Tuesday, October 28, 2014

පිනෝකියෝ







බැරිවෙලාවත්
උඹ පිනෝකියෝ උනා නං,

මෙලහකට මම
හඳේ ගේකුත් හදල
එවරස්ට් වලින් පස් ගෙනිහිං

ලයිට් වෙනුවට
එල්ලන්න තිබුන
තරු කැට කඩන්

ඇත්තමයි, අපරාදෙ බං

:(




64 comments:

  1. එතකොට බක්ෂි ඒ ටරං බොරු කියලද අප්පේ....

    ReplyDelete
    Replies
    1. දණක් එරුනත් වැඩ අස්සෙ
      මදැයි තෙමුනා කවි වැස්සෙ
      ආයෙ කියවන්න එහෙනම් පස්සෙ

      ඇත්තමයි අපරාදෙ බං

      :P

      Delete
    2. මොකක් හරි අවුලක් වගේ.. මගෙ වයර් සෝට් වෙලා බස්සියෙ මංඥං කමෙන්ටු මයි වැටෙන්නෙ ගන්ං ගන්නෙපා ඈ...
      පුලුවං නං මොකද්ද මේ හරුපෙ කියාංකො බලන්න

      Delete
    3. //මගෙ වයර් සෝට් වෙලා// උඹ අදද දන්නෙ? :D

      Delete
    4. බොලට ෂෝර්ට් වෙලා තමා මේ දවස් වල,
      මම බොට කිව්වා නියඟයෙන් පස්සේ එන වැස්සට තෙමෙන්න එපා කියලා, කොහෙද, දැන් හෙම්බිරිස්සාව හදුනා නම් විඳවපන්.

      හැක හැක

      Delete
  2. බජට් එක කියෝපු කෙනා ගැනද?

    ReplyDelete
  3. අපරාදෙ
    අයවැය
    මේ විදිහට
    කෙටි කලේ...

    ReplyDelete
  4. හෙක් හෙක් කන අතගාපු විදිය නම් වලල පට්ට බස්සි අක්කා,

    පිනොකියෝ
    උඹ හදපු මහලු ලී වඩුවා
    උඹ කියන පච
    අහන් ඉන්නවා
    තාමත්

    උඹගේ නාහේ
    දිග් නූනට
    අහන උන්ගේ
    බඩවැල
    වෙන්ටෑ
    දිග ගැහෙනවා
    බන්
    එහෙමමයි
    දැනෙන්නෙත්

    සත්තයි
    කෑවට මුකුත්
    පහවෙන්නේ
    නැහැ බන්
    ඒ නිසාම
    වෙන්නැති

    කමක් නැහැ
    උඹ පච කෙලහන්
    ඒ පච
    ඒ තරම්ම රහයි
    අපි අහන්
    ඉන්නන්

    තව පිනොකියෙක්
    වඩු මඩුවෙන්
    එලියට
    එනකන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!

      සොමියාගෙ කවිය මගෙ කවියට වඩා ලස්සනයි.
      :)

      Delete
  5. පිනොකියෝ පිනොකියෝ
    රුකඩ පැංචා පිනෝකියෝ ..

    ගායනය - චන්ද්‍රකුමාර කන්දනාරචි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සින්දු ඇනෝ

      Delete
  6. තේරුණේ නෑ
    කිසි දෙයක්... :(

    ReplyDelete
    Replies
    1. නොතේරෙන එකත්
      තරමක
      සහනයක්

      :)

      Delete
  7. පිනෝකියෝ...
    ඔයා දැන් වෙනස් වෙලා...
    මුස්ඩෑෂ් වවලා
    කන්නඩිත් දාලා
    හරිම සස්සනයි
    හොරු 40 ත් වටකරන්
    දෙසූ බණ ඉස්තරන්
    අමතක කරන්නේ
    කොහොමෙයි
    සත්තරන්....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොම කියන්නෙපැයි දැන්නෙ මේ ඉටිකුඩලෙ තේරෙන්නෙ...
      ඔහැ ඔහැ....

      :P :P :P :P

      Delete
    2. //මුස්ඩෑෂ් වවලා
      කන්නඩිත් දාලා//

      හහා.. මරු ඈ.....

      Delete
  8. ඇයි බං..
    ඌ පිනෝකියෝ උනානං
    උඹ මෙලහකටත් හඳේ..
    හාවිත් එක්ක හබකරං
    ඇස් දෙකේ කඳුලු පුරෝන
    දුක් කප්පරක් තද කරං..
    ලියන්නේ කොහොම මෙහෙව්වත්
    මෙව්වැයි පිරිසක් වටකරං..
    ඔන්නොහේ ඔව්ව අතෑරල
    හිනාවෙල ඉඳහං..

    ReplyDelete
    Replies
    1. එක අතකට බලනකොට
      ඒකත් හැබෑ තමයි බං

      :D

      Delete
  9. හැබැයි බැරි කමකුත් නෑ! තව පාරක් ඉන්නවා කියන්නේ!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා! ඇයි ඔච්චර බය කියලත් අහනවා!

      Delete
  10. තව පිනොකියෙක්
    .
    .
    .
    .
    එලියට
    එනකන්.....

    ReplyDelete
    Replies
    1. මේ කවි පදය තිබුනෙ 'සොමියා' ලියපු එකේ :)

      Delete
  11. අමුතු කයියක්

    ReplyDelete
  12. මොන රෙද්දක්ද බං මේ.
    මෙලෝ සංසාරයක් තේරුනේ නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්ම්
      හැමදාම තේරෙන්න ලියද්දිත් ගතියක් නෑනෙ :D

      Delete
  13. මම දන්න සමහරක් උන් නම් ඉන්නවා බං මනෝ ලෝකෙන් දැන් හඳේ පර්චස් විස්සක් අරන් ගෙවලුත් හදලා. දැන් එහෙට ගැලපෙන වාහනයක් ගන්න හොයනවා. ඒ සමහරක් හරි මී හරක් බං.

    උඹේ කවියනම් පට්ට මචෝ. කෙටී රසයි. 'සෝර්ට් ඇන්ඩ් ස්වීට්' (කවිය ගැන පමණයි. ශරීර ප්‍රමාණය හා සසදා නොගන්න! :D) :D :D

    ReplyDelete
    Replies
    1. /දැන් හඳේ පර්චස් විස්සක් අරන්/ ඉඩං කට්ටි කරන කොන්තරක්කුව මට දියං

      Delete
    2. හිටහන් උඹට සෙට් කරලා දෙන්නම්. :D

      Delete
    3. හික්ස්! ඒකත් නරකම නෑ.
      හාවවත් කූඩු කරලද දන්නෑ?

      Delete
  14. මොළේ කොලොප්පම් වෙලා ඉන්න ගමන් ආවෙ. කමෙන්ට් ටිකෙන් ගොඩ දා ගත්ත. අන්න එහෙමයි අපි. :P
    පිනෝකියෝ කියල දැක්ක ගමන් මත වුනේ, අර මාධ්‍ය ප්‍රකාශක ඇමතිගෙ නහය ටෙලිවිෂන් තිරේ කඩාගෙන එලියට එන විදිහට ඇඳපු කාටුන් එකක් :D

    ReplyDelete
    Replies
    1. පොලොසාගෙද? මාත් පොර මාද්දිය ප්‍රකාශනේ කරද්දි නහය දිහාමයි බලාගෙන ඉන්නෙ.

      Delete
  15. කව්ද බොලේ ඔච්චර බොරු කියන්නෙ.

    ReplyDelete
  16. මං තාම හිතනවා
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..

    තේරෙන්නේ නෑ අනේ...

    හැක් හැක්

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  17. මාත් එහෙනම් බස්සිගේ අල්ලපු වැටෙන් පර්චස් දහයක් අරගන්නවා ඕන් කිව්වා...

    ReplyDelete
    Replies
    1. අන්න මරු වැඩේ හැපී!
      සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!!

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මං තාම හිතනවා
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..
    හිතනවා හිතනවා..

    තේරෙන්නේ නෑ අනේ...(මටත් ඔය සෙතේමයි අනේ )

    ReplyDelete
    Replies
    1. හපොයි! විදානෙගෙ ආච්චිද මේ? දෙන්නම එකයි.

      Delete
  20. Man Bassige Nawathana Blog Page ekata Tye Karana Palamu Comment Eka Mea Blog Eka Godak Hondayi Tawa Widya Lipi Nadda

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුලංක.
      සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!!
      Fun with Science ලේබල් එක යටතේ බලන්න. තවත් විද්‍යා කතා හතක් විතර ඇති. (ලේබල්ස් ටික තියෙනවා බ්ලොග් එකේ වම් පැත්තේ ඉහල කොටසේ විජට් එකක.)

      Delete
  21. පිනොකියෝ තවම ළමාවියේ ! 

    ReplyDelete
    Replies
    1. එහෙනම් ලොකු උනාම හඳට ගියෑකි නේද ප්‍රොෆ්?

      Delete
  22. මට නම් හිතුනේ වෙන එකක්. ඒක මෙතන කියන එක හරි නෑ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සුදීක අයියේ ඒ මම "ඇවිද්ද පය" බ්ලොග් එකෙන් කියැවූ අපූරුම ලියැවිල්ලක්! ස්තූතියි ලින්ක් එකට!

      Delete
  23. පිනෝකියෝ උනානම් බස්සි අක්කටත් කලින් පිනෝකියෝ හඳත් අල්ලල එකෙත් අයිතිවාසිකම් ඉල්ලල .

    ReplyDelete
    Replies
    1. හාවවත් මරල බාබකිව් දාල :D

      Delete
  24. නහය දික් වෙන්නේ පිරිමි බොරු කියනකොට
    කාන්තාවෝ බොරු කියනකොට - කොට වෙනවාලු

    මගේ අම්මේ උඹ කියල තියෙන බොරු ගොඩ ...

    ReplyDelete
    Replies
    1. හැකියාව මල්ලි හැකියාව!!

      Delete
  25. අපරාදේ එහෙම හඳට යන්න තිබ්බා නම් මේ පාර අපිට දීපු කැරට් ටික හාවට දීල එන්න තිබ්බා....

    ReplyDelete
  26. ඔව්වා ඔහොම තමයි බං
    අපි මේ තරම් රැවටෙන්න දක්ෂ නිසානේ උනුත් අපිව මේ තරම් රවටන්නේ.

    ReplyDelete
  27. Mama pinokiyo unanm ape amma mawa darata dala 😆😁

    ReplyDelete
  28. ඇත්තමයි බස්සි අක්කෙ..බොරු කියන වාරයක් ගානෙ පිනෝකියෝගෙ වගේ හැමෝගෙම නහය දික් වුනොත් තමන්ගේ රූපෙ ගැන හිතලවත් බොරු නොකිය ඉඳියි මිනිස්සු කියන අපි හැමෝම නේද?��
    මට කලින් කියන්න අමතක වුණා; බ්ලොග් ලෝකයට ආධුනිකයෙක් වගේ ම බස්සිගෙ හොඳ රසිකාවියක් මං��

    ReplyDelete