Sunday, March 30, 2014

ගබ්සා නොකල වරදට සමාජයෙන් ගබ්සා වීම (One Abortion? or being Aborted thousand times?)




138 බස් රථය කඩවත බලා ඉගිල්ලෙයි. අඩක් විවර වූ කවුලුවෙන් හමා එන සුළං රැලි මගේ අකීකරු කෙහෙරැල්ලෙන් දෑස මුවා කරයි. බසය පට්ටිය හන්දියේ නැවැත්වූ කෙනෙහි මම දෙනෙත් වසාලන කෙහෙරැල් පසකට කර අවට බලමි.






ඇය බසයට ගොඩවෙයි. පුරා සිවු වසක් එකම සරසවි බිම සැරි සැරූ හෙයින් මට ඈ කාලයක සිට හඳුනන අසල්වැසියෙක් වැන්න. ඇගේ ඉදිරියට නෙරා ආ කුස දෙස වරක් බැලූ කෙනෙහි මෙතෙක් තැන තැන සරසවි කුරුලු කිරිලියන් කෙඳිරූ රහස් ඕපාදූප සත්‍යයක් බව මට පසක් විය.


ඈ පසුපසින් බසයට ගොඩවූයේ කිරිකැටියෙක් අතින් ගත් තරුණ පියෙකි. ඔහුටද ඈ අසලින්ම අසුන් ගැනීමට ඉඩ ලැබුනි.


ගමන් මලු තුන බැරි බැරියේ ඔසවා ගත් මම ඈ සිටි ඉදිරි අසුන අසලට යමි. ඇගේ මුහුණ තඩිස්සි වී ඇත. එක් ඇසක් වැසී යන තරමට ඉදිමී නිල් පැහැ ගෙන ඇති අයුරු දකින මම සසල වෙමි. එහෙත් කිසිදු අපහසුවක් නැති අයුරින් මා හා කතාවට වැටෙන ඇගේ දෙනෙත් සතුටින් බබලයි.


"යශ් මේ ඉන්නෙ මගෙ බබා."


පෙරකී තරුණයා ඇගේ දරුවාගේ පියාණන් බවත්, ඒ කිරිකැටියා ඇගේ ළදරුවා බවත් මා හැඳින ගන්නේ එවිටය.






ඇය ගැන කවුරුන් කුමන කතා පැවසුවත් ඇය මගේ ලෝකයේ වීරවරියකි. දහසකුත් එකක් කම්කටොළු පෙරමග බලා හිඳින බැව් දැන දැනම, විවේචනාත්මක දෙනෙත් විෂ කැවූ හී සර මෙන් තම රුව පසා කරන බැව් දැක දැකම, පුරා තුන් වසක් වෙහෙසුන උපාධියද අත් නොහැර ඇය ලොවක් දිනා ඇත.





 
ඇය කුස ඔත් ජීවය නොනසා එය ආදරයෙන් දැඩි කළාය.

 
මාස ගනනකට ඉහත ලැබූ මේ අත්දැකීම හද පාරමින් අකුරු වලට හැරවුනේ නොබෝ දිනක එක් ශුද්ධවන්තියක් මා ඉදිරියේ දිගහල දේශනාවක් නිසාවෙනි. ඒ ඇය, මගේ වීරවරිය  පිළිබඳවය.




"මෝඩකමනේ බන් ඔය. වෙන option නැතුවා වගේ හරියට. blah blah blah....."


 
ඇගේ දේශනාව තවදුරටත් අසන්නට නොහැකි වූ තැන මම පැනයක් නැගුවෙමි.


"එතකොට උඹ ඔය දෙසන්නෙ ඒකිට abortion එකක් කරන්න තිබුනා කියලද? ඒකනෙ තියෙන අනිත් option එක."


"පිස්සුද බන්? මොන පව් වැඩක්ද ඒක???" ඇගේ කටහඬ කෝපාන්විතය. නිකම් මාව මරන්ඩ වගේ!


මා ඔබෙන් අසන්නේ එකම පැනයකි. ගබ්සාවට එරෙහිව හඬ නගන ශුද්ධවන්තයන් විසින් එවන් උදාර මවුවරුන්ව සමාජයෙන් ගබ්සා කර හැරීම කෙතරම් යුක්ති සහගතද???

 
මීට බොහෝ සමාන අත්දැකීමක් වසර ගනනකට ඉහතදීද අත්වින්දෙමි. මා ඈ දකින්නේ ටියුෂන් පංතියකදී ය. මල් පුබුදින්නට පෙරම ඵල දරන්නට සිදුවුවත් ගහේ ගෙඩි ගහට බරක් නොවීය. නමුත් ඈ මගේ සරසවි මිතුරියටත් වඩා දරුණු ඉරණමකට මුහුණ පෑවේ මලට පරාග ගෙනා බඹරින්දු අකුලකට මුවාවී පලා ගිය නිසාවෙනි.






 
ඈ මගේ ඇස් ඉදිරිපිටම සමාජයෙන් ගබ්සාවට ලක්වූවාය, වරක් දෙවරක් නොව, සිය දහස් වාරයක්.

 
ගබ්සාවට වචනයෙන් එරෙහි වන ඔබ, එයට ක්‍රියාවෙන්ම එරෙහි වූ වීරවරියන් සමාජයෙන් ගබ්සා කර දමන්නට පෙර මොහොතක් නැවතී කල්පනා කිරීම මැනැවි. ඔබගේ පාපය, ඇයගේ පාපයට වඩා සිය දහස් ගුණයෙන් විශාල බැවිනි.







95 comments:

  1. කතාව ඇත්ත...ගොඩක් අය වචනයෙන් ගබ්සාවට එරෙහි වෙනවා. එත් තාත්තෙක් නැතිව උනත්(දාලා ගිහිල්ල නිසා )ඉපදෙන්න ඉන්න දරුවාව විනාශ නොකර ජීවත් කරවන්න වෙහෙසෙන ඒ උතුම් කාන්තාවන්ව සමාජයෙන් කොන් කරලා චරිතය විනාශ කරලා,ඉන්න හිටින්න තැනක් නැති කරලා දාන ශුද්ධවන්තයෝ අප මේ 2500 වසරක අභිමානවත් ඉතිහාසයක් ඇති ජනතාව අතර පිරිලා. එදා අනාචාරයේ හැසිරුණු ස්ත්‍රීයට , ජනතාව සහ පරිසිවරු ගල් ගහන්නට සූදානම් උනා.අනිවාර්යෙන්ම ඇය එක්ක හිටිය පුරුෂය ත ඒ සෙනග ට එකතු වෙලා ඉන්න ඇති. ජේසුස් වහන්සේ බිමට නැමී යමක් සටහන් කරලා එකම එක වාක්යයි කිව්වේ." ඔබ අතරින් පාපයක් නොකල තැනැත්තා පළමු ගල ගසන්න " . ජේසු නැගිටලා බලන කොට ගල් අතේ තියාගෙන හිටපු කිසි කෙනෙක් එතන හිටියේ නෑ.ඔන්න ඕක තමයි අදත් වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සෙහාන් +++++++++++++

      Delete
    2. අනිවාර්යයෙන්ම ශෙහාන්. ඔබේ කතාව හරියටම හරි. ගොඩක් අය දන්නෙ නෑ කෙනෙක් දිහාවට එක ඇඟිල්ලක් දිගුකරද්දී තමන් දෙසට ඇඟිලි හතරක් එල්ල වෙන බව.

      Delete
    3. ඔබේ අදහසට මගේත් ආචාරය සෙහාන්

      Delete
  2. හොද ලිපියක් බස්සි .. එයා ඇත්තටම වීරවරියක් තමයි. ඔයා මේ කතාව තුලින් මතු කරපු අදහස ගොඩක් වටිනවා. ගබ්සාවට එරෙහි වෙන අයම ගබ්සා නොකර දරුවෙක් අමාරුවෙන් හදන කෙනාව මානසිකව පිඩාවට පත් කරනවා, මේක කියවන අය තම තමන්ම විමසගනිවී..

    ඒ වගේම උඩම තියෙන ජේදය සහ දෙවැනි ජේදය අතර යම් නොගැලපීමක් තියෙනවදෝ හිතුණා, ගර්භනී කෙනෙක් බස් එකට නගිනවා කීවා. ඒ වගේම දරුවෙකුත් අතේ ඉන්න, මගේ තේරුම් ගැනීමේ වරදක් වෙන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. අනේ මගෙ අතින් කතාව ලියැවීමෙදි උන අතපසුවීමක් මචෝ. මම ඒක මට දැනුන විදියටමනෙ ලිවුවෙ. උනේ මේකයි. බබා ලැබිල දින කිහිපයයි නිසා ඇගේ රූපය තවමත් ගැබිනි මවක් වගෙයි. මම මුලින් හිතුවෙ නෑ පසුපසින් ආවෙ දරුවයි තාත්තයි කියල.

      කට්ටියටම ඔතන ටැපලේවි කියල මෙතන රිප්ලයි කලේ. ලිපිය රෑට හදන්නම් :)

      Delete
  3. මේ වගේ ධෛර්ය සම්පන්න ගෑනු ළමයි බොහොමයක් අපි නොදන්නව වුණාට අතරින් පතර ඇති. ඇත්තට ම ඔබේ මේ ලිපියත් ඔවුනට උත්තමාචාරයක් විය යුතු යි. Shehan Senadheera ගේ කතාවට සම්පූර්ණයෙන් එකඟ යි. ‘ගබ්සා නොකල වරදට සමාජයෙන් ගබ්සා වීම‘ කියන අදහස ම, ඒ විදිහට ගබ්සා කරන සමාජයට හිතන්න දෙයක් ඉතුරු කරල තියනවා.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලිවීමේ අරමුණත් එයමයි කුරුට්ටියේ. :) ඒවගේ ශක්තිමත් හදවත් ඇති ගැහැණු ළමයින්ට උත්තමාචාරයක් පුද කිරීම වගේම ඔවුන්ව සමාජයෙන් ගබ්සා කරන්නට තතනන කුහක නාමික සුචරිතවාදීන්ගේ ඇස් ඇරවීම.

      Delete
  4. ගබ්සාව කියන මාතෘකාව අසරණ වෙච්ච ගැහැණුන්ගේ ඔලුවට ඔබන්නේ අපි ජීවත් වෙන සමාජයම තමා බස්සි ,ඒ විතරක් නෙවේ ගබ්සා කරන දරු ගැබ් ගැන අයිතීවාසි කම් කියන්නෙත් උන්ම තමා අතීමෙට.......හැබැයි ඔය මල සමයන් මනස්ගාත මේ රටේ නම් නෑ....ඒ අතින් මොන දේ උනත් තමන්ගේ බඩේ ඉන්න දරුවව කොහොම හරි මෙලොවට බිහි කරලා හදා ගන්නවා.......අම්මා,තාත්තා ,,නෑදෑ, හිත මිතුරන් උනත් කලින් විදිහටම මේ වගේ ගැණු අයට උදව් පදව් කරනවා.....රෝහල් වල උනත් ඒ වගේ අම්මලා වෙන්න ඉන්න අයට ගොඩක් හොදට සලකනවා...රජයෙන් පවා සහනාධාර ලබා දෙනවා......මුන්ගේ සංස්කෘතික පැත්ත බල්ලට ගියත් ....මේ වගේ කාන්තාවකට හිමි වෙන මානුෂික සැලකීම්,සහයෝගයන් නිසා ඔය ගබ්සාවට බොහෝම අඩුවෙන් තමා ඔය වගේ අසරණ වෙච්ච ගැණු කෙනෙක් යොමු වෙන්නේ....
    ටව ටීනවා එක්කෝ ඇටිනේ...... මේ වගේ ලිපියක් ලිවිම ගැන ආඩම්බර වෙන්න......ඔය වගේ අම්මලාව හිතේ වීර වරියන් කර ගන්න තවත් එකෙක් ඉන්න බව මතකයේ තියා ගන්න නංගියා...

    ReplyDelete
    Replies
    1. ඔව් ශානු. ඇත්තටම මේ වගේ කතා අහනකොට, ඔවුන්ට සමාජයෙන් ලැබෙන කෙනෙහිලිකම් පේනකොට ඒ තත්වෙට පත්වෙන අනිත් ගැහැණු ළමයිනුත් ගබ්සාවට පෙළඹෙන්නේ නිරායාසයෙන්.

      මමත් කියවලා අහල තියෙන විදියට බොහෝ බටහිර රටවල ගබ්සාව නීතිගත කර තිබුනත් එයට පෙළඹෙන අය අඩුයි. මොකද ඔවුන්ට අත දෙන්න බොහෝ අය ඉන්නව. ඒ විතරක් නෙමෙයි දරුවා බිහිකල පසු මවට අධ්‍යාපන කටයුතු හමාර කරගන්නකම් දරුවාගේ වගකීම බාරගන්න ඉදිරිපත් වෙන කාරුණික දෙමවුපියෝත් කොතෙකුත් ඉන්නවා. ඒකට මෙහෙ. :)

      ටව ටීනව නන් ලියන්නටෝ.... ටැන්කුයි ඈ... !!!

      Delete
  5. ඔබගේ වීරවරියට ලග ඇගේ සැමියා සිටිනවා. එහෙමවත් නැතිව සරසවියටම හොරෙන් පියකුනැති දරුවන් උස් මහත් කල මාණවිකාවන් සිටියා, ඉන්නවා.. ඔවුන් ඇත්තටම වීරවරියන්.
    අසරණ උනු කාන්තාවන් ගබ්සාවට යොමුකරන්නේ අපේ සමාජයම තමයි. මොකද අප්පෙක් නැති දරුවෙක් හදන කෙනා දඩාවතේ ගිය කෙනෙක් විදියට තමයි සමාජය දකින්නේ, මේ වගේ අසරණ වෙච්ච අයට මානසික සහනයක් වෙන්න පුළුවන් ආයතන සංවිධාන (සැබැවින්ම අවංක අරමුණින්) බිහිවෙනවනම් ගොඩාක් යහපත්..

    ReplyDelete
    Replies
    1. විදානේ දන්නවද සත්ව කරුණාවෙන් පිරුන අපේ සමහර මානවිකාවන් කිවුවෙ ඇයට 'කොච්චර හොඳ කොල්ලෙක් හොයාගන්න තිබුනද... අපරාදේ...' කියලයි. ඔව්. ඔවුන් වීරවරියන්. අවාසනාවට අපේ සමාජය වීරවරියන් ලෙස අදහන්නේ රූප පෙට්ටියෙන් දකින අභීත දියණියයි සුජාත දියණියයි විතරයි නෙව. ඔබේ අත්දැකීමත් විස්තර ඇතුව ලියන්න පුලුවනි නම් ගොඩක් වටිනවා යාලු.

      Delete
  6. +++++
    Respect them!!
    Respect you for pointing out those nicely and stand for them.

    ReplyDelete
    Replies
    1. Thankz boo pale! :)
      Yeah they are the real heroines who deserve our respect.
      BDW, Welcome to Bassige nawathana!!!

      Delete
  7. ලිපියට උචිතම පිළිතුර ෂෙහාන් ගෙන් ලැබිල තිබෙන නිසා මා කිසිවක් නොකියමි.
    අර "ගුරුතුමී"කියල තියෙන ජේද දෙක ගැන මටත් කුකුසක් ආව බන්ස් .... පොඩ්ඩක් බලපං ...

    ReplyDelete
    Replies
    1. ගුරුතුමීට එතන උත්තරේ දුන්න බන්. එතන හදන හැටි තාම මට හිතාගන්න අමාරුයි. නිවාඩුව හදන්නම් තේරෙන විදියට හොඳේ.

      Delete
  8. මෙහෙමනේ බස්සි, ඔය ගබ්සාවට එරෙහිවීම මෑතකදී මතු කරලා ගත්තේ මානුෂික හේතු නිසා නෙමෙයි. මුස්ලිම් මිනිස්සු වැඩිය ළමයි හදලා, සිංහල ළමයි අඩුවෙලා මේ රට මුස්ලිම් රටක් වෙයි කියලා බයවෙච්චි කස්ටිය සිංහල ඔළුගෙඩි ගාණ වැඩි කරගන්න ගෙනාපු සටන් පාඨයක්. ගැබ් ගැනීමට හේතු, ගබ්සාවක් කරනවා නම් ඒකට හේතු වගේ සමාජයීය, මානුෂික කාරණා ගැන කිසි සැලකිල්ලක් නෑ එතනදි. ඒ සටන් පාඨය පසුබිමේ කිසිම මිනිසත්කමක් නැති නිසා තමයි, ගබ්සාවක් නොකරපු ගැහැණියක්, යම් පරිත්‍යාගයක් කරපු කෙනෙක් කියලා ඔවුන්ට වැටහෙන්නේ නැත්තේ. මේකත් හරක් මැරීමට විරුද්ධ වීම වගේම තව එක සටන් පාඨයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම තිසර. එතනදිත් කරන්නෙ උපත් පාලනයට එරෙහි වීමක් මිසක් ගබ්සාවට එරෙහි වීමක් නෙමෙයි. අනික ඔය සටන් පාඨ කියවන එකෙක්වත් ළමයි හත අටක් ඉන්න දුප්පත් පවුලක් කන්නෙ අඳින්නෙ කොහොමද කියලවත් හොයන්නෙ නෑ නෙ. බොරුවට පොරවල් වෙන්න හිතාන කටින් බතල හිටවනවා මිසක.

      හරක් මැරීමට විරුද්ධ වීම නම් තනිකරම ජෝක් එකක් නෙව. හරකා විතරයි සතා. අනේ මන්ද.

      Delete
  9. කාලෙකට කලින් පෝස්ට් එකක ගබ්සාව නීතිගත කරන්න ඕනෙ කියල මං කිව්වම කීප දෙනෙක්ම තදින්ම විරුද්ධ උනා ඒක මහ පවු වැඩක්ය කියල.. හදා ගන්න බැරිද අරකද මේකද කියල... හදාගැනීම නෙවෙයි ප්‍රශ්නෙ.. මේ කෙහෙල්මල් සමාජය... අවුරුදු 13 -14 තේරුමක් නැති දැරියක් අම්ම කෙනෙක් වෙන්න ගියාම ඇරෙන්න, මොන ගෑණිද තමන්ගෙ බඩේ ඉන්න දරුවා හිතේ සන්තෝසෙන් නැති කරන්නෙ... ( අපේ රටේ තාමත් අවුරදු 13න් අම්මලා වෙන දැරිවියෝ ඉන්නවා..) අනිත් එක ඔහොම වෙලාවක බොහොම කලාතුරකින් පිරිමියෙක් තමයි තමන්ගෙ වගකීම බාරගන්නෙ... එයාලට ගැලවිලා යන්න අපේ සමාජයම ඕනෙ තරං මාර්ග හදලා දීලා තියෙනව... සමාජයෙ ලෙඩ ටික අධ්‍යාපනයෙන් හෝ මොන විදියෙන් ගොඩ ගන්නකං නීතියෙන් හරි පිළිසරණක් තියෙන්නෙ ඕනෙ කියන එකයි මං කිව්වෙ... නීතිගත උනාම අඩුම ගානේ වටේ පිටේ ( අම්මලා තාත්තලා, නෑයෝ, සමාජය ) උන් ගැබ් ගත් කෙල්ලව බලෙන්ම හොර වෙද්දු ගාවට අරන් ගිහින්, අර කෙල්ලව තවත් දූෂකයෙක්ට පාවලා දීලා, ඒකිගේ ඇඟට කාලයක් පවතින විශබීජ ගොඩක් ඇතුල් කරලා, ඊටත් වඩා ඒකිගෙ මනසත් විනාස කරලා මානසික ලෙඩෙක් කරලා, හොරෙන් ඇබෝෂන් කරන එකවත් නවතියිනේ... අනිත් එකේ අපේ රටේ තාමත් හරිහමන් විදියට දරුවෙක් හදාගන්න දෙන්නවත් ක්‍රමයක් නෑ..

    මේ තියෙන්නෙ මං කිව්ව පෝස්ට් එක

    ReplyDelete
    Replies
    1. හිරු අක්කෝ ඔයාගෙ පෝස්ට්1න් සහ කමෙන්ටුවෙන් කියන දේට මාත් එකගයි. ගබ්සාව නීතිගත කලානම් අකාලයේ තරුණ මව්වරු මියැදෙන එකවත් අඩු වේවි. අනිත් කාරනේ තමයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් නම් මුලින් කරන්නෙ ජීවිතයක වටිනාකම කියාදීම. එහෙම ක‍රල අම්මා දරුවව දරන්න එකග උනොත් දරුවව බාරගන්න සුදුසු පවුලක් සොයා දීමේ වගකීම බාරගන්නත් කැමතිවෙන වෛද්‍යවරු ඉන්නව. අපේ රටේ නම් නෙමෙයි, ඒත් ලoකාවෙත් එහෙම ක්‍රමවේදයක් ඇතිකරන්න පුලුවනිනම්......

      Delete
  10. බස්සිගෙ අදහස දිහා කෝණ කිහිපයකින් බලන්න ඕනි කියලයි මට හිතෙන්නෙ........ පිපෙන්නට අර අදින පොහොට්ටු රැක ගැනීම වීර කමක්...... ඒකෙ ආයි විවාදයක් නැහැ............ ජීවිත කාලය පුරාම උඩුගං බලා පිහිනන්නට වන .. ඒ වගේම පණ තියෙනකම් හිත තද කරගෙන විදගන්නට වන තීරණයක්..... නමුත් ඔතැන තියෙන්නෙ පුශ්නයේ මතුපිට විතරයි....... සැබෑම ගැටළුව තියෙන්නෙ අපේ රටේ ලිංගික අධ්‍යාපනයේ සහ සාම්ප්‍රදායිකව ඒ පිළිබද ගොඩ නැගිල තියෙන ආකල්පත් එක්ක කියලයි මට හිතෙන්නෙ...... විධිමත් ලිංගික අධ්‍යාපනයක් තිබුන නම් තරුණ වයසෙදී ලිංගිකත්වය මැජික් එකක් වෙන එකක් නැහැ. ඒ වගේම විධීමත් හා පිළිගත් ගබ්සා ක්‍රමවේදයක් තිබුණා නම් සමහර වීර තීරණ වෙනස් නොවේවි කියලා කාටද කියන්න පුළුවන්..... වාරෙට පිපෙන මලේ ගෙඩි හට ගැනීමේ ප්‍රවනතාව අවාරෙට පිපෙන මලකට වඩා බොහොම වැඩියි....

    ReplyDelete
    Replies
    1. අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදයයි, බලෙන් කරේ තියන් ‍යන වික්ටෝරියන් සභ්‍යත්වයයි එක්ක ගස් වල වාරෙට මල් පිපුනට ගෙඩි හැදෙන්නෙ බොහොම පමා වෙලා, මම ඉගෙනගත් ජීවවිද්‍යාවට අනුව. ඔව් මේ දිහා විවිධ කෝණ වලින් බලන්න පුලුවනි. අවාරෙ බලෙන් මල් පරාහනය කලාම හටගන්නා ඵල ගහටත් හානියක් නිසා නිසියාකාරව ඉවත් කර දැමීම කල යුතුමයි. මම මෙතන කිවුවෙ ඒගැන නෙමෙයි.

      වීර තීරණ වෙනස් කරගන්න ඕනෙකමක් තිබුනානම් විශ්වවිද්‍යාලයෙ සෞඛ්‍ය මධ්‍යස්ථානය හරහා වෛද්‍ය නිර්දේශ සහ අදාල අනුමැති සහිතව ඔවුන්ට ඒක වෙනස් කරගන්න සියලු පහසුකම් තිවුනා. :)

      Delete
    2. මම වාරෙ කියල අදහස් කරේ ඔයා කියන වික්ටෝරියානු සභ්‍යත්වයත් එක්ක සාමාජීයව එළැබෙන වාරය මිසක් ජීව විද්‍යාත්මක වාරය නොවෙයි...ඒත් මම ඒවචනයට කැමතියි.වික්ටෝරියානු සභ්‍යත්වය........ ලිංගික කුහකත්වයට අපූරු සමාන පදයක්........මම දැක්කා කවුද කියලා තියෙනවා අපි පවත්වා ගෙන යන්නෙ ලැජ්ජා සංස්කෘතියක් කියලා....පොඩි කාලේ ඉදලා අපඅව හුරු කරන්නේ ලැජ්ජාවට හා බයට........... ඔය රාමුව අස්සෙ රහසේ කළුවරේ හංගලා තියෙන මැජික් එකක් තමයි ලිංගිකත්වය... බලාගෙන ගියහම ඔය අකෘතියෙන් අභිබවන කවුරුත් දැන හෝ නොදැන කරන්නෙ වීර කමක්ද කියලා සැකයකුත් හිතෙනවා......

      Delete
    3. ඔහෝ මම ඔයා කියූ දේ වරදවා වටහාගෙන නෙව ඉන්දික. සමාජය පිලිගන්නා වාරය නම් ජීව විද්‍යාත්මක වාරයට වඩා බොහෝ ඈතයි. අනික ඔය කියන සම්මතයන් සමාජගත වුනේ මෑත අතීතයේදි. නැතුව අපේ හෙළ සංස්කෘතියෙ කොටසක් නෙමෙයි නෙව ඕක. :D

      අනිවාර්යයෙන්ම. ලිංගිකත්වය අපේ රටේ සමහර හැට පැනපු උදවියටත් මැජික් එකක්. මොනවා කරන්නද ඒවටනම්.

      Delete
    4. අන්න එහෙම එන්ඩ බස්සියේ...

      Delete
  11. හ්ම්ම්ම් ඇත්ත බස්සි ඇය සැබවින්ම වීරවරියක්. කොහොමටත් අපෙ වගේ පසුගාමී සමාජයකින් මේ වගේ ප්‍රශ්ණෙකදි සුභවාදී පිළිතුරක් බලාපොරොත්තු විය නොහැකියි. කොටින්ම ඔහොම ප්‍රශ්ණෙකදි පළමු වෙඩි මුරය පත්තුවෙන්නෙ තමන්ගෙම පවුලෙන් වීම තමා දුක.

    ඇත්තටම අපේ සමාජය ගබ්සාව එපා කියලා එළියෙන් කිවුවට තමන්ගෙ හෝ ගෑවිච්ච හෝ එකෙක්ට ඔහොම තත්වයක් උදා උන ගමන් දෙන විසදුම ඕක තමා. නමුත් ගබ්සාව තුරන් කිරීමට නම් සමාජය මීට වඩා මානුශීය විය යුතුයි. ගැබ් ගෙන සිටින සියළුම කාන්තාවන්ගෙ මානසික සමාජීය තත්වය තේරුම් ගෙන ඇයව කොන් නොකර බලා කියා ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. පළමු වෙඩි මුරය පත්තුවෙන්නෙ ගෙදරින් කිවුවම මට මතක් වුනේ මගෙ මිතුරියෙක්ට අසනීප වෙලා ඩොකා pregnancy test එකක් කරන්න කියාපු වෙලාවෙ ගෙදරින් පත්තු කරපු වෙඩිමුර පේලිය. :D

      Delete
  12. නීති රාමුවක් තුල ගබ්සාව නීතිගත කළ යුතුමයි.. නූතන සමාජයේ එය අවශ්‍යතාවයක්..

    ReplyDelete
    Replies
    1. එකගයි. එයින් ගබ්සාවට පෙළඹෙන කාන්තාවන්ට අදාළ උපදේශනය ලැබෙනවා. මවගේ ජීවිත අවදානමත් අවම වෙනවා. ගබ්සාවට පෙර ජීවිතයක අගය වටහා දීමෙන් බොහෝ තීරණ වෙනස්වේවි.

      Delete
  13. ගබ්සාව නීතිගත කරනවා වාගෙම , උප්පැන්න සහතිකයෙන් පියාගේ නම තියන තීරුව , සහ විවාහක අවිවාහක බව කියන තිරුවත් ඉවත් කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවා

      Delete
    2. ඕව කරන්න ඉතිං ලෝක සම්මතයෙන් බැහැර වෙන්න වෙනවා අපිට...
      අර ස්වාසිලන්තේ වගේ නම් හරි යයි....
      අනේ මන්ද... යෝජනා කරපු කෙනයි... අනිවා කියල කතිරෙ ගහපු උත්තමාවියයි....
      දෙන්නම ...හරක්....

      Delete
    3. kenji @ ඔබ මට හරකා කීවේ විශ්වාසයෙන්ද? මට පිළිතුරු අවශ්‍යයි

      Delete
    4. අනේ නිකා හිටහං කෙන්ජි අයියේ , ඔය ලෝක සම්මත වලයි සමාජ සම්මතවලයි , සම්ප්‍රදායයි , සමාජ රීතියි අරකයි මේකයි , ඔව්වා ඔක්කොම කොයි මිනිහත් කොයි රාජ්ජයත් කඩල බිදල දාන්නෙයි , අනුගමනය කරන්නෙයි කබර ගොයා තලගොයා නියායෙන්ම තමයි ,

      තමනගේ අවශ්‍යතාවයට අනුව අවස්ථානුකූලව . කාලානු රූපව , සමාජ සම්මතයන් ආරක්ෂාකරන එක බිදදාන එක තීරණය කරන්නේ ඒ මිනිස්සුමයි ,

      උඹ උනත් සමාජ සම්මතයන් බල්ලට දාලා කටයුතු කරපු වෙලාවල් නැද්ද මං අහන්නේ ඉදගන

      Delete
    5. අනිවා ... +++++++++++++++++

      Delete
    6. @ ඔමාය.. ඇයි ... තමුන් ....මේකේ පොලිස් කාරිද.... ඕන්නම් දාගන්න අන් තට්ටු යුගලයත් එක්කම ....
      හිතන්න එපා ,,තමුන්ගෙ මතේ ....ලෝකෙම මතේ කියල හරි....

      Delete
    7. අටම් උඹටත් කිව්ව කියල හිතාගනින් ...ඉන් බොක්ස් ගිහිල්ල බලපං ...

      Delete
    8. ඉස්සර මං වාගේ සංවේදී වෙන්ඩ එපා බං , දැං මං වාගේ තිරිසං වෙයං ,

      එව්වා කොහොම වෙතත් මං හින්දා හිත රිදුනානං සොරි වෙයං

      Delete
    9. එහෙමද kenji ??? මං පොලිස් කාරියක් නෙමේ හරකියක් කියන්න හේතුවයි ඇහුවේ ,

      //ගබ්සාව නීතිගත කරනවා වාගෙම , උප්පැන්න සහතිකයෙන් පියාගේ නම තියන තීරුව , සහ විවාහක අවිවාහක බව කියන තිරුවත් ඉවත් කරන්න ඕන.// මේකට මන් එකගයි , ඒකයි ප්‍රතිචාරයක් දැක්වුවේ. තමුන්ට මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද ? මගේ නම සම්බන්ද නිසා ඒ ගැන මට අහන්න අයිතියක් තියෙනවා .

      Delete
    10. උප්පැන්න සහතිකයට ඔය කියන දෙක ඇතුලත් නොකලොත් එයට උප්පැන්න සහතිකය කියා කියන්න බැහැ ....
      එනිසයි මා එසේ කීවෙ ......,..
      දෙකට්ටුවට මල පැන්නා නම් සමාවන්න කියා ඉල්ලා සිටිමි.......

      Delete
    11. ඇයි එහෙම කියන්නෙ.
      ස්වසිලන්තය නෙමේ. දියුනු රටවල, විවාහක බවවත්,පියෙක් ඉන්නවද බවවත් ඉල්ලන්නෙ නෑනේ.
      ඒක පාසැලට ඇතුලත් කර ගැනිමට වගේ කොහෙත්ම බලපාන්නෙත් නෑ..
      'පියෙක් නැතිව දරුවෙකු බිහි කිරිම' කියලා දෙයක් ලෝකේ වෙන්න බෑනේ.බයලොජිකල් පියෙක් ඉන්න එපැයි.
      අනිත් අතට පියෙක් නැතිවිම වරදක් නම්, එක දරුවගේ වරදක් වෙන්නේ කොහොමද?

      Delete
    12. අනෙක ආන්ටි ඉමෙල්ඩාගේ දරුවාගේ පියා එයාගේ සවාමි පුරුෂයා නෙමේනේ.legal පියා අර කවුද අන්කල් අයියා biological ඉතින් ....... තමයි කෙන්ජි කියන හැටියට

      Delete
    13. උඹලා රන්ඩු නොවී හිටපල්ලා. මම මගේ වාහෙට කිව්වා පියාගේ නම ඉස්සරහින්..ආඩම්බරකාර තාත්තා කියලා දාන්න කියලා. එයාට ඉන්න ළමයි හැටියට අපේ ඉපදෙන්න ඉන්න එකා වැඩියක් නැහැ.

      Delete
    14. අටම් : උප්පැන්න සහතිකේ ඔය සටහන් කිරිල්ල නතර කල නොහැකි උනත්, ඒ කොලේ ලියැවිච්ච වචන මත මුකුත් නොදන්න පොඩි එකෙක්ව අවජාතකයෙක් කරලා ඒකගෙ ජීවිතේ කාලකණ්ණි වෙන්න අරින එක නම් නැවැත්විය යුතුමයි.

      Delete
    15. ඔමාටත් දෙන්න වෙන්නෙ අටම්ට දුන් පිලිතුරමයි. ඔයාල අදහස් කරන්න ඇත්තෙත් එයමයි නේද?

      Delete
  14. ගබ්සාව නුතනයට යම් විදියක රජයේ අනුග්‍රහය මත ගෙන එන්න ඕන ,දැන් වුණත් ඕක නෑ කියන්න බෑනේ හැම තැනම තියෙනවා,

    කොටින්ම ලිංගික අධ්‍යාපනය සාමාජයේ පහලටම කාන්දු වෙන්න ඕන ,මෙතන ලොකු ප්‍රශ්නනයක් එකත් ...

    මං වැඩ කරා ඕය ලිංගික ආධ්‍යාපනය දෙන ඔය රාජ්‍යය නොවන සංවිධානයක ව්‍යාපෘතියක,ඉස්කොලෙ යන කාලේ දී,එතනදි අපේ රටේ තත්වෙ හොදට තෙරුණා ,කොටින්ම දෙයක් ගන්න නෙවෙයි මිනිස්සු හැදුවෙ ,හැම තැනම පච විමලේලා වැහි වැහැලා හිටියේ ,එකත් විජාතික බලවේග වුණා අවසානේ ...

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් ගබ්සාව නීතිගත කිරීම, නිසි උපදේශනය සහ ආකල්පමය වෙනසක් ඇති කිරීම මගින් හොර වෙද්දුන්ගෙ අතින් මියැදෙන මවුවරු ගනන අඩු වෙනවා වගේම, ඇඟෙන් ඉන්නෙක් අයින් කරනව වගේ කලලයක් අයින් කිරීම සුලු කොට තකන මානසිකත්වයත් වෙනස් වේවි.

      Delete
  15. මේකනෙ වැඩේ...
    හුගක් ඔය පාරිශුද්ධය කියල පෙන්නගෙන ඉන්න අය ඉන්නව නේද...
    ඒ අය තමා හුගක්ම අනික් අයට ගර්හා කරන්නෙ..
    මට නං හිතෙන්නෙ එයාල කියන දෙයින් පේන්නෙ සහ වෙන්නෙ එයාලගෙම චරිතය හා ආත්මය නිරුවත් වීමක් ලෙසයි...
    සරලයම කියනව නං එයාල එයාල දිහාම බලන විදියට තමා සමාජයෙ අනික් අය දිහා බල්න්නෙත්...

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ කතාවෙන් ඒ හෙලුව රටටම පේන බව ඒ ඊනියා සුද්ධවන්තයින්ට තේරුමක් නෑ මහේශ්. මොනා කරන්නද.

      Delete
  16. අපේ සමාජය මාර විදියට කුහකයි බස්සියේ. තාත්තෙක් හිටියත් නැතත් ගබ්සා නොකර ඒ දරුවව හදා ගන්න අම්ම වීරවරියෙක් ලෙස සළකනවා වෙනුවට රොස් පරොස් .සමාජය නොකියා කියන්නෙ ගබ්සා කරගන්න කියලද? මේ වගෙ කාන්තාවන්ට උපහාර පුදන්න නොවෙයි.යම් දීමනාවක් ලැබෙන ක්‍රමයක් හදන්න ඕන සමාජ සේවා ආයතන වලින්.ඒ වගේම දරුව හදාගන්න අවශ්‍ය වෙනත් පහසුකම් සළසන්න ඕන. සියල්ලටම පෙර ඇය වීරවරියක් ලෙස සමාජය පිළිගන්න ඕන.නමුත් බොහෝ විට ඒ වගෙ වීරවරියන් නවතින්නෙ හිඟන්නියො වෙලා සමාජයෙන් කොන් වෙලා පාතාලෙට වැටිල ගණිකාවො වෙලා.

    මම නම් කියන්නෙ ප්‍රායෝගික නැති පරස්පර විරෝදී සමාජ ආකල්ප වෙනස් වෙන්න ඕන කියල.කාන්තාවන් පීඩාවට පත්වෙන හැම දෙයක්ම වෙනස් වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. //දරුව හදාගන්න අවශ්‍ය වෙනත් පහසුකම් සළසන්න ඕන. සියල්ලටම පෙර ඇය වීරවරියක් ලෙස සමාජය පිළිගන්න ඕන//
      එකඟයි යකා. ඇත්තෙන්ම ජාතියෙ ගොඩ වැඩිකරහන්න වගේ පටු අරමුණු නැතුව මේ දිහා මානුශීයව බලන්න පෙළඹෙනවානම් කොයිතරම් වටිනවද

      Delete
  17. මෙන්න ඔය කාරණයටම අදාලත්වයක් දක්වන තවත් ප්‍රවණතාවයක්.

    අපේ සමාජයේ ඇතැමුන් හිතන විදියට මෙන්න මේ අය ලිංගික පිපාසාවෙන් ඉන්න නිසා ඕනෙම එකෙකුට ඊසි කැච් එකක්. ඒ අයගේ පිපාසාව සංසිඳුවන්න උදව් කරන එකත් ලොකු පිනක්.

    (යුද්ධයේදී හො වෙනත් අනතුරකින් හෝ අසනීපයකින්) සැමියා මියගිය (තරුණ) කාන්තාවන්
    දික්කසාද වූ (තරුණ) කාන්තාවන්
    සැමියා විදේශගත (තරුණ) කාන්තාවන්
    සැමියා ඈත පළාතක සේවය කරන (තරුණ) කාන්තාවන්
    සැමියා අසනීපයෙන් පසුවන (තරුණ) කාන්තාවන්
    වයසින් බොහෝ වැඩි සැමියන් හා විවාහ වී සිටින (තරුණ) කාන්තාවන්
    විදේශගතව සිට පැමිණි (තරුණ) කාන්තාවන්
    දූෂණයකට ලක්වූ (තරුණ) කාන්තාවන්
    සමාජ ශාලා වැනි තැන්වල සේවය කරන (තරුණ) කාන්තාවන්
    රාත්‍රී සේවයේ යෙදෙන (තරුණ) කාන්තාවන්

    තවත් තියෙනවා. නමුත් මතක් වුනේ නෑ. මතක් වෙනවා නම් ලිස්ට් එකට එකතු කරපල්ලා.

    ReplyDelete
    Replies
    1. හෙහ්. මාරයි ඩූඩ්. කටේ ටොපියක් දාන්න වටිනව. සිරා කතාව.

      ඇයි මෝස්තර නිරූපිකාවන්
      පාසල් වල නම් ඉහල පන්ති වල ක්‍රීඩාවට දක්ෂ සිසුවියන් (සමවයසෙ උන්ගෙ මතය.)

      Delete
  18. හක්කෙ බුදු බණ තියාගෙන බොක්කෙ දඩමස් දිරවන පත්තිනි අම්මලාට ආදර්ශෙට ගන්නවනම් මෙන්න කතාව. එළකිරි බස්සි!

    ReplyDelete
  19. නීති රාමුවක් තුල ගබ්සාව නීතිගත කළ යුතුමයි.. දේශකයාගේ මේකට නම් මාත් එකගයි

    අනිත් දේ තමයි ලංකාවේ ලිංගික ආධ්‍යාපනයේ මදි කම 9 වසරේ සෞඛ්‍ය පාඩමවත් උගන්නන්නේ නෑ නේ හරියට අපිට අපේ සෞඛ්‍ය ටීච කිව්වේ මේකේ උබලට උගනන්න දෙයක් නෑ කියලා

    මම ඉන්නේ හම්බන්තොට අපේ පැත්තේ අවුරුදු 14 -15 අතර කෙල්ලෝ තමයි අම්මලා වෙන්නේ කිසිම දෙයක තේරුමක් නෑ නේ මම දන්න ගොඩාක් අය ඉන්නවා ඒ දේවල් එහෙම වෙලා තියන්නේ දෙමාපියන්ගේ නුගත් කමයි ළමයි හැදිච්ච්ච පරිසරයත් එක්ක එත් මේවා කවදාවත් ප්‍රසිද්ද වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අනිවාරයෙන්ම.....ඉස්කෝල වල මිස්ලට සර්ලට ලිංගික අධ්‍යාපනය ලබාදීම පිළිබඳව වෙනම පුහුණුකරන්න ඕන..
      නැත්නම් ඒ වයසේ ළමයි වැරදි විදියට ඒ දැනුම හොයන්න යනවා.

      Delete
    2. අන්න ඒක ඇත්ත බොරලු මල්ලි. ඔය පාඩම් උගන්වන්න ඕනෙ යෞවනෝදයේදි. ඒ කියන්නෙ අවුරුදු 11 දි පමන. අපේ පැත්තෙත් ඉන්නවා නිදහස් වෙළඳ කලාපයේ වැඩට ආපු පොඩි ගැහැණු ලමයි අවුරුදු 15,16යි. ගෙවල් වලින් ඈත් වෙලා අන්තිමේ ගොඩක් ළමයි වැරදි පාරවල්වල ගිහින් ලාබාල වයසෙදිම අම්මලා වෙනව.

      Delete
  20. යශෝ මම ගබ්සාවට විරුද්ධයි මොකද තවත් කෙනෙක්ගේ ජිවත් වීමේ අයිතියක් ගැන තීරණය කිරීම අපිට බැරි නිසා.කොහොම වුනත් මේ වගේ ආදර්ශමත් අම්මාලා ඕනේ තරම් ඉන්නවා.ඒ වැනි අයට අපේ උත්තමාචරය හිමි විය යුතුමයි.අනික් අතට පියෙක් නැති දරුවා ගැන අම්මාට ගන්න තීරණය තවත් කෙනෙකු විසින් කොහොමද අභියෝගයට ලක් කරන්නේ.?සමාජය ගබ්සා කරන්න ඕනේ අර වගේ දිරිය අම්මලාව නෙමේ පටු විදියට ලෝකය දකින්න හදන ශුද්ධවන්තයන්වයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ් අපේ රටේ හරක් මරනවට විරුද්ධව උද්ඝෝෂන කරන සුදනන් තමන්ට හොරෙන් තමාගෙ කුසේ පිළිසිඳගත් දරුවව ලෝකෙට බිහි කරන අම්මලාට ගර්භා කරන හැටි ඇත්තටම හිරිකිතයි. //සමාජය ගබ්සා කරන්න ඕනේ අර වගේ දිරිය අම්මලාව නෙමේ පටු විදියට ලෝකය දකින්න හදන ශුද්ධවන්තයන්වයි.// සම්පූර්ණයෙන් එකඟයි!

      Delete
  21. මමනං ගබ්සාව කියන එක නීතිගත කල යුතුයි. හැබැයි නියමිත පිළිවෙතක් ඇතිව. (වෙද්‍ය සහ උසාවි නිර්දේශය මත වගේ) මොකෝ ගොඩක් ප්‍රශ්න මේ නිසා නැතිවෙලා යනවා අනාගතයේදී ඇති වෙන්න පුළුවං

    ReplyDelete
    Replies
    1. මම දන්නා විදියට නම් වෙද්‍ය සහ උසාවි නිර්දේශය මත ගබ්සාවක් කරන්න පුළුවන් ලංකාවේ...

      Delete
    2. නන්දික කියන කතාව හරි නාඩියා. කැම්පස් එකේ මෙඩිකල් සෙන්ටර් එකෙනුත් උදව් දෙනව කියන්නෙ ඕවට.

      Delete
  22. අනන් මනං හිතන්නේ නැතුව "මනුස්සකම" කියන දේ මිනිස්සු ළඟ තියේනම් මේ වගේ ප්‍රශ්න මොනවත් නෑ.අවාසනාවකට මිනිස්සු අද මනුස්සකම කියන එක හිනාවට ලක්කරන කාලයක් වෙලා.මිනිස්සු තමන් වත් දන්නේ නැති පාට පාට කන්නාඩි වලින් ලෝකය දිහා බලනවා.
    මනුස්සකම,උපේක්ෂාව තියේනම් කිසි කෙනෙක් කිසිම කෙනෙක් දිහා වැරදි විදියට දකින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් නන්දික. මිනිස්සු මනුස්සකම කියල හිතන්නෙ ඔලුවෙන් කල්පනා නොකර හැඟීම් වලට අනුව ක්‍රියා කිරීමයි. මම හිතන විදියට නම් මනුස්සකම තියෙන්නෙ ඔලුවෙන් හිතන, විවෘතව ලෝකෙ දකින මිනිස්සු ළඟයි.

      Delete
  23. මහ බරපතල පුරස්නයක් නෙ.

    පෞද්ගලිකව මං නම් ඕකට කැමති නෑ. මොකද, ඒත් ජීවිතයක් හින්දා. ඒත් ඉතින් අදාල මවට තියන ප්‍රශ්ණ අනුව ගබ්සාවක් කර ගන්න තත්ත්වයට පත්වෙලා නම් ඒකට ඉඩ තියෙන්න ඕන, පිළිගත් ක්‍රමවේදයක් තුල.

    අර මුලින් කිව්ව දෙන්නා වගෙ අය හරි අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත චන්දන අයියේ. මවගේ ජීවිතයට තර්ජනයක් නම් ගබ්සාවට ඉඩ දිය යුතුයි. අනික තමයි ජීවිතයක අගය කියාදීලා දරුවා බිහි කලාට පස්සෙ අරන් හදාගන්න කැමති දෙමාපියන් එක්ක දරුවගෙ මවව සම්බන්ධ කරල දෙන්න පුලුවනි නම් යම් ක්‍රමවත් නීතිමය රාමුවක් තුල.... සෑහෙන්න වටිනව.

      Delete
  24. මේක මහා කාළකන්නි සමාජයක්. ඇත්තටම ගෝත්‍රික සමාජයක්. මට දුක අන්තර්ජාලය භාවිතා කරන උනුත් වැඩි පිරිසක් මේ ගෝත්‍රිකයන් වීමයි. ගබ්සාව විතරක් නෙමෙයි ගණිකා වෘත්තියත් නීතී ගත කරන්න ඕන. එවායින් පීඩාවට පත් වන්නේ පීඩීතය මිසක් සමාජය නෙමෙයි. සමාජය ඉන්නේ තවත් ඔවුන් පීඩාවට පත් කරන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. තේරෙන බාසාවෙන් කියනවනම් ගෑනියක් අසරණ වෙනකම් ඉන්නේ ඇඳට ඇදලා ගන්න ... ඔන්න ධර්මිෂ්ට සමාජය

      Delete
    2. ගණිකා වෘත්තිය නීතිගත කිරීමට නම් මාත් එකඟයි. මොකද එයින් ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑමත් අඩුවේවි. අනික තමයි ගබ්සාව නීතිගත කිරීමෙන් හොර වෙද්දු කරන ද්විත්ව ඝාතන වත් අඩුවේවි.

      Delete
    3. පවුලූශා උඩ තියෙන ඩූඩ්ගෙ කමෙන්ට් එක දැක්කද

      Delete
  25. අනේ මන්ද බන් මෙව්ව මහ බැරෑරුම් පුරස්න...

    ReplyDelete
    Replies
    1. කාලක් ගහල වරෙන් බැරෑරුම් විදියට සාකච්චා කොරන්න. :P

      Delete
  26. හුඟක් වටින ලිපියක්...
    එවනි ශක්තිමත් හදවත් ඇති ගැහැණු ළමයින්ට අපි හැම කෙනෙක්ගේම උත්තමාචාරය හිමි වෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් තුශානි. ඔවුන් මටනම් වීරවරියන්!

      Delete
  27. දවසක් දිවයින හරි ලංකාදිප දිනපතා පුවත් පතක තිබුනා මියගිය ඉතා ලස්සන දරුවෙකගේ මළ සිරුරක් බස්ථයක ගමන් බඩු දාන රාක්කයක දාලා ගිහින්. මම මේ ගැන මගේ අම්මාට කිව්වා මොන හිතකින් ඒ දරුවාව මරලා දැලා තිබ්බද කියලා. අම්මාගේ උත්තරය උනේ ඒක එක අතකට හොඳයි. මොකද අද පව් කියන අයම තමයි අනාගතයේ දවසක වේ..ගේ පුතා කියලා දරුවාට අපහාස කරන්නේ. මෙච්චර දියුණු තාක්ෂණයක් තිබෙන රටක ඇයි දෙමාපියන් විවාහකද කියලා තීරුවක් තියලා තියෙන්නේ,ඒක නැතිව පියා ගැන තොරතුරු දාන්න බැරඑිද? පියා බව නීතියෙන් ඔප්පු කළ හැකි නම් විවාහයෙන් උපදින දරුවන්ට හිමි අයිතිවාසිතකම් ඔවුනටද හිමි වන අයුරින් නීතිය සංශෝධනය කළ නොහැකි ඇයි?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා උදාර දරුවෙක්ගෙ biological පියා කවුද කියල හඳුනා ගන්න මෙච්චර පහසුකම් තියෙද්දිත් අවිවාහක නම් දරුවා අවජාතකයි කියල කොන් කරන සමාජය ගැන \ඇත්තටම කලකිරෙනව.

      Delete
  28. සීතලට ලමයි හදන එවුන් ගබ්සාව නීතිගත කල යුතුය කියන දෙයට මම එකගයි. හැබැයි ඔය හැමදේටම වඩා හොද නැත්ද පාසැල් අවදියේ ඉදලම ළමයින්ට ලිංගික අධ්‍යාපනයක් නිවැරදිව ලබා දුන්නනම්.

    ReplyDelete
    Replies
    1. වින්දික සීතලට ළමයි හදන එවුන් වෙනුවෙන් කල යුත්තේ ගබ්සාව නීතිගත කිරීම නොව උපත් පාලන ක්‍රම ගැන නිවැරදි අවබෝධයක් ලබාදීමයි.

      Delete
  29. ඔයාගේ යාළුවගේ ඇස් නිල් පාට වෙලා කිව්වේ ළමයා හම්බුනයින් පස්සෙත් ගුටි කාලා ද ?? :o

    මේ වගේ ලිපි ලියන එක අගේ කොරනවා අක්කෝ.. මේවයින් වත් සමාජයේ ඈස් ඇරෙයි..

    ReplyDelete
    Replies
    1. ළමය හම්බෙන්න කලිනුත් පස්සෙත් එහෙම ඒව නම් වෙන්නනැතුව ඇති මොනරි. ඇස් නිල්පාට උනේ ඇහැට germ එකක් ගිහින් නිසයි. ඒ අමාරු පිට ඉද්දිමයි බබා ලැබිල තියෙන්නෙ.

      Delete
    2. මේක කියවනකොට මටත් එහෙමයි හිතුනේ. මම හිතින් එයාගේ හස්බන්ඩ්ට බැන්නා නොදකින් බූරුවා කියලා. දැන් ඒක ඉල්ලා අස් කරගන්න වෙනවා. බස්සිත් දාන ලෙඩ.

      Delete
    3. හිහි. කලබලේට ලිවුවෙ අරූ. තොලි හොඳේ........

      Delete
  30. ගොඩාක් වටින ලිපියක් බස්සියෝ...

    නමුත් අපේ රටේ ඉන්න උන්ට ඕක කියල දෙනවට වඩා හොදයි වැස්සියෙක් හදනව...

    ReplyDelete
  31. පික්සු බක්සි .....

    දැනටත් ලංකාවේ ගබ්සාව නීත්‍යානුකූල වෙනවා
    1. උපදින දරුවා නිසා මවගේ ජීවිතයට හානිවන බවට විශේෂඥ වෙද්‍යවරයෙකු තීරණය කල විට
    2. උපදින දරුවා සදාකාලික ශාරීරික/මානසික අංගවිකල භාවයකින් පේලිය හැකිබවට විශේෂඥ වෙද්‍යවරයෙකු තීරණය කලවිට
    3. අවුරුදු 18ට අඩු යුවතියක දූෂණයකට ලක්වීම නිසා දරුවෙකු ලැබීමට සිටින විට
    4. ව්‍යාභිචාරය .හෙවත් ලේ නෑයන් අතර ලිංගික ක්‍රියාවකින් දරුවෙකු ලැබීමට සිටිනවිට
    කියන අවස්තාවලදී ,

    නමුත් මේ සඳහා සපුරාලියයුතු නීත්මය අවශ්‍යතා සහිත දිගු ක්‍රියා පටි පාටියක් තිබෙනවා , ඒ වගේම මෙහිදී දූෂණයක ප්‍රතිපලයක් හැටියට ලැබෙන දරුවෙකු වුනත් කාන්තාව අවුරුදු 18කට වඩා වැඩිනම් ගබ්සාකිරීමට අවස්තාවක් නෑ. මෙහි දී හැම අතින්ම කාන්තාව අසරණ භාවයට පත්වෙනවා , මම හිතන තරමින් ජොලියට ගබ්සා කිරීම කියන දේ සිද්ධ වෙන්නේ නෑ කාන්තාවක් අතින්, කාන්තාවක් මේ පියවරට යන්නේ වෙන කිසිම පිළිසරණක් නැති වූ විට පමණයි.

    එසේම එවන් අවස්තාවක මේ ගබ්සාවට විරුද්ධ වෙන ඊනියා සුචරිතවාදී සමාජය ,ඇය දරුවෙකු සමග තනිවූ තැන පටන් උත්සාහ කරන්නේ ඇයව තම යහනට කෙසේ හෝ ගොඩ කර ගැනීමටයි .

    තම සිරුර ගැන තීරණ ගැනීමේ අයිතිය සමාජයට නොව කාන්තාවට හිමිවිය යුතුයි .

    අනෙක් කාරණය නම් .. මව් පදවිය යනු කාන්තාවකට ලැබිය හැකි උතුම්ම පදවියයි , එවන් උත්තරීතර මව් පදවිය කාන්තාව මත බලෙන් පටවන්නක් නොව ඇය තම හදවතින්ම ඉල්ලා සිටින විට ලබාගත හැක්කක් විය යුතුයි

    ReplyDelete
    Replies
    1. //මව් පදවිය යනු කාන්තාවකට ලැබිය හැකි උතුම්ම පදවියයි , එවන් උත්තරීතර මව් පදවිය කාන්තාව මත බලෙන් පටවන්නක් නොව ඇය තම හදවතින්ම ඉල්ලා සිටින විට ලබාගත හැක්කක් විය යුතුයි//
      100%ක් එකඟයි.

      ජොලියට වගේ ගබ්සා කරන කාන්තාවොත් ඉන්නව පවුලූශා. ඒ ගැන කතාවක් මෙතන ලියන්න හදල ආයෙත් සුදු වෑන් එවයි කියල නොලිය උන්න. කියන්නම්කො වෙලාවක.

      අපේ රටේ නීති මාර්ගයෙන් ඇපෘවල් එනකොට ගබ්සාව කෙසේ වෙතත් බබා හම්බුවෙලා තියෙයි නේ....

      Delete
  32. /////ගබ්සාවට වචනයෙන් එරෙහි වන ඔබ, එයට ක්‍රියාවෙන්ම එරෙහි වූ වීරවරියන් සමාජයෙන් ගබ්සා කර දමන්නට පෙර මොහොතක් නැවතී කල්පනා කිරීම මැනැවි. ඔබගේ පාපය, ඇයගේ පාපයට වඩා සිය දහස් ගුණයෙන් විශාල බැවිනි.///////
    මේ ගැන ලිවීම පවා අගේ කරයුතුයි.

    බස්C...ගබ්සාව නීතිගත කල යුතුද නැද්ද ගැන කතා කරනවාට වඩා ගබ්සාකල නොගත් අය ගැන කතාකිරීම කවුරුත් අමතකරලා තියෙන්නේ. ගබ්සාව නීතිගත කිරීම ලෝකයේ දියුණු යැයි කියාගන්නා රටවල්වල පවා විවාදාත්මක මාතෘකාවක්. අපි කැමතිවුනත් නැතත් ගබ්සාවක් නොකෙරෙන රටක් ලෝකේ කොහෙවත් නැහැ. ඈත අතීතයේ එඬරු නැට්ටෙන් වුනා..දැන් වෙනත් විදිහට වෙනවා. කාලය අනුව තමයි විසඳෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ. ගබ්සාව නීතිගත කරන්න යද්දි පෙලපාලි යන සමාජය,පියෙක් නැති දරුවෙක් උකුලෙ තියන් යන ගැහැණියට ගල් ගහනව.

      එඬරු නැට්ටෙ බෙහෙත කරාපු දොස්තර තාත්තෙක්ගෙ දුවෙක් ගැන අපූරු නවකතාවක් කියෙවුව දැන් නම අමතකයි.

      Delete
  33. ඇයි බස්සි ඒ ළමයගෙ මූණ තඩිස්සි වෙලා, ඇහැක් ඉදිමිලා නිල් පාට වෙලා තිබුනෙ... දරුවා හම්බවෙලා වැඩි කාලයක් යන්න කලින් කාගෙන් හරි ගුටි කන්නත් වෙලාද...?
    මට ඔයාගෙ මේ කතාව කියවනකොට මතක් උනේ අපේ නෑදෑ වෙන ආච්චි කෙනෙක්ව... ඒ ආච්චිටත් තරුණ කාලෙ විවාහයකින් තොරව දරුවෙක් ලැබිලා... දැන් කාලෙ ඒ වගේ දෙයකදි සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර අනුව හිතාගන්න පුළුවන්නෙ ඒ කාලෙ කොහොමට තියෙන්න ඇතිද කියලා... කොහොම හරි ඒ ආච්චි තනිවම තමුන්ගෙ පුතාව හදාගෙන එයා දැන් හොඳ රස්සාවකුත් කරනවා... අපරාදෙ කියන්න බෑ ඒ පුතාත් අම්ම ගැන නිතර හොයලා බලලා අම්මට හොඳට සලකනවා... අපි එක සැරයක් අවුරුද්දකට ගියා උන්දැව බලන්න... ඒ වෙනකොට ආච්චිට අවුරුදු හැත්තෑ ගණනක් වෙනවා ඇති... අපිව දැක්ක ගමන් උන්දැ අඬන්න පටන් ගත්තෙ 'මං ඉතින් බැඳලා නෑනෙ දුවේ' කියලා... ඒ තරම් කාලෙකට පස්සෙත් ඒ ආච්චි එහෙම කියන්න ඒක එයාගෙ හිතට මොන තරම් ඒ වෙනකොටත් වද දෙනව වෙන්න ඇතිද කියලා මට හිතුනා... සමාජය ඒක කවදාවත් එයාට අමතක වෙන්න ඉඩ තියන්නෙ නැතුව වෙන්නැති කියලයි මට හිතුනෙ... හරියට තියුණු කටුවකින් අනිනවා වගේ හිතේ පෑරි පෑරි ඇති...
    ඒත් මේ වගේ රටවල එහෙම අම්මලාට රජයෙනුත් මොන තරම් පහසුකම් සපයනවද... කවුරුවත් කිසිම වෙනසක් කරන්නෙ නැහැනෙ... ඒවා දකිනකොට අපේ අය ගැන හරිම දුක හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මියුරු හොස්පිට්ල් ඉද්දි එයාගෙ ඇහැට germ එකක් ගිහින් ඒ අමාරු පිටමයි බබා ලැබුනෙ. ඒ ටික ලියද්දි එහෙම අදහසක් ගම්‍යවෙයි කියල හිතුනෙම නෑ

      ඉතුරු ටිකට රිප්ලයි කරන්නම් ලබන සතියෙ. බස්සිට නාහෙ ගාවටම වැඩ මෙ ටිකේ.

      Delete
    2. මේක කියවනකොට මටත් එහෙමයි හිතුනේ. මම හිතින් එයාගේ හස්බන්ඩ්ට බැන්නා නොදකින් බූරුවා කියලා. දැන් ඒක ඉල්ලා අස් කරගන්න වෙනවා. බස්සිත් දාන ලෙඩ.

      Delete
    3. හා හා අරූ වහාම ඉල්ලා අස්කරගන්න ඒ කතාව. :D

      Delete
  34. මට කියවන්න බැරි වූ බස්සීගේ ලිපියට ආවේ විදානේ දාපු ලින්ක් එක නිසා. සමාජයයේ ඇති වැරදි පැත්තක් පෙන්වන ලිපිය අනුවේදනීයයි. මානුෂිකත්වය නැති ධර්මදීපයක් මේක.

    ReplyDelete