Friday, July 12, 2013

16. දහතුන්වෙනි කොටස : ටීචර්



බස්සා මගුල් කපුවෙක් වෙච්ච හැටි මම කලින් කොටසකදි කිවුවනෙ. මේ කපුවා ආපහු කපුකම් නොකරන බවට මට පොරොන්දු වුනාට බාර ගත්තු කොන්ත්‍රාත්තුවෙන් නම් එයාට ලේසියෙන් ගැලවෙන්න පුළුවන් වුනේ නෑ.

බස්සාට කපුකම කරන්න බාර දුන්නු කුරුල්ලා හැමදාමත් ඒ වැඩේ මතක් කර කර බස්සාට කරදර කලා. ඒකෙන් බස්සා වැටුනෙ ලොකු අමාරුවක. රැවුලයි කැඳයි දෙකම බේර ගන්න ඕනෙ වුනත්, ඒක කරන්න විදියක් හොයාගන්න නම් බැරි වුනා.

යාලු කුරුල්ලාගෙ පැත්තෙන් කිසිම බුරුලක් නොලැබෙන බව තේරුම් ගත්ත තැන බස්සා ආපහු බස්සිගෙන් උදව්වක් ගන්න ට්‍රයි කලා.

"අනේ මගේ හොඳ සුදු නoගිනෙ. අයියා ලොකූ අමාරුවක වැටිලා ඉන්නෙ. දැන්නම් මට ඔයාගෙ උදව් නැතුවම බෑ. මම ඔයාට නිව්ස් එක දුන්නු බව අරකාට තේරෙන්න වත් ඒකා එක්ක චුට්ටක් වෙලා චැටක් දාන්න බැරිද ඔයාට?"

"හොඳම හොඳ වැඩේ ඔයාට. ඔහොම වෙලා මදි බැරි වැඩ කරන්න බාරගත්තට." බස්සි ඔච්චමට හිනා උනාට බස්සිටත් මේ මැටි බස්සා ගැන දුක හිතුනා.

"මෙහෙම කරමු. ඔයා එයාට ටීචර් කෙනෙක් වෙන්න."

ටීචර් කෙනෙක්?

"ඔව්. ඒකා ගෑනු ළමයි එක්ක ඔයවගේ දේවල් කතා කරන්න හරී ලැජ්ජයි. ඔයා ඒකත් එක්ක යාලුවෙක් වගේ කතා කරලා තෙලක් ගහලා හදලා ගන්න."

හ්ම්ම්... බස්සා කිව්වොත් කියන්නෙ ඔහොම පිස්සු මගුලක් තමයි. මොනව කරන්නද, බස්සාව බේර ගන්නත් එපායැ.

බස්සි දවස් දෙක තුනක් අර කුරුල්ලා එක්ක කතා කලේ ඒ නිසාමයි. ඒ දවස් ටිකට නම් බස්සිට ජීවිතෙත් කළකිරුණ. ඇත්තටම ඒ කුරුල්ලා ටයිප් කරනව නෙමෙයි, අකුරු එකින් එකට කොටනව වෙන්න ඕනෙ. මොකද බස්සි කියන දේකට රිප්ලයි එන්න පැය කාලක් විතර යනව. ඒ නිසාම දවසට වචන හත අටකට වඩා කතා කරන්න වෙන්නෙ නෑ.

දවස් තුනක් යන්නත් කලියෙන් බස්සි ටීචර් රස්සාව අත ඇරියෙ ඒ හින්දයි. තාමත් ටීචර් කෙනෙක් වෙන්න කියද්දි බස්සිට හීන්දාඩිය දානවා.




2 comments:

  1. Replies
    1. බෑ බෑ ඒ කුරුල්ලා මාව කොටලා මරයි හලෝ..!!

      Delete