Wednesday, July 31, 2013

එක්ස්-ඒලියන් (ex-alien)


ජාලයේ හෝ ෆේස්බුකියේ සැරිසරන බස්සීට කාලයෙන් කාලයට අපූරු ගීත ශෙයාර් වී තිබෙන ආකාරය දක්නට ලැබෙන්නේය. බස්සිත් ලින්කුවට කොටා ගීතය බාගෙන අසන්නේය. කොලවෙරි, ගන්නම් ස්ටැයිල්, හනීබනී වැනි බස්සිගේ ප්‍රියතම ගීත බොහොමයක් එසේ බාගත් ඒවාය.



ළඟදී දවසක බස්සිට කවදාවත් නොඇසූ ආකාරයේ අපූරු ගීතයක් රසවිඳීමට සිදුවුනේ එසේ ලින්ක් වලට කෙටීමේ ප්‍රතිඵලයක් විදියටය. ගීතයේ නම එක්ස් ඒලියන්ය. දැන් ඉතින් නම කියවූ වහාම කුරුල්ලෝ සැට් එක බස්සිගේ පෝස්ට් එකද ඩිස්ලයික් කොරන්නට හදනවාද වෙන්නට පුලුවන්ය. ඒ තරමට ගීතය දැන් ජාලයේ ප්‍රසිද්ධය. ඒ ගැන ලියා පලක් නැත.

බස්සිගේ හිතට වැදුනේ නම් ඒ ගීතය නෙමේය. එයට පහළින් වූ අපූරු කොමෙන්ටු වැලය. 

ගීතය ගයන්නේ අවුරුදු දාහතරක පොඩි කෙල්ලෙක්ය. දැන් ඒකිට අවුරුදු පහළොවය. ඒකිගේ ඇඩ් එක වයසට වඩා වැඩි බව නම් ඇත්තය. ඒත් අවුරුදු පහළොවක් කියන්නේ හරි වැරැද්ද ටිකක් අඩුවෙන් තේරෙන වයසක් බව ඔය කවුරුත් දන්නවා ඇතිය.

සින්දුව අහපු ගමන් ගෙදර මදුරුවෝ එහා ගෙදරට දුවපු බව, පූසා බත් කෑම නවත්තපු බව, හේනේ වල් අලි එලවාගත් බව කියැවෙන කොමෙන්ටු දකින විට මේධානිටත් සමහරවිට හිනා යන්නට ඇත. බස්සිනම් ඒවාට ඇස් දෙකෙන් කඳුලු පනින තුරු හිනා වුනේය.

ආදරෙන් ඒකිට හරි වැරැද්ද තේරුම් කරන්නට හදාපු අයියලා අක්කලා කීපදෙනෙක්ද සිටියේය. සංයමයෙන් අපූරුවට වදන් ගැලපූ ඒ කොමෙන්ටු කියවන්නට ආසා හිතෙන්නේය. ඒවා කියවා කෙල්ල සමහරවිට දෙපාරක් ඒ ගැන කල්පනා කොරන්ටද ඇතිය.

නමුත් කොමෙන්ටු වැලේ සීයට අසූවක්ම තිවුනේ ලංකාවේ අසහන කාරයෝ කොච්චර සිටීදැයි පෙන්වාදෙන කොමෙන්ටුය. ටිකක් වැඩිපුර ඇඩ් එක දමමින් සින්දුවක් කීවාට, සින්දුව අතරමගදී කන හිරිවැටුනට ඒකට කුනුහරුප ලියා කොමෙන්ටු දැමීම කොපමන සාදාරණද කියා බස්සි කුරුලු යාලුවන්ගෙන් අහනවාය. ගීතය කියන්නේ අවුරුදු පහළොවක පොඩි කෙල්ලක්ය. ඒ සින්දුව ඇසූ පමණින් ඒකිත් එක්ක නිදිවදින්න හදන්නේ අවුරුදු තිහ හතලිහේ අංකල්ලාය. අසහනය ඇත්තේ කෙල්ලටද? කුනුහරුප කොමෙන්ටු දමන අංකල්ලාටදැයි බස්සිට ගැටලුවක්ය.

සෝෂල් නෙට්වර්ක් බුලිං (social network bullying) කියන එකට විරුද්ධව මෑත අතීතයේ ලෝකය කැළඹූ සීන් එක දැන් ලංකාවේ අංකල්ලාටත් සමහර අයියලාටත් අමතක වෙලාය. කැනඩාවේ අමන්දා ටොඩ් සියදිවි හානි කරගත් වෙලාවේ "මේ නංගි මගෙ යාලුවෙක් වුනානම් ඔහොම මැරෙන්න දෙන්නෙ නෑ" යනුවෙන් කොමෙන්ටු දැමූ අයද මේ අතර සිටින්නට ඉඩ තියෙනවාය. ලංකාවෙන් අමන්දා ටොඩ්ලා සෝෂල් නෙට්වර්ක් බුලිං ගැන ලෝකයට කියනවා අහන්නට තරම් අපි අවාසනාවන්ත නොවේවා කියන එක බස්සිගේ පැතුමය.



තව පොඩ්ඩෙන් මේ ටික කියන්න අමතක වෙනවාය.

කෙල්ල වී ලීක්ස් වලට කියන කතා ටිකත් චාටර් බව ඇත්තය. සිංහල පුරස්න වලට කඩු හරඹයෙන් උත්තර බැඳීම වැරදිය. ඒත් අපේ සමහර එෆ්.එම්. වල නිවේදක අයියලා අක්කලා කොරන්නේත් ඒ ටිකම නේද කියා අහන්නේ තරහකට නෙමේය.

මොනවා වුනත් බස්සිටනම් ඒ කෙල්ල හතරැස් සිදුරකට බහින්නට යන රවුම් ඇණයකි (a round peg in a square hole). එහෙම උදවියට මුලදී ගොඩක් තැන්වල වරදිනවාය. චාටර් කන්නටත් වෙනවාය. ඒ කිසිවකින් නොසැලී කෙල්ල වෙනස් වැඩක් කිරීම අගේ කල යුතුය. අත්දැකීම් සහ පුහුණුවත්, අංකල්ලාගේ කොමෙන්ටු කාගෙන ලබන පන්නරයත් නිසා කෙල්ලට චාටර් නොවෙන වෙනස් වැඩක් කිරීමට හැකිවේවායි තවද පතන්නෙමිය.


9 comments:

  1. මේක ගැන දීර්ග කොමෙන්ටුවක් මම කීප තැනකම ලිව්වා. අපි උඹලගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ ළිපි.. ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ. හප්පේ එහෙනම් මටත් මාතලන් ගෙන් කොම්ප්ලිමෙන්ට් එකක් ලැබුනා ඈ....

      Delete
  2. mata mu e sinduwe kisi waraddak penne nathiyo,poddak wachana therenne naha echarai
    fathy

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයා සිංදුව ඉවර වෙනකම් අහලා නැතියෝ.... මුල ටික නම් අවුලක් නැතියෝ.....

      Delete
  3. comment ටික නම් අවුල් තමා ඒ වගේම සිදුවත් අවුල් නිසා අවුලක් නෑ.ධන ඍන කැපිලා යනවා ඇති :D

    ReplyDelete
    Replies
    1. ඒත් සහෝ සින්දුව කිවන එකීට අවුරුදු දාහතරයි, පොඩි එකෙක්. කොමෙන්ට් කරන උන් ඊට වඩා වයසින් මෝරපු වැඩිහිටියො. ඒ නිසා ධන රින කැපිලා යන්නෙ නෑ නේද?

      Delete
  4. හෙක්.. පරණ කතාවක් නොවෑ.. එදාම කමෙන්ට් බලාන බෙනත් ලිව්වා එකක්. එන්න බොර දියට එබිලා බලන්න.
    මටත් මේධානි ගැන ඇත්තටම දුකයි. ලෝකේ දැකලා කියලා දකින්න හිතලවත් නැහැ.
    ලංකාවට ගැලපෙන විදියට සින්දු කරන්න දැන ගන්න ඕනේ. ගායකයා විතරක්ම නෙමෙයි. එක හදන්න උදව් උන අනිත් දෙන්නා. ඒ වගේම දෙමව්පියෝ කටවල් වහගෙන උන්නද කියන එකත් දුකයි. දෙයක් කරන්න කලින් සමාජෙට ගැලපෙනවා ද හිතන්න ඕනේ..

    පාර දිගේ අයියා කියනවා වගේ,

    හෝයි රාමේ හෝයි රාමා..... කොලමැඩ පාගන.....

    වගේ දේවල් දාල සිංදු කිව්වනම් කවුද අර මැරුණ පොප් ගායකයා එයාටත් ඔහොම හිනාවෙයි..සංස්කෘතියට රටට ගැලපෙන නිර්මාණයක් කරන්න නිර්මාණ කරුවා වග බලාගන්න ඕනේ.. මේක ආසියාව මිසක් ඒරොප්පේ නෙමෙයි නේ... ඒ නංගිගේ පොඩි වයස උනාට ලොකු ටෝක් නම් තියෙනවා. එච්චර තමයි..

    බස්සිගේ රසවින්දනයත් :3 තමයි. හනි බනි, කොලවරී, ගන්නනම් ස්ටයිල් කන්නද බොල.. අහන්න හොඳ අර්ථයක් දෙන එකක්..

    කමෙන්ට් ගැන මමත් ලිව්වා මේකට කොටලා බලන්න කෝ... ex-alien-song ඇන්ඩ් මේධානි

    ReplyDelete
    Replies
    1. හනේ බෙනෝ මේ නංගිගෙ සිංදුව අහනකොට හනී බනී දාහෙන් සම්පතයි කියලා හිතෙන් නැද්ද හැබෑට? එක එක්කෙනාගෙ රසවින්දන පරාසය වෙනස් සහෝ. බස්සි උදාහරණ දුන්නෙ ජාලයේ නිතර ශෙයාර් වෙන සින්දු ගැන. හොඳා බෙනා ඔහොම කීවා කියලා ෆේස්බුකියෙ අමරදේවලාගෙ, නන්දා මාලිනීගෙ එහෙම සින්දු ඒ වාගෙ රැල්ලක් විදියට ශෙයාර් වෙයි කියලා හිතනවද?

      Delete