Wednesday, October 22, 2014

සොඳුරු කොට ජීවිතේ (good things always come in small packages)





මම එදා මෙදාතුර අහපු වටිනාම පඬි වදන තමයි “වටින දේවල් එන්නේ පොඩි පැක්වල” (good things always come in small packages) කියන එක. ඇත්තටම ඔය පඬි වදන කියාපු කෙනාගෙ කටේ කිඹුල් හූනෙක් දාන්න වටිනවා. මොකද ඒ වගේ රුවන් වැකි කියන්න තියා තේරුම් ගන්නවත් තීක්ෂණ බුද්ධියක් තියෙන මිනිස්සු හරිම අඩුයි අද කාලෙ.

අහන්නත් දෙයක් යැ. ඔය රුවන් වැකිය නිසාමයි මම මේ තරම් කොට වුනේ. අන්න ඒ විදියට කොට වුන මාව දැකල අමන්දානන්දයට පත් වුන අය තැන තැන කොඳුරන කතා වලින් තමයි ඔය “ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්” කියන විශේෂණය බිහිවෙන්න ඇත්තෙත්.

ඇත්තටම මගේ කොට භාවය මට ආභරණයක්!


එදා අපේ නඟාගෙ ශ්‍රේණියෙ ළමයින්ට ඉස්කෝලෙන් බෙහෙතක් විදින දවස. ඕකා හය වසරෙ කිරිසප්පය. අවුරුදුම හතක් වැඩිමල් අක්ක කෙනෙක් වෙච්ච මම ඔතනට ගිහින්, පොරව බෙහෙත් විදින තැනට ඇදගෙන ගිහින් ඇඩ් එකක් නොදැම්මොත් ඒක මගේ වැඩිමල් සහෝදර භාවයේ අභිමානයට කැළලක්.

අන්න ඒ නිසයි මම වීරයා වගේ කිරිහාමි, බැටිස්ටා, මලියා, රඟසොබා කියන ත්‍රිවිධ හමුදාව සහ පොළීසිය එක්කාසු කරගෙන හය වසරට බේත් විදිනව බලන්න යන්න පිටත් වුනේ. ඒ ලෙවල් පන්තිවල අක්කලා විදියට ඔය ඇච්චොන්ට උසස් පෙළ ගරු ගාම්භීරත්වය පෙන්වීම අපේ පරම වගකීමක්.


බෙහෙත් විදින තැනට ගියා විතරයි මෙන්න අපේ චූටි සුරතලා කට ලොරියකට අහුවෙච්ච කජුලෙල්ල වගේ කරගෙන බලන් ඉන්නව.









“මොකද හලෝ කටේ හැටි නිකම් යූ අකුර කණපිට ගහල වගේ?” මම වගකීම් සහගත අක්කා භාවය ප්‍රදර්ශනය කරමින් පොරගෙන් අහනවා.

“මේ… බේත… මට කලින් විද්දා…..” පොර වෙරි වෙච්ච පූසෙක් වගේ අඬන්න රෙඩි වෙච්ච වොයිස් එකකින් කියනවා.

“කොහෙදිද?” අනෙ මේ පච නොකියා ගිහින් ඕක විදගන්නව.”

“නෑ අක්කියෝ ගිය සතියෙ තාත්ත එක්ක ඩොක් ගාවට ගිය වෙලේ විදගෙන ආවෙ. ඔයාට මතක නැද්ද?”

හත්වලාමයි! කතාව ඇත්ත. පොර ගෙදරදි මට දාන ලොරි පාර්ට් වලට හොඳ පාඩමක් උගන්නන්න තිබුන අදත් බේත විදගන්න ඇරලා. ඒ උනාට මූ බේත් වැඩිවෙලා මලොත් කාරිය මට තමයි සාක්කි කියන්න යන්න වෙන්නෙත්. ඒ නිසා මම තීරණය කලා මගේ ගෞරවණීය වැඩිහිටි අක්කා භාවය ප්‍රදර්ශනය කරමින් මේ බව ඒකාගෙ ටීචර්ලාට දැනුම් දෙන්න.

අන්න එතන තමයි පොඩි පරහකට තිබුනෙ. සේරම ගුරුවරු ඉංග්‍රීසි මාධ්‍ය පංතිවලට උගන්නන්න කියල අලුතින් ආනයනය කරපු ඈයො. අපි වගේ ඒ ලෙවල් “ඩයල්” අඳුරන්නෙවත් නෑ අලුත් ටීචර්ලා කස්ටිය. ඒත් ඉතින් මම ඔයවගේ බාධක වලින් සැලෙන එකෙක් නෙමෙයි. අනික මා එක්ක ඉන්නවනෙ මං වගේ දෙගුණයක් උස බැටෑලියන් එක. ඒ නිසා සුරතල් නංගියගෙ අතින් ඇදගෙන ටීචර් ගාවට එක්කන් ගියා කියන්නකෝ.

ටීචර් කණ්නාඩියට පහළින් මා දිහා බැලුව. අඩියට දෙකට ආව ළඟට.

“දෙන්න අත් අල්ලගෙන කොහෙ යනවද මන්දා.” අපි දෙන්නවම අතේ වීරියෙන් ඉන්ජෙක්ෂන් පෝළිමට තල්ලු කරපු ටීචර් කියපි.

“මම මෙයාගෙ අක්ක ටීචර්” නැති වෙන්න ගිය අභිමානය බේරගැනීමේ පරම අධිෂ්ඨානයෙන් යුක්තව මම ප්‍රකාශ කලා.

“ඉතින් පුතේ හත වසරෙ ළමයින්ටත් කැමතිනම් මෙතනින් බෙහෙත් විදගත්තැකි. ඔයත් නංගි එක්කම ගිහිල්ලා බෙහෙත් විදගන්නකෝ මෙතනින්ම.”


ඒ මොකද්ද බොලේ ඒ අටම්හරුපෙ කියල අහස පොළව ගැටලන්න කල්පනා කරපු මට වැඩේ නෝණ්ඩි වුනේ කලර්ස් පෙන්නන්න එක්කන් ආපු අතිජාත මිත්‍ර ද්‍රෝහියො හතරදෙනා බඩවල් අල්ලගෙන දෙකට නැමිලා කොමඩි ෆිල්ම් එකක් බලන්නැහෙ හිනාවෙන හැටි දැක්කමයි.




***********







ඔය රස්තියාදු ගැසීම කියන චරිත ලක්ෂණය ඒ කාලෙ ඉඳන් මගේ ජාන එක්ක බද්ධ වෙලා තියෙන සහජ උරුමයක්. ඒ සෙනසුරාදා දවසෙත් හිරාන් සර්ගෙ බයෝ ක්ලාස් එක පටන් ගන්න පැය දෙකකට විතර කලින් මම තව ෆ්‍රෙන්තෝ ඩබලක් එක්ක නුගේගොඩ ඒ මේ අත පාවෙනව.


ඔහොම පාවෙන අතරෙ එකෙක්ට හැදුන කියන්නකෝ ගෑල්ලමයින්ට ආවේණික බඩේ අමාරුවක්. කරුමෙට අපි එකෙක් ගාවවත් අවශ්‍ය ද්‍රව්‍ය නෑ. කොහොමත් මගේ නිර්භීත භාවය නිසාම ස්වීප් එක ඇදිච්ච එකා ගාව අනිත් යාලුවා නැවතිලා ඉද්දි මම ගියා අවශ්‍ය ද්‍රව්‍ය සපයාගෙන එන්න.


කරුමෙ කියන්නෙ එදා පෝය දවසක්. ෆාමසි වහල. ඔහොම ඇවිදගෙන ඇවිදගෙන යද්දි ඔන්න නිකම් සුපර්මාකට් ටයිප් එකේ කඩයක් ඇරල තියෙනව හම්බවුනා. කඩේටම හිටියෙ සේවකයො දෙන්නයි. හැබැයි සෙනග හරියට.


ඔන්න තියෙනව මම හොයපු භාණ්ඩෙ. පූජා වස්තුවක් වගේ රාක්කෙක උඩම තට්ටුවෙ අඩුක් කරල.


මම එකපාරක් දෙපාරක් සර්කස් කාරයෙක් වගේ ඇඟිලි තුඩුවලින් ඉස්සිලා ඉලක්කය වෙත ළඟා වෙන්න හැදුව. ම්හු! මිෂන් ඉම්පොසිබල්. උඩ පැනලා නිකම් පැට්‍රෝල් පුච්චගන්න කලින් කඩේ මනුස්සයෙක්ට කතා කලා.

මට විස්පර් පැක් එකක් දෙන්න.

මෙන්න බොලේ පොර අරන් එනවා ක්‍රිස්කෝ බිස්කට් ටින් එකක්. මට හොල්මන්ද පොල්කොළ වුනා.


මම ඉල්ලුවෙ ක්‍රිස්කො නෙමෙයි අංකල් විස්පර්


පොර ටිකක් වෙලා මා දිහා පුදුමෙන් වගේ බලන් හිටිය. ඊට පස්සෙ ආයෙම ගිහින් අරන් ආවෙ අර කාර්ඩ්බෝඩ් පෙට්ටියෙ තියන ක්‍රිස්කෝ එකක්.


සමහර වෙලාවට මගේ අසහාය තීක්ෂණ බුද්ධිය මෙහෙයවලා උනත් ඉලක්කය කරා ළඟා වෙන්න අපහසු වෙනව. ඉතින් මම කලේ මගේ අපරිමිත ක්‍රීඩා කෞෂල්‍ය විදහා දක්වමින් පුලුවන් තරම් උඩ පැනලා රාක්කෙ උඩම තට්ටුව ස්පර්ශ කරපු එකයි.


දඩබඩාස් ගාල කාන්තා සනීපාරක්ෂක තුවා වැස්සක් වැටෙද්දි මම ජයග්‍රාහී ලීලාවෙන් එයින් එකක් ඇහිඳගෙන කඩේ මුදලාලිට දුන්න. පොර හොල්මනක් වගේ ඇස් ගෙඩි දෙක තඩි කරන් මගේ වීර්යවන්ත කොට ජීවිතේ දිහා බලන් උන්න.


ඇත්තටම තනියම ෂොපින් යන එක වුනත් ඉතාම දුෂ්කර වෙනව මගේ මේ මන නන්දනීය දේහ ප්‍රමාණය නිසාම. ඇඳුම් කඩ වලදි නම් සෑහෙන්න හොඳ සහයෝගයක් ලැබුනට පොත් කඩ වලදි ශබ්ද නගා ජාතිය අමතන්න හිතෙන තරමට අපහසුතාවයට ලක්වෙනව පොත් තෝරන්න ගියාම. මම ඉතින් ඕකට හේතුවත් දන්නව. ඔවුවයෙ වැඩ කරන උදවිය හද පත්ලෙන්ම ඉරිසියයි මගේ ආකර්ශණීය උස ප්‍රමාණය ගැන. අන්න ඒ නිසාම මම බොහෝ වෙලාවට එයාලට අනුකම්පා කරල රාක්ක මතට උස පැනීමේ යෙදෙනව.



කෝච්චියක හිටගෙන යන්න සිද්ධ වීම මට මේ චිත්තාකර්ෂණීය දේහ ප්‍රමාණය වෙනුවෙන් කැප කරන්න වුන තවත් එක සුලු වරප්‍රසාදයක්. කෙසේ වෙතත් මම මගේ නිර්මාණශීලී චින්තනයේ ආධාරයෙන් විසඳුමක් හොයාගත්ත. ඒ තමයි බස්සාව කනුවක් විදියට ප්‍රයෝජනයට ගැනීම. අපේ බස්සා නැති දාට වාඩි වෙලා යන්න සෙනඟ අඩු කෝච්චියක් එනකම් බලා ඉන්න හෝ බස්සෙකේ යන්න සිද්ධවෙන බව ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.

ඔය පොඩි පැකේජ්වල එන වටිනා දේවල් ගැන සමහර ඉරිසියාකාර දිගංචියන්ට විස්වාස නෑ. අන්න ඒ අය ඔය පහළ තියෙන ලැයිස්තුව කියෙවුවොත් මම කියන දේ බොරුවක් නොවන බව තහවුරු කර ගත්තැහැකි.







මගේ සුවිශේෂී දේහ ප්‍රමාණය නිසා හිමිවුන තවත් වරප්‍රසාදයක් තමයි මට හිමිවුන නික්නේම්. ඔහේල කාටවත් යාලුවො ආදරේට කියල තියෙනවද “රේ-මිස්ටීරියෝ” කියල? අන්න මගේ කොට භාවයේ අතුරු වරප්‍රසාද! නම අහද්දිත් සරුවාංගෙම කිළිපොලා යන හැඟීමක් දැනෙනව නේද?



ඔන්න ඕකයි මම හැමවෙලේම කියන්නෙ. මේ කොට භාවය මා විසින්ම පවත්වාගෙන යන්න තීරණය කරපු අතිවිශේෂ උරුමයක්! ඕන්න දැන් පහළින් වැටෙන කමෙන්ට් වලින් තමුන්නාන්සේලාට තහවුරු කරගන්න පුලුවන් දිගංචියන්ගේ ඉරිසියාව රුසියාවට වඩා ඉන්තේරුවෙන්ම විශාල බව.



**************




මේ පෝස්ට් එක පබ්ලිෂ් කලාට පස්සෙ අපේ ඩූඩ් දාපු කමෙන්ට් එකකට උත්තරයක් විදියට මම කොට ජීවිතේ තියෙන අනුපමේය වැදගත්කම් ලැයිස්තුගත කලා. ඒකත් පෝස්ට් එක අගටම ඇමිණුවා. කියවලා බලන්නකො බොරුද කියල.


* බස් එකේ වහලෙ ඔලුව හැප්පෙන එක හීනෙන්වත් නොවෙන නිසා ඉතාම උදාරම් විදියට අපිට කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන්න පුලුවන්.

* කොයි වෙලෙත් සැබෑ වයසට වඩා අඩු වයසක් පේන්නෙ.

* බැච් ෆොටෝ එකේ ඉස්සරහම පේලියේ සිටීමේ භාග්‍යය හිමිවීම නිසා ඔයාව යාලුවන්ට ලේසියෙන් අමතක වෙන්නෙත් නෑනෙ. ඔය දිගංචියන්ගෙ ඔලුගෙඩිය ඉතරයි බැච් ෆොටෝ එකේ තියෙන්නෙ.

* අනික එළිමහන් පීරියඩ්වල අකමැති සබ්ජෙක්ට් එකක් නම් පිටිපස්සටම ගිහින් ටීචර්ට නොපෙනි ඉන්න පුලුවන්. ආස හිතෙන පාඩමක් නම් කාගෙවත් විරුද්ධත්වයක් නැතුව ඉස්සරහම පේළියට යන්නත් පුලුවන්.

*ඩී ජේ එකකදි, ඩාන්ස් එකකදි කස්ටිය අස්සෙන් රිංගලා රිංගලා ස්ටේජ් එක ආසන්නයට ළඟා වෙන්න පුලුවන් කිසිම කරදරයක් නැතුව.

* උස යාලුවො හිමින් ඇවිදිද්දි උනත් උන්ගෙ වේගෙට ළඟා වෙන්න අපිට දුවන්න වෙන නිසා කොහොමත් අපේ ෆිට්නස් හොඳයි.

* දහතුන වසරෙදි උනත් බාගෙ ටිකට් එකෙන් බස්සෙකේ යන්න/ ෆිල්ම් බලන්න පුලුවන්.

* සෝෆා එකේ ඇඹරෙන්නෙ නැතුව දිගාවෙලා ටී.වී බලන්නත්, නිදා ගන්නත් පුලුවන්.

* ඕනෙම උසක සපත්තු දාන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුවම.

* බස් එකේ, කාර් එකේ සීට් අතර දුර අඩුයි කියන ප්‍රශ්ණය අපිට අදාල නෑ.

* අපේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නෙ පහළින් නිසා බිම ඇදන් වැටීමේ සම්භාවිතාවයත් අඩුයි නෙව.

* හිටගෙන අහන් ඉන්න බෝරින් ස්පීච් එකක් මැදදි කාගෙවත් අවධානයට ලක් නොවී ලිස්සලා යන්නත් පුලුවන්.


 



217 comments:

  1. හි හි ..... කොට මොඩල් ළඟ පිකප් කියනවනේ........... අපිනම් දන්නේ නෑ රට්ටු තමයි කියන්නේ ......

    ReplyDelete
    Replies
    1. මැලයා කාලෙකට පස්සෙ මේ පැත්තට ගොඩබැහැලා තියෙන්නෙ. එහෙම කියනවද? මටනම් ඇහිලා නෑ.

      Delete
  2. යකෝ....... ඔය දාලා තියෙන ලිස්ට් එකේ 5'.3" කියන්නෙත් කොට ගණයට වැටෙන උසක්ද.......????

    ReplyDelete
    Replies
    1. නැතුව යකූ! 5'3" හෙන උසයි කියල හිතන් ඉන්න ඇති. පුහ්! :P

      Delete
    2. හා.. හා... කෑ ගහලා ගම කන්න එපා බොලන්...!!!!! :D

      Delete
    3. නිකමටවත් ප්‍රියා ළඟින් එහෙම හිටගන්නවා නෙවෙයි බස්සියේ.

      Delete
    4. අවුරුදු උත්සවේට ඇවිත් ප්‍රියා හිටියෙ විදානෙ එක්ක. හතරරියන් සහ දෙරියන් වගේ.

      Delete
    5. එච්චර නැ මට වැඩිය අඩියයි උස

      Delete
  3. //ඇත්තටම මගේ කොට භාවය මට ආභරණයක්!//

    හිනාවෙලා බඩත් රිදෙනවා යකූ....... හික්.... හී.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් උඹලා හිනාවෙන්න සතුටුවෙන්න එපාය මං වගේ වටින කොට ජීවිතයක් ආස්සරේට ලැබුන එක ගැන.

      Delete
    2. අනේ මගේ කටට එන කුනුහාරප

      බස්සියෙ මෙන්න අපේ වලං මැස්සේ ඉන්න ඇතිලියක් මුට්ටියට කියනවා

      ‘‘ අපෝ උබගේ කලු කියල ‘‘

      Delete
    3. සහතික ඇත්ත අටම් අයියේ... මට හිතුනා ඔය හොර නිමෝවා හැරෙනකොටම.

      Delete
  4. /ඒ තමයි බස්සාව කනුවක් විදියට ප්‍රයෝජනයට ගැනීම./
    කරුමේ කියන්නේ මේ යෝදයට මේක තේරෙන් නැති එකනේ...

    කියමනක් තියනවනේ "මිට්ටා කට්ටයා" කියලා..

    හිනා වෙලා ඉවරවෙලා ඇවිත් කොමෙන්ට් කරන්නං..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. පව් බං ඒ අහිංසකයා

      Delete
    2. "මිට්ටා කට්ටයා" කියන්නෙ උඹේ යාලුවො නේද? මගෙ යාලුවො නම් කියන්නෙම "ෂෝට් ඇන්ඩ් ස්වීට්" කියල.

      කණුවක් නෙමෙයි ඒ ආඩලේ බන්. අර චෙෆාකිගෙ කමෙන්ට් එක බලපන් බොරුනම්!

      Delete
    3. පව්? පින!! බස්සගේ වාසනාව.

      Delete
    4. කියමනක් තියනවනේ "මිට්ටා කට්ටයා" කියලා..
      +++++++++++++++++++++++++++

      හතර රියන් සහ දෙරියන් එකම ගමේ යහළුවෝය
      මේ දෙන්නා කලෙක පටන් බොහොම එකමුතුයි
      දවසක්දා මේ දෙන්නා දෙමංසලේ මුණගැහිලා
      හවුලෙ වැඩක් අරඹන්නට කතිකා කෙරුවා

      අපි දෙන්නා හවුල් වෙලා සම පමණට මුදල් යොදා
      හොඳ කිරි එළදෙනක ගනිමු දෙරියන් කිව්වා
      ඒ අදහස බොහොම අගෙයි මගෙන් මුදල් අඩක් ලැබෙයි
      හතර රියන් එක වරටම සතුට පළ කළා

      හවුලෙ ගත්ත මේ එළදෙන අප අතරේ බෙදිය යුතුය
      ඒත් කොහොමදැයි බෙදන්නෙ පැනයක් නැගුණා
      අපොයි ඒක සුළු දෙයක්නෙ ඔබ මොකටද පසුතැවෙන්නෙ
      දෙරියන් වූ බෙදන අයුරු මෙසේ පැවසුවා

      වැඩිම වටිනකම තියෙන්නෙ කොයි දේකත් ඉදිරි පැත්තෙ
      ඒක නිසා ඉදිරි පැත්ත හතර රියන්ටයි
      වටිනකමින් අඩු වුණාට පසුපස මට හොඳටම ඇති
      ඔබට හොඳම කොටස දීම මගේ යුතුකමයි

      දෙරියන්ගේ කපටි බහට හතර රියන් රැවටුණේය
      එදා පටන් කිරි එළදෙන හවුලෙ වැඩෙනවා
      එළදෙන බැඳ තබන කඹය කරපට සහ තණ පුනක්කු
      හතර රියන්ගෙන් සැපයේ ගිවිසුම එහෙමයි

      එළවළු කොරටුවට වෙලට හේනට පැන්නොත් එළදෙන
      වගා පාළුවට දඩයත් හතර රියන්ගෙන්
      දෙරියන් වියදමක් නැතුව කිරි ටික නොමිළයේ ලබයි
      පොහොරට ගොම ටික ලැබුණා පැටවත් ලැබුණා

      Delete
    5. //"ෂෝට් ඇන්ඩ් ස්වීට්"// එහෙම කියන්නේ ගෑනු යාළුවෝ

      Delete
    6. අද මේ කවි කථාව පොඩි මෙන්ඩාට

      Delete
    7. අන්න ඒක හොඳ වැඩක් මෙන්ඩෝ

      Delete
    8. පොඩි කාලේ අහපු නියම සින්දු කතාවක්.

      Delete
    9. බස්සා කොහොම ඔය බැරල් බාගේ බර දරාගන්නවද මන්දා

      Delete
    10. බස්සා හොඳට ෆිට්නස් තියෙන කොල්ලා. ෆුහ්! :P

      Delete
  5. Replies
    1. හරි හරි මචං.....

      Delete
    2. අන්න ලිස්ට් එකට ඇඩ් කරන්න ඕනෙ තව කොට ජීවිතයක්!

      Delete
    3. උඹ ආවනං මට්ටම් රිටකට ගන්න තිබ්බා ප්‍රියෝ..

      Delete
    4. කමෝන් විදානේ.... :D

      Delete
  6. කොට මොඩල් වෙලා බරත් අඩුනම් ඉතින් සල්ලි තමයි මොකෝ හොඳ මයිලේජ් එකක් තියෙන නිසා..

    ඔය කොට මොඩල් කිව්වාම මටනම් ඉතින් මතක් වෙන්නේම අර අපේ ගෙදර ඉන්න, මීට අවුරුද්දු 36කට කලින් කටුබැද්ද යුනියේදි හම්බ වෙච්ච කොට ජීවිතේ...

    කොච්චර මතක් කරලා දුන්නත් එයැයිට එයා කොට මොඩල් එකක් කියලා නම් මතක නෑ..කරන්නේම තමන්ගේ උසට සරිලන වැඩ නෙමෙයි..

    කරුමේ කියන්නේ ඒ මදිවට අපේ ගෙදර තියෙන ඔක්කෝම කැබිනට් වර්ග (කිචන් කැබිනට් ඇතුලුව ) හදවලා තියෙන්නේ ඒ ඇත්තිගේ ඉනේ උසට...ඒ උනාට, ඒ ඇත්තිගේ ඉවුම් පිහුම් වලට තියෙන හැකියාව සහ මාගේ සරීර සෞඛ්යන ගැන සලකලා, අපේ ගෙදර 90% පමන ඉවුම් පිහුම් කෙරෙන්නේ නම් මේ අසරණ රිටක් වගේ ඉන්න මගේ අත් දෙකෙන්...

    අනිත් වෘත්තීමය කටයුතු අතරම ඔය ගෙදර කටයුතුත් කරන්න පුලුවන් විදියට මම ඉතින් ජීවිතේ හැඩ ගස්සගෙන ඉන්නවා..ඒක කොට ජීවිත සමග ඉන්න කොට ඇතිවෙන තවත් පලයක් තමයි...ඉතින් ඔය කොන්ද නමාගෙන, කොට ජීවිතේට සරිලන ඇන්ත්‍රොපොමෙට්‍රික්ස් වලට සාදා නිම කරපු කිචන් එකේ වැඩ කරලා ඉවර වෙන කොට හැදෙන කොන්දේ අමාරුව අරින්න තවත් කොට ජීවිතයක් ඉන්නවා අපේ ගෙදර මේ දවස්වල...ඉතින් ඒ උන්දෑ දුකට පත්වී මගේ කොන්දට හොඳ මසාජ් එකක් දෙනවා, ඒකට හරි යන්න කෑම ටිකකින් සංග්ර්හයක් කරාම ඇති..

    දැන් කවුරුවත් අහන්න එහෙම එපා වෙන මොනවා හරි වලින් ඒ දෙවෙනි කොට ජීවිතේට සංග්රහ කොරන්න බැරිද කියලා..මොකෝ ඒ දෙවෙනි කොට ජීවිතේ මගේ ලොක්කි (අක්කි ) දෝනියන්දෑ නිසා....
    හප්පා මේ අපේ ගෙදර ඉන්න කොට ජීවිත ගැන නම් සෑහෙන්න ලියන්න දේවල් තියෙනවා..


    බස්සි...අනිත් කුරුල්ලන්ට වඩා ඔයාගේ ජාතිය චබීනේ කොහොමත් නැද්ද මං අහන්නේ....

    ReplyDelete
    Replies
    1. චෙෆාකී.. මං ඊලඟ සේෆ්ටි සිංහලෙන් පෝස්ට් එක දාන්නම් Ergonomics ගැන. ඕක එච්චර හොඳ වැඩක්නම් නෙවෙයි ලොක්කෝ... හෙහ් හෙහ්.. Safety First!

      Delete
    2. මේ තියෙන්නේ තව අවුරුදු 36කට පස්සේ බස්සා දාන කමෙන්ට් එක. :P

      Delete
    3. @ කල්‍යාණ මිත්‍ර.....දනී මචෝ..මම ටයිල් කරලා පොඩි බංකු පොඩ්ඩක් හදාගෙන තියෙනවා වර්ක් ටොප් එක උඩින් තියාගෙන වැඩ කරන්න..ඒකට සින්ක් එක කොට නිසා හොඳ ගනන් උයලා ඉවර වෙන කොට...කොන්දට අබම (මස්ටඩ් නොවේ) සරණය....

      Delete
    4. චෙෆාකි:

      මේ කමෙන්ට් එක නම් පට්ටයි. කියෝලා ඉවරවෙද්දි මට තේරුනා කොට මොඩ්ල් තුනක් එක්ක අපේ තාත්ත මොන කට්ටක් කනව ඇතිද කියල.
      අපේ ගෙදරත් කැබිනට් හදලා තියෙන්නෙ කොට ජීවිතවලට ගැලපෙන්න තමයි. පොත් රාක්ක ගාවනම් උඩ තට්ටුවට ළඟාවෙන්නම කියල ස්ටූල් එකක් තියල තියෙන්නෙ.
      ඔයා කියන විදියටම ඉවුම් පිහුම් වලට ප්‍රධාන දායකත්වය දෙන අපේ තාත්තටත් කොන්දෙ අමාරුවත් දැනෙනව ඇති. පව්. ඒ ගැන හිතුනෙම නෑනෙ.

      ඒ වුනාට හිතල බලන්නකො කොට ජීවිත මොනතරම් සුන්දරද කියලා. ඒකනෙ ඔයාටත් බැච් එකේ කොට ජීවිතේකටම හිත ගිහින් තියෙන්නෙ. හා නැද්ද?

      Delete
    5. කල්‍යාණ :

      මේ ඒකෙම ලියන්න කොට ජීවිත වලට නිතර ඇඟිලිතුඩුවලින් හිටගන්න, උඩපනින්න වෙන එකේ රිස්ක් එක ගැනත්.

      Delete
    6. අපේ ගෙදර එන 'පමණට' වඩා උස අයගෙන් ඔය පැන්ට්‍රි වල උස ගැන නම් හොඳ හොඳ කොමෙන්ටු ලැබිල තියෙනවා. අනේ අම්මප සමහර ගෙවල්වල උන් අත හෝදන්නෙම නැද්ද කොහෙද.. නැත්තන් අර යසට තියෙන සින්ක් ටැප් එක වටේට ඔතරම් ග්‍රැනයිට් පේළිය පළල් කරන්ඩ ඕනෙද ඇත්තට? ඔයා අඩි 5 ද බස්සි ඈ ? වටයලා එහෙම නෙවෙයිනේ මේ මම වගේ? ( I mean ceiling)

      Delete
    7. අඩේ ඇත්තටම අපේ ඔෆිස් එකේ සින්ක් පේලියත් එසේමැයි. මම හැමදාම අත හේදුවට පස්සෙ වොශ් රූම් ගිහින් ඇඳුමෙ බඩ හරිය වේලගෙන එන්නෙ.

      Delete
  7. සමහරු කොට කවුන්ට් කර ගන්න වගේ හරහට උස යනව.. එතකොට නම් රියල් පිටි මුට්ට.. ඔය ලිස්ට් එකේ මං මං දන්න තව නමක් දාන්න ඕනි.. අරවින්ද ද සිල්වා.. 5' 2"- ක්‍රිකටර්- ලංකාවේ විතරක් නොවෙයි මුළු ලෝකෙටම මං හිතන්නේ බිහිවෙච්ච දක්ශතම දකුණත් පිතිකරුවා. ජය වේවා! උස නොයේවා!

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කනෙ. සුවිශේෂී කොට ජීවිත!

      Delete
  8. ඇන්නෑවේ මේ මල කෝලං
    පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්
    ඇන්නෑවේ මේ මල කෝලං
    පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්

    මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
    දුන්නේය මා මේ අඟුටුමිටියාට
    මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
    දුන්නේය මා මේ අඟුටුමිටියාට

    අගුටුමිටියා වට මං සුන්දරියේ
    නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ
    නැද්ද හැඩරුව මං
    කාලා බීලා සැපසේ ඉඳ කල් ඇර
    එව්වා මෙව්වා කිව්වේ කවු‍රු‍ද නුඹට

    ඇන්නෑවේ..

    නා‍ට්‍ය‍ය‍ - දික්තල කාලගෝල
    ගා‍ය‍න‍ය‍ - මැණිකෙ අත්තනායක

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ ඔයා නම් සින්දු ඩික්ෂනරියක්!!

      Delete
    2. අමුතු රටාවට හැඬවෙන රබානකි අතේ
      පොලොවෙ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ.
      ආකාසේ ඔළුව වදියි කියලා බය හිතේ
      බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ.

      Delete
    3. බොරු අහංකාරකම් කෙනෙකුගෙ නැති වුනොත් හිතේ
      එයා උඩින් නෙමෙයි බිමින් ගියත් වැරැද්දක් නැතේ
      බොරු කකුල් මෙයා වාගෙ ඇඳල නැති නමුත් පුතේ
      මේ වාගෙ උඩින් යන ඈයෝ හුඟක් ලොව ඇතේ

      මේ ලියපුව මදැයි කියල හිතුන නිසා බොරු කකුල් සහ අර උපේක්ෂා කියන “ලොම්බ විකන ෆැෂන්” ගැන ලියන්න ගියෙ නෑ.

      Delete
    4. මගේ කලු කොට සුමනාවතී
      නුබේ වත දැක සලිත වුනි.....

      බලන්න

      Delete
    5. ස්තූතියි සින්දු ඇනෝ...

      Delete
  9. මරු කතා ටික.. අර ඉස්කෝලේ කතාව මරු...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මාතලන්!!

      Delete
  10. නවතම පරීක්ෂණ වලට අනුව අඩි 5 ක් උස කාන්තාවන්ට මොලේ පිළිකා සෑදීමේ අවදානම 200%කි .
    මොංගල් භාවය හිමි වීමේ අවදානම 300% කි.
    මඥඥන් වීමේ සම්භාවිතාවය 400% කි

    පරීක්ෂණ සියල්ලම හරි වගේ .

    උඹව දැක්කම ටීචර් නංගිට කිව්වලු නේද පුතේ ඔයාගේ නංගිව පරිස්සමෙන් එක්කන් යන්න කියලා .

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++ දවසේ කොමෙන්ටුව. එකෙන්ම ඔව්!

      Delete
    2. අනෙ දුප් ගෙඹිලූෂා!
      ඔය උඹ අර අංගොඩ හිටපු සතියෙ කරපු මඤ්ඤං එසයින්මන්ට් එකක් වෙන්ටැ.

      ඕ යේස් ඒ ලාබාල සුරතල් පෙනුම නිසා. ඇයි අවුල්ද?

      Delete
    3. @ඉවාන්
      ++++++++++++++++++++++ x 2

      Delete
    4. ඔව් ඔව් ගෙඹිලූශාව අංගොඩදි කොටු කරල තිබ්බෙ ඕවගේ වැටවල් ගහලලු.

      Delete
    5. මේ මේ..... පව්ලුශෝ... එව්වා ඔට්ටු නෑ හරී !!! හුහ්.... කිව්වයි කියල හිතාගන් !

      Delete
    6. හලෝ උපේක්ෂා ...ඔයානම් කොට නෑනේ නේ .... හැක හැක හක්

      Delete
  11. බස්සිගේ මීට කලින් පෝස්ට් එක කියව කියව ඉන්න්කොටයි මේක ඇහැ ගැහුනේ. දුවගෙන ආවා බලන්න.

    5'4'' කොට ජීවිතයක් හැටියට මමත් එක හෙලා අනුමත කරනවා මේ පෝස්ට් එක සහ ටොපික් එක යන දෙකම.

    ඕකේ වැඩේ බස්සී මයෙ පුතේ අපි කොට නෙවෙයි. අනිත් උන් උස වැඩියි. අපි ඇවිල්ල හුරුබුහුටියි.

    එතකොට, මේ හුරුබුහුටි වීමේ වාසි ගැන බලමු.

    හිටපු ගමන් වැස්සක් කඩාගෙන වැ‍ටුනොත් කාවද ඉස්සෙල්ල තෙමෙන්නේ? දිගංචියංව. අපිට වෙලාව තියෙනවා වැහි බිඳු අපි ඉන්න ප්‍රදේශයට ලඟාවෙන්න කලින් ආවරණයක් යටට දුවන්න.

    හදිස්සියේ එහෙම දුවනකොට කකුල පැටලිලා වැ‍ටුනා කියමු. දිගංචියංගේ ඔලු ගෙඩිවඩා වැඩි වේගයකින් වැඩි දුරක් ගමන්කරලා බිම වදින නිසා හානිය වැඩියි. මොකද acceleration වැඩියිනේව. හුරුබුහුටි ඔලුගෙඩි බිම වදිනකොට අර කිව්ව ත්වරණය පටන්ගත්තා විතර නිසා ප්‍රවේගය අඩුයි. හානියත් අඩුයි.

    ඔය විදියට කිව්වොත් තව ඕනෙ තරම් උදාහරණ තියෙනවා. නමුත් අනිත් අයටත් අවස්තාව දීලා මම නිහඬ වෙනවා.

    නමුත්, ගෑණු දැරිවියෙක් හැටියට විස්පර් ගැන පෝස්ට් එකක නිර්භීතව සඳහන් කරලා (consequences ගැන නොසිතා) ගත්ත පියවර ගැන මම ආඩම්බර වෙනවා. ඒ සම්බන්ධයෙන් මම තු‍ටු පඬුරක් හැටියට ඇන්ඩිගේ බෑන්ඩ් ඒඩ් කතාවට සම්බන්ධ කරන්න පුලුවන් හුරුබුහුටි කතා පුංචක් කියන්න.

    ඔය වගේම ඇඳුම් කඩේකට ගිය වයසට හැදිලා නැති හුරුබුහුටි දැරියක් බ්‍රා එකක් ඉල්ලුවලු. ඈ දිහා හොඳට බලපු සේල්ස්මන් ඇහුවලු. මිස් ඔය ඉස්සරහ අපේ ෆාමසියයෙන් බෑන්ඩ් ඒඩ් දෙකක් ගත්තා නම් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි නේද?

    Band-Aid = plaster

    ReplyDelete
    Replies
    1. //අනිත් උන් උස වැඩියි. අපි ඇවිල්ල හුරුබුහුටියි.//

      සහතික ඇත්ත ඩූඩ්! අර වැස්සට තෙමෙන එකයි, බිම වැටෙන එකයි නම් පට්ටයි. :) නියම ඇන්ඩි ස්ටයිල්!

      අනික ඔය කොට ජීවිතේ මොනතරම් සුවිශේෂ වාසි තියෙනවද,

      * ඕනෙම උසක සපත්තු දාන්න පුලුවන්
      * බස් එකේ වහලෙ ඔලුව හැප්පෙන එක හීනෙන්වත් නොවෙන නිසා ඉතාම උදාරම් විදියට අපිට කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන්න පුලුවන්.
      * කොයි වෙලෙත් සැබෑ වයසට වඩා අඩු වයසක් පේන්නෙ.
      * බැච් ෆොටෝ එකේ ඉස්සරහම පේලියේ සිටීමේ භාග්‍යය හිමිවීම නිසා ඔයාව යාලුවන්ට ලේසියෙන් අමතක වෙන්නෙත් නෑනෙ. ඔය දිගංචියන්ගෙ ඔලුගෙඩිය ඉතරයි බැච් ෆොටෝ එකේ තියෙන්නෙ.
      * අනික එළිමහන් පීරියඩ්වල අකමැති සබ්ජෙක්ට් එකක් නම් පිටිපස්සටම ගිහින් ටීචර්ට නොපෙනි ඉන්න පුලුවන්. ආස හිතෙන පාඩමක් නම් කාගෙවත් විරුද්ධත්වයක් නැතුව ඉස්සරහම පේළියට යන්නත් පුලුවන්.
      *ඩී ජේ එකකදි, ඩාන්ස් එකකදි කස්ටිය අස්සෙන් රිංගලා රිංගලා ස්ටේජ් එක ආසන්නයට ළඟා වෙන්න පුලුවන් කිසිම කරදරයක් නැතුව.
      * උස යාලුවො හිමින් ඇවිදිද්දි උනත් උන්ගෙ වේගෙට ළඟා වෙන්න අපිට දුවන්න වෙන නිසා කොහොමත් අපේ ෆිට්නස් හොඳයි.
      * දහතුන වසරෙදි උනත් බාගෙ ටිකට් එකෙන් බස්සෙකේ යන්න/ ෆිල්ම් බලන්න පුලුවන්.
      * සෝෆා එකේ ඇඹරෙන්නෙ නැතුව දිගාවෙලා ටී.වී බලන්නත්, නිදා ගන්නත් පුලුවන්.
      * ඕනෙම උසක සපත්තු දාන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුවම.
      * බස් එකේ, කාර් එකේ සීට් අතර දුර අඩුයි කියන ප්‍රශ්ණය අපිට අදාල නෑ.
      * අපේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නෙ පහළින් නිසා බිම ඇදන් වැටීමේ සම්භාවිතාවයත් අඩුයි නෙව.
      * හිටගෙන අහන් ඉන්න බෝරින් ස්පීච් එකක් මැදදි කාගෙවත් අවධානයට ලක් නොවී ලිස්සලා යන්නත් පුලුවන්.

      Delete
    2. දි කිරට බලල්ලු සාක්කි කියනවා කියලා අහලා තිබුනට අද තමයි හරියටම දැන ගත්තේ.

      Delete
    3. ඔන්න පේනවද ඩූඩ් මුන්ගේ ඉරිසියාව.

      Delete
    4. පැහැදිළි ඉරිසියාව බස්සි. පැහැදිළි ඉරිසියාව.

      ඒක නෙවෙයි. මේ ලිස්ට් එක ingenious!

      ඇයි මේ ටික පෝස්ට් එකට අමුණන්න මතක් නොවුනේ?

      Delete
    5. මේ ලිස්ට් එක ලියන්න හිතුනෙ ඩූඩ්ගෙ කමෙන්ට් එක නිසානෙ. ඔන්න වාසි ලැයිස්තුවත් පෝස්ට් එකටම ඇමිණුවා.

      Delete
    6. ඩුඩ් > මට හිතාගත්තැකි ළමයින්ට කියාදෙන දේවල් කොතරම් ගැඹුරුද අනේ....

      Delete
  12. දාපන් අක්කේ පහක්. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ බ්ලොග් ලෝකේ විතරක් නෙචෙයි මුළු ලෝකෙම රැදිලා තියෙන්නේ අපි වගේ කොට ජිවිත නිසා.
    මටනං තියෙන එකම අවුල අලුත් නැවක් ආපුවහම අපේ උන් "ආ එකේ උඹේ මොඩල් එකේ ඒවා නෑ" කියලා කින්ඩි දාන එක විතරයි

    ReplyDelete
    Replies
    1. මෙන්න මල්ලි පහට දහයක්ම!!

      අපි වගේ කොට ජීවිතවල හැකියාවන් නිසා තමයි මල්ලි මේ ලෝකෙ රන් වෙන්නෙ. වැඩි දුර හිතන්න ඕනෙ නෑ මේ බ්ලොග් ලෝකෙම බලන්නකො. ඕනෙතරම් උදාහරණ තියෙන්නෙ. කොහෙද ඔය දිගංචියන්ට ඕව තේරෙන්නෙ නෑනෙ.

      අහා ඔයාට කොකු ගැහීමේ ඩිස් - ඇඩ්වාන්ටේජ් දෙකයි. වයස මදිවට උස! හැබැයි ඔය දෙකම ගෑල්ලමයින්ටනම් වටිනව. සීනියර්, සුපර් සීනියර්, ජූනියර් බැච් දෙකක් යනකම් සහ තමන්ගේ බැච් එකේ කියන අති විශාල සිලෙක්ශන් රේන්ජ් එකක් තියෙනවනෙ.

      Delete
    2. ඔය සිලෙක්ෂන් රේන්ජ් එක අඩු වෙනකං ඉඳලා critical අවස්තාවක කිට්ටු කරන්න ඕනේ

      Delete
    3. ඒ උනාට කතාවක් තියනවා කොට වුන් කපටි කියලා

      Delete
    4. ෂැගියෝ, මං අහල තියෙනවා කෙට්ටු උන් කපටී කියල :P

      Delete
    5. ෂැගියෝ කපටි හින්දා වෙන්න ඇති උඹ අහු වෙලා ඉන්නේ නේද? ;)

      Delete
    6. නාඩියා : අන්න ඒ "ෂැගියාගේ හසුවීම" ගැන අපිට දැනගන්න පෝස්ට් එකක්ම ලිවුවොත් මොකද?

      Delete
  13. මට මෙච්චරයි බොලවු කියන්න තියෙන්නෙ.!

    කි‍යවත්දි බඩ පැලෙන්න හිනා ගියාට, මම මේ පෝස්ට් එකට තදින්ම විරුද්ධයි!! එච්චරයි. තනිකරම හෙළාදකිනවා. මේක දේශද්‍රෝහී කුමණ්ත්‍රනයක්.! මේක පිටිපස්සෙ විජාතික බළවේගයක් ඉන්නවා. බස්සිගෙ වටේ NGO ඩොලර් කාක්කො පියාඹනවා.!!

    එච්චරයි. තව මතක් උනොත් බොට ආයෙ ඇවිත් බනින්නම්.

    ReplyDelete
    Replies
    1. 6'10" ක් කියන්නෙත් කොටයිද??

      Delete
    2. තදවෙලා තදවෙලා මට්ටම් රිටට තදවෙලා ඕ යේස්!
      මං හිතන්නෙ විදානේ 6' 10" කියන්නෙ කොටයි. මූ අපි එක්ක කතා කලේ උඩ බලාගෙන.

      Delete
    3. විදානෙ, මම 6'4" යි බං. 6'10"ක් කියලා අගෞරව කරන්න එපා බොල. :)

      බස්සි, අනිවා මම පඩිපෙලේ යට පඩියක හිටපු නිසා හොදා එදා! :)

      Delete
    4. ප්‍රියා : එහෙමවත් කියමු නේ :P

      Delete
  14. අදත් වෙනද වගේම ලස්සනට ලියල තියනවා.... බස්සියෝ....... මගේ කලින් කමෙන්ට් එක..... publish නැ. මොකද මන්ද....බස්සියෝ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිහිංසා...
      ගූගලයාගෙ අවුලක්ක් වෙන්නැති අනේ. ගණන් ගන්නෙපා.

      Delete
  15. ඈ බස්සියො තනියම බස් එකේ ගිය වෙලාවක බස් එකෙන් බහින්න බෙල් එක ගහගන්නෙ කෝමෙයි.. :D

    ReplyDelete
    Replies
    1. බස්සෙකේ බෙල් එක ගහන්න? චැහ් අපි ඒ වගේ මහන්සි වෙන්නෙ නෑ.
      ඩ්‍රයිවර්ගෙ කනට කිට්ටු කරල ෆුල් වොලියුම් දාල කියනව ඉස්සරහින් මම බහිනවා..... කියල. එච්චරයි. :D

      Delete
    2. හැමදාම බස් හෝල්ට් දෙක තුනක් ආපස්සට එනවා නේද? :D

      Delete
    3. එහෙම වෙන්නෙ වෙන සීන් එකක් නිසා. ඒක වෙනම පෝස්ට් එකක ලියන්නම්කෝ

      Delete
  16. 5' වඩා වැඩි ය නම් ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ උසට සාපේක්ෂව ගොඩක් මිටි නෑ ණේ බස්සි.. බස්සිමද ඔය උස ප්‍රමාණය පවත්වාගෙන යන්නේ.. හ්ම්ම්ම් මන් අඳුනන නරියෙක් හිටියා මිනිහත් කියනවා මිදි තිත්තයි කියලා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ෂැගියෝ මම සෑහෙන මහන්සි වෙනව දිගටම මේ උස ප්‍රමාණය මේන්ටේන් කරන්න. මොකද ෂෝර්ට් ඇන්ඩ් කියුට් කියන විශේෂණය ලබාගන්න එක ලේසි නෑ. ඒකට පින තියෙන්න ඕන. ඔව් පින කියන්නෙ මේ වාසනා මහිමය කියන එකටම තමයි.

      Delete
    2. //නරියෙක් හිටියා මිනිහත් කියනවා මිදි තිත්තයි කියලා..// ආන්න වචනෙ. ඔය කියන්නෙ බස්සි ගැනනෙ.! :)

      Delete
    3. ඇත්තටම බස්සි කිවුවට විශ්වාස කොරහන්.. මාත් මේ සිහින් ඇඟ තියාගන්න නොකරන දෙයක් නෑ අපේ වුන් හිතන්නේ මන් කෑවට මහත් වෙන්නේ නෑ කියලා ඒත් ඇත්තටම දැන් බස්සි කිවුවහම තමා මගේ වාසනා මහිමය ගැනත් තේරුම් ගියේ.. ඒත් ඇත්තම කතාව අරකද මන්දා //නරියෙක් හිටියා මිනිහත් කියනවා මිදි තිත්තයි කියලා..//

      Delete
    4. ඔයත් ආඩම්බරෙන් කියන්න ෂැගියෝ slim and tall - loved by all කියලා. (රහසින් : ඒ කිවවට tall උන් lovely නෑ හරිද.)

      Delete
  17. පට්ට.. :D හරිම වටින අත්දැකීම්.. :D
    අපේ ඉස්කෝලෙත් හිටිය එකෙක් ඔය වගේම.. සංසාරෙ හැටි කියන්නේ මේ යකා Road Safety එකේ සභාපතිත් වුණා නේ.. අපිටත් ඒ දවස්‌වල හිතුන මිනිහගෙ වටින කොට ජීවිතේට උදව්වක් විදියට බෞද්ධාලෝක පාරෙ යන වාහන වල ඩ්‍රයිවින් සීට්ස් වලට ටිකක් උස කොට්ටයක් හයි කරන ප්‍රොජෙක්ට් එකක් කරන්න.. මොකද වාහනේ යද්දි විසිල් සද්දයක් ඇහෙනව විතරයි අරූ පාර මැද්දෙ ඉන්නව කියල පේන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. // වාහනේ යද්දි විසිල් සද්දයක් ඇහෙනව විතරයි අරූ පාර මැද්දෙ ඉන්නව කියල පේන්නෙ නෑ..//
      පට්ට!

      මට ලර්නර්ස් එකේ උන් කියන්නෙ "නයිට් රයිඩර්" කියල. මං යද්දි වාහනේ ඩ්‍රයිවර් කෙනෙක් නැතුව ඔටෝ යනව වගේලු පේන්නෙ.

      Delete
    2. අපේ වයිෆ්ටත් ඔය ප්‍රශ්නෙම තියෙනව බස්සි. දැන් අපිට තියෙන්නෙ ජීප් එකක්. වයිෆ් ඕක එලවන කොට ට්‍රෆික් රාළහාමිලා වාහනේට එබිලා බලනවලු, ඩ්‍රයිවර් කෝ කියලා.

      Delete
    3. අන්න ඒකනේ. ජීප් එකක් නම් තත්වය තවත් බරපතලයි.

      Delete
  18. //“වටින දේවල් එන්නේ පොඩි පැක්වල” (good things always come in small packages)//
    අපි ඕකට කියන්නේ වැල වරකා කරනවා
    අල ගෝනි කරනවා..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩෝ දවසේ කොමෙන්ටුව ...හැක් හැක්
      -ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල්-

      Delete
    2. තේරුනේ නෑ යකූ. බස්සගෙන්වත් අහගන්න ඕනෙ. >_<

      Delete
    3. හැක් හැක්... :v

      Delete
    4. බොට ආයේ ලියන්න දෙනකක් නෑ බස්සි

      Delete
    5. බයිට් එකට වල් ඌරෙක්!
      - ස්තූතියි -

      :D

      Delete
    6. එපෝ..එපා..බුදු අම්මෝ බස්සාගෙන් අහන්න එපා...උඔට මචං කියන්න වෙන්නෙත් නෑ

      Delete
  19. පෙට්ටි කිකිළි වගේ..මට මැවිල පේනවා..ඕ යේස්!!

    ReplyDelete
    Replies
    1. හරියටම කිව්වොත් හරි හතරැස් ඝණකාභයක් වගේ

      Delete
    2. හරි හතරැස් ඝණකාභයක්? :O

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සමාවෙන්න වැරදුනා /හරි හතරැස් ඝණකාභයක්/ යන්න " හරියටම ද්වි ආනති ත්‍රි පිරමිඩ ඝණකාභයක්" ලෙස නිවරදි විය යුතුයි

      Delete
    5. හැක්! ඒකත් කණපිටට කියලා තියෙන්නෙ

      Delete
  20. මොනා උනත් තමන් තමන් ගැන මෙහෙම ආඩම්බරෙන් කතාකරන එක අගය කලයුතුයි, හීන මානෙන් ඉන්න උන්ට වඩා.. හෙක්! හෙක්!!

    ReplyDelete
    Replies
    1. ඔය කතාකරන්නෙ දිගංචියන්ගේ ඉරිසියාව.

      Delete
    2. අනේ මං හරි කොට මිනිහෙක්..

      Delete
    3. අනිවා බං. මටත් හරි සංතෝෂයි! හැක් හැක්. :p

      Delete
    4. //අනේ මං හරි කොට මිනිහෙක්..//

      මලකෙලියයි කවුද කිව්වේ..

      Delete
    5. මනෝෂ් දිගංචියෙක්ද? දැකල නෑ නෙව.

      Delete
  21. මාත් හෙන කොටයි. 5' 2" යි. මගේ දුව මගේ ගානටම උසයි දැන් . ෂුවර් එකට පහු කරලා යනවා. මට මිට්ට කට්ටය් කියල ලංකාවේදී කිව්වේ. රුසියාවේදී උන් කිව්වේ නැපෝලියන් කියල. බලාගෙන ගියම ඌත් කොටයි. එකම ප්‍රශ්නේ පොත් කඩවල දී තමා. අනික කොට වුණාම මේ රටවල් රස්සා වලට යනකොට discrimination එකකුත් තිබෙනවා. උස අය තමා sales job වල‍ට , manager ජොබ් වලට අහුවෙන්නේ. කොට අය සෑහෙන ගේමක් දෙන්න ඕනේ. වාසනාවකට බැන්දේ උස තරුණියක්. උයන ප්‍රශ්න එනම් මනම් නැහැ ඒත් ගෙදර පොඩි portable ඉනීමගකුත් තිබෙනවා. හදිසියට.

    ReplyDelete
    Replies
    1. මෙහෙනම් උසට අදාලව ඒ තරම් discrimination එකක් නෑනෙ. හැබැයි ලංකාවෙ මිනිස්සු කොහොමත් සාපේක්ෂව කොට නිසා compete කරන්න තවත් අමාරු ඇති නේද.

      පොත් කඩවල් වල කරදරේ තමයි ලොකුම අවුල. අනිත් අලෙවි සේවකයො වගේ නෙමෙයි පොත් කඩවල අය ඔය උඩ රාක්ක වලින් පොත් අරන් දෙන්න වගේ වැඩවලට ටිකක් කම්මැලී.

      අපේ ගෙදරත් උස රාක්ක ගාව උස ස්ටූල් තියනව රෙඩිපිට. ^_^

      Delete
    2. ඒක ඇත්ත. මොකක් හරි දේකට specialist වුණාම හරි. කොටයි කියල හිතන්නේ නැතුව හිටියම හරි.

      Delete
  22. 5'4'' ඔය කොට වගුවට ඇතුළහ් කිරීම ගැන මගේ බලවත් විරෝධය!!
    හැබැයි මම අඩි 5 අඟල් 4.5ක් උස නිසා අවුලක් නෑ! :D

    ReplyDelete
    Replies
    1. කොට්ටුන්ට සෙන්ටිමීටරය්ත් මැණිකක් කිව්වාලු!!!!!

      Delete
    2. මේක ඉන්ටනැසනල් වගුවක් තනියෝ.... එතකොට 5' 4"ත් කොටයි තමයි මචං!

      Delete
    3. අරූ: පට්ට කතාව! (හැබැයි තරයේ හෙලාදකිනව!)

      Delete
    4. අරූ අයියේ : මම කොට නෑ හරිය? :D

      Delete
  23. බස්සි අක්කගේ උස කීයද එතකොට?????

    ReplyDelete
    Replies
    1. අර ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ උසවල් තියෙන ටේබල් එක කියෙවුවෙ නැද්ද?

      Delete
    2. අඩේ තිබිල නේද.. මුල් නම් ගැන වැඩිය අහල නොතිබ්බ හින්ද කියෙව්වේ නෑ... :D

      Delete
  24. කොට කෙල්ලො හෙන ලව්ලි ඩයල් බං. මං දන්න ගොඩක් සවීට්ම කෙල්ලො ඔක්කොම වගේ කොට ජීවිත!!

    ReplyDelete
    Replies
    1. මා දුටු අග්‍රගණ්‍යම, අයස්කාන්තම, මන නන්දනීයම කමෙන්ටුව! ජයවේවා පිරේ!!

      Delete
    2. අනේ නිකං පලයං බං යන්න!!! මං කිව්වෙ උඹ ගැන නෙවෙයි. මං දන්න පොඩි නංගි පැටව් ටිකක් (වයසිං පොඩි නෑ. උඹ වගේම තමයි. කොටමොඩල්) ගැන. උං හරි හුරතල්!!!

      Delete
    3. මම දැක්කෙ මේ වචන දෙක විතරයි
      "කොටමොඩල් හුරතල්"
      U made my day!!! <3

      Delete
    4. ඒ දැකපු හරිය මදැයි බං!!! කොට මොඩල් කෝමත් හුරතල්!!!!
      (උඹත් ඉතිං ඒම අැති. ඒත් තාම දැකලා කතාබහ කරලා නෑනෙ බං. ඒකයි මං වෙන කට්ටියක් ගැන කිව්වේ!!!)

      Delete
    5. "කොටමොඩ්ල්.... හුරතල්"
      අන්න එච්චරයි වෙන්ට ඕන!

      Delete
  25. හරි හරි ඔන්න එහෙනම් අපි කොට ජිවිතේට සුභම සුභ උපන්දිනයක් වෙවා කිවුව.

    ReplyDelete
    Replies
    1. හැක්! අද උපන්දිනේ නෙමෙනෙ!

      Delete
    2. හැ එතකොට මුනුපොතෙ කිවුවෙ

      Delete
    3. දමිත්ගේ මූණුපොත බීලා!
      මේ ඔයා මම කියල වෙන එකෙක්වද දල්ලෑ ඇඩ් කරගෙන ඉන්නෙ!! මම ඉන්නෙ "බස්සි" නමින් නෙමෙයි.

      Delete
  26. කොට ජීවිතේ දුකයි බස්C... ඔයාට ඇඳට පැනගන්න ඇඳ අයිනේ රිටක් තියලා ඇති නේද අර රිටි පනින අයට වගේ.

    මම බස්Cට වඩා අඩියක් උසයි. බස්C සමනලී ෆොන්සේකා මොඩ්ල් එකේ වගේ.

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න අරූ. එතනදි ඉබේම හැමදාම රිටි පැනීම ප්‍රැක්ටිස් වෙනවා. සුපර් මාර්කට් ගියාම උස පැනීම ප්‍රැක්ටිස් වෙනවා, යාලුවො එක්ක ඇවිදිද්දි වේගවත් ඇවිදීම පුහුණු වෙනවා, බස් එකට ලේට් උනාම දිවීම පුහුණු වෙනවා. ඉතින් ඔයාල වගේ නෙමෙයි අපේ ක්‍රීඩා කෞශල්‍ය නිරායාසයෙන්ම දියුණු වෙනවා.

      Delete
    2. අප්පට අරු උඹත් සමනලී ෆොන්සේකාට ආසයිද , මාත් එහෙමයි බං ඒක මං කැමති පංචස්කන්දවලින් එකක්

      Delete
    3. හම්මේ ඉතින් මේ සීයලා දෙන්නා.... :P :P

      Delete
    4. අටමා.......හොඳ ඇක්ටිං නේද....උඹ හුස්ම සහ ඔක්සිජන් බලනවාද?

      Delete
  27. හපොයි... 5' 4"ත් කොටද එතකොට... හිනා වෙලා වැඩි කමට කඳුළුත් එනවා..

    ReplyDelete
    Replies
    1. 5'4" ඉන්ටර්නැසොනල් ස්ටෑන්ඩර්ඩ් අනුව කොටයි.
      හිහිහි සන්තෝසයි තුශා!!

      Delete
  28. රේ මිස්ටීරියෝ ගේ මෙන්න මේ ගැහිලිත් ඔයා එහෙනං ගහනවා ඇති. නැත්නම් ඒ නම හැදෙන්න විසිහක් නෑ.

    https://www.youtube.com/watch?v=RPR2PBXOILA&spfreload=10
    හමුදාවෙදීනම් ඔය කිව්ව ජාතියේ එව්වා සෙබළියන්ට ලැබෙන්නේ ලොරි ලෝඩ් වලින්. (නොමිලේ නොමිලේ)

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද! විචාත් මගේ නික්නේම් එක් නිසා තිගැස්සුනා. රේ මිස්ටීරියෝගෙ ශොට් මතක් උනා. බලන්න මිටි වීමේ වාසිය මොනතරම්ද!

      Delete
    2. විචා??? මොකාද බොල ඒ??
      අඩෝ බතල බස්සි!! අපේ විචාරක තුමාට කොටකෑලි දාලා මගෙං මැරුං කන්න හදන්නේ අෑ!! ගරු සරු අැතුව අමතපං මේ වැදගත් මහත්තෙක්!!!

      Delete
    3. පිරේ : මම විචා තුමාව මුණගැහිලත් තියෙනව මල්ලි. ඒ නිසා හිතුවෙ නෑ එයා ඕව ගණන් ගනීවි කියල. විචා තුමාගෙත්, පිරේගෙත් හිත් රිදුනානම් සමාවෙන්න.

      Delete
    4. රිදෙන්න හිතක් තියෙන්නෙපැයි බං!!!
      අවුලක් නෑ අවුලක් නෑ. ඒත් පොඩ්ඩක් ගරුසරු අැතුව අැමතුවනං හොඳයි. ඒතුමා විශ්‍රාමික රණවිරුවෙක්!!!

      Delete
    5. අනේ මේ, උඹලට කැමති විදිහකට අමතපල්ලා. හලෝ බස්සි නංගී.................හැටත් වයසක්ද?

      Delete
    6. පිරේ කියාපු කරුනු සේරම දැනගෙන උන්නත් මම ඒ ගැන හිතුවෙ නෑ විචාරක තුමා. බ්ලොග් අවකාශයේ හැමෝටම සැලකුවෙ යාලුවන්ට වගේ. මින් පස්සෙ අන්න ඒ වැරැද්ද වෙන එකක් නෑ. :)

      Delete
  29. ඔව්වට එන්න එපා හරිය....!

    ReplyDelete
    Replies
    1. හෑ! ආඩම්බර වෙන්න කුරුට්ටියෝ :P

      Delete
  30. පට්ට කතා ටික. ඇඩෙන්න ලියලා තියෙනවා. නිකන් ඉන්න වෙලාවට මේ TGossip Lanka News පැත්තටත් පොඩ්ඩක් ඔලුව දාලා යන්න.

    ReplyDelete
    Replies
    1. ගොසිප් කොතනද - බස්සි එතන! තැන්කූ හොඳේ...

      Delete
  31. හනේ මගේ කමෙන්ට් එක ගුගලයා ගිල්ලො. ආයේ කොටනවා

    බස්සිගේ උස කීයද?? මගෙනම් 5' 2'' හරි 5' 1'' හරි. එක එක තැන් වලදී මැන්නාම එක එක උස :D. බස් වල කොච්චි වල යෑම නම් කියලා වැඩක් නෑ. හීල් දන්නෙත් නැති නිසා එගිලි වලින් යන්තම් එල්ලිලා යන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. අර ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ උස තියෙන ටේබල් එකේ බස්සිත් ඉන්නවා නිසුපා අක්කෝ. හොඳට හොඳට බලන්න. :)

      හම්මේ බස් හරි කෝච්චි හරි වල හිටන් යන්න උනාම සංසාරෙ එපා වෙනෝ. මම ඉතින් බැරිම නම් අත්දෙක බැඳන් සර්කස් කාරය වගේ යනව.

      Delete
    2. / මගෙනම් 5' 2'' හරි 5' 1'' හරි/

      එක එක කොදුවල තියෙන්නේ වෙනස් වෙනස් දිගවල්නේ.. වැඩිය හිතන්න එපා මැඩම්..

      Delete
    3. හික්ස්ස් දැන්නෙ ඒක දැක්කේ. :D

      සී.ජේ. විදානේ - ඔව් ඔව් ඒක තමා සීන් එක

      Delete
    4. ඒකනේ... ටේබල් එක කොච්චර වැදගත්ද!!

      Delete
  32. ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නෙ පහළින් නිසා අවස්තිථිය අඩුයි. ඒ නිසා අර සැලෙන ලෙලෙන ගතියත් අඩුයි :-p

    ReplyDelete
    Replies
    1. /අවස්තිථිය අඩුයි/

      වැඩි නැද්ද?

      Delete
    2. මන්දා, අඩු හරි වැඩි හරි වෙනවනෙ. බස්සීඊඊඊ, ඔයගෙ සැලෙන ලෙලෙන ගතිය අඩුද ? වැඩිද ?

      Delete
    3. මටත් මතක වැඩි වෙනවා වගේ. සාපේක්ෂව කොට අයගේ උකුල හැඩයි නේද?

      Delete
    4. Chanaka : මගෙ? මට පිටිපස්සට ඇස් නෑනෙ. බස්සගෙන් තමයි අහන්න වෙන්නෙ.

      Delete
    5. අවස්තිථිය නං අඩු වෙනවා තමයි!! හැබැයි ගුරුත්ව කේන්ද්‍රය පහළ නිසා නෙවෙයි, ගුරුත්ව කේන්ද්‍රයේ ඉඳලා, ස්කනධය විහිදිලා තියාන පාරාසය (range of mass distribution) කුඩා වෙන නිසා!! ඒ නිසා සැලෙන-ලෙලෙන ගතිය අඩු වෙනවා!!

      හැබැයි ඉතිං, vertical mass distribution අඩු වුණාට ම බෑ, horizontal mass distribution වැඩියි නේ!! ඒ නිසා බස්සිගෙ නං අඩුවක් නැතුන හැලෙනවා අැති!!!

      Delete
    6. මන් ටොපි.... >_< ඔය ඇති යකූ....!!

      Delete
    7. මං නෑ ඔව්වට හරි. මං තාම බතල බස්සිව දැකලවත් නෑ, ඒ නිසා මං කියපුවා වලංගු නෑ. නිකං assumptions අනුව විද්‍යාත්මක නිගමන ඉදිරිපත් කලේ චානකටයි සී ජේ ටයි තේරුං කරලා දෙන්න විතරයි!!

      Delete
  33. අපේ ගෙදරත් කොට මොඩ්ල් එක කොල්ලෝ තුන් දෙනාට උදේට ඉස්කෝලේ යන්න කලින් බත් කවන්නේ උඩ පැන පැන

    ReplyDelete
    Replies
    1. බලන්න ඉතින් කොට මොඩ්ල් එක නිසා ජීවිතේ මොනතරම් සුන්දර වෙනවද!

      Delete
  34. මම එනකොට කෝ අනේ කිසි වලියක් නැති තැනක් වෙලා...

    අපෝ... මට නම් ඔය වගේ වෙලා නෑ
    වේගෙන් යන බස් එකේ බ්‍රේක් පාරට තිබ්බ එකම ස්ථානය හැටියට උඩ පොල්ලේ එල්ලී, කකුල් දෙක එසවී ජිම්නාස්ටික් වැනි රංග සොබාවක් දැක්වීම
    අලි වැදගත් රැස්වීමකදී, මගේ නම කතා කලාම අන්තිම මොහොත වෙනකල් ඉදිරියට ආපු මාව නොපෙනීම
    දුම්රියේදී ඉතා ශුර සර්කස් සංදර්ශන පැවැත්වීම
    දුම්රියට නැගීමේදී හා බැසිමේදී වඩා ගැනිල්ල හෝ ඇදිල්ලට ලක්වීම
    රැස්වීම් ඇමතීමේදී, මයික් හයිකරපු තැන සිට කතාකරොත් කතාකරන්නේ කවුරුන්ද කිසිවෙකු නොදැනීම ( මල් ටිකෙන් වැසීයයි )
    'ඈ..... මම හිතුවේ තාම ඉස්කෝලේ යනවා කියල' වගේ දේවල් මිනිසුන්ගේ කටින් පිටවීම
    ගෝකාර්ට් පැදීමට පැය දෙකක් පෝලිමේ සිට, අවසානයේදී ආපහු යන්නට වීම
    ඕනෙම මීඩියම් සයිස් ඇඳුමක් දනිස්සෙන් පහලට වැටෙන සේ ඇඳීම
    නිතරම ඇඳුම් කඩවල ටිනේජ් කොටසින් ඇඳුම් ලබාගැනීමේ වරප්‍රසාදය
    ක්‍රීඩා තරඟ වලදී මිපැටියෙක් සේ ඉඳ, ක්‍රීඩාව පටන් ගත්විට බලන් ඉන්න උන් කොරකරවිම

    වගේ සුළු සුළු සිද්ධි මිසක්.....

    අපි නම්, මුළු ගෙදරම ආයේ නෑ... ටෙඩි බෙයාර් පවුලක්!!!! ආන්න පවුල්! මොන ජගතා ආවත් ඔලුව නමාගෙන ගෙට ඇතුල්වෙන්න ඕනේ. ඔලුව නමල කතා කරන්න ඕනේ. ආන්න එහෙමයි ගරුත්වය. කොටින්ම කිව්වොත් අපේ අක්ක, අම්මා දෙන්නම මටත් වඩා කොටයි. ඉතින් හිතාගන්නකෝ ජොලිය.

    ReplyDelete
    Replies
    1. //රැස්වීම් ඇමතීමේදී, මයික් හයිකරපු තැන සිට කතාකරොත් කතාකරන්නේ කවුරුන්ද කිසිවෙකු නොදැනීම ( මල් ටිකෙන් වැසීයයි )//
      මට මෙන්න මේ වැදගත්ම පොයින්ට් එක මිස් උනානෙ. බලන්න ඒක නිසා නරඹන්නන් මොනතරම් අමන්දානන්දයට පත් වෙනවද? අර නයිට්-රයිඩර් ඩ්‍රයිවින් එකේ අනිත් එක තමයි ඔය.

      අපේ ගෙදරනම් ඉතින් තාත්ත උසයිනෙ. නගාත් මට වඩා ටිකක් උසයි (විලි ලැජ්ජාවයි.) ඒත් බලන්න ඔය පල් පාර්ට් දාන දිගංචියෝ මොකා උනත් අපිට ඔලුව නමල ගරු කරල කතාකරද්දි ඇත්තටම ආතල් නේ. ඒ නිරායාසයෙන් හිස පහත් වෙන්නෙම අපේ කීර්තිය, රාජකීය භාව භාව ලීලාවන්ගේ සැර දරාගන්න බැරි නිසයි. හා නැද්ද?

      Delete
    2. අපේ ගෙදර නිකං වයිකින් බස් හතරක් ඉස්සරහින් මිනි කුපර් එකක් යනවා වගේ
      බස්සිටයි උපේක්ෂටයි තවත් එකක් අමතක වෙලා. ලියන මේසෙට දම්රෝ ප්ලාස්ටික් පුටු දෙකක් එක උඩ තියල සිහාසනය හදාගන්නේ - එතකොට රජ්ජුරුවෝ උඩයි උඩයි ගූ කොල්ලෝ බිමයි බිමයි.

      Delete
    3. //වයිකින් බස් හතරක් ඉස්සරහින් මිනි කුපර් එකක් යනවා වගේ//
      පට්ට උපමාව අයියෝ... හිනා වෙලා මලා

      අපේ තාත්තා ඔය අපහසුතාවය දන්න නිසාම අලුත් කාමරේ මේස පුටු ගෙනාවෙ අපේ කොට පරිමාණවලට. මොනතරම් පරිමාණයට ගැලපෙනවද කිවුවොත් මූණ බලන කණ්නාඩියෙන් පේන්නෙ තාත්තගෙ බෙල්ල ගාවට යනකම් විතරයි.
      ඊට ඉස්සර මම මේසෙ වැඩ කරන්නෙ පුටුව උඩ දණගහගෙන. (ප්ලාස්ටික් පුටු ඇලජික්. පස්ස රිදෙනවනෙ ඉඳන් ඉද්දි.) අන්තිමට දණගහන එක මට මාර සිම්පල්. ඉස්කෝලෙදි දණගහණ එක මට දඬුවමක් කියල හිතුනෙම නෑ.

      Delete
    4. //වයිකින් බස් හතරක් ඉස්සරහින් මිනි කුපර් එකක් යනවා වගේ//
      හම්මේ පෙනහලු!!! හාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාහ් හපොයි, හිනා වෙලා පණ යනවා යකූ!!!!!!

      Delete
  35. Snow White and the Seven Dwarfs....... :D Seven or three :D

    ReplyDelete
    Replies

    1. මට ඕක දැකපු ගමන් මතක් උනේ මේ කතාව.

      Me? Behave? Seriously!!
      As a child I saw Tarzan almost naked,
      Snow White lived in a house with 7 men,
      Cinderella arrived home after midnight,
      Pinocchio told lies,
      Aladdin was a thief,
      Batman drove over 200 miles an hour,
      Pac Man ran around to digital music while eating pills that enhanced his performance
      &
      Shaggy and Scooby were mystery solving hippies that always had the munchies.

      The fault is not mine!

      Delete
  36. අර ලිස්ට් එකට නමත් දාගෙන. ඒක ඉංගිරිස් අකුරෙන් දැම්ම නම් තමයි ඩැඩිය හොඳ.
    මට නම් ඕකෙ අනිත් පැත්ත. 5. 10'' (දහය හමාර ද කොහෙද) කොක් ටයිප් තමයි පොඩි බස් වල හෙම යනකොට. ෆොටෝ ගන්න ගියාම බෙල්ල කපනව. නුපුරුදු ගෙවල් වල ගිය ගානට මාක් තියනව නළලෙ.. හරිම සනීපයි.

    සෝක් ලිපිය. හිනා වුනා ලෝබ නැතුවම :)

    ReplyDelete
    Replies
    1. අපේ ගෑණි රෙදි වැලක් බදින ගානේ මගේ බෙල්ල පැටලෙනව බං

      Delete
    2. ඒකනෙ ඒකනෙ චන්දන අයියේ... දැක්කද බස්සෙකේ ඉන්න සියලුම ජනතාවට ඔයා හිස නමා ගරු කරනවනෙ. ගෙදරකට ගියත් බලන්නකො ඇතුල්වෙන්නෙම අනිත් අයට කොන්ද නමාගෙන. ඒකට අපි. අපි කාටවත් කොන්ද නමන්නෙ නෑ. අන්න ඒකයි කොටත්වයේ අභිමානය.

      Delete
    3. එහෙම පහලින් බඳින්නෙ රෙදිවැල් යටින් රිංගන්න හොඳනැති නිසා වෙන්ටැ අටම් අයියේ

      Delete
    4. //කොටත්වයේ අභිමානය.// හෙහ් හෙහ් :P

      ඔය රෙදි වැල් කේස් එක නම් අපේ ගෙදරත් එහෙම තමයි. මේ දවස් වල වැස්ස නිසා ඉර අව්ව වැටෙන වැටෙන තැන් වල වැල්. හෝදන හෝදන එකා වැල් ගැට ගහල, ගේ නිකං දැලක් මැද තියනව වගෙ. ඇහැට පේන පාටකින් ලණුවක් වත් නම් තව කමක් නෑ. බයින්ඩින් කම්බි එහෙම ඇදල තියනව බං, බෙල්ල කැපෙනව ඒවට.

      තව එකක්, උදේට පාරට යන්න ගියාම හෙම පාර හරහා ඇදල තියන මකුළු දැලුයි තව ඒවයෙ තියන ලට්ට ලොට්ටයි සේරම මගෙ ඔලුවෙ. අනික් එවුන් ඔක්කොම යන්නෙ ඒවට යටින් නෙ. තව ඔහොම පහසුකම් මහ ගොඩක් තියනව. දැනට ඔය ඇති. ඕව ඔක්කොම කියන්නත් හොඳ නෑ එක පාරම. :P :D

      Delete
    5. අපේ ගෙදරනම් ගේ මැද්දේ රෙදි වැල් බැඳීමට මමයි අම්මයි දෙන්නම එකහෙලා විරුද්ධයි. රූම් මේට්ලා එක්කත් දරුණු යුධ ගැටුම් ඇතිවෙනව ඔය රෙදිවැල් වැඩේ නිසා.

      ඒ ඉතින් ස්වභාව ධර්මය ඔයාලව නිර්මාණය කරන්නෙම මකුලුදැල් පිහගෙන යන්නම තමයි. ඒ නිසාමයි අපේ ඔලුවලට කුණුරොඩු වැටීම වැලකිලා තියෙන්නෙ.

      Delete
  37. ඔව්ව සේරම සාපේක්සයි බස්සියො. මනුස්ස සරීරෙම සමහර ඒවා දිගට ලොකුවට තියෙන එක හොඳයි කියනවා. සමහර එව්වා කොටට පුංචියට තියෙන එක හොඳයි කියනවා. අනික සමහර රටවල උන්ගෙ උස බැලුවම ලංකාවෙ ඉන්න උන් අමුම අමු කුරුමිට්ටො. බොට තියෙන මොලේ මදෑ, ලබ්බටයැ උස?

    ReplyDelete
    Replies
    1. Human anatomyවල තියෙන කතාවක් කටට ආව ඉතින් මෙතන කියන්න බෑ බෑ වගේ. එක්කො ඕන නෑ. හික්ස්!

      මම මේ කියන්නෙ කොට ජීවිතේ වාසි ගැන V!!

      Delete
    2. කියලා දාහං බං!!! අායෙ මොකෝ මෙහෙ 12- බබාලා ඉන්නවා කියලා යැ!!!

      Delete
    3. කියන්න බෑ. අන්තර්ජාලය තුලදී කවුරුත් සමානයි.

      Delete
    4. රහසිං කියන්න කනට කරලා!! වෙන කාටවත් අැහෙන්නෙ නැතුව!!! (බස්සට අැහුණට කමක් නෑ, උෟ මගෙ මස්සිනා නෙහ්. වෙන කාටවත් අැහෙන්නෙ නැතුව කියහං)

      Delete
  38. අති දීර්ඝං මහා මුර්ගං කියනව නෙව බස්සි...
    උස එකා මෝඩයා....

    ReplyDelete
    Replies
    1. ප්‍රියා.....මේ මූ මීමා කියන කතාව ඇත්තද?

      Delete
    2. සහතික ඇත්ත මහේෂ්! ඔය තියෙන්නෙ පුරාණ පුස්කොල පොත්වල තිබුන උදාහරණ!

      Delete
  39. බස්සි, මම ඉන්න පැත්ත පලාතක නෙමේ, පාරක වත් යන්න එපා ලැජ්ජ හිතෙයි ඔයාට.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයේ තවත් අභිමානනීය කොට ජීවිතයක් සාදරයෙන් පිළිගනිමු!!!
      සිරාවට ඔයාගෙ කොටත්වයේ අභිමානය මට වඩා සෑහෙන වැඩි නිසා ලැජ්ජ හිතෙන එක අහන්නත් දෙයක්ද සිඳු අක්කේ.

      Delete
  40. ගෝටයිම්බර ටයිප් එකේ නේ?
    ලකුන්ටක භද්දිය හාමුදුරුවෝ ගැන අහලා තියෙනවද?

    අපි නම් මද මාවතේ, වැඩිය උසත් නෑ, මිටිත් නෑ, මහතාත් නෑ, කෙට්ටුත්ත් නෑ, මෙලෝ රහකුත් නෑ, රස නැත්තෙමත් නෑ :D


    ReplyDelete
    Replies
    1. ගෝටයිම්බර ටයිප් කියන්නෙ පිරිමි ළමයින්ට නේද?
      ලකුණ්ඨක භද්දිය හාමුදුරුවො ගැන අහල නෑ.

      අන්න එහෙම තමයි සොමියො ඉන්න ඕන. කොයිදේත් ගානට මිම්මට.

      Delete
  41. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න

    ReplyDelete
    Replies
    1. අම්මෝ දැන් බ්ලොග් වලට වඩා සින්ඩි තියෙනවා වගේ... තැන්කූ තැන්කූ

      Delete
  42. // ඔය රුවන් වැකිය නිසාමයි මම මේ තරම් කොට වුනේ. //

    පෙරලුන පිට හොඳයි කීවලු .. හික්ස්

    දැන් කියන්න එපා ඉරිසියා සහගත කමෙන්‍ටුවක් කියලා,, මමත් උස කෙනෙක් නෙමෙයි අප්පා ...

    ReplyDelete