Monday, July 22, 2013

විසිඅටවෙනි කොටස : මෙතැන්සිට ඉදිරියට.....



ඔන්න ඔහොමයි බස්සිගෙයි බස්සාගෙයි ආදර අන්දරයේ පළමු සීසන් එක ගෙවෙන්නෙ. මෙතැන්සිට ඉදිරියට කතාව ගලාගෙන යන්නෙ චුට්ටක් වෙනස් ආරකට.

බස්සගෙයි බස්සිගෙයි ආදර අන්දරයේ රසමුසු තැන් ඉදිරි කොටස් වලදී ඔයාලට කියවන්න ලැබේවි, හැබැයි ඒ මෙච්චර කල් කියෙවුවා වාගෙ දින වකවානු පිළිවෙලට නම් නෙමෙයි. එහෙන් මෙහෙන් ඇහිඳගත්තු සුන්දර මතකයන් කොටස් වශයෙන් ලියන්නම්. ඒ විදිය හොඳයි නේද?

නැත්තම් මේක මෙගා ටෙලි නාට්‍යයක් හරි දිනපොතක් හරි වගේ වෙයි නේ....

ඒ වුනත් හැමදාමත් අලුත් එපිසෝඩ් එකක් නම් බ්ලොග් එකේ ඇලවෙනවා... අනිවාර්යයෙන්ම!

මෙතෙක් කාලයක් බස්සිත් එක්ක එකතු වුන කුරුලු යාලුවො හැමෝටම ගොඩාක් ස්තූතියි. වචනෙකින් හරි බස්සිව දිරිමත් කරපු ඔයාල බස්සිට හැමදාම ලොකු හයියක් වුනා.

බස්සි ඉස්සර ඉස්කෝලෙ කාලෙදි කවි සිංදු වගේම කතන්දරත් ලියපු කිරිල්ලියෙක්. ඒත් කැම්පස් එකේදි වෙච්ච පුංචි හිත් රිදවීමකින් පස්සෙ බස්සි ලියන එක නවත්තලාම දැම්ම. ආපහු පෑන අතට ගත්තෙ (ඇත්තටම දැන්නම් කරන්නෙ කී බෝඩ් එකට කොටන එක.)අවුරුදු හතරකට විතර පස්සෙයි.

ඒ නිසා ලියන දේවල් වල ගොඩාක් අඩුපාඩු ඇති. ඒ අඩුපාඩු කරුණාවෙන් පෙන්නල දෙනවට බස්සි හුඟක් කැමතියි. හැබැයි ඇනෝ කමෙන්ට්ස් නම් අයින් කරල තියෙන්නෙ.

බස්සිගෙ නවාතැනට ගොඩවැදුනු කුරුලු යාලුවන්ගෙ අඩි සලකුනු දැක්කම බස්සිගෙ හිත පිරෙනව.

බස්සිට එක දෙයක් පොරොන්දු වෙන්න පුලුවන්. ආයෙමත් මේ පෑන බිම තියන්නෙ නෑ කවදාවත්.


5 comments:

  1. ඒක හුස්මටම කියවං ගියා.. ශෝයි අක්කෙ, දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. කවදාවත් ලියන එක නම් අතාරින්න එපා හොදේ.
      මං ආසයි ඔයාගේ ශෛලයට......

      Delete
  2. අවුරුදු හතරට ගොඩ ගහ ගනිපුවත් එක්ක ලියන එකයි.. කියවන්න ඕන තරම අය

    ReplyDelete