Friday, July 19, 2013

හරිත ස්නේහය




දිනිඳු රැස් කඳු හෙමිහෙමින්

ඇදෙයි තුරු වියමන් තුලින්

සිනිඳු සුදු මුදු - මිහිඹ මුව මත

ඇඳෙයි රන් හසකැන්...


ඇදී මදනල සිහිලසින්

රැඳී තුරු හිස සිප සෙමෙන්

සැදී ඒ සිරි විඳින අටියෙන්

ගී ගයත් විහඟුන්...



සලා සුදු සළු රඟ දෙමින්

වලා පෙල ගගනත මතින්

වෙලා ගත් කල - කඳු ලියක හිස

මැවෙයි පෙම් සිතුවම්...



රිදී පෙණ පිඬු නහවමින්

නදී දිය ගී මුමුණමින්

සයුරු හිමි වෙත ඇදී ඇවිදින්

විඳී සුව අමවන්...


No comments:

Post a Comment