Friday, January 31, 2014
කට හැකර නයනාට…..
නයනා,
අපේ සල් ගහ ලෙඩින් වැටුනා......
සාමාටත්, අමරටත්, කමල්ටත් කලින්
මම ඒ ගැන කිවුවෙ උඹට
කමල් මට හොඳටෝම බැන්න
උන්ට කිවුවෙ නැත්තෙ ඇයි අහලා......
උඹ දන්නවාද නයනා?
උන් තුන්දෙනා ආව පහුවදාම අපේ සල් ගහ බලන්න.
උඹ නාවට මම තරහ උනේ නෑ.
මොකද,
මං දන්නව උඹ රිසර්ච් එක නිසා බිසී විත්තිය....
සල් ගහේ ලෙඩ බලලා,
සල් මලක් අතින් අරන් හිනැහුනා තමයි.
ඒ කොලුකමට, කෙලි කමට,
පොටෝ පහක් ගත්ත, බුකියෙත් දැම්ම,
පුරුද්දට.....
නයනා,
සල් ගහ ලෙඩින් වැටුනාම,
ලෙඩ බලන්න බුලත් දෙන්න ඕනෙ නෑ....
ඒකයි සිංහල සිරිත.....
කෙල්ලෙක් නිසා උඹ,
බිරිඳක්, මවක් වෙයි දවසක,
වචන වල මුවහත,
අඩු කර ගනිං මදකට,
නැත්නම් උඹත් නොදැනම,
අත් දෙක කැපෙයි දවසක......
නයනා
අපේ සල් ගහ තාමත් ලෙඩින්,
උඹ නාපු එක ගැන,
බිංදුවක්වත් තරහ නෑ මම,
ඒත් උඹෙ වචනෙට,
හදවත තුවාලයි හොඳටෝම..........
Subscribe to:
Post Comments (Atom)
හහ්හ්හ්හ් ...
ReplyDeleteඅපිට මල් කඩන්න පුරුදු කෙරුවෝ නැවතත් කරලියේ ඉදගෙන බස්සි සමග
හි හි..... ළමයි මල් කඩන්න පුරුදු වුනාම හරිනම් අමරටයි නයනාටයි තමයි බනින්න ඕනෙ. එක වසරෙදි නෙව පුරුදු කලේ මල් කැඩිල්ල.
Deleteකව්ද බස්සියේ නයනා...කවුරු උනත් මොකෝ ලිව්ව වචන ටික නම් නියමෙට තීනවා
ReplyDeleteතැන්කුයි ශානු අක්කෝ... නයනාලා කොතෙකුත් සිටී.
Deleteදෙයක් තේරුනා ඒ හරි දේමද දන්නේ නෑ.. කොහොමත් ගණන් ගන්නෙපා අක්කා.... නයනාට දවසක තේරෙයි! හැබැයි එදාට පරක්කු වැඩි වෙයි
ReplyDeleteඕවා ගනන් ගන්නෙ නෑ නාඩි මලේ මම. නයනගේ ඇස් ඇරෙන්න කියාපු දෙයක් මිස.
Deleteනයනාට එහෙනම් මුල අමතක වෙලා.. මොනා කරන්නද ඉතින් ඔවුවා ඔහොම තමයි..
ReplyDeleteහ්ම්ම්.... හ්ම්ම්ම්... නයනට වෙලාවකට කට තියෙන්නෙ මොකටද කියාලත් අමතක වෙනෝ නෙ.
Deleteමට යමක් හිතාගන්න පුළුවන් බස්C මිනිස්සු හරි අමුතුයි. ඒවගේ අය අඳුරගත්තාම තරහ නොවී ඉක්මණින් ඉවත්වෙන්න. ඕවා ඔහොම තමයි.
ReplyDeleteහැමදේකින්ම පලා යන්න ඇත්නම්... හ්ම්ම්... දැන් හැම දෙයක්ම අතේ දුරින්.
Deleteපලායන්නේ වැරදිකරුවන් පමණි. ඔබට සතුටු විය හැක්කේ ඔවුන් පලා යෑම දුටු විටදීය. මා දාර්ශණිකයකු නොවේ. මේ මගේ ජීවිත අත්දැකීම්ය. මා බොහෝවිට සිතින් හඬා ඇත. නමුත් කිසිවිටෙක පලාගියේ නැත. ඒ මා කිසිවිටෙකත් වැරදිකරුවෙකු නොවූ අවස්තාවන්හී පමණි. මා වයසින් මුහුකුරා යන මිනිසෙකු වූයේ එවැනි සමාජ ආර්ථික පසුබිමකය. Be brave when it comes.
Deleteඔවදනට ස්තූතියි අරූ... නිර්භය වීමට උත්සාහ කරමි.
Deleteකස්ටියව හරියටම අදුරගන්න එක තමයි දුෂ්කරම ක්‍රියාව බස්සි මේ ලෝකේ...
ReplyDeleteදැන්වත් හරියටම අදුර ගන්න උත්සහ කරන්න..
හරියටම අඳුනගන්න බැරිවේවි කවදාවත්.
Deleteසත්ව ලෝකයේ ඉන්න... අදුර ගන්නම බැරිම සතා තමා මිනිසා... අවුරුදු 100 ක් ආශ්‍රය කරත් අදුරගන්න බෑ... ගනන් ගන්න එපා... කාලයක් යද්දි එයාටම තේරේවි...
ReplyDeleteඅපොයී ඔවු ගාලු. නයනාගෙ වචන රිපීට් වීම නතර වෙන පාටක් නැති නිසයි මෙහෙම ලිවුවෙ.
Delete"අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා……
ReplyDeleteනිදහස් බිමක මගෙ මරණය සිදුවේවා……"
කියලා ඉස්සර සමරු පොත්වල ලීවෙත් ඔය අරුතෙන්මද?
අපූරු පද දෙපෙළ. අනේ මන්දා ප්‍රියෝ....
Deleteනයනා අමර සාමා හිටං ලොකු වෙනවා නෙව ඒකයි අවුල්..
ReplyDeleteඅනිවාර්යෙන් උන් ලොකු වෙනකොට ඊට සාපේක්ෂව හුගක් අය කලින්ට වඩා වෙනස් වෙනවා...;(
Deleteඅන්න ඒක තමයි පස්නෙ. ලොකු වෙන්න ලොකු වෙන්න උන් වෙනස් වෙනවා.... සමහරු නම් දුටු දා පටන් ඔහොමමයි.
Deleteලෝකෙ හැටි නොවැ බස්සියේ... මම තේරුම් ගත්ත හැටි හරි ද මන්දා....
ReplyDeleteහ්ම්ම්.... හ්ම්ම්....
Deleteමට තේරුනේ නෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා . එත් බ්ලොග් ලෝකේ කලකිරෙන්න වෙච්ච දේට හේතුව මෙතන තියෙනවද?
ReplyDeleteනෑ පවුලූශා.... ඒ ගැන ඉඟියක්වත් මෙතන නෑ....
Deleteකියන දේ මටත් තේරුනේ නෑ..
ReplyDeleteමට හිතෙන්නේ සල් ගහ ලෙඩ වුනාම බලන්න ආවත් නාවත් හැමදාටම කිසිම තරහක් නතුව හැමෝටම සල් ගහ සල් මල් දේවී කියලා
ඒකනම් අහන්න වෙන්නෙ සල් ගහෙන් තමයි නංගා.... ඔව්, සල් ගහ එහෙම කරාවි.
Deleteඕනෑම කෙනෙකුට වචන වලින් කරන බලපෑම දැඩිව දැනෙනවා ක්‍රියාවකින් කරනවාට වඩා.වචනයකින් කෙනෙක්ව සනසන්නත් පුළුවන්,වනසන්නත් පුළුවන්.ඒ නිසා දෙපැත්ත කැපෙන පිහියක් වගේ බොහෝම පරිස්සමින් තමයි වචන භාවිතා කරන්න ඕනේ.
ReplyDeleteහ්ම්ම්... හ්ම්ම්.... දවසක තමන්ගෙ අත්දෙක කැපෙනකම් මුවහත දැනෙන එකක් නෑ මනෝ...
Deleteමට හිතුනේ නයනා ගස් ගල් අමතක කරල නිසා බැනල කියලා..
ReplyDeleteඅපොයි නෑ සැම්, සල් ගස් අමතක අය බොහොමයි. කියලා තියෙන්නෙ වචන වල මුවහත ගැන. බොහෝ දෙනෙක් ඒ වචන අප්‍රිය කරන බව නොදැන තව තවත් කටින් කපන නයනාට දුන්නු ආදරණීය ඔවදනක්.
Deleteනයනා බැන්නද ඒකට බොට මෙච්චර තරහ.. හැක්..
ReplyDeleteඅප්පේ නෑ දේශ්.... හැංගිලා ඉඳන් කපන එකයි. දෙපැත්ත කැපෙන ආදරණීය පිහිපාරවල් අනින එකයි නොකර මූණට බනින, කෙලින් කතාකරන උන්ට මං ආදරෙයි.
Deleteගහක් උනත් උස යන්න යන්න බිමට පාත් වෙනවලු. ඒ මුල මතක තියෙන නිසාලු.
ReplyDeleteඒ ගහ කොල නෙව කුමාර. මිනිස්සු කවද්ද පරිසරයෙන් පාඩම් ඉගෙන ගත්තෙ.
Deleteනයනා මුල අමතක කරලද නැත්තම් මෙ අතිධාවනකාරි ලොකේ රැල්ලට අහුවෙලාද?
ReplyDeleteරැල්ලට යද්දි අහල පහල ඉන්න අයව කටින් කපාගෙන යන්න පුරුදුවෙලා....
Deleteඅනේ මට තේරුණේ නෑ.....:/
ReplyDeleteඅයියූ අපරාදේ..... තේරුන සුට්ට ඇති.
Delete