Sunday, September 4, 2016

උලලේනාගේ පරපුරේ අපි - බකමූණාගේ පරපුරේ අපි




බ්‍රහස්පතින්දා හවස්වරුව වෙන් කරගෙන තිබුනේ ෆිල්ම් එකකට. ඒත් අනපේක්ෂිත රාජකාරියක් හරියටම හවස පහට විනාඩි හයක් තියෙනකොට හිස මතට කඩාපාත්කරවීම නිසා ඒක මිස් උනා. සිකුරාදාත් හවස්වරුව ඒ විදියටම විසඳෙන්න ඔන්න මෙන්න තියෙනකොට ලැප් එකත් අකුලගෙන පහමාර වෙද්දි එලියට පැනගන්න තරමට ලක් එකක් වැඩකරපු නිසාත්, හයිලෙවල් එකේ මහරගම පැත්තට පහලවෙන කුජීත ට්‍රැෆික් එක අස්සෙන් රිංග රිංගා යාත්‍රා කරන්න බස්සට පුලුවන් වීම නිසාත්, හවස හත වෙනකොට අපි පොඩි වඩේ කවරෙකුත්, බීම කෝප්ප දෙකකුත් එක්ක මහරගම ඇමිටි ලයිට් එකේ ඉඳගෙන හිටියා.


වැඩේ පටන් ගත්තෙ සින්දුවකින්. රොක් අජිත්ගෙ සින්දුවකින්. නිල්ල නිලන කඳු යායක්, පේන තෙක්මානෙ වෙනකම් නො එක් පාට මල්වලින් වැහිච්ච උද්‍යානයක්, අඩුම තරමේ 'ගලගල' සද්දෙන් බැහැගෙන යන දියපාරක්, එක්කො ඇස් හීන් කරලා හිනාවෙන කෙල්ලෙක්. එහෙම නෙමෙයිද චිත්‍රපටියක් උනාම පටන් ගන්න ඕනා? ෆිල්ම් හෝල් එකට එනකම් අපි පහුකරගෙන ආපු කර්කශ ටවුන් එකේ අපූරු කැප්චර්ස් ටිකක් එක දිගටම තිරය මත්තේ දිගහැරෙන්න ගත්තා. 'යකෝ! මාත් මෙතන ඉන්නවද දන්නෑ' වගේ හැඟීමක් එක්ක උනන්දුවෙන් ඇස් පුංචි කරලා තිරය දිහා බලන් ඉන්න හිතවන විෂුවල් එකක් ඒක. ඒ කැමරාවිජ්ජාකාරයා විශ්වජිත් කරුණාරත්න.





ගීතය අවසාන වෙන්නෙ අපිට කතානායකයාව; රංගනව (දසුන්) හඳුන්වාදීලා. ෆිල්ම් එකේ ගලායෑම හැම අතින්ම ඒකෙ කතානායකයගෙ ජීවිතේට සමානයි. අවිධිමත්. හැබැයි ඒ අවිධිමත්කම ඇතුලෙ තියෙන්නෙත් හැම තත්පරේකදිම අපිව තදින්ම චිත්‍රපටියට බැඳලා තියාගන්න තරම් බුහුටිකමක්.


රංගන කියන්නෙත් අපිට ෆිල්ම්වල මුණහැගෙන ටිපිකල් කතානායකයෙක් නෙමෙයි. ආදරේ වෙනුවෙන් මරාගෙන මැරෙන, කෙල්ලගෙ ගෙදරට පැනලා දුෂ්ඨ තාත්තගෙන් ගේම ඉල්ලන, බුලත්විට තට්ටුවකින් පටන් අරගෙන අන්තිමේ ලොකු ෂොපින් මෝල් එකක අයිතිකාරයෙක් වෙන 'ඩයල්' එකක් නෙමෙයි. අපිට හැමදාම මගතොටේදි මුණගැහෙන, බොහොම සාමාන්‍ය කොල්ලෙක්. අඩුම තරමේ සිංග් කරන්න පුළුවන් උනාට, සුපර්ස්ටාර් හීනයක් තිබුනට, ෆිල්ම් එක ඉවරවෙනකල්ම ඌ ටැලන්ට් ෂෝ එකක පලවෙනි වටෙට යන්නෙවත් නෑ.




කොල්ල වෙනුවෙන් ජීවිතේ දෙන්න ලෑස්ති, ලුණුයි බතුයි කාල ඉන්නම් කියලා බයිසිකල් කටුවෙ නැගලා පැනල යන්න යෝජනා කරන ටිපිකල් පෙම්වතියකුත් මේ කතාවෙ නෑ. පෙම්වතියගේ (සමනලී) එකම අරමුණ එදා දවස ඉවරවෙන්න කලින් තමන්ට මේ සම්බන්ධය නවත්තන්න වෙන බව කොහොමහරි රංගනට කියාගන්න එක.




කොටින්ම කිව්වොත් මේ ෆිල්ම් එකේ කපල් එක 'සෙක්සි' නෑ. අඩුම තරමේ උන් දෙන්නගේ සිපගැනීමේ ජවනිකාවකවත් 'සෙක්සි' ගතියක් නෑ. හැබැයි ඒ ආදරේ පට්ට කියුට්. කියුට්නස් ඕවර්ලෝඩඩ්. ගඳගහන, කළුපාට කුණු වතුර පිරිච්ච කොළඹ පාරවල්වල, තෙමිච්ච බයිසිකල් කට්ටක නැගලා උන් දෙන්න ලව් කරන එක 'කියුට්' ද? ඔව්. එහෙම වෙන්නෙ කොහොමද කියල දැනගන්නනම්, ඔබට ෆිල්ම් එක බලන්නම වෙනවා.




ෆයිට් නෑ. අර අපිට පුරුදු 'බහුවා බහුවා බුකා බුකා' බැක්ග්‍රවුන්ඩ් සද්දෙ එක්ක දුෂ්ඨයා එකපාර පහළොවකට ගහලා කෙල්ලව උස්සගෙන යන ෆයිට් නෑ. සොරි මචං මේකෙ ලේබල් කරපු එක දුෂ්ඨයෙකුත් නෑ. මුළු සමාජයම එකම එක දුෂ්ඨයෙක්. අතින් පයින් ෆයිට් කරලා පරද්දන්න බැරි දුෂ්ඨයෙක්. ඉතුරුවෙලා තියන එකම විසඳුම දුෂ්ඨයා මතුවෙන තැන්වලින් 'අනේ අපි යමු' කියලා ඇඟ බේරගෙන ශේප්වෙන එක.


අන්න ඒ නිසා 'මෝටර් බයිසිකල්' කියන්නේ මම කාලෙකින් බලපු පට්ට ප්‍රායෝගික ෆිල්ම් එකක්.



මෝටර් බයිසිකල් එකේ අපිව නංවගෙන යන මීර රංගන නාඔටුන්න අපිට එදිනෙදා මුණගැහෙන චරිත ගාවදි බයික් එක ස්ලෝ කරලා ඒ චරිතවල අපි නොදැකපු, දැක්කත් නොදැක්කා වගේ හිටපු පැතිකඩවල් හරිම අපූරුවට පෙන්නනවා. පාර අයිනෙ කරන වෙඩින් ෆොටෝ ෂූට් එක, පගාව ඉල්ලන පොලිස්කාරයා, පිහිය පෙන්නලා ගාන කඩාගන්න තැඹිලි වෙළෙන්දා, පේව්මන්ට් එකේ කුකුල්ලු විකුණන මනුස්සයා, වික්ටොරියා පාක් එකේ සික්කා වගේ කර්කශ තැන් බොහොමයක් සමීර අපූරුවට ටච් කරනවා.




තව දිගට කියන්න ගිහින්, ප්ලොට් එකේ තියන සංවේදී තැන් හෙලිදරව් කරලා තවම ෆිල්ම් එක නොබලපු අයගේ ආතල් කඩන්න මම සූදානම් නැහැ. ඔබට බලන්න ඕනෑ 'වෙනස්' චිත්‍රපටියක් නම්; මේ චාන්ස් එක මගහැරෙන්න දෙන්න එපා!


40 comments:

  1. Torrent නැද්ද?? ඔන්න ඇහුවා.. හැක්..

    මාත් කාලයක් තිස්සේ හීන දකිනවා බෝම සරල පෙම්වතුන් දෙන්නෙකුගේ කතාවක් බලන්න..

    ReplyDelete
    Replies
    1. /මාත් කාලයක් තිස්සේ හීන දකිනවා බෝම සරල පෙම්වතුන් දෙන්නෙකුගේ කතාවක් බලන්න../

      tawa Godaaaak all inna wei

      Delete
    2. අළුත් ප්‍රස්ථා පිරුළු

      "ජනපති අඩවිය හැක් කල උන්ට බණිමින් චිත්‍රපට හොරාකෑමට ටොරන්ට් ලින්ක් ඉල්ලනවා වගේ" :D

      Delete
    3. //මාත් කාලයක් තිස්සේ හීන දකිනවා බෝම සරල පෙම්වතුන් දෙන්නෙකුගේ කතාවක් බලන්න..//
      මේ ෆිල්ම් එකේ ඉන්නෙ බොහොම සාමාන්‍ය කොට මොඩ්ල් දෙකක්

      Delete
  2. balamu.

    Jayawewa....

    ReplyDelete
  3. බලමු... මේ රටේ මේ පන්තිය පිළිබඳ හදපු එකම ෂෝ එකක්වත් මේ පන්තියේ තියෙන ඇත්ත තිබුනේ නෑ.. මම ලංකාවේ දැකපු එකම නිර්මාණකරු සයිමන් නවගත්තේගමයන් පමණයි මේ පන්තිය පිලිබඳව නිවැරදිම නිර්මාණයක් කරපු එකම කෙනා.. මොකෝ මම ඒ පන්තිය ගැන හොඳට දන්නවා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් මාතේ ෆිල්ම් එක බලලා දැනුන විදිය කියන්නකො.
      සින්දු ටිකනම් ඔයාට සෙට් වෙනවා කියලා ලොවෙත් ෂුවර්!

      Delete
  4. බස්සිව එල්ලලා මරන්ඩ වටිනව නොවැ පිළුමක් ගැන පිස්සුවක් ඔළුවට දැම්මට.දැන් ඉතින් සුද්දට දහ අතේ වැඳපන්කො ඒකට එක්ක පලයාාං කියල.සීඩී එක ගෙදරට ගෙනත් දෙන්නම් කියල උන්දැ ෂේප් වෙනව ෂුවර්..ඇවිදින්න වස කම්මැලිය නොවැ

    ReplyDelete
    Replies
    1. අනේ අනේ සීඩී හොයන්න එපා. මේ නිර්මාණකාරයන්ට අත දෙන්න ඉස්සරහට මීට වඩා හොඳ ෆිල්ම් එකක් කරන්න. ඒ වෙනුවෙන් ෆිල්ම් හෝල් එකට ගිහින්ම බලන්න. (ඔය ටික කිව්වොත් සුද්දා එක්කන් යයි ඔයාව)

      Delete
  5. පට්ට ෆිල්ම් එකක් ගැන පට්ට විචාරයක්.
    එක පාරක් බලල මදි. ආයෙ බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පට්ට කමෙන්ටෙකක්! තැන්කූ අයියේ

      Delete
  6. සෑහෙන කාලෙකට පස්සෙ බස්සි....කොහමහරි ෆිල්ම් එක බලන්න ඕනෙ.පැරාත් අපූරු විචාරයක් ලියල තිබ්බා.

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ ලියන්න ගත්තෙ.
      ඒ ෆිල්ම් එක බැලුවයි කියල පාඩුවක් නෑ. :)

      Delete
  7. මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලදී

    ReplyDelete
    Replies
    1. මමවත්, මටවත්, මුදල් ගෙවීමක් සිදු වුනේ නැහැ.

      Delete
  8. නියමයි බස්සි මචං. බලන්න අසාවෙන් ඉන්න ෆිල්ම් එකක්.

    ReplyDelete
    Replies
    1. එල!
      මෙහෙ ආවම තමයි නේහ්?

      Delete
  9. හුගාග් අසාවෙන් බලන්න ඉන්න ෆිලුමක්.....අද හෙටම බලනවා...........

    ReplyDelete
  10. හෙට,අනිද්දා දිහාට බලන්න ඕන.ගල්කිස්ස ඕඩියන් එකේ තටු කැඩිච්චි ෆැන් එකක් යටට වෙලා.

    ReplyDelete
    Replies
    1. ෆිල්ම්හෝල්වල තත්වෙ නම් කතා කරල වැඩක් නෑ තමා බං.
      රීගල් එකේ තියනව.

      Delete
  11. විස්තරේ කියෙව්වහම නම් බලන්නම හිතුනා...

    ReplyDelete
    Replies
    1. ඩබල් දාල ගිහින් බලන්න තුශා!

      Delete
  12. පුලුවන් කාලෙක බලන ලිස්ට් එකට දාගත්තා ඔන්න..
    ජයවේවා..!!

    ReplyDelete
  13. අපිට ඉතින් මේවා බලන්න ලැබෙද්දී බැරිය බං.

    ReplyDelete
    Replies
    1. එතකම් සින්දු ටිකවත් බලහං

      Delete
  14. මෝටර් බයිසිකලේ මේ පැත්තට අවොත් බලමු.

    ReplyDelete
  15. මෝටර් බයිසිකල් වල යන්න බයයි.. ඒත් මේ මෝටර් බයිසිකලේ යා ගන්න බැරිවෙයි කියල බයයි දැන්.. :/

    ReplyDelete
  16. මම නම් 2 පාරක්ම බැලුව...සුපිරි එකේ උපරිම එක..වීල් එකට සල්ලි නොදී පැනල යන ප්‍රශ්නෙකදී නොදැක්ක වගේ යන අහිංසක කම සමනලිගේ ලස්සන ඔක්කොමත් එක්ක පට්ට

    ReplyDelete
  17. මේකනම් බලන්න අදහසක් තිබුනෙම නෑ. දැන් නම් බලන්නම හිතෙනව. බලන්න ඕනි

    ReplyDelete