Saturday, July 13, 2013

දහහත්වෙනි කොටස : කැරට්, බිත්තර සහ කෝපි කුඩු


බස්සි ගොඩාක් සන්වේදී කිරිල්ලියෙක්, පොඩි දේකින් වුනත් හිත තලා ගන්න කෙනෙක් බව බස්සා තේරුම් අරන් තිබුනා. ලොකුම ලොකු දුකක් ඇවිත් ටැප් එක ඇර ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි බස්සා බස්සිගෙ හිත හදන්න කියපු ලස්සන කතාවක් තමයි මේ.

"නoගියෝ, මේ අහන්නකො. හිතන්න ඔයා ගාව තියනවා කියල කැරට් අලේකුයි, බිත්තරේකුයි, කෝපි කුඩුයි. ඔයා මේ ජාති තුන වෙන වෙනම වතුර භාජන වලට දාලා ලිපේ තියලා රත් කරනවා.

විනාඩි පහළොවක් විතර මෙහෙම වතුර රත් වෙන්න ඇරලා, භාජන ටික ලිපෙන් බානවා.

කැරට් අලේ රත් කරන්න කලියෙන් ගොඩාක් තදයි. ඒත් දැන් ඒක මොළොක් වෙලා.

බිත්තරේ තම්බන්න කලින් කැඩුනොත් අතත් එක්ක චුරු වෙනවා සාරු ගෑවිලා. ඒත් දැන්? බිත්තරේ තැම්බිලා, තද වෙලා.

අපිට මේ ලෝකෙ මුණගැහෙන ගොඩාක් දෙනෙක් ඔය වගේ තමයි. සමහරුන්ගෙ හිත් හරි තදයි. ඒත් ප්‍රශ්නයක් ආවම ඒක දරාගන්න බැරුව ඒ හිත් මොළොක් වෙනවා. එයාලා ප්‍රශ්නෙ දැකලා අසරණ වෙනවා. හරියටම අර කැරට් අලේ වගේ.

තවත් සමහරුන්ගෙ හිත් ගොඩාක් මොළොක්. එයාලා ජීවත් වෙන්නෙ හරිම අහිoසක විදියට. ඒ වුනාට  ප්‍රශ්නෙකට මූණ දෙන්න වුන දවසට එයාලගෙ හිත් පුදුම විදිහට දැඩි වෙනවා. ඒ හිතක් ආපහු මොනම දේකින්වත් උණු වෙන්නෙ නෑ. හරියට තම්බපු බිත්තරයක් වගේ.

"වෙනස් උන ඇල්බියුමින් අණු වල සැකැස්ම ආපහු කලින් තත්වෙට එන්නෙ නෑ නෙ." බස්සිත් පණ්ඩිත වාක්‍යක් දැම්මා.

"එතකොට කෝපි කුඩු?"

කෝපි කුඩු තැම්බුනා කියලා කෝපි කුඩු වල සැකැස්ම වෙනස් වෙන්නෙ නෑ. ඒ වගෙ මිනිස්සු ප්‍රශ්න ආව කියල තමන්ව වෙනස් කරගන්නෙ නෑ. නමුත් කෝපි කුඩු තම්බපු වතුර ටික සුවඳ හමන්න ගන්නවා. වතුරට රසයකුත් ලැබෙනවා. ඒ වගේ මිනිස්සු තමන් වෙනස් නොවී, තමන් ඉන්න පරිසරය හොඳ පැත්තට වෙනස් කරගන්නවා.

අපේ ජීවිතේ කැරට් අලයක්වත්, බිත්තරයක්වත් කරගන්නෙ නැතුව, කෝපි කුඩු වගේ ප්‍රශ්ණ වලට මූණ දෙමු නේද නoගො?



ප.ලි.

මේ පෝස්ට් එක ලියන අවස්ථාව වනවිට මට බස්සා සමග යකා නැග ඇත. එම්.එස්.සී. එක්සෑම් කට උඩ තියාගෙන මේ උන්නාන්සේ නිදිය. ඇහැරවන්න කියා මට කීවේ රෑ දහයටය. දැනට මම මිස් කෝල් පනස් පහක් දී ඇත. ඉවසීමේ රතු කට්ට පනින්නට ආසන්නය. හ්ම්හ්!!!



2 comments:

  1. Man meka mulinma ahuwe oyage bassa ekka physics lecture ekakadi. Thamath mage hithe thiyena kathawak meka. Aththatama math meka mage hitha duk wena welawata mathak kara gannawa.

    ReplyDelete