"ආපෝ මමනම් ඒ කුරුල්ලගෙ වැඩ වලට කැමතිම නෑ. කෙල්ලොම කී දෙනෙක්ද? පව් අර අසරණ කිරිල්ලි. එහෙම උනත් කැම්පස් එකේ ගොඩක් කුරුල්ලො එයාගෙ වැරැද්ද දකින්නෙ නැහැනෙ. සමහරුන්ට එයා මාර වැඩ්ඩෙක්. ඒ ඔක්කොටම හපන් සමහර කිරිල්ලියො. එයාලත් මේ කුරුල්ලගෙ හැටි දැන දැනම යනවනෙ මුකුළු කරන්න."
බස්සි කැම්පස්
කුරුල්ලෙක් ගැන යාලුවෙක් කියාපු ඕපදූපයක් රහ කරකර බස්සට කියනවා. බස්සත් ළඟට වෙලා
හ්ම්ම්ම් හ්ම්ම්ම් කියකියා අහගෙන ඉන්නවා.
"මo අහන්නෙ. කුරුල්ලෙක්
මොනවා කලත් ඒවයෙ කිසිම වැරැද්දක් නැතිලු. කිරිල්ලියෙක් එහෙම හැසිරුනානම් මොන තරම්
කතා ගොඩක් හදලද? එහෙම කිරිල්ලියෙක්
කොල්ලො දහයක් පහළොවක් ආශ්‍රය කලානම් මේකෙ ඉන්න කට්ටිය කිරිල්ලිව වචන වලින් කොටල
මරයි."
බස්සා මගේ
මූණට වැටිලා තිබුනු කෙහෙරැල්ලක් පරිස්සමට ඇඟිලි දෙකකින් අරන් කන පිටිපස්සට කලා.
ඊගාවට හෙමින් මගෙ මූණට එබිලා බැලුවා.
"මමත් කතාවක්
කියන්නද?" බස්සා ඇහුවා.
"හා."
බස්සි බoකුව උඩට කකුල්
දෙක අරගෙන බස්සගෙ උරහිසට හේත්තු උනා.
"නoගියෝ, කෙනෙක් ගාව තිවුන කියල
හිතන්න යතුරක් හැම දොරක්ම වාගෙ ඇරෙන. එහෙමත් නැත්තම් ඒ එක යතුරෙන් හුඟක් දොරවල්
ඇරෙන. එහෙම උනොත් ඒක සුපිරි යතුරක්. එහෙම තමයි සමාජය පිළිගන්නෙ."
"ඒ වගේම අගුළක්
තිවුන කියල හිතන්නකො ඕනෙම යතුරකින් අරින්න පුළුවන්. එහෙම අගුළකින් කාටවත් වැඩක්
තියනවද? කිසිම
පරිස්සමක්, විශ්වාසයක්
නෑනෙ. එතකොට ඒක චාටර් අගුළක්."
hmmm
ReplyDeletefathy
හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්.....
Deleteසෑහෙන වටින කතාවක් ....
ReplyDeleteස්තූතියි සහන්. :D
Deleteපට්ට උදාහරණෙ
ReplyDelete