"අපි කොහාටද යන්නෙ?"
"ඉස්සරහට"
"ඉස්සරහ මොනවද තියෙන්නෙ?"
"ගිහින් බලමු. යන්නෙ
නැතුව දැනගන්න විදිහක් නෑනෙ."
එදා ඉඳන් අද
වෙනතුරුම බස්සා බස්සිගෙ අතින් අල්ලාගෙන ඉස්සරහට යනවා. හෙටටත් ඒ ගමන නවතින්නෙ නැති
බව බස්සිට දැනෙනව. ගමන සුන්දර නෑ. සුරoගනා කතාවක් නෙමෙයි. ඒත් බස්සා බස්සිගෙ අත
තදින් අල්ලගෙනයි ඉන්නෙ.
ඒක තැනිතලා
පාරක් නෙවෙයි. වලගොඩැලි එමටයි. පය පැකිලෙන වාර ගණන අනන්තයි. කවදාවත් බිම ඇද වැටෙන
එකක් නෑ කියල කියන්න තරම් විශ්වාසයක් හිතට දැනෙන්නෙ නෑ.
ඒ වුනත් බස්සි
එක දෙයක් දන්නවා. බිම ඇද වැටෙන හැම වතාවකම එයාට නැගිටින්න වාරු දෙන්න බස්සා අත
දිගු කරනවා. පය පැකිළෙන හැම වතාවකම බස්සිව බිම වැටෙන්න නොදී බේරගන්න බස්සා තමන්ට
පුළුවන් උපරිම උත්සහය දරනවා.
oyala wage aya puluwan nam speical need babaek inna ayawa asuru karanna, jivithe gabura igena ganna, liyala tiyana dewal , liyala tiyana vidiha dakkama mata hithunu de tama eka.
ReplyDeleteයාලුවා,
Deleteමම ඒ ලෙවල් කරපු අවුරුදු දෙකක් නැවතිලා හිටියෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ඉන්න ගෙදරක. ඒ මගේ හොඳම මිතුරියෙක්ගේ මල්ලි. මම එයාව බලාගන්න උදව් වුනා එහෙ නැවතිලා හිටපු කාලෙ.
මේ ලිපිය ලියන කාලෙ වෙනකොට මම ෆුල් ටයිම් රස්සාවක් කරමින් ඉන්නෙ.
මගේ පියාට පිළිකාවක්, මේ ලිපිය ලියන කාලෙ හැමදාම රස්සාවෙන් පස්සෙ එයාව මහරගම එක්කන් යනවා ප්‍රතිකාර වලට.
නංගි කෙනෙක් ඉන්නවා එයාගෙ සියලුව වියදම් දරන්නෙ මම.
අම්ම අසනීපෙන්. මම එයාවත් බලාගන්නවා.
ඔයා මේ කමෙන්ටුව දාන්න දින දහයකට කලින් අපේ තාත්ත නැති වුනා. එතකම් මම මේ කිසිම දෙයක් කාටවත් කියල නැහැ.
දුක කියන්නෙ රටට ලෝකෙට පේන්න හොටු පෙරාගෙන හූල්ලන එක නෙමෙයි. ලොකුම ලොකු හිනාවක් එක්ක මේ ජීවිතේට මුහුණ දෙන එක.
අනික, මෙහෙම බණ කියන මම ආච්චියෙකුත් නෙමෙයි. මට තවම වයස අවුරුදු විසිපහයි. ඒ ටික කාලෙට මම ජීවිතේ විඳපු දේවල් තමයි උඩින් කිව්වෙ.
මගෙ බ්ලොග් ලියන හොඳම යාලුවෙක් ඉන්නවා, විශේෂ අවශ්‍යතා ඇති මල්ලියෙක්ගේ පියෙක්. දන්නවද මම එයා ගැන මාරම ආඩම්බරයි.
ඒත්, සමාවෙන්න, මට ඔයා ගැන අනුකම්පාවයි.
This comment has been removed by a blog administrator.
Deleteබස්සි ගැන ආඩම්බරයි... දුක කියා කියා ඇවිදිනවට වඩා ජිවිතේ තේරුම් ගත් නිසයි ඔයාගේ හැම දවසක්ම ලස්සණ ....අනාගතයටත් එහෙම වෙයි...
DeleteAkki your Comment <3 wachana naha danena de kiyanna..
ReplyDelete