Friday, July 19, 2013

විසිපස්වෙනි කොටස : කැම්පස් මඟුල් ගෙවල් හෙවත් බකට්


"ආ බස්සා...."

"බස්සා, ගොඩ ගිහින් වගේ ආ..."

"අඩෝ නාන්න ලෑස්ති වෙලාද ආවෙ?"

කන්ද නැගලා බේස් කැන්ටිමට පියාඹනකම් මග දිගටම හමුවුන කුරුල්ලො කීවෙ ඔය වගේ කතා විතරමයි. එකෙක් අහපන් වෙන මොනව හරි, නැද්ද මං අහන්නෙ?

ඒ වෙලාවෙ තමයි බස්සිට මතක් වුනේ 'නාන්න ලෑස්ති වෙලාද ආවෙ?' කියන එකේ තේරුම.

කැම්පස් මඟුල් ගෙවල් හෙවත් බකට් කියන්නෙ කැම්පස් සංස්කෘතියෙ හමුවෙන පට්ට ආතල් උත්සවයක්. මේක හැම කැම්පස් එකකම ඇත්තෙත් නෑ. උදාහරණයකට ගත්තොත් බස්සිලාගෙ කැම්පස් එකේ මේ උත්සවය පවත්වන්නෙ සයන්ස් ෆැකල්ටි එකේ කට්ටිය විතරයි.




බොහෝ වෙලාවට බකට් දෙන සීසන් එකක් තියනවා. සම්මතයක් විදියට බකට් එක සෙට් වෙන්නෙ කුරුල්ලා දෙක වසරෙ නම් තමයි. ඒ කියන්නෙ එක වසරෙදි අයියල දෙන සෝෂල් එකෙන් පස්සෙ, අලුත් නැවේ ආපු අයට සෝෂල් එක සංවිධානය කරනකම් කාලෙ ඒ බැච් එකේ බකට් සීසන් එක. ඒ වුනත් අතරින් පතර ඕෆ් සීසන් බකටුත්  නැතුවාම නොවෙයි.

බකට් කිරීමේදි ප්‍රධාන වශයෙන්ම සිද්ද වෙන්නෙ කුරුල්ලාව වතුරෙන් නැහැවීම. මේකට කියාපු පොකුණක් තියනවා සයන්ස් ෆැකල්ටි එක ඇතුලෙම. ඒකට අපි කියන්නෙ 'බකට් පොකුණ' කියලාමයි. බකට් කිරීමටම ගැලපෙන මිෂන් ස්ටේට්මන්ට් එකක් කැටයම් කරලා තියනව පොකුණෙ. ඒ තමයි 'විද්‍යා දදාති විනයම්' (විද්‍යාව විනය ගෙනෙයි.) ලොල් නේ?

බකට් එක ප්ලෑන් කරන්නෙ කුරුල්ලගෙ යාලුවො - කුරුල්ලට හොරෙන්! බකට් දවසෙ කැම්පස් එනකොට නාපු කුරුල්ලට අඳින්න අමතර ඇඳුමකුත් යාලුවො අරගෙන එනවා.

කුරුල්ලයි කිරිල්ලියි ෆැකල්ටිය ඇතුලෙ එක අත්තක වහලා ඉන්නකොටයි බකට් එක ආරම්භ කරන්නෙ.

බකට් එකේ අවස්ථාවන් විවිධ සාධක මත වෙනස් වෙනව. ඒ නිසා මම දැන් කියන්න යන සීන් සේරම එකම බකට් එකකදි දකින්න ලැබෙන්නෙ කලාතුරකින්.

බකට් එක ආරම්භ වෙන්නෙ යාලු කුරුල්ලො පස් හය දෙනෙක් මනමාල කුරුල්ලව අල්ලගෙන ගිහින් බකට් පොකුණට අත ඇරීමෙන්. මොලේ කල්පනාව තියන කුරුල්ලො ඊට කලින් සාක්කු වල තියන ෆෝන් එහෙම අයින් කරන්න මනමාල කුරුල්ලට ඉඩ දෙනවා. පොකුණට අතඇරලා ගොඩට එන්න නොදී කුරුල්ලව වතුර ගගහා නාවනව.

ඉන් පස්සෙ කුරුල්ලව ගොඩට අරන් තල් වැටේ තල් ගහක ගැටගහනවා. මල් ගහලා සරසනවා. සමහරු කිරිල්ලිට තමයි මල් දෙන්නෙ කුරුල්ලගෙ කොණ්ඩෙ ගහන්න කියලා. බකට් පොකුණෙන් බාල්දි වලට වතුර අරන් නෑවීමත් මේ අතරෙදි වෙන්න පුලුවන්.

මඟුල් ගෙදර ඡායාරූප ශිල්පියො නම් බොහොමයි.

අපේ බැච් එකේ සුපිරියටම කෙරුන එක බකට් එකකදි කපල් එකව පෙරහැරින් එක්කන් ගියා බේස් කැන්ටිමට. බේස් කැන්ටිමේදි දෙන්නව මේසෙකට නග්ගලා, අත පැන් වත් කරලා, මවුපිය ආශිර්වාදෙ ගන්න කියලා ස්ටුඩන්ට් යූනියන් එකේ සභාපති අයිය ගාවටත් එක්කගෙන ගියා පෙරහැරින්ම.

බස්සිගෙ යාලුවෙක් ඉන්න වෙන කැම්පස් එකක තවත් අපුරු සිරිතක් තියෙනවාලු. කිරිල්ලියි කුරුල්ලයි නාලා පොකුණෙ ඉන්න තඩි ගෙම්බෙක් ඉස්සරහ දිවුරුමක් දෙන්න ඕනෙලු. ගෙම්බගෙ නම තමයි සිරිපාල.

බකට් එකට කුරුල්ලාව උස්සගෙන යනකම් ඉඳලා පසු නොබලා ගෙදර දුවපු කිරිල්ලියොත්, බකට් එකේදි කුරුලු යාලුවො කරන විහිළුවකට තද වෙලා බැනපු, අඬපු කිරිල්ලියොත් කලාතුරකින් හිටියා. ඒ බබා පාට් නිසා බකට් එකට පස්සෙ මගුල කැඩුන සීන් එහෙමත් තියෙනව කියලයි ආරංචි.

කොහොම වුනත් ඕෆ් සීසන් එකේ ගොඩ ගිය නිසා අන්තිමේදි බස්සාට බකට් එක ලැබුනෙ නෑ. බස්සාට පල් වතුර නාන්න නොවුන එක ගැන බස්සි සතුටු වුනත්, ජීවිතේටම එක් වතාවක් ලැබෙන ඒ අත්දැකීම විඳගන්න බැරි වුන එක ගැන හිත අස්සෙ හීන් දුකකුත් නැතුවාම නොවෙයි.


8 comments:

  1. මේවට කැමති සෙට් එකකුත් ඉන්නවා. නමුත් කැම්පස් යන කෙල්ලෙක්ගෙන් සමාජය මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. මේක නිකං 7-8 ඉන්න පොඩි උන්ගේ ලියවිල්ලක් වගේ.. අමනාප වෙන්න එපා අවංක අදහස කිව්වේ.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි සහෝ. බස්සිගේ කතාව ලියවෙන්නෙ නම් මේ වගේ කතාවක් බලාපොරොත්තු වෙන යාලුවො වෙනුවෙන්.

      Delete
    2. හැමෝම හැමදේටම කැමති නැත. එක්කෙනෙක් කැමති දේට තව 10ක් බනියි. සාමාන්‍ය ස්වභාවය එයයි.
      හැමෝම එකම විදිහෙ දේ ලිවීමෙන්ද පලක් නැත. එසේ උවහොත් ජාලය නීරස තැනක් වන ඇත. විචාර, සමාජීය, දේශපාලන, අධ්‍යාපනික, තාක්ෂණික ලිපි මෙන්ම මෙවන් හුුුදු රසාස්වාදනය පාදක කරගත් ලිපි ද අත්‍යාවශ්‍යය. මන්ද යත් මනසට විවේකයක් ලබාගැනීමට ඉවහල් වන්නේ එවන් ලිපි නිසාවෙනි.
      එකිනෙකාගේ රසාස්වාදනයන් එකිනෙකට වෙනස්ය. තමාෙගේ රසාස්වාදනයට ගැලපෙන දේ පමනක් කියවීම තමන් සතු යුතුකමකි.
      අවංක අදහස් දැක්වීම අගය කලයතුමය. නමුත් ලියන්නා කලකීරීමට පත්වනදේ නොකියනවානම් වඩාත් හොඳය. ඒ බ්ලොග් කරුවන් වශයෙන් ලිපියක් ලිවීමට වන මහන්සිය හා කැපකිරීම අප හැමෝම දන්නා බැවනි.

      Delete
    3. කලකිරීමට පත්විය යුතු නැත. තම මතය වෙනුවෙන් පෙනි සිටීම ගැන බස්සිට අපේ ප්‍රණාමය හිමි විය යුතුය. විවේචනයක දරා ගැනීමට නොහැකි මිනිසුන්. කිසිම ආත්ම ශක්තියක් නැති මිනිසුන්ය.

      Delete
    4. ස්තූතියි පසන් අයියේ. ලිපි පිළිබඳ අවංක අදහස් දැක්වීම අගය කරනවා. කුරුලු යාලුවන්ට කියවලා රිලැක්ස් වෙන්න බස්සිගේ ආදර අන්දරය ලියන අතරෙ ටිකක් සීරියස් ලිපි පෙලකුත් ලියන්න උත්සාහ කරන්නම්කො.

      නිදහස තියෙන හැටියට තමයි ඒව ලියන්න වෙන්නෙ හොඳේ...

      Delete
  2. eka nam sahathika atta, matath hithune ekamai, me vidihata liyana adahas tiyana aya campus gihin rate vagath rassawal karanna giyama ape rata kohomada diyunu venne :O :O

    ReplyDelete
  3. mama meka kiyawanan gatte bassige thatha gana dana gatta ta passe, a wage thatha kenekuge daruwek liyana dewal vala hariyak tiyevi kiyala, namuth kiyawanna gatta passe nam puduma hithuna, campus yanna 18 + ganu lamayek da me ??? man hithanne pae rate 5 vasare lamayke liyanawa mita vada harawath vidihata sarala de unath .................

    ReplyDelete
  4. meka kiyawanna patan gattama campus kale matak wenawa. mama campus out wela awurudu 5k wenawa. meka kiyawanakota ayet e kaleta yanawa wage. lassana katawak bassi.

    ReplyDelete