Thursday, July 4, 2013

3. පළමු කොටස : ලැප් එක සහ කැප් එක

 
campus එකේ අනිත් හැම කෙනෙක්ම වගේම මමත් මගෙ බස්සව (මේ වෙනකොටත් එයා මට camera කුරුල්ලා ) හඳුනාගන්න මුලින්ම පාවිච්චි කරපු criteria එක තමයි;
 
                   camera කුරුල්ලා = Lap එක + Cap එක

 

 
මේ දෙකෙන් එකක් හරි අඩුයි නම් එතන මොකක් හෝ අවුලක්. මේ දෙකම නැත්තම් ඒ ඉන්නෙ camera කුරුල්ලා (බස්සා ) නෙමේ. ඔව්,  ඒක තමයි තියරිය.

ලැප් එක ගැන කියනවනම්, ඒක එක්ක තමයි camera කුරුල්ලා (මගෙ බස්සා) ඒ දවස්වල ගොඩ ගිහින් හිටියෙ. එහෙම කතාවක් නොහැදෙයිද ඉතින් බැමි උඩයි, බoකු උඩයි, ගස් යටයි, එකී මෙකී නොකී ඕනෑම තැනක වාඩි වුනොත් ලැප් එක ඔඩොක්කුවට අරන් දිග ඇර ගන්න පුරුදු වෙච්චිකොට.

ලැප් එක හින්දම තමයි කැප් එකක් නැතුව බැරි උනේ. ලැප් එකට ඔලුව නමා ගත්තම ඇස් දෙකට වැටෙන දඟකාර කොන්ඩෙ නවත්තන්න කැප් එකත් නැතුවම බැරිවුනා.

මොනවද ඉතින් මෙයා මේ ලැප් එකට දවස තිස්සෙම එබීගෙන කරන්නෙ. බස්සිටත් අනිත් එක වසරෙ උන්ටත් ඕක ටිකක් බරපතල ප්‍රශ්නයක්.

camera කුරුල්ලා ලැප් එකෙන් කරපු දේවල් දැනගන්න බස්සිට පුලුවන් උනේ ඊට මාස දෙකකට විතර පස්සේ, camera කුරුල්ලයි, camera කුරුල්ලගෙ Electronics යාලුවොයි කරපු Digital Dreams Robotic Exhibition එකත් එක්කයි.


“ඔන්න ජිම් එකට රොබෝලා එනවෝ”

 
මේ විදියෙ පෝස්ටර් එකකින් campus එකේ තාප්ප වැහෙනකොට බස්සියි, බස්සිගෙ Bio යාලුවොයි විපරම් කරේ මේ ලෝක විනාසෙවත්ද කියලයි. Elec එකේ වැඩක් කිව්වම කට්ටිය එතනට යන්න සෙට් උනේ එකෙන්මයි. අපේ එකෙක්ට ඒ කාලෙ Elec ඉගෙනගන්න (Elec ඉගෙනගන්න කොල්ලෙක් ගැන එහෙම නෙමේ හොඳේ!) ලොකූ දොළදුකක් හැදිල තිබුන නිසයි එහෙම උනේ.

අනේ අයියෝ ඒත් එදා බස්සිට මුලු දවසෙම Lab sessions තිබුනා. හරීම දුකායි camera කුරුල්ලගෙ presentation එකේනම් කෑල්ලක්වත් දැක්කෙ නෑ. යාන්තම් Lunch hour එකේ විතරයි ගිහින් ඔලුව ඔබාගෙන යන්න පුලුවන් වුනේ. රොබෝලගෙ වැඩ කෑලි දැක්කම බස්සිටත් හිතුනා අර දොලදුක් යාලුවට සෙට් වෙලා lab practical එකකට cut පාරක් දාන්න. ඒත් ඉතින් MBBT පාප මිත්‍රයො (නෑ නෑ වැරදුනා, කල්‍යාණ මිත්‍රයෝ) ටික බස්සිව ඇදගෙන ගියා නෙව කොහොමහරි ලැබ් එකට.


එදා exhibition එක වෙලාවෙ කවුරුහරි කාලකණ්ණියෙක් camera කුරුල්ලගෙ ලැප් එක හොරකම් කලා.



ප. ලි.


ඒ වෙලාවෙ එතන නොහිටියත් පස්සෙ බස්සිට යාලුවන්ගෙන් සීන් එක ආරන්චි උනා. දවස් කීපයක් යනකම් camera කුරුල්ල හිතේ අවුලට campus ඇවිත් තිබුනෙත් නැහැ. ඊට පස්සෙ දවසක් බස්සි camera කුරුල්ලව දැක්ක IT ගහ යටදි. එදා වෙන්න ඕනෙ camera කුරුල්ල exhibition එකෙන් පස්සෙ campus ආපු මුල්ම දවස. කුරුලු යාලුවො දෙන්නෙක් camera කුරුල්ලගෙ කරට අත දාගෙන කතා කරකර ගියා.

camera කුරුල්ලගෙ ඇස් දෙක එදා හිනාවුනේ නෑ.





10 comments:

  1. Replies
    1. තෑන්ක්ස් ෆාති අක්කියෝ.

      Delete
  2. Replies
    1. පිස්සු පීකුදු වෙයි ඔයා රට පටළගෙන. මේ කුරුල්ලගෙ යාලුවෙක් අනේ. :P
      ලැප් හොරකම වෙච්චි දවසෙ මේ අයියත් බස්සා එක්ක එකතු වෙලා ලැප හොයාගන්න සෑහෙන්න මහන්සි වුනා. ඒකයි ඔය කොමෙන්ටුවෙන් කියලා තියෙන්නෙ.

      කුරුල්ලාගෙ බ්ලොගට යන්න ලින්ක් එකක් ඉදිරි පෝස්ටුවක ඇති. කියවාගෙන යද්දි දකින්ට ලැබෙයි.

      Delete
    2. හෙහ් හේ.. සමාවට බාජනය කරනු මැනවි :D

      පසන් අයියව දන්නවෝ.. මට හදිසියේ ටැපැලුනා :p මං 2012 ඉඳන් පසන් අයියගේ පාඨකයෙක් :D

      Delete
  3. අය්යෝ සල්ලි

    ReplyDelete
  4. නියමයි ...හෙමින් කියවන ගමන් මේ

    ReplyDelete