"ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට. ඔයාගෙ සතුට වෙනුවෙන්, ඕනෙම දේකට මම කැමති වෙනවා." කාලෙකට ඉහතදි බස්සි බස්සාට දීපු පණ්ඩිත ටෝක්ස් තමයි මේ.
අහෝ අද උදෑසන වූ විපතක මහත! ඒ පඬි ටෝක්ස් සියල්ල හිරු දුටු පිණි මෙන් වියැකී ගියේය.
ජොබ් කටුව වෙනස් වුනාට පස්සෙ බස්සිට උදේ රැයින් පිටත් වෙන්ට සිද්ද වෙච්චි හැටි කලින් පෝස්ටුවක සටහන් කලා නෙව. එහෙමයි කියලා තනියම යන්ට පුලුවන්ය? වෙනදා දහයට ඔපීසි යන බස්සාවත් කොහොමහරි උදෙන් ඇහැරවාගෙන එක්කන් යන්නෙ තනියට.
ඕන් ඉතින් අදත් උදේ අපි ඩබල බස් එකක එල්ලුනා කියමුකො. (එල්ලෙන්නෙ වවුල්ලු තමයි. ඒත් ලංකාවෙ උදේට බස් වල යන හැම කුරුල්ලෙක්ටම වවුල් ක්‍රමේට තමයි ගමන යන්න වෙන්නෙ.) බස් එකේ පොල් පටෝල වාගෙ සෙනග. ඔය සෙනග ගොඩ අස්සෙ කොහොමින් කොහොම හරි මට අපේ බස්සව මග ඇරුන.
වටයක් බෙල්ල කරකෝලා බලද්දි මෙන්න බස්ස ඉන්නව මට පස්ස හරෝගෙන. සෙනග ගොඩේ එහා පැත්තට හැරෙනව කියන එක මෙලෝ ජගතෙකුට කොරන්ට පුලුවන් දෙයක් නෙමෙයි. ඉතින් බස්සිත් හෝල්ට් පහයිනෙ කියලා ඉවසා වදාරන්න හිතුවා කියමුකෝ.
ඊගාව හෝල්ට් එකෙන් නැග්ගෙ නැතැයි සුදු ලස්සන කිරිටිස් කෑල්ලක්. සෙනග ගොඩේ දුෂ්කරක්‍රියා කොරද්දිත් ඇහැ කොනට අහු වුනා ඒ තරමට ලස්සනයි. හීනියි, සුදුයි, කොණ්ඩෙ ලොකු රවුම් කැරලි, ලාවට මේක් අප් පාරක් හෙම දාල, නිල් ඩෙනිම් කලිසමකුයි, සුදු ටී ෂර්ට් එකකුයි ඇඳලා. හිතේ මවාගන්ට පුලුවනි නෙව?
මෙන්න මේ වාගෙ ටිකක්.
පස්ස හරෝගෙන හිටියත් සැරෙන් සැරේ බස්ස ඉන්න දිහාවට ඇහැ යන්නෙ මටත් හොරෙන්. මෙන්න බොලේ අර සුදු ලස්සන කිරිටිස් කෑල්ල සෙනග පීරාගෙන ඇවිත් බස්ස ගාව ලෑන්ඩ් කොරලා. බස්සගෙ මූණ දිහා කන්න වගේ බලාගෙන ඉන්නව.
බස්සගෙ උපවිඥානයට දැනෙන්න ඇති නෙව කෙල්ලො දෙන්නෙක්ම එකපාර බලන් ඉන්න බව. (බස්සි සහ සුදු කෙල්ල) බස්ස හැරුන අර කෙල්ල පැත්තට. ඕන් ඒකි බබා වගේ බිම බලා ගත්ත.
බස්ස ආපහු ජනේලෙන් එළිය බලාගෙන යනව. අරකි ආපහු ඔලුව උස්සල බස්සගෙ මූණ රූපගත කොරන්ට පටන් ගත්තෙ නැතැයි.
බස්සිගේ ඉරිසියාවේ රතු කට්ට පැන්න. ජන ගංගාව පීරාගෙන නොසැලී කෙල්ල සහ බස්සා අතරට යාත්‍රා කලා. කෙල්ලව හෙමීට එහාට තල්ලුවක් දාල බස්ස ගාව ඉඩක් හදා ගත්තා. බස්සා බස්සිගෙ ඉන වටේ අතක් යවලා වැටෙන්න නොදී අල්ලා ගත්තා. බස්සි අර කෙල්ල දිහාවට හීන් රැවුමකුත් පාස් කලා.
බස් එකෙන් බැස්ස විතරයි බස්සා මගෙ දිහා බලබල හිනා වෙනව. කාල හමාරයි. වැඩේ නෝන්ඩි වෙලා. ඒ අවස්ථාවේ පටන් මේ දක්වාම අති සාර්ථක ලෙස මා බස්සාගේ හිනාවට ලක්වෙනවා. අර කියාපු පණ්ඩිත කතාව බැදල කාල අභාවප්‍රාප්ත වෙන්න වෙලා බස්සිට.
මං අහන්නෙ මේක මට විතරක් තියෙන දෝසයක්ද? ආදරේ ඇත්තටම ඔය කියන තරම් පරිත්‍යාගශීලීද? පරාර්ථකාමීද?
"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි" කියල කියන්නනම් ලේසි ඇති. එහෙනම් බස්සිගෙ හිතේ බස්ස ගැන තියෙන්නෙ ප්‍රේමයක් නෙමෙයිද? ඇයි හත්දෙයියනේ එහෙම නෙමෙයි කියන්නෙ කොහොමද?
බස්සිට හිතෙන විදියට නම් මෙතනදි ප්‍රේමයයි රාගයයි කියන්නෙ එකම ගෙත්තමක් වියන පාට දෙකක නූල් පොටවල් දෙකක්. ඔව්, දාරක ප්‍රේමය, මාතෲ ප්‍රේමය, සහෝදර ප්‍රේමය වාගෙ ප්‍රේමයේ එක එක කැටගරි තියනවා නෙව. ඒවයෙදි තත්වය වෙනස්.
ඉතින් එදා කියාපු පණ්ඩිත කතාව අදින් පස්සෙ බස්සි මෙන්න මේ විදියට වෙනස් කරනවා.
"ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට. ඔයාට මගෙත් එක්ක සතුටෙන් ඉන්න බැහැයි කියලා හිතෙන දවසට, ඔයාගෙ සතුට වෙනුවෙන්, ඕනෙම දේකට මම කැමති වෙනවා. හැබැයි, ඔයා මගෙත් එක්ක ඉන්න තාක් කල්, ඔයාව මගෙන් උදුරගන්න හිතන ඕනෙම එකෙක්ට වෙන්නෙ මගේ අතින් අභාවප්‍රාප්ත වෙන්න තමයි."
ඕක කිවුවාම අපේ බස්ස කියාපු දේ දන්නවැයි?
"අඩේ.... ඒක නම් මරු. මට තරහ තියන කෙල්ලෙක් ඉන්නවනම් ඒකිව සෙට් කරගන්නයි තියෙන්නෙ. මුන්දෑ ඒකිව මරලා හිරේ යනවා. මට සදා සැනසිල්ලයි."
අනේ මගේ හොට මොකටද?