Tuesday, July 9, 2013

11. අටවෙනි කොටස : ලැප් හොරෙක් හමුවෙයි.


හැමදාම හවසට සිරස කාටූන් බලන එක බස්සිගෙ පුරුද්දක්. එදාත් බස්සි හරියට හතර වෙනකොට ටීවී එක ගාවට සැපත් වුනා.
ගිරිපුර ඇත්තෝ ඉවරවෙලා ඩෲපි ඇන්ඩ් ඩ්‍රිපල් යන්න කලින් යන ලයිව් ඇට් ෆිෆ්ටි ෆයිව් නිව්ස් ටික බස්සි බලන් ඉන්නෙ ආසාවකින් නම් නෙමෙයි. ඒත් එදා කියපු නිව්ස් එක ඇහුවම නම් බස්සිට දැනුනෙ ලොකු සතුටක්.

මොරටුව කැම්පස් එකෙන් ලැප් හොරෙක් අල්ලලා. මෑන් ගාව හොරකම් කරපු ලැප් නමයක් තිබිලා. මොරටුව, කොළඹ සහ කැළණිය කැම්පස් වලින් හොරකම් කරපු බවත් හොයාගෙන.

අනිවාර්යෙන්ම බස්සගෙ ලැප් එකත් ඔතන ඇති.බස්සි හිතුව. ටක් ගාල බස්සට කෝල් එකක් අරන් නිවුස් එක දුන්නෙ ඒ නිසයි. බස්සා ඒ වෙලාවෙම මොරටුව පොලීසියට කෝල් කරල තිබුනත්, දුරකතනයෙන් හොරකමක විස්තර කියන්න බැරි බව කියපු පොලීසිය, බස්සාට පහුවදා ඇවිත් ලැප් එක තියෙනවද කියල බලන්න කිවුවා.

මම හෙට උදේම කොලඹ යනවා.බස්සා කිවුවා.

හොරාට රිදෙන්න ටොක්කක් ඇනලා එන්න හොඳද?”

ලැප ගැන මගෙ වැඩි බලාපොරොත්තු නෑ. ඒකත් එක්ක නැතිවුන ප්‍රොජෙක්ට් එහෙම මට ආපහු ලැබෙන්නෙ නෑනෙ.
පිස්සු බස්සෙක් තමයි මෙයානම්.

එහෙනම් හෙටම කොලඹ දුවන්න එපා. ලැප හොයාගන්න ඕනෙකමකුත් නෑ වගේනෙ.

හ්ම්ම්ම්ම්….. උදේ මොරටු ගිහින් බලනව. ඊට පස්සෙ හොස්ටල් එකේ යාලු කුරුල්ලෙක්ගෙ තාත්තව බලන්න මහරගම හොස්පිටල් යනව. වෙලා තිබුනොත් කැම්පස් එකටත් යනවා.

ඒ මොකටද කැම්පස් යන්නෙ?????” මටත් ඉතින් ඕනෙ නැති මගුලක් නෑනෙ.

අලුත් නැවෙන් ආපු හොඳ නoගියෙක් දැන්ම වෙන් කරගන්න ඔන. මම සීල් එකකුත් හදාගත්ත.

සීල් එකක්?”

“RESERVED කියලා. නළලෙ ගහල එනව.

අනේ මගෙ හොට. Reserve කරා වගේ නෙමෙයි. තුන වසරෙන් ගොඩ යන එක වසරෙ උන්ගෙ ආඩම්බර බලන්න වෙන්නෙ දෙක වසරෙ අසරණ අපිටනෙ. ආඩම්බර බහින්න වචනයක්වත් කිව්වොත් උන් පැමිණිල්ල දාන්නෙ තුන වසරට. එතකොට ඉතින් දෙක වසරෙ අපි නිකම්ම පච වෙලා යනවා.

බය වෙන්න එපා. මම Reborn ටී ශර්ට් එකක් ඇඳන් යන්නෙ.බස්ස කියෝනවා.

ඒකම තමයි බය. නන්ගිලා ටික වඩා ගනී එහෙනම්. එච්චරයි අඩු වෙලා තිවුනෙ.

මොකෝ මැට්ටි කතා නැත්තෙ? තරහ ගන්න එපා තවත් නාකිවෙයි. මට නන්ගිල ඕනෙ නෑ හලෝ.

ඒ ඇයි?”

එකෙක් ඉඳල මෙහෙම වද දෙනව නම් තව එකෙක් හිටියොත් කොහොමට තියේද! මට මේ ඉන්න එකී ඇති.

ටියුබ් ලයිට් පත්තු වෙන්න වෙලා යනව. වෙලාවකට ඒවා පත්තු වෙන්නෙම නෑනෙ.

ප.ලි.
ලැප් හොරා ගාව බස්සගෙ ලැප් එක තිබුනේ නැත..  :(
බස්සා නoගිලාට සීල් තියන්න කැම්පස් එකට ගියේද නැත..  :)

2 comments: