1. පෙරවදන : චිත්‍රපටිය
මේ සිද්දිය වෙනකොට බස්සි බස්සියෙක් නෙමේ. හැබැයි එක වසරෙ කැම්පස් කුරුලු පැටියෙක්.
බස්සි DH එක ගාව බැම්මකට වෙලා ඉඳගෙන ඉන්නව එක වසරෙ යාලුවො සෙට් එකත් එක්ක. බස්සි කොහොමත් Lectures යන්න මාරම කම්මැලී. Lunch එක එහෙම අරගෙන නිදා ගන්න Lecture hall එකට යන වෙලාව තමයි මේ. ඔහොම ඉන්නකොට මේ බජාර් එක මැද්දට එක වසරෙම කුරුල්ලෙක් ලෑන්ඩ් කරනව.
“ඒයි A.M. (මේක තමයි ඒ දවස්වල බස්සිගෙ card එක. ඒකෙ අතීත කතාව වෙන දවසක කියන්නම්කො.) ඔයාගෙ කොන්ඩෙ දිගයි නේද? ආන්න දෙක වසරෙ අයියල වගයක් කතා කරනව.”
“මූ කියන්නෙ මහ හතර බීරි කතාවක්නෙ. කොන්ඩෙ දිග කෙල්ලො කියල මේ ලෝකෙ ඉන්නෙ මම විතරක්යැ.” බස්සි යාලුවන්ගෙන් sup එකක් ගන්න බලාගෙන කිව්ව.
“ර්Rag කරන්න නෙමේ මෝඩියෙ කතාකරන්නෙ. ඒ අයියල ෆිල්ම් එකක් කරනවා. ඒකට කෙල්ලෙක් හොයාගෙන එන්න කිව්ව”
“ඉතින් අයියෝ ඇයි මේ අහිoසක මාවම ඕකට අල්ල ගන්නෙ? වෙන කෙල්ලො නැතුවද?” බස්සි බ්‍රේක් හතරම පාගගෙන ඇහුව.
“නෑ නෑ උඹව ගන්නෙ නෑ බන්. නිකමට වරෙන්කො. මම නිකම් උඹව උන්ට පෙන්නන්නම්. හරියන්නෙ නෑ කීවම ආපහු එන්න බැරියැයි”
ඔහොම තර්ක විතර්ක ගනනාවකට පස්සෙ මූ මාව කොහොමහරි එතනට ඇදගෙන ගියා කියමුකො.
“අහ්හ් මෙයා හරියයිද මන්ද මල්ලි. මම මේ character එකට ගන්න try කරන්නෙ මේ පාර batch queen වෙච්ච නoගිව. ඒ නoගිගෙන් තවම response එකක් නෑනෙ.”
මගෙ ඉහේ මලක් පිපුන. අනේ ඉන්න තැනකින් ඉක්මනට response එක අරන් වරෙන්.
ඒ නoගිගෙන් response එක ආව.
ඒ නoගිට එන්න බැරිලු. :(
බස්සි චිත්‍රපටි ගැන මෙලෝ මගුලක් දන්නෙ නැති උනාට බස්සිට ඉස්කෝලෙ කාලෙ ඉඳන් වේදිකා නාට්‍ය උණක් නම් තිබුන. තාත්ත හදපු වේදිකා නාට්‍ය දෙක තුනකත් රඟපෑවට බස්සි campus එකේනම් කලා කටයුතු වලට හොට දාන්න ගියෙ නෑ.
ඒත් මේ චිත්‍රපටියට හොට දාන්න වෙනවමයි කියල බස්සිගෙ නළලෙ බඹා කොටල තිබුන.
චිත්‍රපටිය දවසෙ බස්සි තනියට එක්කන් යන්න යාලුවෙක්ව හෙව්ව. ඒකෙත් හැටි කියන්නෙ උන් ඔක්කොම බෑ කිව්ව. මොකද වැඩේට දාගෙන තිබුනෙ සෙනසුරාදා දවසක්. සේරම කුරුල්ලො ගෙවල් බලා ඉගිල්ලිලා.
බස්සි ඉතින් තනියෙන්ම Base කැන්ටිම පැත්තට තටු ගැහුව. මෙන්න දෙක වසරෙ අයියල කට්ටිය වැඩේට රෙඩි වෙලා ඉන්නව.
“යමු නoගි අල බැම්ම පැත්තට. අපෙ cameraman ඉන්නෙ එතන” ඩිරෙක්ටර් අයිය කිව්ව.
අපි සේරම ඉගිල්ලුනා අල බැම්ම පැත්තට.
“කව්ද cameraman?”
අල බැම්මෙ සුදු, හීන්දෑරි කුරුල්ලෙක් ඉඳගෙන හිටියා. කොන්ඩෙ වවල බෙල්ල ගාවට. අපි දිහා බලල හිනා උනා.
හිනාවෙනකොට ඒ ඇස් දෙක දිලිසෙනව.
මාස අටක් campus එකේ හිටියට, ඒ වෙනකම් මම දෙක වසරෙ මෙහෙම කුරුල්ලෙක් ඉන්නව කියල දැකලවත් තිබුනෙ නෑ.
කුරුල්ලත් මාව දක්කෙ එදා ලු.
අපි ගිය location එක පට්ටිය හන්දියෙ railway station එක. ඒ වෙනකොට බස්සි කෝච්චියක ගිහිල්ලවත් තිබුනෙත් නෑ. පණ බයෙන් තමයි හිටියෙ කෝච්චි යනකොට. දෙක වසරෙ අයියලට ඕවා කිව්වොත් තවත් පල්ම පල් card එකක් දාවි. ඒ නිසා වීරයා වගෙ කෝච්චි දිහා හොරෙන් බලබල, බයේ ගැහි ගැහි හිටියා.
හැබැයි බස්සි එදා cameraman කුරුල්ලා එක්ක වචනයක්වත් කතා කලේ නම් නෑ.........
ඔන්න බස්සි මම මේක කියවන්න පටාන් ගත්ත.... ,මටත් නිකමට වගේ හිතුනා මගේත් ආදර අන්දරය ලියන්න ඕන කියල... නමුදු... ලියන්න තේරෙන්නෙ නෑනෙ....
ReplyDeleteහයියෝ ලියන්න තේරෙන්නෙ නෑ කියන්නෙ මොකද? මේ කොමෙන්ටු කොටනවා වගේම තමයි කතා ලියන්නෙත්. ලියාගෙන යන්න ගාලු කොල්ලා. අපිත් එකෙන්ම ඕනෙ සප් එකක් දෙන්නම්!!
Deleteඔන්න මමත් කියවන්න පටන් ගත්තා.. වෙලාවක් ලැබෙන හරියට අහවර කරන්ඩොන :D
ReplyDeleteඇඃ කියන්ඩ බලන්න.. අවසානය + ද - ද ? :p
Deleteහොඳා, හොඳා..... කියවාගෙන යන්නකො. අවසානය + ද - ද කියා කාලය විසින් තීරණය කරාවි. මොකද මේක තවමත් ගලාගෙන යන සත්‍ය කතාවක් නිසා.
Deleteඑල අක්කේ....
ReplyDeleteතැන්කූ මල්ලි!
ReplyDelete" හිනාවෙනකොට ඒ ඇස් දෙක දිලිසෙනව. " අහා එනපොට හොද නැති බව මෙතනම තෙරෙනෝ// මටත් හිතේ මගේ කතාවත් ලියන්න .. එත් ලැජ්ජයි වගේ අෆ්ෆා :(
ReplyDeleteලියන්නකො නංගා ශෝයි නෙ!! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!
Deleteමේ පැත්තෙ කැරකෙන්න ආවෙ අද. ඔය ආදර අන්දරේ හැමදාම අලුත් වෙන්න ඕං මන් විශ් කරා
ReplyDeleteමම අළුත් හැම තැනකම බ්ස්සි ගැන කියවෙනවා දැක්කා ඉතිං හොයා ගෙන ආවා හැබෑම ලස්සනයි :)
ReplyDeleteමේක ආපහු කියවන්න ගත්තා ඕං...
ReplyDeleteBassi. I do not have sinhala font but can read sinhala letters. I love your pages. Just started to read them. Thanks. Sarath Chandrasekere
ReplyDeleteඅවුරුදු පහකට පස්සෙ ආයෙත් කියවන්න පටන් ගත්තා...😌
ReplyDelete