Thursday, July 11, 2013

15. දොළොස්වෙනි කොටස : GPA කැල්කියුලේටරේ



කැම්පස් පටන් ගන්න දවස ලo වෙනකොට බස්සිලාගෙ රිසල්ට්ස් සේරමත් අවුට් කරල තිබුනා. ඇණ එකක්වත් නැතිවුනාට බස්සිගෙ කාර්යශූර භාවය සහ නොකඩවා ලෙක්චර්ස් යාම නිසාද කොහෙද රිසල්ට්ස් එච්චර හොඳ වුනේ නම් නැහැ. හැබැයි ඉතින් රිසල්ට්ස් අවුල් ගියා කියල බස්සිගෙ මේ කම්මැලිකම නැතිවුනෙත් නෑ, කවදාවත්ම.

සෙමෙස්ටර් එක්සෑම් තිබුනෙ බස්සගෙ ලැප් එක නැති වෙච්ච දවස්වල නිසා බස්සත් එච්චර හොඳට එක්සෑම් ලියල තිබුනෙ නෑ. මොනව වුනත් කම්පියුටර් සයන්ස් වල A+ එකනම් වෙනදා වගේම මේ පාරත් තිබුනා.

බස්සාට රිසල්ට්ස් කියන්න මට ලැජ්ජ හිතුනත්, බස්ස නම් කිවුවෙ මම හොඳටම එක්සෑම් ගොඩ දාල කියලයි.

“GPA හදල බැලුවද?” බස්සා මගෙන් ඇහුවා.

කැම්පස් එකේ අනිත් කුරුල්ලන්ගෙන් බස්සි වෙනස් වෙන එක හේතුවක් තමයි ඒ. කවදාවත් කම්මැලි කමට GPA එක හදල බැලුවෙ නෑ නෙව. එකම එක වතාවක් බස්සිගෙ ලකුණු ගැන බස්සිටත් වඩා උනන්දුව තිබුන කිරිල්ලියෙක් බස්සිගෙ GPA එක පැය ගානක් තිස්සෙ හදල, ක්ලාස් එකක්  ගැන කිසීම බලාපොරොත්තුවක් තියන්න එපා කියලත් උපදෙසක් දුන්නට බස්සිට ඒ ඉලක්කමවත් මතක තිබුනෙ නෑ.

මට බෑ අනේ පණ යනකම් GPA හදන්න.”  බස්සි කාට වුනත් දෙන සුපුරුදු උත්තරේ දුන්නා.

අයියෝ කම්මැලියා. ඉන්නකො මම ඕකට විසඳුමක් දෙන්න.බස්ස කිවුවා.

ඔයා මගේ GPA හදන්නද යන්නෙ?!!” බස්සි එහෙම ඇහුවට දැනගෙන හිටියා බස්සත් ඒ වැඩේටනම් බස්සි තරම්ම කම්මැලී කියලා.

බලාගෙන ඉන්නකෝ….” බස්සා වැඩ පටන් ගත්තා.

බස්සි රෑ 1.30 විතර වෙනකම් බලාගෙන ඉඳලා නිදා ගන්න ගියා. පහුවදා ඇහැරුනාමයි දැක්කෙ බස්සගෙ ගුඩ් නයිට් මැසේජ් එක ඇවිත් තිබුනෙ පාන්දර 4.00ට කියලා.

මොනවද පාන්දර වෙනකම් කලේ? කෙල්ලෙක් එක්ක මලක් වත් කැඩුවද?” බස්සි නිතරම වගේ අහන ප්‍රශ්නයක්නෙ ඕක.

ඔව්. මගේ මල මගෙ ලැප් එකනෙ. එයා එක්ක පාන්දර වෙනකම් හිටියා, වෙලාව යනව තේරුනේම නෑ.

බස්ස එහෙනම් ලොකූ වැඩක හිරවෙලා වගේ.

මම එලිවෙනකම් ඇහැරගෙන හිටපු එකෙන් පාඩුවක් උනේ නෑ. මට දැන් ඔයාගෙ යුනිවර්සිටි ඉන්ෆෝ සිස්ටම් ID එක කියන්නකෝ.

හ්ම්ම්ම්…” බස්සිත් පට ගාල ID නම්බර් එක යැව්වා.

ඔයගෙ GPA එක *.** යි….!!!” බස්ස වීරයා වගේ හැරෙන තැපෑලෙන් මැසේජ් එකක් එව්වා.
(මෙම අගය එක වසරේදී ඉතා ඉහළ මට්ටමක තිබුණ බැවින් මෙවැනි ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැත.)



බස්සා GPA හදන්න කැල්කියුලේටර් එකක් හදලා. පස්සෙ ඒක යාලු කුරුල්ලො හැමෝටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්න බ්ලොග් එකටත් දාල තිබුනා, මෙන්න මෙහෙම.

ඉතින් බස්සෝ ඕව කලා කියල ඔයාට ලැබෙන්නෙ මොනවද? ඔයාගෙ අනිත් වැඩ සේරමත් පාඩු වෙනවනේ.බස්සි එදා රෑ බස්සගෙන් එහෙම ඇහුවෙ GPA කැල්කියුලේටරේ බාගත්තු යාලුවන්ගෙ කොමෙන්ටු පෝලිම කියවන ගමන්.

මට මේකෙන් කොච්චර දේවල් ලැබුනද නoගෝ? යාලුවන්ට යමක් දෙන්න පුළුවන් වුන එකේ සතුට, මාව නොදන්න අයත් මේක අගය කරන එක, මේ හැමදේටම වඩා කම්මැලි නoගියාට මේ ගැජට් කෑල්ල හම්බුනාම එයාගෙ මූණෙ තිවුනු හිනාව…. ඒව මට කොයිතරම් වටිනවද?”

බස්සට මම ගොඩාක්ම ආදරේ ඒ නිසයි.



No comments:

Post a Comment