“ඈ ළඟ හිඳින වේලෙ
හෘදෙ සාදයක් සේ
මා ලෝකෙ පාරාදීසෙ
මැවේවි හයිලෙවල් පාරෙ”
මේ අකරතැබ්බෙ හයිලෙවල් පාරෙදි විතරක් නෙමෙයි ලෝකෙ ඕනෙම තැනකදි අත්විදින්න පුලුවන්. හෘදෙ සාදයක් උනාට පස්සෙ තමනුත් නොදැනිම කියවෙන්නෙ මෙන්න මේ වගේ ගී පද;
“ඔබෙ නීල නෙත් නිම්නයේ
මගෙ ආදරේ සඳ නැගේ
හසරැල් සැලේ
සංසාරගත ප්‍රේමයේ”
ඔන්න ඔය “සංසාරගත" මෙවුවා එකටම තමයි "ආත්මීය ලෙංගතුකම" කියල කියන්නෙ. ඉතිං බස්සි පොඩ්ඩක් හොයල බැලුව ඔය කියන ආත්මීය ඇන්නෑවක් හැබෑවටම ආදරේ, නැත්නම් ආකර්ෂණය ඇතුලෙ තියෙනවද කියලා. සේරටම කලියෙන් පොඩ්ඩක් හොයල බලමු ඔය කේස් එක හින්දා ජැක්ට, රෝස්ට, රෝමියෝට, ජුලියට්ට, සාලියට, අශෝකමාලට ඇතිවෙච්ච රෝග ලක්ෂණ මොනවද කියල.
එහෙනම් අහගන්න තොරණෙ විස්තරේ.
ඩුං ටුරු ටුං! ඩුටුං! ඩුටුං!!
1.
එයා දැකපු වෙලේ ඉඳන්
හදවත මගෙ පත්තු වෙන්නෙ
හදවත පිච්චෙන රස්නෙට
දාඩිය බින්දුත් නැගෙන්නෙ
කන්පෙති දෙක කම්මුල් දෙක රත් පැහැ වෙනවා
උගුර වේළිලා අතපය හීතල වෙනවා
මෙහෙම වෙන්නෙ ඇයි?
ලෙට් මී සී වයි?
අධිවෘක්කයෙ මජ්ජාවෙන්
ඇඩ්‍රිනලින් ගලයි පුතේ
ඊට දෙවෙනි නොවෙන ලෙසට
කෝටිසෝල් එකතු වෙතේ
අනේ ඉතින් ආතතියත් ඉහලට යනවා
අහනවාද? දුවනවාද? කියල හිතෙනවා
2.
නින්ද යන්නෙ නෑ අයියෝ
එයා ගැනම සිහිවෙන්නේ
දකින දකින හැම තැනකම
ඒ රුවමයි දිස් වෙන්නේ
රෑ මැදියම් ජාමෙත් ඒ කටහඬ ඇහුනා
හිත ගැස්සුන පාර ඇඳෙන් බිමටත් වැටුනා
මෙහෙම වෙන්නෙ ඇයි?
ලෙට් මී සී වයි?
ට්‍රිප්ටොපෑන් එකතුවෙලා
සෙරොටිනීන් හැදෙනවාලු
සෙරොටිනීන් හැදෙනවාලු
ආදරයේ බර හින්දා
දැන් ඒකට ඉඩක් නෑලු
අනේ අපේ සෙරොටිනීන් අඩුවී යනවා
ආතතියෙන් නින්ද නැතුව දවස් ගෙවෙනවා
3.
ඉර හඳ තරු කඩන් එන්න
පුදුම ගටක් හිතට එනව
හුස්ම වදින හැම මොහොතෙම
හදවතටම තටු ලැබෙනව
හාදුවකට ඉඩක් දෙද්දි දෑස කෙවෙනවා
කුඩු ගහලා වගේ ඔහේ ඇස් පියවෙනවා
මෙහෙම වෙන්නෙ ඇයි?
ලෙට් මී සී වයි?
ආල හැඟුම් මෝරනකොට
ඩොෆමයින් ය වැඩිවෙන්නේ
දන්නවාද කුඩු ගැහුවත්
මේ සන්තෑසිය වෙන්නේ
කණීනිකාවත් පළලෙන් වැඩිවෙනවාලූ
ඒ නිසාම නොදැනිම ඇස් පියවෙනවාලූ
ඊට හපන් සතුට හොයහොයා යනවාලූ
හිතට තටු ලැබී හැමතැන ඉගිලෙනවාලූ
මොකට මත් පෙති බොන්නේ
හාදුවක් අරගන්නේ
අනේ…. ඔන්න ඔය විදියට දවසින් දවස ආදරේ ගලාගෙන ගලාගෙන යනව. දැක්ක ගමන් අතපය වෙවුලන, කන්පෙති රතුවෙන, හදගැස්ම වැඩිවෙන රෝග ලක්සන සතියෙන් සතිය බිංදුවෙන් බිංදුව අඩුවේගෙන යනව.
ඇයි එහෙම වෙන්නෙ?
හෝර්මෝන වලටයි, ස්නායු ආවේග සම්ප්‍රේෂක වලටයි වුනත් කොරන්න ඇහැක් ප්‍රමාණයක් තියෙනවනෙ ආයුබොවන්ඩ. අනික ඔය විදියට දකින ගානෙ දෙමෝලෙ පිටි කොටන්නැහෙ හදවත ගැහෙන්න ගත්තොත් වැඩිකල් නොයාම පරලෝකප්ප්‍රාප්ත වෙන්න වෙයි හාර්ට් ඇටෑක් එකක් හැදිල.
ඉතින්, පස්සෙන් පහු මේ රෝග ලක්සන වෙනස් වෙනව මේන් මේ විදියට.
තුරුල් වෙලා එළිවෙනකම්
දොයියගන්නමයි හිතෙන්නෙ
නාකි හුරතලේ කිවුවට
හුරතල් වැඩමයි කරන්නෙ
ඩම්ප්ලින්, පම්ප්කින් මගෙ හා පැටිය කියනවා
අඩුම තරමෙ පැටියො, ස්වීට් බේබි කියනවා
අලි සුරතල් වගේ පෙනුනට, මොකද්ද පින්වතුනි මේ වෙන විනම්බෑසිය? ඔය ලව් එකේ පළවෙනි අදියර පහු කරල ඉන්න පින්වත්තු, අහා වැරදුනා පෙම්වත්තු ඉන් පස්සෙ බැඳල හරි ලිවින් ටුගෙදර් වෙලා හරි ඔය දෙකෙන් එකක්වත් නැතුව හරි යනව ඇපල් කන්න. ඕ යේස් අර ඒව ආදම්ට බලෙන් කවපු ජාතිය තමයි.
ඔය ඇපල් කාල අහවර වෙලා සුරතාන්තයට පත්වෙද්දි, අන්තරාසර්ග ග්‍රන්ථිවලින් ස්‍රාවය වෙනව පින්වතුනි බොහොම බරපතල හෝර්මෝනයක්. ඒ තමයි ඔක්සිටොසින්.
සාමාන්‍යයෙන් දරුවෙක් ලැබුනම අම්ම කෙනෙක්ට කිරි එරෙන්න බලපාන්නෙත් මේ හෝර්මෝනයමයි. ඒ විතරක්යැ, මේ හෝර්මෝනය නිසා ඇතිවෙනව හුරතල් කිරීමේ සහ තුරුළු කර ගැනීමේ කැමැත්තක්.
අහන්නත් දෙයක්යැ එතනින් පස්සෙ නිකම්ම නිකම් ඩම්ප්ලින්ග්ව මගෙ සූකිරි බබා, හා පැටිය කියල හුරතල් කරනවලු. තුරුල් කොරන් තමයිලු දොයියන්නෙ අම්ම බබාව තුරුල් කරගන්නව වගේම. අන්න ඒ නිසාම මේ හෝර්මෝනයට Cuddle hormone කියලත් කියනව.
ආත්මීය ආදරේක
රෝග ලකුණු ඔහොම වෙතේ
මේ ඇණේට වගකියන්නෙ
හෝර්මෝනම තමයි පුතේ
බස්සිගෙ ටොම් පච කියලා එපා රවන්න
මෙහෙම ඒව වෙලා නැද්ද හිතා බලන්න
අනේ ඉතින්, තොරණෙ විස්තරේ අහවර කරන්න කලියෙන් තවත් පොඩි කාරණාවක් කියන්න තරහ අවසර. ඔය උඩින් කියාපු හෝර්මෝන වැඩිපුරම කරන්නෙ දැක්ක ගමන් හිත වට්ටල ප්‍රජනන ක්‍රියාවලියට සප් එකක් දෙන එක. හැබැයි දීර්ඝ කාලීන ආදරේකට හේතු වෙන රහස තියෙන්නෙ අපේ ජානවල.
සහකරුවාගෙ MHC (Major histocompatibility complex) ජාන කළඹ තමන්ගෙ MHC ජාන කළඹට වඩා හාත්පසින්ම වෙනස් වෙන තරමට, ඒ සබඳතාව ශක්තිමත් ලු. වෙනත් විදියකින් කියනවනම්, MHC ජාන කළඹේ සමානකම, දීර්ඝකාලීන ආදර සම්බන්ධයක් පවත්වාගෙන යාමේ හැකියාවට ප්‍රතිලෝමව සමානුපාතිකයි.
ඔන්න එහෙනම්, ආත්මීය ආදරයක් වෙනුවෙන් සීනිගම ගිහින් බාරයක් ගැටගහල අනේ ආත්මයක් ආත්මයක් ගානෙ මගේ MHC ජාන සැකැස්ම මුගේ MHC ජාන සැකැස්මට සහමුලින්ම වෙනස් වේවා කියල ප්‍රාර්ථනා කලානම් වැඩේ ගොඩ!!!
හිනාවෙවී ඉගෙනගන්න, බස්සිගේ Fun with Science ලිපි මාලාව.
:D ..හරි අපූරුවට ලියලා තියෙනව.හිනා වෙවී බැලුවා.
ReplyDeleteබොහොම ස්තූතියි සුදර්ශන!!
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඔහෙප්පලයන් .... හිටපිය මේකට කියන්න එකක් හදාගෙන එනකං ... බස්සි කුරේ -- ටෙනිසන් කුරේ පරම්පරාවේ
ReplyDeleteහැක්! හදාගෙන වරෙන්කො එහෙනම් අපිටත් බලන්න. :P
Deleteමෙහෙම කියලා දුන්නනම් ඒ කාලේ සයන්ස් පීරියඩ් එක කට් කරන්නේ නෑ නෙව . මමත් අරයට කියන්න ඕන අපි දෙන්නා MHC වෙනස් කරගමු කියලා ..
Delete" අපේ ආදරයේ නාමයෙන් අපි දෙන්නගේ MHC වෙනස් කරගමු මෙයා " කියලා කියනවා දැන්ම ,ඕ යේස් ..... හිටපන් කියලා එනකං
//හිටපන් කියල එනකම්//
Deleteඅහා...... දැන් ඔය අමතන්න යන්නෙ ඉරානෙද? :D
//මමත් අරයට කියන්න ඕන අපි දෙන්නා MHC වෙනස් කරගමු කියලා.// මාත් කියනවා බොලවු අදම. :D
Deleteහා හා චැක් කරගන්නලාකෝ....
Deleteමං චැක් කොරා
DeleteHMC ඕප්ලෝ වෙනව කීව.. ආයෙ එද්දි ගැලුමක් ගේන්ඩ කීව !!!
හපොයි ඊයේ පොඩ්ඩිට ආපු messages ගොඩ....අන්තිමේදී ෆෝන් ඕෆ් කරන්ටත් වුණාලු...:D:D
Deleteපත්තරේ : HMC? :)
Deleteපොඩ්ඩි අක්කා : ෆෝන් ඕෆ් කලේ ඇයි අනේ... පවුනෙ මැසේජ් කරපු අය.
DeleteSuperb ...!
ReplyDeleteදැනුම , විනෝදය දෙකම. Two in One
* " එකතුව බ්ලොග් සම්මන සැණකෙලිය - නිර්මාණශීලී අංශය " ජයග්‍රහණය වෙනුවෙන් සුභපැතුම් ...!
බොහොම ස්තූතියි සඳරු!
Deleteඕ යේස්! fun with science.... ^_^ ^_^
අපූරු අදහස් ටිකක්. ඒක නෙවෙයි ඇඩ්‍රිනලීනුයි කෙටිසෝලුයි හැදෙන්නේ අධිවෘක්ක ග්‍රන්ථි වල නේද?
ReplyDeleteසිරාවට ඔව් නේන්නම්! මට මතක තිබුනෙ අරම. ඉන්න පටාර් ගාල වෙනස් කරන්නම්.
Deleteතැන්කූ පකිසෝ!!!
අනෙ හප්පේ ලවු කරන එකෙත් මෙච්චර කතන්දර ගොඩක් තියෙනවා කියන්නේ,, පිස්සු හැදෙනවනෙ බොල!
ReplyDeleteඑතකොට "මම සසර පුරා ඔතාගෙන පතාගෙන ආපු ලතා ඔයයි රත්තරනේ!" කියලා කියන්නෙ MHC වෙනස් වෙච්චි උන් නේ. හරි හරි. ගොනාට වගේ තේරුණා මටත්. :D :D
පට්ටයි බං. හිනා වෙවී කියෙවුවෙ.
ලැබුන සම්මානෙට සුබ පැතුම් කොට බස්සි!!
(පාටියක් දීපන් යකූ.!) :D
පාටියට බ්‍රෑන්ඩ් එක ගල්
Delete-ස්තුතිය-
ගල් දාහයි..
Deleteමාමට ජයවේවා !!!!!
බු දු ස ර ණ යි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ගෝල්ලීප් තිහයි
Deleteමහින්දට බෑ !!!!!!!
බයිට් එකට කඩල අහුරක්!
Delete-ස්තූතියි.
හිහිහි බොහොම ඉස්කෝතුයි ප්‍රියෝ!!
Delete(ප්‍රියාගෙ කමෙන්ට් එක මට ඊයෙ රිප්ලයි කරන්න මගඇරිල. අනේ සමාව බාජනේකට දාන්න හොඳේ!)
අනිත් කස්ටිය : පාර්ටි කියන්නෙ මොනාද අනී! කන දෙයක්ද?
Deleteමේ ලියන ක්‍රමය නම් ඇත්තටම නියමයි. :D කොයි ලෙසටද ජීවය බිහි වූයේ..... නම් කලින් කියෙව්වා, ඉතුරුවත් කියවන්න ඕන.. :D
ReplyDeleteසම්මාන උළෙලේ ජයග්‍රහණයට සුභ පැතුම් අක්කේ... :)
බොහොම ස්තූතියි මල්ලි! ඉතුරු ලිපි ටිකත් නිවාඩුපාඩුව කියවලා හොඳ නරක කියන්නකෝ.... :) :)
Deleteඅනිවා! :)
Deleteඅනේ අම්මේ එක්කෝ උඔට පිස්සු නැත්නම් අපිට පිස්සු...
ReplyDeleteඑල ද බ්‍රා.
මට පිස්සු නෑ උඹලට තමයි පිස්සු!
Delete:P
පිස්සො කවද්දෑ බං මට පිස්සුයි කීවෙ … චැහ්
Delete>_<
Deleteප්‍රාර්ථනාව අහල දෙයියො මඤ්ඤං වෙයි :)
ReplyDeleteඑහෙම කියන්ට එපා මෙයා ශ්‍රද්ධාවන්තයො අධෛර්යමත් වුනොත් කපුවන්ට බඩේ පාර වදියී. :D
Deleteඔහොම විද්‍යා ලිපි ලියනවා නම් අපේ කළා කාමීන්ට විද්‍යාව හොඳට දිරවාවී.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්.... තැන්කූ මකසි.... :)
Deleteඔන්න ඔය හෝමෝන් ටික ටැබ්ලට් විදිහට ගන්න නැද්ද පොඩි experiment එකක් කරන්න!
ReplyDeleteහෑ! ඒ ගමන මොකාටද එන්න යන්නෙ.
Delete(ඒ සිරාවටම මම දන්න තරමින් මේ හෝර්මෝන ඖෂධ විදියට ගන්න තියෙනව.)
තියනවා බොලව් !!!
Deleteඒකනෙවැ අපිට හෝමෝන් අවුලක් නැත්‍තේ…
750ml බෝතල් එන්නේ.. දැං එකක් දාහයි :D
බස්සි - මොකෝ ඕවා ඔය හැටියටම වැඩ කරනවානම් මට ආසයි ජාතිකවාදී සිංහල කොල්ලෙක්ටයි මුස්ලිම් හරි දෙමළ හරි කෙල්ලෙක්ටයි ඔය ටික දීලා වෙන දේ බලාගෙන ඉන්න! :D
Deleteපත්තරේ - නැත්නම් නැත්නම් දැන් ඉතිං කුරේ ඉදන් ගණන් වැඩි වෙලානේ!
හැක්! මටනම් හිතුනෙ නාඩියෝ ඔය බලසේනාවෙ සද්දෙ දාන "කොල්ලෙක්"ටයි මුස්ලිම් අන්තවාදී "කොල්ලෙක්"ටයි දෙන්නෙක්ට ඔය හෝර්මෝන ටිකක් ඉන්ජෙක්ට් කලා නම්...... ආන්න යස පාඩමක් උගන්නන්න තිබුනා.
Deleteමම අහන්න ගිය එක නාඩි බොස් අහලා නොවැ ...:D
Deleteමාතෘකාව - සුජීව ප්‍රසන්නාරච්චි
ReplyDeleteගී පද -
මුල්ම පද දෙපෙල - කරුණාරත්න අබේසේකර
මැද පද - වසන්ත දුක්ගන්නාරාළ
අවසාන ගීය - ප්‍රෙමකීර්ති අල්විස්
රසායන විද්‍යා ගී පාඩම - ජානකී සූරියාරච්චි සමග නන්දදාස කෝදාගොඩ
ඉදිරිපත්කිරීම - බ.කු. බස්සී ( බටහිර කුඹුකේ බස්සී )
පළමු ගීතය (බස් එකේ - උලාලෙ ලා)
Deleteගායනය : Funky Dirt
සංගීතය : ෂෙනාල් මද්දුමගේ
ගේය පද : Murshad Huvais
දෙවන ගීතය (ඔබෙ නීල නෙත් නිම්නයේ)
ගායනය : දයාන් විතාරණ
සංගීතය : දයාන් විතාරණ
ගේය පද : රවි සිරිවර්ධන
අනිත් ටික ලිවුවෙනම් ඉතින් මමම තමයි. :D :D
හම්මට ඩු! මම මේ සින්දු දන්නෙ නෑ, නිකන් පදවැල් දැක්කම ඒ වගේ කියල හිතුන නිසා කිව්වෙ.
Deleteහික්ස්! සින්දු දෙකම වැඩියෙ ප්‍රසිද්ධ ඒව නෙමෙයිනෙ අනේ....
Deleteඅම්මප බං ඕව මතක හිටින් නෑ ..මට ඕක සැරටම තියනවා
Deleteඒ ඔය වයසෙ වැරැද්ද :P
Deleteපිස්සු හැදෙයි හැදෙයි හැදෙයි !!! :D
ReplyDeleteමේක මරු බං. අම්මපා බස්සි නංගි උඹට එක සම්මානයක් නෙවෙයි සම්මාන පනහක් විතර දෙන්න වටිනව.. මේවා මෙහෙම ගලපල ලියනව කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක සුපිරි දක්ෂතාවයක්.
බොහොම ස්තූතියි චන්දන අයියේ....!!
Deleteහැබෑට විජ්ජා අධ්‍යාපනික බ්ලොග් අඩවියක් කරන්න තිබුන නේද මෙවුව දාල.
//අම්මපා බස්සි නංගි උඹට එක සම්මානයක් නෙවෙයි සම්මාන පනහක් විතර දෙන්න වටිනව.. මේවා මෙහෙම ගලපල ලියනව කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක සුපිරි දක්ෂතාවයක්.//
Deleteආ උඹ ඉඳ හිට හරි ඇත්තත් කියනවා එහෙනම්...:D.
සම්මාන කෙසේ වෙතත් මමත් එකඟයි මේක සුපිරි ටැලන්ට් එකක් කියන එකට...
@බස්සි
Deleteඑකෙන්ම !!!
@මනෝජො
අපි දැන් හොඳ ළමයි !!! :D
ඔය ලවි සීන් වලට රසායන විද්‍යාව සම්බන්ද බව දන්නවනං ජීවිතේට ලව් කරන්නෑ බොලව්.....
ReplyDeleteමොනව කරන්නද නොදන්නා කමට කරගහගත්තට.....
ලිපිය රසයි බොලව්.. අනික.. සම්මානේ ගත්ත බොට විදානේගේ **දානේ තුලින් උනුසුම් සුභ පැතුම්.....
ජ ය වේ වා !!!
මොකක්ද බං මේ විදානේගේ තරු දානේ කියලා ලියන්නේ මේ නිට්ටඹු විදානෙයා
Delete**දානේ තමයි මගේ බ්ලොග් එක
Deleteමෙන්න ඇඩ්රස් එක http://cvpsur.blogspot.com ඉවාන් පුළුවන්නං ගොඩවැදිලා බලල යන්නකෝ...
(ඇති යාන්තං නැට්ටක් හලා ගත්තා)
බොහොම ස්තූතියි නිට්ටඹු විදානේ...!!
Deleteඔය නිට්ටඹු විදානෙයා නැන්දම්මට බයේ මළදානෙ කියන නම වෙනස් කරපු හැටි නෙව.
Deleteයකෝ මං ගෑණිට විතරයි බය. මූ නැන්දම්මටත් බයයි. තූ … නොදකිං
Deleteයකෝ නිට්ටඹු විදානේ උගේ මලදානේ තරු දානේ කරලා නේද? කොහෙද බ්ලෝග කියෙව්වට බ්ලොගේ නම කියවන්නේ නෑනේ
Deleteනිට්ටඹු විදානෙගෙ සිග්නල් දානෙ!
Deleteමොනා උනත් නැන්දම්මාගේ ආධිපත්‍යය සයිබර් අවකාශය දක්වා විහිදී ඇති බව පෙනී යාමෙන් විදානේගේ ඉරණමේ ශෝචනීයත්වය මොනවට පැහැදිලි වේ.
Delete//බ්ලෝග කියෙව්වට බ්ලොගේ නම කියවන්නේ නෑනේ// ඉවාන්, ඇයි මං උඹල ඒක කියල දුන්න වග මතක නැද්ද ඈ :P
Deleteනැන්දම්මට ජය වේවා!!!
Delete**දානය දිගුකල් දිනේවා !!!
වාසනා වේවා !!!
මට
(යකෝ මාව කාපියව්)
නියමයි බස්සි...
ReplyDeleteතැන්කූ ට්රොනිකා
Deleteමේ මේක නම් මරු අක්කේ. මේ වගේම ලියන්න බැරිද බුට් කෑවම මූඩ් අවුල් යන්නේ ඇයි කියලා.මම හිතන්නේ එකටත් කැමති වෙන අය ඉදී ;) :v
ReplyDeleteකෙමිස්ට්‍රි බහයින්ඩ් බූට් මූඩ් ද? ලියමු ලියමු!
Deleteතැන්කූ ඈ....
ඔය තියෙන්නේ චානුක වත්තේගමට උත්තර දීලා..
ReplyDeleteමේ මම අහපු විජ්ජා කතාවක්.. ඔහේලා දන්නවද ඌරට වෙඩි තියන කොට ඇලපත්තට තියන්නේ ඇයි කියලා.. ඇලපත්තට තිබ්බම ඌරගේ පෙනහල්ලේ අස්සෙ තියෙන මහා ප්‍රාචීරය පෙනේරේ වගේ ඩැමේජ් වෙනවා.. එතකොට ඌරට හුස්ම ගන්න අමාරු වෙනවා.. එතකොට වැඩි දුර එලවන්න බෑ.. ඌට හති.. ඉතින් ටික වෙලාවකින් ඌ කියනවා මට හති මාව කරේ තියාගෙන යන්න කියලා.. ඉතින් කරේ තියාගෙන ඇවිත් බිස්ටේක් දාලා කනවා..
මම මේක මෙතන ලිව්වේ නැත්නම් බස්සි හිතයි අපිට විජ්ජා කතා ලියන්න බැරිය කියලා.. මේ කතාව ඉවානුත් දන්නවා.. බොරුවක් නම් කාපු උන්ට හෙන හත ගහන්න ඕන..
අනේ දෙයියනේ කාපු කිසිම එකෙකුට හෙන නං ගහන්න එපා...!!!!
Delete//ඌරගේ පෙනහල්ලේ අස්සෙ තියෙන මහා ප්‍රාචීරය//
Deleteහිනා කාල මලා.
ඔව් ඔව්. මේ තමයි චානුකට පිළිතුරු!
//මේ කතාව ඉවානුත් දන්නවා..//
Deleteඌ මහා මොකද්ද එකට වෙඩි වැදිල මලා නෙවැ :D
යකෝ .. බයෝ මෙඩිකල් ඉංජිනියරින් කරපු උඹ දන්නේ නැද්ද? ඌරගේ මහා ප්‍රාචීරේ තියෙන්නේ පෙනහල්ල අස්සේ , බොරු නෙවෙයි ,ඌරමයි කියලා තියෙන්නේ එකට වෙඩි වැදුනම දුවන්න් බෑ හති කියලා .
Deleteපත්තරේ : එතකොට ඌරා ඉවානයා ද?
Deleteහමිමට උඩු පටිට කතන්දරේ
ReplyDeleteස්තූතියි විරාජ්!!
Deleteපට්ටයි කියන්නෙ ඉතින් පට්ට එකෙත් හොඳම එක... මරු ඈ බස්සියෙ..
ReplyDeleteඅම්මප මේ විදිහට අපිට කෙමිස්ට්‍රි ඉගැන්නුවනං මරුනෙ බං.. :D
බඳින්න කලින් ටෙස්ට් කරල බලන්න ඕනෙ MHC වෙනස්ද කියල..
අමතක වුණා අර සම්මානෙට උණුසුම් සුභ පැතුම් ඈ...
Deleteතැන්කූ තැන්කූ සංචා!
Deleteසුභපැතුමටනම් කියන්න වෙන්නෙ විශ් යූ ද සේම් කියල නෙව! ඔයාගෙ ජයග්‍රගණය ගැනත් ගොඩක් සතුටුයි!
දැන් තේරෙනවා ඇයි I hate love stories කියලා
ReplyDeleteදන්න කාලේ ඉදන් මට කෙමෙට්ටි වහ
මදැයි ඉතින් ඒකෙත් හැටි.
Deleteඅපිට නම් දැන් .cuddle hormone විතරයි බස්සියේ....මෙන්න මෙහෙම විද්‍යාව උගන්නන පංති දැම්මොත් සන්නාට ද අබ සරණය..මොකෝ ඔක්කොම සින්ගල අත ඇරලා බස්සිගෙන් විද්‍යාව ඉගෙනගන්න එයි..විද්‍යාව කිව්වට බයෝ විද්‍යාව හොඳේ...අනේ මේ වගේ එව්වා තව ලියාපන් බස්සියේ..
ReplyDeleteඔතනින් ප්‍රබලවම ක්‍රියාත්මක වෙන්නෙත් කඩ්ල් හෝර්මෝන් එක තමයි චෙෆාකි. ඒක හරියට වැඩ කියන්නෙ ඉතින් වැඩේ ගොඩේ ගොඩ!
Deleteමෙහෙම තමයිලු බස්සි කම්මැලි බයෝ පාඩම් පත්තියන් කර ගත්තෙ. ඉස්සර එක්සෑම් කාලෙට ඔවුවා අහන් ඉඳලා බස්සා නිකම් හොල්මන්ද පොල්කොල වෙලා වගේ ඉන්නෙ.
ඔව් ඔව් මේවත් ඉඳහිට ලියන එක හොඳයි වගේ නේද.
අන්න අපි ඉල්ලපුවා...හුරේ!!!!
ReplyDeleteඑතකොට ඔය ඇපල්කාල අහවර වීලා...
අනික් පැත්තට හැරිලා....
“ආයි හෙට“ යැයි කියලා....
නිදයි ගොර ගොර ගාලා....
ඒ මොන හෝමෝනෙද වැඩ කරන්නෙ?
(කලිං එකේ සුබ පැතුව ඈ.....)
කොච්චර කලත් පලක් තියේද අන්තිමට ඔක්සිටොසින් secrete උනේ නැත්නම්.
Deleteහෝර්මෝන උනත් නිකම් වැඩ කරන්නෙ නෑල්ලු. :D :D
නකෝ කුඩු ගැව්වත් ලව් කෙරුවත් ආයෙ එකමපන් එක නං ආයෙඅහවල් එක්කටද කෙල්ලො පුල් පං එකේ උන්න හැකි නෙව
ReplyDeleteඒක හන්ද වෙන්නඇති ඔය කුඩ්සන්ලට කෙල්ලො ඕන නැත්තෙ
මාත් ටයි කොරල බලන්න ඕන...
ඕයේස්
මදැයි! මම හැදුවෙ ඩ්‍රග්ස් ගන්න උන්ට විකල්පයක් ඉදිරිපත් කරන්න!!
Deleteසම්මානයට උණුසුම් සුභපැතුම් මහේෂ්!!
නියමයි යකෝ..
ReplyDeleteඅනේ පලයන්..උඔට තේරැනාද?
Deleteඋඹ ඉතිං ගමෙ එකානේ.. තේරුන්නෑ බං.. හැක්..
Deleteතැන්කූ දේශා....
Deleteපින්සර ඇයගේ රුව නෙතගැටි දෙවන වර
ReplyDeleteමනහර දසුන් මැවුනිය සිතුවිලි මවිත කර
ගියවර දුටු විටද මෙලෙසම හැඟුණ' තර
දිනකර කියන් මොකදැයි මගේ හිතට බර
මැදියම රැයේ මයෙ නිදිසුව අද හොරා ගෙන
තුන්යම හීන නෙතු දකීනව නිදි මරා ගෙන
තදියම දැනේ හද කියනව පෙම පුරා ගෙන
අලුයම උදේ කවි ඇසෙනව කන අරා ගෙන
කවුරු ද දන්නෙ ඇය දුටු ඒ මුල් දිනයෙ සිට
මොනවද වෙන්නෙ හොඳ හැටියට හිටපු මට
කොහොමද වෙන්නේ මේ දේවල් කලක සිට
ගැටපද වැන්නෙ තිබුනේ මෙතුවක් මේ මට
ආවෙමි ඇවිදින් හොදහැටි කිය වූයෙමි
මාහැඟි දැනුමක් ඉන් මෙමා ලැබ ගතිමි
වෑයම අගෙයි කවියක් ලියා තුති පුදමි
කවියක් ලියූ නිසා හෙමිහිට මාරු වෙමි
බොහොම ස්තූතියි සොමියෝ!
Deleteකවි පන්තිය අගෙයි.
බ්‍රේක් ඕෆ් / ඩිවෝස් එකකට පස්සෙ ඔක්සිටොක්සින්ද?
ReplyDeleteහිහිහි! බ්‍රේක් අප් එකකින් පස්සෙ සේරම පේන්නෙ ටොක්සින් වගේ නේන්නම් ප්‍රා. ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනවා නේද
Deleteපෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
ReplyDeleteහද සංතානේ සදා සරණා අයාචනා සුසුම්..
නුරාගික පැතුම් - පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්..
නියාළුව හදින් - පියා නෙතුපියන්..
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්..
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්..
අරාජික පරාදීසය සොයා එමි සිතින්..
පෙමාතුර හැඟුම්...
අරා සිරි යහන් - නිදා වැතිරෙමින්..
සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්..
සුරා මල් පැණින් - පොඟා යුග ලවන්..
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්..
පෙමාතුර හැඟුම්...
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සනත් නන්දසිරි
(ඇඩ්‍රිනලින් ගලයි,කෝටිසෝල් එකතු වෙයි ,ට්‍රිප්ටොපෑන් එකතුවෙලා, සෙරොටිනීන් අඩු වෙලා ,ආතතියෙන් නින්ද නැතුව දවස් ගෙවෙනවා,ඩොෆමයින් වැඩිවෙනවා ...හැක් )
ජයග්‍රහණයට උණුසුම් සුභ පැතුම් බස්සි ,,,,,,,,,,,,
අපේ තාත්ත ආසම සිංදුවක්. ඕක ලස්සනට කියනවා ට්‍රිප් යද්දි එහෙම. ^_^
Deleteතැන්කූ වේවා සිංදු ඇනෝ!!
නියමයි යශෝ,මේ වගේ තවත් ඒවා ලියපන්.
ReplyDeleteබලන් ගියාම ආදරේ කියන්නෙත් හෙණම විද්‍යාත්මක කේස් එකක් නේ..:D
ආ අනිත් දේ සුබ පැතුම් යශෝ.නිර්මාණශීලි බ්ලොග් එකක් විදියට ලබා ගත්තු ජයග්‍රහණයට.මේ බ්ලොග් එකේ තියෙන ආකර්ශනය හැමදාම හොඳට තියාගන්න පුළුවන් බොට.
බොහොම ස්තූතියි මනෝ....
Deleteනැතුව නැතුව! මෙහෙම ඒවා කියෙවුවම විද්‍යාව ඉගෙනගන්න ආසාවක් ඇතිවෙනවානම් ඒක තමයි වටින්නෙ.
මේ විදිහට කියලා දුන්නා නම් මාත් මෙලහට ඩොකෙක්...අපි නොදන්න බටර් බනිස්,,
ReplyDeleteසම්මානි...... මොකක්ද මේ සම්මාන කේස් එක.......එහෙම එකක් ලැබුනා නම් සුබ පැතුම්!! සම්මානිට සම්මානයක්...කාටද ආඩම්බර.
ඕං අපිනම් ඩොක්කු නෙමෙයි. ඒකනෙ මේ විදියට කියාදෙන්න තරමට පිස්සු තියෙන්නෙ.
Deleteඅරූ... සුභපැතුමට බොහොම ස්තූතියි! ඒත් ඊටත් වඩා සතුටු හිතුනෙ මගෙ නම මතක බව දැනගත්තාම. ^_^
මේක සුවිශේෂ ලිපියක්.මේ ක්‍රමය විද්‍යාව එපා වෙච්ච උන්ට උගන්වන්න මරු . බස්සි කොහොමත් දස්සි . ඒ නිසා සම්මාන ලැබෙන්නෙම ඕනි. ශුබ පැතුම් !!
ReplyDeleteබොහොම ස්තූතියි තිලකසිත!
Deleteවිද්‍යාව එපා කරගන්නෙ අපේ තියෙන කම්මැලි ඉගැන්වුම් ක්‍රම නිසානෙ.
බලාගෙන ගියාම ආදරේ කරන එකත් ලේසි නෑ නේ.. හි..හි..
ReplyDeleteසම්මානේටත් සුබ පැතුම් !!!
ආයෙත් අහලා.... බයෝකෙමෙස්ට්‍රි දැනගෙන ආදරේ කරානම් හරි!
Deleteතැන්කූ තුශානි!!
ප්‍රථම ස්ථානය දිනූ අපේ බස්සිගේ බ්ලොගටත් බ්ලොග් ලියන අපේ බස්සිටත් උණුසුම් සුභ පැතුම්.
ReplyDeleteයකෝ ලව් කරන්න ඔච්චර රසායන විපර්යාස වෙන බව දන්නවා නම් ලව් නොකර වෙන මොකක් හරි කරනවා ඒ දවස්වලම. මට කෙමිස්ට්‍රි ඒ තරම්ම අප්පිරියයි. එදත් අදත් කවදත්.
අෆොයි කෙමෙස්ට්‍රි මගේ ප්‍රියතම විෂයයක්! :)
Deleteඑහෙම ලේසියෙන් බයෝකෙමෙස්ට්‍රි වලින් ගැලවෙන්න බැහැ ඩූඩ්! ලව් කරන්නෙ නැතුව වෙන මොකක් කලත් ඒකත් ජීවරසායන විද්‍යාවෙන් හරි අණුක ජීව විද්‍යාවෙන් හරි පැහැදිලි කරන්න බොහෝවිට පුලුවන් වේවි! :P
සුභපැතුමට ස්තුතියි!! :)
මෙ මගුල මෙ විදියට ලිවුවෙ නැත්තම් ඉතින් ජිවිතෙට කියවන්නෙ නැ නේ.ඉරිසියයි හිතෙනව බන් උබෙගෙ ටැලන්ට් එකට.
ReplyDeleteබස්සිගේ බ්ලොගටත් බ්ලොග් ලියන බස්සිටත් උණුසුම් සුභ පැතුම්
Deleteඅලේ මොන ටැලන්ට් ද අෆ්ෆා. මේ තොරණ්වල විස්තර කියවන විදිය නේ. :)
Deleteතැන්කූ තැන්කූ දමිත්!!
මා....ර වැදගත් බං. එළට ලියල තියෙනෝ....
ReplyDeleteමේ ගැන මං චුට්ටක් දැනගත්තා ඇලන් අයිලගෙයි බාබරා ඇන්ටිගෙයි පොතකින්. ඒත් මෙච්චර තිබුණේ නෑ....
මා....ර වැදගත් බං. එළට ලියල තියෙනෝ....
ReplyDeleteමේ ගැන මං චුට්ටක් දැනගත්තා ඇලන් අයිලගෙයි බාබරා ඇන්ටිගෙයි පොතකින්. ඒත් මෙච්චර තිබුණේ නෑ....
මට මේ විස්තර සෙට් උනේ සයන්ස් මැගසින් එකකින්. ඔය ලිවුවෙ වැදගත්ම කරුණු ටික විතරයි. MHC සීන් එක නම් නෙට් එකෙන් හොයාගත්තෙ, ළඟදි කරපු පර්යේෂණයක් ලු.
Deleteහොද ලිපියක් ළමයා....ඔය එක එක කාරිය සිදුවෙන ආකාරය ගැන විද්‍යාත්මක දැනුමත් මේකටම එකතු කරලා ලියපු එක බොහොම අගය කරනවා...තමන්ගෙ හිත ගත්ත කොල්ලා ලගට ආවම කෙල්ලන්ට වචන පැටලෙනවා නේද...අන්න ඒ අත්දැකීම නම් මම කීප වතාවක්ම විදලා තියෙනවා....ඒ වගේම ආදරයේ ප්‍රහර්ශයෙන් හිත පිරිලා තියෙන වෙලාවට හිරුගේ සැඩ බවවත් / වර්ෂාවේ ප්‍රචණ්ඩ බව වත් දැනෙන්නෙ නෑ....අත්දැකීම් සහිතයි...
ReplyDeleteඔය ළමයා අත්දැකීම් සහිතව මේ තියරි තහවුරු කරනවා කියපු කතාව බොහොම වටිනව ළමයා.
Deleteතැන්කූ සිරා අයියේ...
අපුරු ලිපියක්, දන්නේ නැති යමක් දැනගත්තා.
ReplyDeleteමේ ගොඩක් දේවල් අත්දැකලා තියෙනවා,,,,,, හ්ම්ම්...
බොහොම ස්තූතියි ලොකු පුතා
Deleteවස මාර කම්මැලිකම හින්දා
ReplyDeletechemistry වලින්නම් ලැබුනේම නින්දා
විජ්ජාව කලාවට අපූරුවට ගෙන ආ නිසා කැන්දා
ඔන්න එහෙනම් අපිත් සිරාවටම 'ආල බැන්දා'...
සම්මානිට තුති පිදුම්.. සම්මානෙට සුභ පැතුම්..//
තැන්කූ තැන්කූ කල්‍යාණ මිත්‍රයා...
Deleteඅපේ මීවනපලානේ ජයරත්නයන් මට කෝල් එකක් දීලා කිව්වා මේ පද නිරුක්තිය දාන්න කියලා. අනේ මමනම් දන්නේ නෑ. තේරුම උන්දගෙන්ම අහගන්න එකයි ඇත්තේ. හෝ + මෝන කියන එකේ පද නිරුක්තිය හෝව් + මනස. ඒ කියන්නේ මනස නවතිනවා කියන එක). දැන් පැහැදිලිනේ වෙන දේ.
ReplyDeleteසම්මානෙට උණුසුම් සුබ පැතුම් !!!
තැන්කූ සුදීක අයියේ!
Deleteහෝව් මනස? මදැයි. අන්න දෙවෙනි කොටසත් දැම්මා බලලම එන්නකෝ
හැම දේටම විද්‍යාත්මක පැහැදිලිකිරීමක්. ගොඩක් ආකර්ශනීය විදියට ලියල තියෙනවා. සම්මානය ගැන දන්නෙ නෑ. ඒත් ඒකටත් සුබ පැතුම්.
ReplyDeleteබොහොම ස්තූතියි නිල් මානෙල්! බස්සිගේ නවාතැනට ආදරයෙන් පිළිගන්නවා ඔයාව!!
Deleteහැමදාම වගේ මේකත් ෆට්ට අෑ!!!
ReplyDeleteමේ බං බස්සි අක්කේ, මේ හෝමෝන වලට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව දෙන රසායන ද්‍රව්‍ය එන්නත් කරලා බැරිද මේ පිස්සු කේස් වලිං බේරෙන්න????
Wow what a biochemistry lesson have never thought of this strategy to explain these to the kids this way. Thank you little Owlet !
ReplyDeleteපාඩම එලය බස්සි අක්ක ^_^
ReplyDeleteමම මෙච්චර කාලෙකට ඉගෙන ගෙන තියෙන සුපිරිම සෞඛ්‍ය පාඩම තමයි ටිස්සි බාචර් මේ සෞඛ්‍ය පාඩම. හොඳටම මතක හිටිනවා. එත් ඉතින් ඉස්කෝලෙන් ඇවිල්ලා ත් අවුරුදු දහයකට කිට්ටුයි.
ReplyDeleteඊට පස්සේ මොන පාඩම්ද ...
බස්සියෝ.
Deleteඋඹ ඕක රසායන විද්‍යාව කියලා කියපු හේතුව මට තේරෙන්නේ නැහැ. මටනම් හිතෙන්නේ මේක සෞඛ්‍ය පාඩමක් කියලයි..
බස්සාද බස්සිද?
ReplyDeleteඅවුරුදු 40 කට විතර ඉස්සර ඩිග්රි එකට කරපු හියුමන් බයලොජි වල එන්ඩොක්‍රයින් පාඩම මතක් උනා. ඒ කාලේ අපේ ප්‍රොෆෙසර් වත් මෙච්චර හොඳට ඒ ක්‍රියාවලිය විස්තර කලේ නැහැ
හරිම ආසාවෙන් කියෙව්වේ.