මේක අවුරුදු ගානක් පරණ ගීතයක්. බස්සි මේ ගීය (හෝ කවිය, ඕනෑ එකක්.) ලිවුවෙ ඉක්කෝලෙ යන කාලෙදි. හරියටම කිවුවොත් දොළහ වසරෙදි. ඒ දවස්වල බස්සිගෙ හිතට තදින්ම කා වැදිලා තිවුන හින්දි ගීයක අනුවාදයක් වගේ එකක් තමයි මේක. අනුවාදයක්මත් නෙමේ මොකද ගීයෙ අවසාන පේලි හතර බස්සිගේ අදහසක් මිස ගීතයේ තිවුන කොටසක් නෙමෙයි.
බස්සි නංගියාට දෙන්න ටියුට් වගයක් හොයද්දි ටියුට් එකක අන්තිම පිටුවෙ ලියලා තිවුනා මේ කවිය. කොහොමත් ඒ කාලෙ බස්සිගෙ ටියුට්, පොත් පත් විතරක් නෙමෙයි ලොග් ටේබල්ස් වල පවා කුරුටු ගාපු කවි සිංදු එමටයි.
බස්සි නංගියාට දෙන්න ටියුට් වගයක් හොයද්දි ටියුට් එකක අන්තිම පිටුවෙ ලියලා තිවුනා මේ කවිය. කොහොමත් ඒ කාලෙ බස්සිගෙ ටියුට්, පොත් පත් විතරක් නෙමෙයි ලොග් ටේබල්ස් වල පවා කුරුටු ගාපු කවි සිංදු එමටයි.
සහසක් මුකුලිත
නෙත් මඟහැර විත්
සොයමි ඔබේ
නිල් දෙනෙත් පහන්
පනමි ඔබේ මුදු
තෙපුල් නිතින්
සැනහෙන්නට
සෙනෙහස් පිරිත් පැනින්
ඒ නෙත් කවුලු
වැසුනා
රළු වදන් ලය
වැදුනා
කඳුලෙන්
කොපුල් තෙමුනා
එපා මට ඔය
නිල් නුවන් – එපා සවනට ඔබ
වදන්
මින්දදට තව
නැද්ද හීසර – සාගරේ ඇත තව
මසුන්
එපා මට ඔබ –
වසමි නෙතුයුග –
වසාලමි දෙසවන්
මට හොරෙන්
නෙත් ඇරුනා
රහසේ සවන්
හැරුනා
මම තවත් මොනවා
කරන්නද
මගේ හිත යළි
ඔබ ළඟම රැඳුනා
නිවාඩු පාඩු වෙලාවක ඉක්කෝලෙ කාලෙ පොත් ඉතුරු වෙලා තියන ඒව ටිකක් අවුස්සලා බලන්න ඕනා. ඔයාලට තමයි ඉතින් එහෙම හොයාගන්න පල් හෑලි කියවන්න වෙන්නෙ.
එපා උනත් හෙට ඕනෑ වෙයි
ReplyDeleteඑපා උනත් හෙට ඕනෑ වෙයි
ReplyDelete