Saturday, July 13, 2013

හෙට බස්සාට එක්සෑම්.....



හෙට මගේ බස්සාගෙ එම්. එස්. සී. එක්සෑම් එකේ පළවෙනි දවස. එක්සෑම් හෝල් එක ගාවට යනකම් ඔයා එක්ක එන්න බැරිවෙන එක ගැන හිතට දුකයි. හොඳට එක්සෑම් එක කරන්න ඔයාට බස්සි හදවතින්ම සුභ පතනවා!!



ලැප් මල තුරුලු කරගෙන,
මට නොතේරෙන කෝඩ් අමුණන,
මට දැනෙන්නට,
මට හැඟෙන්නට,
පරිඝණක වැඩසටහනක් නිමවන,
සොඳුරු දෑඟිලි තුඩු වලට,
වෙහෙස නොම දැනේවා.........!!!

දුරකතනයේ වද දෙන,
සොෆ්ට්වෙයාර් දිගඇරගෙන,
මට නොතේරෙන අකුරු කියවන,
නොපෙනෙනා විසඳුම දකින,
දිලිසෙන පුoචි දෙනෙතට,
සැනෙන් පිළිතුරු පෙනේවා......!!!

ඉලෙක්ට්‍රෝනික ගැජට් සමගින,
රෑ පුරා නිදි වරමින,
නවමු අදහස් මවමින,
අමුතු නිමැවුම් ගෙන එන,
දැනුම් ගබඩාවේ,
සියල් දොරගුළු විවර වේවා.......!!!

මම නොදුටු දුර ඈත දකිමින,
මට මග නොමග පෙන්වන,
නිති දිරිය සපිරුන,
කෙම්බිමක් බඳු සුව දෙන,
ඔය මහරු හදවතේ,
තව තවත් දිරි බල නැගේවා....!!!

2 comments:

  1. ශෝයි ශෝයි
    මට දැන් බයවෙන්න දෙයක් නෑ
    අම්මගෙයි මගෙ බස්සිගෙයි ආශිර්වාදෙයි තියෙනවනෙ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බස්සෝ. දැන් තමයි එක්සෑම් එක ගොඩ ගියෙ, නේද?

      Delete