Wednesday, February 12, 2014

උඹ ඒ පාරෙ නොගිහින් - ආවනම් මේ පාරෙ







උන් අඳුනන්නේ නැහැ දුයිශේන්ව
 
ඔව්. උන් අල්තිනායි ගැන දන්නෙත් නෑ.

 
ඒ කොයි කාලෙකට ඉස්සරද?
 
කාලෙ වෙනස් – තාලෙ අලුත්

 
ඒත්,
 
උඹ ඒ පාරෙ නොගිහින්,
 
ආවනම් මේ පාරෙ,
 
බලන්නට තිවුන නංගියේ…..
 
අදටත් පොප්ලර් ගස් දළුලන බව.



85 comments:

  1. මටනම් මොකුත්ම තේරුනේ නැ. මොකක්හරි හැංගිච්ච දෙයක් ඇති මයේ හිතේ.

    ReplyDelete
    Replies
    1. හෑපෝ මේ වෙනුෂි ගැන ලියලා තියන්නේ

      Delete
    2. කවුද බෝරාලුගොඩ මහත්තයෝ වෙනුෂි

      Delete
    3. හෆෝ කුමා උඹල නම් අනේ මන්ද!!! මේ හයිකු කවියක් බන්

      Delete
    4. බොරලු මල්ලි මගෙන් බුකියෙදි තේරුම අහගත්තේ මේකටනේ..... හොඳා හොඳා.... :D

      Delete
    5. හයිකු ගැන ලොකු දැනුමක් නම් නෑ. ඒත් මේක හයිකු ගණයට වැටෙන්නේ නෑ කියලා මට හිතෙන්නේ.

      Delete
    6. ඔය කතාව දැන් දැන් කවුරු හරි කියාවියැයි මට හිතුනා. මුලින්ම මේක categorize කලේ mini කවි කියලා. පසුව දැනගත්තා ඒ නමින් blog අඩවියක් ඇති බව.

      ඒනිසයි මෙය හයිකු නමින් නම් කලේ. හ‍යිකු ලියැවෙන්නේ පේලි තුනකින්. මේ කවි ඊට වෙනස්. නමුත් මම මේවාට කියන සිoහල නම දන්නේ නෑ.

      සුදුසු නමක් ‍යෝජනා කල හැකිනම් අගෙයි.

      Delete
    7. mini කවි බ්ලොග් එක මම කියවලා තියනවා. ඔවුන් mini කියන එක 'කුඩා' කියන අර්ථයෙන් භාවිතා කරන්නෙ මම හිතන්නේ. ඒ නිසා මේකත් mini කවියක් කියන එකේ වැරැද්දක් නෑ ඉතිං. බස්සි පැහැදිලි කලොත් මේ කවියේ සහ ඉදිරියට ලියන්න ඉන්න මේ වගේ කවි වල විශේෂිත ආකෘතිය ගැන, නමක් හොයාගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ 'නිසඳැස් කෙටි සිව් පද දෙකක් සම්බන්ධ කිරීමක්' වගේ නිශ්චිත ආකෘතියක්?

      Delete
    8. රාමුවකට අදාල නොවන නිදහස් කවි. පේලි අටක් දිගු වෙන එකකුත් නැහැ සමහරවිට. වචන ගැලපේවි නමුත් සදැස් නෙමෙයි. Mini කවි තමයි නේද මේවත්. ඒ අර්ථය දෙන වෙන නමක් නැත්ද... :)

      Delete
    9. "අමුතු කවි" ලෙස නම වෙනස් කලා.

      Delete
  2. අතීතයක් නැති මිනිස්සුන්ට වර්තමානය ගැන නිනව්වක් නෑ මගේ අක්කේ. මං ඔය සිදුවීම නිසා මානසිකව මාර විදියට වැටිලා ඉන්නේ. වෙන දෙයක් නෙමෙයි මට තර්ක කරලම ඇති වෙලා.

    ReplyDelete
    Replies
    1. මුල් නැති ගස්. දුයිශේන් කවුද? අල්තිනායි කවුද කියකියා අහනකොට පුදුම කලකිරීමක් ඇතිවුනා.

      Delete
  3. little complicated ............(thinking)

    ReplyDelete
    Replies
    1. hmm...itz all about complications. Some thinking will do no harm. :D

      Delete
  4. හම්මේ වෙලාවට මට මේවගේ ඒවා තේරෙනවා ගොනාට වගේ

    ReplyDelete
    Replies
    1. හනේ හනේ. උඹ පෝස්ට් එක කියවද්දි මම ඔන්ලයින් හිටපු නිසා අපූරුවට තේරුනාලු හොඳේ...

      Delete
  5. ඇත්තටම කවුද මේ දුයිශේන් අල්තිනායි කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔශාන් අයියේ වෙලාවක් තියේනම් වින්ගිස් අයිත්මාත්ව්ගේ ගුරුගීතය පොත කියවන්න. ඔයාට කවියෙන් කීව නොකීව හැමදේම තේරුම් යාවි.

      දුයිශේන් - ආදරණීය ගුරුවරයෙක්.
      අල්තිනායි - ඔහුගේ සිසුවිය.
      ගුරු ගීතය - සෑම ගුරුවරයෙක්ම, සෑම සිසුවෙක්ම කියවිය යුතු පොතක්.

      Delete
    2. oya potha athata gaththa gedara genawa tikak kiyewuwa kiyawanna kammali nika hitiya

      Delete
    3. සමහරුන්ට රුසියානු සාහිත්‍ය දිරවාගන්න අපහසු සීන්කෝන් එකක් තියෙනවා නෙව. ඒ සමහර වචන හෙම අපිට නුහුරු නිසා වෙන්නැති. හෙමින් කියවලා බලන්න.

      ඔය වගේම අපූරු ගුරුවර‍යෙක් ගැන ලියැවුන පොතක් තමයි. To sir with love. කතෘ නම් අමතක‍යි මට.

      Delete
  6. සරලයි..පුදුමයි...නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශෙහාන්!!!

      Delete
  7. පෝස්ට් එක කියවද්දි මොකක් ගැනද කියල තේරුනේ නෑ, කමෙන්ට් ටික කියවද්දියි ෂීන් එක තේරුනේ :D

    ReplyDelete
    Replies
    1. හැමෝටම ඔය ශීන් එක තමයි උනේ. සඳරුට නම් තේරිලා.

      Delete
  8. අදටත් හැබැයි දුයිෂෙන් වගේ ගුරුවරු ටික දෙනෙක් හරි ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මල්ලි අදත් පොප්ලර් ගස් දළු ලන්නෙ.

      Delete
  9. මට නම් ගුරු ගීතය කියන්නෙ ආසම නැති පොතක්. හැමෝම කියවන නිස කියෙව්ව මිසක් කැමැත්තකින් නෙමේ කියෙව්වෙ. මට නම් හිතෙන්නෙ ගුරු ගීතය කියන්නෙ ප්‍රචාරකවාදී පොතක් විදිහට. අනිත් එක අපේ අය ඔය පොත කියවන්නෙ රැල්ලට. හැමෝම කියවන නිසා කියවනව. ඕකෙ ඉන්න දුයිෂේන්ට වඩ කැප කිරීම් කරන, දුක් විඳින ගුරුවරු ඕනෙ තරම් අපේ රටේ ඉන්නවා. වැරැද්ද තියෙන්නෙ ඒ මිනිස්සු ගැන කිසිමදාක පොතක් ලියවෙන්නෙ නැති එකයි. එහෙම පොතක් කවදහරි ලියවුණොත් ඒක ගුරු ගීතයට වඩා උසස් පොතක් වෙයි.

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනා දකින එක එක රාමු. කවියෙන් ගුරු ගීතයේ කතාවනම් නෙමෙයි කියන්නෙ සහෝ. පදපේළි අතරින් ඇතුලාන්තය දකින්න.

      //දුයිෂේන්ට වඩ කැප කිරීම් කරන, දුක් විඳින ගුරුවරු ඕනෙ තරම් අපේ රටේ ඉන්නවා. වැරැද්ද තියෙන්නෙ ඒ මිනිස්සු ගැන කිසිමදාක පොතක් ලියවෙන්නෙ නැති එකයි.//
      එකඟයි. ඔබටම පුලුවන් නෙව ක්‍රියාත්මක වෙන්න. ලියන්න ඔවුන් ගැන. අපිට බැරිකමක් නෑ ගුරු ගීතයට වඩා උසස් පොතක් එලිදක්වන්න. :)

      Delete
  10. “If there is one single book on education which will make you weep, this is it” “The First Teacher” written by a famous Soviet author Chingiz Aitmatov

    ReplyDelete
    Replies
    1. Well said thilan. The sad part is that our new generation havent even heard about it.

      Delete
  11. මට නිකන් අන්ඩර දෙමළ වගේ බන් ...කොමන්ට් ටික කියවන් ආවමයි ටිකක් හලි තේරුනේ....මෙහෙම බෑ පොත හොයන් කියවලම එන්නම්.... :D

    ReplyDelete
    Replies
    1. අන්න ඒක හොදයි ශානු අක්කෝ. ඒක කියවන්න වටින පොතක්. කවිය තේරුම් ගත්තාට වඩා ලොකු දෙයක් ලැබේවි ඔයාගෙ ජීවිතේට ඒකෙන්.

      Delete
  12. අනේද කියන්නේ ඉදගෙන ,,
    අපි දෙන්නම එකට දීලා ඇරලා තිබේ නෙහ්

    ReplyDelete
    Replies
    1. කන හරහා ඇස් ඇරෙන්න. නේද?

      Delete
  13. මේ කවිය නිසා පොඩි මතකයක් ඇවිස්සිලා ආව..
    මගේ භාෂාව තේරුම් ගැනීමේ පොඩි අවුලක් තියෙනවා. සමහර පොත් සෙට් වෙන් නෑ ඒ නිසා. ගුරු ගීතය කියන්නේ ඒ අවුල නිසා මම නොකියවා හිටපු පොතක්.
    ඇහි පිල්ලමක් යට :- බලපු අයට මතක ඇති 2009 කාලෙදි විතර ගියපු ප්‍රදීප් ධර්මදාස'ගේ ටෙලි නාට්ටිය. මේක කලේ ගුරු ගීතය ඇසුරින්. පිටපත ලිව්වේ මංජුල අයියා. ටීවී එකේ විකාශයට කලින් දවසක bmich එකේදී , ඒ'කට සම්බන්ද උන පිරිස වෙනුවෙන් මුළු ටෙලි නාට්ටියම පැය 2ක් හෝ 3කට එඩිට් කරලා පෙන්නුවා. මට ඒකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒකෙ රූප අමුණලා තිබුණු විදිහ මාව පිස්සු වැට්ටුවා . ඒ තමා මම මෙච්චර කාලෙකට බලල තියෙන ටෙලි නාට්ටි වලින් හොඳම එක. පස්සේ මම ආපහු ගුරු ගීතය පොතත් අරන් කියෙව්වා. දැන් ඒ පොත මන් කියවපු මගේ හොඳම පොත් ලිස්ට් එකෙත් තියෙනවා.
    >
    හ්ම්ම්... ඔව්.
    උං අඳුනන් නෑ දුශේයින්ව.
    අල්තිනායි දන්නෙත් නෑ.
    තව පොඩ්ඩෙන් මටත් මිස් වෙනවා...
    >
    බස්සිට තෑන්ක්ස්..

    ReplyDelete
    Replies
    1. අලුතින් දුයිශේන් පරපුරට එක්වෙන්න උපාදිත් එක්ක පත්වීම් ලබන අයත් දුයිශේන් ගැන අහල නෑ තිලින අයියේ. මේ කවිය නිසාත් දුයිශේන්ව මගඇරුනු කීපදෙනෙක්ම ගුරු ගීතය කියවනවා ලු. ඒක මට ලොකු සතුටක්.

      Delete
  14. කවිය අගෙයි.. (//හයිකු කවියක් බන් // හයිකු නමින් ඔපරේටිං සිස්ටොං එකක් ද තිබේ) :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන අයියේ.

      මේක ඇත්තෙන්ම හයිකු සම්ප්‍රදායට වඩා වෙනස්. හයිකුවට පේලි 3යි. මුලින්ම මම මේක mini කවි ලෙස categorize කලත්, එනමින් blog අඩවියක් ඇති නිසා නම වෙනස් කලා.

      වඩා සුදුසු නමක් වෙතොත් ‍යෝජනා කරන්න හොදේ.

      Delete
  15. දෙතුන් පාරක් කියෙවුවත්. ආයෙ ආයෙ කියවන්න හිතෙනවා ගුරුගීතය නම්.

    හැමෝම දුයිශේන්ලා නෙමේ හැමෝටම එහෙම වෙන්නත් බෑ. ඒත් දුයිශේන්ලා තාම වඳ වෙලා ගිහිල්ලත් නෑ බස්සි.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි ප්‍රියෝ තාමත් පොප්ලර් ගස් දලුලන්නේ....

      Delete
  16. මෙලෝ හසරක් නොතේරුනෙමි....

    ReplyDelete
    Replies
    1. comment කියවා බලන්න. ත‍රමක් දුරට වැටහේවි.

      Delete
  17. ඔය රතු දත්ත පොතට ඇතුලත් විච්ච පොරවල් ගැන කවි ලීවට වැඩක්ද බං අක්කෙ...
    කාලෙ වෙනස්
    තාලෙ අලුත්

    ReplyDelete
    Replies
    1. තාමත් පොප්ලර් ගස් දලුලනවා මල්ලි. අත් ඇරලා දැම්මොත් නම් නෂ්ඨ වෙලාම යාවි.

      Delete
  18. මීට වසර කීපයකට කලින් ලංකාවේ විභාගෙකින් පලවෙනි තැන ගත්ත ළමයෙක් ගෙන් කැමතිම පොත මොකක්ද කියලා අහපුවාම ගොඩාක් වෙලාවට ඇහුනේ ගෝරා කියන නම. ඒත් ඒ පොත ඇත්තටම කියවපු කෙනෙක් එකෙක් දන්නවා ඒ පොත හොඳ උනාට ඊට වඩා හිතට අල්ලන ඕනෑ තරම් පොත් තියනවා කියලා. ගොඩාක් වෙලාවට ඒක තමන්ගේ දැනුම පෙන්නන්න කියන කතාවක් කියලා තමයි මට හිතුණේ. ඒ අතරේ බොහොම කිහිප දෙනෙක් විතරක් ගුරු ගීතය කියලා කියනවා. ඒ දෙගොල්ල බලපුවාම ගුරු ගීතය කියපු එවුන් අවංකයි කියලා මට නම් දැනුනේ. මොකද ඒක කැමතිම පොතක් විදියට තෝරා ගන්න හොදටම පුළුවන් හින්දා. දැන් බස්සි බලනවා ඇති මේ මොන විකාරයක්ද මේක ගැලපන්නේ නැති එකක් වගේනේ කියලා. මම කියන්න හැදුවේ මීට ටික කාලේකට කලින් අර විදියට ගුරු ගීතය හරි ගෝරා හරි කියලා නිකමට හරි කියපු එවුන්ගේ අද පරපුරේ කැමතිම පොත් ලයිස්තුවේ මුහුණු පොත දෙවැනි තැනට වත් වැටුනා නම් අපිට දුයිෂෙන් ගෙන් නතර නොවී වින්ගීස් අයිතමොව්ලා දක්වාම යන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මල්ලියේ ඔය වගේම survey එකක් කරලා තිවුනා අපේ A/L batch එකේ ළමයි කැම්පස් ‍යන්න මාස කිහිපයකට කලින්. කලා විෂයන් වලින් campus select උන ළමයි තම‍යිලු නියැදිය. දන්නවද වැඩිම ප්‍රමාණයක් කියවූ කැමතිම පොත තමයි බොද මීදුම්.

      තවත් පිරිසක් ලියා තිබුනාලු කැමතිම පොත තුන්මo හoදිය බව. ඒකලු සින්හල සාහිත්‍ය විෂයේ reference පොත.

      මූනුපොත නරක නෑ. පමණ දැන පරිහරණය නොකිරීමයි නරක.

      Delete
    2. බුදු අම්මේ මුහුණු පොත නරකයි කිව්වා නෙවේ. (අපිත් උදේ ඉදන් ඉන්නේ ඒකේ නේ) මම කියන්න හැදුවේ අක්කා මතු කරපු කාරණේම තමයි. පොත් කියවීම තියන අඩුව

      Delete
    3. දැලි පිහිය වුනත් නිවැරදිව හැසිරෙවුවොත් කිරි කන්න ඇහැකි. මූණු පොතත් ඒ වගේ...

      Delete
  19. අල්තීනායි තව ඉගෙනගත්තනං හරි. නැත්නං මේ කාලේ දුයිෂෙන් ලත් හැදෙන්නේ නෑ.. හොද යටි අරුතක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශ්. අද කාලෙ දිරියෙන් ඉදිරියට යන අල්තිනායිලත් හිගයි නෙව. ඒ පාරෙ යන ටික දෙනෙක් හරි මේ පාරට හැරුනා නම්.....

      Delete
  20. මේක දුයිෂෙන්ල අල්තීනායිලාගෙ කන පලන කාලයක් නෙව.

    ReplyDelete
    Replies
    1. අල්තිනා‍යිගෙ භාරකාරයො එදා දුයිශේන්ට මොන හිරිහැර කරත් දුයිශේන්ව පිට්ටනියෙ දණ් ගැස්සුවෙත් නෑ නෙව. තාලෙ අලුත්.

      Delete
  21. දුයිශේන් වැනි ගුරුවරු තව තවත් ඕනේ යුගයක් මේක.එදාට වඩා අද ඔවුන්ගේ අවශ්‍යතාව වැඩියි.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න ගුරුවරුත් දුයිශේන් කවුද? අල්තිනායි කවුද? පොප්ලර් ගස් කියන්නෙ මොනාද? කියලා ඇහුවලු. දුයිශේන්ව මගහැරිලා බොහෝ දෙනෙක්ට.

      Delete
  22. කවියේ අදහසට මම බොහොම කැමතියි. ගුරුගෝල සම්බන්ධතාවයේ උච්ඡතම සිදුවීමක් නිරූපනය කරන ගුරුගීතය අදට වලංගු නැති වුණත්, ඔවුන් එදා මතු කල ගුරු ගෝල සම්බන්ධතාවය (පොප්ලර් ගස්) නැත්තටම නැති වෙලා නෑ කියන එක වෙන්න ඕනේ ඔබ කියන්න උත්සාහ දරන්නේ. තව ටිකක් දුර ආවා නම් බොහෝ විට ඇයට ඒ පොප්ලර් ගස් දකින්න තිබුණා නේද?

    ReplyDelete
    Replies
    1. කවියේ අදහස මුලුමුනින්ම වාගේ උකහා ගැනීම ගැන ඇත්තටම සතුටුයි තිසර. ඇය ඒ පාරෙ නොගිහින් මේ පාරෙන් ආවානම්. තැන තැන වහසි බස් දොඩන එවුනුත් මේ පාරට හැරුනානම්......

      Delete
  23. ඔව්. අදටත් පොප්ලර් ගස් දළුලනවා. හැබැයි කටත් පෙනෙන කදු මුදුන් වල නෙමෙයි. කැලෑ වල හැංගිලා. මේ ආත්ම තෘප්තිය සහ දැයේ අනාගතය වෙනුවෙන් කැප වෙන දුශේයින්ලා බැබලෙන කාලයක් නොව මුදල් බැබලෙන කාලයක්.
    http://thilakasitha.blogspot.com/2013/10/blog-post_18.html තිලක සිතේ ලියවුනු මේ කතාව මතක් උනා.

    ReplyDelete
    Replies
    1. //කාටත් පේන කදුමුදුන් වල නෙමෙයි. කැලෑවල හැන්ගිලා// සහතික ඇත්ත. කැලෑවට එබී බලන්න වෙහෙසෙන්නෙත් නෑ සමාජය.

      ස්තූතියි link එකට. අනිවාර්‍යයෙන්ම කියවන්නම්.

      Delete
  24. ඔයා කියපු දෙන්නවම මාත් අදුනන්නේ නෑ. ඒ වුණාට මගේ යාළුවෙක් හිටියා එහේ චිංගීස් අයිත්තමාතේව් කියලා එයාවනං දන්නවා බස්සියේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ‍යාලුවාව දන්නවනම් ඇති නලින් අයියේ, දැකලා නැතුවට ඔයා දුයිශේන්වයි අල්තිනායිවයි හදුනනවා ඇති.

      Delete
    2. නැතුව නැතුව ඒ දෙන්නටයි පොප්ලර් නිවුන්නුන්ටයි පෙම් කොළේ මං මෙයිට දශක තුනකට විතර කලින් ඉදන්

      Delete
    3. අන්න අන්න අපිට නලින් අයියගෙ වයස guess කරන්න point එකක් අහුවුනා......!!!

      Delete
  25. Replies
    1. ස්තුතියි ප්‍රියා ...

      Delete
    2. බොහොම ස්තූතියි ප්‍රියා. :)

      Delete
  26. හිතට දැනුනා ගොඩක් ,ගුරු ගිතය ඉස්සෙල්ලාම කියෙව්වෙ මම ගොඩක් පොඩි කාලේ ,එපා වුනා මුලදිම ,පස්සෙ සා/පෙ කරලා ඉන්න කාලේ කියෙව්වා .අන්තිමේදී රුසියන් පොත් පිස්සෙක් වෙලා තමා නතර වුණේ ..

    වානෙ පන්නරය ලැබු හැටි ,සූදු අන්තුවා ,මගේ විශ්වවිද්‍යාලය,අම්මා ,සාර භූමි(මෙකනම් හරියටම මතක නෑ )යකඩ ගැහැනික් ,තව පොත් තියෙනවා ඔය සමහර පොත් වල පරිවර්තන දෙන්නෙක් වගේ කරලා තියෙනවා ,මට නම් ගොදම දැදිගම වී රුද්‍රිගු ගේ එවා .

    නියම්යි ....කාලෙකින් හිතට දැනෙන දෙයක් කියෙව්වා ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ....!!!

      වානේ පන්නරය ලැබූ හැටි මගෙත් ප්‍රියතම පොත. හය වසරෙදි තමයි මුලින්ම කියෙවුවෙ. ඉන් පස්සෙ පාව්කා තමයි මගෙ ලෝකෙ වීරයා වුනේ. පෙරලූ නැවුම් පස, ඈත ඈත දුර පාරක් වගේ නවකතාත්, හිම කබාය, මුමූ වගේ කෙටිකතාත් එක ලෙසින් හද කම්පනය කරවනව. මට හිතෙන්නෙ රුසියානු සාහිත්‍යයේ වෙනසත් ඒකයි.

      හය හත වසරවලදි රුසියන් පරිවර්තන පාසලට ගේන මාව යාලුවො දැක්කෙ පිස්සෙක් විදියට. අමාරුවෙන් මම කිහිපදෙනෙකුටම ඒ පිස්සුව බෝ කලා. :)

      Delete
    2. ඔය පෙරලු නැවුම් පස කියන්නෙත් සාර භුමි කතාවේ එක් කොටසක් නෙද ?මම මෙතෙක් කියවපු කතා වලින් පොඩ්ඩක් හරි හිත කම්පනය කරේ ඔය කතාව ,එකේ කොටස් තුනක් තියෙනවා හොයාගෙන හරි කියවන්න .රුසියන් පොත් වලට මිනිස්සු නබුරු වෙන්නෙ නැති කාරණා කිහිපයක් මම දැක්කා
      1 -ඒ කතා මුලදි කියවන්න හරිම කම්මැලි ගතියක් තියෙනවා
      2 - ඒ තුල තියෙන්නේ වැඩියෙන්ම සුරංගනා කතා නෙවෙයි ,පොදුවේ මිනිස්සු කැමති බොරු කතා වලට
      3- අනික රුසියන් පොත් බලන්නෙ පිස්සො කියලා පොදු මතයක් හදලා තියෙනවා සාමජය තුල
      හැබැයි කියවපු කෙනෙක ්අයේ අත් හරින්නෙ නෑ මම හිතන විදිහට ,ඒ තරම් ,,,,,,


      මගේ ලග එකතුවක් තියෙනවා වෙලාව තියෙන වෙලාවක ලියන්න ඕන,මොකද මම ලියන්නෙම මේ බොලද කතා නේ ......

      Delete
    3. ඔයා කියන හේතු තුන නම් ඇත්ත කියලා මටත් හිතෙනවා. රුසියන් කතා කියවන්නෙ පිස්සො කියල කියන පිස්සො ඕනෑ තරම්.

      මට සාරභූමි වලට වඩා හිතට වැදුනෙ පෙරලූ නැවුම් පස. තුන්වෙනි කොටස කියවලා නැහැ. හොයාගන්න ඕනෙ.

      මමනම් සුරංගනා කතා වලටත් එකවගේ මනාපයි. එකිනෙකට වෙනස් සාහිත්‍යවල ඇත්තෙ එකිනෙකට වෙනස් රසයන් නෙව. අද වෙලා තියෙන්නෙ තමන් රහ බලපු දේ උසස් කියලා බෙල්ල කඩාගෙන තර්ක කිරීමක් මිස වෙනස් රසයන් සොයා යන්නට මැලි වීම.

      Delete
    4. මමනම් සුරංගනා කතා වලටත් එකවගේ මනාපයි. එකිනෙකට වෙනස් සාහිත්‍යවල ඇත්තෙඑකිනෙකට වෙනස් රසයන් නෙව.////
      බස්සි අදහස් කරේ නියම සුරංගනා කතා නෙවෙයි ,අපේ රටේ තියෙන එලොවටත් නැති මෙලොවටත් නැති ඔය සුජිව කාරයා එහෙම ලියන බාල කුණු රසය තියෙන කතා පොත් ගැන ..මට නම් ඒ පොත් ව්ල තියෙන රසය කුණු රසයක් .මම දැනට ඒ පොත් නිකන් ගෙනියන්න කිව්වත් ගෙනියන්නෙ නෑ ..මට පුදුම පිලිකුල් තියෙන්නෙ ...

      මගේ ආදරනිය යක්ෂනි කියවන්න ..-මංජුල වෙඩිවර්දන ගේ කාලේකින් ලියවුණු හොද සිංහල කතා පොතක්

      Delete
  27. මේ වගේම කවි කතාවක් කලින් තිබ්බා නේද??

    ReplyDelete
    Replies
    1. මම ලියාපු කවි කතාවක්ද? වෙන කෙනෙක් ලියාපු කවි කතාවක්ද?

      Delete
    2. ලින්ක් එක දාන්නකෝ...

      Delete
  28. දුෂේයින්, අල්තිනායි ගැන කියවලා තිබුණත් මම හිතන්නේ මේ අයව හුඟ දෙනෙක් අඳුනන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්... ඒක ඇත්ත නිර්මලා....

      Delete
  29. ගුරු ගීතයේ චරිතයක් නේද දුයිෂෙන්...සිත්තරී කෙල්ලත් ඔවැනිම කථාවක් ලියා තියෙනවා දැක්කා....මම නම් රුසියානු සාහිත්‍යයට එච්චර මනාපයක් නෑ...අම්මා කියන පොත විතරයි ඒ පැත්තෙන් කියවලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මම නම් රුසියන් සාහිත්‍යයට ආදරෙයි. සිත්තරිගෙ බ්ලොගියට ගියා ඒත් මට දකින්න ලැබුනෙ නැහැනෙ ඒක. සිරා අයියෙ මෙතන ඒ කතාවෙ ලින්ක් එක පල කරන්න පුලුවන්නම් අගෙයි.

      Delete
  30. ගුරු ගීතය , මම කියවපු ලස්සනම පොතක් ... හැම කෙනෙක්ම කියවල බලන්න ඕනේ පොතක් කියලයි මාත් හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. එකඟයි ඒ කතාවට නංගෝ...

      Delete
  31. අනේ මන්ද අරාබි එකක් වගේ

    ReplyDelete
    Replies
    1. අරාබිය නම් මෙතැනට කොහෙත්ම සම්බන්ධ නෑ යාලු. සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!!!

      Delete
  32. බස්සි මේකෙන් අදහස් කළේ මොකද්ද කියල හරියට ම තේරුණේ නෑ. ගුරු ගීතය ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නේ. මම කී පාරක් කියවල තියේ ද මන්දා. සමහර තැන් පාඩම්.

    ReplyDelete
    Replies
    1. තිසරගේ කමෙන්ටුව කියෙවුවානම් අදහස තේරේවි දිලිනියෝ. පහුගිය දිනක සිදුවුන පාසල් දැරියකගෙ අවාසනාවන්ත සමුගැන්ම නිමිත්තෙන් ලියැවුනේ.

      Delete
  33. හුඟක් දෙනෙක්ට අතීතය අමතකයි.. වර්ථමානයක් නිර්මාණය කරන්නත් ඕන කමක් නෑ ඒ හුඟක් දෙනාට.. ඔන්න ඕකයි තත්වේ..

    ReplyDelete
    Replies
    1. අතීතය අමතක කර වර්තමානය උලා කන රටක අනාගතය ගැන හිතන්නත් බයයි.

      Delete