බස්සි හරිම කම්මැලියෙක්
කියලා හංවඩු ගැහෙන්නෙ
කොටා ගන්න පෝස්ටුවක්
නැතුවලු මේ කල් මරන්නෙ
කියලා හංවඩු ගැහෙන්නෙ
කොටා ගන්න පෝස්ටුවක්
නැතුවලු මේ කල් මරන්නෙ
උන ගැනිලා හන්දි කැක්කුමින් කල් ගෙවුනා
ඒ අස්සේ විබාග මල ඇණයක් යෙදුනා
පාලුවෙලා තිවුන බ්ලොගිය
ෆෝන් කට්ටෙනුයි කියෙවුවෙ
කොමෙන්ටු පිලිතුරු කොටලා
අදයි බ්ලොගිය හැඩ කෙරෙව්වෙ
කම්මැලි කම ඉහ මත්තේ පිනුං ගහනවා
ලැප දිග ඇරගෙන ඒ උඩ මම දොයියනවා
විස්ස විස්ස කියකිය
බ්ලොග් කාරයො තොල් මතුරවන්නෙ
විස්සයි විස්සේ තරඟය
ගැන වෙන්ටැති කතා වෙන්නෙ
හීනෙන් වගෙ විස්සක් ගැන කතා ඇහෙනවා
කිරිකැට් පිස්සුවයි හිතා මං දොයියනවා
ෆේස් බුකියෙ පණිවිඩයක්
බීප් බීප් නද දෙවන්නෙ
නලින් අයිය තමයි ඔන්න
පළවෙනි පණිවිඩය දුන්නෙ
සයිබර් සිහිනයෙ බක්මහ උළෙල තියෙනවා
බ්ලොග් කාරයො බ්ලොග් කාරියො එක්කහු වෙනවා
බක් මාසේ විසිවැනිදයි
සිහින උළෙල හැබෑ වෙන්නෙ
පැලවත්තේ බුද්ධදාස
පිට්ටනියෙයි වැඩේ වෙන්නෙ
ගේට්ටුවෙදි සීයෙ එවුව දෙකක් ගෙවනවා
ඊට කලින් මේ පෝරමෙ පුරවල එනවා
මීට කලින් කවදාවත්
ගෙට්ටුවකට ගොහින් නැතේ
මේ වතාවෙ අනිව මමත්
හොස්ස පොවල යනව පුතේ
බ්ලොගිය ඇරල අවුරුද්දක් වත් නැහැ ඔන්න
ලොකු අයිටම් නොදා මිතුදමින් අමතන්න
මූදු හතක් එහා ඉන්න
යාලුවන්ට සොරි වේවා
පොටෝ වීඩියෝ දැකලා
පින් අනුමෝදන් වේවා
සිහින උළෙල හීනෙන් දැක දැක තුටු වේවා
ලබන නව වසර ඔබ හැමටම සුභ වේවා
අනේ සුපින්වතුනෙ, හද්දා කම්මැලිකමේ මලකුත් නෙල නෙල මාත් සටපට ගාලා දානවලු ඔන්න සයිබර් සිහින බක්මහ උළෙල ගැන පෝස්කට්ටක්. හැමෝම එදාට එමු. බනිස් කමු. කඹ අදිමු. කණා මුට්ටි බිඳිමු. බොන අය බොමු. කන අය කමු. මෙච්චර කල් වර්චුවලි දැක්ක මූණු එක්ක හැබෑ ලෝකෙදි දොඩමලු වෙමු.
එතකම් උඹලා හැමෝටම සියලු දෙවි දේවතාවුන්ගෙ පිහිටයි! ආරස්සාවයි!!
බ්ලොග් කරුවන් දැනුවත් කිරීමට සහය වීම ගැන ස්තූතියි, අර විජට් කෑලි 2ත් බ්ලොගේ එල්ලල දාන්න අක්කෙ :)
ReplyDeleteඅනිවා. දැන් පෝන් කට්ටෙන් ඉන්නෙ. හෙට හවහට විජට් කෑලි එල්ලන්නංකො.
Deleteමුහුදු හතින් මෙහා ඉදන්
ReplyDeleteහුල්ලන්ට වෙන්නේ අපිට
බෑද නිකන් ස්කයිපිය
ලැපක් මගින් ඔන් කරන්න
දන්න කියන උන් එක්කලා
පොඩි කයියක් දාලා ඉන්ට.....
එහෙම අදහසක් ගැන
අපේ සැට් එක හිතලා නැද්ද...
අනේ මගේ සුදු බස්සි
මන් නැතුවම ටෝ යනවද
හිතට ඩුකයි....
අම්බානෙට..........
පරිස්සමින් බස්සි නගේ
ගෙඹිලුෂත් ඉදි හොදේ
මගේ ගනන් එකතු කරන්
පෙන්නා පන් අපේ බලේ
උඹලා හොදට සතුටු වෙයන්
ලබන සැරේ,මට එන්න වෙයන්
මේ අවුරුදු ජයම වෙයන්
හැම එකාට සුබම වෙයන්!!!!!
(අවුරුදු උත්සවය අපිට සිහිනයක්.....ස්කයිපිවත් තිබුනා නම් සැක්.......පිට රට ඉන්න අපි වගේ උන්ට කතාවත් කරන්න තිබුනා...)
ඇයි Buzz රේඩියො කෂ්ටිය ඉන්න නිසා කතා කරන්න පුළුවන්......නලින් කිව්ව....
Deleteමමත් යනව බං .... දවස් 5 ට ගිහිල්ල එන්න.... මේ එහෙ ඉගෙන ගත්ත ජප්පියො කට්ටියකට යන්න ඕනලු....
අක්කේ, උඹේ කවි සෙට් එකට මම වැඩියෙන් ලයික් හොදේ..
Deleteශානුවා එන්නේ නැති එක ගැන දුකයි ,අම්මප ඕකිව උස්සලා ගඟට විසි කරන්න නැතිවෙන එකට .
Deleteඔය කියල තියෙන්නෙ මොන බලේ ගැනද ශානු අක්කෙ?
Deleteඋඹ අඩන්න එපා ශානු
Deleteඑන වතාවෙ අපි සැට් වෙමු
ආවම ඔය ගෙඹිලූශව
දියවන්නා ඔයට දාමු
කෙන්ජිත් එනවැයි?
Deleteහෑ ඒනම් ඉදිකටු අයිය මගෙ කයියට ලැයික් නෑ නේද. අහුවෙයන්කො.
Deleteශානු එන්නෙ නෑ කිව්වම
Deleteගෙඹිලූශා උඩ පනින්නෙ
මෙදා පොටේ පණ බේරන්
යන්න ලක් එකක් තියෙන්නෙ
ඔය කියන්නෙ අපේ ඉක්කෝලෙ බලේ ධනා මල්ලි. ඔයත් පරිස්සමෙන්. අපි වසයි හොදේ.
Delete//මීට කලින් කවදාවත්
ReplyDeleteගෙට්ටුවකට ගොහින් නැතේ
මේ වතාවෙ අනිව මමත්
හොස්ස පොවල යනව පුතේ// මටත් කියන්ට වෙන්නෙ මේක ම තමා. එදාට හම්බ වෙමු ඈ....
සික් මේකිව බලා ගන්න මන් නෑනේ.....බස්සි අතේ ෆොටෝ කෑල්ලක් එවන්ට ඈ....මේ බස්සි මේ දිලිනිය ආවොත් අල්ල ගන්ට ඈ
Deleteකුරුට්ටියා එද්දි ෆස්ට් ක්ලාස් පාර්ටියත් අරන් එන්ට ඈ. මන් ඇවිත් කෝල් කොරන්නන්කො.
Deleteඅනිවා ශානු අක්කෝ ඔයාට බලන්න පොටෝ කෑලි දාන්නම්කො.
Deleteකොහෙදෑ අප්පේ එහෙම පාර්ටි තියෙන්නෙ? මං අහල නෑ නොවැ :-)) එන පාර හම්බ වෙමුකො ශානු....
Deleteකියන්ට අමතක වුණෝ... මට නොම්මරේ එවන්ඩෝ !!!
Deleteඑල එල මන් එවන්නම්!
Deleteෆස්ට් ක්ලාස් පාටි (1 වසරට දාගත්ත එකේ සතුටට ද?)
Deleteඒකනෙ විදානේ. මම නම් ඔහොම පාර්ටියක් ගැන ඇහුව ම යි!
Deleteආරස්සාවයි!!!
ReplyDeleteහම්මේ අහුවෙයන්කෝ
Deleteඑරබොදු මලේ රූ ඉසුරෙන් පරදන්නන..
ReplyDeleteකොවුලගේ ගී නාද දස අත පතුරන්න..
අවුරුදු උළෙල නව සිරියෙන් සරසන්න..
සීගිරි ළදක් ලෙස සැරසී ඔබ එන්න..
බක බක..
(අවුල්යැයි හැඟේනම් මකා දමන්න)
ජය වේවා..
එරබදු ගහට ඇන්දූ රත් පැහැ සේල
Deleteකොවුල් මුවග බැන්දූ ගී මුතු මාල
සීගිරි ළද නොවෙයි හැම බැන්දූ ආල
අවුරුදු කුමරි ලෙස එන්නෙමි සුකුමාල
කවි ටික නම් එල ඈ..
ReplyDeleteතැන්කූ දිනේශ් අයියේ!
Deleteසෑම අතින්ම උත්සවය සාර්ථක වේවා.....!
ReplyDeleteමෙවර උත්සවයට උවමනාවෙන් සහභාගී නොවන අයට පසුව අනේ ...අපොයි .....කියන්නට සිදු වනවා නියතය......!!!
නලින් නිහඩව විශාල අතිශය රහසිගතව මනා සැලසුම් සහගත සංවිධාත්මක වැඩ පිළිවලක් යොදා ඇත.....
මං බහින්නෙත් ජපන් කෑලි 8 ක් සහ මගේ අලුත්ම ..... බ්‍රසිල් පෙම්වතියද සමගය.....
ජපන් කෑලිම අටක්?? :o
Deleteඅම්මෙ මුත්තෙ කිවුවත් අපි අනිවා එනවා.
සිරාවටම කෙන්ජි අයියා එනවද?
ඔව් ඔව් නලිය හෙනම ගේමක් දෙනව. අපිට කිව්වෙත් හැමදෙයක්ම ඕනිවටත් වඩා තියෙයි කියල.
Deleteඅපිනං දන්නෑ ඔන්න
හම්මේ කෙන්ජි සිරාවටම අවුරුදු උත්සවේ නිසාම ලoකාවට එනවද? එල ඈ!!
Deleteහික්ස්! ජපානෙන් ගෙන්නන වාහන කෑලි වගේ ද
Deleteධනා මල්ලි කියන්නෙ කඹ අදින්න කඹ දෙක තුනක්, කණා මුට්ටි සීයක් විතර, ඇහැ තියන්න අලි පෙරහැරක්, හැන්දෙ තියන් යන්න දෙහි ගෙඩි එකට පහක් විතර වගේ ඕනැවටත් වැඩියෙන්ද :P
Deleteනෑ නලිය කියල තියෙන්නෙ ඇත්ත.
Deleteබනිස්, ඕනිවටත් වැඩිය ඉතිරි වුනා
බිත්තර,ඕනිවටත් වැඩිය ඉතිරි වුනා
මාළුපාන්, ඕනිවටත් වැඩිය ඉතිරි වුනා
කෑම,ඕනිවටත් වැඩිය ඉතිරි වුනා
අරව,ඕනිවටත් වැඩිය තිබුණ. මදිවෙලා තවත් ගෙනාව
අපට නම් ඉති සොරි වේවා තමයි බස්සි...
ReplyDeleteඅනෙයියෝ මියුරුත් ඉන්නෙ රටින් පිටද? දුක තමයි :(
Deleteමෙදා පාර සයිබරයේ
ReplyDeleteඇති බක් මහ උළෙලට
මමත් එනව දෝණි එක්ක
නොදැකපු උන් බලල යන්න.
ඔන්න ඉතින් දැක්ක විටදී
ළගට ඇවිත් "හලෝ මචං "
මම " අහවල " කියල මචං
කතා කරන් අනේ මචං.
එදාට සෙල්ලම් කොරන්ට
අපිත් එනව උබල එක්ක
බනිස් කන්න මමත් එනව
තරගෙට උබලත් එක්කල
අන්දයටත් කිරි කවන්න
එන්න ආස උනත් මෙමට
කව්ද දන්නෙ කිරි හට්ටිය
කොහෙට කවයි දො කියාලා
අපිත් එදා එනව මචන්
Deleteබස්ස එක්ක එන්නෙ මචන්
හායි බායි කියල මචන්
මූණ බලල කියමු මචන්
දෝණි නගාවනම් මචන්
දැකල තියෙන නිසා මචන්
උඹව හොයා ගන්න මචන්
ලේසියෙන්ම ඇහැකි මචන්
බනිස් කන්න ගියත් මචන්
කාගෙන යන්නෙපා මචන්
අනිත් එවුන් හටත් මචන්
බනිස් ඉතුරු කරන් මචන්
කිරි කවන්න යද්දි මචන්
දෝණි එක්ක යමන් මචන්
කිරි හට්ටිය ඔලුවෙ හලන්
යද්දි හැඩට පෙනෙයි මචන්
මරු මචං
Deleteඔහොම හැමෝම කියනකොට ඕකට එන්න අමාරු අපිවගේ එවුන්ට ඉරිසියා හිතෙනවනෙ අප්පා...
ReplyDeleteඔයාලට ඉරිසියා හිතවන්නම තමයි මේම ලියන්නෙ හික්ස්
Deleteපුළුවන් උනොත් මාත් එනවා... කොමෙන්ට් එකක් දැම්මේ, නිර්මාණය රහයි කියන්න..
ReplyDeleteතැන්කූ ඈ
Deleteපට්ට පට පට. (y)
ReplyDeleteඑදාට අපිත් ඔතන. එළ ටමා. :)
අහා එල ඈ
Deleteane apita sorry neda ithin!!! :-(
ReplyDeleteඒකනේ කිරී. Miss u patz!
Deleteආ බත්තී වලෙන්කෝ ....ආවම් බලාගමු අලී ....විරිදුව පට්ට ....
ReplyDeleteවලෙන්කො ටෝ. දෙන්නෙ උඩින් ගිහින් ග්‍රීස් ගහේ හිටින්න, කොඩිය වාගෙ
Deleteපට්ටයි ඈ බස්සි අක්කේ
ReplyDeleteතැන්කුයි හොදේ
Deleteඅපි මූදෙන් එහා නෙව!
ReplyDeleteවරායෙන් එහා ගුවන් තොටුපොළෙන් මෙහා නේද?
Deleteහෑ වරායෙන් එහා ගුවන් තොටුපලෙන් මෙහා කිව්වෙ?
Deleteපුළුවන් නම් එනෝ
ReplyDeleteඅනිවා එන්න මනෝ
Deleteඅපි ඉතිං පස්සෙ ෆොටෝ බලන්නං....
ReplyDeleteඑහෙමවත් පින් අනුමෝදන් වෙන්නකො එහෙනම්
Deleteතැන්කූ බස්සියේ
ReplyDeleteහිහි වෙල්කම් වේවා!!
Deleteදුක යනු,
ReplyDelete20 වැකේෂන් ඉවර වීමයි :( :(
උඹ තාම ඉස්කෝලෙ යනවද? :o
Deleteවරෙං වරෙං
@ සාශා ~ ඩුක ටමා රංජනී…
Deleteහෑ කොහෙද කැම්පොස් සාශෝ උඹ අග්නිදිග විශ්වවිද්‍යාලෙ නෙමෙයිනෙ. අවුරුදු උත්සවේට හොස්ස දාල හවස් වෙලා කැම්පොස් යන්න. :D
Deleteඅනේ පව් ඉස්කෝලෙ, හැබෑට තාම සාශා ඉක්කෝල බබාද?
Deleteප්‍රියා - රංජනීද සාශා ද
Deleteනැත නැත ඉක්කෝලෙන් අවුට් වී අවුරුද්දක් දෙකක් වෙනවාය.කැම්පස් එක දකුණේය :( එන්නට ආසාය.බලමුකො :D
Deleteදකුණෙ කොහෙද කියාං @නැතිභංගස්ථාන වෙමින්
Deleteආහාහා ආවම බලාගුමු ඉතුරු ටික :)
ReplyDeleteවිරිඳුව පට්ට. එදාටත් කියහං අක්කෙ :3
බලමුකො බලමුකො
Deleteවැඩේ ඉතාම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteතැන්කුයි! සිතූ එන්නැද්ද?
Deleteමං ආවොත් මොනවැයි දෙන්නේ..
ReplyDeletecok
Deleteකෝක් එක්ක සෝඩ තියෙයි දේශා. එන්න.
Deleteහම්මේ විදානේ........
Deleteලස්සනයි කවි ටික..
ReplyDeleteඒ කියන්නේ මේ පාර බස්සිත් එනවා කියන එක නේද , ෆොටෝ වලින්වත් බලන්ට බැරියැ එහෙනම් ..ඔය ෆොටෝ අංකල්ලා ෆොටෝ ගන්නකොට මැද්දට පැනලා හිනා වෙලා ඉන්න හොදේ ..:D
හයියූ චමියත් එතෝට දැන් එරොප්පෙද? හා හා මගෙ මූණ බලන්ට නම් බ්ලොගෙනුත් පුලුවන් මයෙ හිතේ.
Deleteජයවේවා !!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteජය හේ!! :D
Deleteලස්සන විරිදු ටික. එහෙනං එදාට හමු වෙමු.
ReplyDeleteස්තූතියි සුදීක අයියේ.
Deleteඅපිත් එන්නයි හිතන් ඉන්නේ ... හ්ම්ම්ම් හ්ම්ම්ම්
ReplyDeleteඑල නේ ෂැගියා!
Deleteපද ටික ලස්සනයි බස්සි.
ReplyDeleteස්තුතියි චන්දන අයියේ...!!
Deleteඅපි නං එයි ගෙට්ටු වලට
ReplyDeleteඑහෙමද
DeleteWell done..
ReplyDeleteYour future is safe...
Thankuuuu Shehan :)
Deleteවිස්ස වෙනිදා කියලා මං දැනගෙන උන්නා
ReplyDelete[ඒත්]
එන්න වෙන්නේ නැති එක ගැන හිත වද දුන්නා
[අනේ]
නිවාඩු අහවර වෙන්නෙත් එදාම වෙන්නා,
[අපිට ]
නිවාඩු අහවර වෙන්නෙත් එදාම වෙන්නා.
ආවත් මං දන්න එවුං එකෙක්වත්ම නෑ
ඒත් ඉතිං ආ හැකිනං මං සැලෙන්නේ නෑ
ඔක්කොම සෙට් කරගෙන මිස, අතාරින්නේ නෑ
ඒත්,
එන්න වෙන්නේ නෑ අනෙ මට එන්න වෙන්නේ නෑ