සෙකියුරිටි
අංකල්ගෙන් චාටර් නොවී යාන්තම් බස්සයි බස්සියි ජිම් එකෙන් එලියට පැනගත්තා. පෙරුම්
පුරල ඇඟිලි ගැනගැන ඉඳල කැම්පස් ආව මදැයි. එන්නත් කලින්ම දොර වැහුව නෙව. මොනව
කරන්නද, බස්සා බස්සිව බෝඩිමට
ගෙනත් ඇරලෙවුව. තමන් යන එන තැන් වලදි ආරක්ෂාවට එන, පොඩි දුරක්
වුනත් තනියෙන් නොයවන, අයියා කෙනෙක් වගේ හැම
දේකදිම ළඟින් ඉන්න කෙනෙක් ඉන්න එක කොච්චර සුන්දර අත්දැකීමක්ද කියලා බස්සි දැනගත්තෙ
එදා ඉඳන් තමයි.
බෝඩිමට ගිහින්
විනාඩි දහයක් යන්නත් කලින් බස්සිගේ ෆෝන් එක කෑ ගහන්න පටන් ගත්තා. මලලසේකරයි....
ගෙදරින් කෝල් එකක්. සිරස ටීවී එක යුතුකම් ඉෂ්ඨ කරල වගේ.
"හෙලෝ...."
"කැම්පස්
වැහුවා කියලා නිවුස් වලට කිවුවා මේ දැන්."
"හ්ම්ම්ම්....."
"හ්ම්ම් තමයි.
පන්ඩිත කමට ගියානෙ. හොඳ වැඩේ. දැන් තාත්තට තමයි කරදරේ....." බස්සිගෙ අම්මා
කියෝගෙන යනවා.
"මට බස් එකේ
එන්න පුළුවන් අම්මා." බස්සි අම්මව කූල් ඩවුන් කරන්න හැදුවා.
"හෙට තාත්ත
එයි. එතකොට එන එකයි තියෙන්නෙ. යන්නෙ එහෙම නෑ කැම්පස් එක පැත්ත පලාතෙ හරිද?" අම්මාගෙන් ඕඩර් එක
ලැබුනා.
මොනවා කරන්නද
ඉතින්. බස්සි බස්සාට කෝල් කරලා සීන් එක කිවුවා. බස්සා පහුවදා උදේම එන්නම් කිවුවා
බැංකුව ගාවට.
උදේම බස්සි අර
ලොකූ සමනලයා ඉන්න ගෝනියක් වගේ ටොප් එකත් ඇඳගෙන එනකොට බස්සා මග බලාගෙන හිටියා. ආ
එදා බස්සි තනියට තව කුරුලු යාලුවෙක්වත් එක්කගෙනමයි ගියෙ බස්සාව මුණගැහෙන්න. බස්සා
සහ බස්සිගෙ යාලුවා බයි කෑවත් බස්සි නම් සුපුරුදු පරිදි පේස්ට්‍රියකට තමයි වැඩේ
දුන්නෙ.
කාලා ඇවිත්
තාත්තාට කෝල් කලත් ඒ වෙනකොටත් තාත්තා මග. තාත්තා එනකම් තනියට ඉන්න බස්සා
කැමැත්තෙන්ම ඉදිරිපත් වුනා. ඒ වාගෙ චාන්ස් එකක් අතාරීවි කියල තමයි බය!
බස්සයි
බස්සියි කන්ද පහල ඒ.ටී.එම්. එක ළඟට වෙලා විනාඩි ගානක් කතා කරකර ඉන්න ඇති. බස්සිට
හදිසියේම ෆෝන් එක රිං වෙනව ඇහෙනකොටත් තාත්ත මිස් කෝල්ස් තුනක් විතර දීලා.
"කොහෙද ඉන්නෙ? අපි ඇවිත් ගොඩක් වෙලා" තාත්ත කියපු ගමන
බස්සි ඒ.ටී.එම්. එක ගාවින් පාරට පැනලා බැලුවා.
තාත්තා
ඒ.ටී.එම්. එකට අඩි දෙක තුනක් දුරින් වෑන් එක නවත්තගෙන බලන් ඉන්නවා.
ප.ලි.
තාත්තා එදා
බස්සිව දැක්කෙ නැද්ද, නැත්තම් දැකලත්
නොදැක්කා වාගෙ හිටියද කියන එක බස්සිට තවමත් ප්‍රහේලිකාවක්.
No comments:
Post a Comment