මිතුරු තරු වැල් විසුල ගගනත
සොඳුරු වත - සඳ රැස් විහිදු නෙත
මහරු සෙනෙහෙන් මගේ හදවත
ගැඹුරු කුටියක නිදන් කර ඇත
අඳුරු දිවිමග - රුදුරු තැන්වල
සිදුරු වී යන දිනක හදවත
රුහිරු නොව මා පෙර නිදන් කල
මිතුරු මතකය ගලා යනු ඇත
හද නිවෙන මුදු - නෙත තෙමෙනු ඇත
හුගාක් ලස්සනයි බස්සි අක්කේ ...
ReplyDeleteස්තූතියි නංගියා.... ඔයා කවි වලට ආස කෙනෙක් වගේ.
Delete