හිරුගෙ උනුසුම හදම පුබුදා
සදා සොම්නස් සුවය දුන්නේ
සදා සොම්නස් සුවය දුන්නේ
හිරු රැසින් මිදෙනා ඇසිල්ලෙහි
නෙත් කොනින් තරු රුව සොයන්නේ.....
මහරු මිණියෙන් දිවිය හැඩකර
රනින් කිරුලක් පළන්දන්නේ
අඳවු දෙනෙතින් - කිරුලු නොතකා
තිරිවාන කැටයක් සොයන්නේ......
වරද කොතැනද?
සැලෙන හදකද?
කෙලෙස පැටලුම
ලෙහා ගන්නේ?
මෙයද නිවරද?
නොවෙන මන නඳ
එයද මනුසත්
ගතිය වෙන්නේ?
නොවෙන මන නඳ
එයද මනුසත්
ගතිය වෙන්නේ?
නෙතු පියන් තදකර වසන්නේ
සවන්පත් දොරගුළු දමන්නේ
හදට තරවටුවක් කරන්නේ
හිරු රැසිනි මම ලොව දකින්නේ
සවන්පත් දොරගුළු දමන්නේ
හදට තරවටුවක් කරන්නේ
හිරු රැසිනි මම ලොව දකින්නේ
අනේ සඳ සිසිලක් දියන්නේ..........!
මේවා කියවලා බස්සා රෑට නිදාගෙන දවල්ට ඇහරගෙන ඉන්න ගනීද දන්නෙ නෑ...
ReplyDeleteහි හි
Deleteඋණ විකාරෙන් ලියන කවි නිසා බස්සා කලබල වෙන්නෙ නෑ..... :p
Deleteඈ බොලේ මෙන්න ඔමයියත් හිරූ අක්කගෙ සිරික්කිය දාන්ට අරන්.
Delete///කෙලෙස පැටලුම
ReplyDeleteලෙහා ගන්නේ?
///කියලා තමයි මත මේ කම්පන කරන්නේ
හික්ස්! දැන්ද කම්පනාවට ආවෙ?
Deleteසැලෙන හදවතෙ
ReplyDeleteකොහිද වරදක්
ලිහන්නට නැත
පැටලුමක්...
මෙයම නිවරද
වෙනා මන නඳ
එයයි මනුසත්
ගතිය වන්නේ...
ලස්සන කවි පබැදුමක්.
ජය වේවා!!!
තැන්කූ විදානේ.... :)
Deletewow supperb.. keep it up......
ReplyDeletethanx suppaaa...
Deleteකොත්තු සින්ඩියට බ්ලොග් එකක් දාන්නේ කොහොමද
ReplyDeleteදන්නේ නැහැ බන්.......කොත්තු කාලා බොගක් දාන හැටිනම් දන්නවා :D
Deleteඅරූ ඒකනම් කවුරුත් දන්නවා.
Deleteකොත්තු සින්ඩියේ you can join too කියන තැන ලින්ක් එක උඩ කොටලා බලන්න යාලු.
Deleteඑයද මනුසත්
ReplyDeleteගතිය වෙන්නේ?……
ලස්සනයි බස්සි.
මොකෝ සනීප නැත්ද?? එහෙමනම් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
තැන්කූ ප්‍රියෝ............
Deleteඔව් අනේ. මේ උණ විකාරෙන් කියන කවි. අද තමයි යාන්තම් බ්ලොග් එකට බඩගෑවෙ.
බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි.
ReplyDeleteඒයි,ඒයි...:D
Deleteහෝව් හෝව්! රෙහානි අක්කට බ්‍රේක් පාගන්න අමතක වෙලාද!
Deleteබස්සිට හොදටම උණ වගේ මම කියපු බෙහෙත ගත්තනම් හරියට හරි,,,,, උණ විකාරේ ලිවුවත් ලස්සනයි,,,,,, ගේට් වෙල් සුන්
ReplyDeleteතැන්කූ බොරලු මහත්තයා! ඒ බේත් අපේ බස්සාවත් බොන්නෙ නැති කොට මම කෝම බොන්නද?
Deleteමටත් ඕක වෙලා තියෙනවා බස්සී...ඕක මිනිස් ගතිය තමයි..
ReplyDeleteමිනිසා යනු සත්වයෙකි.
ඕකට තියෙන හොදම නිර්වචනය ඒකයි...
මේ මනුසත් උයනේ ඔවුවා සාමාන්‍ය දේවල්. කූඩුවෙන් එලියට එන්න වලිකන ජීවිත.
Deleteඋණ ගැනිල හිටියට සිතිවිල්ලට ඒකෙන් හානියක් වෙලා නැහැ.
ReplyDeleteකෙටියි.....සුපිරියි....
ඉක්මන් සුවය.....!!!
තැන්කුයි කෙන්ජයියේ.....
Deleteසඳ කියන්නේ නිතරම වෙනස් වෙන දෙයක්.. ඒකට ආදරේ කරන එක මෝඩ කමක්.. මොකද ඉතින් දවසින් දවස වෙනස් වෙනවනේ.. ඒත් හිරු එහෙම නෙමෙයි.. අපිට ජීවිතේ දෙන්නෙ හිරු..
ReplyDeleteමේක මම ලිවුවට මොකද මටත් අරයා කියලා දුන්න පාඩමක් මේක.. උණ විකාරෙන් පිස්සු කියවන්නේ නැතුව හිටු..
ඉරට ආදරේ කරන්නේ කොහොමද බන් .හදිස්සියකට කණට ලංවෙලා රහසක් වත් කියන්නේ කොහොමද? අළුවෙලා තමයි නවතින්නේ :D
Deleteඅෆ්ෆා ලස්සන අදහසක්. උණ විකාරෙ හැදුනාම පිස්සු නැතුව වෙන මොනා කියන්නද දිනේශ් අයියේ...?
Deleteඒ මොකටෑ අරූ රහස් කියන්නෙ? කියන දෙයක් හයියෙන්ම කියලා දැම්මැකි නෙ ඉරට ඇහෙන්න. .
Deleteආදරය කරනකොට කණට කරලා කියනවා තරම් තවත් මිහිරක් තියෙනවාද?
Deleteඅනේ අනේ කිව්වට දෙන්නෑ ඕවා...
ReplyDeleteඔය කිවුවාට අනේ කියාපු ගමන් පැනල දෙන්නෙ.
Deleteසද සිසිල නුඹ
ReplyDeleteනොඉල්ලුව සද
නුඹට සද සිසිලක්
ලැබෙන්නේ..
එපා හිමිකම්
කියනු සදකට
නුඹට නුඹවත්
අහිමි වෙන්නේ....
ලස්සන කවිය.. හොදට ලියල තියෙනව... ඔයැයි එක දැකල මාත් ඔහෙ ලීවට මොකෑ නිකං අවුල් වගේ. ඔන්නොහෙ තියෙන්නම ඇරිය...
ඔයාගෙ අදහසත් හරිම ලස්සනයි යාලු...!
Deleteදවාලකද නැත්නම් රෑකද මේ කවිය ලිව්වේ බස්C?
ReplyDeleteදවාලක.ඒකනේ මඤ්ඤං ගතිය වැඩි.
Deleteසඳ කොච්චර වෙනස් වුණත් හැමොම ආදරේ සඳට වගේම උපමා කරන්නෙත් වැඩිපුර සඳට නේ බස්සියෝ. අහස කියන්නේ කවියට සහ සිතුවිල්ලට නොසිදෙන උල්පතක්. කොච්චර ලිවුවත් කවුරු ලිවුවත් ලියන්න කියන්න විදි නම් පිරිලා. බස්සි බස්සාව බය නොකර උණ හොද කරගනින් ඉක්මනට ;)
ReplyDeleteබස්සාගෙ Approval මත තමයි කවිය පබ්ලිශ් කලේ අක්කෝ.... මං ඉතින් කීකරු බස්සි වෙච්චි. :)
Deleteබස්සී ඉස්සෙල්ලම උණ හොද වේවා...
ReplyDeleteදෙවනුව බස්සා මොකද කියන්නෙ මේ කවි හැකියාව පිළිබද??
ගාලුට ඉස්සෙල්ලාම තැන්කූ වේවා...!
Deleteබස්සා "හ්ම්ම්... හ්ම්ම්.... හ්ම්. හ්ම්ම්ම්ම්ම්.... " කියනවා.
යශෝ,අහලා තියේනේ මේක.
ReplyDelete"සද නොදකින නමුදු සදට එළිය හිරුගෙණි"ඉතින් එත් අපි හුගක් අය කැමති සදටනේ.හරියට අපිට ඇත්තටම ආදරේ කරන අය කොච්චර හිටියත් ඒ අයට වඩා වෙන අයට අපි ආදරෙ කරනවා වගේ වැඩක් නේ එකත්..
ඒක ඇත්ත මනෝ.. අපි වෙනුවෙන් සමහරු කරන කැපකිරීම් අපි වටහා ගන්නෙ හුඟක් ප්‍රමාද වෙලා.
Deleteමේක ලිව්වෙ උණ විකාරෙන්ද?
ReplyDeleteයේස්. එහෙම ගතියක් පේනවද?
Deleteපද ටික තේරුනා....
ReplyDeleteබොගේ උණ විකාරේ තේරුනා...
නුඹේ පද හැඩය තේරුනා....
සදද,හිරුද හොද නොතේරුනා.....
සුව වෙයන් නංගියේ ඉක්මනින්!
හි හි... බොහොම ඉත්තූතියි ශානු අක්කෝ.....
Delete