Friday, July 12, 2013

17. දහහතරවෙනි කොටස : අපි විතරක් ගෙදර




'අපිට කැම්පස් එකෙන් ලියුමක් ඇවිල්ලා.......' බස්සා මැසේජ් එකක් එව්වා.

'සස්පෙන්ඩ් කරලද? :P '

'නෑ ඔයාලව සස්පෙන්ඩ් කලා කියල. තුන වසරට කැම්පස් පටන් ගන්නවලූ..... ලබන සතියෙ එන්නලූ!!!'

ඔන්න බලාපල්ලකො ඒකෙත් හැටි. සේරම කුණු බේරුවල් බොක්කට කිව්ව වගේ හැම මගුලම වෙන්නෙ මේ දෙක වසරෙ අසරණ අපිටනෙ.

බස්සිත් ඕවයින් ලේසියෙන් සැලෙන්නෙ නෑ නෙව. එක වසරෙ යාලු කුරුල්ලො හැමෝගෙන්ම අහල බැලුවෙ ආරOචිය ඇත්තද කියලයි.

බලාගෙන ගියාම ආරOචිය සහතික ඇත්ත තමයි. දෙක වසරක් තියනවද කියලවත් කාටවත් ගානක් නෑ. ඒත් තුන වසරට ඉස්කෝලෙ එන්න ආරාධනා කරල ලියුම් පවා එවලා. පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු. හ්ම්හ්...!

"අනේ බස්සියෝ! ඔයා ඕක ගැන එච්චර හිතන්න එපා. මම හැමදාම කැම්පස් ගිහින් ඇවිත් ඔයාට විස්තර ටික රිපෝට් කරන්නම්කො." බස්සා එදා රෑ කිව්වෙ බස්සි ඇත්තටම දුකෙන් ඉන්න බව දැනුන නිසයි.

ඒත් ඒ වෙනකොට බස්සිට තිවුන ලොකුම ප්‍රශ්නය බස්සා ගිය ගමන් අළුත් නැවෙන් ලස්සන නOගියෙක්ව හොයා ගනීවි නේද කියන එකයි!!



2 comments: