ඊයෙ බස්සිගේ කෝච්චි ගමන ගැන කිවුවට හොස්පිට්ල් එකේ ඉන්න කුරුල්ල ගැන කිවුවෙ නැහැ නෙව. ඒ නිසා ඕන් බස්සි අද එතැන් සිට ඉදිරියට කතන්දරේ කියාගෙන යනවා.
බස්සා බස්සිගෙ අතින් අල්ලගෙන ස්ටේෂන් එකෙන් එලියට ආවා. රාගම කියන්නෙ බස්සිට හුරු පුරුදු ටවුන් එකක් නෙමෙයි. බස්සගෙ අතේ එල්ලිලා බස්සා යන පැත්තට තටු ගහන එක තමයි බස්සි ඒ වගේ වෙලාවට කරන්නෙ. ගොඩක් වෙලාවට කිචිබිචි ගගා කියෝකියෝ ඔහේ ඇදිල යනව මිසක් පාරක් තොටක් බලාගන්නනම් කිසිම කල්පනාවක් නෑ.

බස්සා යනවා යනවා යනවා..... ඉවරයක් නෑ. එදා පොළ දවසක්. සෙනග ගොඩේ චප්ප වෙවී යන එක නම් එපා වෙනවා. හැබැයි එක තැනක ලස්සන ටෙඩියො ගොඩාක් වටකරගෙන හිටපු ආච්චි කෙනෙක්ව නම් බස්සිගෙ හිතට ඇල්ලුවා. ඇහැ එතන නතරවෙද්දි බස්සිට ඉබේම බ්‍රේක් පෑගුනා.
"ඉක්මනට යමු නංගියෝ, ලෙඩ්ඩු බලන වෙලාව ඉවරවෙන්නත් ළඟයි." බස්සා කළබලෙන් කිව්වා. "අපි ටෙඩියෙක් ගනිමුකො පස්සෙ වෙලාවක."
රාගම හොස්පිට්ල් එක තියෙන්නෙ කඳුගැටයක් මුදුනෙ. අපෙ අප්පෝ ස්ටේෂන් එකේ ඉඳන් ඇවිදගෙන ඇවිත් ඒ කන්දත් නගින්න වෙන එක සුලුපටු කට්ටක් නෙමෙයි. කන්ද මුදුනෙ හොස්පිට්ල් එක තිබුනෙ හොඳ වෙලාවට නේද කියලා බස්සිට හිතුනා.
ඔන්න ඉතින් බස්සා පඩිපෙලවල් නැගගෙන, දිග කොරිඩෝ පහුකරගෙන, ඇඳන් පේලි පේලි මැදින් බස්සිව එක්කරගෙන ගියා යාලු කුරුල්ලා වහලා හිටපු ඇඳ ගාවට.
වෙනදා කැම්පස් එක පුරා පෙරලි පෙරලි ඉන්න කුරුලු යාලුවා ඇඳට වෙලා කැඩුන තටුව වෙලාගෙන දොයි. බස්සිට පවූ කියල හිතුන. කුරුලු යාලුවගෙ අම්මයි පුංචි අම්මයිත් ඇඳ ගාවට වෙලා බලාන හිටියෙ හරිම දුකෙන්. බස්සිලා ඇවිත් ටික වෙලාවකින් එයාලා කෝච්චියට පරක්කු වෙනවා කියලා ගියා.
බස්සියි බස්සයි කුරුලු යාලුවා එක්ක සෑහෙන වෙලාවක් කියෝ කියෝ හිටිය. කුරුලු යාලුවාගෙ ඇඳ වටේ තිවුන අනෙක් හැම ඇඳකම හිටියෙ යුද්ධෙට ගිහින් අත් කකුල් අහිමි වෙච්ච සොල්දාදුවො. බස්සිත් ඉතින් ඕපාදූප නොබලන කිරිල්ලි නෙව. ඔය වගේ වෙලාවට බස්සිගෙ ඇස් දෙකට හරියට වැඩ.
කුරුලු යාලුවාගෙ ඇඳට එහාපැත්තෙ ඇඳේ හිටිය සොල්දාදු අයියගෙ වම් කකුල දණහිස ගාවින් වෙන් කරලා. එයාට එයාගෙ කිරිල්ලි පුංචි පුංචි බත් ගුලි හදහද කවනවා. කිරිල්ලිගෙ ඇස් වල කඳුලු. සොල්දාදු අයිය කිරිල්ලිගෙ කඳුලු පිහදාල ඔලුව අතගානවා.
"මේවද අපිට එවාපු යුනිෆෝම්?" මෙහාපැත්තෙ ඇඳේ ඉන්න සොල්දාදු අයිය කෑ ගහල අහනව. එයාගෙ අතේ බාල පිජාමා රෙද්දකින් මහපු කමිසයක්. "අපිට මෙතනට එන්න වුනේ මුන් හැමෝම වෙනුවෙන් ඉස්සරහට ගිය නිසයි. පත්තරවල, ටීවී වල කෑගහනව විතරයි. අපිට කුඩම්මගෙ සැලකිලි."
ටික වෙලාවකට මුලු වාට්ටුවම නිශ්ශබ්ද වෙනව.
"එයා කියන කතාව ඇත්ත. ඒත් දෙයියනේ අපි මොනව කරන්නද?" හෙද සොයුරියක් එහෙම කියාගෙන කුරුලු යාලුවාගෙ ඇඳ පහුකරන් යනව.
සොල්දාදු අයියට බත් කවපු කිරිල්ලි යන්න සූදානම් වෙලා. එයා සොල්දාදු අයියගෙ බෙල්ල බදාගෙන අඬනව. මෙච්චර වෙලා කළබලෙන් එහෙ මෙහෙ දුවපු බස්සිගෙ ඇස් දෙක තෙත් වෙනව. ආපහු ඒ ඇස් කුරුලු යාලුව ළඟ නතර වෙනව.
බස්සයි බස්සියි කුරුලු යාලුවයි පැය එකහමාරක් විතර කියෝ කියෝ ඉන්න ඇති. එක පාරටම ඇටෙන්ඩන්ට්ලා වගයක් ඇවිත් වාට්ටුව හෝදන්න පටන් ගත්තෙ එතකොටයි. නර්ස් කෙනෙක් ඇවිත් එහා පැත්තෙ ඇඳේ ඉන්න සොල්දාදුවෙක්ගෙ කකුලෙ තුවාලයක බැමි ලෙහෙන්න පටන් ගත්තෙ ඒ වෙලාවෙමයි.
වාට්ටුව මදින්න අර සැර 'ඉස්පිරිතාල සුවඳ' එන ක්ලීනින් ලික්විඩ් එකක් ඉහිනකම් බස්සි ගාම්භීර ලෙස කෙලින් හිටියා. නරක වෙලාවට එතකොටම අර නර්ස් බෙහෙත් බෝතලයක් ඇරියෙ වෙලුම්පටි ලෙහෙපු තුවාලෙට බෙහෙත් දාන්නයි.
බස්සිට වාට්ටුවෙ ඇඳන් දොළහ වෙනුවට කැරකෙන ඇඳන් හතළිස් අටක් පේන්න පටන් ගත්තා.
වහාම ක්‍රියාත්මක වුන බස්සි පුටු මේස පෙරලගෙන බැල්කනි එකේ පුලුවන් තරම් ඈතට දුවගෙන ගියා. එක පාරටම ලෝකෙ මහා අමුතු දම්-නිල් පාටකට හැරෙනකොට බස්සි ළඟ තිවුන බංකුවකට වාරු උනා.
"නංගියෝ..... කතා කරන්නකො බබෝ..... ඔයාට මොකද වුනේ?" බස්සගෙ කටහඬ ඇහුනෙ ආලෝක වර්ෂ ගනනාවකට එහා ඉඳන් ඇහෙන හඬක් වගේ.
බස්සිගෙ මූණට වතුර බිංදු අහුරක් වැටෙනකොට බස්සි හෙමින් හෙමින් ඇස් ඇරියා.
"මට කැරකිල්ලක් වගේ ආවා...."
"මම හොඳටම බය වුනා. ඔයා එලියට දිවුවෙ හොඳ වෙලාවට එහෙනම්." බස්සා බස්සිගෙ ඔලුව අතගෑවා.
"මට ඒ ක්ලීනර් එකේ සුවඳටයි, තුවාල බේත්වල සුවඳටයි කොහොමත් කලන්තෙ හැදෙනව." බස්සි මෙතෙක් කල් බස්සට නොකියපු දෙයක් ඒක.
"මරු!! දැන්ද කියන්නෙ"
"කිවුවනම් මාව යාලුවව බලන්න එක්කගෙන එන්නෙ නෑනෙ...." බස්සි ඉතා සාධාරණ ලෙස නිදහසට හේතු දැක්වුව.
"ඔයා ඔහොමම ඉන්න. මම යාලුවට කියල එන්නම්. අපි දැන්මම යමු." බස්සා ආපහු වාට්ටුව ඇතුලට ගියා.
එදායින් පස්සෙ ආපහු ලෙඩෙක් බලන්න හොස්පිට්ල් යන්න බස්සගෙන් අවසර ගන්න බස්සිට සෑහෙන කාලයක් ගියා. එහෙම යන වෙලාවටත් විනාඩි දහයකට, පහළොවකට වතාවක් 'ඔයාට අවුලක් නෑ නේද?' කියකියා අහන්න බස්සා අමතක කලේ නෑ.

එදා ගමනෙන් වුන එකම නරක ප්‍රතිඵලය වුනේ බස්සගෙ යාලුවා බස්සිව දැක්කම;
"තව ටිකෙන් මට කකුල කරේ තියන් ඇඳෙන් බැහැලා බස්සිව ඇඩ්මිට් කරවන්න වෙනවා" කියලා හිනාවෙන එකයි
බස්සා යාලුවත් එක්ක ඒ වෙලාවට;
"බේත් සුවඳ ආපු ගමන් නොකවුට් වෙන මේ කෙල්ල දෙතුන් පාරක් ඒ ලෙවල් ලියල හරි මෙඩිකල් ෆැකල්ටි ගියානම් මාර සීන් ටිකක් බලාගන්න තිවුන නෙව.... අපරාදෙ!!" කියලා හිනාවෙන එකයි විතරමයි.

Your stories drives me to golden old memories on my campus life. Experience never change due to the generation. Keep writing - it is our autobiography - most of us were in Kelaniya.
ReplyDeleteBassi is so happy to hear that.... University did not merely gave us education, but enriched our lives with such precious memories. Nourished our hearts and exposed us to a whole new world.
Deletewowwwwwww
ReplyDeletewht to say
thumbs up for ur wrtng
ThankZ a lot Amo...!!
Deleteehenam bassige kathawe mamath ennawa niyamai niyamai
ReplyDeleteනැතුව නැතුව. ඔයාව බලන්න හොස්පිටල් යන්න තමයි බස්සි මුලින්ම කෝච්චියෙ ගියේ.... :P
Delete