Sunday, January 12, 2014

කටකාර කෙල්ලෝ සහ ගණන්කාර කොල්ලෝ...



"කෙල්ලො කියන දේවල් තේරුම් ගන්න වෙනම ඩිග්රි එකක් කරන්න වෙනවා බං."




මගේ බැචෙක් දවසක් මගෙත් එක්ක කියනවා එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක වලියක් දා ගත්තු කතාවක්. ඌ කියන කියන වචනයක් ගානෙ මට බොහොම පැහැදිලිව තේරෙනව කෙල්ල මොනවද අදහස් කරල තියෙන්නෙ කියන එක. ඒත් මේ මැට්ටාට ඒ ගැන වගේ වගක් නෑ.








කෙල්ල මෙහෙම කෙරුවෙ මේකයි, අරම කිවුවෙ මේ නිසයි, කියලා මම ඌට තේරුම් කරලා දෙද්දි තමයි බැචා ඔය උඩින්ම තියෙන වාක්‍ය ප්‍රකාශ කලේ.





ඇත්තටම ඇයි ගැහැණු කියන දේවල් තේරුම් ගන්න  එක පිරිමින්ට මෙච්චර අමාරු???




***********************************






අපේ කැම්පස් එකේ ආර්ට් ෆැකල්ටි එකේ ළමයි ලෙක්චර්ස් වලට එන්නෙ සයන්ස් එක ඇතුලෙ තියෙන ධර්මාලෝක හෝල් එකට. ගොඩක් සයන්ස් කොල්ලො ෆර්ස්ට් ඉයර් එකේදිම යනවා ඔය ආර්ට්ස් එකේ කෙල්ලන්ට බැල්ම හෙලන්න. මොකද ලැබ් ඇතුලෙ කරවෙච්ච, කවකටු, අඩිකෝදු වගේ ඉන්න සයන්ස් කෙල්ලන්ට වඩා බහුතරයක් ආර්ට් කරන කෙල්ලො හරිම ලස්සනයි.




හවස තිවුන biochem ලෙක්චර් එක කට් කරලා මමයි, කෙබරියි, කළේයි කයියක් ගහගෙන ඉන්නව නෙල්ලි ගහ යට.




ලෙක්චර් එකක් ඉවර වෙලා ආර්ට් එකේ කට්ටිය පේලියට එනවා.




කෙල්ලො තිස් දෙකයි - කොල්ලො දෙන්නයි

කෙල්ලො විසි හතයි - කොල්ලො එකයි

කෙල්ලො හතලිස් අටයි - කොල්ලො හතරයි

කෙල්ලො දහඅටයි - කොල්ලො නෑ




ඔන්න ඔහොම තමයි පේලියෙ ගිය කෙල්ලොන්ගෙයි කොල්ලන්ගෙයි සංඛ්‍යා දත්ත වාර්තාව.



***********************************





මෙහෙම වෙන්නෙ ඇයි? බස්සි කල්පනා කොලා.




ඒම කල්පනා කොරල, ජාලයේ සැරිසරලා, e book වගයක් හෙම කියෝලා හොයාගත්තු විස්තර ටිකක් තමයි මේ.







1. ගෑනු මොලේ තේ හැන්දෙ මිට වගේ - පිරිමි මොලේ පොල්කටු හැන්දෙ මිට වගේ











පිරිමින්ගේ මොලය ගැහැණු මොලයට සාපේක්ශව 10% ක් පමණ විශාලත්වයෙන් වැඩියි. ඔව්, මේ අමතර ස්කන්ධය නිසා පිරිමින්ගේ ක්‍රියා සන්තති වේගයත් ගැහැනුන්ට සාපේක්ෂව වැඩියි. නමුත් මේ තියරියත් හරියටම පිලිගන්න අමාරුයි. මොකද එහෙනම් අලි ඇත්තු, නිල් තල්මහ වගේ සත්තු අපිට වඩා පට්ට බුද්ධිමත් වෙන්ට එපායැ ;)







2. මස්තිෂ්ක අර්ධගෝල දෙක දෙවිදියක්





බොහොමයක් පිරිමින්ගේ වම් මස්තිෂ්ක අර්ධගෝලය ක්‍රියාකාරිත්වයෙන් වැඩියි. මේ නිසාම පිරිමින් ගණිතමය හැකියාවන් අතින් ඉදිරියෙන් ඉන්නා අතරම ඔවුන් කාර්යයන් සඳහා දිශානත වූ චින්තකයන් ලෙස හැසිරෙනවා.









නමුත් කාන්තාවන්ගේ වම් සහ දකුණු මස්තිෂ්ක අර්ධගෝල දෙකම බොහෝවිට සහප්‍රමුඛ ලෙස ක්‍රියාත්මක වෙනවා. එවැනි කාන්තාවන් සහඥානය අතින් පිරිමින්ට වඩා ඉදිරියෙන් ඉන්නව. 





ඒ වගේම සමහර කාන්තාවන්ගේ දකුණු මස්තිෂ්ක අර්ධගෝලය ප්‍රමුඛ වීම නිසා ඔවුන් අපූරු හීන මවන්නියන් බවට පත් වෙනවා.






3. කොල්ලො ගණන්කාරයෝ





පිරිමින්ගේ මස්තිෂ්කයේ අධර පාර්ශ්වික අනුඛණ්ඩිකාව ගැහැණු මස්තිශ්කයට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාලයි. මේ නිසා, පිරිමි ළමයි ප්‍රාමාණික දත්ත සැකසීම අතින් ඉදිරියෙන් ඉන්නවා. මේ නිසයි පිරිමින් සිතියම් අවබෝධ කරගැනීම අතින් ඉදිරියෙන් ඉන්නෙ. ඒ වගේම පිරිමි හොඳ ගණන් කාරයෝ.








මස්තිෂ්කයේ පාර්ශ්වික බාහිකය විශාල වීම නිසා පිරිමින් කාලය හා අවකාශ භාවිතය අතිනුත් සූරයො. ඒක තමයි කාන්තා සහ පිරිමි රියැදුරන් අතර තියෙන වෙනසට හේතුව.









හැබැයි පජාත පිරිමි රියැදුරෝ වගේම, අති දක්ශ කාන්තා රියැදුරුවරියොත් ඉන්න බව මතක තියා ගන්ට. මේ කියන්නෙ බහුතරය ගැන.







4. කෙල්ලන්ගේ චැටර් බොක්ස්




කාන්තාවන්ගේ මස්තිෂ්කයේ වැඩි වශයෙන් තියෙන්නේ ශ්වේත ද්‍රව්‍ය. නමුත් පිරිමින්ගෙ මස්තිෂ්කයේ ධූසර ද්‍රව්‍යයි වැඩි. ශ්වේත ද්‍රව්‍ය වලින් ස්නායු සන්නිවේදන සම්ප්‍රේශණය වේගවත් කරනවා. මේ නිසයි කෙල්ලො ඔලුවෙ තියන දාහක් දේ චට පට ගාලා සංස්කරණය කරලා, වචන විදියට එලියට දාන චැටර් බොක්ස් වෙලා තියෙන්නෙ.










5. ලේන්සු




කාන්තාවන්ගේ පූර්ව මස්තිෂ්ක  අනුඛණ්ඩිකාව පිරිමින්ට සාපේක්ෂව විශාලයි.  ඒ නිසා කාන්තාවන්ට හැඟීම් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාවත් වැඩියි. මේ හේතුව හින්දාම කාන්තාවන් මූඩ් ගහල ඉන්න අවස්ථාවන් සාපෙක්ශව ඉහලයි.











ඉතින් මේ වෙනස්කම් නිසාම සමහරු කියනවාලු පිරිමි මොලෙයි, ගැහැණු මොලෙයි මෙන්න මේ විදියයි කියලා.










අපේ බස්සනම් කියන්නෙ බැන්ද දවසක මෙන්න මේවායින් එකක් ගන්න ඔනෙ කියලා. වීඩියෝ එකත් බලලාම යන්ටකෝ.....











95 comments:

  1. මාගේ අවුලක්ද දන්නෑ මටනම් විඩියෝ එකක් නොපෙනේ....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්ටැති මටනම් පෙනේ....

      Delete
    2. ෆොන් එකෙන් හින්දා වෙන්න ඕනේ..දැන් හරි...
      බැන්ද දවසක ගන්න ඕනෑ.....බුක් මාර්ක් එකක් දාලා තියා ගන්න ඕනේ :D

      Delete
    3. ෆෝන් එක නම් බ්ලොග් කියවද්දි ඉඳලා හිටලා පිස්සු නටනවා තමයි. ඒක නෙ. බොහොම ප්‍රයෝජනවත් වෙයි ඒ කාලෙට.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  2. බස්සී අර පොත කියවලා නැද්ද අර පොත....
    ඉන්ඩ ගුගුල් කරලා හොයන් එන්න පොතේ නම...
    ආ....
    Why Men Don't Listen and Women Can't Read Maps

    ReplyDelete
    Replies
    1. ඔය පොත ගැනත් ඔත්තුවක් ලැබුනා මේ ගැන කරුනු හොයද්දි. ඒත් පොත හොයාදෙන්නම් කියලා කොන්තරාත්තුව බාරගත්තු කෙනාගෙන් තාම ප්‍රතිචාරයක් නෑ නෙව.

      Delete
    2. වරද්දන් නැතිව ඒ පොත හොයාගෙන කියවන්න ඔය සබ්ජෙක්ට් එක ගැන එළම පොත.....
      මං හිතන්නේ සිංහල පරිවර්තනයකුත් ආවා...ඉංගිරිසි එක හොයා ගන්න බැරි වුනත් සිංහල එක කඩවල් වල නැති වෙන්න බෑ..

      Delete
    3. මේ කපල් එක ලියපු මේවගේ පොත් කිහිපයක්ම තියේ නේද?

      Why Men Don't Listen and Women Can't Read Maps
      Why Men Can Only Do One Thing at a Time Women Never Stop Talking
      Why Men Don't Have A Clue & Women Always Need More Shoes
      Why Men Want Sex & Women Need Love

      Delete
    4. Translation එකක් තියේය කියලා දැනගත්තෙ දැනුයි. මම උත්සාහ කලේ e-book එක බා ගන්න. තැන්කුයි මේ ගැන විස්තර කියා දුන්නට :)

      Delete
    5. ගුගුල් දෙයියෝ ඊ බුක් එකනම් මට පෙන්නුවේ නෑ...හැබැයි සිංහල පරිවර්තනය විකුණන්න තියෙන විත්තියනම් කිව්වා...
      සිංහල පරිවර්තනය


      විජේසූරිය ග්‍රන්ථ කෙන්ද්‍රය
      Wijesooriya Grantha Kendraya,

      812, Maradana Road, Punchi Borella.

      Telephone:- 011-2696675

      Delete
    6. අනේ.... තැන්කූ තැන්කූ ගජිනි!! විස්තර සේරම හොයලා දුන්නට. ලබන සතියෙම ගිහින් ගන්න ඕනෙ පොත.

      Delete
    7. Bassi akke oya potha mn gawa thinawa..ebook eka :) oni nm dennam..

      Delete
    8. අයියූ පොත හොයන්න දඟලන වෙලාවෙ ඔයාගෙන් අහන්න මතක් උනේ නෑනෙ මට. ඕනි. ඕනි. එනකොට ගේන්න....

      Delete
    9. නුවන්ගි, මටත් පොත ඉල්ලගන්න පුලුවන්දෝ ???

      Delete
  3. බිගස්ට් මිස්ටරි එක්ස්ප්ලේයින්ඩ් !! :ඪී

    ReplyDelete
  4. අන්න බලන්න එහෙම තත්තෙයක් තියෙද්දි නෙව මේ සමතැන ඉල්ලල අඬන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම් රාජ් අයියෙ. හරිනම් කාන්තාවන්ව සමතැන නෙමෙයි මුල්තැන නෙව දෙන්ට ඕනෙ

      Delete
    2. කාන්තාවන්ට දෙන්න ඕනේ මුල් තැන නෙවි බං,නිසි තැන කියලායි මට හිතෙන්නේ.

      Delete
    3. රාජ් අයියාට ඒම කිවුවෙ විහිලුවට මනෝ. ඔයා කියන දේ හරි

      Delete
  5. අපේ මොලේ 10% ක් වැඩී හි… හි……

    විසිල් එකක් ගහලා බල්ටියකුත් ගහන්න හිතුනා හි…… :-D

    ReplyDelete
    Replies
    1. //එහෙනම් අලි ඇත්තු, නිල් තල්මහ වගේ සත්තු අපිට වඩා පට්ට බුද්ධිමත් වෙන්ට එපායැ//

      මේ ටික මග ඇරුනැයි? :P

      Delete
  6. මේ ලිපියේ තියෙන කරුණු බොහොමයක් ඇලන් පීස් සහ බාබරා පීස් ලියපු පොත් පෙළේ තියෙනවා.
    ඒ දෙන්නගේ පොත් වලින් කොටසක් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ආරියරත්න චන්ද්‍රවංශ තමයි පරිවර්ථනය කරේ.
    *ගැහැණු සහ පිරිමි මෙතරම් වෙනස් ඇයි?
    *ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න.
    *ගැහැණුන්ගේ ආදරය සහ පිරිමින්ගේ ආදරය.
    *ඉරියව් පවසන තොරතුරු.
    ඔය පොත් හතරම මං සල්ලි දීලා අරන් කියෙව්වා.
    කෙල්ලෙක්ට සහ කොල්ලෙක්ට අවබෝධයෙන් එකට ජීවිතේ ගෙනියන්න ඔය පොත් වලින් සෑහෙන්න අවබෝධයක් ලබලා දෙනවා.
    මං බස්සිටත් ඒ පොත් ටික කියවන්න කියලා නිර්දේශ කරනවා.....:)
    කොහොම වුණත් වැඩියෙන් දක්ෂ පිරිමිද ගැහැණු ද කියලා කියන්න බෑ. එක එක පැති වලට ඒ ඒ අයගේ දක්ෂතා වෙනස්..
    අනිත් කාරනේ තමයි දෙගොල්ලන්ටම සම තැන දෙන එකත් හරි යන වැඩක් නෙවෙයි. දෙන්න ඕනි 'නිසි තැන'...

    ReplyDelete
    Replies
    1. //දෙගොල්ලන්ටම සම තැන දෙන එකත් හරි යන වැඩක් නෙවෙයි. දෙන්න ඕනි 'නිසි තැන'//
      මේ කතාව කීයත් වටී.

      බොහොම ස්තූතියි රන්දු පොත් ගැන දැනුවත් කලාට. මේ ලිපිය ලියන්න කලින් කට්ටියගෙන් පොත ගැන අහන්නයී තිවුනෙ මට. එහෙම උනානම් මේ ලිපිය තවත් හොඳට ලියැවේවි.

      Delete
  7. ඔතන තියෙන්නෙ බස්සියො තේරුම් ගන්න බැරි වීම නෙවෙයි... තේරුම් ගන්න උවමනාවක් නැති කම... ඒකත් එච්චර අවුලක් නෑ... ගෑණු හිතන දේවල් පිරිමින්ට ඒ විදියටම තේරුම් ගන්න පුලුවන් උනා නම් මහ හුටපටයක් වෙනව.. ගෑණු සෙන්සිටිව් වෙනවට වඩා මහා කරදරයක් පිරිමි සෙන්සිටිව් උනාම.. මොකද එයාලට මෙලෝ පාලනයක් නෑ... ඒකනෙ ඔය කෙල්ලො බූට් කෑවම කොහොම හරි දරා ගනිද්දි කොල්ලෝ බෝතල් පිහිට පතන්න තරං මෝඩ වෙන්නෙ... හි හි... ඒක නිසා ඔය තේරුම් ගන්න බෑ බෑ කිය කිය ඉන්න ඒවා ඔන්නොහෙ ඔහේගේ මොලේ ඇලේ දාලා හෝදලා ගන්න ඕනෙ කියල ෂේප් වෙන එක ඇඟට ගුණයි කියල මට හිතෙන්නෙ... හි හි

    ReplyDelete
    Replies
    1. //ගෑණු සෙන්සිටිව් වෙනවට වඩා මහා කරදරයක් පිරිමි සෙන්සිටිව් උනාම.. මොකද එයාලට මෙලෝ පාලනයක් නෑ... ඒකනෙ ඔය කෙල්ලො බූට් කෑවම කොහොම හරි දරා ගනිද්දි කොල්ලෝ බෝතල් පිහිට පතන්න තරං මෝඩ වෙන්නෙ...//
      බැචාලා මේක කරනව දැකල තියෙනව ඇති තරම්. මම නම් උදවු කරනව ඒ වෙලාවට කෙල්ලගෙ හැසිරීම translate කරල දෙන්න. කොහෙද මුන් ඒ වෙලාවට කියන්නෙ මාත් කෙල්ලෙක් නිසා ඒ පැත්තට අදිනවා කියල නෙ.

      Delete
  8. //මොකද ලැබ් ඇතුලෙ කරවෙච්ච, කවකටු, අඩිකෝදු වගේ ඉන්න සයන්ස් කෙල්ලන්ට වඩා බහුතරයක් ආර්ට් කරන කෙල්ලො හරිම ලස්සනයි.//
    හැබැයි ආර්ට් කරන ගොඩක් කෙල්ලෝ මෝඩයි ඉතින් සෙට් උනොත් නියම ගොන් කතා අහගෙන්න ඉන්න පුළුවන් වෙයි නේ ද

    ReplyDelete
    Replies
    1. ආර්ට් කරන බුද්ධිමත් කෙල්ලොත් ඉන්නවා, සයන්ස් කරන, අහසින් යන පට්ට මෝඩ කෙල්ලොත් ඉන්නවා. ආර්ට් කෙල්ලො සමහරුන්ට සමාජෙ ගැන හොඳ අවබෝධයක් තියෙනවා මල්ලි.

      අනික බලහන් සයන්ස් කරපු මම ලියන ලිපි වල කොලීටියයි. ආර්ට් කරපු එකෙක් ලියන ලිපිවල කොලිටියයි. අහසට පොලව වගේ නෙ. අපේ සාහිත්‍ය දැනුම දිහා බලල ආර්ට් ලමයිනුත් හිනා වෙනව ඇති අපට.

      දැනුම වෙනස් වෙන්නෙ එකිනෙකා හදාරන විෂය පථයට අනුව.

      හැබැයි ආර්ට් කෙල්ලො මාර ලස්සනයි, ඒ ඇයි අනේ? කලාවෙන් හිත පිරිසිදු වෙන නිසා වෙන්නැති.

      Delete
    2. ලස්සන විතරක් කන්න ද ? මම නම් කියන්නේ අපේ ඉස්කෝලේ කෙල්ලෝ දිහා බලලා.

      අනික අක්කා කියන ජාතියේ ආර්ට් කරන කෙල්ලෝ නෙවයි බහුතරයක් ඉන්නේ

      Delete
    3. ඒ උනාට බහුතරය දිහා බලලා හැමෝවම මනින්න එපා මල්ලි. ආර්ට් කරලා කැම්පස් එන බහුතරය හීන මල්ලක් පොදි බැඳන් ගමෙන් නගරෙට එන දුප්පත් ලමයි. එහෙම ළමයි සයන්ස් ෆැකල්ටි වලත් ඉන්නවා. හීන බර වැඩි වෙච්චි අය නගරෙට පෑහෙන්න ගිහින් අතරමං වෙනවා.

      ඉස්කෝලෙ නම් වෙන්නෙ A ගත්තු උන්ව බලෙන්ම සයන්ස් යවන එක. මම ඕ.ලෙවල් කාලෙ ආසාවෙන් හිටියා Lit කරාල Neruda වගේ කවියෙක් වෙන්න. එහෙම උනානම් සමාජය මාව මෝඩියෙක් විද්යට ලේබල් කරයිද?

      Delete
    4. වෙන්න පුළුවන් එතකොට ඔයත් අර බහුතරේට වැටෙනවා
      (@ බනින්න එපා හිතෙන හැටි ද හිතන හැටි ද දන්නේ නෑ අනික science කරන ගොඩක් උන්ට මොලේ තිවුනට මානුෂීය හැගීම් අතින් අන්තිමයි

      Delete
    5. මම තවත් මොනවත්ම කියන්නෙ නෑ මල්ලි. ඔය මනෝ ලේබල් ගැලෙවුවොත් ඔයාට හොඳ ඉදිරි ගමනක් තියේවි. සයන්ස් කරන මෝඩයො දැකලාම නැද්ද?

      ඔන්න අපි නුගේගොඩ පොතුපිටිය මිස් ගෙ ක්ලාස් යනව. පාරෙ ලොකු බැනර් එකක්.
      "තොප්පිගල අල්ලයි!"

      අපේ හොඳම මීටරේ අහනවා;
      "කවුද බන් තොප්පි කියන්නෙ?"

      …අපි : "මොකාක්?"

      …"අර ගලක් ඇල්ලුවා කියන තොප්පි කවුද බන්?"

      …පොර ෆස්ට් ටයිම් සුපිරි රෑන්ක් එකක් එක්ක මෙඩිසින් ගීයා.....


      Delete
    6. සිරාවටම අක්කේ.... සමහරු ඉන්නවා කොච්චර පොතේ තිබ්බත් බාහිර සමාජේ ගැන මෙලෝ දැනුමක් නැ ......... තව tube light වගේ පොරවලුත් ඉන්නවනේ

      Delete
  9. දේශපාලනිකව, සමාජීයව යම් යම් දේවල් ගැහැණු'පිරිමි භේදයක් නැතුව, තරාතිරමක් නැතුව සමාන වෙන්න ඕන බව ඇත්ත. ඒක දියුණු සමාජෙක අනිවාර්යෙන් සිද්ද වෙන්න ඕන දෙයක්.
    නමුත් මිනිස්සු විදිහට ජීවත් වෙද්දි තේරුං ගන්න ඕන දේ තමයි, ගෑණු'පිරිමි තියා අපි කවුරුවත් එකෙකුට එකෙක් සමාන නැති බව. ඕක තේරුං ගන්න මහා ලොකු මොලයක් ඕන නැති උනත් පොදුවේ අපි නොකරනම දේ ඒකනෙ.. අපි ඉගෙන ගන්න ඕනෙ, වෙනස්කම් තේරුං අරං එකට ඉන්න විදිහ මිසක් හැම දේම සමාන කරන්න යන එක නෙමෙය්. ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙ කොහෙ උනත් ගොඩක් ප්‍රශ්න වලට හේතුව මේ කාරණේ තේරුං නොගන්න එක.
    හැබැයි ලංකාවෙ උංගෙ තියෙන අවුල තමයි මේ වගේ ලිපියක් හෝ තොරතුරු ටිකක් කියෙව්වට හරිව අහන්න ලැබුනට පස්සෙ හරි'වත්, අඩුගානෙ තමං මෙච්චර කල් දරපු සමහර අදහස් වෙනස් කරගැනීම තියා අඩුගානෙ ඒ අදහස් වල අවුලක් තියෙනව නේද කියලවත් නිකමට හිතලා බලන්න තරංවත් බුද්ධියක් නැති කම. ගෑණු'පිරිමි කේස් එකට අදාලව කියනවනං, හැමදාම ගෑණුංව පාගගෙන ඉන්න බලාගෙන සියළු සමාජ සම්මතයන් ගොඩනගන/පවත්වාගෙන යන අයියලාවත්, පිරිමින්ට වඩා ගැණු මාරම ජාතියක් බව කියාගන්න අමු ගොං තර්ක ගේන නංගිලාවත් මේ වගේ කරුණු දැනගත්තා කියලා කිසිම වැඩක් වෙන් නෑ. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. තර්ක බුද්ධියක්/විචාර බුද්ධියක් නැති මිනිස්සු වැඩි වැඩියෙන් බිහි වෙලාතියෙන/බිහි වෙන්න හේතුව තමයි අපේ රටේ මේ'තියෙන කුණු වෙච්චි අධ්‍යාපන ක්‍රමය සහ අවුරුදු 2500ක සංස්කෘතියේයි,සධාචාරෙයි බර.
    මං ඉඩක් ලැබුණු ගමං ඊලඟට ලංකාවෙ අධ්‍යාපනේ ගැන මට හිතෙන විදිහ ලියන්නයි හිතං ඉන්නෙ... ලියන්න හිතං ඉන්නෙ මේ ලිපියෙ තියෙනව වගේ කරුණු නොවුණත් මේකෙං මාව මෝටිවේට් උනා. තැන්ක්ස්..!
    >
    මේ ලිපියෙ කතා කරන දේට අදාලව මේක පරිපූර්ණ ලිපියක් නෙමෙයි බස්සි. හැබැයි ඒක ලිපියකිං ලියල ඉවර කරන්න පුළුවං දේකුත් නෙමෙයි. කෙනෙකුට වෙනස් වෙන්න / කරුණු කාරණා තව තවත් හොයලා බලන්න උනන්දුවෙන්න , ලිපියෙ තියෙන කාරනා හොඳටෝම ඇති. කියවන්න ආස හිතෙන විදිහට සරලව ලියලා.. නියමයි.
    >
    අර පොත් සෙට් එක කඩවල් වල ගන්න නැතුව ඇති කියලා තේරුණේ උඩ තියෙන කමෙන්ට්ස් වලිං.. හැබැයි පොත් කීපයක් සිංහලේට පරිවර්තණය වෙලා බවත් කියලා තියෙනවා. ඒක නං ඉතාම වටින දෙයක්. දන්න කියන හැමෝටම ඒ පොත් අරගෙන හෝ හොයාගෙන බලන්න කියන්න.
    මං එදා බස්සිට බලන්න කිව්ව පොතයි, ඇලන්'බාබරා දෙන්නගෙ තව පොත් ගොඩකුයි බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ලයිබ්‍රියෙ තියෙනවා. කොල්ලුපිටියෙ තියෙන ඇමරිකන් කර්චරල් සෙන්ටර් එකේ ලයිබ්‍රියෙත් අනිවර්යෙං ඇති.
    >
    දිගටම ලියහං, උඹට ජය...!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ @තිලිණ

      Delete
    2. තිලින අයියගෙ කමෙන්ටුව නිසා තමයි මේ ලිපිය ලියන්න මගපෑදුනේ. e-book එක ලැබුනෙ නැතත් (එහෙම උනේ මම ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතයෙන් තොර නිසා.) ජාලයෙන් ඒ පොතේ කරුණු සමහරක් ඔන්ලයින් කියවන්න ලැබුනා.

      E-book එක දෙන්න පොරොන්දු වුනා මේ පෝස්ට් එක දැකපු යාලුවෙක්. ඔයාල මට මේ පොත් ටික හොයාගන්න උදවු කරනවාට ගොඩාක් ස්තූතියි.

      අර කියාපු අයියලාටයි, නංගිලාටයි කියන්න වෙන්නෙ රන්දුගෙ කමෙන්ට් එකේ තියෙන කතාව තමයි. //ගොල්ලන්ටම සම තැන දෙන එකත් හරි යන වැඩක් නෙවෙයි. දෙන්න ඕනි 'නිසි තැන'//

      මම විද්‍යාත්මක කරුණු අඩංගු ලිපි මේ තරම් සරල කරන්නෙ කියවන අයට නීරස වේවි කියලයි අයියෙ. මේ විෂයට ඇල්මක් ඇති අය මේ ආරම්භය ඔස්සේ කරුණු හොයාගෙන යනවානෙ. සයන්ස් ඇලජික් අය ලිපිය දිග වැඩී හෝ බරපතලයි කියලා හිතුනොත් කියවන්නෙ නැතුව හැරිල යාවි.

      තිලින අයියා කියෙවුවද මේ ලිපිය ?

      Links to this post

      Delete
    3. මේ වාගෙ වටින අදහස් කමෙන්ට් වලින් බෙදාගන්නවාට තුති. අර ලිපිය ලියනකම් මග බලාගෙන ඉන්නවා.... :)

      Delete
  10. බත්තියේ මාත් ආතයි ඔය සබ්ජෙක්ට් එකේ පොත් කියවන්ට, ebook හොයා ගන්ට ඕනා දැම්ම....අගේ ඇති ලිපියක්

    ReplyDelete
    Replies
    1. E-book මේ සතිය ඇතුලත ලැබෙයි වගේ අක්කෝ. ලැබුනාම මම ඔයාටත් එවන්නම්.

      Delete
  11. මගේ දකුණු මස්තිෂ්ක අර්ධගෝලය ප්‍රමුඛයි ඉදගෙන :)

    ReplyDelete
    Replies
    1. මගෙත් ඒක තමා බන් ප්‍රමුඛ. හැබැයි හිටගෙන ;)

      Delete
    2. ඔමයා අක්කේ ඉඩගන්නකොට පරිස්සමින්

      Delete
  12. සති ගාණක් හිතන්න කරුණු තියෙනවනේ බස්සි මෙතන... ඉස්සර අපි විහිලුවට කියන දෙයක් තියෙනවා .... බයෝ ක්ලාස් වල වැඩිපුර ඉන්නේ ගෑණු ළමයි... ඒත් මෙඩිකල් කොලේජ් එකෙන් වැඩි පුර එළියට එන්නේ දොස්තර වරුන් ... කෙසේ උනත් කාන්තාව සහ පුරුෂයා අතර තියෙන වෙනස් කම් වලට හේතු ඇති .... එහෙම නොවෙන්න ලෝකයේ පැවැත්ම වෙනස් වෙන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. ඒ.ලෙවල් ආර්ට් ක්ලාස් වල වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත නේ සහන් අයියා. කොල්ලො ඉන්නවා ගොඩක්. ඒත් කැම්පස් එන්නෙ වැඩිපුරම කෙල්ලො.


      බොහොම ස්තූතියි සහන් අයියේ.... මේ ලිපියෙන් ආරම්භය අරගෙන තව දුරට කියවන්න මේ ගැන. reference book list එක ඒවා හොයාගන්න පුලුවන් තැන් සහ දුරකතන අංක පවා සහිතව අපේ යාලු කුරුල්ලො කියාදීල තියෙනවා කමෙන්ට් වල.

      Delete
  13. //ඒ වගේම සමහර කාන්තාවන්ගේ දකුණු මස්තිෂ්ක අර්ධගෝලය ප්‍රමුඛ වීම නිසා ඔවුන් අපූරු හීන මවන්නියන් බවට පත් වෙනවා// හැ සිත් ගත්තම කොටස මේකද මන්දා. හික් ^_^
    සැහෙන්න පරික්ෂණ කරලා ලිපි යනවා වගේ බස්සියා :) 

    ReplyDelete
    Replies
    1. //ඒ වගේම සමහර කාන්තාවන්ගේ දකුණු මස්තිෂ්ක අර්ධගෝලය ප්‍රමුඛ වීම නිසා ඔවුන් අපූරු හීන මවන්නියන් බවට පත් වෙනවා//

      +

      ඉන් පස්සෙ ඒ අපූරු හීන මවන්නියන් සමහරු දක්ෂ බ්ලොග් කාරියන් බවට පත් වෙනවා.....

      දැන් හිත සතුටින් පිනා ගියා නේද? ;)

      මේක පටන්ගැන්ම පමණයි අක්කෝ.... මේ ලිපියෙන් ආරම්භය අරගෙන තව දුරට කියවන්න මේ ගැන. reference book list එක ඒවා හොයාගන්න පුලුවන් තැන් සහ දුරකතන අංක පවා සහිතව අපේ යාලු කුරුල්ලො කියාදීල තියෙනවා කමෙන්ට් වල.

      Delete
  14. මගේ මස්තිෂ්ක ,අනු මස්තිෂ්ක ඔක්කොම බලවාගන්ට හිතෙනවා.... :D

    නියම පෝස්ටුව බස්සියෝ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ රෙහානි අක්කගෙත් දකුණු මස්තිෂ්ක අර්ධගෝලය ප්‍රමුඛයි.

      Delete
  15. කතාව සහතික ඇත්ත..ෆට්ට පොස්ටුව...මටත් ගන්ට ඕන අර අයිටම් එකක්

    ReplyDelete
    Replies
    1. තැන්කූ ආචාරි මලයා.... ඒ අයිටම් එක නම් ජෝක් එකක් මං හිතන්නෙ.

      Delete
  16. බස්C කියලා තියෙන කිසිම දෙයක් මට තේරුනේ නැහැ. පස්සේ තමයි මේක දැක්කේ.
    ////ඇත්තටම ඇයි ගැහැණු කියන දේවල් තේරුම් ගන්න එක පිරිමින්ට මෙච්චර අමාරු???/////////

    මේ කමෙන්ට්ස් වල අකුරු පොඩ්ඩක් ලොකු කරන්න පුළුවන්ද....කන්නාඩි දෙකක් ගන්න සල්ලි නැහැ.

    ReplyDelete
    Replies
    1. අරූ එහෙනම් manslater එකකට කියලා මේ පෝස්ට් එක පිරිමි භාශාවට පරිවර්ථනය කරවා ගන්ට.

      කමෙන්ට්ස් වල අකුරු ලොකු කරන විදිය මම දන්නෙ නම් නැහෑ අරූ අංකල්. ඔයා දන්නවානම් කියා දෙන්ටකෝ....

      Delete
  17. බස්C කියලා තියෙන කිසිම දෙයක් මට තේරුනේ නැහැ. පස්සේ තමයි මේක දැක්කේ.////ඇත්තටම ඇයි ගැහැණු කියන දේවල් තේරුම් ගන්න එක පිරිමින්ට මෙච්චර අමාරු???//////

    මේ කමෙන්ට්ස් වල අකුරු පොඩ්ඩක් ලොකු කරන්න පුළුවන්ද....කන්නාඩි දෙකක් ගන්න සල්ලි නැහැ.

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඔන්න අකුරු ලොකු කලා....

      Delete
  18. මට හිතයි මේ ලිපියටත් කමෙන්ට් එකක් වෙනුවට පිළිතුරු ලිපියක්ම ලියන්න.. අර කලින් වතාවේ වගේ.. හිටුකෝ මම විස්තර ටිකක් හොයා ගන්නකම්..

    ReplyDelete
    Replies
    1. එල එල ලියමු බලන්ට. දිනේශ් අයියගෙ පිලිතුරු ලිපිය දැකලා මගෙ උණ ඩබල් වෙයිද මන්දා ;)

      Delete
  19. ඔය කිවුවට එක එකාගේ මොලේ තියන තැන වෙනස් මගේ නම් ඔලුගෙඩිය ඇතුලේ.. සමහරුන්ගේ අග පුරාම මොලේ, සමහරුන්ගේ බඩේ, සමහරුන්ගේ කකුල් වල, සමහරුන්ගේ අත්වල, ඔය අතරේ බහුතරයකගේ මොලේ තියෙන්නේ පෙකනියේ ඉපදිලා ටික දවසකින් හැලිලා යන නිසා බහුතරයකට මොලේ නෑ බං... බස්සියේ...

    ReplyDelete
    Replies
    1. අලේ මේකට නම් මොනා කියන්නද කියලා හිතාගන්ට බෑ. මූ නම් ෂැගියාම තමයි. :D

      Delete
  20. කාන්තාවෝ ගැන කියෙව්ව වැඩිද මන්ද අද?

    ReplyDelete
    Replies
    1. කාන්තාවො ගැන කොච්චර කියෙවුවත් වැඩි වෙන්නෙ නෑ දේශා තුමෝ. අනික මේ ලිපියෙ දෙපාර්ශවයම ගැන තියෙනවා නෙ.

      Delete
  21. මගේ යාලුවෙක් ඉස්කෝලෙ යන කාලෙ ට්‍රයි කරපු කෙල්ල ඌට බෑ කිව්වා. කාලෙකට පස්සෙ වෙන ආකාරයකින් හම්බ වෙලා ඌ කෙල්ලව බැන්දා. ඌ ඇහුවලු ඇ‍යි එදා බෑ කිව්වේ කියලා... කෙල්ල ඇහුවලු ඇ‍යි ඊට පස්සේ ආයෙත් ඇහුවේ නැත්තේ කියලා...

    එක නෙමේ මොකෙද්ද මේ ඔළුව නැති තාරාවෙක් බෙටි දදා යනවා වගේ මවුස් පොයින්ටර් එකක් තියෙන්නේ... අපේ කියවීමේ ව්‍යායාමයට බාධා වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. //ඇ‍යි ඊට පස්සේ ආයෙත් ඇහුවේ නැත්තේ// ඇත්ත නේන්නම්. එහෙම අහපු ගමන් හා කියන්න පුලුවන් යැ?


      අමාරුවෙන් හොයා ගත්තු මවුස් පොයින්ටරේටයි, වලිගෙටයි දෙකටම මඩ ගහලා නෙව. ආසාවට තව ටික දොහක් තියාන ඉඳලා මාරු කරන්නම්.

      Delete
  22. කිව්වත් වගේ ගෑණු ළමයි තේරුම ගන්න අමරුයි...

    හරිම වැදගත් ලිපියක්.. හුඟක් දේවල් දැන ගත්තා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තුශානි නංගා....

      Delete
  23. ඔයාට සුබ නව වසරක් වේවා.අපි බ්ලොග් ලෝකෙට හාපුරා කියල එන්නයි මේ මුට්ටිය දැම්මෙ.ඉහ ගහන්න පුළුවන් වෙයිද මන්ද

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට! මොකෑ ඉහගහන්ට බැරි? වනිතා හඬට කොතනත් පිලිගැනීමක් තියෙනවා... සුභපැතුම්!

      Delete
  24. ගැහැණු තේරුම් ගන්න බැහැ .එක සහතික ඇත්ත.
    ඔය උඩින් තියෙන පොතක් කියවලා හරි එක ගැන උත්සහා කරන්න ඕනේ...:D

    ReplyDelete
    Replies
    1. ලෝභ බඳින ලොකු ඇස් දිහා බැලුවාම සුටුස් ගාල තේරේවි මනෝ පොත් කියෙවුවෙ නැතුවට. හා හා ඒ උනාට කොයිකටත් පොතකුත් කියෝලා තියෙන එක හොඳයි නෙ.

      Delete
  25. මේක කොහොමහරි ගෙදර මනුස්සයට පෙන්නන ඔන..
    ලස්සන ලිපියක් වැචගත් විස්තර රාශියක් තියෙනවා..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉත්තූතියි විදානේ....

      Delete
  26. මෙතනට තවත් දෙයක් එකතු වෙන්න ඕනි. මොලය ගැන ඔච්චරටම කතා කරල තියෙන තැන නොකිය ඉන්න එක හරි නෑනෙ.

    කොල්ලන්ගෙ - ඔළුව ඇතුලෙ

    කෙල්ලන්ගෙ - කරුමෙ කියන්නෙ උං වාඩිවෙන්නෙ ඒක උඩ. :D



    ReplyDelete
    Replies
    1. මෙච්චර හරියක් ලියලත් ඉතින් ඔය කල්පිතය වෙනස් වෙන්නෙ නෑ කියන්නෙ ඔයාගෙ ඔය අදහස වෙනස් කොරන්න හදන එක තේරුමක් නෑ කියන එකයි. ඔහොම යං!

      Delete
  27. මමනං කොහොමත් තේරුම් ගන්න try කරන්නෙත් නෑ.. මොකෝ වැඩක් නෑනේ.. :/

    ReplyDelete
    Replies
    1. පවු බොලේ නාඩියා.... ඒක නම් මහා අන්ත්‍රයේ පූර්ව භාගයෙන් කියාපු කතාවක් වගේ....!

      Delete
  28. කාන්තාව සහ පුරුෂයා අතර බොහෝ වෙනස්කම් තියෙනවා. කවදාවත් සැම තැන දෙන්න බැහැ නිසි තැන දෙන්න ඕන. සමහර තැන අංශ වලින් කාන්තාව දක්ෂයි. සමහර අංශ වල පුරුෂයා දක්ෂයි. මොලයේ කියාකාරීත්වයේ වෙනස පිළිඹඳ හොඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු. දෙගොල්ලන්ටම "නිසි තැන" දෙනවානම් තමයි වටින්නෙ.

      Delete
  29. ad එකේ වගේ කියන්න තියෙන්නේ ගෑණු කවද්ද හිතේ තියන දේ කිව්වේ මොනවා උනත් හොද විස්තරයක්

    ReplyDelete
    Replies
    1. ඇඩ් එකේ තියෙන විදියට නම් පිරිමිත් හිතේ දාහක් ජාති තියාගෙන "හ්ම්ම් හ්ම්ම්ම්..' කියනව විතරයිනෙ බොරලුගොඩ මහත්තයෝ...

      Delete
  30. http://s27.postimg.org/rrelx845v/understanding_women.jpg

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒකට වඩා වීඩියෝ එකේ තියෙන ගැජමැටික්ස් එක ලේසියි නේද?

      Delete
  31. අහිංසක බස්සාත් අනාගතයේ දිනක ස්ත්‍රිවාදිනියකගේ අත වැස්සෙක් වේවිද නගෝ

    ReplyDelete
    Replies
    1. බස්සිත් ඒ අනාගතයට අයිති නම් එහෙම වෙන එකක් නෑ නලින් අයියේ. මොකද මේ ලිපියෙනුත් සමබරව ගැහැනු/ පිරිමි දෙපාර්ශවයේම වෙනස්කම් ගැන නෙව කියන්නෙ.

      Delete
  32. කොහෙද බන් අර ජාතියෙ එකක් ගන්න තියෙන්නෙ.කියක් ගියත් කමක් නැ

    ReplyDelete
    Replies
    1. දමිත් කාලෙකින් ඇවිත් තියෙන්නෙ මේ පැත්තට. ඇයි ඒ ඇඩ් එකේ කියන්නෙ ගන්න පුලුවන් තැන්.

      Delete
  33. සෙහ් මාර ගැජට් එකක්නෙ අරක :D

    ReplyDelete
    Replies
    1. අන්න ගන්නවනම් ගැජට්!

      Delete
  34. manslater eke sinhala edition 1 kawada ewida......:(

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරල බලන්න සිංහලෙන් එකක් හදාගන්න. ;)

      Delete
  35. බොලාට දෙන්න ඕන තැනද?? මගෙන් අහගන්න එපා බස්සියේ...

    ReplyDelete
  36. //ඒ වගේම සමහර කාන්තාවන්ගේ දකුණු මස්තිෂ්ක අර්ධගෝලය ප්‍රමුඛ වීම නිසා ඔවුන් අපූරු හීන මවන්නියන් බවට පත් වෙනවා.//
    that's ur secret then.
    ඕන්න බස්සි අක්කෙ මං අක්කගෙ බ්ලොගෙ කියවන්නම එකවුන්ටුවකුත් හදාගත්ත කියන්නකො.

    ReplyDelete
  37. බස්සි, මේ වීඩියෝවේ තියන පැහැදිලි කිරීම් ගැන මොකද හිතෙන්නෙ ?

    https://www.youtube.com/watch?v=3XjUFYxSxDk

    ReplyDelete