Tuesday, June 17, 2014

ගඩොල් බාග වලින් ඇන්ත්‍රැක්ස් මර්ධනය





වන් ෂොට් වන් තිරගත උනා කාලෙකට කලින්.



සමහරුන්ගෙ ලෝකයේ වීරයා, වන් ෂොට්.  උඹලා අපි කිහිපදෙනෙක් එහෙම නොහිතපු එක ඇත්ත. ඒ වුනාට අපේ මතය සමස්ත ස්‍රී ලාංකිකයන්ගෙ මතය නෙමෙයි. එක සමාජ තලයකදී වන්-ෂොට් සුපිරි වීරයෙක්. මිනිස්සු වන්-ෂොට් එනකොට හුරේ දානවා. විසිල් ගහනවා. කරේ තියන් පාරක් පාරක් ගානෙ ඇවිදින්න, පණ දෙන්න සැරසුන අපේ අයියලා ඕනෙ තරම්.



සමහරු කිවුවේ මේක ගොන් ජෝක් එකක් කියල.
සමහරු ඒක නිර්වචනය කලා සිනමා කර්මාන්තයේ කඩා වැටීම කියල.


තවත් සමහරු ඇහැවුවා කවුද වන් ෂොට් කියන්නෙ කියල.


කාලයත් එක්ක අපිට වන් ෂොට් වන් අමතක වෙලා ගියා.



ඊයෙ පෙරේදා සෑහෙන පබ්ලිසිටියක් දීගෙන එලියට දැම්ම වන් ෂොට් පාර්ට් ටූ. හැබැයි මාර්කට් කරන්නෙ වන් ෂොට් ටූ කියල නෙමෙයි, “රතුපස්වල රන්ජා” කියල.



ඔව්. නම වෙනස්. හැබැයි මේක වන් ෂොට් සීරීස් එකේ දෙවෙනි කොටස බව ඉතාම අතළොස්සකට මතක තිවුනා.  අනික නම විතරයි වෙනස්. ප්ලොට් දෙකම එකම අච්චුවේ.



බහුතරයක් දෙනා කැමතියි ෆයිට් බලන්න. මොකද නාගරීකරණය කියන සත්තු වත්ත ඇතුලෙ, සභ්‍යත්වය කියන යකඩ කූඩු වල හිර වෙලා ඉන්නෙ අමුතු ජීවී විශේෂයක් නෙමෙයි. මිලේච්ඡත්වයට සහජ ලැදියාවක් සහිත හෝමෝ සේපියන් සේපියන් මුතුන් මිත්තන්ගෙ ජාන වලින් පැවතෙන මුණුබුරු මිණිබිරියෝ.





අපි ආසයි ලේ සුවඳට. ඒක තමයි ඇත්ත.


වන් ෂොට්ගෙ අතෙන් එකෙක්ගෙ ඔලුවක් පැලෙද්දි අපිට මාර කික්.
සූර්යාගෙන් පයින් පාරක් කන දුෂ්ඨයගෙ ඔළුවෙන් ලේ ගලනව දකිද්දි අපිට මාර ත්‍රිල්.



අපි ගියා කර්ම බලන්න,  හෝල් එකේ හිටියෙ දහදෙනයි.
අපි ගියා වන් ෂොට් බලන්න. විස්වාස කරපල්ලා හවුස් ෆුල්!


වන් ෂොට් ඇයි රන්ජා උනේ? 
පොර රටේ නමගිය චරිතයක්. දේශපාලඥයෙක්. වෙනස් කුලකයකට අයත් එකෙක්. පරණ ෆිල්ම් වල ජීවන් නිතරම චණ්ඩියා වෙන්නෙ. අන්න ඒ වගේ. අනුගාමිකයො නිර්මාණය කරන්න ඕනෙ නෑ. ඉන්න අනුගාමිකයො ස්වාභාවිකවම පිරමීඩ් ක්‍රමයට හිස් ගොඩ වැඩි කරාවි.



සමහරක් පළු අරිනවා වන් ෂොට්ගෙ. අනේ යකෝ! ඌ කරන්නෙත් රස්සාවක්. ඌ රඟපාන්නෙ අධ්‍යක්ෂකගෙ උපදෙස් වලට අනුව.



කෝ හොයාපියව් ඔය කියන අධ්‍යක්ෂකව, භීෂණය වපුරන කාලකණ්ණි හැත්ත!

පිස්සුද උඹලට? අධ්‍යක්ෂක උපදෙස් දෙන්නෙ ස්ක්‍රිප්ට් එකේ හැටියට රඟපාන්න නෙව.



ඇඩෝව් තිර රචකයා! බැහැපිය ඩෝ එළියට! නැත්තම් පුච්චනව උඹව මුළු පවුලම එක්ක කාර් එකක් ඇතුලට දාල!


මෝඩ යක්කු! ගස් නරි!


උඹල වීරයො නම් සටන් කරපල්ලා මේ මිලේච්ඡ චිත්‍රපටිවල නිෂ්පාදකයන්ට විරුද්ධව. චිත්‍රපටියෙ භාෂාව හොයන්න එපා යකෝ. ප්‍රධාන චරිතෙ ඇඳන් ඉන්න ඇඳුමෙ පාට හොයන්නත් එපා.




නිෂ්පාදක උත්තමයගෙ වැරැද්දක් නෑ. ඒ උත්තමය කලේ සල්ලි ටිකක් විසි කරල අපිට ආතල් එකක් දුන්නු එක. ආයුබෝවේවා කියල පිළිගනිල්ල ඒ උත්තමයන්ගෙ හිත් කැඩෙන්න දෙන්නෙ නැතුව.



මිලේච්ඡත්වය ජානගත වෙලා තිවුනට අපි මොළේ දියුණු කරපු හෝමෝ සේපියන් සේපියන්ලා මචන්ලා, එක එකා කුළල් කාගෙන වඳ වෙලා ගිය හෝමෝ සේපියන් නියැන්ඩර්තාල් ලා නෙමෙයි.



ඇන්ත්‍රැක්ස් වලට එරෙහිව සටන් කරන්න ගඩොල් බාගයි පෙට්රල් කෑනුයි අතට ගන්න මෝඩ රිළව්.
කලකිරෙනවා බං.


මට වෙන කියන්න දෙයක් නෑ.




පසුව ලියමි


දුරාවබෝධයෙන් මඩනා ලදුව රන්ජන් රාමනායක නම් නළුවාගේ රෙදි ගැලවීමට යුහුසුළු වූවන් උදෙසා අකැමැත්තෙන් වුවත් පසු ලිවීමක් අමුණමි.


අපි දේශපාලන රංග භූමියේ රඟ දැක්වෙන මෙගා නාටකයක අවශේෂ නළුවන්මය. එක්දහස් නමසිය අසූ තුනේ තිරගත වූ වන් ෂොට් වන් බයිස්කෝප්පයට හුරේ දුන්නවුන්  නිසා අපි වසර තිහක් සාප වින්දෙමු.


නාන සාදුත්, අසාද් සාලිත් වන් ෂොට් ටූ රඟදැක්වූ පමණින් මා අත්වින්ද ඒ ලේ තැවරුනු තැතිගත් ළදරු  විය, ළමා විය සහ නව යොවුන් විය මගේ දරුවන්ට උරුම කර දීමට මා සූදානම් නැත.


මම මගේ ජාතියට ආදරය කරමි. එබැවින්, ගඩොල් බාගයෙන් , පෙට්‍රල් කෑන් එකකින් ඇන්ත්‍රැක්ස් මර්ධනය කල නොහැකි වග යළි යළිත් පවසමි.










97 comments:

  1. වං සොට් වං...
    නට්ටං...
    ඇත්තමයි මට බුවා දකිද්දි වමනෙට එනව

    ReplyDelete
    Replies
    1. වන් ෂොට් වන් = වන් ෂොට් ටූ
      වීරයො දෙන්නම එක වගේ
      නළුවො දෙන්නෙක්
      එකම අච්චුවට ලියාපු ස්ක්‍රිප්ට් එක
      අත්පුඩි ගහන්නෙ එකම ක්‍රවුඩ් එක

      Delete
  2. හැම දේම ගැන කලකිරෙනවා බං.... සහතික ඇත්ත... මේ මනරම් ලියැවිල්ල අදහස් ගලාගන ඒම තවත් හැඩ වෙනව බං ඇකුරු ටිකත් අමාරුවෙං හරි හදාගත්තනං. මොන තරම් හොඳද
    මේ ලිපිය කියවන්න එතැන ඇති සුබස හරහා බොහෝ අක්ෂර නිවැරදි කරගත හැකයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් මාමා!
      අක්ෂර වින්‍යාස වැරදි නම් මගේ තියෙන ලොකුම ලොකු දුර්වලකමක්. කොහොම හරි වෙලාව හොයාගෙන ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන්නම්. නිරතුරුව කරන මේ මගපෙන්වීම් මට ගොඩාක් වටිනව.

      Delete
  3. හරි දැන් නළුවත් වැරදි නැත්නම්
    ඩිරෙක්ටරුත් වැරදි නැත්නම්
    ස්ක්‍රිප්ට් රයිටරුත් වැරදි නැත්නම්
    අන්තිමට නිෂ්පාදකත් වැරදි නැත්නම්
    කව්ද වැරදි ??????????

    මම හිතන්නේ මේක ලියපු බස්සි තමයි මේකට වැරදි කාරයා
    වරෙල්ලා පෝලිමේ නෙලන්න මෙයාට

    ReplyDelete
    Replies
    1. වැරදි කාරයා උඹ , උඹ දැන් මගේ ඝාතන ලයිස්තුවේ උඩටම ඇවිත් ඉන්නේ , බලං හිටපං ..රන්ජා කවුද කියලා හිතෙයි ,මගෙන් කෑවම :D

      Delete
    2. ලියන මං විතරක් නෙමෙයි මැලේ, කියවන උඹලත් වැරදියි හරිද!
      කෝ අර පෙට්‍රල් කෑන් එකයි ගිනිපෙට්ටියයි අරන් වරෙන් ගිනිතියාගන්න.

      Delete
    3. මැලේ.... දීපන් වැඩේ ඔය ඉවානයට...!
      ඊට පස්සේ ඕකගේ බුතයව අල්ලන් වැඩ ගමු.... ඕ... යේස්...!

      Delete
    4. නිමෝ... අපි කතා උනේ ඔයාගෙ බූතයගෙන් වැඩ ගන්නනෙ.

      Delete
    5. නෙදකිං...පංචායුදේ ලෙමන් පෆ් නැතුව අනාථ වෙලාද...මේ නාටකෙ අස්සෙ උගෙ කටින් අහන්න ලැබුනෙම නෑනෙ...මේක විජාතික බලවේගයක කුමන්ත්‍රණයක්...ප්ලග් එක දැන්වත් ගලවමු කියලා කියනවා.

      Delete
    6. පංචායුදේ තවමත් ඕඩියන්ස් එකට හොඳම කික් එකක් දෙන ඇඩ්වර්ටීස්මන්ට් එක මොකද්ද කියලා සමීක්ෂණයක් කරනවාලු. :)

      Delete
  4. මෙවන් ලේ පිපාසිත සමාජයකට වන් ෂොට් වන් නම් මදි... හොඳටෝම මදී...

    රන්ජන් කියන්නේ හීරෝ කෙනෙක් නෙමෙයි තවත් ටෙනිසන් කුරේ කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. ටෙනිසන් කියන්නේ හීරෝ කෙනෙක්..

      Delete
    2. නානසාදුටත් අසාද් සාලිටත් වඩා මට බන්දු ටෙනී කපල් එක හොඳයි.

      වන් ෂොට් ටූ පෙන්නලා තවත් තිස් අවුරුද්දකට සාපයක් නොතියනවානම් එච්චරයි.

      Delete
    3. විදානේ... මම එකඟයි.

      Delete
    4. රංජා චිත්‍රපටයේ උගේ ඇගපුරා ගසා ඇති පච්ච දුටු විට...ලංකාවේ කලා අධ්‍යක්ෂකයෝ ගැනද දුක සිතේ...

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. වැඩක් නෑ .. අනුංගෙ ස්ක්‍රිප්ට් එකකට රඟපාලා මැරිලා යනවා අපි !! අතිං සල්ලි දීල ..

      Delete
    7. @සිරා:
      ෆුල් බොඩි පේන්ටින් එකක් ගහලා එයිද දන්නෑ වන් ෂොට් ත්‍රී එකේ....

      Delete
    8. @පත්තරේ:
      ගොඩක් උන් අතින් සල්ලි ගෙවාගෙන, ණයටත් අරගෙන රඟපාන එක තමයි දුකම වැඩේ.

      Delete
  5. mage thiyenne me sambanden complicated idea ekak.passe welawaka fb dannam

    ReplyDelete
    Replies
    1. කියන්නකෝ බලන්න ඔයාගෙ අදහසත් එහෙනම්.....

      Delete
  6. චිත්‍රපටි ගැන කිව්වම මං "නිකිණි වැස්ස" කියන චිත්‍රපටිය බලන්න ගිහින් හැරිලත් ආවා , දහයට අඩුනම් පෙන්නන්නේ නල්ලූ. ඉතින් චිත්‍රපටිය බලන්න යනවනම් දහයක් හොයන් යන්න ඕන.

    රන්ජන් රාමනායක කියන්නේ අපේ සිනමාවේ එක යුගයක් ,එක කවුරු අකමැති වුනත් ඇත්ත . මොකද අවුරුදු පනහක් වෙච්ච රන්ජන්ට ගේමක් දෙන්න හරි හමන් නළුවෙක් නැති හැටි . ඒ නිසා තාමත් රන්ජන් සිනමාවේ වීරයා .

    චරිතාංග නළුවෝ ගත්තොත් "ජගත් මනුවර්ණ, රොෂාන් රවීන්ද්‍ර , තුමිඳු දොඩම්තැන්න" වගේ නළුවෝ දෙතුන් දෙනෙක් ඇරෙන්න් අද නළුවෝ නෑ. නිලියෝ ගැන කතා කරලා වැඩක් නෑ "ඉර මැදියම" ෆිල්ම් එකේ "නිම්මි හරස්ගම" ගේ රඟපෑම් දැක්කට පස්සේ වෙන කෙනෙක් ගෙන් නිදහස් ආරේ රඟපෑමක් දැකලා නෑ.

    මේ ලිපියේ අර්ථය ගැන කියනවානම් ...කියන්න තියෙන්නේ දැන් මේවා කතා කරලත් වැඩක් නෑ කියලා තමයි

    ReplyDelete
    Replies
    1. //රන්ජන් රාමනායක කියන්නේ අපේ සිනමාවේ එක යුගයක් ,එක කවුරු අකමැති වුනත් ඇත්ත . මොකද අවුරුදු පනහක් වෙච්ච රන්ජන්ට ගේමක් දෙන්න හරි හමන් නළුවෙක් නැති හැටි .//

      එකඟයි. වාණිජ සිනමාවේදි රන්ජා වීරයෙක්.



      ඒත් මේ ලිපිය ගැනත් යමක් කියල යන්න තිබුන.

      Delete
    2. පවුලුෂාගේ කතාවට එකඟයි.රන්ජා සිංහල සිනමාවේ එක්තරා යුගයක් සහ යම්කාලයක සියළු දෙනා ඇළුම් කල චරිතයක්.හැබැයි මේ තරම් කාලයක් රන්ජාව වීරයා ලෙස වැජඹෙන්න හේතුව අනික් උන්ගේ නොහැකියාව සහ තරගයක් දෙන්න හාල්මැස්සෙක්වත් නැතිවීම.ඒ නිසා රන්ජා පොරවීම නොවැලැක්විය හැකියි.

      Delete
    3. රන්ජන්ව යොදා ගත්තේ සංකේතයක් ලෙස පමණි.

      Delete
  7. 1. ගොං පාට් දාමින් වීරයෙක් සේ කැමරාව ඉදිරියේ පෙනී සිටීම,
    2. විහිළු කිරීමට කුණුහරුප සහ මෝඩයන් සේ හැසිරීම භාවිතා කිරීම,
    3. තමන්ගේ වයස සහ සමාජ තත්ත්වය වටහා නොගැනීම,
    4. කොපි කිරීම හැර වෙනත් තිර නාටක නිිර්මාණ ක්‍රමයක් ගැන නොදැනීම,
    5. සහ තවත් චෝදනා...
    රන්ජාට එරෙහිව

    මෙව්ව විසිල් ගහ ගහ බැලීම මගින් අපි මෝඩයන් බව අපිටම ඒත්තු ගැන්වීම තමයි බරපතළම චෝදනාව.

    ReplyDelete
    Replies
    1. අපි මෝඩයින් බවවත් අපි දන්නවද?!

      Delete
  8. දැං ඔක්කෝම් රන්ජලා නේ

    ReplyDelete
    Replies
    1. නානසාදු වගේම අසාද් සාලිත් වන්ෂොට් කෙනෙක්.
      මැරවින් වගේම හකීමුත් වන්ෂොට් කෙනෙක්.

      Delete
  9. ඕවා ගැන කතාකලහම වෙන්නේ අපිව නිකන් බොයිල් වෙන එක විතරයි. රන්ජා නළුවෙක්ද එළුවෙක්ද කියන එක නම් සෑහෙන ප්‍රස්නයක්. ඒත් ඒකාව පහුකරලා එන්න එකෙක්වත් නෑ.

    එනිවේ කොට බස්සි ඉට්ටිල් එකෙන් සුපිරියට ලියලා තියෙනවා මචන්...! ජය....!

    ReplyDelete
  10. මං නම් ඉතිං කැමැතිම නළුවා සෞම්‍ය ලියන ගේ දැන් ඉන්න නළුවන් ගෙන් ,එවගේම රන්ජන්ටත් කැමැති ,මේ ගැන මගේ නම් ත්යෙන්නෙ වෙන්ම ව්වෙච්නයක් ඈ

    ReplyDelete
    Replies
    1. අහා.... මං කැමතිම නළුවා ජගත් මනුවරණ.
      රන්ජන් රාමනායක ඔහුගේ වපසරිය තුල දක්ෂයෙකි.
      ලිපිය යලිත් කියවන්න.

      Delete
    2. කතාව තෙරුණා බස්සි නළුවෙක් ගැන කතා කරන් ඉන්න එක හොඳයි කියලා හිතුණා .... :))))))))) අවසාන පේලිය හොදින් බලන්න

      Delete
    3. වෙනස් විවේචන උනත් සාදරයෙන් පිළිගන්නවා සහෝ... :)

      Delete
    4. ඔහ් .... ජගත් මනුවර්ණ... ඔව් ඔහු සැබෑ දක්ෂයෙක්! රොෂාන් රවින්ද්‍ර එහෙම බැලුවම ඇති දක්ෂයෙක්... ඔහුට නළුවෙක්ට ඕනේ පෙනුමත් තියෙනවා.. කියල වැඩක් නැහැ ඒ දෙන්න ගැන නම්...

      ලිපිය තියෙන්නේ නළුවෝ ගැන නෙවෙයි නේ..
      අමතක උනා!

      Delete
    5. ඔව්. අනිත් දක්ෂයා රොෂාන් රවින්ද්‍ර. මේ දක්ෂයන්ට සම්මාන නොලැබෙන්නේ ඔවුන් ඕවර් ඇක්ටින් නොකර නියමාකාරයෙන් ප්‍රේක්ෂකයාගෙ හදවත ස්පර්ශ කරන නිසා වෙන්නැති.

      Delete
  11. දකින්නත් අප්පිරියයි අප්පා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... මටත්... අහන්නත් අප්පිරියයි.

      Delete
  12. බස්සි නියමෙට ලියල. ඔව් ඉතින් වන් ෂොට්, රන්ජා මේවා බලද්දී නම් ප්‍රබන්ධයක් කියල බලන අය දන්නවා නෙ...වෙන වෙන ෂෝ ත් අපේ මිනිස්සු බලනවා. ඒත් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ එයාල බලන්නේ ෂෝ එකක් කියලා. ඒකයි දුක :(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිරෝ....
      මේ එකම සීරීස් එකක පාර්ට් two කියල තේරෙන්නෙ නෑනෙ එකෙක්ටවත්. :/

      Delete
  13. උඹ කියන දේ එක්ක එකඟ වෙන්න පුළුවන්.

    අපේ මිනිස්සු හොයන්නේ නිතරම සරල රසස්වාදයක්.අනිත් එක මේ වාණිජ සිනමාව ඇතුළේ හොඳ චිත්‍රපටි වලට ලොකු ඉඩක් නැහැ.ඉතින් නිෂ්පාදකවරු මේ වගේ ඒවාට වැඩි වශයෙන් යොමු වෙන එක අරුමයක් නෙමේ.පුද්ගලිකව එක රැල්ලේ ආපු අර ඉතිහාස කතා රැල්ලට වඩා මෙහෙම එකක් එන එකත් හොඳයි.මොකද ඇත්ත සමාජේ මේ වගේ වීරයෝ නැති වුණත් සිනමාවේ හරි ඉන්නවා කියලා මිනිස්සුන්ට හිත හදා ගන්න පුළුවන් නිසා.

    මේක නම් මම බැලුවේ නැහැ. හැබැයි කොස්තාපල් පුණ්නසෝම නම් බැලුවා.ප්‍රහසනයක් විදියට එකනම් අගේ තියෙන චිත්‍රපටියක්.

    ReplyDelete
    Replies
    1. මචන් ඉන්බොක්ස් බලලා, ආයෙම ලිපිය කියවනවද?

      උඹට මීට වඩා පැහැදිලි අදහසක් දෙන්න පුලුවන් මේ ගැන.

      Delete
    2. මෙහෙමයි යශෝ මම පාවුලෝ කොය්යෝ ගේ "යක්ෂයා හා ප්‍රයිම් මෙනෙවිය"කියන පොතේ තියනවා බං මෙහෙම කියලා.
      //ගුහාවල ජිවත් වෙන කාලයේ ඉඳලාම මිනිහා ආයුධ පාවිච්චි කළා.මුලින්ම සතුන් මරාගන්න,ඊට පස්සේ අනිකා අභිබවා බලය ගන්න.ලෝකය කෘෂිකර්මය නැතුව,ගෘහස්ථ සතුන් නැතුව,ආගමක්,සංගීතය නැතුව පැවතුණා.හැබැයි කවමදාවත් ලෝකය ආයුධ නැතිව පැවතුණේ නෑ//

      ඒ කියන්නේ ලෝකයේ ආරම්භයේ ඉඳන්ම මිනිස්සු බැලුවේ එකිනෙකා අභිබවා බලය ලබා ගන්න.ලෝකය සමාජිය වශයෙන් දියුණු වෙනකොට අර ඉස්සර වගේ නිතරම ගහමරා ගැනීම් ලෝකයෙන් ප්‍රතික්ෂේප වෙනකොට ප්‍රචණඩත්වයට කැමති වුන් එක,එක කාරණා සොයා ගන්නවා තමන්ගේ ප්‍රචණඩත්වයට සාධාරණිය කර ගැනීමට වගේම ප්‍රචණඩත්වයට අකැමති අයව ඒකට අදා ගැනීමට.දැන් ඔය නාන සාදු අසාද් සාලි වගේ උන් කරන්නේත් තමන්ගේ ප්‍රචණඩත්වයට ආගම,ජාතිය වගේ සංවේදී කරණා භාවිතා කරන එකයි තමන්ගේ බලය රැකගැනීමට හෝ බලය ලබා ගැනීමට.

      83 වුණෙත් මේ දේම තමයි.අවුරුදු 30 පස්සේ ආයෙමත් කරන්න යන්නෙත් මේදේම තමයි.අන්තිමේදී මේවායෙන් තැලෙන්නේ,පොඩි වෙන්නේ අසරණ මිනිස්සු මිසක ඔය අන්තවාදීන් නෙමේ.83දී වන්ෂොට් පෙන්වනකොට අත්පුඩි ගහපු අපි ආයෙමත් ඒ වගේ ඒවාට අත්පුඩි ගහන්න හොඳ නැහැ.

      අන්තවාදය තරම් භයානක ත්‍රස්තවාදයක් නැති බව තමයි තේරුම් ගන්න ඕනේ.

      Delete
    3. උඹලා අපි කිහිපදෙනෙක් එහෙම හිතුවට ගොඩක් උන් මාර ආතල් එකේ අත්පුඩි ගහනවා වන්ෂොට් සීසන් ටූ එකට.

      Delete
  14. //අපි මොළේ දියුණු කරපු හෝමෝ සේපියන් සේපියන්ලා මචන්ලා//

    මේක ඇත්තද බං? ඔය කිව්වට මට නම් විශ්වාස නෑ ඕන්!!

    ReplyDelete
    Replies
    1. නියැන්ඩර්තාල් ජානත් මුහුවෙලා තියෙනව සම හරක් ට.

      Delete
    2. මොහොතින් මොහොතට
      ගෙවෙනා කාලය..
      දැනෙනවා කාටත් එක විදියට..
      ගිනියම් ඉර....සඳ සිසිලස....
      අතරේ හොයනව හොයනවා
      මේ අපි කවුරුද...

      Delete
    3. හ්ම්ම්... හ්ම්ම්ම්............... :(

      Delete
  15. "මොනව වුනත් අර තන් දෙක වැහෙන්න ගහල තියෙන බ්රෙසියර් පච්චෙනම් මරු"

    :3

    ReplyDelete
    Replies
    1. මල්ලි වගේ අයට පසු ලිවීමක් දැම්ම.

      Delete
    2. ඕක කිව්වෙ මම නෙවෙයි යකෝ... :/

      බ්ලොග් අවකාශෙම එකෙක්

      Delete
  16. මට ප්‍රියා අයියගෙ ප්‍රොෆයිල් පික්චරේ මතක් වෙනෝ... :v

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න එපා ප්‍රියා මේ මල්ලි වෙනුවෙන් පසු ලිවීමක් ලිවුව. ;)

      Delete
  17. රන්ජා නිෂ්පාදකයා කාගෙ කවුද කියල හොයල බලන්න..

    එතුමාගේ වාහනේ මොනටේරෝ එක පිටිපස්සෙ ගහල තියෙනවා රන්ජා ස්ටිකර් එක..
    වාහනේ ගරාජ් එකට හදන්න දාල තිබ්බ නිසා ගොඩ වෙලාම කොච්චර සැපද කියල බැලුවා..

    කාගෙ ලේකම් කෙනෙක්ද දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඒක දැනගෙන හිටියෙ නෑ සෑම්. හොයල බලන්න ඕනෙ. අනිවා රූකඩ නැටුමක් වෙන්න ඇති.

      Delete
    2. මන් අහපු විදියට නම් ඔකෙ නිශ්පාදකයා ප්‍රසිද්ද චරිතයක් නමේ මැදට T එන dial 1

      Delete
  18. ආයෙත් අර අදින්නේ කලින් තිබුණු කාලකන්නි කලෙට යන්න...

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි සැරසෙන්නෙ මේ උදවිය.

      Delete
  19. Replies
    1. එංගලන්තෙ එංගලන්තෙ නාඩියෝ... ලංකාවෙ මෙහෙම වෙන්නෙ නෑ.

      Delete
  20. රංජා එක කාලෙක සිනමාවෙ වීරයා වෙලා හිටියා.. ඒකයි ඇත්ත..
    දැනුත් වීරයා..හැබැයි එළුවෙක්..
    කවුරු මොනව කීවත් මංනං ආසම නළුවා ජැක්සන් ඇන්තනී.. -_-

    ReplyDelete
    Replies
    1. රන්ජන් රාමනායකත් දක්ෂයෙකි. වාණිජ සිනමාපටවලට ඔහු නැතිවම බැරිය.

      මගෙ ආසම නළුවා ජගත් මනුවරණ

      Delete
  21. සම හරක්ට "යුද්ධෙ නැතිව පාලුයි".
    ඔන්න අපිට හේතු කාරණා තියෙනවා..

    දැන් කවුරු කවුරුත් සුබ මොහොතින් යුද්ධෙ පටන් ගත්තොත් තමා ත්‍රිල් එක තියෙන්නේ..

    අපි හැමෝම බ්ලොග් එකේ FB එකේ Status Update, Posts, දදා ඉඳියි..

    අපේ ගම වල ඉන්න දුප්පත් අහිංසක කොල්ලෝ කෙල්ලෝ ආපහු යුධ පෙරමුණට යයි..
    දහස් ගණන් ජීවිත නැතිවෙයි..
    යන්තම් පන ගහගෙන එන රට ආපහු ගොඩගන්න බැරි විදියට වල පළලටම යාවි..
    එත් එදාට ඔය නානසාර වත්, ඉත්තාකන්දේ වත්, හකීම් වත්, රසාක් වත් වෙන එක ගොබ්බයෙක්වත් පෙන මානෙක නොඉන්දීවී..

    ඔච්චරයි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි... මුන්ට කාන්සිය

      Delete
  22. මේ කෝලාහල පිටිපස්සේ ආණ්ඩුව ඉන්නවා අක්කේ...අත්තොනොමතිකව පිස්සු නටන ආණ්ඩුවේ වැරදි වහගන්න රටේ ප්‍රශ්නයක් ඇතිකරලා මිනිස්සුන්ගේ අවදානේ එකට යොමු කරනවා..ආණ්ඩුවට කඩේ යන බත් බැලයෝ තමා මෙවුවා පිටිපස්සේ ඉන්නේ..රතුපස්සල සිද්දියත් ඒ වගේමයි..උදාහරණ නම් ඒමට දක්වන්න පුළුවන්.. අපේ ගොන් කල කන්නි එක තේරුම් ගන්නේ නැතිව මරාගන්නවා..හැබැයි කැඩෙන්නේ උන්ගේ අඩු හිරේ ලෑග්ගම බේරගන්න ඔය එක වේ@#$ න කියල mමුන් හිතන්නේ නැ...ඔක්කටම හපන් සයිබර් වීරයෝ...කොහෙවත් තියෙන සිද්දි අරන් පොස්ට් හගෙන අපිවත් ටැග් කොරනවා..මම නම් අද දවසට 3 දෙනෙක්ව remove කල ඔය ගොන් වැඩ කරන

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද...... රිමූව් කරන්නත් බෑ හිත හොඳ උන්. ආවේග පිටකර ගන්න ණයට කහිනව.

      උන් ඇත්ත තේරුම් ගනිද්දි ගොඩක් ප්‍රමාද වෙලා තියේවි.

      Delete
  23. මගේ අදහස මෙහෙමයි...මුස්ලිම් ආගම බලහත්කාරයෙන් ඔවුන්ගේ ආගමික නායකයින්ගේ නියමය පරිදි ලංකාව පුරා පතුරවමින් සිටින බවත්....එය සාමාන්‍ය ජන ජීවිතයට ඉදිරි කාලයකදී තර්ජනයක් වන බවත් සත්‍යයක්. නමුත් හැම මුස්ලිම් මිනිහාම ජාති වාදීන් නොවේ....අන්ත අසරණ...දුප්පත්....එදා වේල සරිකරගන්නා මුස්ලිම් ජනතාවද මේ සමාජයේ බහුතරයක් වෙසෙයි. එවන් කෙනෙකු අමාරුවෙන් උපයාගත් දේපලක්...ජාත්‍යාලයෙන් ඔද වැඩී ගිය අයෙකු අතින් විනාශ වෙනවා නම් එය අනුමත කල හැකිද....

    බොබසෙ වැනි විකල්ප බලවේග වෙත මෙවැනි බරපතල කාරණාවක් උදෙසා ක්‍රියාත්මක වන්නට ඉඩදී නිදි වැදී බලා සිටින ලංකාව කරවන උන් මේ සිදුවීම් වලට වගකිව යුතුය.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි සිරා අයියෙ මාත් කියන්නෙ. අන්තවාදීන් ඉන්න බවත්, සූක්ෂම ලෙස සකසාපු ඇජෙන්ඩාවකට අනුව යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත්, එය සෑහෙන තරම් ඔඩු දුවා ඇති බවත් ඇත්ත. ඒත්, ගල් ගසා ඇන්ත්‍රැක්ස් මර්ධනය කල නොහැකියි. මේ කාර්ඩ්බෝඩ් වීරයන්ට නොතේරෙන්නෙ අන්න ඒ ටික.

      Delete
  24. පස්සෙ රතුපස් වල කියන කෑල්ල වාරණය වුණානෙ නංගි. ඉතුරු වුණේ "රන්ජා" විතරයි.
    (ඇන්ත්‍රැක්ස් කියන එක දැක්කම මම එක පාර හිතුවෙ අර ඔයාලගෙ පන්ති වල එකෙක් 7 වසරෙදි නටපු ඇන්ත්‍රැක්ස් නැ‍ටුම කියල.... ඉස්කෝලෙට පත්තරෙනුයි ටී වී එකෙනුයිත් ගෙනාවෙ)

    ReplyDelete
    Replies
    1. හැබෑට ඒ ඇන්ත්‍රැක්ස් සිද්දිය ගැනත් ලියන්න පුලුවන් නේද! අනේ මෝඩ මීඩියා කාරයො. මට තාමත් හිනා මතක් වෙනකොට. හත වසරෙ අපිට මේක විහිළුවක් කියල තේරුනාට ඒ මාධ්‍ය කාරයන්ටයි, අපේ සමහර ගුරුවරුන්ටයි ඒක නොතේරුන හැටි. ස්තූතියි සිඳු අක්කි ඒ මතකය අළුත් කලාට. :) :D

      Delete
    2. කාලෙන් කාලෙට ඔය ස්කෝලෙ එක එක කෝලම් නටනවා තමා,,හොල්මන් එහෙමත් ඉන්නවා නේ.මම රෑ 2ක් ඉදලා තියනවා ඔය ස්කෝලෙ නරලොව හොල්මන් ඉන්නවා තමා :P

      Delete
    3. අනේ අපේ ඉක්කෝලෙට එහෙම කියන්නෙපා හරිද! >_<

      Delete
  25. මට දුක හිතෙනවා.....
    අපි කොට කලිසං අැදං
    ගියෙත්
    මූ රගනවා බලන්න..


    හැබැයි
    තාමත්
    මූ
    මූ මයි
    වීරයාමයි

    ReplyDelete
    Replies
    1. වීරයා මැරිලා..

      බල්ලොත් එක්ක බෑ ..

      Delete
    2. නළුවා මාරු උනත්
      චරිතය එකමයි
      හුරේ කියන ක්‍රවුඩ් එකත් එකමයි

      Delete
    3. //බල්ලොත් එක්ක බෑ//
      එකඟයි.

      Delete
  26. අන්න අර කලින් දවසේ දැම්ම කතාවේ ඊලග එක දාහන්..

    ReplyDelete
    Replies
    1. දානවා දානවා.
      ඒක ලියලා අහවරයි. දැන් නිවාඩු පාඩුවෙ සතියකට වරක් කතා කෑල්ලක් දාලා, ටීවී සීරීස් එකක් බලාගෙන හිටියැකි ඩ්‍රාෆ්ට් ටික ඉවර වෙනකම්. ^_^

      Delete
  27. අතුරු ප්‍රශ්ණයක්.

    කීප තැනකම දැක්කා මේ 1983 (ජූලි) සිට අවුරුදු 30ක් ගිය කතාවක ගැන ලියලා තියෙනවා.

    ඇත්තටම 2013 ජූලි මාසේ මොනවද සිද්ධ වුණේ?

    ReplyDelete
    Replies
    1. 83? ඒ කොයි කාලෙද?
      අපිට මතක සති දෙකක් ඈත අතීතය පමණයි.

      Delete
  28. මොකද මේ ආගම්වාදී ප්‍රස්නෙකට Stand against Racism කියලා ?

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නෙ මෙතන තියෙන්නෙ ආගම්වාදයක් කියලා?

      Delete
    2. මුස්ලිම් කියන්නෙ ඉස්ලාම් ආගම අදහන අය... බොදු කියන්නෙ බුද්දාගම අදහන අය.... ඒ දෙගොල්ලගෙ වාද ආගම්වාද නේද?

      Delete
  29. මට මතක් වෙන්නේ අර මෝල් ගහ වහලේ එල්ලගෙන තමන්ටම ගුටි දිගත්ත ගෑණි ගේ කතාව.. දන්නවා ඇති නේ... ඇත්තටම මිනිස්සුට කික් එකක් නැහැ මරණයක් දකින්නේ නැතුව.. එකනේ දැන් ලෝකේ කොතරම් ප්‍රවුත්ති තිබ්බත් මිනී මැරුම්, වෙන මැරුම්, දිවිනහගැනීම් එහෙම රස කර කර පෙන්නන්නේ... ඒවා රඟපාලත් පෙන්නනවා වැඩි ජොලියට.. ඉතින් මිනිස්සු කැමති මැරිලා ඉන්න ඒවා බලන්න, කික් එකට.. ඉතින් පාලකයොන්ගේ වගකීමක් ජනතාව සතුටින්, කික් එකෙන් තියන එක...

    නැද්ද මම අහන්නේ?

    මැරකම් කරන එක දැන් හෙන ඩීසන්ට් වැඩක් නේ... ඔය හැම ටෙලිඩ්‍රාමා එකකම පෙන්නන්නේ ( මම බලන්නේ නැහැ... අහම්බෙන් දැක්කොත්, දකින හැම එකකම පාතාලේ මොකක් හරි සීන් එකක්!) අපිව බ්‍රේන්වොෂ් කරලා, අපි නොදැනම!! නිදි පෙති බීලා බුදි! ඇහැරෙන්නේ පඩිය ගැන කතාකලොත් විතරයි... බැරිද අපිට කියන්න මෙහෙම ගහගන්න අයගේ පඩිය කපනවා කියල?

    ReplyDelete
    Replies
    1. //බැරිද අපිට කියන්න මෙහෙම ගහගන්න අයගේ පඩිය කපනවා කියල?//

      හහහා එල කතාව උපේක්ෂා.

      මෙහෙමත් පුලුවන්.
      සාමය වෙනුවෙන් පාද යාත්‍රාවකට සම්බන්ධ වෙන්න, දවසට බත් පැකට් එකයි, වතුර බෝතලෙයි, පොඩි සිලි කවරෙක අරක්කුයි, රුපියල් දාහයි දෙනව කිවුවනං,
      ගෙදර ඉන්න බල්ලවයි පූසවයිත් එක්කන් එයි සාම පා ගමනට.

      Delete
  30. Watinawa Bassiyo.... Meeka paththarekata damma nam thawath hodai. Mokada meeka kiyawanne ape param paraawa witarai. Meeka hamooma kiyawanna oni, Hamooma dana ganna oni ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කවි අයියේ... ඒත් මීඩියා වලට අනුව ලෝකෙ තියන සාමකාමීම රට ලංකාවනේ.

      Delete
  31. රන්ජා වාණිජ නළුවෙක් විදිහට අපේ රටේ සාර්ථකම නලුවා,ඒත් බහු භාර්යා,යකඩ පිහාටු වගේ චිත්‍රපටි වල ඉතාම දක්ශ රගපෑමක් කලා.
    දේශපාලකයෙක් විදිහටත් මම කැමති මිනිහට,මොකද මිනිහා දේශපාලනේදී නිරන්තරයෙන්ම මිනිස්සු එක්ක ගැවසෙනවා.සේවයක් කරනවා විපක්ශෙ ඉදගෙනත්.දේශපාලනේට එන්න ඉස්සල්ලා ඉදන්ම මැදපෙරදිග දුක් විදින කාන්තාවන් වෙනුවෙන් කරපු සේවය අපේ රටේ දේශපාලකයෝ කිසි කෙනෙක් කරලා නෑ,මම පුද්ගලිකව රන්ජන්ට හොද කියන කාන්තාවෝ මුනගැහිලා තියනවා ගුවන් යානා වලදී.
    මහ ජාතිය විදිහට අපි තාමත් සුළු ජාතීන්ට හරියට ඒ මිනිස්සුන්ට මිනිස්සු වගේ සලකනවා මදි කියලා මට හැමදාම හිතෙන්නේ,අපි විදේශ වල ඉදන් මේ රට වලින් අපිට සලකන විදිහ දකිනකොට

    ReplyDelete
    Replies
    1. රන්ජන් රාමනායකගෙ වරදක් නෑ ඔහු රඟපාන්නෙ අධ්‍යක්ෂකගෙ උපදෙස් මත, ස්ක්‍රිප්ට් එකට අනුව.

      :)

      Delete
  32. හරක් ඊල්ලන්නෙ තනකොල.උන්ට බුරියානි දුන්නොත් උන් තරහ වෙනව

    ReplyDelete
  33. //තවත් සමහරු ඇහැවුවා කවුද වන් ෂොට් කියන්නෙ කියල.//

    කවුද වන් ෂොට් කියන්නේ? :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි අක්කා බලන්නෙ අයි.ටී.එන් ද? ;)

      Delete
  34. What a good use of symbols to demonstrate a reality which cannot be spoken free :) Well done nangi. Sorry I came in a hurry, could not type in Sinhala, but wanted to give you an applause.

    ReplyDelete