Friday, July 12, 2013

18. පහළොස්වෙනි කොටස : ලැප් මල



බස්සා එයාගෙ ලැප් එකට ගොඩාක් ආදරේ කලා. ලැප් එකත් එක්ක ගොඩ ගිහින් කියලා එයාට යාලු කුරුල්ලො විහිලු කලත් බස්සනම් නෙමෙයි ඒවා ගානකටවත් ගත්තෙ. ඒ විහිලු සේරම වම් කනෙන් අහලා දකුණු කනෙන් පිට කරපු එක තමයි බස්සා කලේ.

බස්සිත් ලැප් මල ගැන බස්සාට විහිලු කලා නිතරම. දවසක් එහෙම කතාවක් මැද්දෙදි බස්සා කියනවා,


"මාව කවුරු දාලා ගියත් මගෙ ලැප් මල එහෙම කරන්නෙ නෑනෙ මට කවදාවත්."

"එහෙනම් කලින් හිටපු ලැප් මල හොරු අරන් ගියෙ. එයා ඔයාව දාල ගියානෙ අන්තිමේදි. තවම එයා ඉන්න තැනක්වත් හොයාගන්න බැරි උනානෙ."

"එයාව මම දැන් අමතක කරලයි ඉන්නෙ. දැන් මට මෙයා ඉන්නවනෙ. මෙයා තමයි දැන් මගේ ජීවිතේ."

බස්සටනම් හොඳටම පිස්සු.
"එහෙනම් එදා තකහනියෙම මොරටුවෙ ගියෙ එයාව හොයාගෙන. එයාට තවමත් හිත යටින් ආදරෙයි නේද?"

"ඔව් එයාට තවම ආදරෙයි. ඒත් දැන් මගෙ මල මෙයානෙ. මෙයාව දාලා යන්නෙ නෑ දැන්."

"හොඳයි, එදා පරණ මල හොරා ගාව තිබිල ඔයාට ආපහු ලැබුන නම් මොකද කරන්නෙ? එතකොට මෙයාව පැත්තකට දාලා එයාව බාර ගනීවි නේ?"

ඒ පාර නම් බස්ස හිර උනා කියලයි බස්සි හිතුවෙ.

"එයාව ලැබුන නම්, එයාව මල්ලිට දෙනව බලාගන්න කියලා. මෙයා එයා තරම්ම හොඳ නැති වුනාට මෙයානෙ මගෙ තනියට හිටියෙ."

එයා තරම් හොඳ නෑ???  "ඇයි අනේ මෙයා පව්නෙ. මෙයාගෙ මූණ බලාගෙන ඔයා කොහොමද මෙයා හොඳ නෑ කියන්නෙ?"

"මෙයාගෙ පර්ෆෝමන්ස් එච්චරම හොඳ නෑ. ඒත් මෙයාට හොඳට සලකගෙන හිටියාම හරි. අනිත් එක මෙයා එහෙම තරහ ගන්නෙ නෑ. මේ ලැප් මල මාව තේරුම් අරන් ඉන්නෙ."

"හ්ම්ම්ම්.... ඔයාටනම් පිස්සු බස්සෝ."

"නෑ. අපේ ජීවිතෙන් කෙනෙක් ඈත් උනා කියලා අපේ ජීවිතේ එතන නතර වෙන්නෙ නෑ. එහෙම වුනොත් අපි පරාදයි නoගියො. අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ. පරණ මතකයන්ට ආයුබෝවන් කියන්න වෙනවා අමාරුවෙන් හරි. ඒ කියන්නෙ අපි ඒවයින් සදහටම ඈත් වෙනව කියන එකම නෙමෙයි. ඒ මතකයන්ට අපෙ ගමනට හරස් වෙන්න බෑ කියන එකයි."

බස්සා හෙමින් හෙමින් බස්සිගෙ ඔළුවට දැම්මෙ මොන තරම් ගැඹුරු අදහසක්ද කියලා බස්සිට තේරුනේ එතකොටයි.



6 comments:

  1. anthima tiakata num math kamathi,eth atta thama e katahwa.
    fathy

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හ්ම්ම්ම්... බස්සා ඒ කතාව බස්සිට කියාදුන්නෙ ඒ පාඩම උගන්නන්නම තමයි අක්කියෝ..

      Delete
  2. man meka ape office eke hitapu yaluwo ekka share kara. Api ada katha uneth me gana.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් බස්සයි බස්සියි ගොඩාක් සතුටු වෙනවා ලෝලිත අයියේ. ස්තූතියි ශෙයාර් එකට. ඔෆිස් එකේ අයගෙ අදහස් කොහොමද බස්සිගෙ ආදර අන්දරය ගැන?

      Delete
  3. //නෑ. අපේ ජීවිතෙන් කෙනෙක් ඈත් උනා කියලා අපේ ජීවිතේ එතන නතර වෙන්නෙ නෑ. එහෙම වුනොත් අපි පරාදයි නoගියො//ඇත්ත ඈ මම මේ ඔයාගේ ලව් ස්ටෝරිය කියෝන ගමන් ඈ..:)

    ReplyDelete
    Replies
    1. හික්ස්! මනෝගේ වීක් එන්ඩ් එක බස්සියෙක්ගේ පිස්සු ආදර අන්දරයක් නිසා කාබාසිනියා වන වගයි. හයියූ... සන්තෝසයි ඈ....

      Delete