Monday, October 13, 2014

ආත්මීය ආදරයේ රසායන විද්‍යාව (Chemistry Behind Love)








“ඈ ළඟ හිඳින වේලෙ
හෘදෙ සාදයක් සේ
මා ලෝකෙ පාරාදීසෙ
මැවේවි හයිලෙවල් පාරෙ”


මේ අකරතැබ්බෙ හයිලෙවල් පාරෙදි විතරක් නෙමෙයි ලෝකෙ ඕනෙම තැනකදි අත්විදින්න පුලුවන්. හෘදෙ සාදයක් උනාට පස්සෙ තමනුත් නොදැනිම කියවෙන්නෙ මෙන්න මේ වගේ ගී පද;


“ඔබෙ නීල නෙත් නිම්නයේ
මගෙ ආදරේ සඳ නැගේ
හසරැල් සැලේ
සංසාරගත ප්‍රේමයේ”



ඔන්න ඔය “සංසාරගත" මෙවුවා එකටම තමයි "ආත්මීය ලෙංගතුකම" කියල කියන්නෙ. ඉතිං බස්සි පොඩ්ඩක් හොයල බැලුව ඔය කියන ආත්මීය ඇන්නෑවක් හැබෑවටම ආදරේ, නැත්නම් ආකර්ෂණය ඇතුලෙ තියෙනවද කියලා. සේරටම කලියෙන් පොඩ්ඩක් හොයල බලමු ඔය කේස් එක හින්දා ජැක්ට, රෝස්ට, රෝමියෝට, ජුලියට්ට, සාලියට, අශෝකමාලට ඇතිවෙච්ච රෝග ලක්ෂණ මොනවද කියල.



එහෙනම් අහගන්න තොරණෙ විස්තරේ.

ඩුං ටුරු ටුං! ඩුටුං! ඩුටුං!!


1.





එයා දැකපු වෙලේ ඉඳන්
හදවත මගෙ පත්තු වෙන්නෙ
හදවත පිච්චෙන රස්නෙට
දාඩිය බින්දුත් නැගෙන්නෙ

කන්පෙති දෙක කම්මුල් දෙක රත් පැහැ වෙනවා
උගුර වේළිලා අතපය හීතල වෙනවා


මෙහෙම වෙන්නෙ ඇයි?
ලෙට් මී සී වයි?

අධිවෘක්කයෙ මජ්ජාවෙන් 
ඇඩ්‍රිනලින් ගලයි පුතේ
ඊට දෙවෙනි නොවෙන ලෙසට
කෝටිසෝල් එකතු වෙතේ

අනේ ඉතින් ආතතියත් ඉහලට යනවා
අහනවාද? දුවනවාද? කියල හිතෙනවා



2.



නින්ද යන්නෙ නෑ අයියෝ
එයා ගැනම සිහිවෙන්නේ
දකින දකින හැම තැනකම
ඒ රුවමයි දිස් වෙන්නේ

රෑ මැදියම් ජාමෙත් ඒ කටහඬ ඇහුනා
හිත ගැස්සුන පාර ඇඳෙන් බිමටත් වැටුනා


මෙහෙම වෙන්නෙ ඇයි?
ලෙට් මී සී වයි?


ට්‍රිප්ටොපෑන් එකතුවෙලා
සෙරොටිනීන් හැදෙනවාලු
ආදරයේ බර හින්දා
දැන් ඒකට ඉඩක් නෑලු

අනේ අපේ සෙරොටිනීන් අඩුවී යනවා
ආතතියෙන් නින්ද නැතුව දවස් ගෙවෙනවා




3.




ඉර හඳ තරු කඩන් එන්න
පුදුම ගටක් හිතට එනව
හුස්ම වදින හැම මොහොතෙම
හදවතටම තටු ලැබෙනව

හාදුවකට ඉඩක් දෙද්දි දෑස කෙවෙනවා
කුඩු ගහලා වගේ ඔහේ ඇස් පියවෙනවා


මෙහෙම වෙන්නෙ ඇයි?
ලෙට් මී සී වයි?


ආල හැඟුම් මෝරනකොට
ඩොෆමයින් ය වැඩිවෙන්නේ
දන්නවාද කුඩු ගැහුවත්
මේ සන්තෑසිය වෙන්නේ

කණීනිකාවත් පළලෙන් වැඩිවෙනවාලූ
ඒ නිසාම නොදැනිම ඇස් පියවෙනවාලූ


ඊට හපන් සතුට හොයහොයා යනවාලූ
හිතට තටු ලැබී හැමතැන ඉගිලෙනවාලූ


මොකට මත් පෙති බොන්නේ
හාදුවක් අරගන්නේ





අනේ…. ඔන්න ඔය විදියට දවසින් දවස ආදරේ ගලාගෙන ගලාගෙන යනව. දැක්ක ගමන් අතපය වෙවුලන, කන්පෙති රතුවෙන, හදගැස්ම වැඩිවෙන රෝග ලක්සන සතියෙන් සතිය බිංදුවෙන් බිංදුව අඩුවේගෙන යනව. 


ඇයි එහෙම වෙන්නෙ? 

හෝර්මෝන වලටයි, ස්නායු ආවේග සම්ප්‍රේෂක වලටයි වුනත් කොරන්න ඇහැක් ප්‍රමාණයක් තියෙනවනෙ ආයුබොවන්ඩ. අනික ඔය විදියට දකින ගානෙ දෙමෝලෙ පිටි කොටන්නැහෙ හදවත ගැහෙන්න ගත්තොත් වැඩිකල් නොයාම පරලෝකප්ප්‍රාප්ත වෙන්න වෙයි හාර්ට් ඇටෑක් එකක් හැදිල.


ඉතින්, පස්සෙන් පහු මේ රෝග ලක්සන වෙනස් වෙනව මේන් මේ විදියට. 






තුරුල් වෙලා එළිවෙනකම්
දොයියගන්නමයි හිතෙන්නෙ
නාකි හුරතලේ කිවුවට
හුරතල් වැඩමයි කරන්නෙ

ඩම්ප්ලින්, පම්ප්කින් මගෙ හා පැටිය කියනවා
අඩුම තරමෙ පැටියො, ස්වීට් බේබි කියනවා



අලි සුරතල් වගේ පෙනුනට, මොකද්ද පින්වතුනි මේ වෙන විනම්බෑසිය? ඔය ලව් එකේ පළවෙනි අදියර පහු කරල ඉන්න පින්වත්තු, අහා වැරදුනා පෙම්වත්තු ඉන් පස්සෙ බැඳල හරි ලිවින් ටුගෙදර් වෙලා හරි ඔය දෙකෙන් එකක්වත් නැතුව හරි යනව ඇපල් කන්න. ඕ යේස් අර ඒව ආදම්ට බලෙන් කවපු ජාතිය තමයි.


ඔය ඇපල් කාල අහවර වෙලා සුරතාන්තයට පත්වෙද්දි, අන්තරාසර්ග ග්‍රන්ථිවලින් ස්‍රාවය වෙනව පින්වතුනි බොහොම බරපතල හෝර්මෝනයක්. ඒ තමයි ඔක්සිටොසින්.


සාමාන්‍යයෙන් දරුවෙක් ලැබුනම අම්ම කෙනෙක්ට කිරි එරෙන්න බලපාන්නෙත් මේ හෝර්මෝනයමයි. ඒ විතරක්යැ, මේ හෝර්මෝනය නිසා ඇතිවෙනව හුරතල් කිරීමේ සහ තුරුළු කර ගැනීමේ කැමැත්තක්.


අහන්නත් දෙයක්යැ එතනින් පස්සෙ නිකම්ම නිකම් ඩම්ප්ලින්ග්ව මගෙ සූකිරි බබා, හා පැටිය කියල හුරතල් කරනවලු. තුරුල් කොරන් තමයිලු දොයියන්නෙ අම්ම බබාව තුරුල් කරගන්නව වගේම. අන්න ඒ නිසාම මේ හෝර්මෝනයට Cuddle hormone කියලත් කියනව.


ආත්මීය ආදරේක
රෝග ලකුණු ඔහොම වෙතේ
මේ ඇණේට වගකියන්නෙ
හෝර්මෝනම තමයි පුතේ

බස්සිගෙ ටොම් පච කියලා එපා රවන්න
මෙහෙම ඒව වෙලා නැද්ද හිතා බලන්න



අනේ ඉතින්, තොරණෙ විස්තරේ අහවර කරන්න කලියෙන් තවත් පොඩි කාරණාවක් කියන්න තරහ අවසර. ඔය උඩින් කියාපු හෝර්මෝන වැඩිපුරම කරන්නෙ දැක්ක ගමන් හිත වට්ටල ප්‍රජනන ක්‍රියාවලියට සප් එකක් දෙන එක. හැබැයි දීර්ඝ කාලීන ආදරේකට හේතු වෙන රහස තියෙන්නෙ අපේ ජානවල.


සහකරුවාගෙ MHC (Major histocompatibility complex) ජාන කළඹ තමන්ගෙ MHC ජාන කළඹට වඩා හාත්පසින්ම වෙනස් වෙන තරමට, ඒ සබඳතාව ශක්තිමත් ලු. වෙනත් විදියකින් කියනවනම්, MHC ජාන කළඹේ සමානකම, දීර්ඝකාලීන ආදර සම්බන්ධයක් පවත්වාගෙන යාමේ හැකියාවට ප්‍රතිලෝමව සමානුපාතිකයි.


ඔන්න එහෙනම්, ආත්මීය ආදරයක් වෙනුවෙන් සීනිගම ගිහින් බාරයක් ගැටගහල අනේ ආත්මයක් ආත්මයක් ගානෙ මගේ MHC ජාන සැකැස්ම මුගේ MHC ජාන සැකැස්මට සහමුලින්ම වෙනස් වේවා කියල ප්‍රාර්ථනා කලානම් වැඩේ ගොඩ!!!







127 comments:

  1. :D ..හරි අපූරුවට ලියලා තියෙනව.හිනා වෙවී බැලුවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුදර්ශන!!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. ඔහෙප්පලයන් .... හිටපිය මේකට කියන්න එකක් හදාගෙන එනකං ... බස්සි කුරේ -- ටෙනිසන් කුරේ පරම්පරාවේ

    ReplyDelete
    Replies
    1. හැක්! හදාගෙන වරෙන්කො එහෙනම් අපිටත් බලන්න. :P

      Delete
    2. මෙහෙම කියලා දුන්නනම් ඒ කාලේ සයන්ස් පීරියඩ් එක කට් කරන්නේ නෑ නෙව . මමත් අරයට කියන්න ඕන අපි දෙන්නා MHC වෙනස් කරගමු කියලා ..

      " අපේ ආදරයේ නාමයෙන් අපි දෙන්නගේ MHC වෙනස් කරගමු මෙයා " කියලා කියනවා දැන්ම ,ඕ යේස් ..... හිටපන් කියලා එනකං

      Delete
    3. //හිටපන් කියල එනකම්//

      අහා...... දැන් ඔය අමතන්න යන්නෙ ඉරානෙද? :D

      Delete
    4. //මමත් අරයට කියන්න ඕන අපි දෙන්නා MHC වෙනස් කරගමු කියලා.// මාත් කියනවා බොලවු අදම. :D

      Delete
    5. හා හා චැක් කරගන්නලාකෝ....

      Delete
    6. මං චැක් කොරා

      HMC ඕප්ලෝ වෙනව කීව.. ආයෙ එද්දි ගැලුමක් ගේන්ඩ කීව !!!

      Delete
    7. හපොයි ඊයේ පොඩ්ඩිට ආපු messages ගොඩ....අන්තිමේදී ෆෝන් ඕෆ් කරන්ටත් වුණාලු...:D:D

      Delete
    8. පොඩ්ඩි අක්කා : ෆෝන් ඕෆ් කලේ ඇයි අනේ... පවුනෙ මැසේජ් කරපු අය.

      Delete
  3. Superb ...!

    දැනුම , විනෝදය දෙකම. Two in One

    * " එකතුව බ්ලොග් සම්මන සැණකෙලිය - නිර්මාණශීලී අංශය " ජයග්‍රහණය වෙනුවෙන් සුභපැතුම් ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳරු!

      ඕ යේස්! fun with science.... ^_^ ^_^

      Delete
  4. අපූරු අදහස් ටිකක්. ඒක නෙවෙයි ඇඩ්‍රිනලීනුයි කෙටිසෝලුයි හැදෙන්නේ අධිවෘක්ක ග්‍රන්ථි වල නේද?

    ReplyDelete
    Replies
    1. සිරාවට ඔව් නේන්නම්! මට මතක තිබුනෙ අරම. ඉන්න පටාර් ගාල වෙනස් කරන්නම්.

      තැන්කූ පකිසෝ!!!

      Delete
  5. අනෙ හප්පේ ලවු කරන එකෙත් මෙච්චර කතන්දර ගොඩක් තියෙනවා කියන්නේ,, පිස්සු හැදෙනවනෙ බොල!

    එතකොට "මම සසර පුරා ඔතාගෙන පතාගෙන ආපු ලතා ඔයයි රත්තරනේ!" කියලා කියන්නෙ MHC වෙනස් වෙච්චි උන් නේ. හරි හරි. ගොනාට වගේ තේරුණා මටත්. :D :D

    පට්ටයි බං. හිනා වෙවී කියෙවුවෙ.

    ලැබුන සම්මානෙට සුබ පැතුම් කොට බස්සි!!
    (පාටියක් දීපන් යකූ.!) :D

    ReplyDelete
    Replies
    1. පාටියට බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතිය-

      Delete
    2. ගල් දාහයි..

      මාමට ජයවේවා !!!!!

      බු දු ස ර ණ යි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. ගෝල්ලීප් තිහයි

      මහින්දට බෑ !!!!!!!

      Delete
    4. බයිට් එකට කඩල අහුරක්!
      -ස්තූතියි.

      Delete
    5. හිහිහි බොහොම ඉස්කෝතුයි ප්‍රියෝ!!

      (ප්‍රියාගෙ කමෙන්ට් එක මට ඊයෙ රිප්ලයි කරන්න මගඇරිල. අනේ සමාව බාජනේකට දාන්න හොඳේ!)

      Delete
    6. අනිත් කස්ටිය : පාර්ටි කියන්නෙ මොනාද අනී! කන දෙයක්ද?

      Delete
  6. මේ ලියන ක්‍රමය නම් ඇත්තටම නියමයි. :D කොයි ලෙසටද ජීවය බිහි වූයේ..... නම් කලින් කියෙව්වා, ඉතුරුවත් කියවන්න ඕන.. :D
    සම්මාන උළෙලේ ජයග්‍රහණයට සුභ පැතුම් අක්කේ... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි! ඉතුරු ලිපි ටිකත් නිවාඩුපාඩුව කියවලා හොඳ නරක කියන්නකෝ.... :) :)

      Delete
  7. අනේ අම්මේ එක්කෝ උඔට පිස්සු නැත්නම් අපිට පිස්සු...
    එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. මට පිස්සු නෑ උඹලට තමයි පිස්සු!
      :P

      Delete
    2. පිස්සො කවද්දෑ බං මට පිස්සුයි කීවෙ … චැහ්

      Delete
  8. ප්‍රාර්ථනාව අහල දෙයියො මඤ්ඤං වෙයි :)

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්ට එපා මෙයා ශ්‍රද්ධාවන්තයො අධෛර්යමත් වුනොත් කපුවන්ට බඩේ පාර වදියී. :D

      Delete
  9. ඔහොම විද්‍යා ලිපි ලියනවා නම් අපේ කළා කාමීන්ට විද්‍යාව හොඳට දිරවාවී.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.... තැන්කූ මකසි.... :)

      Delete
  10. ඔන්න ඔය හෝමෝන් ටික ටැබ්ලට් විදිහට ගන්න නැද්ද පොඩි experiment එකක් කරන්න!

    ReplyDelete
    Replies
    1. හෑ! ඒ ගමන මොකාටද එන්න යන්නෙ.

      (ඒ සිරාවටම මම දන්න තරමින් මේ හෝර්මෝන ඖෂධ විදියට ගන්න තියෙනව.)

      Delete
    2. තියනවා බොලව් !!!
      ඒකනෙවැ අපිට හෝමෝන් අවුලක් නැත්‍තේ…

      750ml බෝතල් එන්නේ.. දැං එකක් දාහයි :D

      Delete
    3. බස්සි - මොකෝ ඕවා ඔය හැටියටම වැඩ කරනවානම් මට ආසයි ජාතිකවාදී සිංහල කොල්ලෙක්ටයි මුස්ලිම් හරි දෙමළ හරි කෙල්ලෙක්ටයි ඔය ටික දීලා වෙන දේ බලාගෙන ඉන්න! :D

      පත්තරේ - නැත්නම් නැත්නම් දැන් ඉතිං කුරේ ඉදන් ගණන් වැඩි වෙලානේ!

      Delete
    4. හැක්! මටනම් හිතුනෙ නාඩියෝ ඔය බලසේනාවෙ සද්දෙ දාන "කොල්ලෙක්"ටයි මුස්ලිම් අන්තවාදී "කොල්ලෙක්"ටයි දෙන්නෙක්ට ඔය හෝර්මෝන ටිකක් ඉන්ජෙක්ට් කලා නම්...... ආන්න යස පාඩමක් උගන්නන්න තිබුනා.

      Delete
    5. මම අහන්න ගිය එක නාඩි බොස් අහලා නොවැ ...:D

      Delete
  11. මාතෘකාව - සුජීව ප්‍රසන්නාරච්චි

    ගී පද -

    මුල්ම පද දෙපෙල - කරුණාරත්න අබේසේකර

    මැද පද - වසන්ත දුක්ගන්නාරාළ

    අවසාන ගීය - ප්‍රෙමකීර්ති අල්විස්


    රසායන විද්‍යා ගී පාඩම - ජානකී සූරියාරච්චි සමග නන්දදාස කෝදාගොඩ

    ඉදිරිපත්කිරීම - බ.කු. බස්සී ( බටහිර කුඹුකේ බස්සී )

    ReplyDelete
    Replies
    1. පළමු ගීතය (බස් එකේ - උලාලෙ ලා)

      ගායනය : Funky Dirt
      සංගීතය : ෂෙනාල් මද්දුමගේ
      ගේය පද : Murshad Huvais

      දෙවන ගීතය (ඔබෙ නීල නෙත් නිම්නයේ)

      ගායනය : දයාන් විතාරණ
      සංගීතය : දයාන් විතාරණ
      ගේය පද : රවි සිරිවර්ධන

      අනිත් ටික ලිවුවෙනම් ඉතින් මමම තමයි. :D :D

      Delete
    2. හම්මට ඩු! මම මේ සින්දු දන්නෙ නෑ, නිකන් පදවැල් දැක්කම ඒ වගේ කියල හිතුන නිසා කිව්වෙ.

      Delete
    3. හික්ස්! සින්දු දෙකම වැඩියෙ ප්‍රසිද්ධ ඒව නෙමෙයිනෙ අනේ....

      Delete
    4. අම්මප බං ඕව මතක හිටින් නෑ ..මට ඕක සැරටම තියනවා

      Delete
    5. ඒ ඔය වයසෙ වැරැද්ද :P

      Delete
  12. පිස්සු හැදෙයි හැදෙයි හැදෙයි !!! :D

    මේක මරු බං. අම්මපා බස්සි නංගි උඹට එක සම්මානයක් නෙවෙයි සම්මාන පනහක් විතර දෙන්න වටිනව.. මේවා මෙහෙම ගලපල ලියනව කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක සුපිරි දක්ෂතාවයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන අයියේ....!!
      හැබෑට විජ්ජා අධ්‍යාපනික බ්ලොග් අඩවියක් කරන්න තිබුන නේද මෙවුව දාල.

      Delete
    2. //අම්මපා බස්සි නංගි උඹට එක සම්මානයක් නෙවෙයි සම්මාන පනහක් විතර දෙන්න වටිනව.. මේවා මෙහෙම ගලපල ලියනව කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක සුපිරි දක්ෂතාවයක්.//

      ආ උඹ ඉඳ හිට හරි ඇත්තත් කියනවා එහෙනම්...:D.
      සම්මාන කෙසේ වෙතත් මමත් එකඟයි මේක සුපිරි ටැලන්ට් එකක් කියන එකට...

      Delete
    3. @බස්සි

      එකෙන්ම !!!

      @මනෝජො

      අපි දැන් හොඳ ළමයි !!! :D

      Delete
  13. ඔය ලවි සීන් වලට රසායන විද්‍යාව සම්බන්ද බව දන්නවනං ජීවිතේට ලව් කරන්නෑ බොලව්.....
    මොනව කරන්නද නොදන්නා කමට කරගහගත්තට.....

    ලිපිය රසයි බොලව්.. අනික.. සම්මානේ ගත්ත බොට විදානේගේ **දානේ තුලින් උනුසුම් සුභ පැතුම්.....


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ විදානේගේ තරු දානේ කියලා ලියන්නේ මේ නිට්ටඹු විදානෙයා

      Delete
    2. **දානේ තමයි මගේ බ්ලොග් එක
      මෙන්න ඇඩ්රස් එක http://cvpsur.blogspot.com ඉවාන් පුළුවන්නං ගොඩවැදිලා බලල යන්නකෝ...

      (ඇති යාන්තං නැට්ටක් හලා ගත්තා)

      Delete
    3. බොහොම ස්තූතියි නිට්ටඹු විදානේ...!!

      Delete
    4. ඔය නිට්ටඹු විදානෙයා නැන්දම්මට බයේ මළදානෙ කියන නම වෙනස් කරපු හැටි නෙව.

      Delete
    5. යකෝ මං ගෑණිට විතරයි බය. මූ නැන්දම්මටත් බයයි. තූ … නොදකිං

      Delete
    6. යකෝ නිට්ටඹු විදානේ උගේ මලදානේ තරු දානේ කරලා නේද? කොහෙද බ්ලෝග කියෙව්වට බ්ලොගේ නම කියවන්නේ නෑනේ

      Delete
    7. නිට්ටඹු විදානෙගෙ සිග්නල් දානෙ!

      Delete
    8. මොනා උනත් නැන්දම්මාගේ ආධිපත්‍යය සයිබර් අවකාශය දක්වා විහිදී ඇති බව පෙනී යාමෙන් විදානේගේ ඉරණමේ ශෝචනීයත්වය මොනවට පැහැදිලි වේ.

      Delete
    9. //බ්ලෝග කියෙව්වට බ්ලොගේ නම කියවන්නේ නෑනේ// ඉවාන්, ඇයි මං උඹල ඒක කියල දුන්න වග මතක නැද්ද ඈ :P

      Delete
    10. නැන්දම්මට ජය වේවා!!!
      **දානය දිගුකල් දිනේවා !!!
      වාසනා වේවා !!!
      මට
      (යකෝ මාව කාපියව්)

      Delete
  14. නියමයි බස්සි...

    ReplyDelete
  15. මේ මේක නම් මරු අක්කේ. මේ වගේම ලියන්න බැරිද බුට් කෑවම මූඩ් අවුල් යන්නේ ඇයි කියලා.මම හිතන්නේ එකටත් කැමති වෙන අය ඉදී ;) :v

    ReplyDelete
    Replies
    1. කෙමිස්ට්‍රි බහයින්ඩ් බූට් මූඩ් ද? ලියමු ලියමු!

      තැන්කූ ඈ....

      Delete
  16. ඔය තියෙන්නේ චානුක වත්තේගමට උත්තර දීලා..

    මේ මම අහපු විජ්ජා කතාවක්.. ඔහේලා දන්නවද ඌරට වෙඩි තියන කොට ඇලපත්තට තියන්නේ ඇයි කියලා.. ඇලපත්තට තිබ්බම ඌරගේ පෙනහල්ලේ අස්සෙ තියෙන මහා ප්‍රාචීරය පෙනේරේ වගේ ඩැමේජ් වෙනවා.. එතකොට ඌරට හුස්ම ගන්න අමාරු වෙනවා.. එතකොට වැඩි දුර එලවන්න බෑ.. ඌට හති.. ඉතින් ටික වෙලාවකින් ඌ කියනවා මට හති මාව කරේ තියාගෙන යන්න කියලා.. ඉතින් කරේ තියාගෙන ඇවිත් බිස්ටේක් දාලා කනවා..

    මම මේක මෙතන ලිව්වේ නැත්නම් බස්සි හිතයි අපිට විජ්ජා කතා ලියන්න බැරිය කියලා.. මේ කතාව ඉවානුත් දන්නවා.. බොරුවක් නම් කාපු උන්ට හෙන හත ගහන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ කාපු කිසිම එකෙකුට හෙන නං ගහන්න එපා...!!!!

      Delete
    2. //ඌරගේ පෙනහල්ලේ අස්සෙ තියෙන මහා ප්‍රාචීරය//
      හිනා කාල මලා.

      ඔව් ඔව්. මේ තමයි චානුකට පිළිතුරු!

      Delete
    3. //මේ කතාව ඉවානුත් දන්නවා..//

      ඌ මහා මොකද්ද එකට වෙඩි වැදිල මලා නෙවැ :D

      Delete
    4. යකෝ .. බයෝ මෙඩිකල් ඉංජිනියරින් කරපු උඹ දන්නේ නැද්ද? ඌරගේ මහා ප්‍රාචීරේ තියෙන්නේ පෙනහල්ල අස්සේ , බොරු නෙවෙයි ,ඌරමයි කියලා තියෙන්නේ එකට වෙඩි වැදුනම දුවන්න් බෑ හති කියලා .

      Delete
    5. පත්තරේ : එතකොට ඌරා ඉවානයා ද?

      Delete
  17. හමිමට උඩු පටිට කතන්දරේ

    ReplyDelete
  18. පට්ටයි කියන්නෙ ඉතින් පට්ට එකෙත් හොඳම එක... මරු ඈ බස්සියෙ..
    අම්මප මේ විදිහට අපිට කෙමිස්ට්‍රි ඉගැන්නුවනං මරුනෙ බං.. :D
    බඳින්න කලින් ටෙස්ට් කරල බලන්න ඕනෙ MHC වෙනස්ද කියල..

    ReplyDelete
    Replies
    1. අමතක වුණා අර සම්මානෙට උණුසුම් සුභ පැතුම් ඈ...

      Delete
    2. තැන්කූ තැන්කූ සංචා!

      සුභපැතුමටනම් කියන්න වෙන්නෙ විශ් යූ ද සේම් කියල නෙව! ඔයාගෙ ජයග්‍රගණය ගැනත් ගොඩක් සතුටුයි!

      Delete
  19. දැන් තේරෙනවා ඇයි I hate love stories කියලා
    දන්න කාලේ ඉදන් මට කෙමෙට්ටි වහ

    ReplyDelete
    Replies
    1. මදැයි ඉතින් ඒකෙත් හැටි.

      Delete
  20. අපිට නම් දැන් .cuddle hormone විතරයි බස්සියේ....මෙන්න මෙහෙම විද්‍යාව උගන්නන පංති දැම්මොත් සන්නාට ද අබ සරණය..මොකෝ ඔක්කොම සින්ගල අත ඇරලා බස්සිගෙන් විද්‍යාව ඉගෙනගන්න එයි..විද්‍යාව කිව්වට බයෝ විද්‍යාව හොඳේ...අනේ මේ වගේ එව්වා තව ලියාපන් බස්සියේ..

    ReplyDelete
    Replies
    1. ඔතනින් ප්‍රබලවම ක්‍රියාත්මක වෙන්නෙත් කඩ්ල් හෝර්මෝන් එක තමයි චෙෆාකි. ඒක හරියට වැඩ කියන්නෙ ඉතින් වැඩේ ගොඩේ ගොඩ!

      මෙහෙම තමයිලු බස්සි කම්මැලි බයෝ පාඩම් පත්තියන් කර ගත්තෙ. ඉස්සර එක්සෑම් කාලෙට ඔවුවා අහන් ඉඳලා බස්සා නිකම් හොල්මන්ද පොල්කොල වෙලා වගේ ඉන්නෙ.

      ඔව් ඔව් මේවත් ඉඳහිට ලියන එක හොඳයි වගේ නේද.

      Delete
  21. අන්න අපි ඉල්ලපුවා...හුරේ!!!!
    එතකොට ඔය ඇපල්කාල අහවර වීලා...
    අනික් පැත්තට හැරිලා....
    “ආයි හෙට“ යැයි කියලා....
    නිදයි ගොර ගොර ගාලා....
    ඒ මොන හෝමෝනෙද වැඩ කරන්නෙ?
    (කලිං එකේ සුබ පැතුව ඈ.....)

    ReplyDelete
    Replies
    1. කොච්චර කලත් පලක් තියේද අන්තිමට ඔක්සිටොසින් secrete උනේ නැත්නම්.
      හෝර්මෝන උනත් නිකම් වැඩ කරන්නෙ නෑල්ලු. :D :D

      Delete
  22. නකෝ කුඩු ගැව්වත් ලව් කෙරුවත් ආයෙ එකමපන් එක නං ආයෙඅහවල් එක්කටද කෙල්ලො පුල් පං එකේ උන්න හැකි නෙව
    ඒක හන්ද වෙන්නඇති ඔය කුඩ්සන්ලට කෙල්ලො ඕන නැත්තෙ
    මාත් ටයි කොරල බලන්න ඕන...
    ඕයේස්

    ReplyDelete
    Replies
    1. මදැයි! මම හැදුවෙ ඩ්‍රග්ස් ගන්න උන්ට විකල්පයක් ඉදිරිපත් කරන්න!!

      සම්මානයට උණුසුම් සුභපැතුම් මහේෂ්!!

      Delete
  23. Replies
    1. අනේ පලයන්..උඔට තේරැනාද?

      Delete
    2. උඹ ඉතිං ගමෙ එකානේ.. තේරුන්නෑ බං.. හැක්..

      Delete
  24. පින්සර ඇයගේ රුව නෙතගැටි දෙවන වර
    මනහර දසුන් මැවුනිය සිතුවිලි මවිත කර
    ගියවර දුටු විටද මෙලෙසම හැඟුණ' තර
    දිනකර කියන් මොකදැයි මගේ හිතට බර

    මැදියම රැයේ මයෙ නිදිසුව අද හොරා ගෙන
    තුන්යම හීන නෙතු දකීනව නිදි මරා ගෙන
    තදියම දැනේ හද කියනව පෙම පුරා ගෙන
    අලුයම උදේ කවි ඇසෙනව කන අරා ගෙන

    කවුරු ද දන්නෙ ඇය දුටු ඒ මුල් දිනයෙ සිට
    මොනවද වෙන්නෙ හොඳ හැටියට හිටපු මට
    කොහොමද වෙන්නේ මේ දේවල් කලක සිට
    ගැටපද වැන්නෙ තිබුනේ මෙතුවක් මේ මට

    ආවෙමි ඇවිදින් හොදහැටි කිය වූයෙමි
    මාහැඟි දැනුමක් ඉන් මෙමා ලැබ ගතිමි
    වෑයම අගෙයි කවියක් ලියා තුති පුදමි
    කවියක් ලියූ නිසා හෙමිහිට මාරු වෙමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොමියෝ!
      කවි පන්තිය අගෙයි.

      Delete
  25. බ්‍රේක් ඕෆ් / ඩිවෝස් එකකට පස්සෙ ඔක්සිටොක්සින්ද?

    ReplyDelete
    Replies
    1. හිහිහි! බ්‍රේක් අප් එකකින් පස්සෙ සේරම පේන්නෙ ටොක්සින් වගේ නේන්නම් ප්‍රා. ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනවා නේද

      Delete
  26. පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
    හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්..
    නුරාගික පැතුම් - පිපාසිත සිතුම්
    මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්..

    නියාළුව හදින් - පියා නෙතුපියන්..
    යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්..
    මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්..
    අරාජික පරාදීසය සොයා එමි සිතින්..

    පෙමාතුර හැඟුම්...

    අරා සිරි යහන් - නිදා වැතිරෙමින්..
    සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්..
    සුරා මල් පැණින් - පොඟා යුග ලවන්..
    පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්..

    පෙමාතුර හැඟුම්...

    ගායනය : සනත් නන්දසිරි
    පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය : සනත් නන්දසිරි

    (ඇඩ්‍රිනලින් ගලයි,කෝටිසෝල් එකතු වෙයි ,ට්‍රිප්ටොපෑන් එකතුවෙලා, සෙරොටිනීන් අඩු වෙලා ,ආතතියෙන් නින්ද නැතුව දවස් ගෙවෙනවා,ඩොෆමයින් වැඩිවෙනවා ...හැක් )

    ජයග්‍රහණයට උණුසුම් සුභ පැතුම් බස්සි ,,,,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. අපේ තාත්ත ආසම සිංදුවක්. ඕක ලස්සනට කියනවා ට්‍රිප් යද්දි එහෙම. ^_^

      තැන්කූ වේවා සිංදු ඇනෝ!!

      Delete
  27. නියමයි යශෝ,මේ වගේ තවත් ඒවා ලියපන්.
    බලන් ගියාම ආදරේ කියන්නෙත් හෙණම විද්‍යාත්මක කේස් එකක් නේ..:D

    ආ අනිත් දේ සුබ පැතුම් යශෝ.නිර්මාණශීලි බ්ලොග් එකක් විදියට ලබා ගත්තු ජයග්‍රහණයට.මේ බ්ලොග් එකේ තියෙන ආකර්ශනය හැමදාම හොඳට තියාගන්න පුළුවන් බොට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ....

      නැතුව නැතුව! මෙහෙම ඒවා කියෙවුවම විද්‍යාව ඉගෙනගන්න ආසාවක් ඇතිවෙනවානම් ඒක තමයි වටින්නෙ.

      Delete
  28. මේ විදිහට කියලා දුන්නා නම් මාත් මෙලහට ඩොකෙක්...අපි නොදන්න බටර් බනිස්,,

    සම්මානි...... මොකක්ද මේ සම්මාන කේස් එක.......එහෙම එකක් ලැබුනා නම් සුබ පැතුම්!! සම්මානිට සම්මානයක්...කාටද ආඩම්බර.

    ReplyDelete
    Replies
    1. ඕං අපිනම් ඩොක්කු නෙමෙයි. ඒකනෙ මේ විදියට කියාදෙන්න තරමට පිස්සු තියෙන්නෙ.

      අරූ... සුභපැතුමට බොහොම ස්තූතියි! ඒත් ඊටත් වඩා සතුටු හිතුනෙ මගෙ නම මතක බව දැනගත්තාම. ^_^

      Delete
  29. මේක සුවිශේෂ ලිපියක්.මේ ක්‍රමය විද්‍යාව එපා වෙච්ච උන්ට උගන්වන්න මරු . බස්සි කොහොමත් දස්සි . ඒ නිසා සම්මාන ලැබෙන්නෙම ඕනි. ශුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලකසිත!

      විද්‍යාව එපා කරගන්නෙ අපේ තියෙන කම්මැලි ඉගැන්වුම් ක්‍රම නිසානෙ.

      Delete
  30. බලාගෙන ගියාම ආදරේ කරන එකත් ලේසි නෑ නේ.. හි..හි..
    සම්මානේටත් සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.... බයෝකෙමෙස්ට්‍රි දැනගෙන ආදරේ කරානම් හරි!

      තැන්කූ තුශානි!!

      Delete
  31. ප්‍රථම ස්ථානය දිනූ අපේ බස්සිගේ බ්ලොගටත් බ්ලොග් ලියන අපේ බස්සිටත් උණුසුම් සුභ පැතුම්.

    යකෝ ලව් කරන්න ඔච්චර රසායන විපර්යාස වෙන බව දන්නවා නම් ලව් නොකර වෙන මොකක් හරි කරනවා ඒ දවස්වලම. මට කෙමිස්ට්‍රි ඒ තරම්ම අප්පිරියයි. එදත් අදත් කවදත්.

    ReplyDelete
    Replies
    1. අෆොයි කෙමෙස්ට්‍රි මගේ ප්‍රියතම විෂයයක්! :)
      එහෙම ලේසියෙන් බයෝකෙමෙස්ට්‍රි වලින් ගැලවෙන්න බැහැ ඩූඩ්! ලව් කරන්නෙ නැතුව වෙන මොකක් කලත් ඒකත් ජීවරසායන විද්‍යාවෙන් හරි අණුක ජීව විද්‍යාවෙන් හරි පැහැදිලි කරන්න බොහෝවිට පුලුවන් වේවි! :P

      සුභපැතුමට ස්තුතියි!! :)

      Delete
  32. මෙ මගුල මෙ විදියට ලිවුවෙ නැත්තම් ඉතින් ජිවිතෙට කියවන්නෙ නැ නේ.ඉරිසියයි හිතෙනව බන් උබෙගෙ ටැලන්ට් එකට.

    ReplyDelete
    Replies
    1. බස්සිගේ බ්ලොගටත් බ්ලොග් ලියන බස්සිටත් උණුසුම් සුභ පැතුම්

      Delete
    2. අලේ මොන ටැලන්ට් ද අෆ්ෆා. මේ තොරණ්වල විස්තර කියවන විදිය නේ. :)

      තැන්කූ තැන්කූ දමිත්!!

      Delete
  33. මා....ර වැදගත් බං. එළට ලියල තියෙනෝ....
    මේ ගැන මං චුට්ටක් දැනගත්තා ඇලන් අයිලගෙයි බාබරා ඇන්ටිගෙයි පොතකින්. ඒත් මෙච්චර තිබුණේ නෑ....

    ReplyDelete
  34. මා....ර වැදගත් බං. එළට ලියල තියෙනෝ....
    මේ ගැන මං චුට්ටක් දැනගත්තා ඇලන් අයිලගෙයි බාබරා ඇන්ටිගෙයි පොතකින්. ඒත් මෙච්චර තිබුණේ නෑ....

    ReplyDelete
    Replies
    1. මට මේ විස්තර සෙට් උනේ සයන්ස් මැගසින් එකකින්. ඔය ලිවුවෙ වැදගත්ම කරුණු ටික විතරයි. MHC සීන් එක නම් නෙට් එකෙන් හොයාගත්තෙ, ළඟදි කරපු පර්යේෂණයක් ලු.

      Delete
  35. හොද ලිපියක් ළමයා....ඔය එක එක කාරිය සිදුවෙන ආකාරය ගැන විද්‍යාත්මක දැනුමත් මේකටම එකතු කරලා ලියපු එක බොහොම අගය කරනවා...තමන්ගෙ හිත ගත්ත කොල්ලා ලගට ආවම කෙල්ලන්ට වචන පැටලෙනවා නේද...අන්න ඒ අත්දැකීම නම් මම කීප වතාවක්ම විදලා තියෙනවා....ඒ වගේම ආදරයේ ප්‍රහර්ශයෙන් හිත පිරිලා තියෙන වෙලාවට හිරුගේ සැඩ බවවත් / වර්ෂාවේ ප්‍රචණ්ඩ බව වත් දැනෙන්නෙ නෑ....අත්දැකීම් සහිතයි...

    ReplyDelete
    Replies
    1. ඔය ළමයා අත්දැකීම් සහිතව මේ තියරි තහවුරු කරනවා කියපු කතාව බොහොම වටිනව ළමයා.

      තැන්කූ සිරා අයියේ...

      Delete
  36. අපුරු ලිපියක්, දන්නේ නැති යමක් දැනගත්තා.
    මේ ගොඩක් දේවල් අත්දැකලා තියෙනවා,,,,,, හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකු පුතා

      Delete
  37. වස මාර කම්මැලිකම හින්දා
    chemistry වලින්නම් ලැබුනේම නින්දා
    විජ්ජාව කලාවට අපූරුවට ගෙන ආ නිසා කැන්දා
    ඔන්න එහෙනම් අපිත් සිරාවටම 'ආල බැන්දා'...

    සම්මානිට තුති පිදුම්.. සම්මානෙට සුභ පැතුම්..//

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ කල්‍යාණ මිත්‍රයා...

      Delete
  38. අපේ මීවනපලානේ ජයරත්නයන් මට කෝල් එකක් දීලා කිව්වා මේ පද නිරුක්තිය දාන්න කියලා. අනේ මමනම් දන්නේ නෑ. තේරුම උන්දගෙන්ම අහගන්න එකයි ඇත්තේ. හෝ + මෝන කියන එකේ පද නිරුක්තිය හෝව් + මනස. ඒ කියන්නේ මනස නවතිනවා කියන එක). දැන් පැහැදිලිනේ වෙන දේ.

    සම්මානෙට උණුසුම් සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ සුදීක අයියේ!

      හෝව් මනස? මදැයි. අන්න දෙවෙනි කොටසත් දැම්මා බලලම එන්නකෝ

      Delete
  39. හැම දේටම විද්‍යාත්මක පැහැදිලිකිරීමක්. ගොඩක් ආකර්ශනීය විදියට ලියල තියෙනවා. සම්මානය ගැන දන්නෙ නෑ. ඒත් ඒකටත් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිල් මානෙල්! බස්සිගේ නවාතැනට ආදරයෙන් පිළිගන්නවා ඔයාව!!

      Delete
  40. හැමදාම වගේ මේකත් ෆට්ට අෑ!!!

    මේ බං බස්සි අක්කේ, මේ හෝමෝන වලට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව දෙන රසායන ද්‍රව්‍ය එන්නත් කරලා බැරිද මේ පිස්සු කේස් වලිං බේරෙන්න????

    ReplyDelete
  41. Wow what a biochemistry lesson have never thought of this strategy to explain these to the kids this way. Thank you little Owlet !

    ReplyDelete
  42. පාඩම එලය බස්සි අක්ක ^_^

    ReplyDelete
  43. මම මෙච්චර කාලෙකට ඉගෙන ගෙන තියෙන සුපිරිම සෞඛ්‍ය පාඩම තමයි ටිස්සි බාචර් මේ සෞඛ්‍ය පාඩම. හොඳටම මතක හිටිනවා. එත් ඉතින් ඉස්කෝලෙන් ඇවිල්ලා ත් අවුරුදු දහයකට කිට්ටුයි.
    ඊට පස්සේ මොන පාඩම්ද ...

    ReplyDelete
    Replies
    1. බස්සියෝ.
      උඹ ඕක රසායන විද්‍යාව කියලා කියපු හේතුව මට තේරෙන්නේ නැහැ. මටනම් හිතෙන්නේ මේක සෞඛ්‍ය පාඩමක් කියලයි..

      Delete
  44. බස්සාද බස්සිද?
    අවුරුදු 40 කට විතර ඉස්සර ඩිග්රි එකට කරපු හියුමන් බයලොජි වල එන්ඩොක්‍රයින් පාඩම මතක් උනා. ඒ කාලේ අපේ ප්‍රොෆෙසර් වත් මෙච්චර හොඳට ඒ ක්‍රියාවලිය විස්තර කලේ නැහැ
    හරිම ආසාවෙන් කියෙව්වේ.

    ReplyDelete