Wednesday, July 10, 2013

13. දහවෙනි කොටස : මගුල් කපුවා



එක්සෑම් එක ඉවරවෙලා බස්සි ගෙදර එනකොට රෑ අටත් පහු වෙලා. බස්සිගෙ තාත්තත් එක්ක එනකොට එහෙම තමයි, අතනයි මෙතනයි නවත්ත නවත්ත එනකොට වෙලාව හරි. ආපු ගමන් බස්සි නාලා කාලා ඇඳට පැන්න.

කෙලින් පුටුවක ඉන්නවත් බැරි තරමට මහන්සි නිසා ජාලයට ගියෙත් E-buddy එකෙන්.

ආ මැඩම්! එක්සෑම් ගොඩ නේ?” බස්ස මාව දැකපු ගමන් ඇහුව. පේපර් එකක් කොච්චර ලේසි වුනත් බස්සිගෙ පුරුද්ද නම් රිසල්ට්ස් එනකම් එක්සෑම් එක පට්ට අමාරු බව හිතාගෙන ෆේල් වෙන්න ලෑස්ති වෙන එකයි.

මේ මම ඔයාගෙ එක්සෑම් එක ඉවරවෙන දවස එනකම් බලාගෙන හිටියෙ. මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනව. ඔයා අවුල් යන්නනම් බෑ ඔන්න.

බස්ස ඒ ගමන මොකාටද එන්න යන්නෙ. අවුල් යන්නෙ නෑ කියල පොරොන්දු කරගන්න යන්නෙ ෂුවර් එකටම අවුල් සීන් එකක් වෙන්න ඕනා.

ඉස්සරවෙලා කියල ඉන්න. පස්සෙ බලමු අවුල් යයිද නැද්ද කියල.

මේක මට අදාළ සීන් එකකුත් නෙමෙයි. හ්ම්ම්ම්ම්…… ඔයා මගේ ගැන වැරදියට හිතන්නෙ නෑ නේද?”

බැරිම තැන මම ඒ පොරොන්දුව නම් දුන්නා. නැත්තම් නිව්ස් එක අහගන්නකම් නිවනක් නෑනෙ.

ඔයා දන්නවද අපේ බැච් එකේ ඉන්න *** කියන කුරුල්ලව?”

ම්හු. අපි දෙක වසරෙ කුරුල්ලන්ව අඳුරන්නෙ නම් වලින් නෙමෙයිනෙ. මේ කුරුල්ලගෙ නම දන්නෙ කොහොමද මම.

මෙන්න එයාගෙ ෆේස්බුක් ලින්ක් එක. බලන්න අඳුනනවද කියලා.බස්සා මට ලින්ක් එකක් එව්ව.

අයියෝ මෙයාද පොර! බස්සි එයාවනම් නිතරම දැකල තිබුනා කැම්පස් එකේ බැමි උඩයි, ගස් යටයි. වැඩිපුරම මෑන්ව දැකලා තිබුනෙ බේස් කැන්ටින් එකේදි.

බස්සි ආපහු ආව කව්ලුව ලඟට.

මම අද ඔයත් එක්ක කතා කරන්නෙ එයා වෙනුවෙන්. එයාට ඔයා ගැන තියනවලු පොඩි මෙව්වා එකක්. මම ඔයාගෙ යාලුව නිසායි මට මේක ඔයාට කියන්න වුනේ. තරහ වෙනනම් එපා නoගො. ඒකාගෙ කරදරේටම තමයි මට මේක ඔයාට කියන්න උනේ.

ඔය ගොනා හැරෙන්නෙ. හ්ම්ම්ම්එතකොට ඒකටද මෙයා මෙච්චර කල් මගෙ යාලුවෙක් වගේ රඟපෑවෙ. මගෙ විස්තර සේරමත් යාලුවට දැනටමත් කියල ඇති.

කොල්ල හරි අහිoසකයි. සුපිරි මීටරේ. පොඩ්ඩක් කතා කරල බලන්නකො. ඔයාටම තේරෙයි.

බස්සිගෙ ඇහෙන් කඳුළක් එළියට පැන්නෙ ඒ වෙලාවෙයි. කඳුලු බිoදු එකයි.. දෙකයි.. තුනයි.. හතරයි.. කොට්ටෙ තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

එහෙනම් ඔයා මගෙත් එක්ක බොරුවට යාලුකම් පෙන්නුවෙ මේකටයි! ඔයා මගෙ යාලුවෙක් නෙමෙයි මඟුල් කපුවෙක් නේද? මගෙ විස්තර හොයපු ඔත්තු කාරයෙක්ද ඔයා? මෙච්චර කල් ඔයා මට කලේ බොරුවක් නේද?”

බස්සි කියෝගෙන ගියෙ හිතෙ තරහටයි, දුකටයි. ෆෝන් එක පැත්තකට දාල පැයක් විතර ඇඬුවෙ හිතේ දුක තුනී වෙනකම්.

oගෝ….”

මම මොකද කරන්නෙ? ඔයා මට ලැබුනු හොඳම යාලුවා. ඒත් එයා මගෙ යාලුවෙක් වුනේ ගොඩාක් කාලෙකට කලින්. එයා මගෙන් මේ උදව්ව ඉල්ලද්දි මම කොච්චර අසරණ වුනාද කියල දන්නවනම් ඔයා ඔහොම කියන්නෙ නෑ නoගො.

එහෙම වුනත්, ඔයා තරහ වෙයි කියන බය හිතේ තියාගෙනත්, මම ඔයාට කතා කලේ බැරිම තැනයි. එයා නරක කෙනෙක් නෙමෙයි කියලා දන්න නිසයි අමාරුවෙන් හරි මේක ඔයාට කියන්න හිත හදාගත්තෙ. කැමතිනම් මට සමාව නොදීම ඉන්නත් පුළුවන් ඔයාට.

බස්ස පිටු ගානක් පුරා ඔය වගේ කතා ලියල එවල තිබුනා. ඒක දැක්කම නම් බස්සිගෙ හිත ටිකක් මොළොක් උනා.

හ්ම්ම්ම් ඔයා හොඳටම දන්නව මට යාලුවොත් එක්ක තරහ වෙන්න බෑ කියල. ඒකනෙ ඔහොම සෙල්ලමකට ගන්නෙ හැමදේම. කපුවා.

අනේ පැටියො මම මේක ඔයාට කිවුව බව අරූට තේරෙන්න ඌත් එක්ක පොඩි චැටක් දානවද? මගේ හොඳ නoගිනෙ….”
බස්ස බටර් කොම්පැනියක වැඩ කරල තියනවද මන්දා.

ඇණ තියනවද?” බස්සි ඇහුවෙ කැම්පස් එකෙ ඇණයක් නැති එකෙක් හොයාගන්න තියන අමාරුව දැන දැනමයි.

ඇණ නම් තියෙනව සුපිරියටම. එහෙම තමයිනෙ එළ කොල්ලො වුනාම. මටත් තියෙනවා ෆිසික්ස් එකකට ඇනයක්.බස්ස ආත්මාභිමානයෙන් යුක්තව ඉතාම නැණවත් විදිහෙ උත්තරයක් දුන්නා.

බොනවද?”

මම? නෑ…”

ඔයා නෙමෙයි මැටි බස්සෝ. අර කොල්ල.

ආහ් ඌ නම් චූට්ටක් විතර ගන්නව. ඒ වුනාට ඌ පොඩි එකෙක් වගේ. හ්ම්ම්ම්.... ඒත් ඔයා බොන එවුන් එක්ක යාළු වෙන එකට නම් මමත් කැමති නෑ. අයියල වුනාම එහෙමනෙ නන්ගි ගැන බලන්න ඕනා නේද?”

කපුකම කරපු හැටි දන්නවනම් කුරුල්ලා මෙයාට කොටල මරන්නෙ. කමක් නෑ. පළවෙනි වතාවට සමාව දෙනව කියලා බස්සි හිතාගත්ත.

15 comments:

  1. Replies
    1. ඒව එහෙම කියන්න බෑනෙ ෆාති අක්කියෝ... පුළුවන්නම් හොයාගනිමු බලන්ට.

      Delete
    2. මරු. මරු....
      :)

      Delete
  2. igiyak dennako
    fathy

    ReplyDelete
    Replies
    1. බෑ බෑ... ඔයා එයාව දන්න නිසා කොහෙත්ම ඒකනම් කරන්න බෑ.

      Delete
    2. පොඩි එකක් කිවුවෙ?

      Delete
  3. podi igiyak anew podima podi ekak

    ReplyDelete
  4. hadaruwa hari yanatham

    ReplyDelete
    Replies
    1. "බේස් කැන්ටින් එකේ නිතරම දක්නට ලැබේ." ඔය ඉඟිය විතරමයි දෙන්නෙ ඔන්න.

      Delete
  5. Replies
    1. එහෙම තමයි ප්‍රොෆෙෂනල් කපුවො වැඩ කරන්නෙ!

      Delete
  6. ෆට්ට කතාවක්නි මේක අක්කේ .....

    "

    ReplyDelete
    Replies
    1. ෆට්ට කතාවක් මෙන්ම සත්‍ය කතාවක් හොඳේ...

      Delete
  7. අෆ්ෆා එක හුස්ස්මට මෙතනට එනකම් කියවගෙන අවා.. මරුවට ලියනවා.. යේ රවුමක් දාලා එන්නම්.. ලැප් එක හම්බුනේම නැති ද

    ReplyDelete