බස්සිගෙ
එක්සෑම් එක තිබුනෙ බස්සා ලැප් හොරාව බලන්න ගිහින් දවස් දෙකකට පස්සෙ. බස්සි එක්සෑම්
එකට කලින් චුරු වෙලා, ඇඬිලා ඉන්නකොට බස්සා
දන්න වැඩ කෑලි සේරම දාල බස්සිව shape කලා. එදා
ඉඳන් හැමදාමත් බස්සිගෙ එක්සෑම් වලට කලින් බස්ස ඒ රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරනව.
එක්සෑම් එක
දවසෙ උදේ ඉඳන් බස්සි හිටියෙ පොතේ ඔලුව ඔබාගෙන. කොහොමත් බස්සිට හොඳටම පාඩම්
හිටින්නෙ එක්සෑම් එක දවසෙ උදේට. එක්සෑම් එකේ රස්නෙ දැනෙනකොට පැය දෙක තුනක් ඇතුලත
දවස් ගානකින්වත් ගොඩ දාන්න බැරි පාඩම් සුපිරියටම ගොඩ යනවනෙ.
උදේ ඉඳන්
පාඩම් කලාට බස්සිගෙ හිතට මොකක්දෝ අඩුවක් දැනුනෙ බස්සා බස්සිට දවසටම කතා නොකල
නිසයි. නෝට් එක කියවන අතරෙම මිස් කෝල් දෙක තුනක් දුන්නත් බස්සා සද්දයක්වත් නෑ.
බලා ඉන්න
බැරිම තැන බස්සි ෆෝන් එක අතට ගත්තෙ ජාලයට එබිල බලන්න. බස්සව කොහෙන් හොයාගන්න බැරි
උනත් ජාලයෙන් හොයාගන්න එක අමාරු නැති බව ප්‍රසිද්ධ රහසක්නෙ. ඊ බඩී එකෙන් කතා
කවුළුවට ගොඩ වෙලා බලනකොට මෙන්න ඉන්නව හොරා වගේ.
“මම තරහයි” බස්සි අකුරු ටිකකින් දමල ගැහුවා.
“හා, ලොකූ දෙයක්. පාඩම් කරන්නෙ නැද්ද?.” බස්සා ගානක්වත් නැතුව අහනවා.
“මට අද එක්සෑම් හලෝ. Wish කරන්නෙ නැද්ද මට?”
“දැන්ම බෑ. ඒවා නියම
වෙලාවට එයි. දැන් පාඩම් කරනවා.”
මෙයාගෙ ගනන්.
බස්සි වහාම ඕෆ් ලයින් ගියා.
*************************************************************************
එක්සෑම් එකට
තව විනාඩි දහයයි. ජoගම දුරකතන ක්‍රියා
විරහිත කරන්න ශාලාධිපති අණ කරනව ඇහුන නිසා බස්සිත් ෆෝන් එක අතට ගත්ත.
‘බස්සගෙන් පණිවුඩයක්!!!’
බස්ස කිවුවෙ
ඇත්ත. මැසේජ් එක නියම වෙලාවට ඇවිත් තිබුනා. එදා ඉඳන් බස්සි ලියන හැම විභාගෙකටම
කලින් බස්සාගෙන් ඒ මැසේජ් එක ලැබෙන එක පුරුද්දක් උනා.
වෙනසකට තිබුනෙ
පසු කාලීනව ඒකට අයි ලව් යූ කියල කෑල්ලකුත් එකතු වුන එකයි.
දැන් නම් මහන්සියි :D
ReplyDeleteබ්‍රේක් එකක් අරන් කිට්කැට් එකක් කාල හෙමින් කියවන්නකෝ එහෙනම්
Delete