Sunday, July 14, 2013

දහඅටවෙනි කොටස : ගඟේ එගොඩ සහ මෙගොඩ





බස්සිගෙ ගම් පලාත තමයි ලoකාවෙ වැඩිපුරම ප්ලේන් ගොඩබාන පලාත. මේ, මේ! අර මහරජාණන්ට සරුoගල් අරින්නෙයි කියලා ළඟදි අලින්ව එලවල හදාපු පිට්ටනිය එහෙම නෙමෙයි ඕo. අර බණ්ඩාරනායක මහත්තයගෙ කාලෙ ඉඳන් ප්ලේන් ගොඩබාපු පලාත.



බස්සගෙ ගම නම් තියන්නෙ ප්‍රසිද්ධ ගඟකින් එහා පැත්තෙ. ඒක ලoකාවෙ වැඩිපුරම කියවෙන ගoගාවද මන්ද. අර ඇස් ඇරපු පූස් පැටියෙක් වත් මෙගොඩට අරන් එන්න එපා කියපු ගඟ.



මහරජාණොත් බස්සිගෙ ආදර අන්දරය දැනගෙනද කොහෙද මේ දවස්වල සටපට ගාල හරියටම මේ ගම් පලාත් දෙකම යා කරන අධිවේගී මාර්ගයක් හදනවනෙ. එතකොට නම් සුටුස් ගාල, පැය එකහමාරෙන් දෙකෙන් බස්සා බස්සිගෙ ගෙදර.



ඉතින් ඉස්සර කාලෙ මේ පලාත් දෙක අධිවේගෙකින් යා වෙලා තිවුනෙ නෑ නෙව. ඒ නිසා බස්සගෙයි බස්සිගෙයි භාෂාවන් තරමක් දුරට එකිනෙකට වෙනස්.




බස්සි දවසක් බස්සගෙන් මෙහෙම අහනව.

"අම්මා විතරමද සිල් ගන්නෙ? ඔයා සිල් ගන්නෙ නැද්ද?"



"මම හදිස්සියෙන් තමයි සිල් ගන්නෙ."



"ඇයි අනේ හදිස්සියෙන් සිල් ගන්නෙ? මොකක්ද ඔයාට තියන හදිස්සිය?" බස්සි අහනව.

හදිස්සියෙන් කියන වචනෙ බස්සිලා පාවිච්චි කරන්නෙ 'ඉක්මනින්' කියන අදහස දෙන්නයි. ඉතින් බස්සිව කොයිල් වෙන එක අහන්නත් දෙයක්ද! ඒත් බස්සලා ඒ වචනෙම පාවිච්චි කරන්නෙ 'කලාතුරකින්' කියන අදහස දෙන්නලු.





බස්සිට 'පුලුවන්' දේවල් බස්සාටත් 'ඇහැකි'. ඒත් දැන්නම් බස්සාටත් 'පුලුවන්' සමහරවෙලාවට. බස්සි එක්කම ඉඳලා වෙන්න ඇති.



බස්සිලා 'කොමඩු' කෑවට බස්සලා කන්නෙ 'පත්තක්කා'. බස්සිගෙ තාත්තා බස්සාගෙ ගෙදර ගිය දවසෙ කොමඩු පිඟාන අත ළඟ තියාගෙන කෑම මේසෙ උඩ පත්තක්කා හෙව්වෙත් ඒකනෙ.



බස්සා උදේට කැම්පස් එන්න ටක් ගාලා 'ලේස්ති' උනාට බස්සිට 'ලෑස්ති' වෙන්න පැයක්වත් ඕනෙ.



දවසක් බස්සිට 'තැත්තා' පැටියෙක් පෙන්නලා බස්සා කිවුවා අන්න නoගියෝ 'බුම්බා' පැටියෙක් කියලා. එදා නම් දෙන්නටම හොඳටම හිනා.



බස්සි ළඟ නැති උනාම බස්සට පාළු 'නැද්ද'? බස්සාට ගොඩාක් පාළුයි.

බස්සා ළඟ නැති උනාම බස්සිට පාළු 'නැතෙයි'? බස්සිට ඊටත් වඩා පාළුයි.




7 comments:

  1. යෙක යැත්ත තමා

    ReplyDelete
  2. මේක මරුනෙ බස්සි. දෙන්නට හොඳට හිනා වෙන්න පුළුවන් නේද ඔහොම වුනාම. තව පෝස්ට් එකක් ලියන්න පුළුවන් නම්. 'තැත්තා' පැටියෙක් කියන්නෙ මොකාද ? ඌට කියන අනිත් නම අහලත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ චන්දන අයියේ. මුල් දවස්වල ෆුල් හොල්මන්. මේකෙ ලිවුවෙ ටිකයි. තව විස්තර දාල ලියන්නෝනෙ වෙනම පෝස්ට් එකක්.

      තැත්තා පැටිය කියන්නෙ හරක් පැටියට.

      Delete
  3. තැත්තා' පැටියෙක් කියන්නේ මුකාද?

    බස්සෝ පැටවූ අලුත්ම බාසාවක් හදයිද දන්නේ නැ

    ReplyDelete
    Replies
    1. තැත්තා පැටිය කියන්නෙ හරක් පැටියට.

      හික්ස්... උන් නම් මොන ජාතියෙ remix භාශාවක් හදයිද මන්ද!

      Delete