිය පැරණි මිතුරාව සහපිටින්ම අමතක කර දැමීම පිළිබඳ වූ මහා පශ්චත්තාපයක් සියොළඟම වෙලාගන්නා’යුරු ඇයට දැනෙන්නට විය.

විද්‍යාඥයාගේ ගෙමිදුල වියලි තුරු පත් තට්ටු කිහිපයකින් වැසීගත්තේ මූසල පාළුවක් දැනවීය. රොමානා කාරයෙන් බැස, සපත්තු ලේස් තද කර ගැටගසා ගෙන, අගුළු ලා තිබූ ගේට්ටු පියනට උඩින් පැන ගෙවත්තට ඇතුළු වූයේ වටපිටාවේ මිනිස් පුළුටක්වත් පෙනෙන්නට නොවූ හෙයිනි. “මේ තමයි මගේ පුංචි බලකොටුව” තියෝ තම නිවස හඳුන්වන්නට යෙදුනු හැටි ඇයට සිහිපත් විය. නිවසෙහි දකුණු අන්තයේ වූ ගෙරේනියම් පඳුරු ගොන්නකට ඉහළින් කැඩුණු ජනෙල් පියනක් පණුදතක් මෙන් ලිහිල්ව ඔබමොබ පැද්දෙන අයුරු ඇගේ නෙත ගැටිනි. මිනිත්තු කිහිපයක පමාවෙන් ජනෙල් පඩිය මතට නැගගත් ඕ ඊළඟ මොහොතේ නිවස තුලට පැන්නාය.

විශබීජ නාශක ද්‍රවයක කටුක ගන්ධය ඇගේ නාස්පුඩු කිටිකිටියේ සිරකරගත්තාක් මෙනි. ඔක්කාරයද, සුළු ක්ලාන්ත ගතියක්ද සමඟ ඕ කිරි පැහැති උස් බිත්තියට වත්තම් වෙමින් කොරිඩෝරය දිගේ තියඩෝර්ගේ පර්යේෂණාගාරය වෙත පියමැන්නාය. සිවිලිම දිගේ එකා පසුපස එකා දිවගිය කුඩා සූනන් දෙදෙනෙක්, පර්යේෂණාගාර දොරටුව අසල නතරව ආපසු හැරී බිත්ති කෙලවරක වූ කුඩා බිලයක් තුලට රිංගා අතුරුදන් වූහ.

මද කෙඳිරිල්ලක් සමග පර්යේෂණාගාරයේ දොරටුව විවර විය. කාමරයේ හරි මැද එල්ලා තිබූ ප්‍රතිදීප්ත පහනේ දැඩි ආලෝකය රොමානාගේ නෙත් මොහොතකට නිලංකාර කරවීය. ඒ හාම නෙත ගැටුණු දසුන් පෙල විසින් ඈව බිත්ති මුල්ලකට හේත්තු කර, හෙමි හෙමින් පහළට රූටා වැටෙන්නට සලස්වා තිබුණි.

කාමරය මධ්‍යයේ දිගු මේසයක් මත වූ බේසමක, ගිල්වා තිබුණේ මිනිස් මොළයකි. වෛවර්ණ උරගයන් සමූහයක් බඳු වයර රොත්තක් මිනිස් මොළයේ තැන් තැන් වලින් ඇමිණී, පරිපථ පුවරුවක් හා සම්බන්ධ විය. මහත දුඹුරු කේබලයකින් මිනිස් මොළයට බැඳී ගුරුගුරු නදින් ක්‍රියාත්මක වූ පරණ මාදිලියේ පරිගණක තිරයක් මත අනවරත වේගයකින් අකුරෙන් අකුර ලියවෙමින් පැවතුණි.

“විද්‍යා ප්‍රබන්ධ කතා අංක එක්දහස් අටසිය අසූ හය

ආචාර්ය තියඩෝර් කලංසූරිය විසින් රචනා කරන ලදී.”

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com15tag:blogger.com,1999:blog-2243405417073583443.post-20260537077094491582017-04-25T09:10:00.001+05:302017-04-25T09:12:56.839+05:30චරපුරුෂයෝ

හාත්පස වසාගත් අළු අඳුරය. රෑසියන්ගේ ගුරුගුරුවත්, නින්දට වැටෙන්නට පමා වූ ගෙම්බෙකුගේ සිහින් බකබකයත් හැරුණුකොට නිහඬතාවය ඝනකම වූල් පොරෝණාවක් බඳුව පරිසරය වෙලාගෙනය. ලැරීගේ සුපැහැදිලි නීල වර්ණ දෙඇස මත කළු ඉංගිරියා පිපී එමින් තිබුණි. ඇය ඉතා උපේක්ෂා සහගතව සුදු පැහැ තාප්පය මත වාඩිගෙන දකුණුදිග අහස දෙස ඇහිපිය නොහෙලා බලා ඉන්නට විය.

එක්වනම දුඹුරු පැහැ ලොම් ගුලි දෙකක් තාප්පය මත ප්රාදුර්භූත වූහ. ලැරී තිගැස්මෙන් අට ඉස්බක් උඩ පැන යලිදු තාප්පය මතටම පතිත වූවේ, කුලෑටි මුහුණක් මවාගෙන වටපිට බලා ලහිලහියේ සිය පාද කොට්ටා පිරිසිදු කරන්නට විය.

“අපි ක්ලියෝපැට්රාට හාද්දක් දීලා එන්නයි ගියේ. අනික අපි හරිම මිනිත්තුවට ආපහු දෙදාස් දාහතට ආව නෙව. මොකද මේ කලබල වෙලා?”

ග්ලැඩ්ස්ටෝන් දුඹුරු පැහැ කන්පෙති නටවමින් ඇසූයේ සමච්චල් හඬිනි. ලැරී බුම්මාගත්වනම වම් පාදයෙන් දකුණු පාදයට මාරු වූවාය.

Palmerstone; the resident Chief Mouser of the Foreign & Commonwealth Office (FCO) at Whitehall, London

Larry; the Chief Mouser to the Cabinet Office.

Gladstone; the resident Chief Mouser of HM Treasury at Whitehall, London.

Grumpy; media personality and actress

“ගණං ගන්න එපා” පැල්මර්ස්ටෝන් සිය වල්ගා කෙලවරෙන් ලැරීගේ පිටට තට්ටු කරමින් කීවේය. “ඇරත්, මෙහෙයුමේ අවසාන භාගයට ඇවිත් ඉන්න වෙලාවෙ, පොඩි විහිළුතහළුවක් කලාය කියලා ඇඟේ වදින්නෙ නැහැ නෙවද? අනික, ක්ලියෝපැට්රා වගේ බළල්ලුන්ට නිසි සැලකිලි දෙන රාජ්‍ය නායකයො බෙහෙතකටවත් හොයාගන්න නැති කාලෙක පැයක් දෙකක් ඉන්න එකත් වස කම්මැලි වැඩක්.”

“මේ තමයි අන්තිම බිංදුව වෙනකම් අවධානෙ යොදවන්න ඕනෙ වෙලාව!” ලැරී සිහින් බළල් ගෙරවිල්ලක් (ඔව් එය පුරුපුරුවකට සමානයි, නමුත් භයංකාරයි.) නඟමින් පුපුරාහැලුනාය. “කාලතරණ යන්ත්‍රය අවභාවිතා කිරීමට දඬුවම විදියට මම උඹලාගෙ කන්ගැටියි, රැවුල් කෙඳියි වැහෙන්න හෙල්මෙට් අන්දලා පිට්ටනිය වටේ රවුං පන්සිය අසූ හතරහමාරක් ඇවිද්දවනවා, සත්තකින්ම!”

පැල්මර්ස්ටෝන් ලැරීගේ වචන ගණනකට නොගන්නා බවක් අඟවමින් සිය ත්‍රිකෝණාකාර කන්පෙති ඔසවා තාප්පය මත වූ මල් පෙත්තකට කුරුමාණම් අල්ලන්නට වූවේය. ඔහු ඉතා කඩිසර, බුහුටි බළල් නාම්බෙකි. කොහොමටත් බකිංහැම් මාලිගාවෙන් අවශ්‍ය තොරතුරු සියල්ල එකතු කරගන්නට ලැරීටත් අනෙක් බුද්ධි අංශ නිලධාරීන්ටත් අවකාශ ලැබුනේ තමන්ගේ හැකියාව නිසා බැව් ඔහු හොඳාකාරවම දැන උන්නේය.

ලැරී ස්වභාවයෙන්ම උඩඟු ගති ඇත්තියකි. ඈට මීයන් පෙන්නන්නට බැරිය. “අපිට පෘථිවි වාසීන්ගේ විශ්වාසය දිනාගන්නට ප්‍රගුණ කලයුත්තේ ප්‍රධාන හැකියාවන් දෙකක් පමණයි. එක; මීයන්, කැරපොත්තන්, හූනන් ආදී කරදරකාර සත්තු අල්ලා මරා දැමීම. දෙක; හුරතලය ප්‍රගුණ කිරීම.” සාධ්‍යතා අධ්‍යයන කණ්ඩායම පෘථිවියට මුදාහැරීමට පළමුව පැවති සැසියත්, එහිදී මීයන්ගේ නම කියැවුණු සැණින් ලැරී සිය මුව ඇඹුල් කරගෙන රැවුල් කෙඳි පවා හකුළුවාගත් හැටිත් පැල්මර්ස්ටෝන්ට මතකය. හෝමෝ සේපියන්ලා අහලක නොගැවසෙන හැම අවස්ථාවකදීම ලැරී මීයන් මරා දැම්මේ සිය ධූලක විෂ පිස්තෝලයෙනි. ප්‍රධාන මූසික ඝාතකයා ලෙස සේවා පත්වීම ලැබීමෙන් පසුව වුව මීයන් කෙරෙහි ලැරී තුල වූ අපුල පහව ගොස් තිබුනේ නැත. අන්තිමේදි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ගෑරුප්පුවක් අතැතිව මීයන් පස්සේ පන්නන්නට වෙන තැනට තත්වය දරුණු වූවාට පසුවයි ලැරී ඇඟමැලි කඩා පැරණි බළල් කුරුමාණම් ඉගෙනගනිමින් හිත කරදරයෙන් සිටි මාලිගයේ කාර්ය මණ්ඩලය සනසන්නට පටන් ගත්තේ.

“ඇයි ග්‍රම්පි ප්‍රමාද?” හැකි වැර යොදා කන කසමින් හුන් ග්ලැඩිස්ටෝන්ගෙන් වචන පිටවූයේ කඩින් කඩය. “මිනිහා ලෝක සවාරිය ඉවරවෙලා ඊයේ මෙහෙ එනවා කියල නේද කීවෙ?”

“මට තවමත් හිතාගන්න බැරි, ග්රම්පිගේ ලොරි-මූණට මේ තරම් මිනිස්සු වහ වැටුනෙ කොහොමද කියන එකයි.” ලැරී සමච්චල් සහගත හඬකින් කියන අතර, වරින් වර බළල් කැස්සක් කැස්සාය. “මිනිහා ඉන්නෙ හෝමෝ සේපියන්ලාව දිරවාගන්න බැරුව. හැබැයි පෘථිවියේ මෝඩ ඇට්ටිම්බන්ට ග්‍රම්පි කියන්නේ ලෝක ප්‍රසිද්ධ සෙලිබ්‍රිටි කෙනෙක්!

“ඔන්න ඉතින් මැඩම්ටත් හෝමෝ සේපියන්ස්ලාගෙන් ඉරිසියාව පුරුදු වෙලා.” පැල්මර්ස්ටෝන් එක් ඇසක් ඉඟිමරමින් ලැරී දෙසට විසුළු බැල්මක් හෙලීය. “බළල්ලු අතරෙන් බිහිවෙච්ච සෙලිබ්‍රිටිලා නිසා තමයි අපිට මේ තරම් ඉක්මනින් සාධ්‍යතා අධ්‍යයනය සම්පූර්ණ කරගන්න පුළුවන් උනේ. නැත්නම් අපි තව අවුරුදු කීයක් එක එක නම්වලින්, වෙස්මාරු කරගනිමින්, මවිල් කෙලින්වෙනතුරා කාලය හරහා අතීතයටයි, අනාගතයටයි මාරුවෙමින්, දහජරා මීයො පස්සෙ පන්නමින් මේ ලෝකෙට වෙලා නාකි වෙන්නද? ඒ මදිවට බල්ලො!”

“ස්.. ස්..” ලැරී විසුළු සහගත ලෙස හිස දෙපසට පද්දන්නට වූවාය.

“දඩාවතේ යන බල්ලෙක්වත් එනවද?” ග්ලැඩිස්ටෝන් ලේසර් ප්‍රහාරකය එකලස් කරන්නට වී.

“එහෙම නැතිනම් කැලෑ නරියෙක්?” ඒ පැල්මර්ස්ටෝන් ය.

“සංඥාව මෝඩයිනේ! සංඥාව!”

ලැරීගේ කරපටියේ ගැටගසා තිබූ වෘත්තාකාර ගැජට්ටුව මාරුවෙන් මාරුවට රතු සහ කොල එළි දල්වන්නට පටන් ගෙන ඇති බව බළලුන් දෙපල දුටුවේ එවිටය. දකුණුදිග අහසේ පායා එමින් තිබුණේ බළල් කන් යුගලයක හැඩය ගත් තාරකා රාශියකි. එය තරු අහුරක් බඳුව මොහොතකට ඇස රවටා අභ්‍යාවකාශ යානා සමූහයක් බවට වියෝජනය වී වඩාත් පහළට එමින්, රවුමෙන් රවුමට කරකැවෙමින්, පෘථිවිය වෙත ලඟාවෙමින් පැවතුණි.

ග්ලැඩ්ස්ටෝන් සිය කරපටිය අතට ගෙන ස්විච්චි කිහිපයක් ඔබා එක්සත් රාජධානියේ සිතියම හොලොග්රැෆික තිරයක් මතට ප්රක්ෂේපණය කලේය. ඉනික්බිති සිය වල්ගා කෙලවරින් තිරයට ඇන ඇන සිතියමේ විශේෂ ස්ථාන මත කෙටි සටහන් (ඔහුගේ රැලි ගැන්වුණු නළල කියාපෑවේ ඒ සටහන් බොහොම වැදගත් ඒවා බවයි.) කුරුටු ගාන්නට පටන් ගත්තේය. ඉබාගාතේ පියාඹන හෝහපුටුවෙක් දෙන්නෙක් ඔහුගේ මුහුණේ වැදී නොවැදී ගමන් ගත්තද ග්ලැඩ්ස්ටෝන්ගේ අචල අවධානය තිරය වෙතටම යොමුව තිබිණි.

අභ්‍යවකාශ යානය තාප්පය අසලට පහත් වූයේ කිසිදු හඬක් නොනඟා, බොහොම සීරුමාරුවට ය. පෘථිවි වාසීන්ගේ අවධානයෙන් මගහැරෙනු පිණිස එහි වූ සියළුම විදුලි බල්බ නිවා දමා තිබූ අතර, බළල් කොට්ටා පාදයක ලාංඡනයක් පමණක්, යානයේ ඉදිරි දොර මත්තේ කණාමැදිරියෙකුගේ ලා කහ පැහැයෙන් නිවිනිවී දැල්විණි.

ලැරී සිහින් ඤාව් හඬක් නගමින් කරපටියේ වූ බොත්තමක් තද කරන්නාහාම, යානයේ ඉදිරි දොර පියන ඉහලට එසැවෙන්නට විය. එතුලින් පිටතට ආවේ අළු පැහැ නිලඇඳුම් හැඳ, දීප්තිමත් කොල පැහැ තරුපටි පැළැඳි කැලෑ බළලුන් දෙපලකි.

“ප්‍රධාන අණ දෙන නිලධාරීතුමිය සමග බුද්ධි අංශ නිලධාරීන් දෙපළක් මෙතන ඉන්නවා.” ග්ලැඩ්ස්ටෝන් සිය ඉදිරි පාදය කැලෑ බළලුන් දෙදෙනාගෙන් එකෙකු අත වූ පරිලෝකණ මැසිම මත තබමින් කීය.

“ඔහ්! මේ බකිංහැම් මාලිගාවේ කණ්ඩායම නේද?” තරමක් කළු පැහැයට හුරු කැලෑ බළලා ආදරබර පුරුපුරුවක් නැංවීය. “ඔබලා මේ අවුරුදු කිහිපයේ කල කැපවීම විස්මිතයි! ධවල මන්දිරයේ හිටපු බළල්ලුමදැයි හිතාගන්නවත් බැරි විදියට අති සූක්ෂම වෙස් මාරුවක් කරගනිමින් කාලතරණය කිරීම ඔක්කෝටම හපන්, අමෙරිකානු ජනාධිපතිවරයා බකිංහැම් මාලිගයේ සංචාරයකට ආ වෙලාවේ ඔහුට ඔබලාගේ එක මවිල් ගහක්වත් හඳුනාගන්න බැරිවුනා නොවැ.”

“හෝමෝ සේපියන් සේපියන්ස්ලා පුතා. මේ ග්‍රහලෝකෙ ඉන්න ප්‍රධානම සත්ව විශේෂය හෝමෝ සේපියන් සේපියන්ස්ලා.” පැල්මර්ස්ටෝන් විසුළු සිනහවක් පෑවේය. “උන් කවම කවරදාකවත් බළලෙක්ගේ මූණක් දිහා උනන්දුවෙන් බලන ජාතියක් නෙමෙයි. කලු පුල්ලි එකා, තනි සුදු එකා, දොඩං පාට එකා, අළු වයිරම් එකා. . . උන්දැලා දන්න තරම එච්චරයි. අපේ කාල යන්ත්‍රය නිසා පාට වෙනස් කරගනිමින් අවුරුදු සීයක් වුනත් එක එක නම්වලින් පෘතිවිය වටේ සවාරි යන්න පුළුවනි. ඒ අතින් බැලුවාම මිනිස්සුන්ට මතක හිටින මූණක් තියෙන්නේ ග්‍රම්පි කැට්ට විතරක්ම වෙන්න ඕනෑ.”

“ඔහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. කෝ ග්‍රම්පි?” ග්ලැඩ්ස්ටෝන් ඇසීය.

“අවසාන මොහොතේ සැලසුම වෙනස් වුනා. ග්‍රම්පි ප්‍රංශ සංචාරය ඉවරවෙලා ආපහු අමෙරිකාවට යන්න තීරණය කලා. කොහොමටත්, වැඩේ අහවර වෙන්න ඕනෑ කාටවත්, බළල් මවිලකවත් සැකයක් ඉතිරි නොවෙන විදියටයි.” ඒ මොහොතේ යානයෙන් එළියට පිනූ හුරුබුහුටි පර්සියන් බළල් නාම්බෙක් යටි උගුරෙන් මතුලේය.

හිසට හිස හප්පාගනිමින් පැවැත්වූ රහස් ආචාර විධියකින් අනතුරුව, බකිංහැම් මාලිගයේ මූසික ඝාතකයන් තිදෙනා වල්ගා සහ රැවුල් කෙඳිති ගස්සමින් එකා පසුපස එකා බැගින් යානය තුලට ඇතුළු වූහ. සිහින් ‘තඩ්’ හඬක් නගමින් යානයේ දොර වැසී ගියේය. පොල් කුරුමිණියෙකුගේ බඳු ‘කරකර’ හඬක් සමඟ පණගැන්වුණු අභ්‍යවකාශ යානය කෙමෙන් කෙමෙන් ඉහල නැගෙන්නට වූයේ, මුලින් තුරුපෙලද, දෙවනුව උස් මැදුරුද, තෙවනුව වලාකුළුද පසුකරගෙන තවද ඉහලට ගොස්, තාරුකා අතර නොපෙනී ගියේය.

“ලැරී… ලැරී…”

සිඟිති චාලට් කුමරිය රෑ මැද අවදිව හඬන්නට වූවාය.

කේට් මිඩ්ල්ටන් කුමරිය ඈ ඔසවා තදින් තුරුළු කර ගත්තාය. “ලැරී හොඳ පූසා. අපි හෙට එයාව බලන්න යමු.”

“ලැරී නරක පූසා. නරක පූසා තරු අරන් ආපහු එයි. අපිව අල්ලං යුද්ද සෙල්ලං කරයි” මවගේ ලැම මත ගුලිවී යලිත් නින්දට වැටුණු චාලට් කුමරිය සිහිනයෙන් මෙන් තොල් මතුරන්නට වූවාය.

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com12tag:blogger.com,1999:blog-2243405417073583443.post-11471130823065974732017-03-05T09:40:00.000+05:302017-03-05T09:40:05.331+05:30දොළොස්දාහක්! - Scifi

"දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා ඇස් ගෙඩි ඩොගිත්තාගෙන බලාගත් අත බලාගෙනය. නිල් පැහැ ඇඳ ඇතිරිල්ල තැනින් තැන රැළි නැගී ඇති හෙයින්, ලා රෝස රෑ ඇඳුමකින් සැරසුණු යුවතිය දිස්වන්නේ දියපෙතක පිපි නෙළුමක් ලෙසිනි.

"ඒ ගමන කන්න වගේ බලන් ඉන්නවා. ඇයි අනේ ඔයා විසඳුමක් ගැන නොහිතන්නේ. අපි අන්තිමට මුණගැහිලා දැන් මාස දහයකටත් වැඩියි."

අභිජිත්, නැහැය දිගේ පහලට රූටන උපැස් යුවල දබරැඟිල්ලෙන් ඔසවා, ස්කයිප තිරය වෙත හාද්දක් පා කලේය. "ඉතින් රත්තරනේ ඒකට හේතුව ඔයාගෙ තාත්තයි, අර නසරානි මස්සිනායි නෙමෙයිද? ගෙදරින් එළියට බැහැපු වෙලේ ඉඳන් ඔයාගෙ පස්සෙන් කවුරුහරි බොඩිගාඩ් කෙනෙක්. උන්ට අහුවුනොත් මාව මැස්සෙක් වගේ තලා දාවි. තේරෙනවනේ ඔයාට."

"අභී ඔයා එන්න අපේ ගෙදර. ගෙදර ඉන්නකොට කවුරුවත් මං උන්නද මලාද කියලා හොයන්න එන්නෙ නැහැ. එළියෙදි මුණගැහෙන්නනේ තහංචි. ඔයා එන්න තාප්පෙට උඩින් පියාඹලා මගෙ කාමරේ බැල්කනියට" ටෙඩිවලසාගේ නැහැය රවුමට රවුමට මිරිකමින් ආලියා තිරය වෙත ඉඟිමරයි.

"ඒ තටු තිබුණෙ රෝමියෝට. මං එදාමෙදාතුර එහෙම තටු ලැබුණ කියලා අහල තියෙන්නෙත් මිනිහ ගැන විතරමයි. අයියෝ ආලියා! උන් දෙන්නම මහා ගොං තකතීරුවෝ. ආදරේ ජයගත්තා කියන්නෙ එක ගොඩේ මැරිලා වැටෙන එකටෙයි? මට නං ඕන්නෑ එහෙම තොත්තපූල් ආලකතා."

ආලියා නළල රැලි ගන්වාගත්තාය. "එහෙනං ඉතිං හොයාගන්නවකෝ මොළේ ඇති විසඳුමක්." ඒ සමගම ස්කයිප තිරය කළු පැහැ ගැන්වී අභිජිත්ගේ මුහුණ අතුරුදන් විය. "එච්චර ඉක්මනට මලපැන්නද! කවදාවත් නැතුව!" ආලියා කල්පනා කරන්නට වූයේ ටෙඩිවළසාගේ කනක් සපමිනි.

කොට්ටා පවුර දෙදරවමින් ජංගමය කෙටිපණිවුඩයක් පැමිණ ඇතැයි හඬගෑවේය. "ෆෝන් එකේ බැටරි බැස්සා. මං විනාඩි පහකින් ආපහු ගන්නම්." ආලියා ඇස් කරකවමින් නොරිස්සුම් සුසුමක් හෙලීය. "කබල් ෆෝන් එක!" පහුගිය මාස කිහිපයක සිට අභිජිත්ගේ දුරකථනයත්, පරිගණකයත් සංවාද අතරමැද හිටිවනම නිසොල්මන් වෙයි.

හෝරා දෙකකට පසු ඊළඟ ඇමතුම පැමිණෙන විට ආලියා උන්නේ ගැඹුරු නින්දකය. ඇගේ දුඹුරු කෙස්ස කොට්ටා පුරා විසිරී තිබුණු අතර වම් දණහිසට යටින් මිරිකීගෙන හිටියේ පුළුන් පිරවූ හාවෙකි. ටෙඩි වළසා අසරණ ලීලාවෙන් ඇඳ ඉහත්තාවෙන් බිමට පතබෑවී මුනින්තලාවය.

"හෙලෝව්" ආලියා ඈනුමක් අතරෙන් ජංගමය කනේ ඔබාගත්තාය.

"ඔන්ලයින් එන්න පැටියෝ ඔන්ලයින් එන්න!"

"ගුඩ්නයිට්. උදේට හොඳේ."

"අහන්න! කට් කරන්න එපා මේක අහන්න. මං මොළේ ඇති විසඳුමක් හොයාගත්තා."

"ම්හ්" ආලියා නිදිමතෙන් රත් පෑ ගැනුණු දෑස් අත්ලෙන් පොඩිකරමින් ලැප්ටොප් තිරය දිගහැරියාය. කනත් උරහිසත් අතරට වාරු වී උන් ජංගමය 'දඩස්' හඬින් කළාලය මත පතිත වුනි.

"මේක අහන්න. ඔන්න මාස දහයක මහන්සියෙන් පස්සෙ මම විසඳුමක් හොයාගත්තා. මං අපිට අළුත් චැට් ගේට්ටුවක් හැදුවා. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. දැන්ම!" එකෙණෙහිම ජනේල අයිකනයක් සහිත ඇප් එකක් සල්ලාප පෙට්ටියෙන් මතුවිය. ආලියා එය විවර කලේ නොරිස්සුම් "චඃ" හඬක් නඟමිනි.

තිරය මත දිගහැරුනේ විවර වූ ජනෙල් කවුළුවකි. ඒ තුලින් එබී බලන කල්හි තිරයේ ඈත කෙළවරේ වූ එවැනිම තවත් කවුළුවකින් මෙපිටට රිංගා එන කුඩා රුවක් දැකගන්නට ලැබිණි.

"අභි!" ආලියාගේ ඇස් මවිතයෙන් විසල්ව මුව මදක් විවර විණි.

"ඒ ගමන මොකක්ද ඔයා කරන්න හදන විජ්ජාව?"

"ඇතුලට එන්න ආලියා. ඇතුලට එන්න!" අභිජිත්ගේ කුහුඹු රුව ජනෙල් කවුළුව අසලට විත් අතවනන්නට විය. "දැන් ඉතිං අර නසරානි මස්සිනාකාරයාට බයේ හැංගිමුත්තන් කරපු කාලේ ඉවරයි." ඔහු උදාරම් ලීලාවෙන් බර අඩි තබා ඔබමොබ ඇවිදිනත'ර කීවේය.

"ඒත්... කොහොමද?"

"ඔය ජනෙල් ගැට්ටට පය තියලා මේ පැත්තට බර වෙන්න ළමයෝ. මං ඔයාව පුළුන් රොදක් වගේ උස්සලා අරගෙන, රිතික් රෝෂන් වගේ රවුම් දෙකක් කැරකිලා බිමින් තියන්නම්."

ආලියා තොල්පට හපාගෙන ඇස් කැරකෙව්වාය. බාගදා මේ තමන් දකින ත්‍රාසජනකම සිහිනය වෙන්නට පුළුවන. ඉතින් ඈ හිතට එඩි ගෙන පයක් ලැප්ටොප් තිරය මත තබා ඉදිරියට බර වුනාය. පැන්නාය!

අභිජිත් 'සාවනිකා මෙහිනා' තාලයට සිවුරුහන් කරමින් ඈ වටා රවුම් කැරකෙන්නට විය. "දැන් කියන්න රත්තරනේ, හොඳම ආදරවන්තයා අර මැරී වැටුන අත්තටුකාර රෝමියෝද, නැත්නම් මමද?" ඔහු සිය නළලට දබරැඟිල්ලෙන් දෙවතාවක් තට්ටු කර උදාරම් සිනහවක් පෑය. "සම්පූර්ණ සෙල්ලම තියෙන්නෙ මෙන්න මෙතන. මොළේ ඇතුලේ. මං පුරා මාස දහයක් මාන්සි වුනා මේ චැට් ගේට්ටුව හදන්න. දැන් අපිට ඉස්සර වගේම හැබෑවටම ලං වෙලා කතා කරන්න පුළුවනි."

ආලියා සෙමින් සිය කන්පෙත්ත කොනිත්තා ගත්තාය. එහෙනම් එය සිහිනයක් නොවෙයි. විස්මයෙන් විසල් වූ ඇගේ දෙනෙත බබලන්නට විය. "ඒ කියන්නේ දැන් අපිට හැමදාම මේ විදියට හමුවෙන්න පුළුවන් නේද අභී?"

ඉනික්බිති ඔවුන් අර කවුළු දෙකට මැදිවූ කුඩා ගැලරිය ඇතුලේ ගිම්හාන උද්‍යානයක් මවාගත්හ. උද්‍යාන බංකුවක තුරුළුව ඇතිපදම් පෙම්බස් දෙඩූහ. උයනේ වම් අන්තයට වන්නට වූ සිඟිති විලක හංස බෝට්ටු පැද්දහ. අන්තිමේ විලේ උන් රන්මාළුන්ට පොරි ඇට අහුරු අහුරු විසිකලහ.

"දැන් පාන්දර වෙන්නත් කිට්ටු ඇති." ආලියා නින්දෙන් අවදිවූවක මෙන් එක්වනම හිස ගස්සා අවට බැලුවාය.

"අභී! අර බලන්න ඔයාගෙ ජනේලය!!"

"රෑ වෙනවා - එළි වෙනවා. ඕක කාටවත් නවත්තන්න බෑනෙ ළමයෝ. මං මේ චැට් ඇප් එක 'ඇප් ස්ටෝර්' දැම්මා. බලන්නකෝ දැනටම ඩවුන්ලෝඩ්ස් දොළොස්දාස් ගානක්. මං එකපාර ජනප්‍රිය වෙන්නයි, පෝසත් වෙන්නයි යන්නෙ."

"කෙහෙල්මල් ඇප් ඉස්ටෝරුවක් නෙමෙයි මනුස්සයෝ! බලනව අර කවුළුව. ඒක වැහිලා. දැන් ඔයා කොහොමද ගෙදර යන්නෙ?"

"ආ ඒකද? ඒක මට..."

අභිජිත් වැසීගිය කවුළුව දුටුවේ එවිටය.

"ඒක මට අරින්න බෑ ආලියා." ඔහු හිස කසමින් කල්පනා කරන්නට විය. "මං හිතන්නෙ ෆෝන් එකේ බැටරි බැහැලා!"

"කබල් ෆෝන් එක" ආලියා හඬ වඩවඩා සිහින් විය. "පැය ගාණක් මේක අස්සේ ඉන්නවානං අඩුම තරමේ ෆෝන් එක චාජරේට ගහන්න ඕනෙ බව ඔය අතිවිශිෂ්ඨ මොළගෙඩියට මතක්වුනේ නැද්ද? දැං ඉතිං මොකද අපි කරන්නේ?"

"එක විසඳුමයි තියෙන්නේ. පනින්න. ඔයාගෙ කවුළුවෙන් එලියට පනින්න." අභිජිත් ආලියාව ජනෙල් පඩිය මත ඔසොවා තබමින් කීය. "කෝ ඔය අත දෙන්න. මටත් මේ අපායෙන් එලියට පැනගන්න!"

ලැප්ටොප් කවුළුවෙන් පිටතට පිනූ යුවල කළාලය මත හිඳ හතිඅරින්නට වූහ. "පුදුම බේරිල්ලක් නෙව බේරුණේ! හත්වලාමයි ආලියා මෙච්චර පුළුං සත්තු තොගයක් එක්ක ඔයාට මේ ඇඳේ නිදාගන්න ඉඩ ඇතිද?"

ආලියා නිකටේ අත රුවාගෙන කල්පනා කරන්නට වූවාය. "දැන් ඒක නෙමෙයි මෙතන ප්‍රධාන ප්‍රශ්ණෙ. ඔයාව තාත්තටයි අයියටයි නොපෙනෙන්න මෙතනින් එළියට යවන එකයි."

"මෙහෙම! පිජාමා කලිසමකුත් ඇඳගෙන?" අභිජිත් උස් කණ්නාඩි මේසය ඉදිරියේ හිටගෙන හිස වනන්නට විය. "මිනිස්සු හිතයි මං පිස්සෙක් කියලා. ඇයි දෙයියනේ ඔයාට අමතකද! මං මේ චැට් ඇප්ලිකේෂන් එක විකුණලා පෝසතෙක් වෙන්න ඉන්නේ. ඒ මදිවාට ප්‍රසිද්ධිය. මං හිතන් ඉන්නෙ වාහනේ පැති වීදුරු හොඳටම කළු කරන්න."

- ටොක් ටොක් ටොක් -

"ඒයි කවුද එනවා!"

ආලියා යතුර අතට ගෙන, අභිජිත් විසාල පණුවෙක් මෙන් ඇඳ යටට බඩගාන තුරු මදක් ලත වුනාය. ඉන් පසු වෙව්ලමින් දොර හැර, එලියට හිස පොවා බැලුවාය. කවුරුත්ම නැත.

"එලියට එනවා බයගුල්ලෝ. කවුරුත් නෑ!" මකුළු දැල් වැකි හිසෙන් යුතු අභිජිත්ට දිවදික්කර ඇදකරමින් ඈ දොර අගුළු දමන්නට විය.

"ඉක්මනට පැනපං එලියට. කෝ අත දීපං මෙහාට!" ඊළඟ මොහොතේ ලැප්ටොප් තිරය ඇතුලෙන් කාමරයට පැනගත්තේ පිරිමි ළමුන් තිදෙනෙකි.

"කොරේ පිටට මරේ කිව්වලු! යකෝ මේක කෙල්ලෙක්ගේ කාමරයක්!" එකෙක් චටස් ගා නළලට අත්ල පහරක් ගසාගනිමින් කීය.

"කවුද ඔහෙලා!!"

අභිජිත් පුරුෂ ධෛර්යය නංවාගනිමින් පපුව ඉදිරියට දමා සැර හඬක් මවාගත්තේය.

"අපි කෙහෙල්මල් චැට් ගේට්ටුවක් දමාගත්තා ෆෝන්වලට. ඒක ජනේලයක් වගේ විකාරයක්. ඔහේ කිව්වට විස්වාස කරන එකක් නෑ, ඒ ජනේලෙන් පැනලා අපිට ඕනෙ තරං වෙලාවක් සෙට් වෙලා කියවකියවා ඉන්න පුළුවං. කොහොමත් ඉස්කෝලෙ හෙඩ්මාස්ටර්ගේ වත්තට අහස්කූරු යවලා මාට්ටුවෙලා අපි පහුගිය සතියෙම හිටියෙ නිවාස අඩස්සියේ."

තරමක් මිටි, මහත කොලුවෙක් ඊළඟට හඬ අවදි කරන්නට විය. "අපි ආපහු යන්න බලනකොට ජනෙල් සේරම වැහිලා. හොඳ ගඩොල් බාගෙකිනුත් පතබාලා බැලුවා ඒත් ජනේලෙ කඩාගන්න බැරිවුනා. එවුවා යකඩ වගේ හයියයි!"

ඒ කියන්නේ තමන්ගේ සොයාගැනීමෙන් ප්‍රයෝජන ගෙන ඇත්තේ ආදරවන්තයන් විතරක්ම නොවෙයි! අභිජිත්ට ආඩම්බර හිතුනි. ඒත් සමඟම ලැප්ටොප් තිරයට එපිටින් ඇසෙන්නට වූයේ සිහින් ඉකිබිඳුමකි. දැරියකගේ කඳුළු වැකි දෙනෙතද, ජම්බලක් මෙන් රත් පෑ ගැනුණු මුහුණද කාමරය තුලට එබෙන්නට විය.

"අනේ කවුරුහරි ඉන්නවද මට උදව් කරන්න?" පිරිමි ළමුන් තිදෙනා එකිනෙකා පරයමින් ඉදිරියට පිනූහ. ගැහැණු ළමයාගේ හිසකේවලින්, උරබාහුවලින් සහ ඉඟටියෙන් අල්ලාගෙන කාමරය ඇතුලට ගන්නට ඔවුන් තිදෙනාම සමෝසමේ උනන්දු වෙන බව පෙනුණි.

"එයා කිව්වෙ නම් පණ වුනත් දෙනවා කියලා. ඒ වුනාට කවුළුව වැහිලා ගෙදර යාගන්න බැරිවුනාම මට එයාගෙ කාමරේ ඇතුලට එන්න දෙන්න බෑ කියලා දොර වහළ දැම්මා." ඈ අනුනාසික හඬකින් තෙපලාය.

"අභි!"

ආලියා තමා ද මේ මොහොතේ, මේ කාමරයේ හුස්ම ගන්නා ගෑණු ළමයෙක් බව පෙන්වා දෙමින් දත් කූරු සපන්නට වූවාය. "ඇප් එකට ඩවුන්ලෝඩ් කීයක් තිබුනා කියලද ඔහේ කිව්වේ?"

අභිජිත් දුබල කෙඳිරියක් පිටකලේය.

"දොළොස්දාහක්!"

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com33tag:blogger.com,1999:blog-2243405417073583443.post-29358622127448243332017-01-28T15:18:00.001+05:302017-01-28T16:09:32.461+05:30සුදු පසුබිමේ හඬලන උදාරම් නිල් කුකුළා - GLF2017

සුදු පසුබිමක උදාරම් ලීලාවෙන් නැගී සිටින්නේ නිල් පැහැ කුකුළෙක්. ඒ තමයි අපි ගාලු කොටුවට ඇතුල් වූ තැන. කුකුළත් අතෙන් අරගෙන හතටත් කලින් අපි පාදුර්භූත වී තිබුනේ ගාලු සාහිත්‍ය උළෙලට.

පාර දෙපැත්තේ ඉහළ නැගුණු විසිතුරු කොඩි. ඒ අතරේ ගුම් නගන්නේ නිල් පැහැ ටී ෂර්ට්වලින් සැරසී උදැහැනැක්කේම වැඩ ඇල්ලූ, ගැටවර පොදි. ගාලු සාහිත්‍ය උළෙලට ඇදෙන රසවතුන් එන්න එන්නම ගණනින් වැඩි. ඒ නොදැක්කා වගේ මනාල යුවල් කැමරාවලට හිනාවෙන්නේ හිතට ගෙන එඩි.

අපි ඇදෙන්නේ කොටු පවුර පැත්තට. උදා හිරු කිරණින් නැහැවුණු පඩි එකින් එක තරණය කරමින් ඉහළටම නැඟ පහල ඇත්තේ මොනවාදැයි බලන්නයි අදිටන. ඔන්න, එක්වරම එතන පහලව ඇත්තේ සුරපුරය!

ලා නිලෙන් දිදුලන සුපැහැදිලි මුහුදු දිය. ඒ මැදින් තැනින් තැන සුපුෂ්පිත කොරල් මල් ය. නො එක් පැහැ මාළු ඒ අතර ලලිත ගමනින් සක්මනක. සුරපුරට හිස පොවන්නට කැමැත්තෝ, ස්නෝර්ක්ලින් ආම්පන්න ඇඳ පැළැඳ විසල් ආඳා මාළුවන් මෙන් පිහිනුම් රස්තියාදුවක.

ඒ සෙනසුරාදාවක්. ගාලු සාහිත්‍ය උළෙලට අළුතෙන්ම එක්වුණු ‘සිංහල සාහිත්‍ය වැඩසටහන්’ යෙදී තිබුණේ එදාට. ඉතින් අපි දැන් චර්ච් ස්ට්‍රීට් පසු කර ‘හෝල් ඩි ගෝල්’ වෙත එලැඹෙන්නේ රෙජිස්තර වෙන්න. ඒ ඉදිරිපිට සිනා පපා මග බලා උන්නේ ‘අමිලානිය’.

මිල ගෙවා ඇතුල් විය හැකි වැඩසටහන් ද, නොමිලේම සහභාගි විය හැකි රස කැටිතිද, සමෝසමේ ලැයිස්තුගත කල පොත් පිංච අතට ලැබෙන්නේ ‘ඒ චීස් කනවද – මේ චීස් කනවද’ හිත හිත තාවර වෙන තැනට අපිව ඇද දමමින්. සිහිල් තුරු හෙවන යට, වෛවර්ණ බීන් බෑග මත වැතිරගත් රසවතුන්ගේ සාහිත්‍ය සංවාද මණ්ඩප පහු කරගෙන අපි ඇදෙන්නේ ‘මැරිටයිම් මියුසියම’ වෙත.

ජස්ට් ඉන් ටයිම් – ‘නූතන කවියේ හරස්කඩක්’ සංවාදයට.

සුනන්ද කරුණාරත්න, කල්පනා ඇම්බ්‍රෝස්, ඉසුරු චාමර සෝමවීර, ලියනගේ අමරකීර්තිගේ සංවාද මෙහෙයවීම මැද තම තමන්ගේ කවි රෙසිටේෂන් ඉදිරිපත් කරමින්, ප්‍රශ්ණවලට අව්‍යාජ පිළිතුරු ලබාදෙමින්, අසන්නන්ගේ පැනවලට හයේ හතරේ පහර එල්ල කරමින්.

ඉන් පස්සේ සිංහල දිනයේ යෂ්ඨිය බාර ගන්නේ අනෝමා රාජකරුණා. ‘සිංහල නවකතාව සහ කාන්තාව’ ගැන කතාකරන්න ඈ එක්ක එකතු වෙන්නේ සුනේත්‍රා රාජකරුණානායක සහ සේපාලි මායාදුන්නේ.

සුනේත්‍රා ඇගේ ‘කෘත්‍රිම දූපත්’ නවකතාවේ කොටස් කදිමට හඬ නඟා කියවනවා. මට මතක් වෙන්නේ ගුවන්විදුලි හඬ නළුවක්. “ගෑණු කියලා තමන් ඇතුලෙම හිරවෙන්න එපා. ලියන්න – ලියන්න – නිදහසේ ලියන්න. ඔය හිරවෙලා ඉන්න තැනින් එළියට එන්න.” කියන සුනේත්‍රාට මම පාවෙන හාද්දක් යවනවා.

ඒත් එක්කම ඇරඹෙන්නේ ෆෙයාවේ සාහිත්‍ය සම්මානයට නිර්දේශිත නවකතාවල කතුවරුන් සමඟ කෙරෙන සංවාදය. අධික කුසගින්න නිසා අපි මැරිටයිම් මියුසියමෙන් එළියට බැහින්නේ කෑම සුවඳට නාසා සුසර කරගෙන. මෙන්න! කොළඹ ඉඳන් ගාල්ලට ඇවිත් ‘ගුඩ් මාරකැට්ටුව’!

“හැමදාම කන ජාති නැතුව අද වෙනස්ම වෙනස් දෙයක් කමුද?” පුංචිම පුංචි කූඹිත්තෙක් සයිස් වුනාට කල්පනා ඇම්බ්‍රෝස්ට තියෙන්නේ ලොකූම ලොකු බඩගින්නක්. පේලියට හිටගෙන අපි දිහාට විරිත්තන වෙස් මූණු එක්ක වුනත් හිනාවෙන්නේ ඉසුරු. ‘ටින්ටස් ඇණ සමග බෝල සබන්’ වර්ගයේ කෑමක් හොයාගෙන ගියත් අන්තිමට අපිට කන්න වෙන්නේ පොල් සම්බෝල එක්ක චීස් පුරවපු රෝස්ට් පාන් සැන්ඩ්විච්. රොමෑන්ටික් පාට ස්ට්‍රෝබෙරි-දෙහි කැලතුමකින් රෝස්ට් පාන් ගලනාලය දිගේ පහලට තල්ලු වෙලා යනවා.

අර ඉන්නේ ‘දමිත්’. ‘තෙමි තෙමිම මම’ ලියපු දමිත් උදයංග දහනායක! ඉන් පස්සේ හැමෝම කලාතුරකින් අල්ලාගන්න ලැබෙන මේ කවියා එක්ක සල්ලාපයක. ලියනගේ අමරකීර්ති, අනුරසිරි හෙට්ටිගේ, ටෙනිසන් පෙරේරා, එරික් ඉලෙයප්පාරච්චි, කමල් පෙරේරා, දේ.වි. ගාල්ලගේ, භූපති, සුනේත්‍රා, පියසීලි විජේමාන්න, ප්‍රභාත් ජයසිංහ, දිලීප අබේසේකර, ශෙහාන්, පියල් කාරියවසම් ආදී මෙකී නොකී ලේඛක ලේඛිකාවන් වටා රොද බැඳගත් සාහිත්‍යලෝලීන්.

කාංචනාව දකින දකින වාරයක් ගානේ සැලියුට් ගහන්නේ ශ්‍යාම් සෙල්වදොරෙයි! ඒ කියන්නේ අර හැමෝම එක්ක හිනාවෙමින්, පිටට තට්ටු කරමින් සැහැල්ලුවක් කරේ ලාගෙන ඇවිදින කෙට්ටු මනුස්සයා ශ්‍යාම්ද!

‘නූතන සිංහල කෙටිකතාවේ තේමා ප්රවේශයන්’ ගැන කතාකරන්නේ ප්‍රභාත් ජයසිංහ සමඟ පියසීලි විජේමාන්න. සාකච්ඡාව මෙහෙයවීම පියල් කාරියවසම්. “මකර තොරණ කෙටිකතා එකතුව මා විස්මපත් කලා.” මම ප්‍රභාත් හොයාගෙන යන්නේ ඒ ගැන කියන්නයි. “මේ බස්සිද?” තමන්ගේ ප්‍රියතම ලේඛ්හකයෙක් බොහොම සාමාන්‍ය විදියට එහෙම අහනකොට අමන්දානන්දයට පත් නොවී ඉන්නට පුළුවන් අයත් ඇතිද?

සිංහල දිනය හමාර වෙන්නේ ‘චයිනමන් නවකතාව සහ එහි පරිවර්තනය’ මැයෙන් හර්ෂණ රඹුක්වැල්ල මෙහෙයවන සංවාදයෙන්. ශෙහාන් කරුණාතිලක සමග දිලීප අබේසේකර පන්දුවෙන් පන්දුවට නොබිඳෙන සබඳතාවයක් පවත්වා ගනිමින් ප්‍රේක්ෂකාගාරය රස ගුලාවක ගිල්වමින්. ඒ හැර යන්නට සිත් නොදෙයි. තව ඇබින්දක්, ඇබිති විනාඩි පහක්, අනේ තව තත්පර දෙකක් ශෙහාන්ගේ කතා අහගෙන මැරිටයිම් මියුසියම් පොළොවේ මුල් අදින්නම හිතෙයි.

ලිප්ටන් තේ කාමරය එන්න එන්නැයි අතවනයි. තේ පුසුඹ දාහය තවාලයි. ලා කොළ පැහැ උණු උණු තේ ය. වීදුරු තේ බඳුන් තුළ ගිලී දියවී මැරෙන්නට හිත හදාගත් අයිස් කැබැලි ය. අඹ, අන්නාසි, දොඩම් රසයෙන් රසකල සීත තේ ය. එහෙව් තේ බඳුන් මැද පාට පැන්සල්වලින් සහන් කසීරගේ ආලේඛ්‍ය සිතුවමක් අඳින මයන්ත පෙරේරා ය. චිත්‍රයකට වුනත් හැඩට ඉන්නට ඕනෑ බව කියමින් කොලරය සකසා විලවුන් තවරන සහන් කසීර ය.

ඔය සේරෝම කලබල අතරේ තේ කාමරයෙන් පැනනගින්නේ උමාරියා සිංහවංශ. අත්පොළසන්ද, ඔල්වරසන්ද මැදින් තේ සුවඳ හා කැලතී ගලන්නේ ගිටාරෙක තත් පිරිමැදෙන මුදු සුමුදු හඬ. උමාරියාගේ මනබඳින රන්ස්වර. යලියලිත් ගිගුම් දෙන ඔල්වර හඬ.

ඉතින් ඒ තමා ‘ගාලු සාහිත්‍ය උළෙල’. කොළඹ කේන්ද්‍රීයයි කියා බැණුම් අහන සිංහල සාහිත්‍ය ගාල්ලට ගිය දුලබ අවස්ථාව. සාහිත්‍යයට නියම ‘මිලක්’ ඇති බව දැනගන්නත්, ඒ ‘මිල’ ගෙවන්නට තරම් උනන්දු රසවතුන් පොදි පිටින් කොළඹින් පමණක් නොවෙයි ඉන්දියාවෙනුත්, ලෝකයේ තවත් බොහෝ අහුමුළුවලිනුත් ගාල්ලට එක් රැස් වූ හැටි දැකගත් දවස. ලබන වසරෙදිත් එලැඹෙන තුරා, පුල පුලා බලා ඉන්නා දවස!

(සේයාරූ සඳහා සාදර අනුග්‍රහය, කාංචනා අමිලානි කරුණාමුනි මෙනෙවිය විසිනි.)

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com24tag:blogger.com,1999:blog-2243405417073583443.post-90480416098886971522016-12-26T15:45:00.001+05:302016-12-26T15:45:46.150+05:30වීදුරු බුජම

සුදු පැහැ නෙට් පියාපත් පැළැඳගත් දේවදූතයෝ, වෛවර්ණ සරුව පිත්තල සැරසිලි, දිලිසෙන කුඩු තැවරූ කුඩා බෝල, වියළි දොඩම් පෙති සහ රතු ඇපල් ස්ටෙෆනිගේ තුරුණු අතැඟිලි අතරින් මිදී පයිනස් රිකිලි මත සීරුවට ලැගුම් ගනිමින් සිටියහ. උඳුනෙන් බට ඉඟුරු පාන් සුවඳ සාලය නහවමින් ඔබමොබ හමා යන්නට විය. ජනෙල් තිර මෑත් වූ හිදැසක් අතරින් කවුළුවෙන් පිටත හිම පියලි පතිත වනු දිසෙයි. කවුළු පඩිය මත දැල්වෙන රතු මහත ඉටිපහන් යුග්මයේ මන්දාලෝකය වැදීමෙන්, හිම පියලි මොහොතකට රන් පියලි වෙස් ගෙන ඇස් රවටයි.

ස්ටෙෆනි අවසන් දොඩම් පෙත්ත ආයාසයෙන් සොයාගත් නිදහස් රිකිල්ලක් අග රඳවා දෑත් පිස දැමීය. ඈ අසල වැතිරගත් රන් පැහැ වල්ගාතරුවකි. තැනින් තැන දුර්වර්ණව ගිය ඒ රන් තරුව ස්ටෙෆනිට තෑගි ලැබුණේ අත්තම්මාගෙනි.

"ඇටිකිති කෙල්ල, විස්වාස කරන අයට වඩා ප්‍රස්ණ කරන්නයි, අවිස්වාස කරන්නයි ඉපදිච්ච එව්වො එන්න එන්නම වැඩිවෙන බව ඇත්ත. ඒත් නත්තලට කලින් දවසේ රාත්‍රිය කියන්නේ ඉන්ද්‍රජාලික රාත්‍රියක්." අත්තම්මා එහෙම කීවේ මීට අවුරුදු දහයකට ඉහතදීය. එකල කෝටු කකුල් සහ කෙටි කෙස්සකින් යුත් කුඩා කෙල්ලක් වුවද ස්ටෙෆනිට අත්තම්මාගේ වචන කිකලකවත් මතකයෙන් බැහැරලන්නට හැකිවූවේ නැති. සමහරවිට ඉන්ද්‍රජාල කියන්නේ එහෙම දේවල් වෙන්නටත් පුළුවන.

"මේ තරුව එල්ලන්න ඕනේ නත්තල් ගහේ මුදුන් රිකිල්ලේ. නත්තලේ මායා බලයට අතවනන්න පුලුවන් තරුවක් ඒක. පේනවද මේ රිදී මූණත උඩ දුවන රන් තාරකා රාශිය?" ඇගේ වයස්ගත දෑස දිදුලන්නට විය. "ඒක තමයි ජනාවාසේ. මායා මිතුරන්ගේ ජනාවාසේ." ඉනික්බිති ඈ නත්තල් ගම්මානයේ කුරුමිටි මිනිසුන්ගේ සෙල්ලම්බඩු ෆැක්ටේරි ගැනත්, තෑගි රැගෙන දුම් කවුළුවෙන් පහල බසින නත්තල් සීයා ගැනත් කතන්දරය ස්ටෙෆනිට කියා දුන්නාය.

දැන් ඈ අත තියෙන්නේ, ගිය මාසයේ ආත්තම්මාගේ කුරුමිණි අඬු අත් අකුරෙන් ලියූ ලිපිනය ඔස්සේ පාර්සල් තැපෑලෙන් ලද ඒ ඒ ඉපැරණි වල්ගා තරුවයි.

ස්ටෙෆනි ඉතා අරපරෙස්සමට රන් වල්ගා තරුව නත්තල් ගහේ මුදුන් රිකිල්ල මත නැංවූවාය. දැන් එහි වූයේ පරිගණක තාක්ෂණය හදාරන තරුණියක මිස ඉන්ද්‍රජාල විශ්වාස කරන අටහැවිරිදි දැරිය නොවෙයි. ඇරත් ඈ නිරාගමිකය. නත්තල් ගසත්, ගවලෙනත් තවදුරටත් ගෙනාවේ උණුසුම පිරුණු රාත්‍රීන් පිළිබඳ මතක මාත්‍රයන් පමණකි.

දුම් කවුළුවෙන් සිහිනි සරසර හඬක් නැගෙන මොහොතේ ස්ටෙෆනි උන්නේ සෝෆාව මත ගුලිවී පොරෝණා ප්රාවරණය තුල සැඟව නින්දත් නොනින්දත් අතරය. රත්දුඹුරු කලාලය මත වැතිරගත් ජංගම දුරකතනයේ නෙට්ෆ්ලික්ස් සිනමාපටයක් නිහඬවම වාදනය වෙමින් පැවතිණි. දුරකතනයට මදක් ඔබ්බෙන් වූ හෙඩ්ෆෝනයෙන් ඉඳහිට සිහින් ගුරුගුරුවක් ඇසී නෑසී යන්නට විය.

මෙවර සරසරය ඇසුනේ වඩාත් පහතින්, වඩවඩාත් පැහැදිලිවය. ඉනික්බිති කොල පැහැ කෙසඟයෙක් ගිනි උඳුනෙන් මෙපිටට නුහුරු පිම්මක් පැන්නේය.

"හෝ හෝ හෝ! අන්තිමේදී නත්තල් තරුවක්! අංගසම්පූර්ණ ගවලෙනකුත් එක්ක!!" ඔහු සිය හීන්දෑරි අත් පා විසුළු තාලයකට පද්දමින් නත්තල් ගස වටා රවුම් කරකැවෙන්නට විය. සරසරය නැඟෙන්නේ ඔහු කර එල්ලාගෙන සිටි ඔලොගුවෙනි.

ස්ටෙෆනි ඇහැ ඇරියේ හරියටම අන්න ඒ වෙලාවේදීය.

ඉනික්බිති ඈ, එවැනි අවස්තාවක ඕනෑම තරුණියක කරන්නට ඉඩ ඇති දැය ක්‍රියාවට නැංවූවාය. 999 අමතා පොලීසිය ගෙන්වීම වෙනුවට, සිය ජංගම දුරකතනයෙන් හැකි වැර යොදා කෙසඟයාට දමා ගැසුවාය.

"හෝ හෝ හෝ! නත්තල් තෑගි ගෙනාවාට සලකන්නෙ මෙහෙමද?"

"කවුද තමුසේ?" ස්ටෙෆනි කඩිමුඩියේ සෝෆාවෙන් බිමට බසින්නට තනන්නී, පොරෝණාවේ පැටලී අලගෙඩියක් මෙන් කළාලය මත පෙරැලුනාය.

"කෝ මස් පස්තෑල? අඩුම තරමේ කුකී එකක්, කිරි වීදුරුවක්? ඒ මදිවාට දමා ගහන්නේ වයර් එල්ලෙන කතා පෙට්ටියකින්." කෙසඟයා ඉනට අත තියාගෙන දබරැඟිල්ල ලෙලවන්නට විය. ඔහුගේ නහය ජම්බුවක රත් පැහැයට හැරෙමින් තිබිණි.

"කවුද තමුසේ?" ස්ටෙෆනි පුනරුච්චාරණය කලේ වඩා දුබල, වෙවුලනසුළු හඬකිනි.

"මම තමයි නිකුලස්. සෙන්ට් නිකුලස්. සැන්ටා ක්ලෝස්." කෙසඟයා කළාලය මත බට්ටා පනිමින් කීය.

"නත්තල් සීයා කියන්නේ අන්න අරයට" දුරකතන තිරයේ වාදනය වෙමින් තිබූ කැරොල් වීඩියෝවක නත්තල් සීයා ළමා ලපටින් පිරිවරාගෙන, සිය රත් පැහැ ලෝගුවද, සුවිසල් උදරයද, පුළුන් රැවුලද නටවමින් උන්නේය.

"ඈ බොල මෝඩ ඇටගෙම්බියේ!" කොල කෙසඟයා අපුල දනවන හඬක් නැංවීය. "අර නාකි බඩතඩියා දුම් කවුළුව අස්සෙන් රිංගනවා කියන එක උඹත් විස්සාස කරනවද? පිණිමුවෝ බැඳපු කරත්තෙයි, උන්දෑ තප්පරේට ගෙවල් දාහකට තෑගි බෙදන කතන්දරෙයි සේරෝම?"

"නත්තල් සීයා කියන්නෙ මිත්‍යා විස්වාසයක්." ස්ටෙෆනි නහයෙන් පිඹිමින් කීවාය. "මම නිරාගමිකයෙක්. මම කියන්නේ, නත්තල් සීයා නමින් හඳුන්වන කෙනාගේ හැඩරුව ඔහේට වඩා ඉන්තේරුවෙන්ම වෙනස් කියන එකයි."

"හෝ හෝ හෝ! ආං කියවනවා ඉටිගෙඩියක්!" එවර කෙසඟයා සන්සුන්ව කලාලය මත එරමිණිය ගොතා වාඩිගත්තේය. "නත්තල් සීයා ඉස්සර, මං මේ කියන්නේ ඉස්සරෝම ඉස්සර, දුම් කවුළු දිගේ බඩගෑවේ කොල පාට ඇඳුමක් ඇඳගෙන. සැන්ටා ක්ලෝස් මිටියි, කෙසඟයි, මීමැස්සෙක් වගේ කඩිසරයි."

"හැබැයි වැදගත්ම දේ!" කෙසඟයා උගුරේ රුල් බුරුල් හැර මදක් එකෙල මෙකෙල වූවේය. "සැන්ටා ක්ලෝස් කියන්නේ තනි මනුස්සයෙක් නෙමෙයි. සැන්ටා ක්ලෝස්ලා ඉන්නවා සියක්දහස් ගානක්!"

ස්ටෙෆනි ආයාසයෙන් කෙල ගුලියක් ගිල්ලාය. තොල කට වියලී ඇති බැව් හැඟුනෙන්, ඈ අඩක් හමාර කර ටීපෝව මත දමා ගිය කෝලා බෝතලයේ පියන හැර, ග්ලග්ග්ලග් හඬින් කෝලා දියර උගුරට වත්කර ගත්තේ කෙසඟයා දෙස යටැසින් බලමිනි.

"ඔන්න ඔය සෝඩා බුබුළු වතුර තමයි මිනිස්සුන්ගේ ඔළු කුරුවල් කලේ. කොල පාට නත්තල රතු පාට කලේ" කෙසඟයා කීවේ බැරෑරුම් හඬිනි.

"ඒ කාලේ හැම ගෙදරකම තිබුනා නත්තල් තරුව. ඒකෙන් නිකුත්වෙන සංඥා කිරණ දිගේ අපිට පහසු වුනා නත්තල් ගෙවල් හඳුනාගන්න. පෘතුවිවාසීන් අපිව බලාපොරොත්තුවෙන් මග බලාගෙන හිටියා. මස් පස්තෑල, කුකීස්, කිරි විතරක් නෙමෙයි, කැරට් අලත් උඳුන් පඩිය උඩ පෙළගස්සලා තිබුණා අපූරුවට. මොකද, ඒ අය දැනගෙන හිටියා මේක වෙහෙසකර ගමනක් විත්තිය."

කෙසඟයා නත්තල් ගහේ රිකිල්ලක එල්ලී උඩ පිම්මක් පැන්නේය. ස්ටෙෆනිට අත්තම්මාගෙන් තෑගි ලැබුණු රන් තරුව දකුණතින් නෙලාගත් ඔහු වට දෙකක් කැරකී බිම පතිත විය.

"මේ බලන්න මෝඩ කෙල්ල. මේ තියෙන්නේ අපේ ජනාවාසය. ඔහු රන් තරුවේ රිදී මූණත උඩ දුවන රන් තාරකා රාශිය සෙමින් වමතින් වරක් පිරිමැද්දේය. තාරකා, එල්.ඊ.ඩී. බල්බ රැසක් මෙන් නිවි නිවී දැල්වෙන්නට විය.

දැන් බලන්න කවුළුවෙන් එපිට පේන්නේ මොනවාද කියලා.

කවුළු තිරය සරස් හඬ නංවමින් මෑත් විය. ස්ටෙෆනි, කෙසඟයා අනුව යමින් තද දම්පැහැ ආකාශය වෙත නෙත් යොමු කලාය. රන් තරුවේ සටහන්ව තිබූ තාරුකා රාශිය ආකාශය මත පොබයමින් තිබිණි.

"තෑගි හදන්නෙත්, තෑගි බෙදන්නෙත් අපිමයි." කෙසඟයා කවුළුවෙන් පිටත ගෙමිදුල වසාගත් හිම කැටිවලට මිමිණීය. "අපි එන්නේ දුම් කවුළු දිගේ, මැදියමේ. එන්න එන්නම රන් තාරුකා අත ඇති මිනිස්සු අඩුවෙන එකයි හිතට අමාරු. අන්තිමේ අපි අපේ ජනාවාසයට වෙලා බලාගත් අත බලාගෙන ගෙවාදාන නත්තලක් උදාවේවි. හීතලේ, තනිපංගලේ!"

"සැන්ටා ක්ලෝස්!" ස්ටෙෆනි කෙසඟයාව තමා වෙතට ඇදගෙන, හැකි වැරෙන් තුරුළු කරගත්තීය.

"කොල පාට පිටසක්වල ජීවියෝ එන්නේ පෘතුවිය ආක්‍රමණය කරන්න නෙමෙයි දරුවෝ. එයාල එන්නෙ ආදරයත්, උණුසුමත් බෙදාහදාගන්න." කෙසඟයා ස්ටෙෆනිගේ හිස මෘදුව පිරිමදිමින් කීය. "සුභ නත්තලක්!" ඊළඟ මොහොතේ ඔහු දුම් කවුළුව තුළින් අතුරුදන් විය.

නත්තල් ගස පාමුළ රිදී පැහැ කරදාසියකින් එතූ තෑගි පෙට්ටියක් එක්වනම ස්ටෙෆනිගේ නෙත ගැටුණි. ඈ තෑගි පෙට්ටිය විවර කලේ වෙව්ලන අතැඟිලිවලිනි.

එතුල වූයේ උස් වීදුරු බුජමකි. එහි මුවවිට දක්වා පිරී තිබුණේ අලුත් රන් පැහැ වල්ගාතරුවලිනි.

"සාමයේ පණිවුඩය බෙදාගන්නට ඔබටත් පුළුවනි." වීදුරු බුජම මත ඇල අකුරෙන් ලියැවී තිබුණි.

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com7tag:blogger.com,1999:blog-2243405417073583443.post-16585315187259014052016-12-19T16:46:00.002+05:302016-12-19T16:46:49.148+05:30නත්තල් තොප්පි!

“දෙසැම්බර් මාසය පුරා 70% දක්වා වට්ටම්!” කියලා රතුපාට ලොකු අකුරෙන් ලියපු කොලයක් මගෙ අතේ හැප්පිලා නවතිනවා. දිවිල්ලේම කොලය අත්මිටට ගුලි කරන ගමන් මම බෙල්ල පිටිපස්සට කරකවලා බලනවා. දූවිලි තැවරුනු විසාල කළු බූට් සපත්තු දෙකක් ළඟ ඉඳලා ඉහලට දුවන ඇස් දෙක රතුපාට නත්තල් තොප්පියක් ගාවින් නතර වෙනවා. නත්තල් තොප්පියෙන් බාගෙට මුවාවුන රැළි වැටුන පළල් නළලක් ඇස් දෙක අහකට ඇදගන්න තත්පරේදි මට යන්තමට පෙනිල නොපෙනිලා යනව.

ඔෆීසියේ තරප්පු පේළිය දිගට සරුවපිත්තල සැරසිලි ඇලවෙනවා. පඩි දෙකක් උඩ ඉනිමඟක් අඩමානෙට වාරු කරගත්ත නිල් යුනිෆෝම් කමිසයක් සීලිමේ ප්ලාස්ටික් තරු එල්ලනවා. ෆ්ලොරොසන්ට් එළි මැද්දෑවෙ රිදී පාට හිම පියලි හැඩේ සැරසිලි නිනව් නැතුව රවුමට රවුමට කැරකෙනව. හිම පියලි මැද්දෙ අල්පෙනෙත්තකින් අමුණාපු පුංචි නත්තල් තොප්පිය වමට - දකුණට - ඉස්සරහට - පිටිපස්සට පැද්දෙනව.

නත්තල් නිවාඩුවට ගෙදර ගෙනියන්න නියමිත බඩු ලැයිස්තුව මතක්වෙද්දි සුක්කානම කඩවීදියකට හැරවෙනවා. කහදුඹුරු පාට යුනිෆෝම් ඇඳගත්ත සිකියුරිටිගාඩ් මහත්තුරු දෙන්නෙක්, නත්තල් තොප්පි දාගෙන එහෙ මෙහෙ දුවමින් පර්චස් එකක කොටුවක් ඇතුලෙ පෙට්ටි වාහන සීරුවට අඩුක් කරනවා. පාර්කින් ටිකට්ටුව ලියන සිකියුරිටි මහත්තයාගෙ නත්තල් තොප්පියේ රැළි වාටිය තෙතට, බරට, තදට නළල දිගේ ඇලිලා තියෙනවා මට පේනව. දකුණු කන ගාවින් පහලට දාඩිය බිංදුවක් රූටාගෙන පල්ලම් බහිනව.

සීනි, පරිප්පු, කිරිපිටි, විස්කෝතු එක්ක ට්‍රොලිය තල්ලු කරගෙන මම ජපමාලෙ තරම් දිග බිල් පෝලිමේ කෙලවරට එකතු වෙනවා. හෝරාවකුත් පහු වුනාට පස්සේ බිල් කඩන ගෑණුළමයගෙ නුරුස්නා මුහුණ පේන්න ගන්නවා. රතු යුනිෆෝම් ගවුමක් ඇඳගෙන, පරිඝනක තිරයට ඔරවමින් ඈ බිල ලියනවා. බිල කඩලා කස්ටමර් දිහාවට හැරෙන ඇසිල්ලට ඇගේ දෙතොල් මෑත්වෙලා හිනාවක් ඇඳෙනවා. හීන් හඬින් "තෑන්ක් යූ සර්" කියනවත් ඇහෙනවා. ආයෙමත් තොල් තදින් පියාගෙන ඔරලෝසුව බලන ඇගේ නළල මැද, හරස් අතට ඉරි දෙකක් ඇඳෙනවා.

"අන්තිම කෝච්චියත් මිස් වෙනවා බං." යාබද කවුන්ටරයේ උන්නු ගෑණු ළමයා මුමුණන හඬ ඇහුන නෑහුන ගානට මම ට්‍රොලිය කවුන්ටරය මතට හිස් කරනවා. නත්තල් තොප්පිය යටින් වෙහෙසයි, නොරිස්සුමයි ඉඳිකටු වගේ හතර අතේ විසිරෙනකොට, ජපමාලෙට වඩා බිල් පෝලිම දිග බව කියමින් මගෙ හිත ඇතුලෙ අකුණක් කොටනවා.

නුවර පාර දිගේ ඉස්සරහට ගලාගෙන යන්න බැරිව හිටි තැනම නතරවුන වාහන ගංගාව මැද්දෑවෙ අතරමංවෙච්ච නෝක්කාඩු ඇස් දෙක පදික වේදිකාව කෙලවරෙන් මතුවුන විසාල කහ මාර ගහ දිගේ ඉහල නගිනවා. නත්තල් තොප්පිය මුදුනෙ ගැටගහපු නූලකින් කහ මාර අතුවල එල්ලිච්ච හුලං පුරවාපු නත්තල් සීයලා දෙසැම්බර් හුළඟේ තාලෙට ඒ මේ අත පැද්දෙනවා. නත්තල් තොප්පියක් දාගත්තු වෙලෙන්දා ලෑලි තට්ටුවට වාරුවෙලා මාරු කාසි ගනිනවා.

"ගවහලේ... පිදුරු මිටිය මට වෙන්නට තිබුනානම්..." රූකාන්ත රේඩියෝ එක ඇතුලෙන් අත දාල කනට තට්ටු කරනවා. මම ගැස්සිලා බ්රේක් ගහනවා.

“දෙසැම්බර් මාසය පුරා 70% දක්වා වට්ටම්!” කියලා රතුපාට ලොකු අකුරෙන් ලියපු කොලයක් බාගෙට ඇරුන වීදුරු කවුළුවෙන් ඇතුලට වැටෙනවා.

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com23tag:blogger.com,1999:blog-2243405417073583443.post-88331703567320882332016-12-13T17:12:00.001+05:302016-12-13T17:14:11.617+05:30ඇත්ත වුනොත් තිත්ත වෙන නත්තල් බොරුව

නත්තල් සීයා එදාමෙදාතුර කුඩා දරුවනුත්, වැඩිහිටියනුත් සමෝසමේ අදහන්නට කැමැති මිත්‍යා විශ්වාසයක්. නත්තල් උත්සව දිනයේදී එකිනෙකා අතර සිදුකෙරෙන තෑගි හුවමාරු කිරීම් නත්තල් සීයා අතින් සිදුවෙනවායැයි කියන විචිත්‍ර මනංකල්පිතය මහත් ආශ්වාදයක් දනවන්නක් ලෙසිනුයි සැලකෙන්නේ.

නත්තල් සීයා හෙවත් සැන්ටා ක්ලෝස් පිළිබඳ වන ප්‍රවාදය ඇරඹෙන්නේ පුරාණයේ ජීවත්වුන සාන්ත නිකුලස් දේවගැතිතුමා දිළිඳු දරුවන්ට නත්තල් දිනයේදී තෑගි බෙදා දුන් බවට වන පුරාවතක් සමඟයි. නත්තල් සීයාගේ රූපය නිර්මාණය කෙරෙන්නේ ජර්මන්-ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට්ගේ තෙලිතුඩින්.

කෙසේ වතුදු, නත්තල් සීයාගේ චරිතයත්, ඔහු නත්තල් සැඳෑවේ තෑගි සමග ලොව වටා සැරිසැරීමත් සැබෑවක් නම්, සිදුවිය හැක්කේ මොනවාද?

ලෝක ජනගහන දත්ත වලට අනුව අවුරුදු දහ අටට අඩු පුරවැසියන් සංඛ්‍යාව ආසන්න වශයෙන් බිලියන දෙකක්. මේ අතරින් නත්තල් සීයාගේ ආගමනය බලාපොරොත්තු වෙන්නේ කතෝලික ළමුන් පමණක් වීම සහනයක්. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, යුදෙව් ආදී අනෙකුත් ආගම් අත්හැරියහොත් මිලියන තුන්සිය හැත්තෑ අටක් පමණ ළමයින් පිරිසක් ඉතිරි වෙනවා. නත්තල් සීයාගේ පහසුව තකා එක් පවුලක ළමයින් 3-4 අතර ප්‍රමාණයක් ඉන්නවායැයි සිතමු. එහෙම වුනොත්, නත්තල් සීයාට හිම යානයෙන් නිවාස මිලියන 108ක් (ආසන්න වශයෙන්) බැහැදකින්නට සිදුවෙනවා.

නත්තල් සීයාගේ ආගමනය සිදුවෙනවායැයි සැලකෙන්නේ දෙසැම්බර් 24 සිට දෙසැම්බර් 25 අළුයම දක්වා කාලයේ. පෘථිවි භ්‍රමණය සහ වේලා කලාප සැලකිල්ලට ගනිමින් නත්තල් සීයාට ඉහත කී නිවාස මිලියන එකසිය අට බැහැදැකීමට ඇති උපරිම කාලය පැය 31ක් ලෙස දැක්විය හැකියි. ඒ අනුව, තත්පරයකදී අවම වශයෙන් නිවාස 967ක් ආවරණය කරමින් තෑගි බෙදාදීම සිදුකරන්නට වෙනවා.

එබැවින්, හිම යානය නිවසක් ඉදිරියේ නවත්වා, චිමිනිය දිගේ පහල බැස, ඇඳ ඉහත්තාවේ එල්වූ මේස් කකුල්වලට තෑගි පුරවා, නත්තල් සීයා වෙනුවෙන් චිමිනිය අසල තබා ඇති මස් පස්තෑල සහ කිරි අනුභව කර, චිමිනිය හරහා නික්මී, ඊළඟ නිවස බලා ගමන් ඇරඹීමට නත්තල් සීයාට ඉතිරි වෙන්නේ තත්පරයකින් දහසෙන් පංගුවක (1/1000) කාලයක්. ඔහෝ! එහෙනම් ඔහු මීමැස්සෙක් තරම් කඩිමුඩිකාරයෙක් විය යුතුයි.

දැන්, ගණනය කිරීමේ පහසුව තකා නිවාස දෙකක් අතර අවම දුර කිලෝමීටර 1.25 ලෙස සලකමු. එසේ වුවහොත් නත්තල් සීයාගේ චාරිකාවේ සම්පූර්ණ දුර කිලෝමීටර මිලියන 121.5ක්. ඒ සඳහා අසරණ පිනිමුවන් හතරදෙනා පැයට කිලෝමීටර මිලියන හතරක වේගයෙන් නොනවත්වා පියෑඹිල්ලේ යෙදෙන්නට වෙනවා. මදක් නැවතිල්ලේ කල්පනා කලොත්, ඒ ශබ්දයේ වේගය මෙන් තුන්දහස් ගුණයක වේගයක්! සාමාන්‍ය පිණිමුවෙකුගේ උපරිම වේගය පැයට කිලෝමීටර විසිහතරක් පමණයි. ඉතින් අපේ නත්තල් සීයාගේ පිනිමුවන් ඉතා විස්මිත ධාවන ශූරයන් වියයුතු බව අවිවාදිතයි.

නත්තල් සීයාගේ අනුභවය පිණිස මස් පස්තෑලයක් සහ කිරි බඳුනක් චිමිනිය අසල තැබීම බටහිර රටවල පැවැතෙන නත්තල් සිරිතක්. හොඳයි, අපි මුලින් පැවසූ පරිදි නත්තල් සීයා සැබෑවක් නම්, ඔහු මේ මස් පස්තෑල සහ කිරි වීදුරුව අනුභව කරන්ටත් ඕනෑ. පෙර ගණනය කිරීම්වලට අනුව ගෙවල් මිලියන 108කින් නත්තල් සීයා අනුභව කරන මස් පස්තෑල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6 750ක්. එක් කිරි වීදුරුවක ධාරිතාවය මිලිලීටර 200ක් ලෙස සැලකුවොත් නත්තල් සීයා මේ ගමන අතරේ කිරි ලීටර මිලියන 33.75ක් පානය කරනවා.

නත්තල් තෑගි ඇසිරීම සහ පාට කරදාසිවල එතීම සිදුවන්නේ කුරුමිට්ටන් අතින් යැයි කියැවෙනවා. ළමයින් මිලියන තුන්සිය හැත්තෑ අටක් සඳහා ත්‍යාග අහුරන්නට නත්තල් සීයාට සුවිසල් ගබඩා සංකීර්ණයක් වුවමනායි. තෑගි පෙට්ටි 1000ක් එක් ඩබල් ඩෙකර් බස් රියක ප්‍රමාණයට ආසන්න වශයෙන් සමානයැයි සිතමු. එහෙමනම් නත්තල් සීයාට ඩබල් ඩෙකර් බස් රථ 378 000ක් ගාල් කරන්නට හැකි තරම් විශාලත්වයෙන් යුතු ගබඩා සංකීර්ණයක් තිබිය යුතුයි.

එපමණක් නොවෙයි. කුරුමිටි මිනිසුන්ට මේ තෑගි පාට කරදාසිවල ඔතා සරසන්නට සිදුවෙනවා. එක් ත්‍යාගයක් ඔතන්නට කරදාසි සෙන්ටිමීටර 160ක් අවැසියැයි සිතුවොත්, තෑගි ඔතන කරදාසි කිලෝමීටර 604 800ක් වුවමනා වෙනවා. ඒ ඔතන කරදාසි ප්‍රමාණයෙන් පෘථිවිය පහළොස්වරක් ඔතන්නට පුළුවනි.

කුරුමිටි මිනිසුන් ඉතා කඩිසර වැඩකරුවෝ නිසා, එක් කුරුමිටි මිනිසෙකුට, එක් ත්‍යාගයක් ඔතන්නට ගතවෙන්නේ විනාඩියක්යැයි සිතමු. එහෙමනම්, මේ තෑගි සියල්ලම ඔතා නිම කරන්නට කුරුමිටි මිනිසුන් 2158ක්, දවසට පැය අට බැගින්, නොකඩවා තුන්සිය හැටපස් දවසම සේවයේ නිරත වියයුතු වෙනවා.

මේ සා විශාල තෑගි කන්දරාවක් පටවාගෙන එන හිමයානයේ බර ගැනත් අවධානය යොමු නොකරම බැහැ. එක් කුඩා දරුවෙකුට ලැබෙන ත්‍යාගයක බර රාත්තල් දෙකක් ලෙස සැලකුවොත්, හිමයානය ටොන් පන්සියදහසකට අධික බරකින් යුත් තෑගි පටවාගත යුතු වෙනවා. සාමාන්‍ය පිණිමුවෙකුට අදින්නට හැකි උපරිම බර රාත්තල් තුන්සියයක් පමණ. නත්තල් සීයාගේ හිමයානයට සාමාන්‍ය පිනිමුවන් යෙදුවේනම්, අවම වශයෙන් පිණිමුවන් 360 000ක්වත් යොදන්නට වෙනවා, ඒ කියන්නේ නත්තල් සීයාගේ හිම යානය රැගෙන එන 'පියාඹන පිණිමුවන්' සිවුදෙනා අයෝමය බලයකින් හෙබි විස්ම සත්ත්ව විශේෂයක් බවද?

ඉතින්, නත්තල් සීයාත්, ඔහුගේ හිම යානය ඇදගෙන එන පිණිමුවන් සිවුදෙනාත්, උත්තරධ්රැවයේ සැඟවී නත්තල් තෑගි සකසන කුරුමිට්ටනුත් සැබෑ චරිත වුවහොත්, අප විසින් අත්විඳින්නට යෙදෙන නත්තල් අසිරිය විඳින්නට ඔවුන්ට තත්පරයකවත් ඉස්පාසුවක් ලැබෙන එකක් නැහැ. කුරුමිට්ටන් උත්තර ධ්‍රැවයේ කම්කරු අයිතීන් ඉල්ලා සටන් නොවදීවියැයි කාට කියන්නට හැකිද? පියාඹන පිණිමුවන් සිව්දෙනාගේ අයිතීන් වෙනුවෙන් සත්ව අවිහිංසාවාදී සංගම් හඬ නොනගාවිද?

සමහර චරිත, මිත්‍යාවක් විලස පවතින තාක් කල් සුන්දරයි. විද්‍යාත්මක සත්‍යය හැමවිටම මිහිරි වන්නේ නැහැ.

(දත්ත උපුටා ගැනීම The Telegraph වෙබ් අඩවියෙන්.)

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com45tag:blogger.com,1999:blog-2243405417073583443.post-78561520834650589452016-10-16T17:00:00.000+05:302016-10-16T17:00:19.229+05:30ප්‍රීති චිකිත්සා

සුපිරිසිදු සුදු ටයිල් පොළොව, මොහොතකට පෙර විශබීජ නාශක දියරයෙන් පොඟවන ලදුව, දීප්තියෙන් බැබලෙමින් තිබිණ. නැහැතුඩග හැපෙන සිඟිති විලවුන් බිඳිති ලැවැන්දර සුවඳකින් කර-පාන් පෙති සුවඳකටද, උණු කෝපි සුවඳකින් අළුත කැපූ තණ බිස්සක සුවඳකටද වේශාන්තරණය වෙමින් පැවතිණ. හොලොග්රැෆික සමනල්ලු සහ නන් පැහැ තුරු පත් එක්වනම පැනනැඟ, හිස් අවකාශය සිසාරා ඔබමොබ ගමන් කර, ඇසිල්ලකදී කොහේ හෝ තැනෙකින් අතුරුදන් වන්නට යෙදිණ.

සිහින් සරින් සායනය වසාගත් මනමෝහනීය සංගීත රාවය සැබෑවටම පවතින්නේද, නැතහොත් නොපවතින මනඃකල්පිතයක්දැයි තෝරාබේරාගන්නට පහසු නොවීය. කෙසේ වෙතත්, චිකිත්සකාගාරයේ හඬවරන වීදුරු බිත්ති විනිවිදින්නට සංගීත රාවය අපොහොසත් වූයෙන් එ'තුල වූයේ කෑලි කැපිය හැකි නිහඬතාවයකි.

"දොස්තර"

රෝගියා, (සමාවන්න, පාරිභෝගිකයා) සිය කටහඬ අවදි කලේය. නිදිවර්ජිත රාත්‍රීන් ගණනාවක අඳුරු පැල්ලම් ඔහුගේ රත් දෙඇස යට සටහන්ව තිබිණි.

"මට මේක තවත් දරාගන්න බෑ!" ඔහු සිය නොපීරූ කෙස්ස දෙඅත්ලෙන් හිස පිටුපසට තල්ලු කරමින් කීය. දෙකම්මුල් වසා ඝනකමට වැවීගත් රවුල් කොට අපිළිවෙලට කැපූ තණ පිටියක් වැන්න. ඔහු දෙ අත් අඹරවාගනිමින් විශේෂඥ වෛද්‍යවරයා වෙත වියවුල් බැල්මක් හෙලීය.

“මම අහගෙනයි ඉන්නෙ.”

වෛද්‍ය විශේෂඥයා, පළමු වරට සිය නිවුණු හඬ අවදි කලේය. උපැස් යුවල විනිවිදින ඔහුගේ තියුණු දෙඇස ලා නිල් පැහැතිය. සිවිකාච? නැතිනම් ඒ ජාන සැත්කමක ප්‍රතිඵලයක්ද?

“සේරම කනපිට ගැහෙන්න ගත්තේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා මාරුවෙලා ගියාට පස්සේ.”

වෛද්‍යවරයාගේ නිවුනු ඇවතුම් පැවතුම් පාරිභෝගිකයා තුලටද විසරණය වූවාක් මෙනි. “අලුත් බොසාට තියෙන්නෙ ඒ මූණමයි. ඒ නහයමයි, නොපිට පෙරලිච්ච තොල්, ඒ විතරක්ද නළල හරහට තියෙන තුවාල කැළල!”

“ඔබට මේ කතාව වචනවලට පෙරැලීම අපහසුනම් අපි චිත්ත පණිවුඩ රිසීවරයක් සවි කරන්නම්?” වෛද්‍යවරයාගේ ස්වරය කාරුණිකය.

“එපා – එපා. මම මුල ඉඳලා කතාව කියන්නම්” ඔහු මේසය මත වූ වතුර ඩිකැන්ටරයෙන් හරි අඩක් උගුරට හලාගෙන නැවත සන්සුන් විය.

“උසස් විද්‍යාලයෙදි, මට ඔවුන් කීවේ පොත් ගුල්ලා කියලයි. කණ්නාඩි පොළඟා, ගුරු හුරතලා, කෙසඟයා, පාන්කඩයා වගේ තවත් නම් දාස් ගානක්!. ඉස්සරහ පේළියේ වාඩිවෙන එක, ගුරුවරයා ප්‍රශ්ණයක් ඇහුවාම මුලින්ම අත ඔසවන එක, වාර විභාගෙට ලකුණු සියේට එකසිය හැත්තෑ අටක් ගන්න එක වගේ ආශාවන් අසාධාරණ වෙන්නෙ කොහොමද? මම අදටත් හිතන්නේ ඒක ෆුට්බෝල් කැප්ටන් වීමත්, හොඳම පන්දු රකින්නා වීමත් තරමටම සාධාරණයි කියලයි.

ඒත් අවාසනාවට මගේ පංති සගයෝ එහෙම හිතුවෙ නැහැ.

ෆුට්බෝල් කැප්ටන්; ඌ තමයි එතැනින් දරුණුම එකා. ඝනකම ඇහිබැම, නොපිට පෙරළුණු තොල්! ෆුට්බෝල් කැප්ටන් විතරක් නෙමෙයි, හොකී කැප්ටනුත් ඌ. නළල හරහා වැටිච්ච කැත තුවාල කැළල හැදුනේ පළාත් තරඟෙකදි හොකී පිත්තක් වැදීමෙන් කියලයි හැමෝම කිව්වේ. අත් දෙක බුල්ඩෝසර් වගේ. හිතෙන ඕනෙම වෙලාවක මාව ඒ අත්දෙකෙන් අහසට උස්සාගෙන කරකව කරකවා පිට්ටනිය වටේ සංදර්ශණ පවත්වන එකයි උගේ විනෝදාංශේ. දවල් කෑම විවේකය ඉවරවෙනකම් උන්ගේ විහිළු තහළු මැද්දේ බඹර කැරකෙන මම, කෙලින් හිටගන්න පුළුවන් වෙන පළවෙනි තත්පරේදිම ගාට ගාටා මුල්ලකට ගිහින් වමනේ කරනවා ඔළුව නිදහස් වෙනකම්.

අන්තිමේදි තාක්ශණ ඇකැඩමියට තේරුණාම මම හිතුවේ ඒ දහජරා අතීතෙ සදහටම වැළලුනා කියලයි. ඒත් මෙන්න, ඒ වළස් මූණා ආපහු ඇවිත්. මට නින්ද යන්නෙ නැහැ දොස්තර! මට නින්ද යන්නෙ නෑ!”

වෛද්‍යවරයා සිය දිගැටි ඇඟිලි විහිදා ඔහුගේ අත තරයේ අල්ලාගෙන ඉදිරියට නැඹුරු විය. “අපි ඉන්නේ උදව් කරන්න” ඔහු තිර හඬින් කීය.

“මම කියල ඉවර නෑ දොස්තර.” ඔහු හිස සැලීය.

“මගේ අවාසනාව එතනින් ඉවර වුනේ නැහැ.”

“ඒ ග්‍රීෂ්ම නිවාඩුවට දවසකට කලින්. එතකොටත් හිරු රැස් මං වගේ පොත්ගුල්ලෙකුට උහුලන්න බැරි තරම් සැරයි. එදා හරියටම පැයක් පිට්ටනිය මැද්දෑවේ අඬන්තේට්ටම්වලට මූණ දීලා මම කඩදාසියක් වගේ සුදුමැලි වෙලයි උන්නේ.

"මෙන්න මම ඉස්සුවා කෙසඟයාගෙ ගණන් පොත."

ඒකි යටි උගුරෙන් කෑගැහැව්වෙ එතකොට. ආන්නා; ඔල්වරසන් කෙල්ලන්ගේ නායිකාව, තමන්ගෙ රත්තරන් පාට කොණ්ඩා කැරලි පද්ද පද්දා මට ඔච්චම් කරන්න ගත්තා. ඊගාවට ඈ ඒක කීතු කීතුවලට ඉරන්න ගත්තේ බොහොම පරෙස්සමින්.

"අද බලාගමු ගුරු-හුරතලාට පස්ස රත්වෙන්න සබ්බුව ලැබෙන හැටි!” ඈ කෙකර සද්දෙන් හිනාවෙනකොට උන් හැමෝම ඔල්වරසන් දුන්නා. නොසණ්ඩාල පුංචි ඌරු පට්ටිය” ඔහු අත්මිටිකරගෙන දත්කූරු සපන්නට විය.

“දැන් මගේ භාර්යාව උච්ච ස්වරයෙන් කතා කරන වාරයක් ගානේ මගෙ ඇඟේ හීගඩු පිපෙනවා. ඈ හිනාවෙන හඬ ඇහෙන ගානේ මට අත් දෙකෙන් කන් තදකරගෙන මේසයක් අස්සෙ හැංගෙන්න හිතෙනවා. මේ මතක සේරම ඇවිස්සුනේ අලුත් පත්වීම ලැබුණ අර වළස් මූණා නිසයි.” ඔහු වමතේ පිටිඅල්ලට හිස බර කර දීර්ඝ සුසුමක් හෙලීය.

මේසය මත වූ කොළ කැබැල්ලේ “ෆුට්බෝල් කැප්ටන්’, ‘වීරයා’ සහ තවත් අපැහැදිලි සංකේත කිහිපයක් සටහන්ව තිබිණි. ඒ යටින් ‘ඔල්වරසන් කෙල්ලන්ගේ නායිකාව’ යනුවෙන් කුරුටු ගෑ වෛද්‍යවරයා හිස එසවීය.

“අපි මතක බද්ධයක් කරමු. විසවෙච්ච ලේවලට වඩා භයානකයි කුණුවෙච්ච අත්දැකීම්වල මතක! ජීවිතේ ගලායෑම තීරණය කරන්න මතකවලට ඇති බලය අසීමාන්තිකයි” වෛද්‍යවරයාගේ මුහුණේ වූයේ මන්දස්මිතයකි. ඊළඟට ඔහු සිය හිස පිටුපස අතගා ඇමතුම් චිපය පණ ගැන්වීය; “අර පුහුණුවට ආපු ගෑණුළමයට එන්න කියන්න”

දණහිස දක්වා දිගැති ඝනකම සුදු කබායකින් එතීගත් නූස් තරුණිය අත්පරිඝණකයක් සමඟ එහි පහල විය.”ෆුට්බෝල් කණ්ඩායමේ නායකයා ජය ඵලක ලබා ගන්නා මොහොත, ඔල්වරසන් කෙල්ලන්ගේ පාවෙන හාදු, මිතුරු කව, සිනහ සහ උණුසුම” වෛද්‍යවරයා ප්‍රතිකාර සටහන ඈ වෙතට තල්ලු කරමින් කීය.

“ඔක්කෝමත් හරි. රස්සාව එපාවෙන්නේ මේ දොස්තරලාගේ ගැටගැහිච්ච අකුරු ලෙහෙන්න සිද්ද වෙනකොටයි.” ඈ ටිකි ටිකි හඬින් චිකිත්සක මැසිමට මත්කයන් ඇතුලත් කරන අතර තොල් මතුරන්නට වූවාය. “අකුරුවල කැත! ඔල්වරසන් කෙල්ල කියන වචනෙ වෙන කෙනෙක්නම් ඔරංඔටන් කියලා කියවාවි. මං හින්දාම හොඳයි!”

පැය කිහිපයකට පසු, නළල වටා ප්ලාස්ටික් ආවරණයක් පැළැඳි රෝගියා (මට ආයෙමත් වැරදුනා. සමාවන්න! පාරිභෝගිකයා) විමසුම් මැදිරිය වෙත ඇවිද එනු දක්නට ලැබිණි. නිතඹ නළවමින්ද, දිගු පියවර තබමින්ද පැමිණෙන ඔහුගේ ගමන් විලාශය අසාමාන්‍ය ස්වරූපයක් ඉසිලීය.

“නළල් ආවරණය අද හවස් වෙද්දී ඉවත් කරන්නට පුළුවනි. හිසට අපහසුවක් නැහැනේ.” වෛද්‍යවරයා විමසීය.

ඔහු වමතින් මුව වසාගත්තේ, උරහිස් පද්දමින් හිකිහිකිගෑවිල්ලේ සිනහ වන්නට විය. “නෑ ඩොක්. මේ තරම් ප්රබෝධයක් මට කවරදාවත් දැනිලා නැහැ!” වෙනස් තානයකින්, සවන් හිරිවැටෙන උච්ච ස්වරයෙන් දොඩන ඔහුගේ දෙනෙතෙහි වූයේ නොගැලැපෙන දිලිසුමකි.

වෛද්‍යවරයා ඔහුගේ කේශාන්තයේ සිට පාදාන්තය තෙක් විනිවිදින බැල්මක් හෙලීය. කලබලයෙන් මඬනා ලද ඔහුගේ අතැඟිලිවලට ඇමතුම් චිපය හසු වීමට තරමක් වේලා ගතවිණි.

“මතක ප්‍රතිකාර සටහන ගේනවා ගෑණියේ! ඔය විධාන කේත ටික පරිවර්තනය කරනවා. ඉක්මනට!”

තරුණිය වෙව්ලන ඇඟිලි තුඩු වලින් යතුරු පුවරුවට පහර දුන්නාය. ඒ හා ම පැතැලි පරිඝනක තිරය මත ප්‍රතිකාර සටහන දිගහැරෙන්නට විය.

“කතා නායකයා ඔල්වරසන් කෙල්ලන්ගේ කණ්ඩායම හසුරුවන සුරූපී තරුණියයි. ෆුට්බෝල් කණ්ඩායමේ නායකයා ජය ඵලක ලබා ගන්නා මොහොත. ඈ ලලිත ගමනින් ක්‍රීඩකයා වෙත පියමනින්නීය. ඉනික්බිති දිගු දෙතොල් හාදුවකි. ඒ සා ප්‍රීතියක්…. ඒ සා උණුසුමක්…..”

වෛද්‍යවරයාගේ නළල පසෙකින් බේරී ආ දහදිය බිඳක් සායන සටහන් පත මතට පතිත විය.

දැන් එතැන තීන්ත බොඳ කල තෙත ලපයකි.

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com34tag:blogger.com,1999:blog-2243405417073583443.post-85105876852801684402016-10-10T12:44:00.000+05:302016-10-10T12:44:21.829+05:30රට්ටු කියන කතා

පහුගිය දවසක, උදේ පාන්දරම මගේ ඉන්බොක්ස් එකට ලින්ක් එකක් එනවා. ඒ එවන්නේ, සෞම්‍ය සඳරුවන් ලියනගේ. එච්චරයි. වෙන මොකුත්ම කියලාවත් නැහැ. ඉතින් මම ලින්ක් එකට ගිහින් බලනවා.

මගේ පොත ගැන ලියැවුනු, මා මෙතෙක් කියැවූ හෘදයාංගම බවෙන් ඉහලම ලිපිය ඒක.

"මම මේක බ්ලොග් එකේ ශෙයාර් කරගත්තට කමක් නැද්ද?"

"ඕනෙ තැනක ෂෙයා කරගන්න ඉතින්. ඒකට තමා ලින්ක් එක එව්වෙ."

ඉතින්, පහලින් තියෙන්නේ 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී කිවියර, සෞම්‍ය සඳරුවන් ලියනගේ ලියූ ඒ ලිපිය.

මේ මුල් පෝස්ට් එකේ ලින්ක් එක. කැමති අයට එතැනින් කියවන්නත් පුලුවනි. ඒ සයිට් එකේ layout එක මගේ බ්ලොග් එකට වඩා ඇහැට ප්‍රියයි. ;)

මගහැරුණු ජීවිතය මුණගැසෙන, ‘ඉතා කෙටි කලබල සිහින’෴

බලහත්කාරයෙන් ගොඩක් දේවල් අහිමි කරපු සමාජයක; ඒ නැතිවුණු දේවල් වෙනුවෙන් කරන අරගල එක්ක කාර්ය බහුල වුණු අපේ රටේ මිනිස්සුන්ගෙ ‘ඇත්ත ජීවිත’ සාහිත්‍යය ඇතුළෙ තේරුම් ගැනීම ගොඩාක් අයට මගහැරෙන මොහොතක, එහෙම තේරුම් ගැනීම් ගොඩක් එක්තැන් කරපු කවි පොතක් පහුගිය අවුරුද්දෙ එළිදැක්වුණා. පොත ලියල තිබුණෙ යශෝධා සම්මානි. අවුරුදු කීපයක ඉඳලා තමුන්ගෙ සයිබර් ලිවීම කරගෙන යන යශෝධාගෙ කවි, කෙටිකතා සිංහල බ්ලොග් අඩවි එක්ක ගනුදෙණු කරන ගොඩක් අයට හුරු පුරුදුයි. ඉතා කෙටි කලබල සිහින විදියට නම් කරල තිබුණු යශෝධගෙ පොත ඇතුළෙ දිගටම මුණගැහෙන්නෙ එදිනෙදා කනබොන, නාන, අඳින පළඳින, පාරෙ ඇවිදින අතරෙ නිතර දෙවේලේ මුණගැහෙන දේවල්. ගාලුපාර, හයිලෙවල් පාර වගේ ම ට්‍රැෆික් වෙච්ච අපේ ජීවිත ඇතුළෙ සිද්ධ වෙන නා නා ප්‍රකාර හැලහැප්පීම්.

මනුස්ස සම්බන්ධතාවල තියෙන බර සහ ගැඹුර දවසින් දවස අහෝසි වෙන, අපි අපේ ඇතුලටම හිර වෙවී, දවසින් දවස සංකෝචනය වෙමින් යන මොහොතක, ඒ හිරවුණු ජීවිතේ කවියක් ඇතුළෙ අල්ලන්න හදන එක ලේසි වැඩක් නෙමෙයි. ඇත්තටම කවි ලියනවට, කියවනවට වැඩිය ගොඩාක් වැඩ තියෙන මිනිස්සුන්ගෙන් පිරුණු සමාජයක අපි ජීවත් වෙන්නෙ. එන්න එන්නම පේන්නෙ නැති තරම් පුංචි වෙමින් යන අපේ ඇත්ත ජීවිතේ අපිටම මාර වෙන තරමේ අතථ්‍ය (virtual) සමාජ ජීවිතයක් අපි ගත කරමින් ඉන්නවා කාලෙක ඉඳල. ලස්සනම දේ, අපිට ඒ ජීවිතේ සංස්කරණය කරන්න පුලුවන් වීම.

නීරස මීටිමක,

උණුසුම් වාද පිටියක,

විඩාබර දෙසුමක,

නෙත් පියන් බරවෙන ඇසිල්ලක,

පිටු අගිස්සක කුරුටු ගෑවෙයි,

ඉතා කලබල සිහින.

හැල්මේ දුවන නගරෙක,

අධිවේගයේ දුවන බසයෙක,

ජනේලයකට කොපුල තදකර,

හිත ඈත ඇවිදින විරාමෙක,

ජංගමය තුල බිහිවෙයි,

ඉතා කෙටි

කම්මැලි සිහින.

දවස තිස්සෙම වැඩ කරලා රොඩු බවට පත්වුණු ජීවිත ආයෙමත් පහුවදාට සූදානම් කිරීම වෙනුවෙන් විතරක් කලාව පාවිච්චි වෙන තැනක, ක්රමයේ පැවැත්ම වෙනුවෙන් සංස්කෘතිය කර්මාන්තයක් විදියට වැඩ කරන මොහොතක ඒ ජීවිත රොඩු ගැන කෙරෙන ඇත්ත කතාබහක් සාහිත්‍යය ඇතුළෙ මුණගැහෙන්නෙ කලාතුරකින්. යශෝධා වගේම අපේ පරපුරේ නූතන කවි කිවිඳයො ගොඩක් අය වැඩකරමින් ඉන්නෙ ඒ වගේ පසුබිමක, ඒ වගේ ජීවිත එක්ක. මේ මොහොතෙ අපි පහුකරමින් ඉන්න සයිබර්කරණය වුණු සමාජ, සංස්කෘතික වටපිටාව ගැන තේරුම් නොගත්තොත්, හරියටම යශෝධගෙ කවිය අහු නොවෙන්නත් ඉඩ තියෙනවා. මුද්‍රිත පොතක් විදියට එළියට එන්න කළින් ඒ කවි පලවෙන්නෙ අන්තර්ජාලයේ. ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවිවල. ගොඩක් වෙලාවට කවිය කියන දේ අපි පොදුවෙ සාහිත්‍යය ඇතුළෙ අල්ලගන්න උත්සාහ කරන උපකරණ කිහිපයට විතරක් සයිබර් කවිය හරියටම අහුවෙන්නෙ නැහැ. මොකද ඒක ඊට වඩා වෙනස් හැඩයකින්, වෙනස් තත්ත්වයන් යටතේ වැඩ කරන දෙයක්. පොදුවෙ සාහිත්‍යය ඇතුළෙ ‘කවි’ කියන නමින් අපි අඳුනගන්න ඒවත් සයිබර් අවකාශයේ නැතුව නෙමෙයි, ඒත් එහෙම අඳුනගන්න බැරි කවියි වැඩි.

යශෝධගෙ කවිය ඇතුළෙ මුණගැහෙන්නෙත් එදිනෙදා අපි ගතකරන, පහුකරන අපේම ජීවිත. ඒව හරිම තදබදයි. හරියට පොතේ නම වගේ, ඉතාමත් කෙටි, කලබල ගතියකින් පිරුණු ජීවිත. ඒ අතට අහුනොවෙන අවකාශයන් ඇතුළෙ අපි ගොඩක් දේවල් බෙදා හදා ගන්නවා. කොටින්ම ෆෙස්බුක්, ට්විටර් වගේ සමාජ අවකාශ අපේ ගෙදර දොර චාරිත්‍රවලට පවා මැදිහත් වෙන්න පටන් අරගෙන මේ වෙනකොටත්. මේ හැම දෙයක්ම ෆේස්බුක් කවිය එක්ක තියලා තේරුම් ගත්තොත් ගොඩක් දේවල් පැහැදිලි කරගන්න ලේසියි. කවියක් ලියලා කරන දේම ඊට වඩා පුළුල් තේරුමකින් ක්‍රියාත්මක වීමයි එතනදි සිද්ධ වෙන්නෙ. කවි ලියන, නොලියන හැමෝම තමුන්ගෙ ජීවිතේ එදිනෙදා දැනීම්, විඳීම්, විඳවීම් සහ සැමරීම් ප්‍රකාශ කරනවා ඒ ඉඩ ඇතුළෙ.

නිදහස්වීම කියන්නෙ මිනිස්සුන්ට කොයි තරම් වැදගත් දෙයක් ද කියන කාරණය හොඳටම තේරුම් ගන්න පුළුවන් තැනක් සයිබර් අවකාශය. හැම සංවේදනාවක්ම අතට අහුවෙන්නෙ නැති අවකාශයකට කියල නිදහස් වීම ඇතුළෙ හොඳටම ඔප්පු වෙනවා, අපි කොයිතරම් දුරට අපිව නිදහස් කරගැනීමේ ඕනකමින් පෙළෙනවද කියන කාරණය. අපි අපේම අභ්‍යන්තරය නිදහස් කරගන්න කොයි තරම් උත්සාහ කරනවද..? ෆෙස්බුක් ඇතුළු සයිබර් කවියේ බරපතලම තැන තියෙන්නෙ අන්න එතන. එකිනෙකා අතරෙ සංවාදය අහිමි වීමේ සහ දවසින් දවස හුදෙකලා වීමේ වේදනාව අපි සමරන්නෙ ෆේස්බුක් එකේ. එළියෙ සමාජ ජීවිතයෙ දවසින් දවස ‘සමාජ අවකාශ’ අහෝසි වෙමින් යද්දි ඒ වෙනුවට virtual සමාජ අවකාශයක් අපේ ජීවිත බාරගන්නවා.

අපේ රටේ සමාජ අවකාශ (public spheres) ආයතනගත වෙලා තියෙන විදිය දියුණු සංස්කෘතික ජීවිතයක් තියෙන රටක සමාජ අවකාශ තියෙන තැනත් එක්ක සංසන්දනය කරල බැලුවොත් මේ ගැටළුවේ සෑහෙන කොටසක් විසඳගන්න හැකියාව ලැබෙනවා. අපට තියෙන්නෙ ‘කෑම කඩ’ මිසක් ‘සමාජ අවකාශ’ නෙමෙයි. අපි ඒවට යන්නෙත් කන්න බොන්න මිස සංවාද කරන්න නෙමෙයි. මේ වගේ පසුබිමක ඒ හිස්කම පුරවන්නෙ සමාජ ජාල වෙබ් අඩවි. එතනදි ඇත්ත මුණගැහීමක් වෙනුවට අතට අහුනොවෙන virtual පැවැත්මකට අපි කොන්දේසි විරහිතව එකඟ වෙනවා.

පිටත වැසි

රිය ඇතුලතද සීතය

සමකාසන්න නගරවලදී

සීතල කියන්නේ සැපයටය.

ටයි ගැටය

හරස් ඉරි ඇඳි කරපටිය

හුස්ම සිරකරවන

වහල් බව සිහිකැඳවන

වැයෙන්නේ ඉංගිරිසි ගීයකි සිහින් ස්වරයෙන්

‘සිහිල් සුළඟේ පාව යන්නයි‘ ඇරයුම්

පොත පුරාම මුණගැහෙන්නෙ පුදුමාකාර රූපක (metaphors). දේවල් වෙනුවට තවත් දේවල් ඉදිරිපත් කිරීම කියන කාරණයෙදි ඒ වගේ සුවිශේෂී ලිවීම් අපේ පරම්පරාව ඇතුළෙ මුණගැහෙන්නෙ හරි අඩුවෙන්.

ඇත්තටම ඒක ඕනම කෙනෙකුට ඕනම තැනකින් අල්ලගන්න පුලුවන්කම තියෙන, කියවන්න ආස හිතෙන විදියෙ ලිවීමක්. ඉතා කෙටි කලබල සිහින එක්ක ජීවත් වෙන කෙනෙකුට මතුපිට තේරුමක් නිර්මාණය කරන අතරෙම එතනට යටින් තව ගැඹුරට කිමිදෙන්න ඉඩකඩත් යශෝධගෙ කවිය ඇතුළෙ තියෙනව. සරල, අනුභූතික වටහාගැනීමකින් එහාට යන්න ඕන කෙනෙකුට ඒ ඉඩකඩ පාවිච්චි කරන්න පුලුවන්.

තදබදය!

රිදුම් දෙන ගෙල හරවමි

වමට – දකුණට – පසුපසට

ටයි ඇඳි බැටළුවෝ

සැපපහසු කුඩා රථවල ගාල්ව

හෙම්බත්ව

ලොම් අහිමිව

රථය තුල සීතලෙන්, යන්තම් ගැහෙමින්

සමකාසන්න නගරවල

සීතල කියන්නේ සැපටය!

අහසෙ පලක් බැඳගෙන වැඩවාසය කරමින් කවි ලියන්න පුලුවන් විදියෙ වටපිටාවක්වත්, එහෙම කවි රස විඳින්න නිදහස තියෙන සංස්කෘතික ජීවිතයක්වත් තව දුරටත් අපට ඉතිරි නොවෙද්දි, දවස තිස්සෙ පාරවල් ගාණෙ, කාර්යාලවල සහ ගෙවල් ඇතුළෙ ඇඹරි ඇඹරි රොඩු ගැහෙන ජීවිත අයිතිකාරයො එක්ක කරන ගනුදෙණුවක්, සංවිධානගත සාහිත්‍ය රසිකයො පිරිසක් එක්ක කරන ගනුදෙනුවට වඩා වෙනස්. හුරුපුරුදු ව්‍යුහයන් දවසින් දවසම වෙනස් වෙද්දි කවිය වගේ සාහිත්‍යාංගයකට සිද්ධ වෙනවා ඒ හිඩැස් අතරෙ, ඒ වෙනස ඇතුළෙ වැඩ කරන්න. යශෝධා සටහන් කරන්නෙත් එහෙම සමාජ ජීවිතයක අත්දැකීම් ගොන්නක්. එතනදි ඒ සමාජ ජීවිතය එක්ක බැඳිච්ච ක්ෂුද්‍ර දේශපාලනය අහුවෙන්නෙ නොහිතන තැන්වලින්. දේශපාලනය ගැන කියනව, ඒත් දේශපාලනය පෙන්නන්නෙ නෑ. කියල තියෙන්නෙ හරිම සාමාන්‍ය, ගෙදරදොරේ ජීවිතයක් ගැන. ඒත් ඊට යටින් තියෙන්නෙ, බැලු බැල්මට නොපෙනෙන බරපතල කතාවක්.

බත ඉදෙන තුරු හනික,

වර්ණ ගැන්වෙන සිහින…

ගවුම් කොලරය මදින අතරෙත්,

සෙමින් මිමිණෙයි,

අමුතු තනුවක සිහින…

විටින් විට උඳුනේ පියන හැර,

බේක් කල නීරස,

කේක් ගෙඩියක් වැන්න,

තැනින් තැන කඩතොලූ වුන,

මම ලියන – මගෙ සිහින

සීත සෘතුව එලඹි කාලෙක,

මටත් මවතැකි දිග සිහින.

ගෙලෙහි මෆ්ලරයක් බැඳ,

කිමිදෙමින් උණු කෝපි බඳුනක,

එතකොට මම දකින්නෙමි,

පියෙවි කඩතොලූ නැති සිහින…

කොහොම වුණත් ‘ඉතා කෙටි කලබල සිහින’ ඇතුළෙ නිතර මුණගැහෙන අනවශ්‍ය සමබර කිරීම නම් විකාරයක්. අපේ පරම්පරාවේ ගොඩක් අය ඒක කරන්නෙ හැම වේදිකාවක්ම එක පුංචි කවිපොතක් ඇතුළෙ බේරගැනීමේ වුවමනාවෙන්. ඒත් එහෙම සිද්ධවෙන ගොඩාක් වැඩවල අවසානයෙදි කියවන්න ඉතුරු වෙන්නෙ දෙමළ දුක, සිංහල දුක, දුප්පත්කම, ආදරය, විරහව, සමාජ අසාධාරණය වගේ ගොඩාක් දේවල් කලවම් කරපු වට්ටෝරුවක් මිස කවිපොතක් නෙමෙයි. පොත ප්‍රතික්ෂේප වෙයිද කියන සැකය නිසාම ඒ වගේ වට්ටෝරුවක් ගැන විශ්වාසය තියන්න පෙළඹුණත්, එතනදි අවංකකම සහ හෘද සාක්ෂිය ගැන ගැටලුවක් ඇතිවෙන එක නවත්තන්න බැහැ. මේ සටහන කවිපොත ගැන විචාරයක් නොවුණත් ඒ අදහස එකතු නොවුණොත් ඒක අඩුවක්.

වැදගත්ම දේ, අර එපා කරපු පිස්සු ජීවිතේට කොන්දේසි විරහිතව එකඟ වෙනව වෙනුවට වෙනස් හිතීමක් සහ පැවැත්මක් වෙනුවෙන් සමහර දේවල් යශෝධාගෙ කවි ඇතුළෙ යෝජනා වීම. ඉතා කෙටි කලබල සිහින හරහා නිතරම එළියට පනින්නෙ, අපි හැමෝම හිරවෙලා ඉන්න ජීවිතයෙන් එහා ඇත්ත මනුස්ස සම්බන්ධකම් ගැන තියෙන විශ්වාසය. ඒක ධනාත්මක තැනකින් අපිට අල්ලගන්න සහ භාරගන්න වෙනව මේ වෙලාවෙ. මොකද ඒ කවි ඇතුළෙ නැවත නැවතත් අපිට මුණගැහෙන්නෙ අපේම ඇහිරුණු ජීවිතේ. භාර ගත්තත් නොගත්තත් ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ. මේ මොහොතෙ ලිවීම සංවිධානය වෙන්නෙ මේ මොහොතෙ සිද්ධ වෙන දේවල්වලට සාපේක්ෂව.

සෞම්‍ය සඳරුවන් ලියනගේ

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com14tag:blogger.com,1999:blog-2243405417073583443.post-75255661907814699622016-09-26T16:02:00.002+05:302016-09-26T16:05:07.439+05:30මොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ?

ලවණ බිඳු ඇහිපිය අතර තවරා දුවන තෙත් මුහුදු සුළඟකි

ඔබේ කෙහෙ කැරැල්ලක අගිස්සෙන් මගේ ගෙල සෙමෙන් කිතිකැවෙන්නේ

රළුම රළු අත්ලතක මුදු රෝස පෙති ඇඟිලි තිය තියා

මොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ?

"ඔව් ඉතින් ඔයා කවි ලියන්නේ නෑ තමයි

කිව්වාම මොකද අර රතු වළාකුලත් කවියක් වගෙයි

කැන්වසය මත ඇඳෙන හැම ඉරක තිතකමත්

පින්සලෙන් වෑස්සෙන වර්ණ තලියක වුනත්

හැංගිලා තියෙන්නේ නොලියාපු කවියක අපැහැදිලි හෙවනැලියි"

රළ නැගෙන - යළි බිඳෙන'යුරු දැක පොල් කරටි කම්පාවෙනි

එයින් කමටහන් ගත් මුහුදු ළිහිණින් බවුන් වඩන්නේ

දල කටුක අමිහිරක කිරි සිනා පුබුදුවන්නෙමි කියා

තනියෙන්ම ඔරු බඳක් දියඹට ඇදෙන්නේ....

“අපි කැමති පාටත් – කෑම බීමත් එකමයි

රැවුල නැත්නම් හැබැයි මං චේට, ෆිදෙල්ට අකමැතියි

පොඩි ගෙයක් හදාගමු, සඳැල්ලට මූද පේන මානේ අපී

මමත් පර්මනන්ට් දැන් – ලෝන් ඇප්ලයි කරන්නත් හැකී

ඉන් පස්සෙ හැමදාම අතින් අත පටලාන උන්නැකී”

කෙසඟ කළු පොඩි කොලුවෙක් – හිම වළස් සුරතක ඇඟිල්ලක එතෙයි

තුරුණු යුවළක් සෙවණැලි අතර සැඟැවේ

නළලතට අත තියා මුහුදට ඔරවා, ධීවරියකද අර පෑල දොර අඩවල් කරන්නේ

තරුණියක් මද අඳුර අතරින් මතුවේ – ලාබ විලවුන් ගඳක් වැදිවැදී, නැහැ තුඩග කෙවෙන්නේ....

හිරු ගිලී අවසන්ය.

දැන් මුහුදු දිය ගොජ දදා උණු වෙනවද?

නැතිනම් ඉරත් නිවුනිද?

පපුව තුල උණු රුහිරු පැහෙන්නේ

දහසකුත් එකක් පැන බුබුලනය වෙවී ඉහලට ඇදෙන්නේ....

“අනේ ළමයෝ කතා නැතුවම ඉඳල ගොළුවෙයි

ඔයාටත් එක්ක මම කතා කරනවනෙ ඒකත් මදැයි

කාරෙකයි – පොඩි ගේකුයි

පොඩි පැටව් තුන්දෙනෙකුයි

මේක මහ පුදුමයක්! නැද්ද මං අහන්නේ?

අපි හිතන – අපි පතන හැමදේම එක වගෙයි!”

ලවණ බිඳු ඇහිපිය අතර තවරා දුවන තෙත් මුහුදු සුළඟකි

ඔබේ කෙහෙ කැරැල්ලක අගිස්සෙන් මගේ ගෙල සෙමෙන් කිතිකැවෙන්නේ

රළුම රළු අත්ලතක මුදු රෝස පෙති ඇඟිලි තිය තියා

මොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ?

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com16tag:blogger.com,1999:blog-2243405417073583443.post-83361932793674821922016-09-21T12:49:00.000+05:302016-09-21T12:49:22.532+05:30තොරණෙන් බැස සිල්ගන්නා මකරු – "මකර තොරණ"

සාහිත්‍ය මාසය සහ කියවීමේ මාසය වෙනුවෙන්, අලුත් පොත් ගැන පෝස්ට් කිහිපයක් එකතු කරන්නයි බලාපොරොත්තුව.

“2016 වසරේ නිකුත්වුන හොඳ කෙටිකතා පොත් මොනවද?” මම පහුගිය දවසක ‘පොත් කියවන අය’ FB සමූහයෙන් ප්‍රශ්ණයක් ඇහුවා. ප්‍රභාත් ජයසිංහගේ මකර තොරණ කෙටිකතා පොත ගැන මම මුලින්ම දැනගන්නේ එවිටයි.

‘මකර තොරණ පොත කියවන්න. මම ඒකෙන් අදහස් කරන්නේ එහෙව් කෙටිකතා නොකියවන ඇස් මොකටද වගේ දෙයක්’ කාංචනා අමිලානි කියද්දි, ‘මකර තොරණට තරු පහක්’ දෙන්නට පුළුවන් බව කීවේ සිතුවිලි සිතූගේ පොත්කාවා.

මකර තොරණ කෙටිකතා හතකින් සමන්විතයි. කෙටිකතා රචනයට අදාළ සම්මත රාමු සහ ආකෘති නවා අඹරා නව්‍ය හැඩයක් දෙන්නට ප්‍රභාත් ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීයයි. එකම ආකෘතියක සිර නොවී කතා හත ඒවාට ගැලපෙනම, එකිනෙකට වෙනස් ආකෘතීන් ඔස්සේ ගෙනහැර පෑම නිසා පොත අතින් බිම තියන්නට නොහිතෙන එක සාධාරණයි.

මගේ ප්‍රියතම කෙටිකතාව ‘හොකී විතවුට් ස්ටික්ස්’. සිවිල් වැසියන් ඉලක්ක කර පුපුරුවාහරින ලද ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්, සිංහල, දමිල සහ මුස්ලිම් හොකී ක්‍රීඩකයන් පිරිසක් වසර විසිපහකට පසු මරණයෙන් අවදි කරවන්නට සිතීමම ඔහුගේ විස්මිත පරිකල්පන හැකියාවට සාක්කි!

වස්තු බීජ හතම එකකට එකක් නොපරදින සුළුයි. වෙන කිසිම කෙටිකතාකරුවෙකුට හසු නොවුණු බැවින් පිළුණු සුවඳින් විනිර්මුක්තයි. නැවුම් සහ ආශා දනවන සුළුයි.

අතිශය නූතන ආකෘතීන් ඇතුලත හරඹ පාන අතරේම, පැරණි ජාතක කතා ආකෘතියෙන් කෙටිකතාවක් දිගහරිමින් ප්‍රභාත් කියන්නේ ‘ගණන් නම් ගණන් – ඉලක්කම් නම් ඉලක්කම් – ඔය කොයිකත් මට ටොයිස්’ කියලාවත් දැයි මට හිතුනා.

මගේ රේටින්ග් එක තරු පහෙන් පහයි!

පොතේ නම – මකර තොරණ

කතෲ – ප්‍රභාත් ජයසිංහ

ප්‍රවර්ගය – කෙටිකතා

ප්‍රකාශකයෝ - සරසවි

ප.ලි.

2016 වසරේ හොඳම නවක නිර්මාණකරණය වෙනුවෙන් ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනූ මගේ ඉතා කෙටි කලබලය, කවිපොත් සල්පිලෙන්, සම පොත් කුටියෙන්, සයුර කුටියෙන්, ප්‍රභා කුටියෙන් සහ ගොඩගේ කුටියෙන් ලබාගන්නට පුළුවනි.

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com12tag:blogger.com,1999:blog-2243405417073583443.post-48978856096867922522016-09-16T00:13:00.000+05:302016-09-16T00:17:56.074+05:30පම්පෝරි සහ කයිවාරු

ඇත්තටම නම් මේක ස්තූතියක්, දැනුවත් කිරීමක් සහ සතුට බෙදාහදාගැනීමක්. හැබැයි ඒ වගේ අරමුණකින් ලියැවෙන ලිපියක් වුනත් සිරිලංකන් ස්ටැයිල් එක ඇතුලේ “පම්පෝරි සහ කයිවාරු” විදියට හඳුනා ගන්න ඇති ඉඩකඩ වැඩියි.

පසුගිය අගෝස්තු නමවැනිදා 2016 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශිත ග්රන්ථ නාම ප්‍රකාශයට පත් කලා. එහි කාව්‍ය කැටගරිය යටතේ මගේ පළමු කෘතිය දක්නට ලැබීමම මට මහත් සතුට දනවන කාරණයක් වුනා.

ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය නමවැනිදා, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුනා. එහිදී මගේ ප්‍රහර්ෂය දෙගුණ කරවමින්, “වසරේ නිර්මාණශීලීම නවක දායකත්වය – කාව්‍ය” සම්මානය හිමිකරගන්නට ‘ඉතා කෙටි කලබල සිහින’ සමත්වී තිබුනා.

“ඉතා කෙටි කලබල සිහින” එලිදැක්වූයේ පහුගිය දෙසැම්බරයේ. කුඩා කාලයේ ඉඳන් ලිවීමට ඇල්මක් දැක්වුවත්, ඒ නිර්මාණ ජනතාව අතරට ගෙනයාම මට මගහැරී තිබුනා. කලා ක්ෂේත්රයට සම්පූර්ණයෙන්ම පරිබාහිර අංශයකින් උසස් අධ්‍යාපනය ලැබීම එයට හේතු වෙන්නට ඇති.

එහෙව් නිර්මාණ ජනතාව අතරට ගෙනයන්නට මට උදව් වුනේ මේ බ්ලොග් අඩවිය. තව තවත් ලියන්නට දිරි දුන්නෙත්, බ්ලොග් අවකාශයේ සිට අන්තර්ජාලයේ තව තවත් වේදිකාවන් වෙත මා මෙහෙයවූයේත්, ෆේස්බුක්, ඉන්ස්ටා, ට්විටර අතර සිරවෙනට යන මාව කන්කෙටියෙන් අල්ලාගෙන නැවතත් බ්ලොග් අඩවිය මතට දක්කාගෙන එන්නෙත්, ආදරණීය ඔබ.

ඉතින්, මේ මල් මිට, ඔබට!

‘ඉතා කෙටි කලබල සිහින’ මරදාන ගොඩගේ පොත්මැදුරෙනුත්, නුගේගොඩ සරසවි පොත් හලෙනුත් ලබාගන්නට පුළුවනි.

දුර පලාත්වල වෙසෙන ඔබට, www.bookurbook.lk වෙබ් අඩවිය හරහා පොත ඇනවුම් කර ගෙදරටම ගෙන්වාගන්නටත් පුළුවනි. මීට අමතරව, යුරෝපීය රටවල්වල වාසය කරන ඔබට ‘සත්පොත්’ හරහා පොත ඇනවුම් කර ගෙන්වාගන්නට හැකිවේවි.

සැප්තැම්බර් 16 සිට 22 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේත් ‘ඉතා කෙටි කලබල සිහින’ ගැවසෙනවා. සන්ථව ප්‍රකාශකයන් විසින් පවත්වන ‘කවිපොත් සල්පිල’ කුටියෙනුත්, ‘සම’ ප්‍රකාෂකයන් (කුටි අංක: K308), ප්‍රභා ප්‍රකාශකයන් (කුටි අංක: D179), සයුර ප්‍රකාශකයන් (කුටි අංක: L407) සහ ගොඩගේ කුටි වෙතිනුත් ‘ඉතා කෙටි කලබල සිහින’ මිලදී ගන්නට පුළුවනි.

පොත ගැන ඔබේ අදහස් දැනගන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. පාඨක සම්මානයට අලගු තබන්නට හැකි වෙනත් සම්මානයක් ගැන මම දන්නේ නැහැ.

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com76tag:blogger.com,1999:blog-2243405417073583443.post-90836204597792789312016-09-14T11:47:00.000+05:302016-09-14T11:47:13.770+05:30ඇඳට නගින්නට පෙර - 2 කොටස

ඇඳට නගින්නට කලින්, නින්ද වෙනුවෙන් ඔබේ මනස සූදානම් කරවන්නට ගත්හැකි පියවර පහක් ගැන මම කලින් පෝස්ටුවේදී කතා කලා. ඒ වගේම, තවත් පොයින්ට්ස් පහක් ගැන පැය හතලිස් අටක් ඇතුලත පල කරන බවට පොරොන්දුවකුත් වුනා.

අපේ පොරොන්දු ඡන්ද පොරොන්දු වගේ නෙමෙයිනෙ. ඉතින් මම පොරොන්දුව ඉටු කරන්නයි හදන්නේ.

පළවෙනි කොටස නොකියවපු ළමයි ඉන්නවද? යන්න යන්න. මෙතනට ගිහින් කලින් දවසෙ පාඩම කියවගෙන එන්න.

6. පාද සත්කාර

පාද සත්කාර, එහෙමත් නැත්නම් පෙඩිකියු කියන්නේ පුංචි පුංචි ටූල්ස් කිහිපයක් භාවිතයෙන් ඔබට ගෙදරදීම කරගන්නට පුළුවන් දෙයක්.

මම බැලුවේ ගෙදරදි පෙඩිකියු එකක් කරගන්න විදිය කියලා තව පෝස්ටුවක් තලාගන්න මේක හොඳ චාන්ස් එකක් නේද කියලා. නියම අදහස! පියවරෙන් පියවර පාද සත්කාරයක් කරගන්නා විදිය ඉදිරියේදී ලියන්නම්.

7. අඳුරට ඇස් හුරුකරන්න

නින්දර පෙර තීව්රතාවයෙන් වැඩි ආලෝකයන්ට ඇස් නිරාවරණය කිරීම ඒට් හරම් හොඳ පුරුද්දක් නෙමෙයි. අඳුරු නිදන කාමරයේ ඉඳන් ෆෝන් එකේ, ටැබ් එකේ ආලෝකය දිහා එක එල්ලේ බලාගෙන ඉන්න එකෙන් වෙන්නේ ඔබේ නින්ද ප්‍රමාද වෙන එකයි.

ඒ නිසා නිදි මුඩ් එක ගන්න, ඇඳට යන්න මද වෙලාවකට කලින් විදුලි පහන්වල ආලෝකය අඩු කරන්න.

8. ඉටිපහන්

ඉටිපහන් ආලෝක සත්කාරයටත්, සුවඳ සත්කාරයටත්, එක සේ අදාල කරගන්නට පුළුවනි.

ඉටිපහන් එලිය නිසා මනස ඉහිල් වෙනවා. ඒ වගේම ඉටිපහන් එලියෙන් ඔබේ මනස නින්දට සූදානම් කරවීමකුත් සිදුවෙනවා.

ලැවැන්ඩර් සුවඳ, කුරුඳු සුවඳ, කෝපි සුවඳ ඉටිපන්දම් මිලදී ගතහැකියි. මේවා ගෙදරදී හදාගන්නත් පුළුවනි.

9. සුවඳ සත්කාර

ලැවැන්ඩර් සුවඳ ආතතිය දුරු කරන්නට ඉවහල් වෙන බව විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය වෙලා තියෙනවා.

නින්දට පෙර ඇඳ ඇතිරිලිවලට අදාල සුවඳ විලවුන් (pillow mist) ස්වල්පයක් යෙදීම හෝ වාෂ්ප ලෙස ‘essential oils’ වාතයට මුදාහැරෙන ‘oil diffuser' එකක් භාවිතා කිරීමෙන් මානසික ආතති තත්වයන් සමහන් කරගත හැකියි.

10. සංගීත සත්කාර

ඉහිල්වීමේ සංගීත ප්‍රතිකාර බොහොම ජනප්‍රිය මාතෘකාවක්. වෙහෙසපත් මනසට සහනයක් ලබාදෙන ඉහිල්වීමේ සංගීත ඛණ්ඩ අන්තර්ජාලයෙන් ඔබට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්නටත් හැකියි.

ටෙම්පෝ එක අඩු සංගීත ඛණ්ඩවලින් අපේ හදගැස්මේ වේගය අඩු කෙරෙන බවත්, ක්‍රමක්‍රමයෙන් නින්දට ගැලපෙන වේගයක් දක්වා හදගැස්ම සුසර කිරීමක් සිදුවෙන බවත් විද්‍යාත්මක පර්යේෂණයන් මගින් අනාවරණය කරගෙන තියෙනවා.

ඕවා තමයි බසු නින්දට ඉවහල් වෙන tips සහ tricks.

ඔයාල ළඟත් මේ වගේ නින්දට උදව් වෙන රහස් වට්ටෝරු තියෙනවද? බෙදාගන්න ළමයෝ බෙදාගන්න! නින්ද කියන්නේ මේ ලෝකෙ තියෙන වටිනාම දේවල්වලින් එකක් නෙව!

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com33tag:blogger.com,1999:blog-2243405417073583443.post-36918509526060354522016-09-12T14:56:00.000+05:302016-09-14T11:54:19.631+05:30ඇඳට නගින්නට පෙර – 1 කොටස

වැදි බණ කියල තියෙනවද? නැත්නම් වැදි බණ අහල තියෙනවද? අද මම කියන්න යන්නෙ බණක් වුනත් වැදි බණක්නම් නෙමෙයි, මමත් පිලිපැදලා, යහපත් ප්‍රතිඵල ලැබෙන බවට ප්රත්යක්ෂ කරගත් බණක්. නින්දට කලින් ඔළුව ඉහිල් වෙන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක්.

මගේ sleeping habits කියන එව්වා ගැන කතා කරල වැඩක් නැහැ. ඒ තරමටම කුජීතයි. ගොඩක් දවස්වලට ෆෝන් එක උඩ, ෆේස්බුක් යන අතරෙදිත්, ලැප් එක උඩ, ෆිල්ම් එකක් බලන අතරෙදිත් මට නින්ද ගිහින් බව දන්නේ බෙල්ලේ, කොන්දේ අමාරු එක්ක පහුවදා උදේට ඇහැරෙනකොට.

පහුගිය කාර්තුවේ දිගින් දිගටම අබලන් වේගෙන වේගෙන ආපු සෞඛ්‍ය තත්වයත් එක්ක, මටත් නිකමට හිතුනා මේ රටාවෙ වෙනසක් කරන්න. මේ තියෙන්නේ මම අත්හදා බලපු වෙනස්කම් ලැයිස්තුවක්.

1.හෙට දවසට සූදානම

පහුවදාට ඔෆිස් අඳින ඇඳුම් මැදලා, උදේට උයන්න උවමනා අඩුම කුඩුම ලෑස්ති කරලා, වාහනේ ඔයිල්, වතුර චෙක් කරලා අහවර කරලාම බලන්න ඕනෙ එතකොට ඔළුවට දැනෙන සහනය. ඔළුවෙ තියෙන ලොකු බටක් අයින් උනා වගේ හැඟීමක් දැනේවි.

2.ඇඳ අස් කරන්න.

ඔයාගෙ ඇඳ උඩත් ගෙදර තියෙන සබ්බ සකලමනාවම ගබඩා කරලා තියෙනවද? රෑ දෙගොඩහරි ජාමෙ phone/laptop charger බෙල්ල වටේ එතිලා හුස්ම හිරවෙන්න යද්දි ඇහැරිලා තියෙනවද?

එහෙනම් කරන්න තියෙන හොඳම විසඳුම තමයි මේක. ඇඳ උඩ තියෙන අනිත් ලට්ට ලොට්ට සේරම අස් කරන්න. ඇතිරිලි, පොරෝණා, කොට්ට මෙට්ට ගසලා, රැලි ඇරලා පිලිවෙලක් කරන්න. එතකොට පැනපු ගමන් නිදාගන්න ආසාවක් හරි එනවනෙ.

3.උණු තේ කෝප්පයක්/ පළතුරු බීමක්

නින්දට යන්න සූදානම් වීමේ මුල් පියවරක් විදියට කරන්න පුළුවන් තවත් දෙයක් විදියට, උෂ්ණ දවසකදී නම් පළතුරු බීමක්, සීතල දවසකට උණු තේ කෝප්පයක් පානය කරන එක ශරීරයට ඉහිල් වෙන්න පහසුවක් වේවි.

(මුල් පියවරක් කියන්නේ, නින්දට පැයකට දෙකකට කලින් කල හැකි දෙයක්.)

4. කියවන්න

මුලින්ම කියන්න ඕනෙ, මේ ක්‍රමය ‘පොත් කාවුන්ට’ නම් සුදුසු නැහැ.

විශේෂයෙන්ම මීට කලින් නොකියවාපු අලුත් පොතක් කියවන්න ගන්නකොට. ඒත්, සාමාන්‍ය කියවන්නන්ටනම් පොතක් එක්ක විනාඩි කීපයක් ගත කරන එක මනස සන්සුන් කරගන්න හොඳ ක්‍රමයක්.

5. උණු වතුරෙන් ඇඟ සෝදාගන්න

නිදිමත දැනෙන්නේ සිරුරේ උෂ්ණත්වය පහළ බැහැලා පරිවෘත්තීය ක්‍රියාවල වේගය අඩු වීමත් සමගයි. නින්දට කලින් මද වෙලාවක් උණු වතුරෙන් ඇඟ සෝදා ගැනීම මේ උෂ්ණත්ව වෙනස ඇතිකරන්න ඉවහල්වෙනවා.

උණුසුම් ජලය මගින් රුධිර නාල විස්තාරණය කිරීමක් සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට, දවසේ රාජකාරිවලින් වෙහෙසපත් මාංශපේශි වෙත රුධිර ගලනය වඩා හොඳින් සිදුවෙනවා. එවිට ඔක්සිජන් සැපයුම වේගවත් වෙලා මස්පිඬුවලට සහනයක් දැනෙන්නට ගන්නවා. එයත්, නින්දට වැටීම පහසු කරන්න උපකාර වෙනවා.

ලැයිස්තුව දිගයි. pointsම දහයක් තියෙනවා. දිගට කියවගෙන යන එක කම්මැලි වෙයි කියල හිතුන නිසා මම හිතුවා පෝස්ට් එක මෙතනින් දෙකට කඩන්න.

දෙවැනි කොටස පැය හතලිස් අටක් ඇතුලත පල කරන්නම්.

ප.ලි.

තවත් පොයින්ට්ස් පහක් ගැන පැය හතලිස් අටක් ඇතුලත පල කරන බවට මම පොරොන්දුවක් වුනා. මතකනෙ.

අපේ පොරොන්දු ඡන්ද පොරොන්දු වගේ නෙමෙයි. මෙන්න දෙවෙනි කොටස!

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com52tag:blogger.com,1999:blog-2243405417073583443.post-40435904860953033412016-09-08T19:56:00.000+05:302016-09-08T19:56:19.339+05:30ඉන්දික සහ බාර්-පූසෝ

ඉන්දික ගුණවර්ධන ගැන නොදන්නා කෙනෙක් මේ සයිබර් අවකාශයේ නැතිව ඇති.

ඔහු, මා දුටු නිර්මාණශීලීම මිනිසුන් කිහිපදෙනා අතරින් කෙනෙක්. අන්තර්ජාලයේ කවිය විශේෂයෙන්ම ෆේස්බුක් කවිය අද දක්වා පැමිණි දිගු ගමන් මගේ පළමු පියවර සලකුණු අතර ඉන්දිකගේ බර අඩි සටහන්වලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්.

මීට වසර කිහිපයකට ප්‍රථම, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වෙනස්ම ආරක අපූරු පිටකවරයක් ඇති පොතක් මගේ නෙත ගැටෙනවා. ඇති වූ කුහුල නිසා, රැස්කකා තෙරපෙන සෙනඟ පොදි නොතකාම මම එකතැන හිටගෙන ඒ පොත පිටුවෙන් පිටුව පෙරළා බලනවා.

"දියකිඳුරියක්

ආදරේ කරන්න පටන් අරං

පීනන්නවත් බැරි මට"

"පෙට්ටි කීයක් නං

විකුණුවද ඒ ජාමෙ

වහකාල මැරෙන්නයි

වෙන්නෙ මාමෙ

මට නං පෙන්නන්න බෑ

මේ සාමෙ"

පොත මිලදී ගත යුතුම බවට ඒ කවිය දෙක ප්‍රමාණවත්! ඒ ඉන්දිකගේ පළමු කවි පොත; 'හිතේ කෙටූ ටැටූ'. එතකුදු නොවෙයි, ඒ ෆේස්බුක් අවකාශයේ කාව්‍යකරණයේ යෙදෙන්නෙකු විසින් පල කල පළමු කවිපොත. ෆේස්බුක් කියන්නේ "කවි ලියන්නත් පුළුවන් තැනක්" බව මම දැනගත්තේ ඉන්දිකගේ ටැටූ පොතෙන්.

ටැටූවෙන් පසු මද ඉසිඹුවක් ලබාගන්නා ඉන්දික, ඒ අතරේ පරිවර්තන කාරියට අතගහනවා. 'දකුණු මායිමේ', 'පීඩිතයෝ', 'නිදි කුමරියන්ගේ නිවහන' සහ 'නිර්ණාමික ඝාතකයෝ' එසේ ඔහු අතින් සිංහලයට පරිවර්තනය වූ කෘති.

අවුරුදු හයකට පමණ පසුව ඉන්දිකගේ කවි අස්වැන්නෙන් කොටසක්, පොත් දෙකක් විදියට පාඨකයන් සමඟ බෙදාහදාගන්නයි ඔහු සූදානම් වෙන්නේ. හෙට, සැප්තැම්බර් නම වෙනි සිකුරාදා, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී මේ පොත් එළිදැක්වීම උත්සවාකාරයෙන් සැමරෙනවා. පොත් දෙකම, සහෘද ප්‍රකාශන.

'සිසිරයේ හෝ දිගු රැයක' පොතට නම තියන්නට ඇත්තේ මේ කවිය ඇසුරෙන් බවයි මට හිතෙන්නේ.

දැනුනාද ඔබට නිකමට, සිසිරයේ හෝ දිගු රැයක...

ප්‍රේමය පැමිණ

සයනයේ කොණක හිඳගෙන

ඔබේ හිස පිරිමදින බව

දැනුනාද ඔබට නිකමට

සිසිරයේ හෝ දිගු රැයක...

උණුසුම් සිහින පොරෝනාවක

ගුලිවෙන්න ඉඩ දී

හ්ම් හ්ම් නගන මදනළ

සිරුවෙන් එකතු කරගෙන

නැළවිලි ගීයක් නොකලේද එය

සතපවන්නට ඔබව සුවබරව...

තුරුණු හෝ වියපත් ද නොතකා

අවුල් වූ හිස කේ අතරින්

ස්නේහයේ දිව්‍යමය ඇගිලි තුඩු

යව යවා සෙමින් පිරිමදිමින්

සුවපත් නොකලේ ද එය

සෝ තැවුල් එකින් එක නිහඩව...

ඉතින් ඔබ නිදියන්න කලියෙන්

පොඩි ඉඩක් හෝ තැබුවොත්

සයනයෙහි ඔබ නිදන හරියෙන්...

ප්‍රේමය පැමිණ

සයනයේ කොණක හිඳගෙන

ඔබේ හිස පිරිමදින බව

හොඳටෝම දැනේවි ඔබට

සිසිරයේ හෝ දිගු රැයක.

අනිත් පොත 'අවන්හල් බළල්ලූ'. බාර් ඇතුලේ රස්තියාදුවෙන බළලුන්ව ප්රස්තුත කරගත් කවියක් මම මීට පෙර කියවලා නැහැ.

අවන්හල් බළල්ලූ

වේලාව නියමිතව දැනගෙන

සීත පොළොවේ සුවය විඳගෙන

තැනින් තැන වැටී ඔහෙ නිදියන

අවන්හල් බළල්ලූ

මේසයක් බෙදා වෙන් කරගෙන

වේටර් වරුන් මෙන් ම හැසිරෙණ

මහා මැදියමේ වත් නොනිදන

අවන්හල් බළල්ලූ

දිගැටි සුදු රැවුල් කෙඳි නටවන

නහය හකුළමින් හිස උස්සන

බයිට් එක ඇස් පියා පවසන

අවන්හල් බළල්ලූ

කඩල හෝ අල පෙති ම වළඳන

මේස ගැන ඉවෙන් මෙන් දැනගෙන

අරෝවක් නැතිව මග හැර යන

අවන්හල් බළල්ලූ

කටක් ඇරියොතිං ගුටි බව දැන

ඥාව් හඩ බලෙන් හංගාගෙන

කොල පාට ඇස් වලින් හිනැහෙන

අවන්හල් බළල්ලූ

සෙනග වැඩිපුරම නිති ගැවසෙන

සති අන්ත රැයට පෙම් බඳිමින

කාගෙ කාගෙත් කතා අහුලන

අවන්හල් බළල්ලූ

බයිට් එක තප්පරෙන් වළඳන

හොරට බොන උන් තිතට හඳුනන

ඩේලී කස්ටමර්ස් ලා සළකන

අවන්හල් බළල්ලූ

විටෙක මස් කට්ටකට පොරකන

ඉඳ හිටක පා පහර ඉවසන

දුක සතුට සම සිතින් වළඳන

අවන්හල් බළල්ලූ

හෙට හවස තුනට,

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයට,

එන්න.

අවන්හල් බළල්ලු බයිට් එක ඇස් පියාගෙන කියන්නා වගේ, මේ කවිපොත් දෙක සුපිරියටම ඇති කියන එක මට ඇස් පියාගෙන වුනත් කැට තියා කියන්නට පුළුවනි.

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com18tag:blogger.com,1999:blog-2243405417073583443.post-29930703940980029652016-09-04T12:45:00.003+05:302016-09-04T12:45:42.236+05:30උලලේනාගේ පරපුරේ අපි - බකමූණාගේ පරපුරේ අපි

බ්‍රහස්පතින්දා හවස්වරුව වෙන් කරගෙන තිබුනේ ෆිල්ම් එකකට. ඒත් අනපේක්ෂිත රාජකාරියක් හරියටම හවස පහට විනාඩි හයක් තියෙනකොට හිස මතට කඩාපාත්කරවීම නිසා ඒක මිස් උනා. සිකුරාදාත් හවස්වරුව ඒ විදියටම විසඳෙන්න ඔන්න මෙන්න තියෙනකොට ලැප් එකත් අකුලගෙන පහමාර වෙද්දි එලියට පැනගන්න තරමට ලක් එකක් වැඩකරපු නිසාත්, හයිලෙවල් එකේ මහරගම පැත්තට පහලවෙන කුජීත ට්‍රැෆික් එක අස්සෙන් රිංග රිංගා යාත්‍රා කරන්න බස්සට පුලුවන් වීම නිසාත්, හවස හත වෙනකොට අපි පොඩි වඩේ කවරෙකුත්, බීම කෝප්ප දෙකකුත් එක්ක මහරගම ඇමිටි ලයිට් එකේ ඉඳගෙන හිටියා.

වැඩේ පටන් ගත්තෙ සින්දුවකින්. රොක් අජිත්ගෙ සින්දුවකින්. නිල්ල නිලන කඳු යායක්, පේන තෙක්මානෙ වෙනකම් නො එක් පාට මල්වලින් වැහිච්ච උද්‍යානයක්, අඩුම තරමේ 'ගලගල' සද්දෙන් බැහැගෙන යන දියපාරක්, එක්කො ඇස් හීන් කරලා හිනාවෙන කෙල්ලෙක්. එහෙම නෙමෙයිද චිත්‍රපටියක් උනාම පටන් ගන්න ඕනා? ෆිල්ම් හෝල් එකට එනකම් අපි පහුකරගෙන ආපු කර්කශ ටවුන් එකේ අපූරු කැප්චර්ස් ටිකක් එක දිගටම තිරය මත්තේ දිගහැරෙන්න ගත්තා. 'යකෝ! මාත් මෙතන ඉන්නවද දන්නෑ' වගේ හැඟීමක් එක්ක උනන්දුවෙන් ඇස් පුංචි කරලා තිරය දිහා බලන් ඉන්න හිතවන විෂුවල් එකක් ඒක. ඒ කැමරාවිජ්ජාකාරයා විශ්වජිත් කරුණාරත්න.

ගීතය අවසාන වෙන්නෙ අපිට කතානායකයාව; රංගනව (දසුන්) හඳුන්වාදීලා. ෆිල්ම් එකේ ගලායෑම හැම අතින්ම ඒකෙ කතානායකයගෙ ජීවිතේට සමානයි. අවිධිමත්. හැබැයි ඒ අවිධිමත්කම ඇතුලෙ තියෙන්නෙත් හැම තත්පරේකදිම අපිව තදින්ම චිත්‍රපටියට බැඳලා තියාගන්න තරම් බුහුටිකමක්.

රංගන කියන්නෙත් අපිට ෆිල්ම්වල මුණහැගෙන ටිපිකල් කතානායකයෙක් නෙමෙයි. ආදරේ වෙනුවෙන් මරාගෙන මැරෙන, කෙල්ලගෙ ගෙදරට පැනලා දුෂ්ඨ තාත්තගෙන් ගේම ඉල්ලන, බුලත්විට තට්ටුවකින් පටන් අරගෙන අන්තිමේ ලොකු ෂොපින් මෝල් එකක අයිතිකාරයෙක් වෙන 'ඩයල්' එකක් නෙමෙයි. අපිට හැමදාම මගතොටේදි මුණගැහෙන, බොහොම සාමාන්‍ය කොල්ලෙක්. අඩුම තරමේ සිංග් කරන්න පුළුවන් උනාට, සුපර්ස්ටාර් හීනයක් තිබුනට, ෆිල්ම් එක ඉවරවෙනකල්ම ඌ ටැලන්ට් ෂෝ එකක පලවෙනි වටෙට යන්නෙවත් නෑ.

කොල්ල වෙනුවෙන් ජීවිතේ දෙන්න ලෑස්ති, ලුණුයි බතුයි කාල ඉන්නම් කියලා බයිසිකල් කටුවෙ නැගලා පැනල යන්න යෝජනා කරන ටිපිකල් පෙම්වතියකුත් මේ කතාවෙ නෑ. පෙම්වතියගේ (සමනලී) එකම අරමුණ එදා දවස ඉවරවෙන්න කලින් තමන්ට මේ සම්බන්ධය නවත්තන්න වෙන බව කොහොමහරි රංගනට කියාගන්න එක.

කොටින්ම කිව්වොත් මේ ෆිල්ම් එකේ කපල් එක 'සෙක්සි' නෑ. අඩුම තරමේ උන් දෙන්නගේ සිපගැනීමේ ජවනිකාවකවත් 'සෙක්සි' ගතියක් නෑ. හැබැයි ඒ ආදරේ පට්ට කියුට්. කියුට්නස් ඕවර්ලෝඩඩ්. ගඳගහන, කළුපාට කුණු වතුර පිරිච්ච කොළඹ පාරවල්වල, තෙමිච්ච බයිසිකල් කට්ටක නැගලා උන් දෙන්න ලව් කරන එක 'කියුට්' ද? ඔව්. එහෙම වෙන්නෙ කොහොමද කියල දැනගන්නනම්, ඔබට ෆිල්ම් එක බලන්නම වෙනවා.

ෆයිට් නෑ. අර අපිට පුරුදු 'බහුවා බහුවා බුකා බුකා' බැක්ග්‍රවුන්ඩ් සද්දෙ එක්ක දුෂ්ඨයා එකපාර පහළොවකට ගහලා කෙල්ලව උස්සගෙන යන ෆයිට් නෑ. සොරි මචං මේකෙ ලේබල් කරපු එක දුෂ්ඨයෙකුත් නෑ. මුළු සමාජයම එකම එක දුෂ්ඨයෙක්. අතින් පයින් ෆයිට් කරලා පරද්දන්න බැරි දුෂ්ඨයෙක්. ඉතුරුවෙලා තියන එකම විසඳුම දුෂ්ඨයා මතුවෙන තැන්වලින් 'අනේ අපි යමු' කියලා ඇඟ බේරගෙන ශේප්වෙන එක.

අන්න ඒ නිසා 'මෝටර් බයිසිකල්' කියන්නේ මම කාලෙකින් බලපු පට්ට ප්‍රායෝගික ෆිල්ම් එකක්.

මෝටර් බයිසිකල් එකේ අපිව නංවගෙන යන සමීර රංගන නාඔටුන්න අපිට එදිනෙදා මුණගැහෙන චරිත ගාවදි බයික් එක ස්ලෝ කරලා ඒ චරිතවල අපි නොදැකපු, දැක්කත් නොදැක්කා වගේ හිටපු පැතිකඩවල් හරිම අපූරුවට පෙන්නනවා. පාර අයිනෙ කරන වෙඩින් ෆොටෝ ෂූට් එක, පගාව ඉල්ලන පොලිස්කාරයා, පිහිය පෙන්නලා ගාන කඩාගන්න තැඹිලි වෙළෙන්දා, පේව්මන්ට් එකේ කුකුල්ලු විකුණන මනුස්සයා, වික්ටොරියා පාක් එකේ සික්කා වගේ කර්කශ තැන් බොහොමයක් සමීර අපූරුවට ටච් කරනවා.

තව දිගට කියන්න ගිහින්, ප්ලොට් එකේ තියන සංවේදී තැන් හෙලිදරව් කරලා තවම ෆිල්ම් එක නොබලපු අයගේ ආතල් කඩන්න මම සූදානම් නැහැ. ඔබට බලන්න ඕනෑ 'වෙනස්' චිත්‍රපටියක් නම්; මේ චාන්ස් එක මගහැරෙන්න දෙන්න එපා!

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com40tag:blogger.com,1999:blog-2243405417073583443.post-58953726114839505582016-09-01T10:06:00.000+05:302016-09-01T10:06:11.305+05:30කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස

ඇයි දැන් ලියන්නේ නැත්තේ? පහුගිය කලෙ හැමෝම අහපු ප්‍රශ්ණයක් ඒක. දෙදාස් දාසය අවුරුද්ද පටන් ගන්නකොටම ජොබ් එකේ ස්වභාවය වෙනස් වීමත් එක්ක (ඔව් ඔව් බොලව් මම බ්ලොග් ලිවිල්ලටයි කවි ලිවිල්ලටයි අමතරව තවත් රස්සාවක් කරනවා) ලියන්න වගේම කියවන්නත් තිබුන කාලය බොහෝම සීමාසහිත වුනා.

Ice breakers මුණගැහුනේ නැතුවා නෙමෙයි. කාලයක් ලියන්නේ නැතුව ඉන්නකොට ලිවීමේ හැකියාව ගල් ගැහෙනවා. ඉයන්ගේ සිංදු දාසයේ අභියෝගේ බ්ලොග් අවකාශයේ සුනාමියක් වගේ, ලැව් ගින්නක් වගේ පැතිරිලා යනකොට මමත් සෑහෙන්න ට්‍රයි කලා පෝස්කට්ටක් තලාගන්න. අන්න ඒ නිසයි මම කියන්නේ සහෝදරවරුනි!, තමන් කැමති සිංදු දාසයක් ගැන විස්තර හොයලා, ඒවා ලස්සනට පෙලගස්වලා, කනට අමාරුවක් නැතුව අහන්න පුලුවන් විදියේ කොලිටි වීඩියෝ හොයාගෙන, ඒවා පෝස්කට්ටට අමුණලා, ඒ රැල්ලට සහභාගි වෙච්චි බ්ලොග් ලියන්නෝ, ලියන්නියෝ කලේ ලේසි පාසු වැඩක් නෙමෙයි. උන්ට මීට වඩා ගරු කරපල්ලා.

එහෙමයි කියලා, සති මස ගෙවිලා ගෙවිලා, සාහිත්‍ය මාසෙත් ආවට පස්සේ මට තවත් ඇස් කන් පියාගෙන ඉන්න බැහැ නෙව. පහුගිය දවස්වල බ්ලොගේ දාපු කෙටිකතා කීපයත් කාංචනා අක්කගේ පත්තර පිටුවලට ලිව්ව ඒවා. ඉතින් අන්තිමේදි ඔන්න මම බ්ලොග් එක වෙනුවෙන්ම ලියන්න වේදිකාගත වුනා, ආයෙමත්.

සාහිත්‍ය මාසෙ වෙනුවෙන් ලංකාවේ කෙරෙන ලොකුම වැඩේ මැගී විකුණන පොත් සල්පිලක් වුන එකේ, අපිවත් අපිට පුළු පුළුවන් තරමින්, මොන මොනවාහරි ලියමු, කියමු, කියවාදෙමු. ඇන්න එතකොට මට මතක් වෙන්නේ රත්න ශ්‍රීගේ ‘වස්සානය’ කවි පන්තියේ කවි දෙපදයක්.

“දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය

කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස”

සාහිත්‍ය මාසෙට නිකම් යන්න දෙන්නේ නෑ සහෝදර සහෝදරියනි, අපි ලියනවා.

අනිවා ඩෙෆා ලියනවා!

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com25tag:blogger.com,1999:blog-2243405417073583443.post-70659710246858389962016-07-23T22:48:00.002+05:302016-07-23T22:48:53.126+05:30ආදර උද්‍යානය

“ලස්සන ලෝකයේ – මට හිමි ආදරේ

සොයමී ජීවිතේ – පාළු මකා.........”

ලුමිනස් කහ පාට වයර් දෙකක් දිගේ ඉහළ ඇදෙන නාද තරංග කන් බෙරයට හෙමිහෙමින් තට්ටු කරනවා. මියුසික් කියන්නේ යටි ගිරියෙන් කෑ ගහගෙන පාර පුරා දුවන විදුලි ටැක්සිවල කරච්චලෙන් කන් දෙක බේරගන්න හොඳ ආවරණයක්. හවස පහමාරයි; මිනිස්සු කඩිමුඩියේ ගෙවල් හොයාගෙන දුවන වෙලාව. ඇත්ත, කකුල් අද්ද අද්දා නිස්කාංසුවෙ ඉදිරියට ඇදෙන මේ ගමන් විලාසය බ්‍රහස්පතින්දා හවස්වරුවකට කොහෙත්ම ගලපාගන්න අමාරුයි.

නගර උද්‍යානය පාළුයි. තවමත් ව්‍යායාම ඇඳුම් ඇඟලා ගත්තු බඩ තඩි ගෑණු මිනිස්සු එකා දෙන්නා මෙතැන පහලවීම නතර වෙලා නැහැ. සමහරවිට ඔවුන්ට මේද-හරණ සත්කාර ගැන ඒ හැටි විශ්වාසයක් නැතුවා වෙන්න පුලුවනි. කොහොමත් වයසක පරම්පරාව අළුත් සොයාගැනීම් දකින්නේ දම්පාට බූවල්ලෙක් වගේ. අදහාගන්න අමාරු දෙයක් විදියට, සැකෙන් වගේම අවිශ්වාසයෙන්.

මම හුරුපුරුදු අළුපාට සිමෙන්ති බංකුවට බරවුනා. ටයි ගැටය බුරුල් කරලා කමිස අත් ඉහලට නවාගෙන පෙණහළු පිරෙන්න කොලපාට හුස්මක් ගත්තා. නොමිලේ කොලපාට හුස්ම ඉහල අදින්න ඉතිරිවෙලා තිබුන එකම තැන කුඩා නගර උද්‍යාන විතරමයි. ඉස්සරෝම කාලේ මෙතැන උස ගස්, ඝනට වැඩුණු යටිරෝපණයක් අතර හැබෑ වන සත්තු ජීවත්වුන වන රක්ෂිතයක් තිබුන බවයි කියන්නේ.

දැන් වන සත්තු වෙනුවට ත්‍රිමාණ සජීවීකරණය කරපු සත්තු පඳුරු අතරේ මුළුගන්වලා තියෙනවා. කුරුළු කූජන තැටි වාදනය වෙන නිසා ඔළුවටත් සැහැල්ලුයි. විසි එක්වෙනි ශතවර්ෂයේ මුල් කාලේ වගේ මදුරුවන්ගෙන් බෝවෙන වසංගත, හිටි අඩියේ මිනිස්සු මරා දාන වල් සත්තු හිටියොත් කොහොම තියේවිද? මේ තමයි හොඳම විදිහ. නිස්කාංසුවේ ඈ හමුවෙන්න හොඳම විදිහ.

මෙතැනට අන්තර්ජාල සංඥා නොමිලේ ලැබෙනවා. ඔව් ඉතින් ඇතුල්වීමේ ටිකට්ටුවේ මිල එක්ක සසඳනකොට ඒක මහලොකු දේකුත් නෙමෙයි. වැදගත්ම දේ අනවශ්‍ය බාධා නැතිකම.

මම අත්-පරිඝනකය දිගඇරලා සුපුරුදු ක්‍රීඩා කේතය ඇතුලත් කලා. පහයි – හතරයි – තුනයි – දෙකයි – එකයි. මම එතැන. තද දුඹුරු පාට අක්බඹරු කොණ්ඩය අත්ලෙන් හැඩ කරමින්. ලා නිල් ඩෙනිමකුත්, සැහැල්ලු දම් පැහැ ටී කමිසයකුත් ඇඟලාන, වර්චුවල් ආදර උද්‍යානයේ මේ බංකුව මතම.

ඉස්ටෝරුවේ හදවත් හැඩේ බැලුම් බෝලත්, රෝස මල් පෙතිත් තිබෙන බව කියමින් උඩපනින ඉන්බොක්සු මැසේජයක්. වෙලාව පහයි පනහයි. කතිකා කරගත් වෙලාව අනුව ඈ එන්න තව විනාඩි දහයක් තියෙනවා.

රතු, තැඹිලි සහ රන් පැහැ හදවත් හැඩේ බැලුම් බෝලවලින් උද්‍යාන බංකුව අවට සැරසීමක් කියන්නේ ලකුණු එකසිය පණහක්. වියදම සැර වුනත් රෝස මල්පෙති ඇතිරුමකට ලකුණු හත්සියයක් ලැබෙනවා. සැරසිලි හමාර කරනවාත් සමගම මම ආදර උද්‍යානයේ අවසන් අදියරට තල්ලු කරන ලදුව, ත්‍රිමාණව සහ තවතවත් ජීවමානව බැබලෙමින් උන්නා.

“ඔහෝ! මාලන් මාලන් මාලන්. . . ඒවා ඉතාම අලංකාරයි. උත්කෘෂ්ඨ පිලිගැනීමක්! හරිම උත්කෘෂ්ඨ පිලිගැනීමක්!!”

ඔන්න ඈ තරු දෙනෙත් දිදුලවමින් එතැන. රන් පැහැ කෙහෙ කැරලි මගේ නළලේ වැදෙමින්, රඟදෙමින්. ඇගේ මුහුණ විචිත්රයි, හැඟුම්බරයි. ආශා දනවන සුළුයි.

ලකුණු? ලකුණුවලින් තවදුරටත් පලක් නැති බව මට හැඟුනා. වැදගත් වෙන්නේ මේ මොහොතයි. පාපැදි මංතීරුවේ ඉදිරියට ඇදෙන පාපැදියක කිරිකිරි හඬ නිසාවත්, හිටි අඩියේ උයන සිසාරා දිවෙන වර්ණවත් නියොන් ආලෝක ධාරා නිසාවත් මගේ දැහැනට බාධා වුනේ නැහැ.

"මාලන්?" ඈ ප්‍රශ්ණාර්ථයක් රැඳි කුඩා මුහුණ වම් පසට ඇල කරමින් දෙබැම රැලි ගැන්වුවා.

"ම්හ්?"

"අකර්මන්‍යව ගෙවන සෑම තත්පරයක් පාසාම ඔබේ ලකුණු රැස් කිරීමේ හැකියාව දුර්වල වෙනවා මාලන්." ඈ දබරැඟිල්ල ලෙලවමින් මට තරවටු කරනවා. කෙහෙල්මල් ලකුණු. කෙහෙල්මල් ක්‍රීඩා. මට ඕනේ මේ මොහොත. මේ මොහොතේ ජීවත්වෙන්න.

“අපි විලෝ ආරුක්කුව මැදින් ඇති පෙත්මඟ හරහා ඇවිදින්න යමුද?” මම නොඉවසිලිමත් ඇඟිලිතුඩු තිරය හරහා දිවෙව්වා. “එතැන හාදු මල් පිපෙන ආන්ද්‍රෝ වෘක්ෂයක් තියෙනවා. මං හිතන්නේ ඔයා ඒකට බොහොම කැමතිවේවි.”

ඈ වදනකුදු නොබැන, සිය අත්දඬුව මා වෙතට පෑවා. එය බටර් පැහැතියි, සිලිටියි. මම ඇගේ අත ගෙන හැකිතාක් කෙටි පියවර තබමින් පෙත්මඟට පිවිසුනා. පියවර ගණන වැඩි වෙනවාත් සමඟම මාවත දෙපසින් දිදුලන කුඩා හදවත් මතුව එන්නට වුනා.

ඒ තවදුරටත් ඩිජිටල් තිරයකින් වෙන් වූ සීතල ත්‍රිමාණ සජීවීකරණයක් නොවෙයි. මට ඇගේ අත්ලේ උණුසුම දැනෙනවා, ඇගේ දිගු සැඳෑ ගවොමෙන් හමන්නේ මුදු ලැවැන්දර සුවඳක්. කුස හරහා සමනල්ලු අහිනක් පියාසලන්නාක් මෙන් දැනෙන්නට ගත්තේ මන්දැයි මා දන්නේ නැහැ. මට අසනීප ගතියක් දැනෙන්නට වුනා.

හාදු මල් පිපෙන ආන්ද්‍රෝ වෘක්ෂය යටදී මට එය එක්වරම පසක් වුනා.

මම ඇයට ප්‍රේම කරනවා.

වෙව්ලන දෙඅත්ලෙන් මම ඈව මවෙතට ඇදගත්තා. ඇගේ සුස්ම පහරවල් වැදි වැදී මගේ ගෙල දෙපස උණුසුම්ව යන්නේ, උරබාහු සිට දෙකන්පෙති දක්වාම ලා රත් පැහැ ගැන්වී ප්‍රාණය උතුරනවා. ඉතා කෙටි මිනිත්තුවකට පසු අපි අනායාසයෙන්ම දීර්ඝ හාදුවක් ඇතුලත ගිලෙමින්, අතින් අත ගෙන පිහිනමින්, ගැඹුරු අහුමුළු සොයා කිමිදෙමින් උන්නා.

“ආදර උද්‍යානයේ අවසන් පියවර ඔබ සාර්ථකව හමාර කලා. සුභපැතුම් මාලන්!” කුඩා සීනු දහසක් සැලෙන්නාක් වැනි ඇගේ කටහඬ. උද්‍යානය හාත්පස උස් පහන් කණුවලින් වෑස්සෙන මන්දාලෝකයෙන් නැහැවෙමින් තිබුනා.

“ඉතින් ඊට පස්සෙ?” මම මෝඩයෙක් වගේ හිස කසමින් ඇහැව්වා.

“ඒක ඔබේ තීරණය මාලන්. මේ ආලය බව ඔබට සම්පූර්ණයෙන්ම විශ්වාස නම් අපිට ඊළඟ පියවරට පිවිසෙන්නට හැකියි.”

තිරය සිසාරා රන්සුණු පිරවූ සබන් පෙණ බුබුළු පාවෙනවා. ඈ සෙල්ලක්කාර මන්දස්මිතයකින් යුතුව, යටි තොල යන්තම් සපාගෙන හැඩැති රත් පැහැ නිය තුඩුවලින් සබන් බුබුළු පුපුරවාහරින්නට පටන් ගත්තා. 'ක්ලන්ක් - ක්ලන්ක්" හඬින් සබන් පෙණ පුපුරා යන අතරේ රන් සුණු අසරණ ලෙසින් බිම ඇදහැලුනා.

"මාලන්?" ආයෙමත් ඒ සිහින් සීනු හඬ. මට වෙන තේරීමක් තිබුනේ නැහැ. විශාලනය වුන අත්-පරිඝණක තිරය සමග ඒකාත්මික වීම හිතූ තරම් අපහසු වුනෙත් නැහැ.

සිව් වසරක ආලයෙන් පසුව මම ආයෙමත් ආදර උද්‍යානයේ. පරිඝණක ක්‍රීඩාවට ඇබ්බැහි වුන පෙම්බරිය, ටාන්යා දේශණ අහවර වී එනතුරු මගබලමින්. ටාන්යා කොලපාට හුස්මවලට කැමතියි. ඒ නිසාම මමත් ඈට කැමතියි. මට හිතෙන විදිහට ඈ ඉක්මනින්ම පූර්ණකාලීනව ඩිජිටල්කරණය වේවි.

ඒත්, ඒත්, ඇයි මා දිහා ඔහොම බලන්නෙ?

මනුස්සයෝ! පියවි ලෝකේ නැති ස්ථිර ආලයක් වර්චුවල් ලෝකෙ තියේවිද???

තවත් Sci-fi

1. නිකෝ

2. දෙපියන් බෙල්ලා

3. වැරැද්ද?

4. දමනය (1 කොටස)

5. දමනය (2 කොටස)

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com11tag:blogger.com,1999:blog-2243405417073583443.post-35775590647774223002016-07-03T10:03:00.001+05:302016-07-03T10:19:08.114+05:30සල්

නහය කාරවන ඉස්පිරිතාල ගඳ. හැමතැනම එල්ලෙන මූණු. වේදනාවෙන් රැලි වැටුනු, තෙහෙට්ටුවෙන් දිග ඇදුනු මූණු. හැබැයි බලන්ටෙපායැ, ඒ ඇස් තමා ඇස්! බලාපොරොත්තුවේ ආලෝක පුංජයන් හංගාගත්තු, මරකත මැණික් වගේ දිලිහෙන ඇස්. තැනින් තැන අළුත පායපු චූටි තරු ඇස්!

ලුම්බිණී සල් උයන. සල් අතු එකකට එකක් කිටිකිටියේ බදාගෙන, වෙලාගෙන. හුලං පොදකට එන්න ඉඩක් නෑ.

“කොන්ක්‍රීට් තාප්පයක් බැඳලා වගෙයිනෙ.” මහාමායා කීවේ රැලි ගැන්වුන නළල අගිස්සෙන් කඩාවැටෙන ඩා දිය බිංදුවක් පිහදාන ගමන්. නළල රැලි වැටුනෙ රස්නෙත් එක්ක හිතේ බුබුළු දාන්න ගත්ත නොරිස්සුමෙන්.

තටු කැරකෙන්නැති අංගවිකල විදුලිපංකාවක් සීලිමේ එල්ලිලා මහමායා දිහා බලාගෙන උන්නේ කම්පාවෙන්. ඉතින් මේක ඉස්පිරිතාලයක්. අංගවිකල විදුලිපංකාවකට ගැලපෙනම තැන ඉස්පිරිතාලෙ. ඇරත් සල් මල් සුවඳ තිබුනෙ පුංචි කාලේ ආත්තම්ම කියාදීපු කතන්දරවල. පස්සෙන්පහු සුනන්දගෙ උරබාහු උඩ නින්දට වැටුනම හීනෙනුත් සල්මල් සුවඳ දැනුනා තමයි. ඒත් උදේ පාන්දර බත් හට්ටියෙ හුමාලෙ මූණට වදිනකොට බඩ පෙරලවාගෙන එන ඔක්කාරෙත් එක්ක සල්මල් සුවඳ සැනෙන් අතුරුදහන් වුනා.

ගලගල ගගා වතුර වැටෙන සද්දෙ. අනෝතප්ත විලේ වතුර කම්මුල්වල වදිනකොට හීතලයි. දාඩිය දියවෙච්ච පළවෙනි වතුර දෝත තොල්වල වැදුනෙ යාන්තම් ලුණු රහකුත් එක්ක. මහාමායට හිතුනෙ වතුරට පැනලා නාන්න. ඒත් වතුර ගැලුවේ බොහොම හෙමින්. මහාමායා බෙල්ල වටේ වතුර අතක් තවරගත්තා. සිමෙන්ති ගැට්ටේ වැලමිට වැදුනම ඇස් ඇරුනා.

එහා පැත්තේ සින්ක් එකට බරවුනු ගෑණු ළමේක් අඬනවා. කම්මුල් ඉදිමිලා, නහය රතුවෙලා, සුරුස් සද්දෙන් සැරෙන් සැරේ හොටුත් ඉහල අදිනවා.

මායා හෙමින් සැරේ අඬන ළමයගෙ වම් උරිස්ස මිරිකුවා. ඇයි අඬන්නේ කියල අහන්නැහේ ඔළුව ගැස්සුවා.

“ඒගොල්ලො සුදු නෙළුම් පිපෙන්නෙ නෑ කියල හොයාගෙන” ගෑණු ළමයා ඇඬුමක් අතරෙන් කිව්වා. “මේ බලන්න අක්කා, මේ විලේ වතුර ලුණුම ලුණු රහයි. එක නෙළුමක්වත් පේන්න තියනවද? ආසාවට බලන්න එකම එක සුදු නෙළුමක්?”

මහාමායා බෙල්ල දික්කරගෙන අනෝතප්ත විලට එබුනේ සුදු නෙළුමක් හොයාගත්තොත් ගෑණු ළමයගෙ ඇඬිල්ල නවතින බව සහසුද්දෙන්ම තේරුම් ගිය හින්දයි. විල පතුලේ ඇලිච්ච දත් බෙහෙත් කලිලයක් නෙළුමක හැඩේ අරන් මොහොතකට ඇහැ රැවැට්ටුවා.

“ඒක නිකම්ම නිකම් ෆයිබ්‍රොයිඩ් එකක්.” ගෑණු ළමයා බර හුස්මක් හෙළුවා. “සුදු ඇත්තු කැරකේවි. නෙළුම් නොපිපෙන නිසා ඇති පදම් කැරකේවි. ඒත් ඉතින් හැමදාම එච්චරයි. එච්චරෝම එච්චරයි.”

“නංගිගෙ නම මොකක්ද?” මහාමායා ඇහැව්වෙ වෙන කතාකරන්න දෙයක් මතක් කරගන්න බැරි වෙච්ච තැන.

“ගෝතමී.” ඈ හිස් බැල්මෙන් අනෝතප්ත විල දිහා බලාගෙන උන්නා. කිලිටි වතුර සුලි කැරකෙමින් දිය ඇලිය දිගේ පහළට බැහැගෙන බැහැගෙන ගියා.

මහාමායා ඔළුව බරකරගෙන ආපහු යන්න හැරුනා. කොරිඩෝවේ කොට බිත්තියට උඩින් බේත් සැර හුළඟක් ඇඟේ හැපුනා. සල් අතු සිලි සිලි ගෑවා. යටිබඩේ ඉඳන් පා පතුල් වෙනකල් එක සීරුවට අකුණක් ඇදීගෙන යනකොට මහාමායා වේදනාවෙන් ඇඹරෙමින් සල් අත්තක් අල්ලා ගත්තා.

සේවිකාවො මීමැස්සියො වගේ. නිතරෝම ගුමුගුමු ගගා බැන්නට කඩිමුඩියේ දුවගෙන ඇවිත් මහාමායව ට්‍රොලියක දාලා තල්ලු කරගෙන ගියා. ඇඳට දාලා වටතිර ඇද්දා. සල් අත්ත වෙනුවට ඇඳ විට්ටම අල්ලගත්තු මායා යටි උගුරෙන් විලාප දුන්නා.

“මේ මොන මල සමයමක්ද? අපිද කිව්වෙ ළමයි හදාගන්න කියල?” සේවිකාවකගෙ වචන විස දළ පාරක් මහාමායගෙ කන්පෙත්තේ ඇනුනා. ශ්‍රවණ නාලය දිගේ හදවතට විස කාන්දු වෙන අතරේ කම්මුල් දිගේ කඳුළු බේරුනා. වේදනාව ඉවසගන්න බැරිව ඈ තවත් හරියෙන් කෑගැහැව්වා.

“ගාය වැඩිවෙලා අහවල් වැඩේ කරනකොට මේවා මතක නෑ. දැන් එනවා බබා වෙන්න. බොරුවට බෙරිහන් දෙන්නෙ නැතුව කටපියාගන්නවා” ඒ පාරනම් විස දලේ ඇනුනෙ පපුව මැද්දෑවට. එතන කඳුළු කැටයක හැඩෙ ලේ කැටියක් හිරවුනා. ලේ නහර ඉදිමුනා. සල් මල් මැලවෙන්න ගත්තා.

ඇඳ කෙලවරේ “Peripartum cardiomyopathy” කියලා ලියපු චිකිත්සක සටහනක් ඒ අතට මේ අතට පැද්දුනා. ලා දුඹුරු පාට ගැහිච්ච, ඇකිලිච්ච, සල්මල් පෙති එකින් එක සේලයින් බෝතලයක් දිගේ පහලට වැටුනා.

ස්කෑන් කාමරේ ඇඳ උඩ යශෝධරාවක් වෙවුලමින් හිටියා. අවුරුදු හතහමාරක් තිස්සේ බෝධියට වක්කරපු පැන් කල ගාන හිතෙන් ගණන් හද හදා, දේවාලවලට දහනමයකට පොරොන්දු වුන බාරහාර වෙන වෙනම මතක් කරගනිමින් ඈ දෙවියන්ට තොල් මතුර මතුරා අඬ ගැහුවා.

“අල්ට්රා සවුන්ඩ් එක පැහැදිලි නෑ. බබාගෙ හාර්ට් එක නැවතිලා වගේ.” ජීවක ඇඟට පතට නොදැනි කියලා දැම්මෙ තිරය දිහා බලාගෙන. ඇස් මුණ නොගැහෙන්න පරෙස්සම් වෙමින්. කුසල් මදිව එලවා දැමුනු ගන්ධබ්බයා යශෝධරාගෙ කුස දිහා හොරහොරෙන් බලමින් ඉහලට ඉහලට පාවෙලා ගියා.

මහාමායා එල්ලිලා උන්නු සල් අත්ත ‘ජරස්’ ගාලා කඩා වැටුනා. ඊට මිලිතත්පර කාලකට පස්සේ ඈ නෙළුම් මලින් කල ඔටුන්නක් ඉහේ පැළඳගෙන අනෝතප්ත විලට පැනලා කිමිදුනා. ඒත් එක්කම හිරවුනා. අතංගුවකට අහුවුනා වගේ ඈ එක්වරම හිරවුනා.

ජීවක ආයෙම වතාවක් තිරය දිහා බැලුවා. යශෝධරා හුස්ම තදකරගෙන දිගටම තුන්සූත්තරේ මැතිරුවා.

"අහා බයවෙන්න දෙයක් නෑ. බබාගෙ හාර්ට් සවුන්ඩ්ස් තියෙනවා." ජීවක සුපුරුදු ඒකාකාරී ස්වරයෙන්ම කිව්වා. ඒක හැඟීම් වේලිච්ච කටහඬක්. ඒත් යශෝධරාගෙ හිතේ හොල්මන් කරපු දත්කූරු හපන නැන්දම්මගෙ මූණ ඒ වචන ටිකත් එක්ක වාෂ්ප වෙලා ගියා.

මහාමායා අළුත් කළල රූපයක හැඩ ඇතිව ඉහල පහල පීනමින් උන්නා. ලබ්ඩබ් සද්දෙට ගැබ ඇතුලේ කුඩා හදවතක් ආයෙමත් ගැහෙන්නට පටන් අරගෙන. යශෝධරා කුස අතගගා සල් උයනෙන් පාරට බැස්සා.

"ඔබේ රාහුලයා ඔබට මැණිකකි"

සල් උයනට ඇතුල්වෙන තැන එල්ලාපු ලෝහ අකුරු පොදිය ඉර එළිය වැදිලා දිලිහෙනවා. තව තවත් මහාමායලා, ගෝතමීලා, යශෝධරාලා සල් උයනට ඇතුලට එනවා. එනවා - යනවා, යනවා - එනවා. එනවා - යනවා - එනවා.

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com46tag:blogger.com,1999:blog-2243405417073583443.post-37881864163369840792016-07-01T06:00:00.000+05:302016-07-01T09:46:38.913+05:30අහස් රහස්

සිලිටි අතැඟිලි විහිද විහිදා

කඩනකොට කඩුපුලක් නිදිගැට

තව අලුත් 'දහවලක්' ඇරඹෙයි

වළාකුළු ගිම් නිවන නිම්නෙට

උදුල මිණියෙන් බැබලි බැබලී

තරු ගැටව් එළියට බහිනකොට

ගැටිස්සියො සාදෙට අඳින්නේ

නිවෙන දිලිහෙන මිනි-ගවොම් කොට

කාර් බස් පාරවල් නැතියෙන්

ඕනෙ කෙනෙකුට - ගමන බිමනට

පොරකකා නැගගන්න වෙනවා

'රෑ බදුලු' යන රේල්ලුවකට

වීදි පහනකටත් තමන්ගෙම

නිදහසක් ඕනෑම හන්දා

කුඩා අත්තටු දෙකක් අලවා

'කදෝකිමි' යැයි නමක් බැන්දා

දවස් විසි අටකට වතාවක්

මෙගා මේලා සතුටු සාදෙට

මහා පැණි පුඩිමකි ඉදෙන්නේ

'හඳ' කියන්නේ අන්න ඒකට

එහෙම දවසක - එන්න මිදුලට

සැර විදුලි එලි නිවා විගහට

'හඳෙන්' පොලවට - පෙරෙන පැණි බිඳු

දිව ගගා අම රස විඳින්නට

ප.ලි.

අද බස්සිගේ නවාතැනට අවුරුදු තුනක් පිරෙනවා. දවසින් දවස කාර්යබහුල වීමත් එක්ක බ්ලොග් එකෙන් ඉඳහිට ඈත් වෙන්න සිදුවුනත්, මේ වෙනකම් ආ ගමන ගැන හිතට දැනෙන්නෙ ලොකු සතුටක්.

ආසාව තියෙන්නෙ තරුවක් වෙන්න. තරුවක් වගේ පේන, ඇහැ රවටන අහස්කූරක් වෙන්න නෙමෙයි. ඒක තේරුම් ගත්ත, "බස්සි"ට සහ "බස්සි" ලියන දේට ආදරේ කරන, අඩුපාඩු පෙන්වන හැමදෙනාටම බොහොම ස්තූතියි! එහෙනම්, අපි හැමෝම එකට, එකම අහසක පායමු!

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com43tag:blogger.com,1999:blog-2243405417073583443.post-69531489353260930042016-06-22T12:41:00.002+05:302016-07-01T09:45:58.166+05:30බොලොග් ගැටළු සහ විසඳුම් - 1

ඊයේ අපේ සමියා කාලෙකට පසු බොලොගක් දාන්න කල්පනා කරලා. අවුරුදු ගානකින් බොලොග් අවකාසෙට පය තිබ්බේ නැති නිසා වෙන්ට ඕනෙ, බොලොග පබිලිස් කලත් උන්දැගෙ බොලොග බොලොග්-රෝලේ අප්ඩේට් වෙලා නැහැ.

අන්න ඒ වෙලාවෙ තමයි සමියා අන්තර්ජංජාලෙ දෙවනත් වෙන්න ෆේස්බුක් එකේ කෑමොර දෙන්න පටන් ගත්තෙ.

මේ වගේ ප්‍රශ්ණ කාලෙන් කාලෙට බොලොග් අවකාසේ සැරිසරන කාටකාටත් උද්ගත වෙන්න පුළුවනි. ඒ නිසා මම හිතුවා එහෙම වෙලාවට ගන්න පුළුවන් ලේසි පියවර කිහිපයක් ගැන පොඩි සටහනක් තියන්න.

පළවෙනි බෙහෙත

1. පබිලිස් කරපු බ්ලොග් ලිපිය නැවතත් revert to draft කරන්න.

2. පබිලිස්ගේ වෙලාව automatic කරන්න.

3. දැන් ආයෙමත් පබිලිස් කරන්න.

දෙවැනි බෙහෙත

පළවෙනි බෙහෙත හරියන්නේ නැත්නම්, බොලොග් පෝස්ට් එකේ content එක නෝට් පෑඩ් එකට copy කරගන්න. දැන් ඒ අවාසනාවන්ත පෝස්ටුව ඩිලීට් කරල දාන්න.

ඊගාවට බ්ලොගර් එකවුන්ට් එකෙන් log out වෙලා. ආපහු වතාවක් දකුණු අත පෙරට තියා login වෙන්න.

දැන් දෙයියන් බුදුන් සිහි කරගෙන අර නෝට් පෑඩ් එකට copy කරගත්ත content ටික අළුත් පෝස්ටුවකට paste කරලා පබිලිස් කරන්න.

තුන්වැනි බෙහෙත

බොලොග් settings වලට යන්න. ඔය settings menu එකේ තියනවා other කියලා tab එකක්. ආං ඒකට යන්න.

එතන "site feed" කියන තැන settings මෙන්න මේ විදියට වෙනස් වෙලා තියනවද කියල බලන්න.

(නැත්නම් බලන් ඉන්න එපා බොලව්, ඒව වෙනස් කොරපියව්!)

දැන් ආපහු වතාවක් දකුණු අත පෙරට තියල පෝස්ට් එක පබිලිස් කරල බලන්න. එහෙම නැත්නම් පොඩි 'test' පෝස්ටුවක් දාන්න.

හතරවෙනි බෙහෙත

ඔච්චර කරලත් හරියන්නේ නැහැ කියන්නේ ගූගල් බ්ලොගරයාගේ ජාතිය අමතන්න කාලෙ හරි. ඒ නිසා Blogger Options වලට ගිහින් Send Feedback ක්ලික් කරන්න.

ඔන්න එතකොට අපිට ලැබෙනවා මේන් මේ වගේ form එකක්.

ඒකෙ 'Describe your issue or Share your ideas' කියන තැන වෙලා තියන සන්තෑසිය හොඳට ලුණු ඇඹුල් ඇතුව ලියන්න. එතනදි අනිවාර්යයෙන්ම බ්ලොග් අඩවියේ URL එක පැහැදිලිව සටහන් කරන්න.

ඊගාවට තියෙන්නේ අවුල වෙච්චි තැන ඉස්කිරින් සොට් එකක් ගන්න එක. (වැඩි හොඳට කියලා) ඒකට 'include screenshot' කියන තැන tick කරන්න. එතකොට screenshot එක ගන්න මෙන්න මේ වගේ toolbar එකක් ලැබෙනවා.

ඕකෙ කහ පාට කොටුව පාවිච්චි කරලා අපිට කරන්න ඕනෑ කොටස් ලකුණු කරන්නත්, කළු පාට කොටුව පාවිච්චි කරලා අපිට ගූගලයාගෙන් හංගන්න ඕනෑ විස්තර වහල දාන්නත් පුළුවනි.

කහ පාට කොටුවෙන් හයිලයිට් කරන හැටි

කළු පාට කොටුවෙන් අනවශ්‍ය විස්තර බ්ලොක් කරන හැටි

ඊගාවට තියෙන්නේ send බොත්තම ඔබන එකයි.

කොහොමත් මේ අන්තිම බෙහෙත දුන්නම පැය හතළිස් අටක් වගේ ඇතුලත ගූගල් දෙයියා වැඩේ ෆික්ස් කරලා දෙනවා.

ඔය හතරවෙනි ක්‍රමය මට ගුරු මුට්ටි නොතියා ඉගැන්නුවේ අපේ නිමෝ. ඒ ගැන නිමෝට විශේෂ ස්තූතිය!

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com55tag:blogger.com,1999:blog-2243405417073583443.post-36683171391313293212016-05-27T15:30:00.003+05:302016-05-27T15:30:28.817+05:30ගංවතුරෙන් පස්සේ

ගංවතුරෙන් පස්සේ ඊගාවට මොකද වෙන්නෙ කියන එක ගැන හැමෝටම තියෙන්නෙ අවිනිශ්චිතභාවයක්. ඒ ගැන වටින දැනමුතුකම් රාශියක් ෆ්බී එකේ හුවමාරු වෙනවා දැක්කා. ඒවායින් වැදගත් යැයි හිතුන සමහරක් බ්ලොග් එකේ පල කරන්න හිතුනා.

කරන්ට් එක

ගංවතුරෙන් පස්සේ ගෙවල් තියෙන විදුලි පද්දතියට අත තියන්න යන්නේ බලාගෙන. විදුලි බල මණ්ඩලෙන් ඔබගේ පලාතට ලයිට් කපල ඇති. වතුර බැහැලා ගියහම ඔවුන් සැපයුම දමාවි. එතකොට ඔබේ නිවසට කරන්ට් එක ඒවි. නමුත් ගෙදර ප්‍රධාන ස්විචය (මඉන් ස්විට්ච්) හෝ වෙනත් කිසිම විදුලි උපාංගයක් අල්ලනවත් යන්න එපා!

ලයිට් දාන ස්විච්, ප්ලග් පොයින්ට් ඇතුලට වතුර/මඩ ගිහින් තියෙන්නේ. බිමත් බිත්තියත් ඔක්කොම හොඳටම තෙත නිසා විදුලි කාන්දු වෙන්න තියෙන ඉඩ හොඳටම වැඩියි! හොඳම දේ තමයි මුළු පද්ධතියම විදුලි කාර්මිකයෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම!

හැම ස්විච් එකක්ම, ප්ලග් එකක්ම ගලවල එකින් එක චෙක් කරන්නම ඕනේ. ඇතුලේ තියෙන වතුර සම්පුර්ණයෙන්ම යවල සුද්ද කරලා වේලෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ තමයි, එකින් එක පරිපථ චෙක් කරගන්න ඕනේ! විදුලිය එක්ක වැඩ පුරුදු නැත්තම් තනියෙන් කරන්න එනම් යන්න එපා! මේක සුළුවට ගන්න එපා, හදිස්සි වෙන්න යන්නත් එපා! විදුලියත් සුළු වැරැද්දකට උනත් කිසිම සමාවක් නැහැ!

විදුලි කාන්දුව නිසා ජීවිත අනතුරු වීමට ඇති ඉඩ බොහෝයි. එක් විපතකින් තවත් විපතකට වැටුණොත් ඒක් කොයිතරම් වේදනාකාරී දෙයක් ද?

පොත් පුතේ - නෙත් වගේ

(විස්තර ලබාගත්තේ රුවන් චින්තක ගමගේ ඉදිරිපත්කල සටහනකින්.)

පොත්පත් සහ වෙනත් ලිපි ලේඛ්හන තෙමී පැය 36කින් පසු පුස් ඇතිවෙනවා. ඊට පෙර වියළා ගන්න. එසේ නොහැකි නම් හිරු එළිය හොඳින් වැටෙනතුරු පොලිතින්වල ඔතා ශීතකරණයක තබන්න.

පොත් වියළීම සඳහා ම ඇති උපකරණයක් භාවිතය හොඳ ම උපක්‍රමය වුවත් ලංකාවේ දැනට එවැනි උපකැණයක් නැහැ. ජාතික ලේඛනාගාරයේ එවැන්නක් තිබුණත් එයින් පොත් කිහිපයකට වඩා වරකට වේළා ගන්නට බැහැ.

කෙසේ නමුත් කරවල වේලනවා වගේ පොත් වේලන්න බැහැ. එසේ කිරීමෙන් තත්ත්වය තවත් බරපතල විය හැකියි. විදුලි පංකාවකින් වියළීමයි පහසු ක්ක්රමය. එසේම වායු සමීකරණය කළ කාමරයක පොත් පත් අතුරා තැබීමද සුදුසුයි.

වියළා ගත් පසු පුස් බැඳීම වැළැක්වීමට තයිමෝල් ප්‍රතිකාරය කර ගත යුතු යි. මෙය ජාතික පුස්තකාලයෙන් සුළු මුදලකට කිරීමට පුළුවන්.

රෝද හතර බේරගන්නෙ කොහොමද?

(විස්තර ලබාගත්තේ දසුන් තරංග ඉදිරිපත්කල සටහනකින්)

1. මුලින්ම වාහනේ ස්ටාර්ට් කරන්න නම් එපා. මොකද එන්ජින් එක තුළ වතුර, මඩ වගේම කුණු හිරවෙලා තියන්න පුලුවන්. ඒ නිසා එකපාරට ස්ටාර්ට් කරන්න කලින් චෙක් කළ යුතු දේවල් ටිකක් තියනවා.

2. වාහනේ කොච්චර ගංවතුරෙ ගිලුනද කියලා මුලින්ම පරීක්ෂා කරන්න. වාහනේ ගෑවිලා තියන මඩ හෝ වතුර ලෙවල් එක බලන්න. ගොඩක් වෙලාවට ලෙවල් එක දොරේ යට කොටසින් ඉවරයි නම් ප්‍රශ්ණයක් නෑ. ගොඩක් වෙලාවට රක්ෂණ සමාගම් වලින් වාහනයක් ගංවතුරට අහුවුනා යැයි සළකන්නෙ ඩෑෂ්බෝඩ් එක ළඟට වත් වතුර පිරිලා නම් විතරයි.

3. කෝල් ඉන්ෂුවරන්ස්

ඔයා දාල තියෙන්නෙ ෆුල් ඉන්ෂුවරන්ස් එකක් නම්, ගංවතුර සහ ස්වාභාවික විපත් ආවරණය ලබාගෙන තියෙනවානම් ප්‍රශ්ණයක් නෑ. මොකද ඒකෙ ස්වාභාවික විපත් සඳහා රක්ෂණාවරනය අඩංගු වෙනවානම් ඔයාගේ රෙපෙයාර් එකට යන ගාන ක්ලේම් කරගන්න පුලුවන්. ප්‍රශ්ණයක් නෑ.

4. ඒ වැඩේ ඒ පැත්තෙන් වෙනකොට මේ පැත්තෙන් අපි වාහනේ ගොඩදාගන්නත් එපැයි. මුලින්ම ඇතුලෙන් පටන්ගන්න. වාහනේ ඇතුලට වතුර ගිහින් නම් වාහනේ දොරවල් ඇරලා කාපට් ඔක්කොම අයින් කරලා ඉක්මණින් වතුර ටික අයින් කරන්න. ටවල් දාලා හොඳට වේලගන්න. නැත්තම් ෆුට්බෝඩ් එක පරිස්සම් කරගන්න බැරිවෙනවා.

5. ඔයිල් සහ එයාර් ක්ලීනර් චෙක් කරන්න

ඔයිල් කූරෙ වතුර හෝ ඔයිල් ලෙවල් එක වැඩියෙන් පෙන්වනවා නම් හෝ එයාර් ෆිල්ටර් එකේ වතුර නම් එන්ජිම ස්ටාර්ට් කරන්න යන්න එපා. ෆුල් ක්ලීන් අප් එකක් දෙන්න වෙනවා. ඒ වගේම ස්පාර්ක් ප්ලග් ටිකත් ඒ විදිහටම චෙක් කරගන්න.

6. අනිත් ඔයිල් වර්ග ටිකත් චෙක් කරගන්න

අලුත් වාහන වල නම් සීල්, හැබැයි පරණ වාහන වලට එනකොට බලන්න වෙනවා. බ්රේක්, ක්ලච්, පවර් ස්ටියරින් සහන් කූලන්ට් අපවිත්‍ර වෙලාද බලන්න.

7. ඊට පස්සෙ බලන්න ඉලෙක්ට්‍රික් සිස්ටම් ටික. එන්ජින් එකේ වරදක් නැත්නම් වාහනේ ස්ටාර්ට් කරන්න. ඊට පස්සෙ හෙඩ්ලයිට්, සිග්නල් ලයිට්, ඇ/C, රේඩියෝ පවර් ලොක් ෂටර්ස් සහ සීට් වැඩද බලන්න.

8. වාහනේ ටයර් සහ වීල් චෙක් කරන්න. වාහනේ කිසිම වරදක් නැත්නම් සුපුරුදු විදිහට ටයර් ටික චෙක් කරලා බලන්න.

ක්ලෝරීන් බ්ලීච්

(විස්තර ලබාගත්තේ රන්සිරිමල් ප්‍රනාන්දු ඉදිරිපත්කල සටහනකින්)

මේක සුනාමි කාලේ ලිං වල ජීවානුහරණය සදහා ක්ලෝරීන් බ්ලීච් සාදා ගන්න අපි යෝජනා කරපු සරල උපක්‍රමයක්. රසායන විද්‍යාව පිළිබදව යම් තරමක දැනීමක් අැති අයට අත්හදාබලන්නට පුළුවනි. මට දැනගන්න ලැබුණු තරමින් වෙළදපල පරිමාණයෙන් ක්ලෝරින් බ්ලීච් නිපදවන අායතන කීපයක් දැන් ලංකාවේ තිබෙනවා. එ් නිසා ප්‍රථම පියවර එවැනි නිෂ්පාදනයක් ලබාගත හැකිද යන්න සොයා බැලීම විය යුතුයි.

සාමාන්‍ය ලුණු ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයෙන් සෝඩියම් හයිපක්ලෝරයිට් ද්‍රාවණයක් සාදා ගන්නට පුළුවන්. සාන්ද්‍රණය වෙනත් ක්‍රමවලින් නිපදවන වෙළද පලේ අැති ක්ලෝරින් ද්‍රාවණ තරම්ම නූනත්, විශබීජ නාශකයක් ලෙස ප්‍රමාණවත් ක්ලෝරින් ප්‍රමාණයක් අඩංගු ද්‍රාවණයක් වැඩි කරදරයකින් තොරව සාදා ගත හැකියි. මේ ක්‍රියාවලියේ දී නිපදවෙන ක්ලෝරීන් 'වායුව' කෙලින්ම අාශ්වාස කිරීම මාරාන්තික විය හැකියි. එ් නිසා, අසල වාතයට මුදා හැරෙන ක්ලෝරීන් ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න. විදුලි පංකාවක් අහලක තියාගෙන වායු සංසරණය වැඩි කිරීම යොදාගත හැකි එක් අාරක්ෂක උපක්‍රමයක්. නිපදවෙන අනිත් වායුව හයිඩ්රජන්. ගිනි ගැනීම වාගේම ස්ඵෝටනය වන වායුවක්. කිසි අාකාරයක ගිනි පුලිඟු අැතිවන කාර්යයක්, කරන්නට එපා. විදුලි පංකාව මෙහිදීත් ප්‍රයෝජනවත්.

ලුණු ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයේ දී, එක් ඉලෙක්ට්‍රෝඩයක් (අැනෝඩය) මත ක්ලෝරීන් නිපදවෙන අතර, අනික් ඉලෙක්ට්‍රෝඩය (කැතෝඩය) මත හයිඩ්රජන් හා සෝඩියම් හයිඩ්රොක්සයිඩ් නිපදවෙනවා. ක්ලෝරින් සෝඩියම් හයිඩ්රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවෙන් සෝඩියම් හයිපක්ලෝරයිට් හා හයිප ක්ලෝරස් අම්ලය හැදෙනවා.

අපේ සරල උපකරණය, විදුලි පන්දම් කෝෂයක කාබන් කූරු දෙකක් ඉලෙක්ට්‍රෝඩ ලෙස යොදාගන්නවා. මේ පින්තූර වල අැත්තේ එවැනි කාබන් කූරු දෙකක් ප්ලාස්ටික් පිහියක දෙපැත්තේ සෙලෝටේප් වලින් අවුණලා හදා ගත්ත සරල මෙවලමක්.

ලුණු ද්‍රාවණය හදන්නේ වතුර මිලි ලීටර 100 කට ලුණු ග්‍රෑම් 25ක් දියකරලා. ලුණු සාන්ද්‍රනය 25% පමණ වීම වැදගත්.

වෝල්ට් 9 බැටරියක් පාවිච්චි කර විනාඩි 15 පමණ විද්‍යුත් විච්ඡේදනය කල පසු ලැබෙන ද්‍රාවණය මිලි ලීටර 500කට තනුක කලවිට එහි ක්ලෝරීන් සාන්ද්‍රණය ලීටරයට මිලිග්‍රෑම් 300 පමණ වෙනවා. අාහාර පිසින උපකරණවල විෂබීජ නාශනයට නිර්දේශ කරන්නේ ලීටරයට මිලිග්‍රෑම් 200 පමණ සාන්ද්‍රනයක්.

වැදගත් දෙයක් නම් විද්‍යුත් විච්ඡේදනය සිදුවන කාලය පුරාම ද්‍රාවණය කැලතීමයි. නැත්නම් නිපදවෙන ක්ලෝරින් වායුවක් ලෙස පිටවී යන්නට පුළුවනි. එමෙන්ම භාජනයට මුහුණ ලංකිරීමෙන් වලකින්න. ක්ලෝරින් වායුව නිසා.

අවශ්‍ය අවම වෝල්ට් ගනන හතරක් පමණ. සාමාන්‍ය 1.5 කෝෂ තුනක් යොදාගන්නත් පුළුවනි. පවර් පැක් එකක් පාවිච්චි කරන්නත් පුළුවනි, නමුත් කොපමණ විදුලි ධාරාවක් අැදෙනවාද යන්න ගැන පරිස්සම් වෙන්න. උවමනාවට වඩා ප්‍රබල විදුලි ධාරාවක් අැදුනොත් ගිනිගැනීමක් මෙන්ම පවර් පැක් එක පිච්චී යාමත් වෙන්න පුළුවන්.

බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com16