බස්ස ඉන්පස්සෙ
කවදාවත් මට කපුකම් කරන්න නම් ආවෙ නෑ. ඒත් බස්සා බස්සිට නිතරම ඇඟෙව්ව එයා කැමති
කෙල්ලෙක් ඉන්නවයි කියලා. නැත්තම් කැම්පස් එකෙන් අවුට් වෙන්න කලින් බස්ස ගොඩ යන්න
හිතාගෙන ඉන්නවයි කියලා.
බස්සි ඉස්කෝලෙ
යන කාලෙ ඉඳන්ම ඔයවගේ කපු වැඩවලට එකෙන්ම සපෝට්. යාලුවන්ගෙ මගුල් නිසා පාරෙ කට්ට
කාලා, රස්තියාදු
වෙලා, ටීචර්ලගෙන්
බැනුම් අහලා එහෙම බස්සිට හොඳට පුරුදුයි. ඉතින් බස්සි හිතාගත්ත බස්සගෙ වැඩේටත්
උපරිම සහයෝගය දෙනවයි කියලා.
ඒත් ඒ ගැන
අහපු හැම වෙලාවකම බස්ස කිවුවෙ;
“ඒ වැඩේටනම් මට
සපෝටර්ල ඕනෙ නැහැ. ඔයා කිවුව නේද ඔයා කැමති නැහැ කියල තෝල්කයො එවන කොල්ලන්ට?
එහෙනම් අරයත් ඒවට
කැමති වෙන එකක් නෑ.”
මෙයාගෙ ගනන්. “
එතකොට මට කියන්නෙවත්
නැද්ද?”
“ඔයාට තමයි බබා
මම එයා ගැන ඉස්සෙල්ලම කියන්නෙ. එයාට කියනකොටම මම ඔයාටත් කියන්නම්, එකම වෙලාවට. එහෙම
හොඳයි නේද?”
බස්ස ඇහුව.
හ්ම්ම්ම්… කමක් නෑ
එහෙමහරි මටත් කියනවලුනෙ.
බස්සට
ගැලපෙන්නෙ කොයි විදියෙ කෙනෙක්ද කියල බස්සි ගොඩාක් කල්පනා කලා. සුදු ලස්සන චූටි
කෙල්ලෙක්ව තමයි රූපෙන් මැච් වෙන්නෙ.
ම්ම්ම්…
ටෙක්නිකල් වැඩ වලට
කැමති වෙන්නත් ඕනෙ. කම්පියුටර් සයන්ස් හරි ඉලෙක්ට්‍රොනික්ස් හරි කරන කෙල්ලෙක් නම්
ගානට මැච් වෙනවා. එකම අවුල අපේ කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික්ස් කරන කෙල්ලො හොයාගන්න
තියන දුෂ්කරතාවය තමයි.
ඔය හැම දේකටම
වැඩියෙන් එයා මගෙ බස්සා අයියව තේරුම් ගත්තු කෙනෙක් වෙන්න එපැයි. බස්සා කැමති
අකමැති දේවල්, බස්සට තරහ යන
වෙලාව, දුක හිතුනම
බස්සව ෂේප් කරන හැටි, බස්සගෙ මූණට
හිනාවක් දෙන විදිහ.
ඒ විතරක්
නෙමෙයි. සොෆ්ට්වෙයාර් කෑලි හදලා හරි, ඉලෙක්ට්‍රොනික් ගැජට් එක්ක ඔට්ටු වෙලා හරි මහන්සි වෙලා
ඉන්න බස්සගෙ මහන්සිය නැති කරන විදිහත් දැනගත්තු කෙනෙක් වෙන්නම ඕනෙ. බස්ස කැමතියි
කියන විදියෙ සිම්පල් කෙල්ලෙක් වෙන්න ඕනෙ ලොකු ලයින් නොදී, මහ පොළව පය ගහල ඉන්න.
ඒත්…… රූපෙ ගැනයි, සබ්ජෙක්ට් දැනුම ගැනයි
තියන සුදුසුකම් ඇරුනම, ඉතුරු ටික නම්
මටත් ගැලපෙනව නේද කියලා බස්සිට හිතුනෙ එකපාරටමයි.
බස්ස දවසක මගෙ
ලෝකෙන් ඈත් වෙලා යාවි කියලත් ඒත් එක්කම බස්සිට හිතුනා. කැම්පස් එකෙන් ගොඩ යන
යාලුවො හැමෝටම වෙන්නෙ ඒකයි. ඇත්ත, යාලුවන්ට වැඩියෙන් තමන්ගෙ ආදරයට වටිනාකමක් දෙන්න හදන
එයාල වැරදි නෑ. ඒත් බස්සා මගෙන් ඈත් වෙයි කියන සිතුවිල්ලනම් මට දරාගන්න අමාරු උනා.
ඒ වෙලාවෙ තමයි
මට දැනුනෙ යාලුවෙකුට වඩා ලොකු ඉඩක් බස්සා මගෙ ජීවිතෙන් වෙන් කරගෙන නේද කියලා,
මටත් හොරෙන්ම.
බස්ස මගෙ ගැන
හිතනව ඇත්තෙ කොහොමද…. මට දැනෙන
විදියට එයාට මගෙ ගැන කවදාවත්ම හිතිලා නැද්ද….
එදා රෑ පුරුදු
විදිහට බස්ස වෙබ් සයිට් එකක් එක්ක ඔට්ටු වෙන අතරෙ බස්සි කවුලුවෙන් එහා පැත්තෙ ඉඳන්
ලඟට වෙලා හිටියා.
“බස්සියෝ…”
“හ්ම්ම්ම්…..”
“පාළුයිද ඔයාට?”
“හ්ම්ම්ම්…..”
“මම ඔයාගෙන්
දෙයක් අහන්නද?”
“හ්ම්ම්ම්….”
“බස්සි කැමතිද
හැමදාමත් මේ බස්ස ලඟට වෙලා ඔහොම හ්ම්ම්ම්…හ්ම්ම්ම්… කියකියා ඉන්න?”
බස්සිට
"හ්ම්ම්ම්" කියාගන්නවත් බැරි විදිහට කට උත්තර නැති වුනෙ ඒ වෙලාවෙයි.
එකත් ජයසිරි මංගලම් කිව්වලු ......
ReplyDelete:)
:D
ආයෙත් අහලා..... මේ මලයාට නම් කතාව හොඳටම හිතට අල්ලලා ගිහින් වගේ.... :)
Deleteකන්ද මුදුනටම ආවද මන්ද....
ReplyDelete:D
Delete