Saturday, March 22, 2014

විලිලැජ්ජා නැති කෙල්ල


“මං ආදරෙයි ඔයාට”


මං කෑගහලා කිවුවා.


ඔව්. ඒක හැමෝටම ඇහුනා.

මට හංගන්න දෙයක් තිබුනෙ නෑ.
මම හිතුන දේ කිවුවා. කියන දේ කෙරුවා. ආදරේ කලා හදවතින්ම.
කවදාවත් ආපස්සට යන්න නෙමෙයි. ඉස්සරහටම යන්න.
ඔයත් එක්ක.






“මොකක්?” ඔයා මූණ ඇකිලුවා.

 
“ඒකි විලිලැජ්ජා නැති කෙල්ලෙක්.”
 ඔයා යාලුවන්ට කිවුවා.

 
“ඒකි විලිලැජ්ජා නැති කෙල්ලෙක්”
ඔයාගෙ යාලුවො එයාලගෙ යාලුවන්ට කිවුවා.

 
“උඹ විලිලැජ්ජා නැති කෙල්ලෙක්”
හැමෝම මා දිහාට ඇඟිල්ල දික් කලා.



 

“මම බොරු කියන්න ලැජ්ජයි. පවු කරන්න බයයි.”
මම කිවුවා.
 
ඒත්, මං ඔයාට ආදරෙයි…
මම කඳුලු අතරින් ආයෙමත් කිවුවා.

 
“දැක්කද? කෙල්ලෙක් මගෙ පස්සෙන් එනවා.”
ඔයා හැමෝටම කිවුවා.

 
“දැක්කද? අර බඩ්ඩ කොල්ලෙක්ගෙ පස්සෙන් යනවා.”
හැමෝම ඔවුනොවුන්ට කිවුවා.

 
මම හිස කෙලින් කරගෙන ඉස්සරහටම ගියා.
 
“මං ඔයාට ආදරෙයි.” 
 මම ආයෙමත් කිවුවා.

හැමෝම මට හිනා වුනා, ඔයත් මට හිනා වුනා.


මම ඔයා එක්ක හිනාවෙලා ඉස්සරහට ගියා.




**************************
 

මම,
 

හිරුරැසින් නැහැවුන තණනිල්ලක
 

ආදරේ පිණි බිංදුවල සිසිලස විඳිමින් හිනාවුනා
 

ලෝකෙම මාත් එක්ක හිනා වුනා……………….
 

මම ඔයා එක්ක හිනාවුනා. …………..
 








ඔයා,
 
හිම මිදෙන හීතලක
 
ඔයාගෙ සීතලම සීතල හදවත තුරුලුකරන්
 
ගලක් වගේ බලන් උන්නා…………





 


“මං එයාට ආදරෙයි.”

මම ඔයාට කිවුවා.


උණුහුමෙන් පිරුණු හදවත ගැහෙන තාලෙට
දෙපා තියමින්,

මම කෙලවරක් නොපෙනෙන තණනිල්ලේ
ඉස්සරහටම ඇදුනා.









158 comments:

  1. හොද වෙලාවට කිවුව් මේ දවස් වල මට වටිනවා මේක

    ReplyDelete
    Replies
    1. එහෙමද? එහෙනම් බුක්මාර්ක් කරලා තියාගන්න. :D

      Delete
    2. Hikz 1st after long time :D

      Delete
    3. yippeee !!!! සන්තෝසයි නේ....

      Delete
  2. ඉස්සර උනොත් සුං!

    ReplyDelete
    Replies
    1. හෑ.......... ඒ කිවුවෙ?

      Delete
    2. කොහොමත් සුං තමයි පිරිමියාගේ ආධිපත්‍යට යට උනහම.

      Delete
    3. වනිතා ඔයා ආස උඩ ඉන්න බව තේරුනා. කැමැති විදියකට කරගන්න. අපි එපා කියන්නෙ නෑ.

      Delete
    4. bus.c ++++++++++++++++++++++++++++++

      Delete
  3. බතල බස්සි පොඩ්ඩක් දිගට ලියහන්කෝ........ආසාවෙන් කියෝගෙන ගියා... හොදම හරියෙදි නතර කොරලා... විලි ලැජ්ජා නැති බස්සි

    ReplyDelete
    Replies
    1. //බතල බස්සි// දාමු ශානු පහක්. :))

      Delete
    2. හික්ස්...!! ඒම තමයි අපි අගේ පෙන්නන්නෙ. බස්සිටත් ඔය කයියෙ කියන 'විලිලැජ්ජාව'නම් නෑ ශානු අක්කෝ.......

      Delete
    3. පල පල පියා අහිංසක මට නම් හදන්නැතුව. හිටපිය මන් ආපහු ඉස්සර ගානට කෙට්ටු වෙනකම්. මේ ශානුවා මට ඒ නම බෞතීස්ම කොරන්නයි යන්නෙ. දුප් කිඹුලි. :P

      Delete
    4. විලිලැජ්ජාව නම් අපිටත් නෑ බොලන්. කොටින්ම මම ඉපදුන වෙලේ වැරදිලා පෙකිණිවැල කියලා ලැජ්ජා නහර කපලා දාලා. හි… ;))) :D

      Delete
    5. අෆ්ෆෝ අදනෙ දැනගත්තෙ සීන් එක. මන් හිතුවෙ පස්සෙ කාලෙක ඔයාම කියලා කප්පවාගන්ට ඇති කියලයි.

      Delete
    6. හිකිස්".....ඕන් 5 ප්‍රියාට.....හු...හු...බතල බස්සි........මමත් ටිකක් ඔය විලි ලැජ්ජා නැති කෙල්ලෙක් බන් අවුලක් නෑ එක ඉස්කෝලෙනෙ

      Delete
    7. ඉක්කෝලෙ වැරැද්ද බන්. නැත්තම් අපි මල් වගේ ළමයි.

      Delete
    8. මරු නම හෆ්ෆා බතල බස්Ccccc

      Delete
    9. හයියෝ මුන් මගෙ නම ඉස්සරහින් විශේෂණ පද දාන එක එන්න එන්නම වැඩියි. :(((

      Delete
    10. අච්චර ස්ලිම් බස්සිට මේ සුදු කිඹුලි අක්කා කියන කතා හැබෑට..මේක මරු ඈ

      Delete
  4. ඇත්තටම කෙල්ලෙක් මුලින් ආදරේ ප්‍රකාශ කරන එක වැරදි නෑ. තමන්ගෙ අවංක ආදරේ ප්‍රකාශ කරන කෙල්ලව ඇයි සමාජෙ කොන් කරන්නෙ.…………… :(

    ReplyDelete
    Replies
    1. ඩුකයි තමා.... ලංකාවෙ මිනිස්සු වෙනස් නෙ බන් :((

      Delete
    2. ඒ වෙනසට ගරු කරන අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි :D

      Delete
    3. හැක්. මං හිතුව සසිඳුවා ශ්‍රී ලංකා බෙල් වෙන්ටැති කියල! :P

      Delete
    4. මේක වරදක් වෙන්නේ නෑ කොහොමත්. මොකද කෙල්ලෙකුට හැඟීම් දැනීම් නැහැ කියලා කියන්න පුලුවන්ද?

      Delete
    5. ඒකම තමයි යාලුවා අපිත් කියන්නෙ. :)

      Delete
  5. hmmmmm heart touching........ feeling doesnt know about the person. may be girl or may be boy

    ReplyDelete
    Replies
    1. Hmmm Hmmm............ Love doesn't have eyes for social barriers, beliefs or myths. Yet society does..... :(

      Delete
  6. මට හිතා ගන්න බැරි දෙයක් තමයි කෙල්ලන්ටයි කොල්ලන්ටයි නීති දෙකක් ඇයි කියන එක. කොල්ලෙකුට තමන්ගෙ ආදරේ ප්‍රකාශ කරන්නට ඉස්සර වෙන්න පුළුවන් නම් ඇයි කෙල්ලෙකුට බැරි. ඇයි සමාජය මෙච්චර බොළද
    කොල්ලෙක් ආදරේ ප්‍රකාශ කළාම කෙල්ල මහපට ඇඟිල්ලෙන් බිම හාරන්නත් ඕනලු.හුඟාක් අදිමදි කරන්නත් ඕනලු.මොන විකාරද මේ

    ඉෆුගායෝ වගෙ ගෝත්‍ර වල තරුණිය මේ වගෙ වෙලාවල තරුණයාට දැඩිව විරෝධය පළ කරන්නත් ඕනලු. නැත්නම් වල් කෙල්ලක් කියලලු හිතන්නෙ. මෙතන ලොකු අමාරුවක වැටෙන්නෙ කොල්ල. ඇත්තටම කෙල්ල තමන්ට කැමතිද අකමැතිද කියල දැනගන්න බෑනෙ. ආදරේ ප්‍රකාශ කළාම කුඩෙන් හරි සෙරෙප්පුවෙන් හරි ගහනවමනෙ. නැත්නම් වල් කෙල්ලක් වෙනවනෙ. ඒ අතින් ලංකාව හොඳයි. නැත්නම් කොල්ලො කෙල්ලන්ගෙන් ගුටිකාල පන යනව.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ මිනිස්සු වෙනස්. ඒ වෙනස වෙනස් කරන්න අපිට තව සෑහෙන කලක් ගතවේවි.

      අර ගෝත්‍රික කතාව ගැන ඇහුවෙ අදමයි යකා. එහෙම සිරිත් නිසානෙ එයාලට අපි ගෝත්‍රිකයො කියන්නෙ. ඒත් ලංකාවෙ ඉන්නෙ ගෝත්‍රිකයො නෙමෙයි.මහලොකුවට මනෝවිජ්ජාවයි, සමානාත්මතාවයි අරකයි මේකයි වරනගන මිනිස්සු. ඒකනෙ දුක.

      Delete
    2. අනිවා බස්සි, යකා

      Delete
    3. ඔමා ටෝ කොහෙද බන් අතුරුදහන් වෙලා හිටියෙ!

      Delete
    4. කුහක බොරු සුදනකම, වෙන මොකක්ද?

      Delete
    5. යකා මොකක් කිවුවත් කොල්ලෙක් කෙල්ලෙකුගෙන් ආදරේ ඉල්ලනවා කියන්නේ ඒක අවසානයට ලිංගික ආසාවක් ඉෂ්ඨ කරගන්න කරනා ආරාධනයක්. එහෙම නැත්නම් ඇයි විවාහයෙන් කෙලවර වෙන්න ආදරේ ඉල්ලන්නේ. මේ කොහොම බැලුවත් කෙල්ල අන්තිමට පිරිමියාගේ සම්ප්‍රදායික වහලිය වෙනවා. ඒ නිසා මමනක් කියන්නේ කොල්ලෙක් ආඩරය ඉල්ලන ආවොත් නූතන යුගයේ කෙල්ලන් කළයුත්තේ ඔහුට හොඳහැටි ගුටි දීමයි. ඒ සඳහා නූතන කෙල්ලන් විශේෂයෙන් සටන්ක්‍රම හැදෑරීමත් කරන්න පුලුවන්නම් හොඳයි.

      Delete
    6. අර නිදහස හොයන යාලුවා ආවේගශීලී වෙලා වගෙයි.

      Delete
    7. අන්න හරි මචන් වනිතා. අපි හදන්න ඕනෙ යතුර කිට්ටු වෙද්දි පැනල යතුරට නොකවුට් වෙන්න ප්‍රහාර එල්ල කරන අගුලු. ආයෙ අනාගත ලෝකෙට යන්න දොරවල් අරින්න නම් දෙන්න හොද නෑ මචන්. නූතනත්වයේ ආසිරිවාදෙන් අගුලයි යතුරයි දෙකම මලකඩ කාපු දෙන්. සාදු සාදු සාදු!!!

      Delete
    8. busc ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  7. ඇත්තටම ලස්සනයි බස්සියෙ වචන ගැළපුම....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හර්ෂ!

      Delete
  8. බොහොම හොඳට ආසාවෙන් කියවගෙන යනකොට අතරමගින් කතාව නතර කරලා....network down උනාද????
    ---------------------------
    -----------------
    ---------
    ---

    මට දැනෙන විදියට කෙල්ල මුලින්ම ආදරේ ප්‍රකාශ කරන එක ප්‍රශ්නයක් විදියට දකින එක අපේ ලංකාවේ හැටි..
    නීති දෙකක් කෙල්ලන්ටයි කොල්ලන්ටයි තියෙන එකේ අසාධාරනයකුත් තියෙනවා තමයි. එත් මොනවා කරන්නද? තාම ඔය විදියට තමයි මේ සමාජය යන්නේ...ඒ සිතුවිල්ල වෙනස් කරන්න හැකියාව තියෙන්නේ අපි ඔයගොල්ලෝ වගේ අයටම තමා.

    ඔය මොනවා කිව්වත් මමත් ඔය දේ පුද්ගලිකව අත්දැකලා විඳලා තියෙනවා.(බොහෝ කාලෙකට කලින් ). ඒ කාලේදී ඔය කලින් කියල තියෙන වචන ටික හිතන්න තරම් ඔලුව tune වෙලා තිබුනේ නෑ.

    එයාට මම හිනා උනේ නම් නෑ. එත් බස්සි කියල තියෙන විදියටම ලෝකයා නම් එයාට හිනා උනා. එත් එයා මා එක්ක හිටිය.ටික කාලෙකින් ඒ කතාව දුක්බරව අවසන් උනා..

    ReplyDelete
    Replies
    1. අපිට හිනාවෙන ලෝකෙ, අපිට ඇඟිල්ල දික්කරන ලෝකෙ එක්ක තරහවෙන්න බෑ නෙව. හිනාවෙලා ඉස්සරහට යද්දි දවසක ඒ ලෝකෙම අපිත් එක්ක හිනාවෙයි, හිතේ සතුටින් නෙමෙයි, අපිට ඔරවන්න බැරි කමට, අපේ සාර්ථකත්වය නිසා ඉරිසියාවෙන් අඬන්න බැරිකමට.....

      නැත්නම් දැක්කත් නොදැක්කා වාගෙ ඉඳීවි. හිනාවෙන්න හිත හදාගන්න බැරි කමට.......


      හික්ස්! ඉන්ටර්නෙට් ඩවුන් උනේ නෑ අනේ.... කියන්න තියෙන ටික කෙටියෙන් කියලා දැම්ම. :D

      Delete
  9. චැග් ඒකාලෙ එහෙමවත් කවුරුවත් හිටියෙ නෑනේ...

    ReplyDelete
    Replies
    1. "එහෙමවත් කවුරුවත් හිටියෙ නෑනෙ"

      ඒ කියන්නෙ තමන්ට ආදරේ කරන අයට වැටෙන්නෙ අඩුම ලකුණ,
      තමන් ආදරේ - තමන් පස්සෙන් යද්දි ගෑස් පෙන්නන අයට ඉහලම ලකුණ.....
      ඔහොම එකක් ගැන තමයි ලිවුවෙ.

      Delete
  10. *ආදරය ඇතැම් හදවත් වලට මුළු ජිවිත කාලයටම නොදැනෙන බවත්,
    *ඇතැම් අයට ආදරය දැනුනත් ,හිමිකර ගත නොහැකි බවත්,
    *කලාතුරකින් ආදර දෙහදක් එක්වන වාසනාව ඇති බවත්,සුමනදාස සමරසිංහ මහතාගේ පොතක කියවා තියෙනවා.
    පළවෙනි ගණය ගැන අනුකම්පා කරන්නත්,
    දෙවෙනි ගණයට අයත් නම් හිමි නොවුනත්,හමුවිම ගැනම වුනත් සතුටු වෙන්න පුළුවන් නේද?

    තුන්වැනි ගණයේ වාසනාව..!!ඒක තමා වාසනාම වාසනාව..!!!


    ReplyDelete
    Replies
    1. පළවෙනි ගණයට අයත් නොවීම ගැන සතුටු වෙන අතරම, විරහවේ රසත් මතකයේ සුවඳත් විඳින්නට සැලසුව දෙවැනි ගණය ගැනද අමනාපයක් නැත.

      තුන්වෙනි ගණය නම් ඇත්තෙන්ම වාසනාවන්තය. වාසනාවන්තයින් සුලභ නොවෙති. එබන්දන් දැකුමද වාසනාවක්මය.

      ස්තූතියි පිනි! ඔයාව ආදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!!!

      Delete
  11. ආදරෙයි කියලා කවුරු මුලින් කිව්වත් ආදරේ සුන්දරයි..... ලස්සන කවි පද ටික..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තුශානි. පාට කණ්නාඩි දැම්මම ඔය ටික වටහා ගන්න අමාරුයි නෙව.

      Delete
  12. ලස්සනයි බස්සි අක්කේ.. ආසාවෙන් කියෝගෙන ගියේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගියා.........!!

      Delete
  13. මේ වගේ මාතෘකාගැන වැඩිය මන් දන්නෑ, ඒ හින්ද මුකුත් කියන්නෑ :D

    ReplyDelete
    Replies
    1. අපසාදෙ ඔයාව මතක් උනානම් මම මේකත් 18+ කොරනවා. :D

      Delete
    2. මාත් ඕවා නම් දන්නෑ බං. මටත් තාම දාසයයි මාසයයි. :p

      Delete
    3. අපි 16+ ලියන්නෙ ඒකනෙ :D

      උබ බැදපු එකා චෙච්චි මේව නොදැන ඉන්ඩ බෑ ප්‍රියෝ :D

      Delete
    4. ප්‍රියාගෙ බබාට වෙන්ටැ දාසයයි මාසය නේ..... :P

      Delete
    5. සසිඳුවා 16 පැන්න දා ඉඳන් ලියන්නෙම 16+ එවුවාමයි.

      Delete
    6. මට නම් ඇත්තටම 17 යි.
      බ්ලොග් අවකශයේ ලාබාලතම බ්ලොග්කරු

      Delete
  14. අනේ මමත් මේ ගැන දන්නේ නෑ ...

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නෙ රාධා ගැන විතරනෙ. :P

      Delete
  15. නියමයි..!
    බස්සිගෙ කූඩුවට ආපු පළවෙනි වතාව ඕං..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරක! බස්සිගෙ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා ඔයාව!!

      Delete
  16. හරියට හරි බස්සි. මේකත් එක්තරා ඛේදවාචකයක් තමයි. මහ ලොකුවට ස්ත්‍රීවාදී කතා කිව්වට මේ වගේ ආකල්ප වෙනස් කර ගන්න තව ම අපට බැරි වෙලා. මේකෙ මේ තරුවලින් පහළ ටිකෙන් මොකද්ද අදහස් කළේ? මට හිතුණා එතනින් නැවතුණා නම් කියලා. ඒක යි.

    ReplyDelete
    Replies
    1. තරුවලින් පහල කොටස නැතුව මේක අසම්පූර්ණයි.

      Delete
  17. >>“මං ආදරෙයි ඔයාට”<< කිව්වම පැනල බාර ගාන්නව මම නම් අප්පා....
    කෙල්ලො පව්නෙ ...
    හොදම අදහසක්......උඹට එන අදහස් මෙහෙම කෙටියෙන් හරි අකුරු කරල අපිට කියවන්න සලසන එකට ස්තුතියි.....!

    ReplyDelete
    Replies
    1. හික්ස්! කෙන්ජිට හරි අනුකම්පාවයිනෙ.

      හැබැයි ඔය පව් කියලා කොරන අනුකම්පාවම තමයි අන්තිමේ භූමිකම්පාවක් වෙන්නෙ. ඒ නිසා පරෙස්සමෙන් මචෝ. හ්ම්ම්ම්ම්ම්............... :)

      Delete
    2. හ්ම්ම්ම්... ඒක සහතික ඇත්ත....ඔය භූමිකම්පාවට ඔරොත්තු නොදෙන පිලිමිත් ඉන්නව පිළිම වගේ....
      මං නං එහෙම නැහැ....හොදට බල මාළු කෑව ගමේදී...හෙක්...හෙක්... :)

      Delete
    3. කොමෙන්ටුව තේරුනේ බාගෙට අෆ්ෆා...........

      Delete
    4. හිටු. මම ඕක දැනුමැත්තෙක්ට පෙන්නලා නොදන්නා ටික තේරුම් කොරගන්නකම්. හ්ම්ම්ම්හ්!

      Delete
  18. අපිට ඉතින් කව්රුහරි ඇවිත් කිව්වොත් ඉතින් ඔහොම ...... ඒ ඉතින් ඩෙකර් බස් එකකටවත් නැග ගන්න බැරි ලින්ක් සුදන්ත වලින් දත් මද්දත් කහට යන්නේ නැති දත් තියෙන අපායට කැලැන්ඩර් ගහන්න පුළුවන් මුණු තියෙන අය තමයි කියලා .... මේ රුසියන් නමකින් බ්ලොග් ලියන එකෙක් දවසක් මට කිව්වනේ ..

    ReplyDelete
    Replies
    1. ඒකටත් එක්ක මට හෙහ්....... :)

      Delete
    2. @ මැලේ
      ++++++++++++

      Delete
    3. හපොයි. කොහොමත් සමහරුන්ට කාලයත් එක්ක තමන්ගෙ ළඟින්ම හිටපු අයවත් //ඩෙකර් බස් එකකටවත් නැග ගන්න බැරි ලින්ක් සුදන්ත වලින් දත් මද්දත් කහට යන්නේ නැති දත් තියෙන අපායට කැලැන්ඩර් ගහන්න පුළුවන් මුණු තියෙන අය// වගේ පේන්න ගන්නව. ඒ මිනිස්සුන්ගෙ හැටි.

      Delete
    4. බස්සිනම් මේ ටික කියලා තියෙන්නේ නිකං තමන්ගේම අත්දැකීමෙන් වගේ

      Delete
    5. ඔව් මැලේ ජීවිතේ අවුරුදු විසිහතරක් ගෙවලා තියෙන නිසා මටත් අත්දැකීම් තියෙනවා. නමුත් මම අත්දැකීම් කියලා හඳුන්වන්නේ මම විඳපු දේ පමණක්ම නොවෙයි. අහපු දේ, දැකපු දේ, ඒ සියල්ලමත් මට මගේ අත්දැකීම් කියලා හඳුන්වන්න පුලුවනි.

      Delete
    6. කවුද ඔය රුසියන් නමකින් ලියන එකා අර කෙටිකතා ලියන රතුපාට චේ ද?

      Delete
    7. ඉවාන් පවුලුශා නොහොත් ප්‍රගීත් අනුරුද්ධ

      Delete
  19. ගැහැණු ළමයි කියන්නේ පේන්න මිසක් ඇහෙන්න ඉන්න ඕන උදවිය නෙවෙයි.

    (සමාජ මතය)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...... එහෙමත් මතයක් තියෙනව නේන්නම්. :)

      Delete
  20. මේවට ඈතින් ඉඳන් බලන් නොඉඳ කමෙන්ට් කරලා අන්තිමේදී ප්‍රතිගාමියෙක් හැටියට හංවඩු ගැහෙන්න බැරි කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. අප්පේ ඩූඩ් මගෙ බ්ලොග් එකේ කමෙන්ට් කරන අය ප්‍රතිගාමියො විදියට හංවඩු ගැහෙනවද ඒ කියන්නෙ?! :D

      Delete
    2. නෑ, ඔය ගෑණිගෙයි මිනිහගෙයි රණ්ඩු, එතකොට කෙල්ලගෙයි කොල්ලගෙයි රණ්ඩු වලට උපදෙස් දෙන්න ගිහින්, පැත්තක් අරන් කතා කරපු එකාට පස්සෙ දෙන්නා සමඟි වෙලා අල්ලගෙන නෙලනවා පොරි හැලෙන්න. ඒකයි. :D

      Delete
    3. හයියෝ ඩූඩ් මේක ගෑණිගෙයි මිනිහගෙයි හෝ කෙල්ලගෙයි කොල්ලගෙයි රණ්ඩුවක් නෙමෙයිනෙ. මේ වෙනම කතාවක්නෙ.

      Delete
    4. ඒක තේරුනා බස්සි. දැන් ඔය කවුද ඉස්සෙල්ල ඇහුවේ කියන එක කසාද බැන්දටත් පස්සේ ජීවිත කාලයම මතභේදයට තුඩු දෙන එකක්. හරි. කවුද ඉස්සරවෙන්න ඕනෙයි කියන එකනේ මෙතන කේස් එක. මම කියන්නේ ඕකට උත්තර දෙන්න මම කැමති නෑයි කියන එකයි.

      Delete
    5. එහෙම මතභේද ඇතිවෙන්නෙ සමහර අය අතරෙ විතරනෙ ඩූඩ්. උත්තර දෙන්න කැමති නෑ කියන්නෙ අනිවා වෙනස් මතයක තමයි ඔයා ඉන්නවා ඇත්තෙ. :) :)

      Delete
  21. එහෙම කෙල්ලො ඉස්සරවෙනවනම් කොච්චර හොදද.එත වැඩක් නැ දැන් ටයිම් පාස් නේ

    ReplyDelete
    Replies
    1. මදැයි. දමිත් මාතලන්ගෙ බ්ලොගෙත් කමෙනට් කොරලනෙ මාව අහු කරල. අහුවෙන්ටකො.... හ්ම්ම්හ්!

      Delete
  22. //“මං එයාට ආදරෙයි.”// ඒ කියන්නෙ කතාවෙ ඉන්න "මං" හඳට අඬල වැඩක් නෑ කියල තේරුම් ගත්ත කියන එක ද ? සටහන ලස්සනයි බස්සි.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා.... චන්දන අයිය මේ බ්ලොගේ යන කෑලි කෑලි කතා එක්කහු කරල puzzle තුන හතරක්ම සම්පූර්ණ කරයි වගේ බලාන ගියාම. මේකට සම්බන්ද වෙන්නෙ "කුමුදු මල සහ පුරහඳ" නේන්නම්!!! ඔයා මැජික් කාරයෙක්ද ඈ...!

      Delete
  23. ඔය කෙල්ලෙක් ඉස්සර උනොත් හැදෙන පද හින්දා තමන්ගෙ ආදරේ හංගගෙන හිටපු ‍යෙහෙලියො දෙන්නෙක් මට හිටිය.හිතාගන්න බැරි විදිහට ඒ එක ගෑනු ලමයෙක් ගැන අදාල කොල්ලගෙ හිතේ ආදරයක් ඇතිවෙලා අන්තිමේ මේ ඊයෙ පෙරේද දවසක දෙන්න කසාදත් බැන්දා.
    පුදුමෙ කියන්නෙ කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලොත් එහෙම අයට නැහැදිච්ච කෙල්ලො කියනව නෙ.

    ReplyDelete
    Replies
    1. මගෙ ඉස්කෝලෙ කාලෙ හිටපු හොඳම යෙහෙළියක් හිටියා මේ කතාවට අගේට ගැලපෙන. එහෙම අප්‍රකාශිත ආදර කතා දුලබ නෑ වීරේ.

      අර ගැහැණු ළමයගෙයි, පිරිමි ළමයගෙයි දෙන්නගෙම වාසනාව නේද

      Delete
    2. නැහැදිච්චකම නෙවෙයි මෝඩකම. පුරුෂාධිපත්‍යට යටවෙන්න ඔච්චර දඟලන එක මොන මෝඩකමක්ද?

      Delete
    3. ඔයා උඩ ඉන්න ආසයි කියල කලිනුත් කමෙන්ට් එකක කිව්වනෙ. ඕක හැමතැනම කිවුව කියල වෙන සෙතක් නෑනෙ නේද. ගෙදර ගිහින් කැමැත්තක් කරගන්න. රිප්ලයි කොටන එකත් වදයක්නෙ.

      Delete
  24. අපි තාමා පොඩි උන් නොවැ අපිට කොහිද ඔහොම අත්දැකීම්... හැබැයි මම ඔකේ වරදක් දකින්නේ නම් නැ බතල බස්සියේ

    ReplyDelete
    Replies
    1. අනේ පොඩි දරුවා පව්. අත්දැකපු දාට බලන්න බුක්මාර්ක් කරගන්නකො එහෙනම්.

      මේ මේ ඔය විශේෂණ පදේට මගේ දැඩි විරෝධය හරිද!!!

      Delete
    2. විශේෂණ පදේ නැතිව *බතලියෝ* කියමු එහෙනං....

      Delete
    3. හෙළා දකිනවා හොඳේ..... ඔව්.

      Delete
  25. කෙල්ලෙක් ඉස්සර උනු ගමං පද හදන එක, තවත් ගොඩක් දේවල් වගේම අපේ උංගේ ගොං කමෙයි ගෝත්‍රික ගතියෙයි කොටසක්..
    මේ කාරනෙදි නං ලංකාවේ වැඩිහරියක් පිරිමි දරන අදහස් වල ලොකු අවුලක් තියෙනවා. හැබැයි ඒ වගේම ගොඩක් ගෑනු අය මේ ගැන දරන අදහස් සහ මොන ටෝක් දුන්නත් පුද්ගලිකව තමන් සඳහා මේ වගේ කාරනෙකදී හැසිරෙන විදිහ බැලුවොත් එයාල කරන්නෙත් මේ බැහැර කරන්න ඕන පුහු දේවල් ඉස්සරහට ඇදගෙන යන එකමයි. (කොහොමත් දකුණු ආසියාතික කලාපේ මෙහෙමයි) උඹලා වගේ හිතන කෙල්ලෝ අඩුයි බස්සි...
    >
    කවිය ලස්සනයි. එල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලින. කාලෙකින් මේ පැත්තෙ ඇවිත්. :)

      පිරිමි විතරක් නෙමෙයි එහෙම දේ ගැන වපරැහින් බලලා ලෝකෙටම කියන්නෙ සම-හරක් ගෑණු. ලොරි ටෝක් දුන්නාට මෙවැනි දේකදි කතා කරන්න, ක්‍රියා කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ ගැහැණියක්වත්. දන්නවද... ඔය විදියට විලිලැජ්ජා නැති කෙල්ලට ඇඟිල්ල දික් කරන අය පස්සෙ කාලෙක කපන්න බැරි අත ළඟ ඔලුව නමලා බයාදු හිනා පානව. මිනිස්සු කියන ජාතිය හරි පුදුමයි. අපිට හිනා වුන අය අපිත් එක්ක හිනා වෙනව කාලයත් සමග.

      මේ පෝස්ට් එකට දාපු සමහර කමෙන්ට්ස්ම බලන්න. මේක "බස්සිගේ අත්දැකීමක් ද" කියන එක තමයි සමහරුන්ට තියෙන ලොකුම ගැටළුව. මේක පළ කරාම සමහර අය හොරෙන් මූණුපොතෙන් ඇවිත් අහනවා ඔය කතාවම. මොනව කරන්නද, අපේ රටේ මිනිස්සුන්ගෙ වෙනස.

      Delete
    2. ඔය මොන කාරනේ ගත්තත් සම්ප්‍රදායිකම තියෙනවා. වෙන්න ඕනේ නූතන යුගයේ කාන්තාවට පුරුෂයාගේ රැකවරනය හෝ ආදරය නැතිව ජීවත් වෙන්න පුලුවන් කියලා ඔප්පු කරලා පෙන්වන එක. නැතුව කෙල්ලෝ කොල්ලන් පස්සේ ගිහිල්ල බාල්දු වෙන එක නෙවෙයි.

      Delete
    3. එතකොට ආරක්ෂාව සහ ආදරය ලැබීමට ඇති සහජ ලැදියාව සන්තෘප්ත කරගන්නෙ තවත් කාන්තාවක් සමග සම්බන්ධ වීමෙන්ද? මෙතන කියන්නෙ මිනිසා ඇතුලු දියුණු වානර විශේෂයන්ගේ සහජ ලක්ෂණයක්. ඔයා ඔය කියන ලක්ෂණත් දකින්න පුලුවන්.... මිනිස්සුන්ගෙ නෙමෙයි, බල්ලන්ගෙ, බලල්ලුන්ගෙ, හරකුන්ගෙ, එළුවන්ගෙ, අශ්වයන්ගෙ.... :)

      Delete
    4. එකම නමින් කමෙන්ට් වැලක් ඊමේල් එකට නොටිෆිකේෂන් විදිහට ඇවිත්... සාමාන්යෙන් ආපහු එන පුරුද්දක් නැතත් මෙහෙම දෙයක් දැක්කේ ෆස්ට් ටයිම් නිසා ඕං හැඩ බලල යන්න කියල ආව... අපොයි , මොකද්ද බං මේ....???
      >
      සාමාන්යෙන් අසහනකාරයෝ/අසහනකරියෝ වනචර කමට බෙට්ට හලලා ගියාට, ලෝක සොබාවේ තේරුං ගත්තු දැනුන්'තේරුං තියෙන මිනිස්සුන්ට, වතුර ගහලා ඒවා හෝදලා දාන්න පුළුවන්... ඒත් සමහරු යන්නේ ඩයිනමයිට් ගහල බෙට්ට බ්ලාස්ට් කරලා.
      ඉතිං හිතාගනිල්ලකෝ උංගේ අසහනේ තරම....

      Delete
    5. ඒක නෙන්නම් තිලින අයියෙ. මක් කොරන්නද අනුකම්පා කරනව මිසක. මම මේ air freshner ටිකක් ඉහගෙන ගියා හෝදල දාල. :)

      Delete
  26. කමක් නෑ එයා ඒක තේරුං ගත්ත නේ.. ඔන්න ඕකනේ බස්සි කියන්නේ මිනිස්සු හිතන්නේ සම්ප්‍රදාය තමා හරි කියලා. ඇයි කෙල්ලෙකුට බැරි කොල්ලෙක් පස්සෙන් යන්න.. හොද අදහසක්..

    ReplyDelete
    Replies
    1. පස්සෙන් ‍යාම නිසා අනෙකාව අපහසුවට පත් කරන එකට නම් මම එකහෙළාම විරුද්ධයි. එහෙම කරන කොල්ලොත් ඔය මහපාරෙ කුඩමිටි, සෙරෙප්පු පාරවල් කාල නෝණ්ඩි වෙන්නෙ. මම කියන්නෙ මනුස්සයෙක් විදියට කරන හැගීම් ප්‍රකාශනයක් ගැනයි.

      Delete
    2. කෙල්ලෙකුට කොල්ලෙක් පස්සෙන් ගියා කියලා කොල්ලාගේ පුරුෂාධිපත්‍යවාදී බව නැති කරන්න බෑනේ. කොලා කොහොමත් අන්තිමට කරන්නේ එයාගේ ආධිපත්‍යට කෙල්ල යටත් කරගන්න එක. නැතිකරන්න ඕනේ ඔන්න ඔය සම්ප්‍රදායිකකම. මමනම් කියන්නේ නූතන යුගයේ කෙල්ලන්ට කොල්ලන්ගේ ආදරය වැඩක් නෑ කියලා. ඒ වගේම කොල්ලන්ගේ ආරක්ෂාව වැඩකුත් නෑ. මේවා පැත්තක දාලා නූතන යුගයට යන හැටි හිතලා බැලුවනම් හොඳ නැද්ද?

      Delete
    3. වනිතා හඩ : ඔයා කියන නූතන යුගයෙ අගුළු කිසිම යතුරකින් අරින්න බැරිනම් කොහොමද අක්කේ අනාගත ලෝකෙට පිවිසෙන්න දොරවල් ඇරගන්නෙ.

      Delete
  27. එත් කොල්ලෙක් කෙල්ලෙක්ගේ පස්සෙන් එද්දි කෙල්ලට එන හැඟිම් බස්සිට කියන්න ඕනේ නෑ නේ... මෙහෙම උනාම ඒ සුන්දර කාලය කෙල්ලට අහිමි වෙනවා... කෙල්ලගේ පැත්තෙන් බැලුවම කොහොම උනත් අවාසිය කෙල්ලට තමයි.. අහා නැද්ද,? ^_^ 

    ReplyDelete
    Replies
    1. පස්සෙන් එන කාලය කියල මදාර නගා අදහස් කලේ අර උත්තරයක් ලැබෙනකම් බලා ඉන්න කාලෙ වෙන්න ඕනෙ. අෆ්ෆා මාර සැලකිලි නේ ඒ කාලෙ. හික්ස්.


      හැබැයි අකමැත්ත පෙන්නුවාට පස්සෙත් ඇණයක් වෙවී එන එක තමයි මට දිරවන්නෙ නැත්තෙ. සමහරු ඔය පස්සෙන් යාම නිසා එපා වෙන්න නෝණ්ඩි කනවනෙ. හයියූ.

      Delete
    2. මෙහෙම පස්සෙන් එන කොල්ලන්ට නූතන යුගයේ කෙල්ලන් හැටියට සලකන්න ඕනේ අතින් පයින් ගුටි පූජාවක් එක්ක. ඔය සේරම සල්ලාලයෝ. සමහර විට උන් කියන්නේ නෑ කෙල්ලට ඔය යන්නේ කීවෙනියා පස්සේද කියලා.

      Delete
    3. ඔවුන්ගෙ හැටි ඔහොම තමයි වනී. ඔයා එහෙම නෑ නෙ. කියන්නකො මේ ඔයා තැන තැන චුට්ට චුට්ට කරපු කීවෙනි blog එකද කියල.

      Delete
  28. මුලින් කිව්වත් පස්සෙ කිව්වත් ආදරේ ආදරේමයි. ලොකෙ ඉන්න හැම එකාගෙන්ම ආදරේ හිඟ හිඟ පස්සෙන් ගියානම්නෙ වැරදි. මට හිතාගන්න බැරි ඇයි මේ සමාජෙ ඇත්තට මේ තරම් බය කියලයි.

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ට බයයිලු අනේ ඒකලු කෙල්ලෙක් ආදරේ ප්‍රකාශ කලොත් ගල් ගහන්නෙ. :D

      ඔයා කියපු එක හරි යාලු. සමහරු හිතන් ඉන්නෙ මම මේ කියන්නෙ ඒපස්සෙන් හිගමන් ‍යාම ගැන කියලයි.

      Delete
    2. ආදරේ හිඟ හිඟ ගිහිල්ලා අන්තිමට පුරුෂාධිපත්‍ය රජ කරවලා තමයි නවතින්නේ කොහෙත්.

      Delete
    3. වනිතා අනේ ඔයා මෙතනත් කලාද!!!

      Delete
    4. \\වනිතා අනේ ඔයා මෙතනත් කලාද!!!//

      මට එක එක තැන්වලින් හිනා යනව. වනිතා මගෙත් එක්කත් ලොකු කොක්කක් දාගත්ත මගේ "මා එක්කලා අමනාපව වී දබර" කියන පෝස්ට් එකට.

      ඇත්තටම කවුද මෙයා?

      Delete
    5. කවුරු දනිත්ද අනේ. ව.හ. තමයි. මම දැක්කා බ්ලොග් කීපෙකම කරකර ගිහින්. මගෙ එකේනම් තිලින අයිය කිව්ව වගේ මෙයා කරල ඒක ඩයිනමයිට් දාල බ්ලාස්ට් කරල. කෑලි හැමතැනම. හම්මේ.

      Delete
  29. මෙව්වා ලොකු දෙවල් නෙවෙයි බස්සියෝ එත් අපේ උන් ගේ ඔළු ලොකුයි එකේ ඇතුලේ තියෙන්නෙ ස ම්ප්‍රදායිකකුණු විතරයි ,

    ඔයසම්ප්‍රධාය කැඩුණු අවස්ථා දැක ඇත ..හොදම උදාහරණයක් තමා ????

    සුභ අනාගතයක්

    ReplyDelete
    Replies
    1. 11+++

      තව එකක් මතක් වුණා ,ඔන්න කෙල්ලො ගොඩක් එක්ක සෙට් වුණොත් ඌ පොරක් හැබැයි කොල්ලො කිප දෙනෙක් එක්ක කෙල්ලක් සෙට් වුණොත් ඒ කෙල්ල බඩ්ඩක් ,නැත්නම් එන මොකක් හරි නමක් ,ඊට පස්සෙ සෙට් වෙන කොල්ලො ගොඩක් වුන් යන්නෙ එ කෙල්ල ගාවට ලවු කරන්න නම් නෙවෙයි,

      අපි ඔය පොදු තැනින් සැබෑ ජිවිතේ ගොඩක් දුරින් ඉන්නෙ,මං හිතන්නෙ එහෙමයි (ඔය නිකන් සිගිති ආතල් කතා වක් දෙකක් කිව්වට )හැක් හැක්

      Delete
    2. මොකක්ද අනේ උදාහරණෙ? ඒක තේරුනේ නැතිය.

      Delete
    3. හ හා ඕක ගැන මමත් ලිවුවා චාටර් අගුල සහ සුපිරි යතුර කියල පෝස්ට් එකක්. ලින්ක්1 දාන්නම්කො හවසට. :)

      Delete
  30. හැමදේම සම්ප්‍රාදාය අස්සේ හිර වුණොත් සොරිම තමයි.

    ReplyDelete
  31. ///“මං එයාට ආදරෙයි.”

    මම ඔයාට කිවුවා.///

    මේ කොටසේ අදහස් කලේ මොකක්ද බස්සි ,, ලංකාවට ආවට පස්සේ අද තමයි ආවේ බස්සිගේ බ්ලොගේට කියවන්න ගොඩක් තියනවා

    ReplyDelete
    Replies
    1. හයියූ කෙල්ල වෙන කොල්ලෙක්ට කැමති වෙලා බන්. අර කොල්ල කෙල්ලව තේරුම් ගද්දි පමා වැඩී.

      මතකෙයිි ඉක්කෝලෙ කාලෙ poem එකක් තිබුන Dont cry Jhonny ද මොකද්ද කියල. මට නම හරියටම ශුවර් නෑ. ඒකෙ වගේ සීන් 1ක් තමයි මේ.

      Delete
  32. හුටස් ඒකත් ඒමද....
    පව් නකෝ ගෑල්ලමය

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමය පව් නෑ නකෝ ඒකට ගෑස් පෙන්නපු පිරිමි ළමයනෙ පව්.

      Delete
  33. ඕකම කොල්ලෙක් කිව්වොත් නම් පෙතිපලේ ඔයිට වඩා වෙනස්... නැද්ද...?
    අපේ සමාජයේ නම් ඕක වෙනස් කරන්න බැරි වෙයි ලේසියෙන්... අම්මලගෙ, අපේ කාලෙ එහෙම වෙච්ච එක අදටත් එහෙමනෙ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල. වෙනස් කොලන්න නම් සෑහෙන අමාරුයි ඒත් දැන් ඉස්සරට වඩා විවෘත මනසකින් මේ වගෙ දේවල් දකින අයත් ඉන්නව නේද මියුරු.

      Delete
    2. කොල්ලන්ට ආදරේ ප්‍රකාශ කරන්න යන වැඩේ පැත්තක දාලා සම්ප්‍රදායික කාන්තාවගේ භූමිකාවෙන් මිදිලා නූතන ලෝකයට යන එකයි වෙන්න ඕනේ.

      Delete
    3. ඔය යන ගමන යන්නෙ කෝමද ඩාලින් ඇත්තටම. ආසයි අනේ ඔයා කාන්තාවගෙ භූමිකාවෙන් මිදුනු හැටි දැනගන්න. කොයි හොස්පිට්ල් එකද මෙයා ඔයාව ඕකෙන් මිදෙව්වෙ?

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. කෙල්ලෙකුට තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න ඉස්සර වෙන්න පුලුවන් කමක් තියෙන්න ඕනේ. ඒක වරදක් නෙවෙයි. බොහොම සාමන්‍ය ස්වභාවික දෙයක්. විරුද්ධ ලිංගික ආකර්ශනය දෙපාර්ශවයටම එක වගේ දැනෙන එකවගේ ක්‍රියාත්මක වන් දෙයක් ස්වභාවයෙන්. බොහෝ විට කොල්ලන් ඉස්සර වෙනවා. නමුත් කෙල්ල ඉස්සර උනා කියලා ඒකේ වරදක් කොහෙත්ම නෑ.

    ReplyDelete
    Replies
    1. එකගයි ඔබේ අදහසට. එක එක මතයන් ඉස්මතුකරන්න බොරුවට කෑගහන අය අතරෙ ඔයා වගේ සoයමයෙන් අදහස් දක්වන අය දැකීමත් සතුටක්. :)

      Delete
  36. මේ කෙල්ල විලි ලැජ්ජාවක් නැති කෙල්ලෙක් විතරක් නෙවෙයි හිතන්න මොළයක් නැති මෝඩ චරිතයක්. කොල්ලෙකුට ආදරය ප්‍රකාශ කරාට පස්සේ ඌ කියයි අපි කසාද බඳිමු කියලා. ඊට පස්සේ වෙන්නේ කෙල්ලට සම්ප්‍රදායික බිරිඳ වෙලා දුක් විඳින්න. එච්චරද සමහර් විට කපටි සල්ලාල කොල්ලෙකුට එහෙම මේ කෙල්ල අහු උනානම් ඌ ඊලඟ දවසේ ඔය කෙල්ලව එක්කගෙන රූම් එකකට යයි බුදියන්න කෙල්ල එක්ක. ඊට පස්සේ කෙල්ලට ප්යින් ගහලා දායි. අද කාලේ කෙල්ලන් කළ යුත්තේ කොල්ලන්ට ආදරය ප්‍රකාශ කරන්න යන එක නෙවෙයි කොල්ලෙක් ආදරය ඉල්ලන්න ආවොත් ආත්මාරක්ෂක සටන් ක්‍රමයකින් හරි හොඳ ගුටි පූජාවක් දීලා එලවලා දාන එක සල්ලාල කම හොඳ වෙන්නම.

    ReplyDelete
    Replies
    1. උඹ නම් අම්මගෙම වනිතා හඩක් තමයි බං .... එක එක තැන පොඩි පොඩි බෙටි නොදම උඹේ අදහස වැදගත් විදියට එක තැනක හඩ නගල ඉදපන්කෝ ලේඛිකාව රිප්ලයි කරනකන්.වනසන්නෙ නැතිව.
      කමෙන්ට් කරපු කෙනාටත් උඹේ වැඩෙන් වෙන්නෙ මහ අසාධාරණයක්.
      ටිකක් හිතපන්.....

      Delete
  37. බස්සි උඹේ මේ පොස්ටුව කියවන්න් වුනේ නෑ බං .අප්ඩේට් වෙලා නෑනේ .. කොහොම හරි ත්‍රීවීල් එකක් හයර් කොරන් මේ කොමෙන්ටු පෙට්ටියේ අන්තිමට ඇවිත් දැන් මේ කොටන්නයි යන්නේ . ඇත්තට මේකනේ කතාව ..කෙල්ලෙක්ගෙන් කොල්ලෙක් ඇහුවට කොල්ලෙක්ගෙන් කෙල්ලෙකුට අහන්න තියෙන අයිතිය මොකක්ද මම අහන්නේ ..ඈ කියපන් බලන්ට . උඹලා හදන්නේ ඔය කෙල්ලෝ රැඩිකල් කොරලා මේ අහිසක කොල්ලොන්ට පාරක බහින්න බැරි වෙන්ට වැඩ කරවන්නද .ආ බොල...මට මේක දැකලා කතාවක් මතක් වුනා ..ලියනවද නොලියන්වද කියලා නලියනවා දැන්

    ReplyDelete
    Replies
    1. නලිය නලියා ඉන්නෙ නැතුව ලියන්න තියෙන එක ලියන්න මෙයා නොලිය හිටියොත් දැන්නම් වලියක් දාගන්නව ලියනකම් හලිද!

      උඹද අර මැලේ කියපු ඩබල් ඩෙකර් කතාව ප්‍රකාශ කොරපු දාර්ශනිකයා?

      හූහ්! ටොපි ඩැන් බ්ලොග් වලින් අපිව හලලනෙ. බොලුවට අප්ඩේට් උනේ නෑ කියනව. පුම්බල උඩ අලිනව ඩැනගනින්! ත්‍රීවීල් හයර් කොරන්න වෙන්න ඇත්තෙ මේකට අද උදේ මගෙ මළගිය පරාණකාරයෙක්ද කොහෙද කොමෙන්ට් හැටහුටහමාරක් ඇදලා ගිහින් බන්. මාත් මේ අමාරුවෙන් ත්‍රීවීල් ගාස්තු ගෙවාගෙන ආවෙ උත්තරේ කොටන්න.

      Delete
  38. ඇත්තටම අපේ කට්ටිය කෙල්ලෙක් මුලින්ම ආදරේ ප්‍රකාශ කරොත් ඒ කෙල්ලව බඩුවක් විදියට තමයි ගනන් ගන්නේ

    ReplyDelete
  39. අ.පො.ස සා/පෙ අතිරේක ඉංග්‍රීසි පන්තියකදී නිසංසලා කියලා ලස්සන කෙල්ලෙක් මේ මට බැල්ම දාලා..මා වටේම කැරකෙන්න ගත්තා නොවැ...සිරා ඉතිං කොල්ලො විතරක් හිටිය පාසලක හිටි එකෙක් හින්දා ඒ කාලෙ භෞමික අඛණ්ඩතාව වර්ධනය වෙලා තිබුනෙ නෑ...මම ඈත තියා කෙල්ල දැක්කම මගින් මාරු උනා....අද හිතෙනවා නිසංසලා මගේ පෙම්වතිය උනා නම් අද ළමයි 5 දෙනෙක් විතර නලවන්න තිබුනා කියලා....

    ReplyDelete
    Replies
    1. හිහිහි.... අනේ අහිංසක සිරා අයිය. :)

      එහෙම හිමින් මාරු වෙන එක නෙමෙයිනෙ අයියෙ සමාජයටම ඇහෙන්න කෑගහලා එහෙම කෙල්ලන්ව "බඩු" ලෙස බෞතීස්ම කිරීමක් නෙ වෙන්නෙ බොහෝ වෙලාවට.

      Delete
    2. අනේ නංගි ඒ වාගෙ පොළොව නුහුලනා අපරාධ අපි නම් කොලේ නෑ....අපි ඇල්වතුරත් නිවලා බොන අහිංසක කොල්ලො...(අද නෙමෙයි....ඒ කාලෙ)

      Delete
  40. හොඳ වෙලාවට අපි දෙන්නා එක පාරටම කියා ගත්තේ. එයා ආද...කියනකොට මම රෙයි..කිව්වා :D

    මම මේ කමෙන්ට්ස් කියවාගෙන ආවේ. අර ව.හ. වහ ගුලියක් නේ.

    ReplyDelete
    Replies
    1. හික්ස්!! හොඳ වෙලාවට එයා මුලින් "ආද" කියල කිවුවෙ!!!

      ඒක නේන්නම් අරූ. වහ ගුලියක් නෙන්නම්. මොනව කරන්නද ඉතින් අනුකම්පා කරනවා මිසක.

      Delete
  41. කාලෙකට කලින් නම් ඔය වගේ එක්කෙනෙක් මටත් ඔහොම කීවා මම නම් ඉතින් හිත සතුටින් බාර ගත්තා.
    කොහෙද අන්තිමට බාර දීපුවත් අරන් යන්ඩ ගියානෙ.

    කෙල්ලෙක් ඉස්සර උනත් මොකද,ඇත්තටම ආදරේ නම්.මම නම් කිසිම වැරැද්දක් දකින් නෑ එහෙම කරන එකේ.

    ලංකාවෙ ගොඩක් උන් පාට කන්නාඩි ගොඩාක් දාගෙන බල බල ඉන්ඩනෙ කැමති.පව් අප්පා..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දමිත්. මොනවා කරන්නද... හැබැයි පාට කණ්නාඩි නැතුව තමන්ගෙම ඇහෙන් ලෝකෙ දිහා බලන අයත් කිහිපදෙනෙක් හරි ඉන්න බව දැකීමත් සතුටක්.

      තමන්ට අයිති දෙයක් නම් කවදා හෝ ලැබෙයි යාලු. :)

      Delete
  42. ඔයා හරි කෙලින් කියන්න ඕන දේ.... කෙලින් කියන්න....

    ReplyDelete
    Replies
    1. තේරුනේ නෑ.... මමනම් කියන දේ කෙලින් තමයි කියන්නෙ නිහංසා. කෙලින් කීම කියන්නෙයි, අමුවට කීම කියන්නෙයි නම් දෙකක්. මම කෙලින් කිවුවට අමුවට කියනවා අඩුයි.

      Delete
    2. ඉතින් බස්...ඒ ළමයා කියලා නැහැනේ ඔයා අමුවෙන් කිව්වා කියලා...එහෙම කිව්වත් බලමු...තාම එයාව හඳුනගන්න කියලා වගේ දෙයක් නේ ඒ ළමයා හැම තැනම ඇවිත් කියන්නේ. ඔහොම තමයි පුතේ අපි ලෝකය අඳුරගන්නේ.. මම කාටවත් වැරැද්දක් කිව්වා එහෙම නොවේ හොඳේ. රවුමක් ගිහින් එනකම් අපිට අපිව හොයාගන්න අමාරුයි.

      Delete
    3. හම්මච්චියේ එහෙනම් මම නිහන්සා කියාපු දේ තේරුම් ගත්තේ වැරදියට. දැනමුතුකමට ස්තූතියි අරූ.

      Delete
    4. දුන්නු පිලිතුරෙන් හිත අමනාප වුනානම් සමාවෙන්න නිහන්සා. ඔලුව ටිකක් අවුල් හිහි. මම ආව ඔයාගෙ බ්ලොගිය පැත්තෙ ඔලුව දාල යන්න. හෙට හවස්කරෙ ආපහු ඔයාගෙ කමෙන්ටුව කි‍යවා පිලිතුරක් දෙන්නම්.

      Delete
  43. තාක්ෂණයෙන් දියුණු යයි මොර දුන්නත් අපේ සමාජය ගෝත්‍රිකයි

    ReplyDelete
    Replies
    1. එකඟයි ම.ක.සි.

      කාලෙකින් ඔයා ලියනව දැක්කෙ නෑ. වැඩ වැඩි නිසාද? කම්මැලි වෙලාද? :)

      Delete