“මිහිකත නළවාලා – මග මල් ගන්වාලා” කියලා අයිවෝ ඩෙනිස් අංකල් ගායනා කරනවා අපි ඇහුවෙ බබාල කාලෙදිමයි. (මුල් ගැයුම සුනිල් ශාන්ත අංකල්ගේ.) ඔය ගීතයෙන් කියන්නෙ හෙළ ගුරුලිය නළවමින් යන ගමනට මිහිකත නැළවෙන හැටි නෙව. මිහිකත නැලවිලා නැවතෙනවනම් විතරක් මදැයි, ඒ දැකලා පාර දෙපැත්තේ මලුත් පිපෙනවලු.
ඩෙනිස් අංකල් ඔය නැළවිල්ල ගැන ඉස්සර කියාපු තවත් සිංදුවක් තියෙනවා. ඒක නම් අපේ පරම්පරාවේ කස්ටිය අහලත් නැතුව ඇති සමහරවිට.
“සැලෙන ලෙලෙන උකුළු තලේ
දියට යනෙන වතුර කළේ
කල මහ පින පෙනෙන වෙලේ……
කල මහ පින පෙනෙන වෙලේ……”
ඔය කවුරුත් දන්නවා ඇති නෙව පිරිමින්ගෙයි ගැහැණුන්ගෙයි උකුළු ප්‍රදේශය එකිනෙකට වෙනස් බව. හැබෑට කෝමෙයි එහෙම උනේ?
මැවුවා අපෙ දෙවි උතුමා
ආදම් සහ ඒව
ආදම් සහ ඒව
ඒව හොරෙන් හොරෙන් ගිහින්
ඇපල් ගෙඩිත් කෑව
ඇපල් ගෙඩිත් කෑව
කාල නිකං හිටියද නෑ
බෙදාගන්ට හිතුනා
බෙදාගන්ට හිතුනා
ඇපල් පලුව අරන් ඇවිත්
ආදම්ටත් දෙන්නා
ආදම්ටත් දෙන්නා
අනේ අපොයි හරි කලබලයකි සිදුවූවේ
ඇපල් ඇටේ ඒවගෙ කුස තුල පැළ වූවේ
ඕන්න ඔහොමයි සිද්දිය පටන් ගන්නෙ.
අනේ.... ඇපල් ඇටේ බඩේ පැළ වුනේ ඒවගෙ. එතකොට ආදම්? ආදම් පුරුෂාධිපත්‍ය පෙන්නල බේරුනා. (වරේවා වනීතා.... මෙන්න හඬ නගනවානම් චෑන්ස් එක.) දැං මක්කෙයි කරන්නෙ. දොස්තරලා හිටපු එකක්යැ ඒ කාලෙ අර පාට බලන ටෙස්ට් එක කොරලා කන්ග්‍රැට්යුලේශන් කියන්ට. දෙවියන් වහන්සෙට මූණ දෙන්නෙ කෝමෙයි දැන්. ආදමුයි ඒවයි දහ අතේ කම්පනා කොරනව.
ඔන්න බොලේ දෙවි උතුමා
එදා හවස වැඩමවන්නෙ
ආදම් සහ ඒව ගිහින්
කැලේ ඇතුලෙ වහං වෙන්නෙ
වරද සිදුවෙලා ඉවරයි කොරන්නෙ මොනවා
වහං වෙච්චි තැනින් ඉතින් එලියට එනවා
මම අහිංසකයි උතුමෝ
මේකි තමයි කැව්වේ
හොඳම වැඩේ ඕකිට
බඩ වෙලයි නතර වූවේ
ඇපල් ගෙඩිය වැවෙන්න ඉඩ හදන්න වෙනවා
වෙනස් කමක් කරන්න දෙන්නම මෙහෙ එනවා
ආදම්ගෙ ශ්‍රෝණිය වගේ නෙමෙයි නෙ බොලේ දැන් ඒවාගෙ ශ්‍රෝණිය. මොකදෑ මේ උනේ!! ඇක්ස් රේ පින්තූරයක්කත් අරං බලහල්ලා මේ වෙච්චි ව්නම්බෑසිය මොකද්ද කියලා.
1.
ඒවගෙ ශ්‍රෝණිය විශාල වෙලා, පළලින් වැඩි වෙලා. හයියෝ ආදම්ගෙ ශ්‍රෝණිය ඒ එක්ක බලද්දි බෝම පොඩිවට පේන්නෙ. පළලත් අඩුයි.
ඒවගෙ ශ්‍රෝණිය විශාල වෙලා, පළලින් වැඩි වෙලා. හයියෝ ආදම්ගෙ ශ්‍රෝණිය ඒ එක්ක බලද්දි බෝම පොඩිවට පේන්නෙ. පළලත් අඩුයි.
2.
ආදම්ගෙ කුකුන්දරාස්ථි අතරෙ දුරත් අඩුයි නේද? ඒ හින්දම ආදම්ගෙ ශ්‍රෝණිය ඇතුලෙ ඉඳන් පිටතට අභිසරණය වෙලා.
මොනවා! ආදම්ගෙ ශ්‍රෝණි කුහරය හාර්ට් එකේ හැඩේ අරන්. බලමු ඒවගෙ ශ්‍රෝණිය.... හාපෝ කුකුන්දරාස්ථි අතරෙ තියන දුර බලාපල්ලකො. ඉතිං කොහෙද හාර්ට් හැදෙන්නෙ! ඒවගෙ ශ්‍රෝණිය ඕවලාකාරයි. ඔන්න බලාපල්ල පිරිමි ශ්‍රෝණියෙනුත් පෙන්නන්නෙ ආදරේ තරමලු. හෙහ්!
ආදම්ගෙ කුකුන්දරාස්ථි අතරෙ දුරත් අඩුයි නේද? ඒ හින්දම ආදම්ගෙ ශ්‍රෝණිය ඇතුලෙ ඉඳන් පිටතට අභිසරණය වෙලා.
මොනවා! ආදම්ගෙ ශ්‍රෝණි කුහරය හාර්ට් එකේ හැඩේ අරන්. බලමු ඒවගෙ ශ්‍රෝණිය.... හාපෝ කුකුන්දරාස්ථි අතරෙ තියන දුර බලාපල්ලකො. ඉතිං කොහෙද හාර්ට් හැදෙන්නෙ! ඒවගෙ ශ්‍රෝණිය ඕවලාකාරයි. ඔන්න බලාපල්ල පිරිමි ශ්‍රෝණියෙනුත් පෙන්නන්නෙ ආදරේ තරමලු. හෙහ්!
3.
කෝ ගෙනෙන් අර කෝණමානෙ. හම්මේ ආදම්ගෙ යූනික කෝනෙ වැඩිම උනොත් අංශක හැත්තෑවක් ඇති. ඒකටත් එක්ක ඒවගෙ. අංශක අනූවක්ද? නෑ නෑ ඊටත් වැඩී. අංශක සීයක්කත් ඇති.
කෝ ගෙනෙන් අර කෝණමානෙ. හම්මේ ආදම්ගෙ යූනික කෝනෙ වැඩිම උනොත් අංශක හැත්තෑවක් ඇති. ඒකටත් එක්ක ඒවගෙ. අංශක අනූවක්ද? නෑ නෑ ඊටත් වැඩී. අංශක සීයක්කත් ඇති.
ඒවාගේ
ශ්‍රෝණි අරය
එදා
ඉඳන් වැඩිවෙනවා
ශ්‍රෝණි
අරය වැඩි හින්දා
අවස්ථිතිය
වැඩි වෙනවා
අවස්ථිතිය වැඩි උනාට
ඒවා ඇවිදන් යනවා
බලන් ඉඳිමු ඇවිදිනකොට
උකුලට වෙන්නේ මොනවා
පැද්දී මැද්දට එනවා
ඔය ඇති දැන් නවතිනවා!
මැද්දෙන් නැවතිල්ලක් නෑ
අනෙක් පසට පැද්දෙනවා
ඒ පැත්තට ගැස්සෙනවා
මේ පැත්තට ගැස්සෙනවා
ගැස්සෙන පැද්දෙන තාලෙට
ගී පද තනු නිමැවෙනවා
ද්වීපාදෙන් සංචරණෙට
පිරිමි දක්ස වෙන්නේ
දරු ගැබ දරනට වඩනට
ගැහැණුන් හැඩගැහුනේ
එදා ඉඳන් අද වෙනකම්
උකුල් තලේ පැද්දේ
ඒ තාලෙට කවියන්ගේ
කවි සිතුවිලි ඇද්දේ
ඕන් එහෙනම් විද්‍යා විරිදුවෙන් තොරණෙ
විස්තරේ හමාර කොරන්ට අවසර! සිහින උළෙලෙදි හමුවෙමු ඈ....!
හිනාවෙවී ඉගෙනගන්න, බස්සිගේ Fun with Science ලිපි මාලාව.
අවවාදයයි :
මෙහි අඩංගු කරුණු කිසිවක් සෘජුවම බයිබලයෙන් උපුටා ගත් ඒවා නොවන බවද, මාගේ සිහින කල්පනා මත බයිබලයේ සඳහන් චරිත වටා කතාවක් ගොඩනැගුනු බවද, කිසිදු අපහාසාත්මක අදහසක් නැති බවද, හුදු විනෝදය තකා ලියැවුනක් බවද කරුණාවෙන් සලකන්න.
අපොයි...මොනවද මේ කුනුහලුප වචන ඈ....???
ReplyDeleteතෙරෙන්නේ නැබොල...මම වගේකොමසාරුවන්ට ඔව්වා..
හයියූ කොමසාරුවන්ට තේරෙන්න නෙව කතා ගොත ගොතා සිද්දිය කියල දුන්නෙ. මොනාද කියහන් මෙතන තියෙන කුනුහලුප!!
Delete
DeleteCool Things Around The World http://nicevideozzz.blogspot.com/
(every day updating)
සුපිරියි අෑ...
ReplyDeleteසිහින උළෙලෙදි හම්බෙමු
තැන්කුයි විදානේ...! අනිවා එදාට මුණගැහෙමු.
Deleteමට උකුල ගැන කියන කොට මතක් වුණෙ ඉස්කොලේදි කරපු වැඩක් අපි ඒ කාලේ චිත්‍ර අදින කොට ගැහැණු රුපත් නිකන් කොට කැලි වගේ තමා ඇන්දේ දවසක් චිත්‍ර කරපු මිස් කිවවා ඔය ගැහැනු රූප වල ඉගසුග පොඩ්ඩක් අදින්න කියලා ..අපේ ඇටයා පැනපු ගමන් ඇහුවා මිස් ඔක දැන් තියෙන්නෙ කොහෙද කියලා මිස්ට මල උඹලා 10ට එනකම් ඕක දන්නෙ නෑනේ කිව්වා ,තව මොනවද කියලා අඩාගෙන ගියා ..අපි නැවත් වැද වැටිලා සමාව ගත්තා පොලිමේ ගිහින් .
ReplyDeleteඅයියෝ අහිංසක චිත්‍ර මිස්. ඔහොම මිස්ලව බයිට් කරන එක පිරිමි පාසල් වල සුලභ දෙයක් නේද? හික්ස්! ඔක්කොම කරල පස්සෙන් ගිහින් සමාව ගන්න උන එකනම් මරු! :P
Deleteඑවුනට මිශ්‍ර පාසල් වල තත්වය ටික වෙනස්. ඔහොම එකක් වුණානම් ඉතින් කොල්ලො ගිහින් සමාව ගන්නෙ කෙල්ලොත් එක්ක ගිහින්. කොල්ලො කියයි "අපි මෙයාලගෙන් අහගත්තා මිස්" කියලා. කෙල්ලොත් කියයි "අපි මෙයලට කියල දුන්නා මිස්" කියලා.
Deleteසමාව ගන්නත් ලේසියි, මිස්ව ආපහු පන්තියට එක්කන් එන්නත් ලේසියි.
ඇපල් ගෙඩියක් බඩේ පැල වුනා/// මොකක්ද යකු ඒ හරුපේ.. බයිබලේ එහෙම සීන් කෝන් එකක් නෑ නොවැ..
ReplyDeleteමෙහි අඩංගු කරුණු කිසිවක් සෘජුවම බයිබලයෙන් උපුටා ගත් ඒවා නොවන බවද, මාගේ සිහින කල්පනා මත බයිබලයේ සඳහන් චරිත වටා කතාවක් ගොඩනැගුනු බවද, කිසිදු අපහාසාත්මක අදහසක් නැති බවද, හුදු විනෝදය තකා ලියැවුනක් බවද කරුණාවෙන් සලකන්න.
Deleteමා මෙහි ව්‍යංගාර්ථයෙන් පවසන කරුණු පහත පරිදි වේ.
Delete1. තහනම් ගහේ ගෙඩි කෑම : ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතාවය
2. ඇපල් ඇට : පුරුෂ ජන්මාණු
3. ඇපල් ඇට බඩේ පැළ වීම : කළලයක් හටගැනීම/ පිළිසිඳ ගැනීම
ගැහැණියගේ උකුල පුළුල් වීමට හේතුව විද්‍යාත්මකව පහදා දීම ලිපියේ අරමුණ විය. ඒ සඳහා පිවිසුමක් ලෙස බයිබලයේ එන චරිත තුනක් වටා හිතලු කතාවක් ගොඩනගා ඇත.
"හරුපය" පැහැදිලි වූවා යැයි සිතමි.
ඔච්චරටම ටියුබ්ලයිට් කාරයොද මේව කියවන්නෙ හැබෑට ඈ?
Deleteකියපු හැරුපෙනුත් වැඩක් වුනේ නෑනේ ..මෙහෙම දිග ඇරලා දුන්නම
Deleteමම හෙට ඇපල් ගෙඩියක් අරගෙන එනවා බස්සිට. :)
Deleteඅනේ මන්දා ඒවා බබා ලයිට් මම හිතන්නෙ. මොකද කුණුහරුප නම් දන්නෑ කියල හරි කිවුවැකි. ව්‍යංගයෙන් කීම ඕනෑම සාහිත්‍යක සුලභ අංගයක් නෙව.
Deleteපවුලූශා : කමක් නෑ කස්ටිය පෝස්ට් එක කියවලානෙ පහලට එන්නෙ.
Deleteසුදීක : රෙඩ් ඇපල්ද? ග්‍රීන් ඇපල්ද?
Deleteග්‍රීන්
Deleteමොකක්ද බස්සි මේ කුනුහරුපේ මට මොකුත් තේරුනේ නෑ නේ.... මම පොඩි වැඩි මේවා තේරුම් ගන්න
ReplyDeleteහම්මේ අන්න උඩ කමෙන්ට් එකේ කුණුහරුපෙ සරල සිංහලෙන් ලිවුවා කිරිදරුවන්ට තේරෙන්න. ඔහොමම උඩ බලහන්කෝ.
Deleteහම්මේ කරකෝල අතෑරිය වගේ..
ReplyDeleteබැලන්ස් නෑ නෑ වගේද! මාර වැඩේ
Deleteහැමදාම වගේ සයන්ස් ටීචගෙ පාඩම සාර්තකයි ^_^
ReplyDelete// දරු ගැබ දරනට වඩනට
ගැහැණුන් හැඩගැහුනේ//
හේතුව මේකයි කියල නම් කලින් දැනගෙන හිටියා බයො නොකලට .. ඒ උනාට ඔය පද්දන පැද්දිල්ල නම් කැට් වෝක් එකෙන් වැඩි වෙන්නෙ :P
තැන්කුයි සමී මලයා!!!
Deleteඅන්න ඒකට හේතුව නම් ෆිසික්ස් වලින් පහදන්න පුලුවන් සමී. ගුරුත්ව කේන්ද්‍රෙයි, ප්‍රගන්ඩාස්ථියෙ පිහිටීමයි එක්ක නෙව ඒ හරඹ කොරන්නෙ. හයි හීල්ස් සහ කැට් වෝක් ගැන මේ ලිපියෙ නොලියන්න හේතු උන අහේතුව ඉතින් මගෙ කම්මැලිකමම තමයි. :)
ප්‍රගන්ඩාස්ථිය කියන්නේ මුකාද??
Deleteබස්සි ප්‍රචණ්ඩ උනාම බස්සා ප්‍රගණ්ඩාස්ථියෙනුත් ගුටිකනවලු
Delete//ප්‍රගණ්ඩාස්ථියෙනුත් ගුටිකනවලු//
Deleteසාසා ත් එහෙමෙයි..
ආචාරියා මලේ. මම කියන්නෙ මෙන්න මේ අස්ථිය ගැන. හයි හීල්ස් දැම්මම ඔය අස්ථි දෙකේ පිහිටීම වෙනස් වෙනවා. යොදන බලයත් වැඩි වෙනවා. ඒ නිසා දිගුකාලීනව හයි හිල්ස් දැමීමෙන් විවිධ ආබාධ ඇතිවෙන්න පුලුවනි.
Delete"ඌර්වාස්ථිය " මගේ මතකයේ හැටියට ඇයි බන් කලවා ඇටේ කියහන්
Deleteඅනේ බන් මම ඔය අස්ථි වලට කියන සිංහල නම් පටලවාගෙන ඇති තරම් චාටර් වී තියේ. ආයෙ දන්නැති නම් පටලගෙන නාන්නෙ මොකටෙයි කියල නිකා හිටිය.
Delete“මිහිකත නළවාලා – මග මල් ගන්වාලා”
ReplyDeleteඅයිවෝ ඩෙනිස් අංකල් කියුවට සුනිල් සාන්ත අංකල්ගේ ගීතයක්, අපි පොඩි කාලේ ඒ මුල් ගීතය රේඩියෝ එකේ ගියා
හප්පේ.... කිවුවම තමයි ඒක මතක් උනේ!!!! නිවැරදි කරන්නම්. තැන්කුයි අටම් අයියා..
Deleteආ.. එහෙනම් ඒකයි මේ අපි පිස්සු වට්ටන සීන් කෝන් එක
ReplyDeleteයේස්. ඔන්න ඕකයි සිද්දිය :D
Deleteටොයිං.......
ReplyDeleteමගේ බ්‍රසිල් කෑල්ල දැක්ක දවසෙ ඉදල බොට ඕක හැදුන නේද......
Deleteඋන්ගෙ නැටවිල්ලත් පස්ට බං ....
යටලියන ඔලුව හප්පගත්තද මන්දා ටොයින් ගාල :)
Deleteහම්මේ බ්‍රසීල් කෑල්ල බලන්නත් ගියාද මෙයා?
Deleteඅඩෙයි.....වීඩියෝ එකෙන් පස්සෙ පෝස්ටුව තව තියෙනවනෙ....කොහෙද වීඩියෝව ලංවෙලා බලන්න ගිහින් මූණෙ වැදුන නොවැ..
Deleteකෙන්ජයියෙ.......Latin නම් ඉතින් පස්ට ..ඈ....කණු,බිත්ති කීයක හයිය බැලුවද උන්ට පස්සෙන් යද්දි...
හප්පේ පස්ස නහයෙ වැදුන පාර වෙන්ටැ ටොයිං ගාන්න ඇත්තෙ!
Deleteහැබැයි ඉතින් ඔය කොවුවා කොහොම වුනත් හොද සැලෙන ලෙලෙන උකුළක් බලන්න අපි කෝමත් මනාපයි හරිද..
ReplyDeleteඉතාලි උන්දැලගෙ ඔය සැලෙන ලෙලෙන භාවය වැඩියිලු නෙහ්. :D
Deleteඅන්න උඹට තේරුණා කාටද වගේ..;)
Deleteඑහෙම පද්දන්න පිහිටෙව්වට දෙවියන් වහන්සේට මගේ ස්තුතිය.......
ReplyDeleteපැද්දිල්ල විතරක් නෙමේ කළු එකිලගේ ලොකු පස්සවල්......... මගෙ අප්පෝ.....ලිෆ්ට් එකේ යද්දි මගෙ ඇස් දෙකේ පොට යනව බලාගෙනම ඉදල.........
ඒ පස්සවල් වල දෙන්නෙකුට කරදරයක් නැතිව ඉදගෙන යැතාකි කයියක් ගගහා ......
ලිපිය අගෙයි......
//ඒ පස්සවල් වල දන්නකට කරදරයක් නැතිව ඉදගන යැතාකි කයියක් ගගහා//
Deleteඅයියූ හිනා වෙලා පණ යනවා
එහෙම වෙන්න විද්‍යාත්මක හේතු තියෙනවා, ඒ වගේම උවමනාවෙනුත් ගැහැණු අය පස්ස ලොකු කරගන්නවනේ දැන්,, රජා මල්ලි ඒ ගැන පෝස්ට් එකක් ලීවා තහනම් අඩවියේ,, ඒක කියවලා බලන්න, kenji
Deleteලින්ක් එක දැම්මනම් වටිනවා.
Deleteනියම විද්‍යා පාඩම...
ReplyDeleteතැනක් යු ටීචර්..
පාඩම තේරුන එක ගැන සන්තෝසයි ශෙහාන් :)
Deleteමට තියන ප්‍රශ්නේ ඕක නෙවෙයි බස්සී ඔය ඔක්කොම දේවල් ඔහොම පිහිටලා තියෙද්දිත් සමහර ගෑනු ළමයි මොකද පිරිමි වගේ ඇවිදින්නේ????
ReplyDeleteඒකනම් ඉතින් එක එක්කෙනාගෙ සරීර වල කලාතුරකින් ඇතිවන වෙනස්කම් නෙ ගන්දරේ. ඔය උකුල නටවන පිරිමි ළමයිනුත් ඉන්නෙ.
Deleteයනවිට පාරේ… උකුල නටන තාලේ…
ReplyDeleteලස්සන කෙසේ වනම්දෝ……
:) ;) :)
සින්දුත් කියැවෙනවලු ඉතින්
Delete//ලස්සන කෙසේ වනම්දෝ…… // නලවන කට්ටිය නම් හිතනව ඇත්තෙ "ලස්සන ට කෙසේ වනම් දෝ" කියල :)
Deleteහයියූ.... ඒකනම් පස්ට කතාව
Deleteකොමෙන්ට් ටික ෆට්ට..කොමෙන්ට් ටික ට පින් සිද්ද වෙන්න පොස්ට් එක තේරුම් ගත්තා
ReplyDeleteඅවුරුදු උත්සවේදී හම්බ වෙමු බස්සි අක්කේ ඈ...මගේ face dectation sof එක අවුල් මාව දැක්කොත් ටොක්කක් අනින්ට ඈ..බොන්න තියෙන හරියක බලන්න මම ඉදි...
මලලසේකරයි. මගෙත් face detection නම් කුජීතයි. හික්ස්. බස්සෙක් ඉන්න ටී එකක් ඇදන් එන්නද? :) ;)
Deleteආපෝ ඔය සමහරක් ගෑණු පරාණ නලවන නැලවිල්ලට බයේ බෑ උකුල ගැලවිලා වැටෙයි කියලා …. ඔන්න ඕවා අපි නම් නෙමේ කියන්නෙ. අපි නෑනෙ ඔය ගෑණුන්ගෙ උකුල් දිහා බලන්නෙ වැරදිලාවත්. ;)
ReplyDeleteපස්ට ටීචැර් පස්‍ට. විජ්ජා පාඩම ඔදට තේරුම් ගියා.
ඔය මිහිකත නළවාලා සිංදුව අපිට ඉස්සර සංගීත වලට උගන්නත්දි මට පේන්න බැරි සිංදුවක්. වෙන මඟුලක් නිසා නෙමේ ඕකෙ 'පිටිසර හෙළ ගුරු ලීය සැරදේ……' කියන ටික කියත්දි හැමදාම මම බැනුම් අහනවා. :(
මට ඔය "පිටිසර හෙළගුරු ලීය සෑරදේඒ" කියද්දි ඉස්සර හිතෙන්නෙම ටීචර් ළමයින්ට ලී අඩිකෝදුවක් අරන් සැර කරනව ඇති කියලයි.
Deleteශෝක් පාඩම. ඔය ගැස්සිල්ල වැඩියෙන් පේන්න කියල හයි හිල්ස් දාන එක නම් පස්සෙ කාලෙක කොඳු ඇට පෙල ට අහිතකර විදිහට බලපානව ලු.
ReplyDeleteඇත්තෙන්ම ඔව්. හයිහීල්ස් දිගුකාලීනව දානකොට උකුලෙත්, විලුඹ ආශ්‍රිතවත්, කොඳු ඇට පෙලෙත් ආබාධ ඇතිවෙන්න පුලුවන් ලු.
Deleteඋකුල් ඇටේ වගේද ළමයෝ හයි හීල්ස්....නිතඹ නලෝලා...
Deleteඋකුල් ඇටයක්නම් කඩෙන් ගන්න බැරියැ. මේ වකුගඩු, අක්මා එහෙමත් විකුණන්න තියෙන කාලෙ ඕව මොනාද!
Deleteපෝස්ට් එක කියෙව්වේ නෑ අර පුක අඹරන පින්තූරේ දිහා බලාගෙන උන්නා සෑහෙන වෙලාවක්. ඒක නම් මගේ හදා ගන්නම බැරි වරදක්...
ReplyDeleteමගෙත් ආසම .... මචං ...
Deleteහි හි
Deleteලැයික්
Deleteපෝස්ට් එක ලිවුවෙ කාටත් ගැලපෙන්නනෙ. ඉගෙනගන්න කැමති අය ඉගෙනගත්තලු. කවි සහ කතන්දර වලට කැමති අය ඒ ඒ රසය වින්දලු. සමහරු ඇවිත් ශකිරා පස්ස අඹරනවා බලන් ඉඳල ගියාලු. තම තමන්ගේ සතුට නොවැ.
Deleteවිරිදුවයි,තොරණේ විස්තරෙයි මරු ඈ....කොමන්ට් ටිකත් බලාගෙන හිනා වෙලා හක්ක හෙලවෙනවා තාම.....
ReplyDeleteහෙලවුනාට කමක් නැහැ දුව පන්න ගන්න එපා.... ඔදේ ...
Deleteතැන්කිවු ශානු අක්කෝ. කමෙන්ට් වලට මටත් හිනාය. :
Deleteහිහි. කෙන්ජි සීයා දුවට ඔවදන් දීලා!
Deleteහොඳයි. පැද්දෙන්නේ පිහිටීම අනුව කියමුකෝ. එතකොට පිරිමි ඉස්සරහින් ඇවිදගෙන යනකොට එක පාරටම පැද්දීමේ ස්පෑන් එක අච්චර වැඩි වෙන්නේ මොකෝ?
ReplyDeleteදීපල්ලකො බලන්න උත්තර...
Deleteඉල්ලුම හා සැපයුම න්‍යායට අනුව.
Deleteඒක වෙන්නේ එයාලටත් නොදැනුවත්වම. 64න් එකක්.
Deleteකොර වෙන පුරස්නයක්නෙ ඇහුවෙ ඩූඩ්. අපිනම් දන්නෑ ඔවුව!
Deleteඅනේද කියන්නෙ සිරා අයිය. මම ඩූඩ්ගෙ ප්‍රශ්ණයට ask the audience අවස්ථාව ලබාගන්නවා.
Deleteඅයාල් සිත්! ඔබේ පිළිතුර නිවැරදියි. :D
Deleteසුදීක අයියෙ, නොදැනුවත්ව වෙනවනම් ඇයි ඒවට මායම් කියන්නෙ?
Deleteසොබාදහම නංගී. සොබාදහම.
Deleteගෑණුන්ගෙ මායම් 64 ගැන හැමදාම කිව්වට පිරිමින්ට තියෙන මායම් 108 ගැන අහලා තියෙනවද කෙලියෙ...
Deleteපස්ටයි ඈ...ලොකු හයියක් බස්සියෙ බැරිවෙයිද ඇනටොමි වලට වෙනම බ්ලොගක් පටන්ගන්න.එතකොට ඒ බ්ලොග ලෝකප්‍රරසිද්ද වෙලා ලෙචාලා පුරුදු වෙයි විරිඳුවෙනුයි තොරණ් තාලෙටයි ලැච්චර්ස් දෙන්න :p :p
ReplyDeleteසෑන්ස් පාඩම් කරන්න මරු විදිහ
හිහි කෝමද ලෙචා ලැප වෙනුවට විරිදු රබාන කිහිල්ලෙ ගහගෙන එද්දි ආතල් එක. මැවිල පේනවෝ!!
Deleteකාලෙකින් ආවේ බස්සියේ,ඔයාගේ පෝස්ට් ගොඩක් මගහැරිලා .. :(
ReplyDeleteහෙමින් කියවන්න ඔමයියෝ. මාසයක්ම අතුරුදහන් වෙලා හිටියනෙ නේද!
Deleteමේ කියාදීමේ ක්‍රමය සාර්ථකයි බස්C
ReplyDeleteඊලඟ ප්‍රශ්ණය.....මේ කළු කෙල්ලන්ගේ (කැරිබියන්,ඇෆ්‍රිකන් )පස්ස ඔච්චර ලොකු මොකද? මේවා අඩු කරන්න බැරිද? මොකද අපි ගෙවල්වල අයට නිකන් නෝන්ඩි වෙනවා පාරේ යනකොට. අනිත් එක මේ දවස්වල සමර් නේ :D
එහේදී විතරක් නෙවෙයි මෙහෙදිත් නෝන්ඩි වෙනවා අරූ...................
Deleteඕකට විද්‍යාත්මක හේතුව නම් මමත් දන්නෙ නැහැ අරූ. හොයල බලන්න ඕනෙ. කෙන්ජිත් කියල තියෙන්නෙ ඒක බලල ඇහේ පොට යනව කියල :D
Deleteඅනිවා අරූගෙ කතාව රන් අකුරෙන් ලියල තියන්න ඕනෙ නැද්ද විදානේ?
Deleteපස්ස නේ හුම් හුම්
ReplyDeleteහ්ම්ම්ම්ම් හ්ම්ම්ම්
Deleteබොලා ලගදි ලිව්ව හොදම එක කියලා මට හිතෙනවා මේ ලිපිය...උපහාසය, ශෘංගාරය, දේවකථා අස්සෙන් විද්‍යාත්මක දේවල් ටිකකුත් කියවිලා...
ReplyDeleteබොහොම ස්තූතියි සිරා අයියේ අගය කිරීමට!
Deleteහිනා වෙලා වැඩි කමට කඳුළුත් එනවා ... හරිම ශෝක් පාඩම...
ReplyDeleteඉස්සර බයෝ වලට මෙහෙම ඉගෙන ගත්තානම් අපහු කවදාවත් අමතක වෙන්නේ නැතිවෙයි හි.. හි... :)
මේව ඇහෙද්දි මට විරිදුවෙන් බයෝ කියල ටියුෂන් ක්ලාස් එකක් පටන් ගන්න හිතෙනව.
Deleteකෝ මේ වනිත ඇවිත් නෑනෙ. ආවනම් ශක්‍රයාටත් දෙයියන්ගෙම පිහිටයි. ස්වභාවිකව පැද්දෙන එකනම් හරි කියමුකො. ඕක අස්වාභාවිකව පැද්දෙන එකනෙ හිතාගන්න බැරි.
ReplyDeleteහම්මේ ඒකනෙ මනෝෂ් වනිතට හතර අතේ කමෙන්ට් ගහන්න පුලුවන් වැදගත් ලිපියක්නෙ නේද! අස්වාභාවික පැද්දීමනම් ඉතින් ඉල්ලුම හා සැපයුම් වක්‍රයෙන් තමයි කියාදෙන්න වෙන්නෙ අර අයාල් සිත් කියල තියෙනව වගේ.
Deleteනියමයි. නියම කවි පාඩම.
ReplyDeleteස්තූතියි සිතුම්! සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!
DeleteThanks yasho,oya dipu browser eken dan blog kiyawanna puluwan.sinhlen comment karannath puluwan nam patta thamyi..:)
ReplyDeleteඉතින් අපිටත් කියහල්ලකො ඔය බවුසරේ ගැන. ෆෝන් එකට එන එකක් ද
Deleteමගෙ බවුසරයක් නෙමේ බන් ඔය මනෝ කියන්නෙ පහන් හදපු සියළු බවුසරේ ගැන. :D
Deleteමනෝ හෙළකුරු app එක install කරගත්තනම් සින්හල keyboard එකත් හරි. එතකොට සින්හලෙන් ලියන්නත් පුලුවනි. ඒ කරලා Blogger app එකත් දාගත්තනම් phone එකෙනුත් blog ලීවැකි.
Deleteහෙළකුරු එක ගන්න link එක එවන්නම් fb එකෙන්.
මටත් ඕනි සිම්බ්රියන් වලට අලි යන එකක්
Deleteඒම කියන්න එපෑ.. කොහොම වුනත් මං කලින් ඒක ගැන දැනගෙන හිටියෙ නෑ. දැන ගත්ත එක හොඳා. කාට හරි ඕන වුනොත් කියන්න පුළුවන් නෙ.
Deleteආචාරි මල්ලි අලි යන එකක්ද? එලිෆන්ට්පාස් වගේ එකක් හරියයි මං හිතන්නෙ. :P
Deleteමම හිතුව ඒක සියල්ලෝම දන්න එකක් වෙන්ටැ කියල. අපේ බස්ස ඔහොම එකක් ගැන ලියපු පෝස්ට් එකක් තියේ මෙතන.
Deleteමොබයිල් එකෙන් සිංහල
ලින්කුවට තැන්කිව්. ඒත් ඒ ක්‍රමේ දි ඩේටා වැඩිපුර යනව මගෙ හිතේ. අකුරු, රූප බවට පත් කරනව ලු ඒකෙන්.
Deleteඕ යේස්. සියලු බ්‍රව්සරේ හිටිගමන් පිස්සු නටද්දිනම් මම ඔය විදියට ඔපෙරාව පාවිච්චි කොරනව.
Deleteපාඩම හොඳයි.....කුකුන්දරාස්ථි රිදෙනකන්ම බංකු උඩට වෙලා ඉගෙන ගත්තු පාඩමක් නෙව මේ....බස්සි බොහොම සරලව කියා දීල...
ReplyDeleteහම්මේ ඒ බංකුවල පැය හතර පහ හිටපු හැටි මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනව. ඒ ලෙවල් නං අති භයංකරං
Deleteඔය ගෑනුන්ගෙ මෙව්ව එක (කුන්දරාස්ථියද මොකක්ද එක) ලොකු වෙල තියෙන්නෙ (නෑ නෑ සොරි, ලොකුවට මවල තියෙන්නෙ) ඇපල් ගෙඩිය පැල වුනාට පස්සෙ එළියට ගන්න පහසු වෙන්නත් එක්කල නෙවැ. හැබැයි උන්දැට (නෑ, නෑ. දෙවියන් වහන්සෙට) තිබුන පහසුවෙන් සීසර් කරන්න පුළුවන් විදිහට සිzපර් එකක් මහල එවන්න බඩ මැද්දෙන්.
ReplyDeleteබඩ මැද්දෙ සිzපර් මැවුවනම් කස්ටිය හීතලටත් ළමයි හදල කිසි ගින්නක් නැතුව සිzපර් එක ඇරල එලියට විසුක්කා කොරල දායි.
Deleteසාන්ස් පාඩම එල, මම ඉතින් ඔය අහිංසක දරුවා නිසා ඔවා දිහා බලන්නේ නෑ නෙව . ඔන්න් ඔහේ පාඩුවේ ඉන්නවා . මං උඹව පත් කරනවා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ අනුශාසක හැටියට .... හෙට එනකොට සුදු සාරියක් ඇඳගෙන වරෙන්
ReplyDeleteහෙට සුදු සාරි?! හිටු මම කරාටෙ කිට් එක ඇඳන් එන්නෙ බොට නෙලන්න.
Deleteඔය පැද්දිල්ලට වාහන ඇක්සිඩන්ට් හිටන් වෙනවය කියන්නෙ
ReplyDeleteහැබෑවටම!!
Deleteමට මතක් වුණේ
ReplyDeleteසැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා ... නිතමබ නලෝලා ...
කියන වේග රිද්ම ගීතය.ගෙහින් බලන්න. ගියාට පාඩු නෑ.
මේක මුලින්ම කිව්වේ එච්.ආර්. ජෝතිපාල මහතා. මේ කියන්නේ සුරේන්ද්‍ර.
Deleteසුදීක....මෂා එක කණෙන් බේරෙන සින්දුනේ මතක් කරන්නේ... ඕක හින්දි තනුවක් මගේ හිතේ. ලිව්වේ කරුණාරත්න අබේසේකරයන්.
Deleteහම්මේ පැද්දිල්ල!!!
Deleteඅරු,
Deleteහින්දි එක "Bakkamma Bakkama". මෙන්න මතකයන් අලුත් කර ගන්න පාරක්.
http://ayoma-jayasinghe.blogspot.com/2013/12/blog-post.html
Thanks Chandana... දෙකම නලෝලා..අනේ මන්දා කොයි දෙකද කියලා..
Deleteඅෆ්ෆා මේ වචන සිංහලද එහෙම නැත්නම් සයන්ස්ද ?
ReplyDeleteසයන්ස් කියල බාසාවක් නෑ නොවැ. Anatomy වචන වගයක් තියෙනව සිංහලෙන්. අමාරු වචන ඇත්නම් අහන්න තරිඳු. සරල සිංහලෙන් කියාදෙනු ලැබේ.
Deleteබස්සිගේ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා ඔයාව!!!
ඔයාලගේ බ්ලොග් අඩවි මගේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න මට ලින්ක් එවන්න, තව ඔයාලා දන්න සිංහල බ්ලොග් වගේම ලංකාවේ බ්ලොග් පිටු වල විස්තර අපට එවන්න අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් රචකයන්ට හා පාඨකයන්ට මේකෙන් යම් පහසුවක් සලසා දීමයි මෙහි අරමුණ.
ReplyDeleteඑතකොට මේකයි මේ වැනෙන වෙනස .... හ්ම්ම්ම්ම්
ReplyDeleteආන්න සැගියට තේරුනා!
Deleteමම හිතුවේ මේ කමන්ට් එක පබ්ලිස් වෙලා නැහැ කියලානේ.එහනම් මට අරකත් එවන්නකො..
ReplyDeleteමලා මේක වැටුනේ වැරදි තැන.,මේක වැටෙන්න ඕනේ මම කලින් දාපු කමන්ට් එක ගාවයි.
Deleteඔන්න බුකියෙ එව්වෝ......
Deleteඈයි සර්පයා ගෑන මොනවත් නෑත්තෙ?
ReplyDeleteටයිට්ල් එක බලන්නකෝ. මම මාතෘකාවෙන් පීලි පනිනව අඩුයි නෙව.
Delete