මං වෙනස් කෙල්ලෙක් ලු.
ඔයා මට ආදරෙත් ඒකලු.
ඔයා කිවුවා…….
මං ඔලුව වැනුවා……
හයියෙන් හිනාවෙන්න එපාලු, අසෝබනයිලු
ඔයා කිවුවා
ඔයා කිවුවා
කචකච ගගා කියවිල්ල මහම වදයක්ලු
ඔයා කිවුවා
සිත්තම් අඳින්න එපාලු, කාලෙ නාස්තියක්ලු
ඔයා කිවුවා
අඳුන් ගල්වන්න එපාලු, සෝබන වැඩලු
ඔයා කිවුවා
හීන දකින්න එපාලු,, විකාරයිලු
ඔයා කිවුවා
කල්පනා කරන්න එපාලු, එපාවෙනවලු
ඔයා කිවුවා
මං ඔලුව වැනුවා
මං හොඳටෝම වෙනස් වෙලා ලු.
ඔයා මට අකැමතිත් ඒකලු.
අදින් පසු යලි එන්නෙ නෑමලු
ඔයා කිවුවා….
මං ඔලුව වැනුවා……
:O
ReplyDeleteමේ මොකෝ කට ඇරගෙන?
Deleteඔලුව වනල නිකං ඉන්ඩ එපෝ., ඉල්ලමු ගේමක්, :D
Deleteයේස්....
Deleteයං එහෙනං වලියට!
කඩු පොලු ටීපනස් හය හෙම අරගෙන
ඔයා යන් ඉස්සහරින්
මම එන්නංකො පස්සෙන්.
:D
:O
Deleteඔයා යන් ඉස්සහරින්
මම එන්නංකො පස්සෙන්.,, ^_^
ඔයා පස්සෙන් එනකොට
Deleteමම කොහොමද ඔයාගෙ ආරක්ෂාව ගැන බලන්නෙ!
ඔන්න ඔහෙ නිකා ඉමු අනේ.
ඔය ඔය දෙන්නම ඉස්සරහින් යන්න. ඔය දෙන්නගේ ආරක්ෂාවට මම පස්සෙන් එන්නම්. අව්ලක් නෑ නී. :P
Deleteඔයා ඉස්සරහින් ගියානම් හරි. ඔව් නිමෝ, මම හිතන්නෙ මම තමයි ආරක්ශාව දෙන්න සුදුසුම කෙනා.
Deleteඔබට යන්නම ඕනෑ නම් ඔබ යන්න ඉතින් වෙන් වී... (එහෙම ද )
ReplyDeleteලියන්න ඇති කම්මැලිකම හින්දා
Deleteකවි පදයක් ගෙතුනී.....
(අන්න එහෙමයි උනේ )
යේක මේමයි බං නංගි මං ඇහුවෙ. කවියෙ ඉන්න කෙල්ල එහෙම හිතුවද... මොකද මට ඔය ලව් කවි තේරෙණවා ටිකක් සොරයි සොරයි වාගෙ. වෙනසට කැමතියි කියල, තව ටිකක් වෙනස් කරල, වෙනස එපා කියල යන කොට 'වෙන මක් කරන්නද, යන්න ඕන නම් යන්න අයියා' වගෙ එකක් අර ෆොටෝ එකෙන් පේන්නෙ. :)
Deleteහයියූ අයියා යේක ආනකොට තේරන්න තමා ආන්න ඕන. කවියෙ ඉන්න කෙල්ල යේක තමා හිතල තීනවා. කෙල්ලව වෙනෂ් කොලේ කොල්ල තමා. කොල්ල වෙනෂ් කෙල්ලෙක්ව පික් කොරගෙන ඒ කෙල්ලව ටිපිකල් කාන්තා මොඩල් එකට වෙනෂ් කොරල අන්තිමට මට යෙපා කියල යන්ට යනවලු අප්පා. කෙල්ල ඉතින් මුනව කීනව ඔලුව වනනව ඇරෙන්ට. ෂරියා?
Deleteදැන්වත් බෙල්ලට තෙල් ටිකක් ගා ගන්න. ඔලුව වනල වනල බෙල්ල උළුක්කු වෙලා ඇති නේ. :) :)
ReplyDelete------
Great work Bassi. කම්මැලිකමට ඔහොම කවි පද ගෙතුන නම් හිතා මතා කවි ලියන්න ගත්තොත් කොහොමට හිටී ද?
හික්ස්.... ඔව් අනී මේ බෙල්ලෙ උලුක්කුව අරින ගමන් :D
Deleteඉත්තූතියි ඈ.... ඒ වුනාට ලස්සනටම ලියැවෙන්නෙ මෙහෙම කාන්සියට කියැවෙන කවි නේද? හිතල හිතල ලියද්දි කෘතිමයි.
Yes..Of course..
Deleteඔයාට හිතෙනවලු
ReplyDeleteඔයා ලියනවලු
අපි කියවනවලු
ඉතින් මම කමෙන්ට් කලා.
මට හිතෙන එක
Deleteමම ඔහෙ කුරුටු ගානකොට
ඒව කියවන්නට
ඔයාලත් මෙහෙ එනකොට
කියවල ඉවරකොට
හොරෙන් ආපහු යන්නෙ නැතිකොට
කොමෙන්ටු කොටනකොට
ඒවා දකිනකොට
ඇත්තමයි
හරිම සතුටුයි මට
මොකෝ කම්මැලියෝ කාලෙකින් මුකුත් ලීවෙ නැත්තෙ??
අහා ලියන්න ඕනේ ඒ... කම්මලි. අනික තමයි ලව් ස්ටොරියක් ලියන්න හිතයි. තාාාාම කම්පනා කරනවා මේ
Deleteඔයාගෙ ඉට්ටෝරිය ලියන්නකො අනී ඉතින් ලවු ඉට්ටෝරි ලියනවනම්. එතෝට අපිට ඒක දිගටම කියෙවුවැකි. මෙගා කතාවක්නෙ :)
Deleteයකෝ කිව්වයි කියලා මේ ඔක්කොම කරන්නේ.. හ්ම්ම් හ්ම්ම් ගැන බස්සියෙක් ම තමා
ReplyDeleteබස්සි! හ්ම්ම් හ්ම්ම් ගාල නිකං ඉන්නව?! අහල බලාන්කො බස්සගෙන්.
Deleteහ්ම්..දැනට බ්ලොග් අවකාසෙ මගේ කතාව හරියටම කිවුව පෝස්ටුව මේක..
ReplyDeleteමම කියවලා තියෙන ඒවයින් :)
Deleteහෆොයි. සාශාට ලවු ඉලවුව ඇලජික් වීමේ රහස ඒකද! හයියූ ගණන් ගන්න එපා මෙයා. පෝස්කට්ටක් තලාගෙන, ජොලියෙ ඉම්මු.
Deleteගිය ලවකට නාඩන්නේ…
Deleteතියෙන බ්ලොගේ රැක ගන්නේ…
අන්න එහෙමයිලු සාශාට උපදෙස් දෙන්න ඕන. නැත්ද බස්සි? :)
ආයෙත් අහලා ප්‍රියා සුමිතුරෝ උපදේශන සේවය තියෙන්නෙ ඔය. සාශට දෙයියන්ගෙම පිහිටයි ඔය උපදෙස් අරන්!!
Deleteආයෙම. වැරදිලා තියෙයි අපේ උපදෙස් අරන්. හැක්. හැමදාම නෑ හැම තැනම නෑ.
Deleteමේවා පිලිපැද්දොත් කිරි ගහට බණ්ඩි කියතෙන් කෙටුවා වගේ තමා. :) :)
හඃ හඃ ඒකත් පිලිපැදල බලමු.උපදෙස් නොමිලේ නෙහ්???? අතුරු ආබාධ වලට වගකියනවද?
Deleteඅනේ අනේ පලයල්ල බං යන්න... :3
Deleteසාශා බුලත් කොලේක ඔතලා රු. 579ක් දෙන්නකො. 500 මගෙ ගාස්තුව. 79 බද්ද. හි… :)
Deleteසාශා : මූ අතුරු ආබාධ වලට වග කියද්දි බැරියැ. මේ මැරවින්ගෙ ගෝලයො ගැන උඹටත් බුදු සුවර්නෙ. අනේ මන්ද.
Deleteධනා : හොඳමයි හාන්දුන්නෙ, අපිල යඤ්ඤං.
Deleteප්‍රියා : හික්ස්! උඹත් e-money හොයන්න පටන් ගත්තද. වර්චුවල් බුලත් කොලේක ඔතල කරන ක්‍රෙඩිට් කාඩ් payments වුනත් බාරගන්නව කියහං.
Deleteඑයා ගියා ලු...
ReplyDeleteමම ආයිත් එහෙම ලු...
කමක් නෑ ලු..
හිතන්න ඕන එහෙම ලු...
මොකද,මම වෙනස්වෙනවා ලු...
:/ :)
හිතන්න ඕනෙ එහෙමලු
Deleteමොකද
අපිට ඇත්තටම ආදරේ අය
අපිව මකලා අලුතෙන් අඹන්න යන්නෙ නෑමලු
ඔව් ඔව්... මෙහෙම වෙච්ච අවස්ථා දෙක තුනක් ගැන ම මම ඇත්තට අහල තියනව බස්සියේ. අපූරු කයිය...)))
ReplyDeleteමමත් ඒවගේ අහපු දෙයක් නිසයි මේක ලියැවුනේ දිලිනියෝ.
Deleteඅපිත් ඉස්සර ඔළුව වැනුවා ලු
ReplyDeleteටික ටික කට වහන් ඉන්න එක එපා උනාලු
මේ මොන විකාරයක්ද කියලා හිතුනාලු
අන්තිම ඉවසුම් කණුව ලග කච කච ගාන්න උනාලු
එයාට මාව අත අරින්න ඕන උනාලු
මන් ගොඩක් ආදරේ නිසා මට එයාට යන්න දෙන්න උනාලු
දින,සති,මාස ගෙවිලා ගියාලු
මම ආයෙත් එයාව හොයන් ගියාලු
ඒත් එතකොටත් මන් පරක්කු වෙලාලු
එයා,එයාටත් නොදැනිම අන්සතු වෙලාලු
මාත් ලිව්වා මෙව්වා එකක් ;)
හපුයි. ඛේදාන්තයක් නේ? :( අපි නම්ි ඉවසීමෙ කණුවට සෑහෙන දුර තියාම කචකච ගානව අක්කෝ.
Deleteඅන්තිම ටික නැතිව අනිත් හැම දෙයක්ම මමත් "එයාට"නිතරම කියනව ..... :)
ReplyDeleteඅප්පට සිරි ......එයා දුන්නේ නැද්ද කන පැලෙන්න ..:D
Deleteකෙන්ජයියා කකුල කඩාගත්තෙ එයැයිගෙන් ප්‍රහාරයක් එල්ල වෙලාද මන්ද! :P
Deleteතොපි දෙන්නම මගේ පෙර භවේ සතුරු සොයුරු/සොයුරි යුවලක් ද මන්ද අෆ්පා ..හැක් ...හැක් .... (සිනාව නෙමේ බොලව්...බොල් කැස්ස බොලව්නේ ....හැක් ....හැක් ....)
Deleteඕ යේස් පෙර භවේදිත් කෙන්ජයියා එයාට සම්භාදක පනවන්න ගිහින් කකුල් කඩාගත්ත නේ. ඒ මතකෙන් තමයි guess කලේ මේ පාරත් ඒකම වෙන්ටැති කියලා... හික්ස්! :P
Deleteපෙර භවයේ තිබ්බෙත් ඔය කැස්සම තමයි
Deleteඇත්තටම මට ඕන වුනා
ReplyDeleteවෙනස් ආදරයක්
ඔයාට ඔළුව වනන්නවත් දෙයක්
මම නොකිවුව තරම්,
කොටින්ම ඔයාට ඕන විදිහට
ඔළුව වනන් හිටියා මම..
මට ඕන වුන
ඒ වෙනස් ආදරය විදිනකන්
මම නුඹේන්..
ඒත් දවසක හොරෙන්
නුඹ ගිහින් මට නොකියම
මම හොද වැඩියි කියලා..
වෙනස් ආදරයකට තමයි බං බස්සියේ මාත් ආස.. උදාහරණ කියන්න ඕන නෑනේ ඉතින්.. ඒකේ හරි අමුතු ගතියක් තියෙනවා..
අන්න ඒ වෙනස වෙනස් කරන්න මහන්සි නොවීී ඉන්න පුලුවන් අය අඩුයි නෙව.
Delete(මෙහෙම එව්ව කියන්නත් බයයි. මොනා කිවුවත් කස්ටිය හිතන්නෙ ඒ මම බස්සට කියන එවුව කියලනෙ!)
මට නිකං මෙහෙම අවසානයක් ගැන හිතෙනවා...
ReplyDeleteඔයා කියන හැමදේට ඔලුව වනන්න එපාලු
ඔයා මට අකැමතිත් ඒකලු.
අදින් පසු යලි එන්නෙ නෑමලු
ඔයා කිවුවා…
මං ඔලුව වැනුවා……
ඒ අවසානය මම නිර්මාණය කල අවසානයට වඩා බොහොම ප්‍රබලයි නෙ. ස්තූතියි තිසර!
Deleteඉතිං කාටද පුළුවන් වෙනස් වෙන එක නවත්තන්න...
ReplyDeleteවෙනස් වෙන ලෝකයෙ වෙනස් නොවන එකම දෙය වෙනස් වීම පමණයි කියනවනෙ.
Deleteස්වාභාවික වෙනසයි, කෘතිමව ඇතිකෙරෙන වෙනසයි දෙකක් නේද දේශ්?
Deleteකෝම කරත් වෙනස් නේ මෙයා... සුදානම් නොවී නොසිටිනු කියල අපට ඉක්කෝලෙදි කියල දුන්නා
Deleteසූදානම ගැන ඔය කියන කතාව පෝස්ට් එකේ තියෙන කතාවට හාත්පසින්ම වෙනස් කියලයි මට හිතෙන්නෙ. මගෙ මොලේ දෝසයක්ද මන්දා.....
Delete//මගෙ මොලේ දෝසයක්ද මන්දා…//
Deleteඅත බොරු කීවත් කීබෝඩය බොරු කියන්නේ නැත. :) ;)
පියාටත් කොහෙන් ගියත් ඕම එවුවනම් පේනව. @ඔරවමින්.
Deleteඅනේ මන්ද උබට හිතෙන දේවල්... පවු බස්ස...
ReplyDeleteමන් හිතුව ගාලු මේක දැකලා බස්ස ගැන අනුකම්පා සිත් උපදවා ගනීවි කියල.
Deleteයන්න ඕන එකාට රැදෙන්න හේතු දාහක් තිබ්බත් වැඩක් නෑ. යන්න එකම හේතුවක් තිබ්බොත් ඇති අනිවා යනවා. :(
ReplyDeleteඇති යාන්තම් පියාත් ඉදලා හිටලා බුද්ධිමත් ප්‍රකාශ නිකුත් කොරනව නේද!
Deleteහේතුවක් නැත්තං එකක් හදාගන්නවා
Deleteබච්චි ~ ආයෙත් අහලා අපිත් කිරිත් එක්ක සමහන් බොනවනෙ. එතකොට බුද්ධිමත් ප්‍රකාශ ගලාගෙන එන්නෙ. :)
Deleteසාශා ~ අමටක කරන්න අෆ්ෆා අමටක කොරන්න. :)
ඕනෙකම තියේනම් හේතු 1ට 1000ක් මවාගන්ට බැරියැ සාශෝ.
Deleteහ්ම්ම්ම් එකත් එහෙමයි නේ ..තමන් තමන් වෙන්න ඕන ..එත් වෙනස් වෙන එක නම් වෙනවා
ReplyDeleteමේ කටුසු කතාවක්ද ???උන්නේ ඔලුව වනා ගත්ත ගමන් ඉන්නෙ
ඔව් සහෝ. කවිය "එක් සත්‍ය කටුසු කතාවක්" කියල rename කලානම් හරි නේද!
Deleteපෙර ඔබ ලස්සනයි කිවෙ ඒ සිනාව
ReplyDeleteනොවේදෝ
අහන් ඉන්න ආසයි කිවේ මගේ කියවිල්ල
නොවේදෝ
මිතුරන් සමගින් වර්ණා කෙරුවේ මගේ සිත්තම්
නොවේදෝ
මම ගලවන්නේ නුබ දුන් අදුන්
නොවේදෝ
මා සමගින් නුබ දැක්කේ හින
නොවේදෝ
හැම එකටම බෙල්ල වන්නන්නේ බස්සියෝ
නොවේදෝ
හැම එකටම බෙල්ල වැනුවෙ කටුස්සො වේදෝ
Deleteබස්සො කලේ හ්ම්ම් හ්ම්ම් ගානා එක නේදෝ
සත්තු වත්තේ ගිහින් නැද්දෝ
Deleteලොකු පොඩි බස්සෝ දැකල නැද්දෝ
දවස තිස්සේ හ්ම්ම් හ්ම්ම් ගන්නේ නැද්දෝ
හ්ම්ම් ගනා ගමන් බෙල්ල වන්නේ නැද්දෝ
එතකොට මගේ හීන වලට හිනාවුනේ ...
ReplyDeleteමගේ හිනාව නැවැත්තුවේ.....
මගේ කචකචේ නැවැත්තුවේ......
මාව වෙනස කරේ හිටපු විදිහට කැමති නැති නිසා ද ......?
එතකොට ඔයා මට කැමති වුනේ ඇයි ...?
අපි නම් ඕවා දන්නෑ ඕන්. අපිව එහෙම අල්ලගන්නවා නෙමේ ඕවට. හැක්. ;)
Deleteඔහෙප් පලයන් මෙන්න මෙයා
Deleteපවුලූශා : සෑහෙන බොන්න ඕනෙ ප්‍රශ්නයක් නෙව. නිකම් ඉස්සෙල්ල ආවෙ කිකිලිද බිත්තරේද අහන්නා වාගෙ.
Deleteප්‍රියා : යේස්. අපි ඔලුව බේරගෙන දුවමු.
Deleteදමිත් : ගෙඹිලූශා ඇහුවොත් ඔහොම එකක් තමයි නේ?
Delete"මං වෙනස් කෙල්ලෙක් ලු.
ReplyDeleteඔයා මට ආදරෙත් ඒකලු."
ඕක්කොම කොල්ලො එහෙමද මන්ද කියන්නේ. මටත් කිව්වා නෙව එකෙක් :( පස්සේ ඒ වෙනස එයාලටම දිරවන්නේ නැතිව යනවා :(
ගොඩක් කොල්ලොන්ගෙ පොදු ලක්ශණයක් නෙව බඩියෝ ඒක. :))
Deleteඇත්තටම මේ වෙනස්කම මොකද්දලු....
ReplyDeleteමාත් ඔලුව වන වනා හිතනවලු
ඕව ගැන වැඩියෙ හිතන්න එපාලු
Deleteඕක මිනිස් සිතේ සොබාවෙලු
අයියෝ බස්සි.... කියලා වැඩක් නෑ ඔය ගැන නං....අනේ එයාලගෙ වෙනස.... හි හි....
ReplyDeleteආ මෙන්න ඇවිල්ලා........දැන් ඉතින් බස්සිගේත් කට පන එයි ....හපොයි
Deleteහිරු: ආයිශ් අම්ම ගුංඩූ!!! හිරු අක්කට කාලෙකින් අපේ පැත්තට එන්න පාර මතක් වෙලා තියෙන්නෙ. ලියමුකො අලුත් කතාවක් හෙම.
Deleteගෙඹිලූශෝ මගෙ කට කොයිවෙලෙත් පණ තියෙනෝ හරිද :P
Deleteඅපිට ඉතින් මේව කියන්න කව්රුවත් නෑ ලු...
ReplyDeleteඅපෙත් ඔළුව වැනෙනව ලූ...
තව කාලෙකදි කෙනෙක් ලැබෙයිලු
Deleteඑදාට මෙහෙම වෙන්නනම් එපාලු
ඇති යන්තන් ..... ඒ කරදරෙත් ඉවරයි
ReplyDeleteඔය කීවෙනි කරදරේද ඉවරවුනේ රාළේ?
Deleteකවුරු කවුරුත් ටික කලක් ගියාම වෙනස් වෙලා කියල නෝක්කාඩු කියනවා තමයි නේ.
ReplyDeleteඒක තමයි වීරෙ. ඔයාව අදමයි මේ පලාතෙ දැක්කෙ. බස්සිගෙ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා ඔයාව!!
Deleteනෑ නෑ. මම කලින් ඉදලම ආව. නම පොඩ්ඩක් වෙනස් කරලා හැඟුනා. එකයි කලින් පෙනී හිටිය පරණ නමේ කෑල්ලක් වරහන් ඉතිරි කලේ.
Deleteඔහෝ. දැන් මීටර් වුනා! :D
Deleteමුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා.... අපූරැයි නඟේ! ජය!!
ReplyDeleteබොහොම ස්තූතියි චන්දන අයියේ....
Deleteනෙළා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන,
ReplyDeleteනෙළා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන,
හීන මවාගෙන දහසක් තනියෙන් රස විඳපු,
බිතු සිතුවම් රූ මෙන් හද තෙලිකඩ මත ඇඳපු,
ලොවට හොරා පැස පුරවා ගෙනවිත් හැඩ බලපූ,
ලස්සන නැති හැටි මල්වල ඉස්සර මං නෙළපූ..
මුහුණ දෙමින් සර පහරට අනංගයා විදපූ,
නොදැක හිටිය දවස්වලට ඉකි බිඳ බිඳ හඬපු,
කාත් කව්රුවත් නැති තැන තුරුල්වෙලා දොඩපූ,
පැහැය සුවඳ කොහි ගියේද මල්වල මං නෙළපූ..
- නන්දා මාලනී-
(අහිංසක බස්සාට එසේ නොවේවා!!!)
බස්සාට ජය වේවා!!!
මම මේ සින්දුවෙ chorus එක විතරයි වචන දැනගෙන හිටියෙ. තැන්කුයි හොඳේ....!!!
Deleteබස්සට ජය වුනා කියන්නෙ මට ජය වුනා වගේම තමයි විදානේ...
ඔලුව වනවන විතරක් හිටියම ඔම වෙනව.
ReplyDeleteකටර් එක වගේ කට තිබුනත් මේ වගේ ඒව වෙන්න පුලුවන්.
Deleteඑයා මට කිව්වා.....
ReplyDeleteඑයා මට කිව්වා....
මං තොට කැමති නෑ කියලා....
ලොල්
එතකොට මම එයාට කිවුවා
Deleteමම එයාට කිවුවා
"ඉතින් මට පාන්ද?" කියලා
ලොලේ ලොල්.
එහෙමහරි කමක් නෑ බස්සා බේරුනානම්
ReplyDeleteඅපොයි සින්දුවෝ බස්සා ඒ තරම් වාසනාවන්ත නෑ. මේ මට නිකමට හිතිච්ච දෙයක්.
Deleteඔලුව වනලා විතරක් මේක තේරුම් ගන්න බැහැ.ඔලුව ගලක ගහගන්නම වෙනවා මේක තේරුම් ගන්න....:D
ReplyDeleteඑහෙම කරලාවත් බලමුනේද තේරුම් යයිද කියලා?
Deleteඑපා තවත් මගේ හිත රිදවන්න
ReplyDeleteආල නුරාකම් නෑ මට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට වුනි රුදූරූ
ඔබ යන්න ඔබ යන්න....
කියන්න තමා වෙන්නෙ :D
අප්පුච්චියේ.....! මේං සසිඳුවා හැඟුම්බර වෙලා!!!
Deleteහ්ම්.. කියන දේවල් කරන්න හොඳ නෑලු නේ... ඔන්න එහෙනම් අපි කරන්නෙ නෑලූ...
ReplyDeleteඅදහස නම් හරිම ශොක් ...
ස්තූතියි නoගා....!!!
Delete