“අදවත් අර කැකිරි ගෙඩිය උයල දෙන්නකො බස්සියො.” බස්සා නාහෙන් අඬනවා. මේ මොන මගුලක්ද! මම අකමැතිම කෑමක් තමයි කැකිරි. ගුණයි? ඔව් ගුණයි නම් තමයි. එහෙනම් ඉතින් අර තිත්තම තිත්ත කරවිලත් ගුණයි නෙව.
ඔය
කරවිල හදද්දි නම් මම කරන්නෙ කරවිල ටික හීන් පෙති කපලා වේලනවා. තමන් කරවිලද කියලා කරවිල වලටත් අමතක වෙනකම්ම වේලන්න ඕන. ඊටත් පස්සෙ, ඒව වේලෙන්න දාපු බව අමතක කරන්න මම ෆුල් ට්‍රයි එක දෙනව. අන්තිමේ කවුරු හරි මොට්ට මැටි මෝල්ගහක් ඕක මතක් කරල කරවිල කන්න ඕනෙයි කිවුවොත් අර ටික බැදලා ලුණුමිරිස් හදලා, කරවිල ටික පිඟානෙ අන්තිම කෙළවරටම තල්ලු කරලා ඒක දිහා හොරෙන් බල බල කෑම කනවා. අන්න එහෙමයි නියම ක්‍රමයට කරවිල උයන්නෙ.
මම කැකිරි ටික කපලා දුරු මිරිස් කලමනා සේරමත් දාල ඉවර වෙනකොටම බස්ස කොර කොර හිටපු වැඩේ පැත්තක දාල ආයෙමත් කුස්සියට කඩන් පාත් උනා කියන්නකෝ.
“හෑ!”
“ඇයි
මොකද බලන්නෙ ඔයා කැකිරි අමුවෙන් කන්නද?”
“ඕකෙ ඇට ටික අයින් කරන්නැද්ද?”
අන්න ඒ වෙලාවට තමයි මගේ ස්ථානෝචිත ප්‍රඥාව මට පිහිටට එන්නෙ. ඇත්ත, මේක අසීරු අවස්ථාවක්. හැබැයි එහෙමයි කියලා රෙදි ගැලවෙන විලිලැජ්ජාවක් වෙන්න ඉඩ තියන්න බෑ. කොහොමටවත් බෑ.
“අපේ පැත්තෙ කැකිරි උයන්නෙ මෙහෙමයි.”
මම සීරුවෙන් හිටගෙන දැඩි ස්ථිරසාර හඬකින් ප්‍රකාශ කරනවා.
“ඇටත් එක්ක??” බස්සා කින්ඩි හිනාවක් දාගෙන අහනව.
“ඔව් අනේ ඇටත් එක්ක නේන්නම්. කැකිරි ඇට පුදුම තරම් ගුණයි ඔය ඩයබිටීස් වලට එහෙම. බොරුනම් අහන්න අපේ තාත්තගෙන්. තාත්තලගෙ අම්ම, ඒ කියන්නෙ අපේ ආච්චි ඉස්සර හදනව කැකිරි ඇට සම්බෝලයක්, පට්ට රහයි ඒක. කාලම බලන්න ඕනෙ.”
ඔන්න මටත් ආඩම්බර හිතෙනව මගෙ රංග ප්‍රතිභාව ගැන. මගෙ හැකියාව නිකම් නාස්ති වෙන්න අරින්න හොඳ නෑ. මට ඉර හඳ වගේ විශ්වාසයි උවමනාවක් තිබුනනම් මට පිටපිටම දාහත්පාරක් උනත් හොඳම නිළිය සම්මානය ගන්න තිබුන.
“එහෙනම් අද කාල බලමුකො ඔයාලගෙ ගමේ රෙසිපියට කැකිරි.”
මල හත්තිලව්වට ගහපු කලාබරේ කිවුවලු. දැන් නම් මාව බෙල්ල මුලින් හිරවෙන්නයි යන්නෙ. උයන එක පැත්තක දාල ගූගලයගෙන් රෙසිපි හොයන්න ගියොත් වැඩේ නෝණ්ඩි වෙන්න පුලුවන්. එළඹි සිහියෙන් මේ පන්දුවට මුහුණ දෙන්න ඕනෙ.
“නෑ
අපේ ගමේ රෙසිපියට පස්සෙ දවසක හදමු. අදට ඔයාට කාල පුරුදු විදියට හදමු.”
අන්න ඒ විදියෙ යූ ටර්න් එකක් ගහලා ඇක්සිඩන්ට් එක වලක්වා ගන්න එසේ මෙසේ පුතයෙකුට ඇහැක්ය? මම වගේ අසහාය හැකියාවන්ගෙන් පරිපූර්ණ උදවිය බොහොම හිඟ නිසා මේ වගේ දේවල් ඔයගොල්ලන්ට අහන්න ලැබෙන්නෙත් කලාතුරකින් වෙන්න ඕනෙ.
ඔන්න දවසක් අපේ අම්මයි නංගියි ගියා දානෙ ගෙදරක, අම්මලාගෙ ගමේ. එදා හවස තාත්තලාගෙ පොසොන් නාට්ටිය පෙන්නන්න තියෙන නිසා තාත්තයි මායි බරටම වැඩ. බරටම වැඩ කියල නොකා නොබී ඉන්න පුලුවන්යැ? නැද්ද මං අහන්නෙ? ඉක්මනට හදන්නත් පුලුවන් නිසා ඔන්න අපි හදන්න ගත්තා පරිප්පු හොද්දක්.
පරිප්පු එක ලිපෙන් තිබ්බා විතරයි මෙන්න ඇහෙනව හෝන් සද්දයක්. නෑ නෑ ප්‍රෙෂර් කුකර් එකක් නෙමෙයි, තාත්තගෙ යාලුවො දෙන්නෙක් ඇවිත්. ඔන්න එක්කෙනෙක් චොකලට් එකක් ගෙනැල්ලා මටත් කතා කරනවා.
කොහොමත් මම සහභාගි උනේ නැත්නම් ඔය සාකච්ඡා අසම්පූර්ණයි නෙව. ඒක හින්දයි මම ඉස්තෝප්පුවෙ තිබුන කණුවක් වටේ කැරකි කැරකි කතාව ඉවර වෙනකම් ඒකට සහභාගි උනේ. අම්මත් යන්න කලින් කියල ගියෙ තාත්තව බලාගන්න කියලනෙ. ඒ වගකීම පැහැර හරින්නෙ කොහොමද!
යාලුවො දෙන්න ටටා බායි කියල යනකොටම තාත්තත් ඒ එක්ක ගියා හන්දියට පාන් ගේන්න කියල. මම කොහොමත් තාත්තට කීකරු දරුව. කුස්සියෙ දොර හෙම වහල දාල කාර්ටුන් එකක් බලන්න ගත්තෙ ඒ හින්දයි.
කුස්සිය පැත්තෙන් අමුතු පිච්චෙන සුවඳක් ආවත් මම නෙමෙයි සත පහකටවත් ගණන් ගත්තෙ.
ටිකකින්
මෙන්න තාත්ත එනව.
“චැහ් ! මොකද්ද ඒ පිච්චෙන්නෙ?”
අපේ තාත්තගෙ නහය මං හිතුවට වඩා සෑහෙන දියුණුයි. තාත්ත කුස්සියට යද්දි මාත් හෙමීට පස්සෙන් ගියෙ පාන්ගෙඩියට හේත්තුවෙලා තිබුනු පේස්ට්‍රියකට ඇහැ තියාගෙන.
“මලකෙලියයි
පරිප්පු එක!!!”
පරිප්පු ඇතිලිය කෙරෙහි හටගත් අසීමාන්තික සෙනෙහසින් යුක්තව අපේ තාත්තා දෑත් විදහාගෙන ගෑස් ලිප වෙතට කඩන් පැන්නා. ඇතිලියෙ වැස්ම අරිනවත් එක්කම පිටවුන කැස්ස ඇතිකරන කලු පාට කටුක දුම් වළාකුලක් මුලු කුස්සියම වසා ගත්තා. යාන්තම් ඇස් ඇරගන්න පුලුවන් වෙනකොට මම දැක්කේ තාත්ත මට හැඳිගාන්න කියපු පරිප්පුව දෝතින් අරන් සින්ක් එකට වඩම්මවාගෙන යන හැටි.
මම
පළමු වතාවට “කලු පරිප්පු” දැක්කෙ ඒ අවස්ථාවෙදියි.
ඉතිං මක් කොරන්නද? අපි දෙන්නා පටන් ගත්තා කරවල තෙල් දාන්න.
අපේ තාත්ත හොඳ කල්පනාකාරයා, සංවිධායකයා, දුරදිග දකින්නා කියල ඔය සමහර මිනිස්සු කියනවා තමයි. ඒත් මම ඔයාලට සහතික කරල කියන්නම්. අපේ තාත්ත ගන්න තීරණ සමහර අවස්ථාවලදි බොහොම බරපතල විදියට වරදිනව.
මොකද??
තාත්ත කරවල බැදුමට ලුණු දාන්න බාර දුන්නෙ මට නෙව.
“බස්සු, මේ කැකිරි එකේ ලුණු පොඩ්ඩක් බලන්න.”
ලුණු දැමිල්ල අදටත් මම කරන්නෙ අඩමානෙට බව ඔයා දන්නවනෙ. නෑ ඒක මගේ වරදක් නෙමෙයි. ඔයා දන්නවනෙ ඒක. මගෙ දිවේ රසාංකුර හිටපු ගමන් එක එක පිස්සු නටනවනෙ.
සහතික ඇත්ත. දුෂ්ඨ, චපල රසාංකුර!
“ලුණු මදිද? ඔයාට ඇතිවෙන තරමට ලුණු ටිකක් දාන්න බස්සු.”
ඔයා දන්නවද? එදත් අද වගේම මගෙ රසාංකුර මාව රැවැට්ටුවා. හැබැයි අද වගේ නෙමෙයි එදා. රැවටීම උනත් වෙනස්.
“හාපෝ
අක්කියා! මේකට ඔයා ලුණු කොච්චර දැම්මද?”
“කට
කපලා හැඳි තුනයි.”
“මදැයි. මමත් හරි එක්කෙනාට තමයි ලුණු දාන්න දුන්නෙ. දැන් මොනවා කරඳ! ඉන්න මම අලගෙඩියක් පෙති කපලා දානකම්.”
ලුණු වැඩි වුන හොද්දකට අල පෙති දැම්මාම ලුණු ගාන හරියනවලු. ඕවා අපේ තාත්තට ආච්චි උගන්නපු සූප සාස්තර රහස්. කොහොමත් මම ඔහොම දෙයක් කියාදෙනකොට උනන්දුවෙන් අහගන්න දරුවෙක් නිසා වළඳ වහලා තිවුන කරමූඩිය එහාපැත්තෙ ගෑස් උඳුන උඩින් තියලා බලන් උන්නෙ තාත්ත හොද්ද රීකන්ඩිෂන් කරන අපූරුව.
“ෂාහ්! ඔයා නම් මාරයි තාත්තා.”
“මම මාරයි තමයි, තමුසෙත් අඩුගානෙ ලුණු පදම බලන්නවත් ඉගෙන ගන්නවා නැත්තම බැන්ද දාට නැන්දම්මා ගහල පන්නයි ගෙදරින්.”
අන්න ඒ අවවාදෙ ගලේ කොටා ලැමිනේට් කර ඇන්ටිකොරෝසිව් ආලේපන තට්ටුවක් තවරා සීල් තියලා සදා නොමැකෙන ලෙසට මම හදවතේ ගැඹුරුම ගැඹුරු, පට්ට ගැඹුරු තැනක ස්ථානගත කලා.
“ඔන්න හොද්ද රීකන්ඩිෂන් කරල ඉවරයි. දැන් ඕක වහනවා අර කරමූඩිය අරන්.”
මම කරමූඩිය වැර වීරිය යොදා උස්සලා යාන්තම් ඇතිලිය උඩට ලෑන්ඩ් කෙරෙවුවා. කරමූඩිය කලින්ට වඩා බරට දැනුනද, නැත්නම් ඒ මගෙ හිතලුවක්ද මන්දා. කොයිහැටි වෙතත් අද රෑට අපිට පාන් එක්ක අලයි කරවලයි.
“තඩ්”
ඒ සද්දෙ ඇහුනෙ ලිප ඇතුලෙන් වගේ !
“මොකද්ද ඒ සද්දෙ ?” දැන් නම් තාත්ත මා දිහා බලන්නෙ පාතාල නායකයෙක්, කට්ට කෛරාටික වෙට්ට පිත්තල ඇම්බැට්ටයෙක් දිහා බලනව වගේ පට්ට සැකෙන්.
“මොකෝ මට ඔරවන්නෙ ? මං දල්ලෑ. මේ ගෑස් ලිප කැඩෙන්න යනව ඇති.”
මම කුස්සිය වටේ ස්ලෝ මාර්ච් එක පුරුදු වෙන ගමන් කිවුවා.
ඇත්තටම මමත් හොඳ කෝකියෙක් තමයි. එකම ප්‍රස්නෙ මට ඔය හොදි මාළුපිණි උයාගන්න බැරි එකයි, බතට වතුර තියද්දි පොඩ්ඩක් මිම්ම එහෙමෙහෙ වෙන එකයි විතරයි. මට වැඩියෙන්ම හිතට සෙට් වෙන්නෙ ඔය පත්තර/පොත් බලාගෙන හදන සුකුරුත්තන් කෑම ජාති. මොකද ඒව පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් අවුලක් නෑ පදම වෙනස් කරලා වෙනමම කෑමක් හදතැකි.
ඔව් මම කේක් හැදිල්ල අවුල් වෙලා ස්විස් රෝල් හදල තියෙනව. ස්විස් රෝල් හැදිල්ල වැරදිලා බිස්කට් හදල තියෙනව. ඒ විතරක් නෙමෙයි, අහල තියෙනවද ජෑම් රෝල් හැදිල්ල වැරදිලා ඒකෙන් කොත්තු රොටි හදපු මනුස්සයෙක් ගැන.
පෝ . . . . ඩ් ඩ ක් ඉ න් ඩ!
කෝ මේ එහාපැත්තෙ ලිපේ ස්ටෑන්ඩ් එක?
එතකොට කරමූඩිය ඇතුලෙ හිරවෙලා බරට දැනුනෙ ඒ ස්ටෑන්ඩ් එකද ?
හත්වලාමයි.
හත්වලාමයි.
මගෙ කොඳු නාරටිය දිගේ අයිස් කුට්ටියක් රූටාගෙන යනව වගේ දැනුනා.
ක ර මූ ඩි ය ඇ රි ය.
“කවුද යකෝ ගෑස් ලිපේ ස්ටෑන්ඩ් එකෙන් හොදි හැදුවෙ? @#%$ &*%#@ !!”
චප්පයක් වෙච්ච අර්තාපල් පේස්ට් එක මැද්දෙ අලු පාට ස්ටෑන්ඩ් එක දුම් දම දමා දිලිසුනා.
නියම කුකින් මමත් ආසම ඔය වගේ උයනවනං තමයි.. හැක් හැක්................................
ReplyDeleteඅතක් පයක් කැඩෙන්නැතුව ඔයින් ගියා මැදැයි.....
ජ ය වේ වා !!!!
හැක් හැක්..
Deleteහක් හක්
Deleteහෙක් හෙක්
Deleteබුහ් හිහ්..
Deleteහික් හික්!!!
Deleteබක බක !!!
Deleteබුහ් හඃ හඃ හා...............
Deleteඅයිවන්...
Deleteහැක් හැක්..
Deleteහැක් හැක්..
හැක් හැක්..
හැක් හැක්..
හැක් හැක්..
හැක් හැක්..
යේස්. යූ වන්. තැන්කිවු වේවා විදානේ....
බ්‍රෑන්ඩ් එක ගල්
Delete- ස්තුතියි -
ගල් හෝ පොල් වේවා මට නම් ඕන එකක්......
Delete-ස්තුතියි-
බයිට් එක වල් ඌරා හෝ ඩෙවල් චිකන්.…
Delete-ස්තූතියි.-
සැන්ඩි සෝඩා අයිස් වතුර
Delete-ස්තුතියි-
ගොල්ලිප් 5ක්
Delete-ස්තුතියි.-
(නලිය එනවනම් 500ක්)
(නලිය එනවනම් 500 ක්) :D :D :D
Delete@ චතුරංග - වල් ඌරුමස් වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ “සෙක්සි පෝක්“ නේද?
Deleteපට්ට හිනා අෆ්ෆා මරු එකට ලියලා තියනවා අක්කෙ
ReplyDeleteඑත් ...........එත්.......... ඒත් කාටද පුලුවන් වගකිමෙන් කියන්න නැන්දම්ම මේක කියවන එක්කක් නෑ කියලා
තැන්කූ තැන්කූ මල්ලියෝ.....
Deleteඅපෝ අම්මා කියවන එකක් නෑ මම ලියන විකාර. බස්සත් මේව කියවන්නෙ මම කියවන්න කියල නාහෙන් අඬන හින්දනේ.... ඒ නිසා වගකීමෙන් ප්‍රකාශ කරන්න පුලුවන්.
දැන්නම් මට උයන්න පුලුවන් හොඳේ....
//දැන්නම් මට උයන්න පුලුවන් හොඳේ.... //
Deleteඅනේ ඉතින්.......
//දැන්නම් මට උයන්න පුලුවන් හොඳේ....//
Deleteඋයන්න නම් කවදත් පුළුවන්. ඒත් ඒවා කන්නනෙ බැරි!
හේ... හේ.... හේ..... හැක්... හැක්.... හෝ.......
Deleteමං මේ කම්පනා කරේ ශ්‍රී ලාංකීය සිනමා මෙව්ව එකට කොච්චර හොඳ නිළියක් නැති වෙලාද කියන එක.. :D
ReplyDeleteහිනා කෝටියයි ඈ..
අනේද කියන්නෙ සංචාරක. මටත් මාර දුකයි ඒ පාඩුව ගැන.
Deleteමම කසාද බැඳීමේ අදහස අත්හැරිය . තනිකඩවම ඉන්නවා උයාගෙන කකා . නැත්නම් කඩෙන් කනවා . බැන්දොත් වෙන්නේ බඳින එකීට ආතල් ගන්න වෙනමයි මට කන්න උයාගන්න වෙනමයි එළවලු ගෙන්න වෙන එක . ඒකට වෙනමම ජොබ් දෙකක් කරන්න වෙනවා . :( :( හඃ හඃ හඃ හඃ
ReplyDeleteඉතින් වයලෝ බැඳලා මිසිස් වයලිනෝට උයල පිහල දුන්නනම් නරකද? :P
Deleteමෙව්ව දැක්කාම මටත් බඳින්න බෑ වගේ.. :D
Delete@ සංචාරකයා
Deleteඅන්න බොට තේරිලා.....
මටත් බඳින්න බෑ බං :D
Deleteඑක්කො මටත් බඳින්න බෑ අප්පා. :D
Deleteඅන්න ඒකනේ කියන්නේ, දැනුම් තේරුම් ඇති කොල්ලෝ, :P
Deleteමාත් බදින්නේ නෑමයි.
Deleteඅනෙ මටත් බැ
Deleteහුටා..
Deleteබය වෙන්න එපා මචන්ලා ....හැමෝම වනිතා ඇන්ටි වාගේ නෙවි :D
Deleteගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න.............
හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන්
ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්
හොදී ඉදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන්
අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම්................
මල් හිටවන්නත් පුළුවන් වල් ගලවන්නත් පුළුවන්
පහන් පැලක් වගේ ගෙපැල සුවඳ කරන්නම්
හොඳට අඬන්නත් පුළුවන් නාඬම ඉන්නත් පුළුවන්
ටික දොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම්........
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
ෂා … !!!!!!
Deleteඅහා සින්දු ඇනෝ ඇවිත්. වෙල්කම් වේවා....
Delete@ප්‍රියා
Deleteඋඹ බැඳලනෙ ඉන්නෙ.. :D
අනේ අම්මෝ....අර අහිංසක බස්සගේ අනාගතේ දැන් නම් මට මැවිලා පේනවා..
ReplyDeleteදැන් උයන්න පුරුදුයි විභී.... අම්මෝ මේව දැක්කොත් බස්ස බයවෙයි අනේ...
Delete/දැන් උයන්න පුරුදුයි විභී.../
Deleteබස්සටද???????????
ඕ යෙස්.... :P
Deleteකවදද කසාද බැන්දේ ?? :o
ReplyDeleteහම්මේ අර ජෑම් එකෙන් කොත්තු රොටි හදන හැටි මටත් කියා දෙන්නකෝ :D
එදා කෑවේ ලිප් ස්ටෑන්ඩ් කරවල හොදි ද :v
//කවදද කසාද බැන්දේ ??//
Deleteමගේ නිර්මාණ හා පෞද්ගලික දිවිය පටලවා නොගන්න.
ජෑම් එකෙන් කොත්තු රොටි හදන හැටි සූප සාස්ත්‍ර රහස්. ඒක ඇත්තටම හැදුව. වෙලාවක කියා දෙන්නම් ඈ....
පිස්සුද හලෝ අන්තිමට කඩේ ගිහින් කොත්තු ගෙනාව.
මේවා ඇත්තමද බං
ReplyDeleteමට නං විස්වාස කරන්ඩත් බැ
සත්‍ය සිදුවීමක් ඇසුරින් සැකසුන නිර්මාණයක් අටම් අයියේ.....
Deleteඔය බොරු අටං අයියේ.....!
Deleteසත්‍ය ප්‍රබන්දයක්. බොරැවක් කියනවානම් පාරේ යන එකෙුකට හෙන ගහයි.
Deleteයකෝ සංජිවයෝ අපි යන්නෙත් පාරේ.උඩින් නෙමේ යකෝ.:D
Deleteඅර පාරෙ ඩිපෙන්ඩර් වලින් ලයිට් දාං යන උන්ට කියල කියහං :D
Deleteසමාවෙන්ඩ බොරැවක් කියනවා අල්ලපු ගෙදර එකාට හෙන ගහපිය
Deleteඅල්ලපු ගෙදර එකා බ්ලොග් කියවන්නෑ කියල සුවර්ද බොට?
Deleteඋඹ කෑම කඩයක් දාගත්‍තනං සෙනඟ ඉඳී සූ ගාල :D හැබැයි කන්න ඉස්සරවෙලා සල්ලි ගනිං ..
ReplyDeleteපිස්සුද බන්. කෑම කඩේ ඉස්සරහින් ඉස්පිතාලෙකුත් දාන්න වෙයි...! කන උන්ට බෙහෙත් දෙන්න. :-P
Deleteඊට වඩා ලේසි නැත්ද මහා ඉස්පිරිතාලෙ කැන්ටිමේ උයන්න බස්සිට බාර දෙමු!!
Deleteඑකේ ඉන්න උන් ලෙඩ උනහම ගෙනියන්න වෙනම තැනක් ඕනේ වෙයි.
Deleteමාත් කල්පනා කොලේ ජොබෙන් අස් වෙලා කෑම කඩයක් දාගන්න. උඹල කාල බීල යන්න එනවනේ නේද?
Deleteඅනේ අපොයි....!!!!!!! අහිංසක අපි...!!
Deleteමතන් කැකිරි ඇට එක්ක උයන්න ගිය සීන් එක මට මතකයි ඒ දාස් වල උඹ කිව්වා...හම්මේ අම්මා එක්ක වගේ නෙවේ තාත්තා එක්ක උයන්ඩ ලැබෙනවා කියන්නේ වාසනාවක් බං පට්ට සීන් ටිකක් මතක් උනා...මේම නොකියා දාසක කියන්නම් හෙන දිග ගුහ විජ්ජා කාමරයක් තිබ්බ ඉස්කෝලේ නම කාලා බං ඔව්...... දැන් නම් උඹට දෙයියන්ගේ බැල්මෙන් උයන්න පුළුවන් නේ ...
ReplyDeleteමේකට උයන්න පුළුවන් කියලා බොට සුවර්ද???
Deleteපාන්දර ජාමේ නැගිටගෙන උයනවා කියනවා බං හරියටම දම් නෑ ,දාසක කාලම බලන්න ඕනා.....ඉස්පිරිතාලෙක ඇම්බියුලස් නම්බරේකුත් ඉල්ලගෙනම හිකිස්
Deleteඅනේ බන්... කියන තැනකට වදින්නම් ඇම්බියුලන්ස් එකක් නෙමෙයි දහයක් ඕඩර් කරලා කන කෑමක් කාහන්...! ඔන්න කිව්වා. බොට ඕන දෙයක්.
Deleteඋයන්න නං පුලුවං … කන්න තමා බැරි !!!
Deleteශානුවා වරෙන්කෝ දාසක උයල දෙන්නම් සුපිරි කෑමක්. උඹ අර මගෙ ගුණ ගයලා ලියපු පෝස්ට් එකට කළගුණ සලකන්නත් එපාය.
Deleteමට දැන් උයන්න පුලුවන් හලිද ! ඔය කැකිරි සීන් එක උනේ හතවසරෙදි විතර. :
Deleteඅනේ බන් අහිංසක මිනිස්සුන්ව බය කරන්න එපා බන්. උබ ඔය කියන කතා අහලා කොමෙයි අපිත් අපේ ගෑනු ළමයි කියන දේ විස්වාස කොරන්නේ. කරවිල සම්බෝලලු, ගැස්ලිප් ස්ටෑන්ඩ් පරිප්පුලු,....
ReplyDelete(මන් හෙටම යනවා කුකරි ක්ලාස් එකකකට... ඇයි යකෝ.!!!!)
බස්සිට කිව්වනං උගන්නයි ලෙසටම.… ඕ යේස්
Deleteබස්සි මූට ගුරු මුට්ටිය තියා ගන්නැතිව උගන්නහන් හොදේ! :)
Deleteඅපෝ අපෝ මේ, මං සල්ලි දීලා ඉගෙනගන්නම්, බස්සි උබ කලබල නැතුව ඉදින්.
Delete(මෙතන මටත් බඩේ පාර ගහන්න හදන්නේ මුන් දෙන්නා)
සිරාවටම අපරාදෙ නිමෝ ඔය කුකරි කාස් වලට වියදන් කරන්නෙ. මං උගන්නන්නම්කෝ සුපිරියට. ගුරු මිට්ටි නෙමෙයි උඹට මුට්ටි/වළං නැතුවම උයාගන්න පුලුවන් වෙයි මගෙන් ඉගෙන ගත්තොත්.
Deleteඔව් ඔව් මුට්ටි, වලං, ඇතිලි, සාස්පාන්, ඔය මොකේ උයන්නත් උබ උයන්න කියලාදෙන කෑමක් කාලා ජිවත් වෙන්න එපැයි.....!
Deleteහොඳ වෙලාවට කෑම කටක් කන්න එහෙම ඔය පැත්තේ ආවේ නැත්තේ
ReplyDeleteදැන් උනත් ආවොත් උයල දෙන්නම්කො නාඩි මල්ලිට ගෑස් ලිප්-ස්ටෑන්ඩ් හොද්දක්.
Deleteදුමියගෙ කට කහන කතා මතක් උනා. සිරාවටම සභාවේ තදින් සිනා ගියා! පට්ට.
ReplyDeleteතැන්කූ තැන්කූ..... සභාවේ තදින් සිනා අතරේ වටේ පිටේ ඉන්න උදවිය පුදුමෙන් බලන් උන්නේ නැද්ද!
Deleteමේක නිකං අර පේ ඩූඩ්‌ගෙ ඇන්ඩියගෙ කතාවක් වගේ... හි හි...
ReplyDeleteඒ ඔය දිවේ රසාංකුරද මොනාද ඒවා මගෙත් මහ දුෂ්ට චපල ජාතියක් තමයි බං... උයන්න නං බැරියැ... ලණු ගානට දාන්නනෙ බැරි... ( හැබැයි මං මුලින්ම හොද්දට ලුණු දාන හරිය දාලා ඊට පස්සෙ වැඩිය අත පය දාන්නෙ නැතුව හිටියම ලුණුගානට හරියනව බං... ඒක නිසා මං කවදාවත් හොද්දෙ ලුණු බලන්නෑ.... හි හි)
මේ ස්ටයිල් එකට ලියන්න හිතුනෙ ඩූඩ්ගෙ ඇන්ඩියාව කියවලා තමයි අනේ....
Deleteමමත් දැන් කරන්නෙ ඔය වැඩේ. මුලින්ම ලුණු දානව. පස්සෙ කන්න කලින් ලුණු මදිපාඩුව හදනව. නැත්නම් කාල හමාරයි. චපල රසාංකුර !
මාත් දවස් දෙකක් විතර මහත්තයට කන්න දුන්නා ටිකක් ලුණු වැඩියෙන්. පස්සෙ මාත් කරන්නේ ඕකම තමා. කලින් ලුණු ටිකක් දාලා පස්සෙ ගානට හරිගස්සනවා.
Deleteපිස්සු කොර වෙනවා මේක කියවනකොට. අවංකවම හිනාගියා. අර අඳුරන කමට හෙම නෙවෙයි ඕං.
ReplyDeleteදැන් මගේ වාරේ.
කැකිරි ඇට හෙට ඉඳන්ම උයන්න පට්ටාං ගන්න. මොකද කැකිරි ඇට ඇත්තෙන්ම දියවැඩියාවට, අධි රුධිර පීඩනයට, පිට ගැස්මටට, පාචනයට, ඇපෙන්ඩිසයිටිස් වලට, ෆුට් 'න් මවුත් ඩිසීස් එකට, ජලභීතිකාවට විතරක් නෙවෙයි, ඔය අන්දොස් ගතියටත් හොඳයි.
පිච්චිච්ච පරිප්පු? හපොයි තාත්තයි දුවයි ඒක අහක දැම්මද? වැඩක් නෑ කියලා. බොලව් පරිප්පු උයන්න ඕනේ පුච්චලා. ඒක ආහාර ජීරණ පද්ධතිය ප්‍රබෝධයටපත් කරනවා. ස්නායු පද්ධතිය උත්තේජනය කරනවා. කොටින්ම හැම පද්ධතියටම හොඳයි. ASB පද්ධතියටත් හොඳයි ලිස්සන්නේ නැතුව නවතින්න පුලුවන් වැස්ස දවසට ඔය ටයිල් පොළොවක් උනත්.
>>ඔව් මම කේක් හැදිල්ල අවුල් වෙලා ස්විස් රෝල් හදල තියෙනව. ස්විස් රෝල් හැදිල්ල වැරදිලා බිස්කට් හදල තියෙනව. ඒ විතරක් නෙමෙයි, අහල තියෙනවද ජෑම් රෝල් හැදිල්ල වැරදිලා ඒකෙන් කොත්තු රොටි හදපු මනුස්සයෙක් ගැන.<<
හෙහ් හෙහ්, මගේ වයිෆ් දොදොල් හදලා වැරදිලා ඒකෙන් කිරිටොෆී හැදුවා. පස්සේ දොදොල් ටොෆී දෙකම එකතු කරලා ඒවා දොෆී කියලා බෞතීස්ම කලා. පට්ට රහයි ඕයි.
අර කේස් එකට නම් සම්පූර්ණ දිණුම දෙනවා බස්සිට. ඒකට චැලන්ජ් කරන්න අමාරුයි. ඒ කිව්වේ ගෑස් ලිප් ස්ටෑන්ඩ් හොද්ද ගැන. ට්‍රයි කරලා බලන්න ඕනේ.
දීපා 'දොෆී' කාලා බලන්ට පුදුම ආසාවක් ආවා...:D
Deleteයේස් මටත්..:D
Deleteකැමට පෙර හා පසු
Deleteබ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතියි-
Delete- ස්තුතියි නැවතත් -
තැන්කූ තැන්කූ..... මේ ලියැවිලිවලට ආරම්භය ලබා දීම පිළිබඳව සම්පූර්ණ ගෞරවය ඩූඩ්ට සහ ඇන්ඩිට!
Deleteජලභීතිකාවට සහ අන්දොස් ගතියට හොඳයිනම් මමත් අද ඉඳන්ම කැකිරි ඇට උයන්න පට්ටාන් ගන්න ඕනෙ. ඒ සිරාවටමද ඒක කිවුවෙ?
ඒ පුච්චපු පරිප්පුව දැක්කනම් ඔහොම කියන්නෙ නෑ අනේ. හුස්ම හිරවෙන තරම් කරගඳ. හොදි නෑ දුම් විතරයි.
මාත් දවසක් හැදුවා කේක් බිත්තර නොදා. බිත්තර දාන්න අමතක උනා. අන්තිමට කේක් එක නියඟෙට අහුවෙලා වගේ. අපේ තාත්ත කියනව ඒ කේක් නෙමෙයි ක්‍රෝක් ලු.
මටත් ආසාවෙ බැරුවා දොෆි කෑල්ලක් කන්න.
ආන්න පුලුවන්නම් හදන්න ගෑස් ලිප් ස්ටෑන්ඩ් හොද්ද වගේ එකක්. ඔට්ටුයි බැරුවට !
හැක හැක...බස්සියෝ නරකද තරු පහේ හෝටලයක් දාගත්තොත්? පිටරට ඈයෝත් ඒවි ඔය අමුතු ජාතියේ කෑම කන්න..හික් හික් හික්..:P :P
ReplyDeleteතරු පහේ... මම දැම්මොත් දාන්නෙ කෙලින්ම තරු හතේ හෝටලයක් හරිය තරුවෝ...! :D
Delete"තාත්තලගෙ අම්ම, ඒ කියන්නෙ අපේ ආච්චි ඉස්සර හදනව කැකිරි ඇට සම්බෝලයක්, පට්ට රහයි ඒක. කාලම බලන්න ඕනෙ.”
ReplyDeleteමෙතනදිනම් අවංකවම මමත් කොරවුනා... පොල් එහෙම දාපු කැකිරි ඇට සම්බෝලයක් මැවිලා පෙනුනත් එක්ක..
අන්න ඒකනෙ කියන්නෙ බීට්ල්. මගේ රංග ප්‍රතිභාව අහිමිවීමෙන් ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයට සිදුවුන පාඩුව කොයිතරම් දරුණුයිද !!
Deleteමේ වගේ දක්ෂ කෝකියන් ඉන්නබව දැකීමත් සතුටක්. ඔය 'රොස් පරිප්පුව' මගේ ප්‍රියතම කෑමක් බස්සියෝ...:D
ReplyDeleteඅහා.... මගේ රෙසිපියට පරිප්පු හදන බව අහන්න ලැබීමත් සතුටක් පොඩ්ඩි අක්කා..... :D
Deleteයකූ...... උඹ මාර කෙල්ලෙක්නෙ ....... හෙක්......හෙක්......
ReplyDeleteඔය වගෙ මාර සීන් වුනා ජපානෙට ගිය මුල් කාලෙ .......
අපි සාමාන්‍යයෙන් අපාට් එකෙන් එලියට යද්දි බ්‍රිජ් එකෙන් එදාට හදන මස්/මාළු සින්ක් එකේ පැත්තකින් තියල යනව අයිස් ගතිය යන්න......
දවසක් අපි කීප දෙනෙක් රස්තියකට එලියට යන්න ලේස්ති වුනා .....එකෙක් නැවතුනා අසනීප නිසා......ඌ අලුත ආව එකෙක්...
යන්න පෙර ගෙදර නැවතුන එකාට කිව්ව ...."මචං .....උඹ නැගිට්ටම බ්‍රිජ් එකෙන් කුකුලෙක් එලියට දාපං රෑට උයන්න"කියල...
සවස නැවත ඇවිල්ල බැලුවම සින්ක් එක ලග කුකුල නැහැ.......
"කෝ....!@#$ තො කුකුල .....??? එලියට දැම්මෙ නැද්ද.....තෝ......?"
"මම දැම්ම එලියට....."
"පෙන්නපිය..... කොහෙද දැම්මෙ .....?"
ඔහු බැල්කනියෙ දොර ඇරල පෙන්නුව ..."මේ තියෙන්නෙ ....." කියල.....
බැල්කනියෙ ටයිල් උඩ ඉටිය අයිස් දිය වුන කුකුල ...... හෙක්......හෙක්..... තව එවැනි දෑ තිබේ.......
//බැල්කනියෙ ටයිල් උඩ අයිස් දියවුන කුකුල// මැවිල පෙනුන කෙන්ජයියේ....
Deleteඒ කතා ලියන්නකො අෆ්ෆා අපිටත් කියෝල හිනාවෙන්න.
:D
ඇ යකෝ මම බැලින්නන් පට්ට හොද ළමයෙක් නේ. මම කියා දෙන්නන් උයන්න එනවා බස්සියෝ අපේ පැත්තේ ^_^
ReplyDeleteකිව්ව දිනේෂ් මල්ලි...... හෙක්....හෙක්......
Deleteසිහිනයා මට උයන්න උගන්නන්න ආරාධනා කිරීමම මාර නිර්භය ක්‍රියාවක් නෙව. කුස්සිය ගිනි තියයි කියල බයක් එහෙම දැනුනෙ නැද්ද යාන්තමටවත් ? ?
Deleteඅලේ යන්ඩ මෙයා අර ඉඳිකට්ටා උයන්න දන්න හින්ද ඔයත් බේරිලා. අපේ බස්සත් දැන් උයන්න දන්නෝ මට වඩා ඒ නිසා බයක් නැත.
උඹට බය වෙන්න කාරියක් නෑ. මම හෙන වස ගුරුවරියක් ඩෝ ! කනෙන් අල්ලලා බල්කේ එල්ලලා තියනවා හරිය. ඒ නිසා එනවා අයේ ඉතින් හිල්ටන් එකේ කොකියත් දුවනවා සුවර් ! හිකිස්
Deleteහම්මේ ඉතින් අර බුකියේ පොටෝ දාපු බනිස් ගෙඩි දෙකයි, සොසේජ් කරල් තුනහතරයි, චිප්ස් පීරිසියයි, සෝස් එකයිද හිල්ටන් කෝකි මැඩම් මට උගන්නන්නේ. . . . . :D :P
Deleteපුලුවන්නම් එල්ලපන් බාල්කෙ, එතකොටවත් මගෙ කොට ජීවිතේ උස යයිද බලන්න.
පට්ට කුකින් කියන්නේ ඕකට තමා.. ලුණූ බැලිලිල නං කොච්චර බැලුවත් මටත් හරි යන්නැති සීන් එකක්. කොච්චර දැම්මත් හිතට මදි... බොට කියන්න මං දවසක් රොටි හැදුවා. පුච්චල අරගෙන කන කොට අවුලක් තේරුනා. ඒත් කල්පනාවක් නෑ. පස්ස් රොටෙි ටික පැත්තකට දාලා තිබ්බා. දේශිකා ඇවිත් රොටි බලල “මනුස්සයෝ පොල් නැතුවද රොටි හැදුවේ “ කියල අහපිකෝ.. එතකොට තමා මීටර් උනේ පොල් නොදාපු එක..
ReplyDeleteපොල් නැතුව හදපු රොටී වගේ දවසක් මම බිත්තර නැති කේක් එකක් හැදුවනෙ දේශෝ.... මාර සීන් එක කියන්නෙ මටත් ඒක හාංකවිසියක් මතක් උනේ නෑ.
Deleteමටනම් වෙන්නෙ උයන්න ගන්නකොට අතරමැදදි මනෝ පාර ගහන්න වෙන එක. ඕක තමයි ලොකුම හෙනේ අන්තිමට හීන බලන්න ගිහින් කෑම එක අඤ්ඤකොරොස්.
අනේ කියන තැනකට වඳින්නම් බැන්ඳ දාකට කඩෙන්ම කාපල්ලා. අර අහිංසකයට උයලා දෙනවා එහෙම නෙමේ ඕන්!! :D :D
ReplyDeleteඋඹේ කෑම රස කෙසේ වෙතත් ලියවිල්ල නම් පට්ට රහයි මචෝ!! ඒකෙන් බඩ කෙසේ වෙතත් හිනා කාලා හිත පිරෙනවා!!!
බස්සටත් රහට උයන්න පුලුවන් ප්‍රියෝ... (මට වගේම රහට.)
Deleteහිනා කාල හිත පිරුණා කියල අහන්න ලැබීමත් සන්තෝසයි. තැන්කූ තැන්කූ....
නියමයි මට ජෙරාල්ඩ් ඩරල්ව මතක් උනා
ReplyDeleteමේක කියවලා මට පොඩ්ඩක් ආඩම්බර හිතුනා. මම ආසම ලේඛකයෙක් ඔහු. කොහොමද My family and other animals පොත් සෙට් එක. මරු නේ. හිනා වෙලා මහන්සියි පොත ඉවර වෙනකොට.
Deleteහි හී.. ට්‍රේනින් පීරියඩ් ඉවර වෙනකල් දෙන මොනාහරි කන්න වෙනවනේ බස්සි අක්කෙ මේ පිරිමි පාර්ශවේට....
ReplyDeleteමාත් ඉතින් ඔය කර වෙච්ච කරවිල බැදුම්, රොස් වෙච්ච පරිප්පු, එක්ස්ට්‍රා සෝල්ට් කරි වගේම සීනි නතින්ග් ටී වලිනුත් සංග්‍රහ කරල තියනව.
දැන්නම් ගෙදර පැත්තෙ රවුමක් දාන්න එනකොට කලින්ම අම්මටම කතාකරල කියනව එනවයි කියල. අපේ අම්මත් ඉතින් මට බැන බැන වෙන්ඩ බෑනට සංග්‍රහ කටයුතු සම්පාදනය කරනව.
සීනි නතිං ටී කෙසේ වෙතත් මටත් හිටපු ගමන් සීනි දැම්මට හැඳිගාන්න අමතක වෙනව. එදාට ඉතින් හොදි ඕන්නෑ...
Deleteහම්මේ අපේ අම්මත් වෙන්ඩ බෑනට මාර සැලකිලි. අපිව පෙන්නෙවත් නෑ උන්දැ ආවම.
වෙන්ඩ බෑනලා පිළිබඳ විරෝධය
Delete(සැ.යු. වෙන්ඩ හස්බන්ඩට නොවන බව කරුනාවෙන් සලකන්න )
මල හත්ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු.
ReplyDeleteඑල ද බ්‍රා.
හික්ස් ! තැන්කිවු හොඳේ...
Deleteබස්සි කරනවනම් නියම වැඩක් තියෙනව.උබගෙ හොද යාලුවෙක් ඉන්න්නෙ ඉවාන් කියල.ආන්න උට එන්න කියල උබෙ අතින්ම උයපු කැම වෙලක් දියන්කො.පත්තරෙටත් එන්න කියහන් .නැත්තම් අරු තනියම .පවු නේ.
ReplyDeleteබඩ කොරවෙනකන් හිනා ගිය බොල
මගේ කෑම ටිකත් මං මුලු හදවතින්ම ඉවානයට පරිත්‍යාග කරනවා . එකෙන්ම …
Deleteඋගෙන් පලිගන්න තියන හොඳම ක්‍රමේ ඒක !!!!!!
ඕ.. යේස්...!!
Delete.......කෝ බන් මේ ගෙබිලුෂා
ගෙඹිලූශා දැනටම සුදු වෙන්න කියල බේතක් බීල බඩ විරේක වෙනවලු. උන්දෑ ආය මාස එකහමාරකට හාන්සියි. ඔය එකපාරටම ප්‍රාදුර්භූත වෙන්නෙ කලාතුරකින් ටොයිලට් එකෙන් එලියට එන්න ලැබිච්ච අවස්ථාවලදි විතරයි. පව් අප්පා.... මොනව උනත් දුකත් හිතෙනව වෙලාවකට.
Deleteඋබේ කෑම කෑවොත් අපිටත් වෙන්නේ ඒ සන්ටැසියම තමා. ඔන්....!!!
Delete"අන්තිමේ කවුරු හරි මොට්ට මැටි මෝල්ගහක් ඕක මතක් කරල කරවිල කන්න ඕනෙයි කිවුවොත්" සත්ගුණවත් බැස්ස අයියා ට මැටි මොල්ගහක් කීම තරයේ හෙලා දකිනවා..
ReplyDeleteනිගමනය :- සියලු ගැනු සත්තු තම නොහැකියාව වසා ගැනීමට පිරිමියාට දොස් පවරයි
අක්ක 2 වෙනි පින්තුරේට Tab එකක් තියන් උයන වගේ පොටෝවක් දැන්ම නම් පංකාදුයි
Deleteටැබ් එක තියන් ඉවුවනම් අන්තිමට ටැබ් හොද්දකත් රහ බලතැකි.
Deleteබස්සා අයියට මන් මුකුත් කිවුවෙ නෑ යකූ. :P
කැකිරි කන්න බැහැ කියන්නේ මොකද බං යශෝ.මම නම් ආස කෑමක්.අපේ ගෙවල් වල ඕක උයනවා නිකං මස් වගේ.කියනකොටත් කටට කෙළ වුනනවා.මේ කී බෝඩ් එකෙත් වැටුනා..:D
ReplyDeleteහැබැයි මමත් ඔය අකමැතිම වැඩක් තමයි උයන එක.හොඳ වේලාවට මම උයන්නේ නැත්තේ.මටත් උයන්න වුනොත් උඹ ඉව්වාට දෙවැනි වෙන්නේ නැහැ කියලා මට සියට දාහක් විශ්වාසයි යශෝ.
අර මං දවසක් කිව්ව නොච්චියාගම පොට් එකේ ඕක උයලා තිබ්බා මචෝ කළුවට පහේ දාලා.. සහ වැව් මාලු
Deleteඇන්ටිට බුෆේ එකෙන් පාඩුයි එදා … :D
කැකිරි/කරවිල මගේ අප්සට් කෑම ලැයිස්තුවේ උඩින්ම තියන ඒවා.
Delete//කැකිරි උයනව මස් වගේ//
ඉතින් බම් මම මස් කන එකක්යෑ. කොක්කව තමයි කලාතුරකින් හරි කන්නෙ. මස් වලට අකැමති මං මස් වගේ උයාපු කැකිරි කාවියැ.
දැන් තේරෙනවනෙ. මගෙ රසාංකුර පට්ට අවුල්.
හරියට හරි බං පත්තරේ,කළුවට පහේ දාලා තමයි ඕක උයන්නේ.අපෙත් අනුරාධපුරේ ඉන්න නෑයෝ තමයි ඕක සුපිරියටම හදන්නේ.වැව් මාලු එක්ක පට්ටෙට තියෙන්න ඇති නේද බං.?
Deleteකරවිල නම් මම කන්නෙත් නැහැ බං උයලා.අර උඹ කිවා වගේ බැඳලා සම්බෝලේ හදලා නම් කනවා.මස් නම් කනවා දුවේ මම් ...:D
කැකිරි නම් මමත් අකමැතිම ජාතියක්.... ඒ වුනාට කරවිල නම් .... ෂා අන්න කෑම...
ReplyDeleteකරවිල වලට ආසයි !? හම්මේ අපේ අම්මත් කරවිල ලෝලියෙක්. කොච්චර ආසද කිවුවොත් කරවිලජූස් හදලා බොනව.
Deleteකොමෙන්ට් එක කොටන්න සෑහෙන වෙලාවක් ගියා.. හිනා වෙලා ඉන්න එපාය.. උඹ මරු බං. ඇන්ඩි නෝන්ඩි ... මේ වගේ සෙට් එකක් ලියලා පොතක් ගහපන්.. මම මේ අවුරුද්ද තුල කියවපු හොඳම ළිපිය,, අර වමනේ පෙත්ත.
ReplyDeleteසෑහෙන්න හිනා වෙලා වගේ. පොත් ගහනවා කියන එක ලොකු වැඩක් නේ. බලමුකෝ තව ඉදිරියට. ඩූඩ්ගෙ ඇන්ඩියාට පින් දෙන්න ඕනෙ බස්සිගේ ඇන්ඩි කතා ටික ඇන්ඩි ස්ටයිල් එකෙන්ම ලියන්න ආරම්භය අරන් දුන්නු එකට.
Deleteවමනේ පෙත්ත. අපරාදෙ බ්ලොගර් අවුල නිසා ඒක හුඟක් අයට මගහැරුනා.
කරවිල සිහින් පෙති කපා ලුනු මිශ්‍ර උණු වතුරේ දමා පැයක් පමණ තබන්න. ඉන් පසු හොඳින් මිරිකා වතුර ඉවත් කර තෙලෙන් බැදගන්න.
ReplyDeleteඑතකොට තිත්ත නැතිවෙයිද?
Deleteකතන්දර උයන් හරි සූරයා. බස්සිට ඕන්නං ඉගනගන්න ඇහැකි කතන්දරගෙන්.
Deleteබස්සී ඇත්තම කියන්න. මේ මුලින්ම තියෙන කතාව පිපිඤ්ඤා ගැන නේද?
ReplyDeleteපිපිඤ්ඤා නෙමෙයි අනේ..... පිපිඤ්ඤත් කන්නෙ මම සලාද හදලා විතරමයි.
DeleteKekiri no kami. Iveema da aranan ya. E nisa post eka wedakata ma netha! :-D
ReplyDeleteබස්සි කුකින් පාඩම් උගන්වනවායැයි වැරදි වැටහීමක් ඇතිකර ගැනීම පිළිබඳව කණගාටු වෙමි.
Deleteයකඩෝ, වැරදිලාවත් උඹලගේ ගෙවල් පැත්තෙනම් එන්නේ නෑ තේකක් වත් බීලා යන්න... අම්මපා..
ReplyDeleteහිහිහි. . . මගේ ගෑස් ලිප් ස්ටෑන්ඩ් හොද්දෙ රහ දන්නවනම් උඹ ඔහොම කියන්නෙ නෑනෙ ඉඳිකටු අයියේ. අන්න සිහිනයා මාව කනෙන් බාල්කෙ එල්ලලා උයන්න උගන්නනවලු.
Deleteමාත් එන්ඥං දවසක අල ගෝණියකුත් අරං දවල් කෑමට! :D
ReplyDeleteඑන්ට එන්ට. බසු ඉස්පෙසල් ගෑස් ලිප් ස්ටෑන්ඩ් හොද්දක් එක්ක බයි කාල යන්න.
Deleteබස්සියෝ දැන් මාව ජොබ් එකෙන් එලවනවා.. හුස්ම ගන්නේ නැතුව හිනා වෙලාඅ... :ඪ් ඪ්: :D
ReplyDeleteහිහිහි... තැන්කූ ඩිලී....!!
DeleteMaru aneee.. <3
ReplyDeleteමාත් උයන්න දන්නවා...
ReplyDeleteපොල් සම්බෝලයි, බතුයි, පරිප්පුයි