මං කවිකාරිලු මං කවිකාරිලු
ගජමන් නෝනට වැඩි කවිකාරිලු
ආලවඩන කවි සිංදු ගොතන්නට
ඉස්සර ඉදලම මං කවිකාරිලු
ගජමන් නෝනට වැඩි කවිකාරිලු
ආලවඩන කවි සිංදු ගොතන්නට
ඉස්සර ඉදලම මං කවිකාරිලු
ඔව්. මට හිතෙන විදියට මං කවිකාරියක්. කවිකාරියක් වෙන එකේ කිසි ලල්
එකක් නෑ නේද? දක්ෂ සංගීතකාරියෙක්, නැට්ටුක්කාරියෙක්, සිත්තරියක්, නිරූපිකාවක් උනා නම් ඒ වගේද! යාන්තම්
වයලින් එක කුරුටු ගාන්න, ඕගන් එක කෑගස්සවන්න ගියාට මට ඒ හැටි
දෙයක් බෑ. ඩී.ජේ එකක් වෙලාවට නැට්ට හපාගෙන උඩ පැන්නට මම නැට්ටුක්කාරියෙකුත්
නෙමෙයි.
මට කවිකාරියෙක් වීම ගැන තිවුනෙ දුකක්. ඊයෙ කරන්න දෙයක් නැතුව
කම්මැලිකමේ ටින්කර් බෙල් බලනකම් මට හිතුනෙ මේ හැකියාවෙන් මම මොනව කරන්නද කියලයි.
කවි ලියන දාට බ්ලොග් එකේ හිට් කවුන්ටරේ එක තැන නතර වෙලා. කවුරුත් නොබලන රහ නැති
කවි.
ඒත්. මම කවි වලට ආදරෙයි. මම මම වෙන්නෙ ඒවයින්.
දන්නවද මම මුලින්ම ලියාපු කවිය? මම චූටි කාලෙ මාව බලාගන්න එන සේවිකාව අසනීපෙන් උන්නු දාක අපේ අම්ම
මාවත් දක්කාගෙන ඔෆිස් ගියාලු. අම්ම වැඩ කරනකම් පාලුවෙ බලන් උන්නු මම මාලු ටැංකියක් ඇඳලා ඒක උඩ කුරුටු බලි අකුරෙන් ලියාපු
මුල්ම කවිය තමයි;
ඩොල්ෆින් මාලුවෝ - පීනන්නට සූරයෝ
ටැංකිය වටේම පීනලා - වෙහෙස උනා මේ වීරයෝ
මම ආසම මිනි කවි වලට. මොකක් හරි මාතෘකාවක් ගැන, ඊට අදාල වචනයක්වත් සඳහන් නොකර ලියන කවි
වලට.
වෙනූශා ඉමන්දිගේ මරණය ගැන ලියපු මේ කවිය එහෙම එකක්.
උන් අඳුනන්නේ නැහැ දුයිශේන්ව
ඔව්. උන් අල්තිනායි ගැන දන්නෙත් නෑ.
ඒ කොයි කාලෙකට ඉස්සරද?
කාලෙ වෙනස් – තාලෙ අලුත්
ඒත්,
උඹ ඒ පාරෙ නොගිහින්,
ආවනම් මේ පාරෙ,
බලන්නට තිවුන නංගියේ…..
අදටත් පොප්ලර් ගස් දළුලන බව.
ඒ වගේම උඩින් එක අරුතක් දෙන ගමන් යටි පෙළෙන් ඊට හාත්පසින්ම වෙනස්
අරුතක් මවන්න මම ආසයි. ඒත් මම ආදරෙන් ගොතාපු මේ කවියට මල් වගේම ගල් පාරවලුත්
වැදුන.
කලු
පාට වැහි වළා
එකින් එක එකින් එක බරවෙලා
මිරිකිලා ඇඹරිලා
බිඳෙන් බිඳ මහ පොළව තෙත් කලා
එකින් එක එකින් එක බරවෙලා
මිරිකිලා ඇඹරිලා
බිඳෙන් බිඳ මහ පොළව තෙත් කලා
මහ පොළව ඉකි නොලා
මුවින් නොදොඩා බලා
ඉහිලුවා වැහි වළා
එකින් එක එකින් එක
උකුල මත කඩා හැලෙනා වළා
වැහි
අඳුර පහවෙලා
උදෑසන හිනැහුනා සුදෝසුදු පැහැ වළා
මඩවගුරු ගත වෙලා
මහපොළව විළි බරව හිඳී මුව සඟවලා
උදෑසන හිනැහුනා සුදෝසුදු පැහැ වළා
මඩවගුරු ගත වෙලා
මහපොළව විළි බරව හිඳී මුව සඟවලා
පෑගේවි කියා පා වැසුම් ලා
මහපොළව නොඅල්ලා
සීරුවෙන් මහ සෙනඟ ගමන් ගති
ගොහොරු දෙස අපුල බැලුමන් හෙලා
ආකහේ රැස් බලා
අතක් නළලත තියා
බලාපන් සුදෝ සුදු පින් පාට වළා කැටි
කියා
පැසසුම් සලා....
ඔය
කවියෙන් කියන්නෙ ගණිකාවක් ගැන. ඒ වගේම තවත් එකක් තමයි මේ "කුමුදු
මල සහ පුරහඳ" කියන කවිය.
නිශා
අහසේ - නැගී තරු වැල්
සිනා
සැලුවත් කොයිතරම්,
වලා
සළු මැද - දිලෙන පුරහඳ
කෙසේ
උන් හා සමකරම්,
අනේ
පුරහඳ - වනේ විල මැද
විකසිතවු
කුමුදිනිය මං,
ඔබේ
දසුනෙන් සැනහුනෙම්,
කෙසේ
ගගනත පියමනිම්,
සෙනේ
සඳකැන් විදාලන් විල් දිය මතින්,
සිහිල
විඳගමි හදවතින්,
අමාවකනම්
එපා මොහොතක්වත් ඉතින්.....!
සිංහලෙන්
ලියාපුව එකෙක් දෙන්නෙක් හරි බලාවි. කඩු කවි දිහා නං මොකෙක්කත් වැරදිලාවත් ඇහැක්
ඇරල බැලුවෙ නෑ ආයිබොවං.
FROZEN
I closed my eyes,
to the dancing glow,
of the glistening snow......
Closed my ears,
to the stormy rattle,
of the broken window........
I closed my eyes,
to the dancing glow,
of the glistening snow......
Closed my ears,
to the stormy rattle,
of the broken window........
For I’ve found my world
Long time ago.....
My heart just dance,
When sunshine flows,
From my head to toe....
Oh FROZEN! Am I ?
That’s all you know!!
ඒ වෙලාවට මං කොරන්නෙ අපේ බස්සව අල්ලගෙන බලෙන්ම එව්ව කියවන්න කියල අණ
දෙන එක තමයි. පව් ඉතින් බස්සත් අපරාදෙ කියන්න බෑ කියෝල අහනව මොකද්ද ඒ හරුපෙ කියල.
Funeral
I buried my life
in a snowy cold breeze...
My tears
washed the brown soil,
My dreams
smashed & scattered upon the grave....
Deep in the earth
My pains
stood still
As if never to leave me...
Thus YOU
passed by
smiling into the breeze,
I buried my life
in a snowy cold breeze...
My tears
washed the brown soil,
My dreams
smashed & scattered upon the grave....
Deep in the earth
My pains
stood still
As if never to leave me...
Thus YOU
passed by
smiling into the breeze,
My life lied
silently
under your feet...
ලියුකේමියාවෙන් මියගිය මගේ ඥාති සොහොයුරා ගැන "මරණය" හෝ
"පිළිකාව" කියන අමිහිරි වචන දෙකෙන් බැහැරව තියපු සටහනක් තමයි මේ. මේක
තමයි මම පුවත්පතකට යවපු මුල්ම සහ අවසාන නිර්මාණය. අපරාදෙ කියන්න බෑ මාස දෙකකට විතර
පස්සෙ නිර්මාණ හිඟයක් ඇවිත්ද මන්දා ඒක "රිවිර - අරුණැල්ලේ" පළ වුනා.
ගෙවී ගොස් ඇත වසන්තය
තුරු හිසක රත් කුසුම් පිබිදුන
සරු කෙතක හිරු කැළුම් ඉහිරුන
නිමා විය විහඟ ගීතය
හදවතට මල් හැඟුම් කැන්දන
දවාලයි ගත නැගෙන දාහය
හමා එයි වියලුන සුළo රැල්
රෝහලේ කවුළුවෙන් හෙමිහිට – එකතු වී සේලයින් සුවඳට
යොමමි නෙතු කවුළුවෙන් එපිටට
සරත් හිරු රැස් පෙලයි නයනත
ඇට මිදුළු කකියවන සියුම් වේදනාවක්
රුධිරයට මුසුව පැතිරී ඇදෙයි, ගත වෙලෙයි
නියුරෝන කම්පිතව දුබල හද වෙවුළුවයි
ඇදුම් කන ළය මඬළ සුසුමකින් සසළ වෙයි
බලාපොරොත්තුව……
යළිදු
මා පුබුදුවයි
ගගනත වළා කැටි මත
තරු අමුණලා පා කල
බලාපොරොත්තුව……
රෝහල් ඇඳට රහසේ – ජීවය ගෙනා පෙරසේ
දිනිඳු රැස් දිසිසේ – මුවට හසකැන් වළා පිවිසේ
උදා විය සොඳුරු ගිම්හානය
හරිත තුරු වියමන් – සරසා රක්ත පැහැයෙන්
දසත අතුරා නිසoසල බව – පළවා හරියි විහඟුන්
තවත් වියලෙයි සුසුමන්
තවත් උණුසුම් වේය කඳුළැල්
හැලෙයි රත් පැහැ කොල එකින් එක
නග්න තුරු අත් පියකරුයි, විළිබරයි
අහස වැලපෙයි –
කළු
වළා විසිරෙයි
සුළඟ සසලයි –
කවුළු
දොර හඬ දෙයි
සීතළ…. ලේ නහර කකියවන
ඇස් කෙවෙනි බොර පාට කරවන
කොපුල් තල කඳුළෙන් තෙමාලන
මද පවන සීතලයි
කඳුළු ඊටත් වඩා වැඩියෙන් සීතලයි....
යළි නැගෙයි ගත වේදනා
ගයත් සැම දිවි රැක දෙනුව ආයාචනා
කැටි කරන් හද සීතළ
හෙලමි හදවත –
නිසල
වූ වා තලයට
එද සියල්ලෙහි අවසානය?
විඳි වේදනා අවසානය.
මා තව බොහෝ දුර යා යුතුය………..
ඔය අතරෙ සඳැස් නිර්මාණත් කලා එහෙන් මෙහෙන්. මෙන්න මේ වගේ.
දොළොස් මසක් ගෙවී ගිහින්
නිසංසලෙන්, හෙමින් හෙමින්
තවත් නැවුම් ඉරක් අරන්
යළිත් ඇවිත්
වැලන්ටයින්
බාලිකා කුසුම් පෙලින්
සැඟවෙමින්, හොරෙන් හොරෙන්
චොකෝ එකෙන්,
හසුන්
පතින්
එබී බලයි
වැලන්ටයින්
උයන් කොනේ කුඩේ යටින්
වෙරළ අයිනෙ ගල්කුළෙන්
ඇසිල්ලකින්,
දෙතොල්
මතින්
සිනා තියයි
වැලන්ටයින්
මියුසිකල් නයිට් ගිහින්
මදුවිතෙන් පියා නුවන්
නුරා තෙපුල් පුරා ලවන්
රහස් කියයි
වැලන්ටයින්
ලැගුම්හලේ යහන් මතින්
රෝස පියලි විසුරුවන්
කිරි කළේ බිඳුනු සැනින්
පලා ගියා
වැලන්ටයින්
ඇයි මම මේ පෝස්ට් එක ලිවුවෙ? කම්මැලිකම මචන්ලා කම්මැලිකම! මෙන්න මගේ කම්මැලිකම දුරු වෙනකම්
කියවන්න මම කාන්සියට කියාපු කවි ලැයිස්තුව.