Monday, July 15, 2013

විසිවෙනි කොටස : කවුද එයා? - 1




බස්සා පහුවදා උදේ කැම්පස් ගියාට පස්සෙ හවස් වෙනකම්ම බස්සිට මිස් කෝල් එකක් වත් දුන්නෙ නෑ. ඒ නිසා බස්සි හිතුවා බස්සා ෂුවර් එකටම අර හිත ගියා කියාපු කිරිල්ලිට ඇහැ ගහගෙන ඇති කියලා. ආපුදෙන්කො, අද නම් කෙල්ලගෙ නම අහගන්නවමයි කියලා බස්සි බලාගෙන හිටියා.

රෑ  හත විතර වෙනකොට බස්සගෙන් මැසේජ් එකක් එනව "අනේ අද ඔන්ලයින් එන්නෙවත් නැද්ද ඔයා?" කියලා. බස්සි එතකොටයි දැක්කෙ හවස පහමාරෙ විතර ඉඳන් බස්සා මිස් කෝල් දෙක තුනක්ම දීලා තියෙන වග.

බස්සිත් ටික වෙලාවකට පස්සෙ කවුලුවෙන් එබිලා බැලුවා. මේ ඉන්නෙ බස්සා මග බලාගෙන.

"කොහොමද අද කැම්පස් එකේ විස්තර?" බස්සි ඇහුවා.

"වරදක් නෑ..." බස්ස සුපුරුදු පරිදි දවසේ විස්තර වාර්තාව ඉදිරිපත් කලා.

ඒ වුනාට බස්සිට වුවමනාව තිවුනෙ වෙන දෙයක් දැනගන්නයි. බස්සා කතාව නවත්තපු ගමන් බස්සි පැනල ඇහුවෙ "අරයා අද ආවද?" කියලයි.

"කවුද?"

"වෙන කවුද ඉතින්, ඔබේ සිත් ගත් කිරිල්ලිය තමයි."

"හ්ම්ම්ම්...." බස්සා ටිකක් කල්පනා කෙරුවා. "එයා අද ආවෙ නෑනෙ. මම දවසම හරිම පාලුවෙන් හිටියෙ."

"අපරාදෙ නේද?" බස්සිටත් දුක හිතුණා. බස්සා කවුරු එක්ක හිටියත් සතුටින් ඉන්නවනම් හොඳයි කියල බස්සිට හිතුන. ඒත් එක්කම බස්සා ඔය තරම් මැරෙන්න හදන කෙල්ල ගැන හිත යටින් පොඩි ඉරිසියාවකුත් දැනෙන්න ගත්තා.



No comments:

Post a Comment