Monday, March 28, 2016

සම්මාන එපා කියන්නෙ කවුද ඩෝව්?




නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල ගැන මුහුනු පොතේ පිරිස දැනුවත් කරන්න හිතාගෙන උත්සව සංවිධායක මඬුල්ලේ එක සහෝදරයෙක් එෆ්.බී. ගෲප් චැට් එකක මේ ගැන කියනවා.


“හැමෝම එන්න.” එයා කිව්වේ නෙළුම් යාය ආරාධනා පත්‍රයක් චැට් පෙට්ටියට දාන ගමන්.


“අපි නං බ්ලොක්, සොරි වැරදුනා බ්ලොග් ගැන දන්නෙ නෑ.”


“මං ලියන කාලෙක එන්නම්”


ඔය වගේ ප්‍රතිචාර ගොඩක් මැද්දේ මමත් ගොනා සේ එතනට පැනලා විස්තර කරන්න ගත්තා බ්ලොග් ගැන. (ඇත්තම කිව්වොත් එතන බ්ලොග් ගැන නොදන්නවා වගේ හැසිරුන සමහරුන්ව අගය කරලා අපේ ප්‍රවීණ බ්ලොග් රචකයො වෙනමම පෝස්ටු පවා ලියල තියෙනවා.)


එතැනදි මම කිව්වා කාලයක් තිස්සේ බ්ලොග් ලියන, ප්‍රවීණ බ්ලොග්කරුවො බොහොමයක් සම්මාන ප්‍රතික්ෂේප කල බව.


“මම නම් දන්නෙ නෑ එහෙම එකක්!” මල හත්තිලව්වට ගහපු කලාබරේ කියන්නැහේ අර සංවිධායක කමිටු සාමාජිකයත් ඒ කතාව අහල පුදුම උනා.


“සම්මාන එපා කියන්න පිස්සුද?”


“අනේ එපා නම් ඒ සම්මානෙ මට දෙන්නකෝ.”


“අච්චර ලස්සන සම්මානයක්! එපා කිව්වේ මොකද දන්නෙ නෑ.”


ඔය වගේ ප්‍රතිචාර ගොඩකින් ඒ චැට් පෙට්ටිය පිරවෙද්දි, මම තීරණය කලා ඉතිරි ටික බ්ලොග් පෝස්ටුවකින්ම කියල දාන්න.


ඔව්. ප්‍රවීණ බ්ලොග්කරුවන් කිහිපදෙනෙක් සම්මාන ප්‍රතික්ෂේප කලා.

විශේෂයෙන්ම කියන්න ඕනෙ, ගිය අවුරුද්දේ වසරේ හොඳම බ්ලොග් අඩවියට හිමි සම්මානය දිනාගත්තු ‘මාතලන්’, ඊගාව සම්මාන උළෙලට තමාව නිර්දේශ නොකර වෙනත් කෙනෙක්ට ඇගයීමට පාත්‍ර වෙන්න අවස්ථාවක් දෙන්නැයි ඉල්ලා හිටියේ සම්මාන උළෙල අවසාන වුන දවස්වලමයි.


මූලික වටයේ සම්මානවලට නිර්දේශිත බ්ලොග් රචකයන්ගෙන් විනිශ්චය  මඬුල්ල විමසනවා තමන්ගේ නම නිර්දේශිත බ්ලොග් අඩවි අතර තිබීම ගැන අමනාපයක් නැතිද කියල. ඒ අවස්ථාවෙදි පෞද්ගලික හේතූන් මත (අනන්‍යතාවය හෙලි කිරීමට අකැමති වීම යනාදී) සහ වෙනත් කෙනෙක්ට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලමින් තමන්ගේ නම් ඉවත් කරගත්ත බ්ලොග් රචකයන් පිරිසකුත් ඉන්නවා.


කල්‍යාණ මිත්‍ර – කලාහිත බ්ලොග් අඩවිය

අජිත් ධර්මකීර්ති – කොළඹ ගමයා බ්ලොග් අඩවිය


මේ දෙපල විනිසුරු මඩුල්ලත් එක්ක කටයුතු කරන නිසා තමන්ගේ බ්ලොග් අඩවි මුලදීම ඉවත් කරගත්තා. ඊට අමතරව තමන්ගේ බ්ලොග් අඩවි ඉවත් කරන්නැයි ඉල්ලා හිටපු බ්ලොග් රචකයන්ගේ ලැයිස්තුවක් තමයි මේ.












 
ඔව්. බ්ලොග් අවකාශයේ ඉන්නේ ඒ වගේ සුන්දර මිනිස්සු. මේ අය නිර්දේශිත නාමවලින් තමන්ව ඉවත් කරන්නැයි ඉල්ලා නොසිටියානම් අනිවාර්යයෙන්ම සම්මානයට පාත්‍ර වෙන්නෙ ඉඩ තිබුනා.


ඔබ සමහරවිට අහලා නැතුවත් ඇති. නෙළුම් යාය බ්ලොග් සංසදය මගින් මසකට වරක් තෝරාගන්නා එක් බ්ලොග් අඩවියක් වෙනුවෙන් පොත් වවුචර හෝ මුදල් ත්‍යාගයක් පිරිනමනවා. ඒ සඳහා තේරීපත් වුන සමහරෙක් ඒ මුදල්/ පොත් වවුචර දුෂ්කර පාසැල්වල ඉගෙනගන්නා දරුවන් වෙනුවෙන්, නෙළුම් යායේ සමාජ සත්කාර වෙනුවෙන් ප්‍රදානය කලා.


එදා, සම්මාන උළෙල අතරතුරේ සිදුවුන තවත් සිදුවීමක් තියෙනවා කතා නොකරම බැරි. ඒ ගැන මම මුකුත් නොකියා පින්තූරයක් විතරක් පල කරන්නම්.




මේ එක් අංශයකින් ප්‍රථම ස්ථානය හිමි කරගත් බ්ලොග් රචකයෙක්/ රචිකාවියක්.

සම්මානයක් කියන්නේ ඇගැයීමක්. ඒ ඇගැයුම තමන්ගේ කාලය, ශ්‍රමය සහ ධනය වැයකරගෙන ස්වේච්ඡාවෙන් බ්ලොග්කරණයේ නියැලෙන අපේ බ්ලොග්කරුවන්ට ගොඩක් වටිනවා. නමුත් ඒ බොහොමයක් දෙනා ලියන්නේ භෞතික සම්මාන හෝ වෙනත් පෞද්ගලික ලාභ අරමුණු කරගෙන නොවෙයි.


ඉතින්, මමත් බොහොම ආදරයෙන් නෙළුම් යාය සංවිධායක මඬුල්ලෙන් ඉල්ලා සිටින්නේ ලබන වතාවේ මගේ බ්ලොග් අඩවිය best blogger of the year කැටගරිය වෙනුවෙන් ඉදිරිපත් කරන්න එපා. මේ අවුරුද්දේ අළුතෙන් හිතන, අළුතෙන් ලියන, වෙනස් එවුන්ව මෙතනට ගේන්න මට හැකි උපරිමය මම කරනවා. ලබන අවුරුද්දේ ඒ පරම්පරාවේ උන් සම්මාන ගන්නවා බලන්න මමත් එනවා. ඒ වගේම, නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල වෙනුවෙන් මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා.


සාමාන්‍යයෙන් ලංකාවේ සම්මාන උළෙලක් අවසානයට අපිට අහන්න දකින්න ලැබෙන්නේ “මට හම්බෙන්න තිබ්බ එක අරයට දුන්නා” වගේ තරඟකරුවන්ගේ අඬෝවැඩියාවල්. නමුත් නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල ආරම්භයේ සිටම අහන්න ලැබුනේ “අපි පොදුවේ බ්ලොග් අවකාශය නගා සිටුවන්න යමක් කරමු.” කියන අදහසයි. 


අන්න ඒකයි බ්ලොග් කලාවේ අභිමානය.




142 comments:

  1. ආන්න එහෙම පැත්තකට වෙයල්ලා.... ඔක්කොම පැත්තකට උනාම බැරියැ අපිටත් දෙය්යනේ කියල සම්මානයක් ගන්ට!

    මේ.. අර අර ... ලියුම් කවරේ මේ.. අර..... අරයගෙ නෙහ් ? අකුරු වලිම්ම කිව්වැකි කැරැට්ටුව.. හිහ්.. හිහ්... මමත් මේ උඩ පනිනවා ඉවරයක් නැතුව. හැබෑටම සම්මානයක් කියන්නේ වටිනා දෙයක්. වඩාත් වටින්නේ නිසි කෙනාට ලැබෙනවා දැක්කහමයි. බස්සිගේ මේ ජයග්‍රහණය උරුමයි.

    ඉවත් වෙන්න එපා. ඊට වඩා හොඳ වැඩක් තියෙනවා කරන්න.

    ReplyDelete
    Replies
    1. සම්මානේ දීලත් ආපු නැති එකී

      Delete
    2. අල්ලේ ... ඒම කියල්ල එව්වා අල්ලේ........ ....

      මට වෙච්ච අලකලංචිය නම් හතුරෙකුටවත් වෙන්න එපා. ඈ බොලේ.... ආපු නැති උන්ගෙන් මමද මන්ද මෙතරම් පස්පඩංගුවේ බැනුම් අහන්නේ... අහ් ? ඉවෙන්ට් එක සාර්ථක උනෙම මම හිටියේ නැති හින්ද කියල කිව්වොත්වත් තේරෙයිද මන්ද..

      Delete
    3. මැට්ටි........ එන්නෙ නැතිව මට වධ දුන්නා. අර සායක්කාරගෙ නාට්ටිය බලන්නම දුන්නෙ නෑ...

      Delete
    4. හයියෝ තරූ අක්කේ. සායක්කාරගෙ ඩ්‍රම එක බලන්න උනේ නෑ කියන්නෙ උපයා ඔයා වෙනුවෙන් සෑහෙන සේවයක් කරල තියෙන්නෙ!

      Delete
    5. මෙහෙමයි. මම කිහිප තැනකදිම දැක්කා, සම්මාන ලැබිය යුතු ප්‍රවීණ බ්ලොග් අඩවි වලට සම්මාන නොලැබුනු බවක්. විශේෂයෙන්ම දේශපාලන අංශයෙන් 'මාතලන්'ට, කෙටිකතා අංශයෙන් 'බීට්ල්'ට සහ 'ඉවාන්'ට. තව කවි/නිසඳැස් අංශයෙන් 'දමිත් කේතක'ට වගේ. ඒකටත් පිලිතුරක් විදියටයි මේ ලිපිය ලිව්වෙ.

      Delete
    6. //ආන්න එහෙම පැත්තකට වෙයල්ලා.... ඔක්කොම පැත්තකට උනාම බැරියැ අපිටත් දෙය්යනේ කියල සම්මානයක් ගන්ට!// හැක හැක හක්.

      Delete
    7. //ආන්න එහෙම පැත්තකට වෙයල්ලා.... ඔක්කොම පැත්තකට උනාම බැරියැ අපිටත් දෙය්යනේ කියල සම්මානයක් ගන්ට!// X2

      Delete
    8. සැක් මටනම් ඔය සම්මාණ, උත්සව බ්ලොග් කාරයො එකෙක්වත් හින්ද නෙමෙයි එතනට ගියේ උපය එයි කියල වචනයක් කතා කරල එන්න , කොහෙද අන්තිමට උනේ ඉවානය ගෙ කන්දොස්කිරියාවෙන් ගැලවෙන්න බැරි උන එක.

      Delete
    9. බස්සි: මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ. ඒ කියන්නේ මම බලාපොරොත්තු උනා සමහර සම්මාන ලැබිය යුතුම අය තරඟයෙන් ඉවත් වෙලා කියල. ( නම් කරන්න කැමති නැත) එතකොට මට ටිකාක් විතර බලාපොරොත්තු කඩ උනා. එහෙම නොවුනා නම් හොඳයි කිව්වේ ඒකයි, හෙතුව මොකක් උනත්. ඉවත් වෙනවා කියන්නේ 'පොරත්වයෙන්' නොවන බව මම දන්නවා. නමුත් එයින් අලුත් උන්ට තැනක් ලැබෙනවා කියල හිතනවට වඩා මට හිතෙන්නේ අලුත් එකා තව පොලිෂ් වෙන්න හදන එක අඩු වෙයි කියල. බැරිවෙලාවත් අලුත් එකෙක් මේ අතරින් තුන්වෙනි හරි තැනට ආවොත් ඒ පුද්ගලයාගේ සතුටේ තරම කියන්න පුලුවන්ද? අන්න එතනයි නියම ඇගයීම එන්නේ. එකයි මම අදහස් කලේ.


      කම්මල: මම ඉතින් ආවනම් කතා කොරන්නේ වචන දෙකයි... කම්මලයා හීන් සීරුවේ ඉවාන් කියන දෙයක් අහගෙන ඉන්න මනාප වෙනවා .. අනේ ඔව්....

      Delete
  2. මුළින්ම හෘදයාංගම සුභපැතුම් ..!
    මේ ඔබට ලැබිය යුතු නියම ඇගයීම ... ( ලද සම්මානය ).

    අර හකුරු වගේ අකුරු අතර තියෙන Signature 1 නිසා එයාව හඳුනාගත්තා හොඳේ .. හි.. හි..

    ( සැඟවුණු අමුත්තා සෙවීමේ තරඟයේ ජයග්‍රාහකයා මමයි එතකොට.... )

    පරාර්ථකාමී හැඟීමක් පෙරදැරිව, සම්මාන ප්‍රතික්ෂේප කරපු ඈයො ගැනත් ආඩම්බරයි,

    ReplyDelete
    Replies
    1. මුලින් පළකරපු කමෙන්ට් එක පළ උනේ නැහැ. Error 1k ආවා. ඒ නිසා උපේක්ෂා නෙමෙයි මමයි 1. ☺ ☺ දැන්, උපේක්ෂා පැත්තකට වෙන්න මට තෑග්ග ගන්න. ( සැඟවුණු අමුත්තා සෙවීමේ )

      Delete
    2. දුහුප්... කිව්වේ....

      (ආන්න එහෙම තමයි බොලව් මම මේ සම්මානෙත් ගත්තේ... හෙහ් හෙහ්.... )

      Delete
    3. බොහොම ස්තූතියි සඳරු!
      එදා ආවට කුරුට්ටො සෙට් එක එක්ක කතාවට සෙට් වෙන්න බැරිවුනා නෙව හිතේ හැටියට. සෙනග ගොඩේ මිස් වෙන්න ඇති.

      උපයා නම් සැඟවුනු අමුත්ති තමයි. එනවා කියල හැංගුනා.

      Delete
  3. බස්සිගේ ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්...

    --------------
    උබ වගේම අර නම් සඳහන් කරපු හැමෝගෙම "පුදුම සහගත" තීරණය ඇත්ත ටම පුදුම සහගතයි.
    එක එහෙම වෙන්නේ ඔය ජාතියේ තීරණ කිසිම සම්මාන උළෙලකදී අපි දැකල නැති හින්දයි...

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔවුන්ගේ නම් මෙතන සඳහන් කලේ නිසි ගෞරවය ලබා දෙන්නයි.

      තැන්කූ විභී!!

      Delete
  4. මෙච්චර සිංහල බ්ලොග් තියෙනවා කියලා දන ගත්තෙත් අද ...... නියම බ්ලොග් ටිකක් තියෙනවා ..... (y)

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් බ්ලොග් තියෙනවා. සින්ඩිකේටර්වලට ගිහින් බලන්නකො.

      Delete
  5. බ්ලොග් සම්මාන වලට නිර්දේශ උන, නොවුන, ජයග්‍රහණය කරපු නොකරපු හැමෝටම හදවතින්ම සුබ පතනවා ඔන්න මං.

    තාමත් ඒ වගේ උතුම් හදවත් ඇත්තො ඉන්නවා කියල මේ සටහන දකිද්දි හිතට තදින්ම දැනෙනවා.
    ගොඩක් සතුටුයි. :)

    ආපහු වතාවක් හැමෝටම සුබ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගා!

      ඔව්. ඔව්. තාමත් ඒ වගේ අය ඉන්නවා, තිරය පිටුපස.

      Delete
  6. බස්සි: පළමුව, ඔබට ලැබුණු සම්මානයට මගේ හෘදයංගම සුබපැතුම්! මම හිතන්නේ සුදුසුම පරිදි එය සිදුවී ඇති බවයි. උඩ ඇති ලැයිස්තුවේ ඉකොනොමැට්ටාගේ බොජුන්හලද ඇතුලත්ව තිබීම අනෙකුත් අයට කරන අවමානයක් විය හැකිය. මේ වන විට මා දන්නා පරිදි, කාලින සංවාද අංශයේ පළමු ස්ථානය ඉකොනොමැට්ටාගේ ලිපියක් සඳහා හිමි වී ඇත. වෙනත් බොහෝ දෙනෙකු මෙන්ම මාද බ්ලොගය පවත්වාගෙන යන්නේ සම්මාන හෝ වෙනත් කිසිවක් බලාපොරොත්තුවෙන් නොවන නිසා සහ යම් හෙයකින් මට සම්මානයක් ලැබුනේනම් එය ලබාගැනීමට නොපැමිණීම හේතුවෙන් සංවිධායකයින් අපහසුතාවයකට පත්වීම වැළැක්වීමේ අරමුණින් තරඟයෙන් ඉවත්වීමට මා මුලින්ම සිතුවත් හේතු කිහිපයක් නිසා ඒ අදහස වෙනස් කරගත්තෙමි. මුලින්ම ප්‍රකාශයට පත් කළ නිර්දේශිත ලැයිස්තු දෙකේම ඉකොනොමැට්ටා බ්ලොගය තිබීම සහ තවත් බොහෝ දෙනෙකු තරඟයෙන් ඉවත්ව ඇති බව ඔබේ සටහන කියවීමෙන් පසු මා දන්නා නමුත් කිසිවකු එසේ කර ඇති බව මා කලින් දැන නොසිටි නිසාත් තරඟයෙන් ඉවත්වීම මේ කටයුත්තට අහිතකර බලපෑමක් ඇති කරයිද යන සැකය මට ඇති විය. ඒ නිසා මා සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියේ මේ කාර්යයට අවම හානියක් වන සේ මගේ වෙබ් අඩවිය ඉවත් කිරීම හෝ නොකිරීම යන දෙකින් එකක් කරන ලෙසයි. ඒ නිසා ඉකොනොමැට්ටානම් අනෙක් සුන්දර මිනිසුන් සමඟ ලැයිස්තුගත කළ යුතු නැති පුද්ගලයෙකි.

    ReplyDelete
    Replies
    1. අනේ දෙය්යනේ.. මෙහෙම තරඟයෙන් ඉවත්වෙන්න ගත්තොත් ඕක ට්‍රෙන්ඩ් එකක් වෙලා අන්තිමට සම්මාන ලැබෙන්නේ නිසි එකාට නෙවෙයිනේ. එහෙම නෙවෙයි, කුසලතා සහතික හෝ සම්මාන දීමෙන් ( ඒ ඒ අංශවල) අලුත් අය දිරිමත් කරන්න පුළුවන්. නැත්තම් උළෙලක් සඳහාවූ මුඛ්‍ය පරමාර්ථය යටපත්වෙනවා වගේම සංවිධායකයින්ගේ කැපවීම හෑල්ලු වෙනවා නේද?

      එකම කෙනා හැම වෙලාම තෝරන්නේ නැතුව ඉන්න එක වගේ ක්‍රමවේදයක් විනිශ්ය මණ්ඩලය යොදාගන්නවා නම් හොඳ වෙයි නේද? මේක මගේ යෝජනාවක් විතරයි. ඒ කියන්නේ එකම කෙනා හැම කැටගරියෙන්ම තෝරන්න තියෙන අවස්තාවන් වගේ දේවල් මගහරින්න පුළුවන් නේද? අනිත් එක ඒ වගේ නමගිය කෙනෙක් ඉදිරි ඉන්නකොට තුන්වන ස්ථානයක් කියන්නේ අලුත් කෙනෙක්ට මහා ඉහලයි නේද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. // මෙහෙම තරඟයෙන් ඉවත්වෙන්න ගත්තොත් ඕක ට්‍රෙන්ඩ් එකක් වෙලා අන්තිමට සම්මාන ලැබෙන්නේ නිසි එකාට නෙවෙයිනේ. එහෙම නෙවෙයි, කුසලතා සහතික හෝ සම්මාන දීමෙන් ( ඒ ඒ අංශවල) අලුත් අය දිරිමත් කරන්න පුළුවන්. නැත්තම් උළෙලක් සඳහාවූ මුඛ්‍ය පරමාර්ථය යටපත්වෙනවා වගේම සංවිධායකයින්ගේ කැපවීම හෑල්ලු වෙනවා නේද? //

      එකඟයි ඔබත් සමඟ. චැහ්, මේකේ Like Button එකක් නැහැ නේ ...

      Delete
    4. සමාවෙන්න ඉකෝන්. වහාම නිවැරදි කලා.

      Delete
    5. තව දෙයක් තියෙනවා කියන්න.
      මේ පෝස්ටුවේ ට්‍රෙන්ඩ් සෙටින් අරමුණක් නම් නැහැ.
      ඉකෝන් තරඟයට ඉදිරිපත්වීම් වැදගත්.

      අනික තමයි මම කැටගරියෙන් ඉවත් වෙනවා, ඒ මට හොඳම බ්ලොග් අඩවියට අදාල සම්මානය මේ වසරේ ලැබුන නිසා සහ ලබන වසරේ එතෙන්ට අළුත් කෙනෙක් එනවා දකින්න මම කැමති නිසා.

      මට උවමනා වුනේ, මේ ලැයිස්තුවේ තිබෙන සමහරක් බ්ලොග් අඩවිවලට සම්මාන නොලැබීම ගැන ඒවායේ පාඨකයන් ප්‍රශ්න කරනවා දැක්කා. ඔවුන්ව දැනුවත් කලයුතුයැයි හිතුනා.

      Delete
  7. ඔබට සුභපැතුම්.!
    බස්සාගේ ඡායාරූප එකතුවෙන් වැඩසටහන බලාගත්තෙ.එයැයිට ඉස්කෝතු පෙට්ටියක් දෙන්න.හෙහ් හෙහ්...
    දිගින් දිගටම රස බර පෝස්ටු පලවේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පැපෝ! අනිවාර්යයෙන්ම, දිගටම ලියනවා.

      Delete
  8. බස්සී , මාද ඇතුළු ඉහත සියලු දෙනා තරගයේ සිටියත් මේ ප්ර්තිපලයේ වෙනසක් වෙන් නෑ . ඒ නිසා අපේ අවංක සුබ පැතුම් පිලිගන්න . මම තරගයෙන් ඉවත් වුනේ අහිංසක හේතුවක් නිසා . කාගේවත් වරදක් නිසා නෙවෙයි . එදා නෙලුම් යාය සම්මාන උළෙලිනුත් මේ පෝස්ටුවෙනුත් නැවතනැවත ඔප්පු වෙන්නේ බ්ලොග් ලෝකය කියන්නේ හරිම සුන්දර තැනක් කියන එකමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලක අයියෙ.

      Delete
  9. බ්ලොග්කරුවෝ සොදුරු මිනිස්සු බව නැවත නැවතත් තහවුරු උනා.... නෙළුම් පිපෙන හැටි බලන්න දවසක කොහොම හරි එනවා.... නැවතත් උඹ ඇතුළු සම්මාන නතු කර ගත් හැමෝටම සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ලබන අවුරුද්දෙ එන්න ට්‍රයි එකක් දෙන්ට කිඹුලි අක්කෝ. ඒ අතරෙ දිගටම ලියන්න, බ්‍රේක් ගහන්නෙ නැතුව

      Delete
  10. හොඳ සටහනක් බස්සි. ඇත්තටම තරඟයෙන් මුලදීම ඉවත් වුනු හැමෝටම ස්තුතියි. ඒ පරාර්ථකාමිත්වය වෙන තැන්වල දකින්න ;ලැබෙන්නේ නැති දුලබ දෙයක්. ඒ හැමෝටම තුතියි.

    ReplyDelete
    Replies
    1. මේක පරාර්ථකාමිත්වයක් නෙමෙයි. එක්කෝ පරදින්න අකැමැතිකම. එහෙම නැතිනම්, වැරදි අවබෝධයක්. සම්මානයක වටිනාකම වැඩි වන්නේ තරගකාරිත්වය වැඩි වන තරමටයි. මේ ගැන තරමක් දිගු සටහනක් මම මෙහි අදහසක් ලෙස දක්වා තිබෙනවා.

      Delete
    2. මේ ගැන මමත් හිතන්නේත් පැරා හිතන විදිහටයි. සම්මානයක වටිනාකම වැඩි කිරීමට ප්‍රවීනයෙකුට කළ හැකි හොඳම දේ පැරදෙන්න බලාගෙන තරඟයට ඉදිරිපත් වීමයි. විනිශ්චයේදී ප්‍රවීණ ආධුනික ලෙස හෝ බ්ලොග්කරු කවුද කියා නොසිතා බ්ලොග් ලිපිය ගැන පමණක් අවධානය යොමු කරනවානම් මෙහි ප්‍රශ්නයක් වීමේ ඉඩකඩක් නැහැ. කොහොමටත් සිංහල බ්ලොග් තියෙන්නේ සීමිත ගණනක් නිසා බොහෝදෙනෙක් ඉවත් වුණොත් සම්මාන උළෙල පාළු ගෙයි වලං බිඳීමක් වෙනවා. වඩා හොඳ ක්‍රමවේදයක් සාදාගැනීමට ශක්තිය ලැබෙන තුරු විනිශ්චය මණ්ඩලයේ සිටීම, ත්‍යාග වලට සම්මාදම් වීම වැනි හේතුමත ඇතැම් අයට ඉවත් වීමට සිදු විය හැකියි. (ඇතැම් අයට වෙනත් පෞද්ගලික හේතුත් තිබිය හැකියි.)

      Delete
  11. සුභපැතුම් බස්සි... අර බුකියේ දාපු පින්තූර ටිකට බොහොම පින්... එන්න බැරිවුනත් පින්තූර දැක්කාම හරිම සන්තෝසයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      ඒවයෙ ඉන්න කස්ටියගෙ නම් ගම් දාල වෙනම පෝස්ට් එකක් ලියන්න ඕනි.

      Delete
  12. මගේ උණුසුම් සුබ පැතුම් බස්සී!!!

    ReplyDelete
  13. බස්සීට සුභ පැතුම්....... බස්සීගේ කණේ පාර කිස් කන්න වැදුනා....!

    සුමිත් කුලනසිරිව මම දැනගෙන හිටියේ නෑ. 26 වෙන්දා උදේ "සිංහයා" කෝල් එකකින් තමයි මම ඇහැරුනේ. "අන්න සුමිත් කිව්වා උඹට එන්න බැරිනම් කාව හරි එවන්න කියලා...." ඌ කිව්වා.

    නිදි කිරා වැටි වැටි මම ඉන්දික නොහොත් සිංහයාට කිව්වේ, "මේ යළට මහට පෝස්ට් එකක් දාන මට වැඩිය ඕක ඒ අළුතෙන් බ්ලොග් ලියන කොල්ලෙකුට කෙල්ලෙකුට දුන්නා නම් උන් තව උනන්දුවෙලා පට්ට ගැම්මකින් ලියයිනේ කියලා......"

    හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න කාල වේලා මදි උනාදෝ, නැතිනම් සම්මානෙට ලෝබ හිතුනාදෝ කියලා මට නිච්චියක් නෑ.....! හැබැයි සම්මානේ ලැබිච්ච එකට මට පට්ට සන්තෝසයි......! (මම පෘතඥ්ඥනයෙක් )

    ඊලඟ නෙළුම්යායට මගේ බ්ලොග් පෝස්ට් (බැරි වෙලා හරි ලිය උනොත් ) නිර්දේශ කරන්න එපා. අපිට අවශ්‍යය වෙන්නේ තව තව අළුතෙන් පොහොට්ටු මතු වෙන්නයි, ඒ පොහොට්ටු සුවඳ දි දී සුපිපෙන්නයි.......!

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව් දුමී! මේක කනේ පාරක් නෙමෙයි අයියෝ!!
      මට උවමනා උනේ මේ විදියට තරඟයෙන් ඉවත් වුන අයගෙ බ්ලොග් අඩවි ගැන සඳහන් කරලා, 'එයාලගෙ බ්ලොග් හැලිලා වෙනත් අයට සම්මාන ලැබුනෙ කොහොමද?' කියලා සමහරු අහපු දේට උත්තරයක් දෙන්නත්, අර බ්ලොක් හෙවත් බ්ලොග් ගැන උපන්තේකට අහල නෑ වගේ හැසිරුණ අයට පිලිතුරක් දෙන්නත්.

      දුමී බ්ලොග් එක සම්මාන වලින් අයින් කරගන්නවාට වඩා, හොඳ තරඟයක් දෙන්න හිතාගෙන දිගට හරහට ලියන්න ගන්නවානම් තමයි මම වඩා කැමති.

      Delete
    2. I read many of "Dumie's" blogs long time ago. And had a awesome entertainment from his writings.

      But....unfortunately he had stopped writing.
      I don't know why...

      I wish he will start writing again....
      ....atleast once in two weeks...????

      Thanks to Bassi and congratulations. ..!

      ===Adrian Channa from Toronto===

      Delete
  14. ඇත්තටම බ්ලොග් කරුවෝ කියන්නේ අරුම පුදුම මිනිස්සු ජාතියක් විදියට හදුන්වන්න මම කැමති..ලාබයක් නැත්නම් කෙලවත් නොගසන මිනිස්සු ඉන්න රටේ තමන්ගේ පුද්ගලික කාලය කැපකරමින් ලියනවා...ඇයි ඒ? මටත් ප්‍රශ්නයක් මාත් ඉඩ හිට ලියනවා නෙහ්...අත්ම තෘප්තියට නෙහ්..තමන්ගේ පුද්ගලික ධනය වියදම් කරමින් අනිත් අයට තෑගි දෙනවා..තෑගි ඇතා නැතා අතින් වියදම් කරන් අපිත් යනවා...මුදල්තයග අපහු පරිත්යාග කරනවා...

    සුහද හමු අවුරුදු උත්සව වලදී සම්මාන උළෙලේදී අකුරු වලින් අදුරන අපි හැබැහින් දකිනවා..ලොකු නම් වලින් දාර්ශනික වදන් බෙදන හරි සුන්දර මිනිස්සුන්ව අපි දකිනවා එදාට හැබැහින්...

    එකයි මම කියන්නේ බ්ලොග් කරුවෝ අරුම පුදුම මිනිස්සු ජාතියක් කියල..

    අක්කගේ සම්මානෙට නැවතත් සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. ආචාර්ය වීරකෝන් මේ කොමෙන්ටුව හරියටම හරි. ඇත්තටම බ්ලොග් කරුවෝ හුඟක් මුණ ගැහුණම කොපමණ සුන්දර විනෝදකාමී ඒ වගේම , ඒ වගේම ගව් ගානක් ඉස්සරහින් ඉන්න කට්ටියක් (සමාජයේ ඉදිරියෙන්ම සිටින පිරිසක්) කියල තේරෙනවා. ඕනෑම රටක සමාජ ප්‍රගමනයට දායක වන්නේ මේ වගේ අයයි.

      Delete
    2. The people who are crazy enough to think that they can change the world are the ones who do. (Steve Jobs)

      Well, most bloggers are crazy enough so that they have the potential to make the world a better place.

      Delete
  15. වසරෙ බ්ලොග්කාරිණියට අතට අතදී සුභ පතන්න අවස්ථාව ලැබුණු එක ගැන සංතෝසයි. සිංහල බ්ලොග් ලිවීමට සිතුණේ ඔබ වැන්නවුන් ගේ බ්ලොග් කියවීමෙන්. බ්ලොග් ලෝකයට සිදුකරන සත්කාර්‍යය දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉයන්!
      වැඩිවෙලාවක් කතා කරන්නත් බැරිවුනා නේද! අද හවසට ඉතිරි ටික කතා කරමු අජිත්ගෙ බුක්ලෝන්ච් එකේදි.

      Delete
  16. සියළු සම්මානලාභීන්ට සුභ පැතුම්

    ReplyDelete
  17. හමුවෙලාම සුබ පතන්න ලැබීම ගැන හුඟක් සතුටුයි...

    ReplyDelete
    Replies
    1. තුෂානි එදා හිටියද කතා කරන්න බැරි උනා නොවෑ..අයිත් මොකක් හරි තියෙන වෙලාවක කෙට්ටු කොට බුවෙක් දැක්කොත් කතා කරන්න

      Delete
    2. ඒකනේ.. අපහු හම්බුනොත් අනිවාර්යයෙන්ම කාතා කරමු..

      Delete
    3. බොහොම සතුටුයි හමුවීම තුශ්!

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. බ්ලොග් කරුවන්,සමාජජාල ක්‍රියාකරුවන් දෙපිරිසක්.....බ්ලොග් කරුවෙක් කාට හරි මඩ ගහනවනන් ඒ හරිම අඩුවෙන්(එකෙක් දෙන්නෙක්)හැබැයි බ්ලොග් කරුවන් එක්ක බලද්දි අනෙක් සමාජ ජාල ක්‍රියා කරුවන් මඩ ප්‍රහාර.....කුණු කන්දල් අතින් ඉදිරියෙන්.....එහෙව් බ්ලොග්කරුවන් සමාජයට අශිර්වාදයක්...ආඩම්බරයක්......මම දකින වැදගත්ම දේ තමයි බ්ලොග් කරුවන් හරිම නිහතමාන්නී.....අජිත් අයිය....බස්සි අක්කෙ ඔය.......තරු අක්ක......ඉවාන් අයිය...කමිය....පැරා...රසික අයිය.....ඔක්කොම හරිමනිහතමානී...ඒකට බොහොම ස්තූතියි.....මම එදා එනකන් හිතන් හිටීයෙ කට්ටිය ඔක්කොම හෙන ලොක්කො....හෙන ඔලු කාරයො කියල.....ඒව ඔක්කොම. වෙනස් උනා කට්ටිය හම්බුනාට පස්සෙ....ස්තූත්යි...හැමෝම මගෙම......... අයියල අක්ක්ක්කල වගේ......හරියට බ්ලොග්කරුවන් එකම පවුලක් වගේ...

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව දැකීමත් සතුටක්

      Delete
  20. එහෙම බෑ. උඹට ආයි හොදම බ්ලොග් කරු කියන එක නං දෙන්න මං ඉඩ තියන්නැ. හැක්.. ඒක නෙමෙයි අනිත් ඒවා නං ප්‍රතිකේෂ කරන්න එපා.. එහෙම කරොත් අපරාදයක්..සම්මානේ නෙමෙයි වටින්නේ ඒකෙන් බොට ලැබෙන උත්තේජනයයි.. ඈ බොල මං කවද්ද සම්මාන එපා කිව්වේ.. අජියයි කමියයි උවමනාවෙන්ම මගේ නම කපා දාලා.. හැක්..

    මුනුපොතේ දැක්කත් උඹලයි ගෙදරට්ටම ගොඩ වෙන්නයි හිටියේ.. හා හා දැං ඉතිං සම්මානේ පැත්තකින් තියල වැඩ පටන් ගන්. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මට මේ සම්මාන උළේලෙ තියන සතුටුම කාරණය තමයි උඹට කිසිම සම්මානයක් නොලැබීම. මම සෙනසුරාදා රෑ තනියම රටකජු කකා ඩ්‍රින්ක් එකකුත් දැම්ම සතුටට...

      Delete
    2. //මට මේ සම්මාන උළේලෙ තියන සතුටුම කාරණය තමයි උඹට කිසිම සම්මානයක් නොලැබීම. මම සෙනසුරාදා රෑ තනියම රටකජු කකා ඩ්‍රින්ක් එකකුත් දැම්ම සතුටට...//

      මටත් ඔය සතුටම තිබුන. මම හිතුවෙ නෑ එච්චර ලේසියෙන් අජියටයි, කළනෙටයි කියල මුගෙ නම කපල දාන්න පුළුවන් වෙයි කියල.

      Delete
    3. තිසර, අම්මට උඩු උඹත් ඒක සෙලිබ්‍රේට් කළාද ? මාත් කළා නෙ !! මාරයි ඈහ්... මම ඇත්තටම හිතන් හිටියේ දේශකයට සම්මානයක් හම්බුනානම් උද්ගෝෂණයක් කරන්න..

      Delete
    4. //මට මේ සම්මාන උළේලෙ තියන සතුටුම කාරණය තමයි උඹට කිසිම සම්මානයක් නොලැබීම. මම සෙනසුරාදා රෑ තනියම රටකජු කෑව සතුටට...//

      :P

      Delete
  21. අමතක වෙන්න පෙර... වසරේ බ්ලොග්කාරිය සම්මානය දිනූ බස්සිට මගේ උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. හැබැ‍යි බස්සි මට නම් මේ ගැන තියෙන්නේ වෙන අදහසක්...

      සම්මානයක් ප්‍රතික්ෂේප කිරීම පෞද්ගලික කාරණාවක් විදිහට ඒ ඒ අයගේ කැමැත්ත කියලා ඒකට ගරු කරන්න අපිට සිද්ධවෙනවා. නමුත් සම්මාන උළෙල කියන පොදු කාරණේ ගත්තම "නවකයෙකුට තැන දීම" කියන කාරණය උඩ සම්මානය ප්‍රතික්ෂේප කිරීම, අර සාමූහික වැඩේ අගය යම් කිසි මට්ටමකින් අඩුවීමට බලපාන කාරණයක්.

      දැන් මම අහලා තියන කතාවක් තමයි.. රටවල් දෙකක වුණත් එකම එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට ක්‍රීඩා කිරීම නිසා ඉතා හොඳ මිතුරන් වෙච්ච ක්‍රීඩකයෝ දෙදෙනෙක්, තමන්ගේ රටවල් නියෝජනය කරන තරඟයකට සහභාගී වුණාලු. මෙයින් එක්කෙනෙක් ශතකයට ආසන්න වෙද්දි, අනිත් කණ්ඩායමේ නායකයා වෙච්චි මෙයාගේ යාළුවා, ෆීල්ඩ් එක හදලා, බෝලර් එක්ක සාකච්ඡා කරලා ශතකය වලක්වන්න මාර පීඩනයක් දැම්මලු. කොහොම හරි ශතකය ලබාගෙන ඉවර වෙලා පස්සෙ මිත්‍රයෝ දෙන්න හමු වුණාම ඇහුවලු, මම උඹේ යාලුවා වෙලත් උඹ ඇයි මගේ ශතකය වලක්වන්න අච්චර ප්‍රෙෂර් එකක් දැම්මේ කියලා. අනිකා ඇහුවලු, උඹට වඩා වටින්නේ මම කිසි ප්‍රෙශර් එකක් නොදා උඹේ ලෙසියෙන් ගන්න ශතකය ද? නැත්නම් මම අච්චර ප්‍රෙෂර් එකක් දාලත් උඹ ඒකට කොහොම හරි මුහුණ දීලා අමාරුවෙන් ගත්ත ශතකයද කියලා.

      අන්න ඒ වගේ තමයි, නවකයෙකුට උණත් වඩා වටින්නේ සම්මානලාභී, හොඳ බ්ලොග්කරුවන්, බ්ලොග්කාරිනියන් යැයි සැලකෙන අය සමග කරට කර ඉඳලා ගන්න සම්මානයක්. අන්න එතනයි ඔය කියන උත්තේජනය තියෙන්නේ. තරහ වෙන්න එපා.. නවකයන්ට තැන දීම කියන කාරණේ උඩ ඉවත් වෙන එකේ මෙන්න මෙහෙම පණිවිඩයකුත් තියනවා. "මම ඉන්නකං උඹලට සම්මානයක් ගන්න ලැබෙන්නේ නෑ, ඒ නිසා මම අහක් වුණා දැන් ඔන්න උඹලට පුළුවන් සම්මානයක් ගන්න" කියන එක. ආයෙත් කියන්නේ කාටවත් ඇටෑක් එකක් නෙමෙයි, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඒක බොරුද කියලා.

      නැවතත්... පෞද්ගලික කාරණා උඩ සම්මානයක් ප්‍රතික්ශේප කිරීම කියන එක අපිට පිළිගන්න වෙනවා. ඒක සම්පූර්ණයෙන් වලක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඉහත කිව්ව කාරණේ වගේ අපි පරාර්ථකාමීව කරන වැඩෙන් උණත් අපි නොදැනුවත්වම අවැඩක් වෙන්න පුළුවන්. ඒක ගැනත් හිතනවා නම් හොඳයි. විනිසුරු මඩුල්ල උණත් ඔවුන් සම්මානයට සුදුසු කියලා නිර්දේශ කර ඇති බ්ලොගයක් තරඟයෙන් ඉවත් වුණහම යම් අපහසුතාවයකට පත්වෙනවා ඇති. මොකද සමහර විට ඔවුන්ට සම්මානය දෙන්න වෙන්නේ 'හොඳම' බ්ලොගයට නොවෙන්න ඉඩ තියන නිසා.

      මගේ නම් ඉල්ලීම මේ සම්මාන උළේලේ අගය වැඩි කරන්න, ඒක පිළිගත්, වඩා ඉහල ප්‍රමිතියකින් යුක්ත එකක් බවට පත් කරන්න නම්, ඒකට සහභාගි වෙන්න. සම්මාන ලැබුණොත් ගන්න, ඉහල සුදුඩුකම් ඇති අය ඉවත් වූ නිසා ලැබුණ ඇල්මරුණ සම්මානයක් නොවී නියමිත සුදුසුකම් අනුව ලැබූ සම්මානයක් කිරීමෙන් නවකයන්ට උත්තේජනයක්, ආදර්ශයක් දෙන්න.

      ඒ වගේම මම කැමතියි ඊළඟ සම්මාන උළෙලේදී නිර්දේශිත නම් ප්‍රකාශ කරන්න කලින් ඒ ඒ බ්ලොග්කරුවන් / බ්ලොග්කාරියන් ට දන්වලා එකඟතාවය ලබා ගන්නවා නම්. එවිට ප්‍රතික්ශේපය සිද්ධ වෙන්නේ ප්‍රසිද්ධියේ නොවෙන නිසා, නිර්දේශිත අනෙකුත් බ්ලොග්කරුවන් / බ්ලොග්කාරිනියන් අපහසුතාවයට පත්වීම සහ ප්‍රතික්ශේපය චේන් රියැක්ෂන් එකක් වීම වැලකෙනවා.

      Delete
    2. තිසරට උණ ගැනෙන්න පිළිතුරක් දෙන්න වෙයි වගේ බෑ කියපු අයට.. හැක්

      Delete
    3. තිසර සමඟ 110%ක් එකඟයි

      Delete
    4. සම්පුර්ණ ඇත්ත. විවාදයකින් තොරව එකඟයි!

      Delete
    5. තිසරගේ කතාවත් එක්ක මමත් එකඟයි.

      නිර්දේශිත සම්මානලාභීන් තමන් නිර්දේශව තිබෙන බ්ලොග් එක පෞද්ගලික හේතු මත ඉවත් කර ගැනීම වෙනම කරුණක්.නමුත් නවකයෙක්ට අවස්ථාවක් දෙන්න කියලා තමන්ගේ එක ඉවත් කරගතහොත් පසුව ඒ සම්මානලාභීන්ගේ සම්මානයේ බර අඩු වීමක් වෙන්න පුළුවන්.

      //අවුරුදු නවයක් මේ බ්ලොග් එක කළේ සම්මාන ලැබුණු නිසා නෙමෙයි. ගිය පාර අපට කිසි ම සම්මානයක් තිබුණෙ නැහැ. එහෙම ය කියලා මේ වැඩේ වැදගත්කම නැති වෙන්නෙ නැහැ.

      මේකත් කියන්න ඕනැ. මට අවස්ථාව තිබුණා මේ බ්ලොග් එක සම්මාන උළෙලෙන් ඉවත් කර ගන්න. ඒත් මං ඒක කළේ නැත්තෙ බොරු ලොක්කක් වෙන්න ඕනැ නැති නිසායි. දිනන අය කවුරු වුණත් මං නිසා ඔවුන්ට තරගයක් තිබෙන බව මම හිතනවා. ඒ නිසා දිනන අය පාළු ගෙයි වළං බිඳපු අය වෙන්නෙ නැහැ.//

      පැරා මේ කතාව කිව්වේ සම්මාන උළෙලට කලින්.මම හිතනවා පැරාගේ ඒ කතාව හරි කියලා.

      ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන තමන්ට ලැබුණු ජනාධිපති සම්මානය ප්‍රතික්ෂේප කරනවා මා නොවේ එයට සුදුස්සා කියා.හැබැයි ඔහු කියන්නේ නැහැ මේ සම්මානය මම ප්‍රතික්ෂේප කරන්නේ අනෙක් අයට අවස්ථාවක් දෙන්න කියලා.

      ඒ කොයි හැටි වෙතත් හොඳම බ්ලොග්කාරිය ලෙස සම්මාන ලැබූ යශෝට උණුසුම් සුබ පැතුම් මගෙනුත්.

      Delete
    6. ඒ කථාවට එකඟයි.දැවැන්ත බ්ලොග් අතරේ නමක් නිර්දේශ උනත් ඒකටත් ලොකු වටිනාකමක් ලැබෙනවා.නමුත් මේ ඉවත්වීම් නිසා 'වටිනාකම' ගැන ගැටළුවක් පැනනඟිනවා වගේම සංවිධායකයින්ගේ මහන්සිය අපතේ යාමේ හැකියාවකුත් මතුවෙනවා.

      Delete
    7. ඒ කතාවට එකෙන්ම එකඟයි

      Delete
    8. තිසරගේ, පැරාගේ, උඩුවාගේ සහ තවත් බොහෝ දෙනෙක්ගේ දීර්ඝ කරුණු දැක්වීම් ගැන යලියලිත් සිතා බලද්දී මම තේරුම් ගත්තා ප්‍රවීණ බ්ලොග් ලියන්නෝ තරඟයක් නොදී ඉවත්වීමෙන් සම්මාන උළෙලේ කොලිටිය බාලවන බව.

      මම තවමත් හිතන්නේ පෞද්ගලික හේතූන් මත හෝ නවකයන්ට අවස්ථාවක් දෙන්න උවමනාවෙන් තරඟයෙන් ඉවත්වුන නිර්දේශිත බ්ලොග් අඩවි ගැන යම් සඳහනක් කල යුතුව තිබුන බවයි.

      ඒ වගේම, දැන් මගේ අදහස, සම්මාන උළෙලේ අගය වැඩි වෙන්නනම්, විනිසුරුවන් සහ සංවිධායක මඬුල්ල හැර අනෙකුත් බ්ලොග් කරුවන් මේ සඳහා සහභාගී වීම ඉතාම වැදගත් බවයි.

      ඒ බව පෙන්වා දුන්නාට තුති!

      Delete
    9. සමහරවිට මෙහි සඳහන් නොවුණත්, මමත් විද්‍යා හා තාක්ෂණ අංශයෙන් නිර්දේශ වුණු මගේ එක් සටහනක් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා. එයට හේතුව එය මා කල පරිවර්තනයක් පමණක් වීම. මගේ දායකත්වයක් නැති දෙයකට සම්මානයක් ලැබෙනවානම්, ඒ මා එය පරිවර්තනය කිරීමට ගත් තීරණයට ලැබුණු සම්මානයක් වෙනවා. නමුත් එයට සම්මානයක් හිමි වූවානම් සිවුවනියාට එමගින් අසාධාරණයක් සිදු වෙනවා. සමහරවිට අධෛර්යට පත් වන්නට ඉඩ තිබුණා. විනිශ්චය ගැන කලකිරෙන්න තිබුණා. එනිසා මා අජිත් සමග පවසා සිටියේ, එයට සම්මානයක් ලැබුණත් එය ලබා ගැනීමට මා ඉදිරිපත් නොවන බවයි. පසුව එය ඉවත් කල බව කලණ සඳහන් කර තිබුණා(සමහරවිට එයට සිව්වන තැන හිමි වී තිබෙන්න පුළුවන්. නමුත් නිර්දේශ වීමම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි).
      ඉහත සම්මාන සඳහා සලකා නොබලන ලෙස ඉල්ලා සිටින බොහෝ දෙනෙකු මගේ හොඳ මිතුරන් වුවත් "නවකයන්ට" තැනක් දීම සඳහා ඉවත් කරන්න කියන ප්‍රකාශය තුලම ඔවුන් ප්‍රවීණ බවක් ආරූඩ කරගෙන ඇතිබව පැහැදිලියි. මෙය ඉගෙනගෙන විභාගය නොගැනීම වගේ තත්වයක්. මේක නරක පූර්වාදර්ශයක්. මේක කෙනෙකුට ප්‍රවීණ ලේබලය අල්වා ගන්න අවභාවිතා කරන්න පුළුවන්.

      Delete
  22. පළමුවෙන් ම සුබ පැතුම්.. පහුගිය කාලෙ විඳින්න සිද්ධ වෙච්ච දරාගැනීම්වල සුන්දර ප්‍රථිපලය තමා මේ..))

    ඒ වගේ ම ඊළඟ වතාවෙ බ්ලොග් අඩවිය ඉවත් කරගන්න ගත් තීරණය ගොඩක් අගය කරනවා..

    ජය වේවා සෝයුරී...!!!

    ReplyDelete
  23. බස්සිට මගෙන් සුභ පැතුම් :)
    ජය වේවා!!!

    ReplyDelete
  24. කී පාරක් මේකට දාපු කොමෙන්ටුව මැකුවද මංද බං..
    ඕන නෑ මොනවත් කියන්න. ඒත් මේක කියන්නම ඕන. මගෙ නම අයිං නොකරගැනීම පස්සෙ ඉන්න අර හංසයටයි සොමියටයි මං ඉස්කෝතුයි කියන්න ඕන. උං දෙන්න හිංද තමා හුග දෙනෙක් හම්බුණේ.. මට තග දාල දාල උං දෙන්න දුන්න වදේට මොනව හරි දේන ඕන..

    ජය වේවා බස්සියේ......................................................................

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මොනවා හරි දෙන්න වෙයි ... කොච්චරක් නම් වද දුන්නද නේ කම්මැලි අය්යෙක්ව ගෙන්න ගන්න :D එවපු තර්ජනාත්මක ලිපි දැක්කොත් මාව ගස් :P

      Delete
    2. මහියා ආපු එක කොච්චර වටිනවද!

      Delete
  25. අගෙයි නංගී..... මේ සිහිපත් කිරීම වටිනවා.. තිරයෙන් පිටුපස කැපකිරීම් බොහෝ දෙනෙක් නොදන්නා නිසා...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා. කළණ, අජිත්, මනා, සජ්ජා, ඉවාන් ඇතුළු පිරිසේ කැපවීම අගයන්න තවත් පෝස්ටුවක් නෙමෙයි පොතක්ම ලියන්න වටිනවා.

      Delete
  26. බක්සියා සම්මානෙ ගන්න කලින් මට මාරු වෙන්න සිද්ධ උනානෙ... අපරාදෙ... ඔහොමවත් කතාබහ කරන්න හම්බුවෙච්ච එක ගැන සන්තෝස වෙනව ඉතිං.... හි හි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හිරූ අක්කෙ. ඔයා උඩ පැන පැන එන හැටියෙන්ම මම අඳුනගත්තා හිරූ අක්කා වෙන්නැති කියලා.

      Delete
  27. කාටහරි තැගි ලැබුන පොත් ටිකක්ද කොහෙද මගේ මල්ලට දාල තිබුනා , කාගෙද කියල මතක , අයිතිකාරයව දන්නවද ඔහෙලා

    ReplyDelete
    Replies
    1. සජ්ජගෙ පොත් ටික.

      Delete
    2. වාඩියෙ මැනේජර්ගෙ ලොග් බුක්ස්ද දන්නෙත්නෑ. ටිකක් බලන්න අටමෝ

      Delete
  28. යමක් වේ නම් අයිති විය යුතු එය සුදුස්සාටම විය යුතු. සුබ පැතුම් බස්සි !!!

    ReplyDelete
  29. පුවත්පත් කලා සම්මාන උළෙල සංවිධානය කරන පුවත්පත් ආයතනයත් එක්ක පුවත්පත් සම්බන්ධයි. එහෙත් කිසිම පුවත්පතක් තමන්ගේ පුවත්පත සම්මාන උළෙලෙන් අයින් කර ගන්නේ නැහැ.

    මම නම් දකින්නේ බ්ලොග්කරුවන් සම්මාන උළෙලින් තමන්ගේ බ්ලොග් ඉවත් කර ගැනීම වැරදියි. (විනිශ්චය කටයුතුවලට බ්ලොග්කරුවන් සම්බන්ධ නම් ඔවුන් අනිවාර්යයෙන් ම තරගයෙන් ඉවත් විය යුතුයි.)

    එහෙත්, මෙසේ තමන්ගේ බ්ලොගය ඉවත් කර ගැනීමෙන්, අරක තිබුණා නම් මේකට ලැබෙන්නේ නැහැ වැනි අදහසක් ඇති වෙන්න පුළුවන්. ඒක සම්මාන ලබන අයට කරන නිග්‍ර‍හයක්.

    මම නම් සම්මානයකට අයදුම් කරන්නට වුණොත් එහෙම අයදුම් කරන්නේත් නැහැ. එසේම, සම්මාන උළෙලකින් මගේ බ්ලොග් එක ඉවත් කර ගන්නේත් නැහැ. මං බ්ලොග් ලියනකල් සම්මාන උළෙලක විනිශ්චය මණ්ඩලයට යන්නේත් නැහැ.

    මගෙත් එක්ක තරග කර ජයගත්ත ඔබට මම සුබපතනවා. ඉදිරියටත් මම නම් තරගකාරී වෙනවා.

    ප්‍රයෝගික හේතු නැතිව සම්මාන උළෙලකින් බ්ලොග් ඉවත් කර ගැනීම මම නම් සලකන්නේ බොරු ලොකුකමක් ලෙසයි.

    ReplyDelete
    Replies
    1. අජිත් මේ අදහස හැගෙන පරිදි මුහුණුපොතේ හා බ්ලොගයේ තිබු සටහන් මා කියවු විට මේ කර ඇත්තේ වැරදි පුර්වාදර්ශයක් බව දැනුනා.. ජය ගත්තත් නොගත්තත් පොදුවේ හැමෝම සටනේ ඉඳිම ඔබ කිව්ව වගේ වැදගත්. ජයග්‍රාකයන්ට ඒක අමතර ශක්තියක් වේවි දිගටම බ්ලොග් ලියන්න.. අජිත් ගේ හා තිසරගේ මතයන් හා එකඟයි

      Delete
    2. මේ අදහසම මාත් කෙටියෙන් කියන්න උත්සාහ කළා! 
      මාත් එකඟ අජිත් පැරකුම් එක්ක! 
      අකාල වර්ණනාව අකාල අගැයීම වැරදි පූර්වාදර්ශයක් වෙන්න තිබුණා...
      මෙවර නම් සම්මාන ලැබූ අතර නුසුදුස්සො හිටියෙ නං නෑ....
      ඒත් හොඳ තරඟයක් කරලා දැවැන්ත ප්‍රතිරූප කඩාගෙන මතුවෙන්න නවකයන්නට ඉඩ නොලැබුණොත් සම්මාන උළෙලෙන් පලක් නෑ....

      Delete
    3. තිසරගේ, පැරාගේ, උඩුවාගේ සහ තවත් බොහෝ දෙනෙක්ගේ දීර්ඝ කරුණු දැක්වීම් ගැන යලියලිත් සිතා බලද්දී මම තේරුම් ගත්තා ප්‍රවීණ බ්ලොග් ලියන්නෝ තරඟයක් නොදී ඉවත්වීමෙන් සම්මාන උළෙලේ කොලිටිය බාලවන බව.

      මම තවමත් හිතන්නේ පෞද්ගලික හේතූන් මත හෝ නවකයන්ට අවස්ථාවක් දෙන්න උවමනාවෙන් තරඟයෙන් ඉවත්වුන නිර්දේශිත බ්ලොග් අඩවි ගැන යම් සඳහනක් කල යුතුව තිබුන බවයි.

      ඒ වගේම, දැන් මගේ අදහස, සම්මාන උළෙලේ අගය වැඩි වෙන්නනම්, විනිසුරුවන් සහ සංවිධායක මඬුල්ල හැර අනෙකුත් බ්ලොග් කරුවන් මේ සඳහා සහභාගී වීම ඉතාම වැදගත් බවයි.

      ඒ බව පෙන්වා දුන්නාට තුති!

      Delete
  30. අපි නොදන්න ගොඩක් දේවල් තිරය පිටුපස තියනව කියල දැනගත්තා.... ස්තූතියි ඒ බව පෙන්නල දුන්නට.

    ReplyDelete
  31. බස්සිට සුභපැතුම්!

    සම්මාන ප්‍රතික්ෂේප කිරීම අනුමත කරන්නෙ නෑ කිසිසේත්ම. ගුනයහපත්කම් පෙන්නන්න ඕන නම් ඒක වෙන විදියකට කරගන්න ඉඩදෙන්න. (කලගුන සලකන්න ඡන්දෙ දෙනව වගේ වෙනව එහෙම නෙවුනොත්)
    ඒ නිසා සම්මාන ප්‍රතික්ෂේප කරන්න කිසිවෙකු පොලඹවන්න එපා. තිසර කියල තියන කාරණා වලට අමතරව,

    1.සම්මාන ප්‍රතික්ෂේප කිරිම නිසා ඇත්ත සුදුස්සන් සමග සම්මාන ගන්න තියන අවස්ථාවක් මට ලැබෙනවට මම අකමැතියි.
    2.සම්මානයට පාත්‍රවූ බ්ලොග් අඩවි බ්ලොග් අවකාශයෙන් එලියට විවෘත වෙන්න පුළුවන් සම්මානය නිසා. ඉතිං "අයියෝ මේවද සම්මාන අරගෙන තියෙන්නෙ?" කියන කතාව කවුරුහරි කියනවට මම කැමති නෑ.

    ReplyDelete
  32. “අපි පොදුවේ බ්ලොග් අවකාශය නගා සිටුවන්න යමක් කරමු.”
    well said..

    ReplyDelete
  33. අපි වෙනුවෙන් ලියන උඹලට අත්පුඩියක් ගහන්න තමයි අපි එතනට ආවෙ.
    සුභ පැතුම් බස්සි !!!

    ReplyDelete
  34. ජයවේවා! බස්සි මං වැඩිය කතා නොකළෙ ටිකක් කාර්යබහුල ගතියක් පෙණුනු නිසා! නිදහස් වෙලාවක නිදහසේ කතා කරමු..
    සම්මාන ප්‍රතික්ෂේප කිරිල්ල එක්ක මං එච්චර එකඟ නෑ. මං මගේ අදහස කෙටියෙන් ලීවා

    ReplyDelete
  35. බස්සිට ජය වේවා! ඇත්තටම බස්සිගෙ නවාතැනේ කොලිටිය ඒ සම්මානයෙන් ඇගයීමට ලක් වුනා.

    තිසර, පැරා ආදීන් එක්ක එකඟයි. ඔහොම හැම එකාම අයිං වෙන්න ගියොත්, අපි නිකම්ම නිකං දෙකේ කොලේට වැටෙනව. මං මේ සම්මාන උළෙලෙන් පස්සෙ මේ අවුරුද්ද හොඳටම ලියලා, හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් වෙන්නෙ අපේ බ්ලොග් වල තියෙන කොලිටිය තව තවත් වැඩි වෙන එකයි. ඒක තමයි සම්මාන උලෙලෙන් අපේක්ෂිත පරමාර්ථය. "බ්ලොග් ලිවීම ප්‍රවර්ධනය කිරීම."

    ReplyDelete
  36. පොහ් මල් හතයි වැඩේ. මක්කයි එදා අර නයි ටී එන් කාරයන්ට කිව්වේ. කොහෙද නිවුස් බලන්න වෙලාවක් නැතුව ගියානේ.

    සුබපැතුම් ඉදිරියටම යන්න.

    ReplyDelete
  37. මගේ උණුසුම් සුබ පැතුම් අක්කේ.. !!!,,,ඇත්තෙන්ම මාත් අහම්බෙන් තමඊ ඔයාගේ බ්ලොග් එකට ගොඩ වැදුනේ..මන් ඔයාගේ ලියන විදිහට, අදහස් වලට හුගක් කැමති ..මටත් බ්ලොග් ලිවිම ගැන ආසාවක් අවා.අලුත් බ්ලොග් එකක් ආරම්බ කරන්න අදහසක් අවා...

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න මහාචාර්ය මාතලං ගානේ වටිනා බ්ලොග් පාඩං..

      http://campussyndi.blogspot.com/

      Delete
    2. මට බ්ලොග් එකක් ලියන්න හිතුණු වෙලාවෙ දේශක අයිය කියපු තැනින් තමයි ඉගෙනගත්තෙ...
      ඔයාගෙ බ්ලොග් එකට ඔයාගෙම වර්ණයක් දෙන්න උත්සාහ කරන්න...
      http://kalahitha.blogspot.com/2016/03/congrats-youve-achieved-it.html
      මෙතැන තියෙනවා මෙවර සම්මාන ගත්ත බ්ලොග් අඩවි ටික...
      පුළුවන් නම් වැඩේට කලින් ටිකක් කියවන්න! 
      ඉන් පස්සේ ඔයාගෙ වර්ණයක් එක්ක වැඩේ පටන් ගන්න...
      සම්මාන උළෙලින් පස්සේ මම දැකපු වටිනාම ප්‍රතිචාරය තමයි මේක

      Delete
  38. බස්සීට මගේ ගැන නිවැරදි නැති තොරතුරක් ලැබී ඇති හැඩයි... නෙළුම් යාය සම්මාන උළෙලෙන් මගේ බ්ලොග් අඩවිය ඉවත්කරගන්න හෝ වෙනත් කිසිම කාරණාවකට මම සංවිධායක මණ්ඩලය එක්ක මෙතෙක් අදහස හුවමාරු කරගෙන නැහැ...

    මෙවර සම්මාන උළෙලේ කෙටිකතා අංශයේ මුල් වටයේ නිර්දේශ අතරට මගේ නමත් යෝජනා වී තිබෙනවා මම දැක්කා... නමුත් අවසාන වටයේ නිර්දේශ වුන පස්දෙනාට මා ඇතුළත් වී තිබෙනවා මම දැක්කේ නැහැ... විනිශ්චය මණ්ඩලයෙන් ලකුණු ලබාදීමක් ගැන කල්‍යාන මිත්‍ර කොහේදෝ සටහන් කර තිබූ නිසා අනෙක් කෙටිකතා වලට සාපේක්ෂව මට අවසන් වටයට තේරෙන්නට තරම් ලකුණු නොලැබෙන්නට ඇතැයි සිතා මේ වසරේ වඩාත් හොඳ නිර්මාණ කරන්නට අදිටන් කරගෙන මම ඒ සිදුවීම අමතක කලා... ඒ ගැන කලාහිතේ කමෙන්ටුවකුත් දැම්මා මට මතකයි...

    ඒ හැර නවකයෙක්ට අවස්ථාව ලබාදීම සඳහා බීට්ල් ලියන අකුරු අඩවිය ඉවත් කරගතුයැයි මට ලොවෙත් හිතුනේ නැති බව අවංකව කියන්න ඕනේ... ( ඒ සමහරවිට එහි විලෝමය එනම් මම ප්‍රවීණයෙක් යැයි හිතුනේ නැති නිසා වෙන්නත් පුළුවන්...) ඒ හින්දා හොඳට හෝ නරකට බස්සී මේ කියන සොඳුරු මිනිසුන්ගේ ලැයිස්තුවට මට ඇතුළු වෙන්නට අයිතියක් නැහැ...

    ReplyDelete
    Replies
    1. කලාහිතේ මම දැමූ කමෙන්ටුව...

      "නෙළුම්යායේ පිපී හිනැහුනු සහෘදයින් හැමදෙනාටම සුභපැතුම්...! මම නොවැරදීම කියවන බ්ලොග් අඩවි කිහිපයක්ම සම්මානයට ලක්වීම සතුටක්,,

      හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන් කාලය වැයකරගෙන බ්ලොග් ලියන එකම මට අනුව නම් අමාරු වැඩක්...මේ වගේ සම්මාන උළෙලක් සංවිධානය කරන එක ඊට වඩා ගොඩක් අමාරු බව සැකයක් නෑ... ඒ කැපවීමට සංවිධායක මණ්ඩලයට ප්‍රණාමය...

      මෙවර කෙටිකතා අංශයේ මුල් නිර්දේශ අතරට මම ලියපු කෙටිකතාවකුත් නිර්දේශ වුනා වුනත්, ඒක අවසන් වටයට තේරෙන්නට සමත් වුනේ නැහැ...ඒත් මම ගොඩක් ප්‍රියකරන සහෘද බ්ලොග් කරුවන් කිහිපදෙනෙක් අතරේ එක පෙලට ඉන්නට ලැබීම සතුටක්... :)"

      Delete
  39. මට හම්බුවෙන්න තිබ්බ සම්මානෙ බස්සියකට දීමේ තරහට මා නම් ඔය නෙළුම් යායට කවදාවත් එන්නේ නැත.

    අනික සම්මාන දීම ගැන මගේ කිසිම සතුටක් හෝ ඇගයීමක්ද නැත. ඒ වෙනුවට කරන තිබ්බෙ තමන්ගෙ සල්ලි සහ කාලය ඉතුරුකරගෙන අජියා සහ කමියා වැඩක් බලා ගැනීමය.

    සමාජෙට හොඳ කරලා මුන් බලාපොරොත්තුවෙන දේ ගැන මට හිතා ගන්න බැරිය. මොනාටද බන් මිනිස්සුන්ට ඔහොම උදව් කරන්නෙ, අගයන්නෙ, පිස්සුද හැටිද උඹලගෙ?

    ReplyDelete
    Replies
    1. සුපියල් වලින් ලක්ෂ දෙකකට වැඩි ගනනක ධන පරිත්‍යාග කර මියාගල ව්‍යාපෘතිය කරන්නට නෙලුම් යායට ආධාර දීල ළමයින්ට උදව් කලේ , පිස්සුවටද හැටිද උඹේ

      Delete
    2. අජිය, ඉන්දික උපශාන්ත සල්ලි දුන්නෙත් නෑ, දෙන්නෙත් නෑ. කරුණාකරල බොරු වපුරල මිනිස්සු නොමග යවන්න සහ මම නොකල දෙයක් ගැන කියල අපහාස කරන්න එපා.

      Delete
  40. මගේ කතාව කියන්න පොස්ට් එකක්ම දාන්න වෙනෝ.. බස්සිට සුභ පැතුම්.

    ReplyDelete
  41. සුබ පැතුම් බස්සී..

    කතා කරන්න බය හිතුනා...

    ReplyDelete
  42. කම්මල, මම, පත්තරමල්ලි වගේ කීපදෙනෙක් කවුරුවත් දකින්න කලින්ම අපේ බ්ලොග් ඉවත්කරගත්තා

    ReplyDelete
    Replies
    1. ඕව ඔඅව් නැත්නම් අනිවාර්යයෙන්ම නිර්දේශ කරනවා.

      Delete
  43. සම්මානනීය බකුසිට සුබපැතුම් ! (උණුසුම් කියන්න බෑ එහෙම කියලා එකෙක්ව පිච්චුනා.. හිටං.. :D )

    ReplyDelete
  44. මිනිස්සු සොඳුරු වැඩි වුනාමත් කරදරයි අප්පා....කමියටයි, අජිත්ටයි.. ඊළඟ පාර අනේ මේ සම්මාන ගන්නකෝ... අනේ ගන්නකෝ කිය කිය පස්සෙන් යන්න වෙයි වගේ..... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. සමහර සොඳුරු මිනිස්සු රෙකමන්ඩ් උනා කියලා බ්ලොග් එක හරහා, ෆේස් බුක් හරහා, ඊමේල් හරහා මෙකි නොකී හැම විදියකටම දැනුම් දුන්නටවත් අඩුම තරමින් එහෙම එකක් දැක්කාම, "මට තොපේ සම්මාන එපා තොපිම තිය ගනියව්" කියන්න තරමටවත් සංවේදී උනේ නෑ.. අන්තිමට දන්නා අඳුනන වෙන උන් දාල කෝල් කරවලා කියුවමත් 'එන්න පුළුවන් වෙයිද දන්නේ නෑ' කියනවා මිසක් හරියට උත්තරයක් කියන්නේ නෑ. එහෙම දෙකට දෙවරේට හිටපු උන් නිසා අන්තිමට එක කැටගරියකට සම්මාන දෙන්න නම් වත් කියන්නේ නැතුව අත ඇරියා.. ඇයි යකෝ.. හුහ්..

      Delete
  45. "දෙයක් වේ නම් යම් සුදුස්සාටම ලැබිය යුතු වේ"
    නියම සුදුස්සාටම සම්මානය ලැබුණා.සුබ පැතුම් බස්සියේ.

    ReplyDelete
  46. හොදම කොමෙන්ටුවට සම්මානයක් දෙන්නෙ නැතෙයි

    ReplyDelete
  47. බස්සි අක්කෙ ලැබුන සම්මානෙට මගෙන් සුබපැතුම් :) :) :) බසු අක්ක , බසු අය්ය මේ දෙන්නම එක්ක කතාකරන්න ලැබුන එක සතුටක් :) අක්කේ මගේ අදහසත් කියන්න කියල හිතුන මුලින්ම කියන්න ඕන .ආධුනිකයන්ව දිරිමත්කරන්න ඔයාල කරන්න හදන උත්සාහය ඉහලින්ම අගය කරනවා.ඒත් සම්මානය ලැබෙන්න ඕන සුදුස්සාට. ඒ කෙනා අයින්වෙලා කුසලතා සම්මානය ලැබිය යුතු කෙනෙක් පලවෙනි, දෙවෙනි හෝ තුන්වෙනි ස්ථානය ලැබුනට වැඩක් නැහැ.එහෙම ලැබුනත් ඒ කෙනාට දැනෙන්නෙ තරඟයක් නැතිව වැඩි මහන්සියක් නැතිව ගත්ත සම්මානයක් විදිහට. එහෙම නැතිව විනිශ්ය මණ්ඩලය තෝරන බ්ලොග් පෝස්ටු ඉවත් නොකරගෙන සුදුස්සාට 1,2,3 සම්මාන ලැබිල නිර්දේශ වෙච්ච තවත් එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවනම් එයාට කුසලතාසහතිකයක් ලැබෙනවානම් හොඳයි කියල හිතනවා.එතකොට 1,2,3 ගත්ත අය තව රසවත් නිර්මාණ ලියන්න වගේම කුසලතා සහතික ගත්ත අය කලින්ටත් වැඩියෙන් තමන්ගේ නිර්මාණ හැකියාව මුවහත් කරගෙන රහට ලියන්න උනන්දුවෙනවා ඒ වගේම ඒ නිර්මාණ කියවපු අනෙක් අය සම්මාන ලැබුන විදිහ දැකල කලකිරෙන්නෙත් නැති වෙයි . මම හිතෙන්නෙ ඒ වගේ දෙයකින් රසවත් නිර්මාණ ගොඩක් බිහිවීමේ ප්‍රතිශතයත් වැඩි.සම්මානේ ගන්න කෙනාටත් තමන් ලැබිය යුතු තැන හරියටම ලැබුන කියල සතුටුවෙන්න පුළුවන් වෙන්නේ එතකොට ...ඒ නිසා මෙහෙම හොඳට ලියන ඔය වගේ අක්කල අය්යල නිර්දේශ සම්මාන වලින් ඉවත් නොවෙනවානම් හොඳයි කියලයි මට හිතෙන්නෙ ... :)

    ReplyDelete
  48. හතර වටේ දැකපු පෝස්ට් වලින් තේරෙන්නේ සම්මාන වැඩේ එල එකසිය ගානටම ගිහිං වගේ.. මම නම් සම්මාන බලාපොරොත්තුවක් නෑ කොහොමවත්. මම ඔය ලියන ටික ලියන්නේ හිතේ තියන මතක සටහන් ටිකේ බැකප් එකක් විදියට. එකයි වැඩිපුරම කෝච්චි අනංමනං ගැන ලියන්නේ.
    ඒ නිසා, මමත් කියනවා, සම්මාන එපා..!

    ReplyDelete
  49. අජිත් පැරකුම් කියන්නා වගේම මා නම් සම්මානයකට අයදුම් කරන්නට වුණොත් එහෙම අයදුම් කරන්නේත්, සම්මාන උළෙලකින් මගේ බ්ලොග් එක ඉවත් කර ගන්නේත් නැහැ. ඒ වගේම කිසිම සම්මාන උළෙලක විනිශ්චය මණ්ඩලයට යන්නේත් නැහැ.
    නමුත් වඩාත් අර්ථවත්, අඩුපාඩු අවම කරගත් සම්මාන උළෙලක් වෙනුවෙන් අපගේ අත්දැකීම් මත හැකි උදව්වක් කරන්න පැකිළෙන්නේ නැහැ.

    ReplyDelete
  50. කතාව සම්පූර්ණ ඇත්ත බස්සි අක්කෙ... මොන හොඳ වැඩේ කරන්න ගියත් ඒකට එන බාධා ගොඩයි... ඒත් හදවතට එකගව කෙනෙක් වෙනුවට පොදුවෙ ගොඩක් අයට යහපතක් වෙන වැඩකට එන බාධා නැතිවෙලා යන්නෙ ඉබේටමයි...
    නෙළුම් යාය අති සාර්ථක වෙන්න ඒ පි‍ටුපස ඉඳන් කැපකිරීම් කරපු, කාලය ශ්‍රමය යොදවපු අය ගොඩක් හිටියා.... මම එදා උත්සවයට ඇවිත් ඒ අය එක්ක කතා කරනකොට දැනුනෙ පුදුම ලඟ බවක්. එකම එක පාරක් වත් දැකල නැති උනත් හොඳින් කතා බහ කරන්න තරම් නිහතමානි බවක් මං එදා දැක්කා....

    ReplyDelete
  51. බස්සි අක්කාට උණුසුම් සුභ පැතුම්,..
    මේ උඩ සටහන් උණු සියලු බ්ලොග් කරුවන්ටත් සුබ පැතුම්...

    ReplyDelete
  52. බස්සි ට සුභ පැතුම්..මාත් කැමතියි බ්ලොග් ඉවත් කර නොගන්නවා නං.එතකොටයි හොඳ තරඟයක් තියෙන්නේ ....නැත්තං අපිට උනත් දැනෙන්නේ අනුන්ගේ යමක් හොරා ගත්ත අයෙකුට දැනෙන හැඟීමක්...

    ReplyDelete
  53. බර්ර්ර්ර්ර්ර්.........

    ReplyDelete
  54. වැඩේ පටන් ගත්ත මුල් දවස්වල දිනපතා වැටෙන පෝස්ට් කියවලා හොදයි කියල හිතෙන සහ කමෙන්ට් තුල හොද කතිකාවතක් ගොඩ නැගුන පෝස්ට් විනිශ්චය මණ්ඩලයේ පහසුව සදහා එකතු කරන වැඩේට කමියත් එක්ක මාත් සහභාගි උන නිසා අටම්පහුර ඉවත්කරගත්තේ , කමියා මම සහ අජිත් ඒ තීරනය ගත්තේ... බස්සි , චන්දිම , පැරකුම් ඇතුලු ගොඩ දෙනෙකුට පෙනෙන ඊමේල් පණිවිඩ මාලාවක් හරහයි කියලයි මට මතක.

    ලියන ගමන් විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන එක හොද වැඩක් නෙමෙයි , ඒත් තරග ඉසව් කිහිපයකට අදාලව දිනපතා වැටෙන පෝස්ට් බ්ලොග් කරුවන් නොවෙන අය විසින් කියවලා තෝරගන්නවා කියන එක කොහොමටත් වෙන්නේ නැති වැඩක් , බ්ලොග් වලට පරිබාහිර කෙනෙක් බ්ලොග් තේරිම කරනවා කියන්නේ ඒ මනුස්සයට දිනපතාම බ්ලොග් කියවන්න වෙනවා හොය හොයා ( හොද අවදානයක් දෙමින් සහ දැඩි උවමනාවකින් සහ කැපවීමකින් )

    නමුත් දිනපතා සැලකියයුතු වේලාවක් මේ වෙනුවෙන් වැයකර කියවන බ්ලොග්කාරයන්ට පුලුවන් විනිශ්චය මණ්ඩලයට දිනපතා වැටෙන පෝස්ට් කියවමින් පැහැදිලිව දිනය , ලිපියේ නම , බ්ලොග් අඩවිය , වාගේ දේවල් සටහන්කර දීමෙන් සහය වෙන්න , නැත්තං ඔය වැඩේ අමාරු වෙනවා

    ටෙලිනාට්ටි , චිත්තරපටි , පොත් , පත්තර තෝරනවට වඩා ගොඩක් සංකීර්ණයි බ්ලොග් තේරිල්ල , ඒක ඔය අනිත් දේවල් කරන රටාවටම කරනවයි කියන එක අනේ මන්දා , අනිත් මාධ්‍ය සියල්ලෙන් වෙනස් බ්ලොග් වෙනස්ම විදිහකට තෝරන එකේ වරදක් මං දකින්නේ නැ

    ඊලගපාරත් කවුරුහරි බ්ලොග්කාරයෝ කිහිපදෙනෙක් ඔය වැඩේට විනිශ්චය මණ්ඩලයට බ්ලොග් ලියන එක නවත්තල හරි , මට සම්මාන එපා කියලා හරි , ඔය දෙකම නොකරහරි නැත්තං කරකර හරි උදව් කරන්ඩ ඕන කියල තමයි මගේ හැගීම.

    ReplyDelete
  55. එහෙමත් එකක් ඈ? යකෝ මමත් අයින් උනානම් මගෙ නමත් මේ පෝස්ට් එකේ තියෙයිනේ, නේද?

    මට තවම මගෙ සම්මානෙ අතගාලා බලන්නවත් ලැබුනේ නෑ. ඒක ඉල්ලගන්න වැඩ පිළිවෙලක් යොදන්නත් ඕනෙ. එහෙම කලත් මට ඕක දකින්න ලැබෙන්නේ නොවැම්බර් මාසෙ. මොන අපරාදයක්ද!

    හැබෑටම අර හකුරු වගේ අකුරු කාගෙද ඈ, හි හි?

    ReplyDelete
    Replies
    1. තොපිල ඔක්කොගෙම සම්මාන වගේ වාහනේ ගිලළලු...
      මම දන්නෙත් පත්තරය කිව්වහම...

      Delete
  56. මෙතැනදීත් ඔබේ ජයග්‍රහණයට සුබ පතන්නම්!

    සම්මාන උත්සවයේ විනිශ්චය මණ්ඩලයේ සිටි අය සම්මාන සඳහා තමන්ගේ බ්ලොග් සළකා බැලීමෙන් ඉවත්කරගැනීම සදාචාරාත්මක තීරණයක්. සම්මාන උත්සවය ගැන විවිධ හේතු නිසා විරුද්ධ අය සිටින්නටත් ඉඩ තියෙනවා. ඒකත් වෙනම කාරණයක්.

    නමුත්, මේ ඔබ ලියා ඇති කතාවට නම් මට එකඟ වෙන්න බෑ.

    ReplyDelete
  57. තිසරගේ, පැරාගේ, උඩුවාගේ සහ තවත් බොහෝ දෙනෙක්ගේ දීර්ඝ කරුණු දැක්වීම් ගැන යලියලිත් සිතා බලද්දී මම තේරුම් ගත්තා තරඟයක් නොදී ඉවත්වීමෙන් සම්මාන උළෙලේ කොලිටිය බාලවන බව.

    තව දෙයක්, මට හරිම සතුටක් ගෙන දෙන කාරණේ තමයි 'බ්ලොග් ගැන අහලාවත් නැති නිසා' සම්මාන උළෙලට නොආපු සමහරු, පැය විසිහතරක් යන්නත් කලින් මේ පෝස්ටුව කියවා ඇති බව වත්පොතෙන් දැකගන්න ලැබුන එක.

    මම තවමත් හිතන්නේ පෞද්ගලික හේතූන් මත හෝ නවකයන්ට අවස්ථාවක් දෙන්න උවමනාවෙන් තරඟයෙන් ඉවත්වුන නිර්දේශිත බ්ලොග් අඩවි ගැන යම් සඳහනක් කල යුතුව තිබුන බවයි.

    ඒ වගේම, දැන් මගේ අදහස, සම්මාන උළෙලේ අගය වැඩි වෙන්නනම්, විනිසුරුවන් සහ සංවිධායක මඬුල්ල හැර අනෙකුත් බ්ලොග් කරුවන් මේ සඳහා සහභාගී වීම ඉතාම වැදගත් බවයි.

    ඒ බව පෙන්නා දුන් හැමෝටම තුති!

    ReplyDelete
    Replies
    1. ඔය 'බ්ලොග් ගැන දන්නෙත් නෑ දැන ගන්න උවමනාවකුත් නෑ' කියන එක්තරා බුකි වාසි වියතෙකු ඊයේ මට 'බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්විය යුතු විදිය හා ඊට ප්‍රචාරණය ලබා දිය යුතු විදිය' ගැන උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණා. මම කට පියා ගත්තා.. :)

      Delete
    2. ඊයේ එහෙම එකකුත් උනාද ඈ ?

      කමියා දන්නවද මම කරන වැඩක්... මම දැනටමත් කරලා තියෙන හරි,මමම කරපු වැඩක් ගැන මටම දේසනයක් දෙන එකෙක් ආවම... මම නම් කරන්නේ ඉස්සරහ දත්දෙක පේන්න යටිතොල හපාගෙන අහගෙන ඉන්න එක. මෙන්න මේ වගේ

      [img]http://www.gruenderszene.de/wp-content/uploads/2011/11/nerd.jpg[/img]

      Delete
    3. ‘‘විනිසුරුවන් සහ සංවිධායක මඬුල්ල හැර අනෙකුත් බ්ලොග් කරුවන් මේ සඳහා සහභාගී වීම ඉතාම වැදගත් බව‘‘ ඒ අදහස හරි කියල මටත් හිතෙනවා.. මෙවැනි කතිකාවන් වැදගත් වෙන්නෙ ඇත්තටම හොඳ ඇගයීමක් විග්‍රහයක් එක්ක සාර්ථක ඉදිරි ගමනකට තමයි...

      Delete
    4. උපේස්සා-
      නැත්තන් අර ඊයේ ගියාවගේ පාරේ ඉන්න රස්තියදුකාර කොල්ලෝ දිහා නොබලා උඩබලාගන පැයට කිලෝමීටර 120ක් වගේ වේගයකින් එතනින් දුවන්නත් පුළුවන්.....

      Delete
    5. ඕන්න ආව.....

      අනේ කසුට්ටෝ.... හොඳ බබා වගේ මෙන්න මේ සිනිදෝසි පැකට් එකත් අරගෙන අන්න අරෙහෙට ගිහින් කනවද...

      Delete
  58. බස්සී යහපත් අරමුණින් මේ පෝස්ට් එක පළ කළා වුනාට, මේ කතාබහ තුලින් සමහර වැරදි වැටහීම්ද ඇතිවිය හැකි නිසා ආයෙමත් කොමෙන්ටුවක් දාන්න හිතුනා:
    බ්ලොග්කරුවන් සොඳුරු මිනිසුන් යැයි මා කිව්වේ සම්මාන ලැබුවන් පිලිබඳ කිසි කෙනෙක් ආඩපාලි නොකීම නිසාය. සම්මාන එපා කී මිනිසුන් ගැන කතා බහද සුන්දර විදිහට ඉවර කරමු
    මමනම් හිතන් නෑ ඔය ලිස්ට් එකේ සිටින අපි කවුරුවත් දැවැන්ත බ්ලොග්කරුවන් කියා. ඉවාන් හැර අනෙක් කවුරුවත් හොඳම බ්ලොග්කරු ලෙස නිර්දේශ වී තිබුනෙත් නෑ (ඔහු නම ඉවත් කරගත්තේ නිවේදන කටයුතු කරන අතරේ සම්මාන ගැනීමට ඒම නොගැලපෙයි කියා සිතු නිසා) . කිසි කෙනෙක් සම්මාන ප්‍රතික්ෂේප කළේ නැහැ . කීප දෙනෙක් තරග කිරීමෙන් වැළකී සිටියා පමණයි.
    බොහෝ දක්ෂ පළපුරුදු බ්ලොග්කරුවන් තරගයේ දිගටම හිටියා. ඒ ගැන සතුටුයි. ඒ නිසා මෙවර හොඳ තරගයක් තිබුනා. ජයග්‍රහණය කළේත් හොඳම ඒවා
    පරාර්තකමීකම , සත්ගුණවත්කම, සොඳුරුකම, පොරත්වය, වැරදි අවබෝධය හෝ පරදින්න තියෙන බය කියන ඒවා හැර තරග නොකර සිටීමට කොච්චර අවංක සාධාරණ හේතු තියෙන්න පුලුවන්ද ?
    මෙන්න මේ වගේ හේතු නිසා වෙනත් බ්ලොග්කරුවෙකුට තරගයෙන් ඉවත් වීමේ සදාචාර අයිතිය තියෙනවා.
    ( මින් අංක 2 පමණක් මට අදාළ වුනා )
    1. වැඩිය එක්ස්පෝස් නොවී තමන්ගේ පාඩුවේ නිර්මාණකරණයේ යෙදෙන්න ඇති කැමැත්ත
    2. තමන්ගේ පෝස්ටුවක් වැරදි කැටගරියකට නිර්දේශ වී ඇති බව වටහීම
    3. උළෙලේ සංවිධාක කමිටුවේ, බ්ලොග් තේරීම් කමිටුවේ හෝ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙකු වීම
    4. සම්මාන දීමේ පසුබිම, ක්‍රමවේදය, සංවිධානයේ අරමුණු හා විනිවිදභාවය පිලිබඳ ගැටළු (මේවා විසඳාගත හැකි/ විසඳා ගත යුතු කරුණු වන අතර ඉහත ලැයිස්තුවේ කාටවත් මේ ආකාරයේ ගැටළුවක් නැති බව සිතමි)
    ඒ නිසා නම් කීපයක් ඉවත් වීම මේ තරම් කතා බහ කළ යුතු දෙයක් නෙවෙයි.
    බ්ලොග් කරුවෝ නිදහස් මිනිස්සුය. මීට වඩා පුළුල්ව හිතන්නට ඕනෑය. මේ නිදහස් අවකාශයේ විචාරශීලීව හැසිරෙමු. ලබන අවුරුද්දේ නෙලුම් යායේදී හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඔව් අනේ මේ අය ප්‍රවීණ කියල හිතුවට මට හරියන්නේ තරමක් හරි මේකේ අංක 1.. හැක්

      Delete
  59. සුබ පැතුම් බස්සි...

    ReplyDelete
  60. sugv.wordpress MPP gunasinghe ගෙනුත් සුබපැතුම් බස්සී. මේවගේ උත්සවයක් සංවිධානය වුනේ කොහොමද කියලා හැමතැනම පීර පීරා යමින් ඉද්දි බොහොම දේවල් මේ ලිපියෙන් හමුවුනා.අජිත්ලා කල්‍යාණ මිත්‍ර ලා මේ අත්දැකීම පැහැදිලි කරම්න් ලියනවා නම් හරිම ප්‍රයෝජනයි

    ReplyDelete
  61. congratulations and wish you all the courage and strength to continue blogging.

    ReplyDelete