Thursday, July 18, 2013

විසිහතරවෙනි කොටස : බස්සිගේ ආගමනය


කොහොමින් කොහොම හරි මහා යුද්ධයක් දිනාපු ආඩම්බර සොල්දාදුවෙක් වාගෙ බස්සිත් උදේ අටට විතර ගෙයින් එලියට බැස්සෙ තරමක බැක්පැක් එකකුත් පිටේ එල්ලගෙන. හැබැයි ඒකෙ තිබුනෙ කෑමබීම සහ ඇඳුම් විතරයි (හයික් එකකට යන්නා වාගෙ.). පොත් පත් නම් ඉතින් බස්සිගෙ තාත්තා එන දවසක තාත්තාට ඕනෙනම් බෝඩිමට ගෙනත් දාවි නේ. හැබැයි බස්සි මොනවා අමතක කලත් අම්මා හදල දෙන තඩි බත් එකනම් අමතක කලේ නෑ.

බස්සිගේ වෙලාවෙට හෝල්ට් එක ගාවින් බහිනකොටම දෙයියො බැලුව වගේ වවුනියා ඉන්ටර්සිටි එකක් ඇවිත් නැවැත්තුවා. බස්සිත් දනිපනි ගාලා ෆුට්බෝඩ් එකට නැගගත්තා බස් එකට.

ඒ වෙලාවට බස් වල එච්චර සෙනග නැති නිසා බස්සිටත් අර ජම්පින් සීට් කියන චාටර් බංකුවක් වගේ සීට් එකක වාඩිවෙන්න ලැබුනා. වහාම ෆෝන් එක අතට අරන් එස්.එම්.එස් එකක් කොටලා බස්සට යැවුවෙ බස්සි මග එන බව දැනුම් දෙන්නයි.

ඒත් නුවර පාර පෙනිපෙනිම නුගේ පාරට හැරෙන තැනට ටිකක් කලින් බස් එකේ එන්ජිම අභාවප්ප්‍රාප්ත වුනා. බස්සි ඉතින් ලෝබි නෙව. ඒ.සී. එකේ ආපු එක තුට්ටුවකට වැඩක් නැති කරමින් බස්සි දාඩිය පෙරාගෙන නුවර පාරට තටු ගැහුවා. උදේ දහයට විතර කොළඹ අව්ව මාර සැපයි නෙ. අන්තිමේදි කොහොම හරි එකසිය තිස් අටක එල්ලිලා කැම්පස් එක ගාවට ආවා.

බස් එකෙන් බැහැලා බස්සාට කෝල් කරපුවාම බස්සා කිවුවෙ මං එනකම් ඒ.ටී.එම්. එක ගාව ඉන්න කියලා. ඕන් ටිකකින් බස්සා කන්ද බැහැගෙන එනවා බෑග් එකත් කරේ එල්ලගෙන. ඇඳලා හිටියෙ විශන් ක්ලබ් එකේ ටී ෂර්ට් එක. අයියෝ මෙයා කොන්ඩෙ කපලා විතරක් නම් මදැයි! රැවුලකුත් වවලා... :(

බස්සි ඉතින් ඇඹරි ඇඹරි බස්ස එනකම් බලාගෙන හිටියා. බස්සාට හොස්ටල් ෆීස් ගෙවන්න බැංකුවට ගිහින් එමු කියපු වෙලාවෙනම් බස්සිට සූට්ටක් තලහත් ආවා. ඇයි දෙයියනේ මහාන්සි වෙලා ආපු කුරුලු පොඩිත්ති නෙව. ඒත් ඉතින් බස්සා එක්ක බැංකුවටත් ගිහින් ඇවිත් දෙන්න කියෝ කියෝ කන්ද නගින්න පටන් ගත්ත.



2 comments: