Saturday, March 1, 2014

පනස්වැනි කොටස : අහස් මාළිගා


බස්සයි මමයි ඇවිදගෙන යනවා ගාලු මුවදොර පිටියේ. සීතල මුහුදු හුලඟ ඇඟේ වදිනකොට මහන්සිය කොහේ ගියාද නෑ. බස්සාගෙ ඇඟිලි තුඩු මගෙ අතේ හිරවෙලා. බස්සා හැමදාමත් මගෙ අතින් අල්ලාගන්නෙ මෙන්න මෙහෙම.






ඒත් ඉතින් බස්සිට අතින් අල්ලලා පුරුදු මෙන්න මෙහෙම. පුන්චි කාලෙ තාත්තත් එක්ක ඇවිදින්න ගිය විදියට.





ඒ නිසා බස්සත් එක්ක ඇවිදගෙන යද්දි අතැඟිලි පැටලෙන විදිහ ඉබේම පළමු ක්‍රමයෙන් දෙවන ක්‍රමයට මාරු වෙනවා. ඒ වෙලාවට බස්සා මගෙ දිහා බලල හීන් හිනාවක් දානවා.

 
ඔහේ හිනාවුනාවේ. මම බස්සාගෙන් බලාපොරොත්තු වෙනවා අපේ තාත්තාගෙන් ලැබෙනවා වාගෙම රැකවරණයක්.

 
හිස්  බංකුවක හරි, පඩියක් උඩ හරි වහලා බස්සයි බස්සියි නා නාප්‍රකාර දේවල් කතා වෙනවා. බොහොමයක් දේවල් හැබෑ ලෝකෙට අයිති නැති සුරංගනා කතන්දර. බස්සි කියෝගෙන කියෝගෙන යනකොට බස්සා හ්ම්ම්... කියන්නෙවත් නැතුව අහගෙන ඉන්නවා.

ලොකු වලාකුලක් ඈත අහසෙ පාවේගෙන යනවා.





"අන්න ඒකෙ තමයි skymenලා ජීවත් වෙන්නෙ." බස්සි එකපාරටම කියනවා. බස්ස උඩ බිම බලන්නෙ එයාට මේකෙ අගක් මුලක් තේරුනේ නැති නිසයි.


"skymenලා කියන්නෙ අහසෙ ජීවත් වෙන මිනිස්සුනෙ බස්සෝ..." බස්සි කියන්නෙ නිකම් එදිනෙදා පුවත් සිරස්තල කියවනවා වගේ සාමාන්‍ය විදියට.



"වලාකුළු වලින් තමයි skymenලා ගෙවල් හදාගන්නෙ. එයාලට තියෙන්නෙ පාවෙන ගෙවල්. අර බලන්න. එයාලා ලෝකෙ වටේම යනවා ගෙදරම ඉඳගෙන."



"ඉතින් ඉතින්?" බස්සාටත් කතාව අහන්න ආස හිතිලා වගෙයි.



"අර බලන්න අර වළාකුල දෙකට ඉරුනා. ගෙදර හිටපු දරුවෙක් කසාද බැන්ඳා වෙන්න ඕනෙ."



බස්සා හිනාවක් හිරකරගත්තා. "ඒ මොකෝ බස්සියෝ එහෙම කියන්නෙ?"



"skymenලා ලමයින්ව වෙන ගෙවල් වලට යවද්දි තමන්ගෙ ගෙදරින් කෑල්ලක් ගලවලා දෙනව. ඒ ගැලවෙනව පෙනුනෙ එයා පුංචි කාලෙ හිටපු කාමරේ වෙන්න ඇති."



"ඔයා ඔය skymenලා කියන්නෙ fairyලාටමද?" ඔන්න බස්සත් බුද්ධිමත් විදියට ප්‍රශ්නයක් අහනවා.



"නෑ නෑ පිස්සෝ. ඒ වෙන කට්ටියක්. fairyල ඉන්නෙ වළාකුලු වලට ගොඩාක් උඩින්."



"හ්ම්ම්...."



"අර ගෙදර නම් දැන්මම පාර්ටි එක පටන් අරගෙන." බස්සි රෝස පාට වළාකුලක් පෙන්වමින් කියනවා.





"ලයිට් දාලා නේද එයාල." ඔය තේරෙන්න බස්සට අපූරුවට.



"එයාලත් ගෙවල්වල ලයිට් දානවා. රෑ වෙන්නත් ඇවිත්. අපිත් යමුද බස්සියෝ?"



"තව ටිකක්........"

 
"හා කො. ඔයාට තමයි පරක්කු වෙන්නෙ ඔන්න." බස්සා හෙමි හෙමින් මගෙ කෙහෙරැලි එක්ක සෙල්ලම් කරනවා. බස්සගෙ දිගු ඇඟිලි තුඩු නළලේ වදිනකොට අමුතුම මිහිරියාවකින් හිත පිරෙනව.


122 comments:

  1. බස්සිගේ ආදර අන්දරය ආසාවෙන් කියවන යාලුවොත් කිහිප දෙනෙක්ම ඉන්න බව මට අමතක නෑ හොඳේ. ඔයාල කමෙන්ට් නොකලාට මේක කියවන්න දුවගෙන එන බව මං දන්නව. සමාවෙන්න පණ්ඩිත කතා ලියලියා මාස දෙකක් විතර යනකම් ආදර අන්දරය ලියන එක අතපසු කලාට.

    ඉස්සර වාගෙ දවස් කිහිපයකට වරක් කොටසක් පල කරන්න බැරිවේවි. ඒත් මුල අමතක නැති නිසා මම ඔයාලට මේ කතාවත් දිගටම කියනව.

    ReplyDelete
  2. ඔන්න ඔහොමලු ඒ කතාව...:)

    ReplyDelete
  3. හපෝ..යි ලවු ඉට්ටෝරි කියවලා දවස් ගානක් මූඩ් ගහල ඉන්න බෑ අප්පා!

    ReplyDelete
    Replies
    1. මේක බූට් ස්ටෝරියක් නෙමෙයි සාශෝ. මූඩ් ගහන්නෙ මක්කටෙයි?

      Delete
    2. ඒ උනාට ලවු නේ :(

      Delete
    3. ලව්නෙ බන් ඉලවු නෙමෙනෙ.

      Delete
    4. සාසගේ ලව් ඉලව් වෙලා රිලව් ලැබෙන්න කලින්.

      Delete
    5. එහෙමද සිංදුවෝ? රිලව් ලැබුනට පස්සෙ ඉලව් උනානම් සාස මූඩ් ගහන එකක් නෑ.

      Delete
  4. ආදරේ හරිම සුන්දරයි..

    ReplyDelete
  5. appa yantham athi bassige adara anadaraya awa

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ තර්ජනවලට බයේ ලිවුවලු ඉතින්.

      Delete
  6. මේ බස්ස හ්ම්ම්ම් කියන්නැතුව වෙන මොනාද එහෙනම් කිව්වෙ?? :P

    ReplyDelete
    Replies
    1. ඒක අහන්නෝන බස්සගෙන් තමයි. :)

      Delete
  7. මම යශෝගේ ආදර අන්දරය මිට කලින් කියෝලා නෑ.
    මේක කියවනකොට අතීතයටම එකතු වුනු ලස්සන අතීතයක් මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හ්ම්ම්... ජීවිතේ කියන්නෙ මතක ගොන්නක එකතුවක් නෙ මනෝ.
      බස්සිගේ ආදර අන්දරයේ පෙළගැස්ම page එකක තියේ. නිවාඩුපාඩු වෙලාවක බලන්නකෝ.

      Delete
  8. සික්! බලාපන්කෝ දවසේ මුලින්ම කියවන්න ලැබිච්ච පොස්ට් එක. දැන් ඉතිං ඇටිකෙහෙල් ගිල්ලා වගේ ඉදපන්කෝ දවස තිස්සෙම

    ReplyDelete
    Replies
    1. අපසාදෙ. මමනම් දවස පටන් ගත්තෙ යමරජාට ලියාපු ලියුමකින්. ඒ හින්ද මටනම් දවසම ශෝයියා.

      Delete
  9. ආපෝ ඔය වැඩිහිටියො කිචි බිචි ගාන තැන්වල අපි වගේ පොඩි උන් ඉන්න හොඳ නෑ. හි…… ;p

    ReplyDelete
    Replies
    1. මුල් ටික කියවත්දි මට මතක් උනේ ප්‍රියා, ප්‍රියාවිගෙ අත මුලින්ම අල්ලපු දවස.

      තැන කොහෙද දන්නවද කැළණි ගඟ මැද්දෙ. (නෑ නෑ ගඟේ ගහන් යන ගමන් නෙවේ. බෝට්ටු සවාරියකදි.) :D

      Delete
    2. එදා නේ මුලින්ම ප්‍රියාවිගෙන් කම්මුල් පාරක් කාපු දවසත්? :P

      Delete
    3. හෙහ්. වෙන්ටැතිනේ. අත ඇල්ලුවෙ ප්‍රියාවි පය පැකිලී දියට වැටෙන්න ගියාද? :P

      Delete
    4. එක කම්මුලකට ගැහුවානම් "අනේ තව පාරක් ගහන්න පණේ" කියලා අනිත් කම්මුලත් දික් කරනවා.

      අපි ඒ තරම් හැදිච්ච ළමයි. හරිද සාශා? හි… හි… :) :D

      Delete
    5. අදෙ අෆ්ෆා නෑ බස්සියෙ වැටෙන්න ගියෙ මාව. මම ප්‍රියාවිගෙ කරේඑල්ලුනා. ;)

      Delete
    6. sasho මේකෙ screen shot එකක් ගනින් ප්‍රියාවිට යවන්න. :P

      Delete
    7. ඒ එල්ලිච්ච ගමනද තාම ඉන්නෙ? හපුයි ප්‍රියාවි.

      Delete
    8. නැතුව නැතුව මම ප්‍රියාවි සංසාරෙ පුරාම ඔතාගෙන පතාගෙන ආපු සත්‍ය ප්‍රේම භෘංග රාජයා නොවැ. හැක් හැක්… ;)

      Delete
    9. ස්ක්‍රීන් ෂොට් එකක් අරං ගෙදෙට්ට යවනව කියපු ගමන් උඹ බටර් පාර දුන්න නේද ප්‍රියාවිට ඇඬෙන්නම. :P

      Delete
    10. මම සිකිරින් ෂොට් එක ගත්තා බටර් පාර කොමෙන්ට් එකට කලින් :D දැන් ඉතිං බ්ලැක්මේල් කරමු සන්ග්ලාස් අයියව

      Delete
    11. ඕ යේස්. ලියුං කවරෙ වළංදැලි ගාලා බ්ලැක් කලා ඕං සාසෝ දැන් මේල් කොරන්න ඉතරයි තියෙන්නෙ.

      Delete
  10. Replies
    1. නැතුව. මේවා එකදාස් නවසිය හැට ගනන් වල උන සිදුවීම් පෙලක් නේද බච්චියෙ? හැක්… :D

      Delete
    2. මන් කියන්නෑ බොලාට ඉතින්.

      Delete
    3. ඔයා කොච්චර හංගන්න හැදුවත් අපිට තේරෙනවා

      Delete
    4. උඹල හිතුවෙ මේ වගේ අහිංසක ස්ටෝරි තිබුනෙ උඹලගෙ කාලෙ විතරයි කියලද? දැන් කාලෙත් එහෙම කතා තියෙනව හොඳේ..

      Delete
  11. පික්ෂු හැදෙන දේවල් ලියන්න එපා බොල ....තිහ කිට්ටු කරල ඉන්න මාව 19 + ගෙනිච්ච යකෝවූ .... :)

    ReplyDelete
    Replies
    1. හික්ස්! පවු අනේ.... මට මේකෙ ටයිට්ල් එක දාන්න තිබුනෙ "30-" කියල නේද?

      Delete
    2. //පික්ෂු හැදෙන දේවල් ලියන්න එපා බොල ....තිහ කිට්ටු කරල ඉන්න මාව 19 + ගෙනිච්ච යකෝවූ .... :)//

      19+ තිහ ට කිට්ටු ගොඩට අයිති නැද්ද

      Delete
    3. ඔය කෙන්ජා 30ට කිට්ටුයි කියන්නෙ 60ක් විතර කීයන එකලු. 30 x 2 = 60

      Delete
  12. මම උදේ පන්දර 4න් එකෙන් කොමෙන්ට් එකක් දැන්මා වගේ මතකයි නෙහ්..... එක නැ නේ

    ReplyDelete
    Replies
    1. හෆොයි. නෑනෙ. spam වෙලත් නෑ. මට notification මේල් එකක් ආවෙත් නෑ. මොබයිල් වර්ෂන් එක හිටි ගමන් පිස්සු නටනවනෙ. මතක තියේනම්, කරදරයක් නෙමෙයිනම් ආයෙ අදහස කියන්න ප්‍රොෆා මලේ.

      Delete
  13. අනේ අහිංසක බස්සා පැටියා.....

    ReplyDelete
    Replies
    1. අයියූ.... දුක හිතුනද බත්තා ගැන?

      Delete
    2. අනේ ඔවු අනේ...පවු උගේ කන් දෙක...මේ වෙනකොට දෝංකාර දෙනවා ඇති...

      Delete
    3. බත්තෝ.... බලන්නකෝ මඩ ගහනෝනෙ.

      Delete
  14. මේ අපි වගේ සුට්ටන් උන්ට එක එක ඒවා හිතෙනවා මේවා කියෙවුවම .

    ReplyDelete
    Replies
    1. මොන මොනවා වගේද හිතෙන්නෙ ඔයාලට? :)

      Delete
  15. ඇත්ත ම කිව්වොත්... ටිකක් විතර දුක හිතුණා හොඳේ....

    ReplyDelete
    Replies
    1. දුක හිතුනෙ අසරණ බස්සා ගැනද දිලිනියෝ?

      Delete
  16. එහෙනම් ඒ වගේ තව කට්ටිය ඉන්නවා. හික් හික්...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අය කියන්නෙ හීන දකින අයද?

      Delete
  17. "ඒත් ඉතින් බස්සිට අතින් අල්ලලා පුරුදු මෙන්න මෙහෙම. පුන්චි කාලෙ තාත්තත් එක්ක ඇවිදින්න ගිය විදියට." පල ගෙම්බි යන්න බොරු කියන්නේ නැතුව ..උඹේ උසේ හැටියට කොහොමත් ඔහොම තමය අල්ලන්න වෙන්නේ ...මට මැවිලා පේනවා බස්සගේ අතේ අඩි තුනක් උස බස්සි එල්ලිලා යන හැටි //හිකිස් අම්මපා

    ReplyDelete
    Replies
    1. දුප් ගෙඹිලූශා.... උඹ කොහොමෙයි දන්නෙ මගෙ උස? මං අඩි තුනට වඩා උසයි හලිද! ගෙඹිලූශට තමයි ගෙඹිලූශියෙක් එක්ක පැනපැන යන්න වෙන්නෙ. :P

      Delete
  18. අපො මටනම් ලැජ්ජවෙ බැ.හයියු අතත් අල්ලගෙන.සික් විතරක් හැදියාව අනිතිමයි.ඔහොමද හැදෙන්නෙ ගැනු ලමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත්. අන්තිමයි නේද මෙයා. පින්සිපොල් කෙනෙක්ට අල්ලලා දෙමුද?

      Delete
  19. අෆ්පෝ..
    මේ ලිපියෙන් කියවිලා ම්හ් කියන්නෙත් නැතුව තමන්හේ හිතේ තියෙන දේ කියන්නෙත් නැතුව ප්‍රියම්භිකාව කියන දේට විතරක් හූ මිටි තිය තිය ඉන්න අහිංසක කොල්ලෙක් ගැන.
    බදින්න පෙර මෙසේ නම් බදින්න පසු තත්වය කෙසේ වේදැයි සිතාගත හැකිය..
    පවු අහිංසක බස්සා...

    බස්සාට ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ මේ ඒම කතා කියන්න එපා අපේ සූටි බස්ස ගැන හලිද? බස්සිට තලහ යනෝ හලිද?

      බස්සට අදහස් දක්වන්න අවස්ථාව දුන්නට බස්ස හ්ම්ම් හ්ම්ම් කියන එකනෙ කොරන්නෙ. අනික මගෙ මේ පිස්සු හීන අහගෙන ඉන්න එකත් මදැයි. බැන්දාට පසු තත්වෙ බලන්න තව කල් තියෙනෝ අනේ. එතෝට බලමු.

      Delete
    2. බැන්දට පස්සේ බස්සා ඉඳියි නිකං "super glue" කෑවා වගේ... හිකිස් අම්මපා

      Delete
    3. යකෝ මේ ගෙඹිලූශා මෙතෙන්ටත් ඇවිත් නෙව. දැන්නම් මේවට උත්තර දෙන්න බස්සව කැඳවන්නම වෙනව.

      Delete
  20. බැස්සට ඇහැ පේන වෙලාවටම ගෙදර එක්ක ගිහින්.

    ReplyDelete
  21. ලස්සනයි බස්සියේ හැමදාම ආදරෙන් ඉන්න ,,, ඕමා යනවා බස්සියෝ ,, බායි

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ඔමයියෝ....!! ඔමා යනව නෙමෙ ඔමා මෙහෙට එනව කියල නිවැරදි විය යුතුයි නේද?

      Delete
  22. අපේ පැත්තේ වලාකුළු සතියක,දෙකක ඉදන් කට්ට කළුයි.....ඒ මේ පවිත්‍රා ආන්ටි විදුලිය විසන්දි කොරලද දන්නෑ නේද? හිකිස්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එයාල ලයිට් දාන්නෙ අපි වගේ electricity වලින් නෙමෙයි අක්කෝ. පොඩි තරු කෑලි එකතු කරලා හදාගත්තු ලයිට් බොක්ස් තියෙනව එයාලට. සමහර විට අලුත් තරු කෑලි අරන් ෆෙයරිලා ඇවිත් නැතිව ඇති ඒ පැත්තෙ. නැත්තම් skymen ලා ඉන්න පවුලක ලොකු දුකක් කරදරයක් වෙලාද දන්නෙත් නෑ.... පව්.

      Delete
  23. ෂුවර් එකටම ගොරවන්නේ, විදුලි කොටන්නේ sky menලා පවුල් ප්‍රශ්න, අසල්වැසි ප්‍රශ්න විසඳගන්නකොට වෙන්න ඕන. :') (අර "කොස් ගහ කපන්න වෙනව නම් කමක් නෑ, මේ පැත්තෙන් වැට ගහන්න." ජාතියේ එව්වා) දැන්නෙ තේරුණේ.. :D

    ReplyDelete
    Replies
    1. අහා.... මේ ඉන්නෙ සීන් එක තේරුන් ගත්ත එක්කෙනෙක්. ඔව් ඔව්, ඒ වගේ වෙලාවට තමයි එයාල එහෙම පොඩි පොඩි සද්ද දාන්නෙ. සමහර වෙලාවට ලොකු යුද්ධ ඇතිවෙනවා මාස ගානක්. ඒ විතරක්යැ අනේ, එයාල යුද්ධ කරගෙන අඬන්න තියාගත්තම පහළ ඉන්න අපිටයි කරදරේ.
      :D

      Delete
  24. බස් C...අපි SKY MEN ලා පැත්තකට දාලා TANDEM SKY DIVE එකක් කරමු. අපේ දුව එහෙම එකක් කරා. අපි දෙන්නා මහ පොලවේ ඉඳන් බයවෙලා බලන් හිටියා. වැඩේ ඉවරවෙලා ලඟට ඇවිත් කිව්වා "වොන්ඩර්ෆුල්" කියලා. අපි ගාව තාම වීඩියෝ එක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බුඩු අම්මෝ ඒනම් අරූගෙ ඩෝටර් වීරයෙක් නෙව. ඉතින් ඔය කතන්දර තව රහ කරල ලියන්නකො බ්ලොග් එකෙත්.

      Delete
  25. අර බස්සට ඔය වෙලාවට හිතෙන දේවල් ගැන මට අමුතුවෙන් හිතන්න ඕන නෑ.. බලන් යද්දී ඔක්කොම එක වගේ තමයි..

    ReplyDelete
    Replies
    1. මෙන්න අත්දැකීම් සහත කස්ටිය. මදාරා නංගිත් කියල තිවුන කලින් කමෙන්ට් එහෙක.

      Delete
  26. මොනවා නැතත් මට කියන්නේ තියෙන්නේ කාන්තාවන් සියල්ල. නැසෙන සුළු පුරස්සන තමයි අහන්නේ පිරිමි අපිට ඉති කොරන්න තියෙන්නේ අහන් ඉන්න එක විතරයි

    ReplyDelete
    Replies
    1. පුරස්න නෙමෙනෙ කෝරලේ මේ කතන්දරනෙ.

      Delete
  27. ආදලේ සුන්දල වෙලා පැණි බේලෙනව ඔන්න....
    පනහ කිව්ව... බොලූ...කීනව මෙයා

    ReplyDelete
    Replies
    1. බොරු නෙමෙයි. පෙලගැස්ම බලන්න.

      Delete
  28. බස්සි කතාව ඇතුලේ බොක්කෙන්ම වනාපු ගතියක් තියෙනවා මම එකට ආසයි ..

    මම බස්සාගෙන් බලාපොරොත්තු වෙනවා අපේ තාත්තාගෙන් ලැබෙනවා වාගෙම රැකවරණයක්.///

    එත් මේන්න මේ කතා වගේ එවා මගේ නම් මුණට කියපු දාට තෝ පල යන්න කියනවා මම නම් ...අනික ඔක්කොම කෙල්ලො කියවන එක නම් තියෙනවා .(අත්දැකිම් රහිත ප්‍රකාශ )අනික ............... කියන්න දෙයක් නෑ අෆ්ෆා

    කොම වුණත් මොන කෙල්ලත් විදින්න සුන්දරයි ... වෙන නෑ හැක් හැක්

    ReplyDelete
    Replies
    1. බස්සිත් එහෙනම් පවුල් වෙන්න යනවද ??ඈ මෙච්චර කලක් වුණේ නැත්ද ??

      Delete
    2. අනේ මන්ද ඉතින්. සමහරුන්ට තියෙනව තමයි කොතන ගියත් "කොයි කෙල්ලත් එකයි" "කියල කතාව පවත්වන්න ආසාව. ඒ ආසාවට බාදා කරන්න දුකයි. ඒ නිසා සද්ද නැතුව ඉන්නම්.

      බොක්කෙන් ලියන්නෙ සත්‍ය සිදුවීම් නිසානෙ.

      Delete
    3. කැම්පස් අවුට් වෙලා අවුරුද්දක් යන්නත් කලින් පවුල් වෙන්න වුවමනා උනේ නෑ. ඒවා යථා කාලේදි තථා අයුරින් සිදුවේවි.

      Delete
    4. "කොයි කෙල්ලත් එකයි""කියල කතාව පවත්වන්න ආසාව. ඒ ආසාවට බාදා කරන්න දුකයි.////

      හැක් හැක් බස්සි මේ වගේ එකක් මක්කෙටයි කිව්වෙ ඈ ??බස්සිට තෙරෙන්නෙ මම පස්ට ජරා කතාවක් කියලා වගෙද?හැක් හෙමින් කියවලා බලන්න තෙරුම් යයි ..හ්ම්ම්ම්ම් ඔව්

      Delete
  29. ඔන්න ඔක්කෝම කොටස් ටික කියෙව්වා. කතාව ඉවර නැහැ නේද ? :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේක මගෙ මෙගා ටෙලිඩ්‍රාමා එක සහ "එක් සත්‍ය කතාවක්" නෙ.

      Delete
  30. සයිබර ලෝකේ ඉබාගාතේ යන කොට බස්සිගේ ආදර අන්දරය මීටර් උනේ අහම්බෙන්. එක නොටසක් කියවලා බැලුවා. බැලුවා තමයි....... නැවතුනේ එක හුස්මට කොවස් පනහම කියවලා. තාම බස්සයි බස්සියි කූඩු වෙලා නැහැ මගෙ හිතේ......බස්සිට උපතින් ගෙනාපු අපූරු හැකියාවක් තියෙනව ලියන්න. මාත් බස්සිගෙ ස්ථිර රසිකයෙක් වුනා. දැන් බස්සි වොනව හරි ලියනකම් බස්සට අමතරව අපිත් මග බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි ඉන්දික. හිහි... ඔව් ඔව් තාම කූඩු වෙලා නෑ. බස්සගෙයි බස්සිගෙයි කතාව දිගටම ගලාගෙන යනවා. ස්තූතීයි අගය කිරීමට! බස්සිගෙ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා ඔයාව!

      Delete
  31. කියෙව්වා. කොටස් පනස් දෙකම, එක දිගට.
    හරීම ලස්සන කතාව බස්සියො.
    ඇස්වහක් කටවහක් හෝවහක් වදින්න නරකයි, ඔය වගේ කතා එක දෙකක් හරි තියෙන්න ඕන ලෝකෙ ලස්සන වෙන්න.
    :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලකී... කතාව සේරම කියවලා නේද! ඔය මගේ ඇත්තම ඇත්ත කතාව. :D

      Delete
  32. ඔය දෙන්නට ඇස්වහ වදින්න එපා. දිගටම ලියන්න

    ReplyDelete
  33. බස්සි අක්කේ, කෝ අලුතින් මුකුත් පොස්ට් කරල නැනේ!!!!!!!!!!!!!
    අක්ක තවම කාර්යබහුලයිද???????????????

    ReplyDelete
    Replies
    1. ගිය සිකුරාදත් පෝස්ට් එකක් දැම්මනේ… බස්සිගේ ආදර අන්දරය ලියන එකට නම් සුලු විරාමයක් දුන්නා.

      Delete
    2. ඒ පොස්ට් එක කියවල අහවර කලා බස්සි අක්කේ, කියවන්න ගොඩක්ම කැමති "බස්සිගේ ආදර අන්දරයයි" මෙකේ ජිවිතයට ගන්න දෙවල් ගොඩක් තියනවා. එකයි ගොඩක්ම කැමති. අක්කා කැමති නැද්ද නවකතාවක් එහේම ලියන්න "බස්සිගේ ආදර අන්දරය ගැන" අක්කාගේ ලිවිමෙ හැකියාව නම් සුපිරි!!!!!!!!!!!!

      Delete
  34. පේලියට ඔක්කොම ටික කියෝගෙන ගියා. පරණ මතක ගොඩක් අලුත් වුනා. කැම්පස් ගිය ගමන්ම කම්පුටර් ඩිපාර්ට්මන්ට් එකේ නයිට් එකට කරන නාට්‍යට රගපාපු එක. කැම්පස් එකේ තියෙන ගස් පොඩ්ඩත් කපලා දාපු හැටි. ලැප් හොරු.පුස්තකාලේ පාඩම් කරපුවා. :D

    මේක කියෝලා වෙන්න ඇති දේශකයා මායි , මහත්තයයි හම්බ වුන හැටි ලියන්න කිවේ. :v

    හරිම ලස්සනට ලියලා තියෙනවා බස්සියේ. එහෙනම් ආදර කතාවට ජය වේවා. දවසෙන් ඔක්කොම ටික කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිසුපා අක්කේ... එක දවසෙන් සේරම කියවලා ඉවර කලාද!! :D :D

      ඔයාගෙ කතාවත් ලියන්නකෝ අනේ... ආසයි කියවන්න.

      Delete
  35. එක දිගට ඔක්කොම කියෙව්ව.. හරි ලස්සනට ලියල තියෙනව බස්සියෝ.. ඉඩ තියෙන විදියට ඉස්සරහටත් ලියන්න.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කල්‍යාණ!

      Delete
  36. අක්කියො, මං කතාවම කියෙව්වා. හරිම ශෝක්. ලස්සනම ලස්සන අදර කතාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පියුම්! සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට ඔයාව!

      Delete
  37. මාත් ඔක්කොම කියෙව්වා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්!

      Delete
  38. දයාබර බස්සි අක්කාට,
    වෙලාව රෑ 10.05 කියවන්න පටන් ගත්ත ඔයාලගේ ආදර කතාව කියවල ඉවර වෙද්දී 12.05 .මුනුපොතේ කොහෙන්ද දැක්ක බ්ලොග් ලින්ක් එකක් කියවන්න හිතුන හින්ද කියෙව්වා. ඒ එක්කම ආදර කතාවට දන්නෙම නැතුව ඇවිත්
    ලස්සනට ලියනවා ඔයා.
    දෙන්නටම සුබ පතනවා

    තවත් වැදගත් දෙයක්

    *ඔය කොලු පැටවූ ඉන්නවා නේද එස්.එම්.එස්. එකක් දිගට එවන්න මාර කම්මයෝ ටිකක්
    *අක්කාට ඉන්නේ සොෆ්ට්වෙයා කොල්ලෙක් නේ මගේ එක හර්ඩ්වෙයා . ඩි.ඩි.ර්. ගැන අහනවා සාටා ගැන අහනවා වෙලාවකට පිස්සු හැදෙනවා ඒ වෙලාවට ගොනා සේ ඉන්න එක හොදයි කියල හිතෙන්නේ. මට හිතාගන්න පුළුවන් රෝස පාට ලැප් එක ගැන
    *අපේ ආරක්ෂාව ගැන නම් ගොඩක් හිතෙනවා ඒක මාරම ලස්සන ගතිගුණයක්
    *අන්තිමට කියන්නම් ආදරේ වෙනුවෙන් කටු නම් මමත් කාල තියෙනවා. එයාව හොයාගෙන බස් 10 ක එක දවසේ ගිහින් තියෙනවා.(බැනුනුත් ඇහුවා :D)

    මොනවා වුනත් ලස්සනයි බ්ලොග් එකත් ඔයාලගේ ආදරෙත් .
    අද තමයි පලවෙනි දවස දිගටම එන්නම්කෝ :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගයනි නංගා.

      ඒ කියන්නෙ බස්සිගේ බ්ලොග් එක කියවලා තියෙන්නෙත් බස්සියෙක් වගේ පාන්දර වෙනකම් ඇහැරගෙන නේද! :)

      අම්මෝ ඔව්. මාරම මාර කම්මැලියො තමයි ඒ ගොල්ලො එස්.එම්.එස්. ටයිප් කරන්න නම්. යාන්තම් අකුරක් දෙකක් කොරලා ශේප් වෙන්නමයි බලන්නෙ.

      සාදරයෙන් පිළිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!

      Delete
  39. අයි අයියෝ මම නම් ආයේ ජීවිතේට බස්සිගේ ආදර අන්දරය කියවන්නේ නැතෝ
    පළවෙනි පාර කියවලා බස්සි ගැන මාර ආදරයක් හිතුනා
    දෙවෙනි පාර කියවනකොට බස්සිව යාළු කරගන්න හිතුනා.ආයෙත් මුළ 3 වෙනි පාරට කියවගෙන එනකොට බස්සා මල්ලිව අඳුන ගන්න හිතුනා.ආසාවට ආයෙත් රසබර ම කොටස් විතරක් කියවන කොට මටත් බ්ලොග් එකක් ලියන්න හිතුනා.ආයෙ නම් කියවන්න බයයි.තව මොන වගේ දේවල් හිතෙයිද දන්නේ නෑනේ.

    බස්ස මල්ලිගේ ආදරේ ලැබෙන්න බස්සි වාසනාවන්තද?නැත්තම් බස්සිගේ ආදරේ ලැබෙන්න බස්සා වාසනාවන්තද කියලා හිතා ගන්න බැරුවයි මේ ඉන්නේ

    සුභ ගමන් දෙන්නටම....ඔහොම යං ඔහොම යං....සසර කෙලවර දක්වාම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කා!

      Delete
  40. Ane ithuru tikth ikmnt liynnko.........

    ReplyDelete
    Replies
    1. මෙතැනින් නවත්තන්නයි හිතුවෙ මේ කතාව. ස්තූතියි යාලු!

      Delete
  41. මුල ඉදන් එක දිගට කියෙව්ව. හරිම ලස්සනයි. ඇයි නතර කලෙ. දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. මෙතැනින් නවත්තන්නයි හිතුවෙ මේ කතාව. ස්තූතියි යාලු!

      Delete
  42. මුල ඉදන් එක දිගට කියෙව්ව. හරිම ලස්සනයි. ඇයි නතර කලෙ. දිගටම ලියන්න

    ReplyDelete
  43. Today is the first day I read this.

    I'm from Ontario Canada.
    But I'm a Srilankan.

    Very interesting story

    Why didn't you continue writing.

    Are u still there?
    Do start writing again...please

    ReplyDelete
    Replies
    1. Thankz a lot!
      Yes I still continue writing other stuff (poems, short stories and other feature articles). But I thought its better not to drag this love story further. This is my own story bdw. :)
      Do keep in touch.

      Delete
  44. අලේ ..... දැන්නම් මටත් ආදරේ කරන්න හිතෙනවා අප්පා......... කොහේද අනේ මගේ සූකිරි බොලේ... එන්නකෝ අප්පා ඉක්මනට

    ReplyDelete
  45. හරිම ආදරෙ හිතෙන තරම්ම ලස්සනයි. හැම පුංචි කතාවක්ම. මන් ආසම එක දෙනනිපාරට අශ්වය දුන්න එක ❤

    ReplyDelete