මේ කතාව නම් මට කීවෙ මගෙ බස්සා. මොකද මේ සිද්දිය අමතක වෙන තරමටම මම එදා A.M. වෙලා තමයි හිටියෙ.
බස්සි weekend එකට ගෙදර යනව. සඳුඳා උදේ 8.00 ට තියන lecture එකට බස්සිව campus එකට ඇරලවන්නෙ බස්සිගෙ තාත්තා. බස්සි වගේම තාත්තත් හරියට ඔරලෝසුවත් එක්ක යාලුකම් පවත්වන නිසා හැමදාම බස්සි Science faculty ගේට්ටුව ගාවින් බහිද්දි වෙලාව 7.59 යි. (එතන ඉඳලත් lecture එක තියන A11 එක ගාවට තටු ගහන්න විනාඩි දහයක්ම යනව හොඳඳ? ).
බස්සිත් ඉතින් ආලෝකයේ වේගයෙන් පඩිපෙල නැගගෙන ඇවිත් (තට්ටු තුනක්ම නගින්නත් එපැයි), කඩාගෙන යන්න ගියා lecture hall එක ඇතුලට.
“ගුඩ් මෝර්නින් !!”
කව්ද බොලේ ඒ ගමන. මේ අර camera කුරුල්ල නේද?
“ගුඩ් මෝර්නින් අයියෙ !!” බස්සි දෙකට නැමිල බොහෝම ගරුසරු ඇතුව කිව්ව. (ඇයි දෙයියනේ ඉතින් මේ දෙක වසරෙ අයියෙක් නෙව ).
“කොහෙද මේ යන්නෙ?” ඒක නම් තර්ජනයක් නෙමෙයි. ඒත් මොකක්ද බොලේ ඒ පුරස්නෙ තේරුම!
“lecture එකක් අයියෙ. අද මම late.”
“ඉතින් මේ අපේ lecture hall එකනෙ.”
විලිලජ්ජාවෙ සන්තෝසෙ බෑ කියන්නෙ මෙව්වට තමයි. බස්සි නැවතත් වරක් A.M. භාවය පෙන්වමින් රිoගන්න හදල තියෙන්නෙ දෙක වසරෙ පන්තියකට.
“හානේ!! අපේ lecture hall එක එහාපැත්තෙ පඩිපෙල ගාව එකනෙ” කියාගෙන බස්සි දිව්වලු!!!
අසාදාරණයි... කෙටි වැඩියි... තරයේ හෙලා දකිනවා ඕං ....
ReplyDeleteහෙලා දකින්ඩ ගිය කාලයක්. අපේ සමහර දේශපාලඥයො වාගෙ.
Deleteකෙටියෙන් ලිවුවෙ ඔයාට ඉක්මනට කියවන්න ලේසි වෙන්න. :P
කියවපු වෙලාවේ නොවෑ හෙලා දකින්නේ :p
Deleteඅඩෝ මේ මාව දේශ පාළුවො ගානට දාන්න එපා ඕං.. එවනවා සුදු වෑන් දෙකක් ..
වෑන් දෙකක්? ඇයි දෙකක්? එවන්නකෝ හතරක්.
Deleteබලාපොරොත්තු සුං කලා වගේ ....................
ReplyDeleteදැන්මම සුං කරගන්න එපෝ.... තාම දෙවෙනි කොටස නේ...
Deleteඅන්තිමයි හොඳේ...
ReplyDeleteමෙව්වා කියෝලා අපිටත් මේ වගේ වෙච්ච එව්වා මතක් වෙනවා! චෙක්!
මගෙ කාර්ඩ් එකත් "අන්දමන්ද" අනේ :P
Deleteමෙච්චර කෙටියට ලව් ස්ටෝරි කියවන්න පුලුවනෑ
ReplyDelete