Sunday, July 7, 2013

8. පස්වෙනි කොටස : රණ්ඩුවක්


"ඔයා කරන්නෙම මාව අවුස්සන එක"

"හා. එහෙනම් මම යන්නම් කෝ. බායී"

"මම යනවා."

බස්සට දුක හිතුනා. මුහුද රළු වුනා.
"අනේ… මට මේ මොකද වෙලා තියෙන්නෙ. කරන හැමදේම වෙන්නෙ හරහටනේ. කොච්චර හොඳ කරන්න ගියත් අන්තිමට මට ඉතිරි වෙන්නෙ දුකයි, පසුතැවීමයි විතරමයි. හැමදේකදිම. මොනවා කරන්නද. මේක මගේ ලැබීම වෙන්න ඇති."

"මොකෝ කරන හැමදේම වෙන්නෙ හරහට කිව්වෙ!"

"නෑ ඉතින් ජෝක් එකක් කලත් අන්තිමට දුක් වෙලා තමයි ඉවර වෙන්නෙ."

මම බස්සව හිනා ගස්සන්න පුළුවන් හොඳම තුරුම්පුව මැසේජ් කලා; හිනා මූණු!
:-) :-) :-) :-) :-)

බස්සා: මට මම ගැනම දුකයි

"අනේ..... මොකද්ද අනේ!! ඔයාට ඔහොම කියන්න තරම් දෙයක් උනේ නෑනෙ බස්සෝ."

බස්සා පැටියා සද්දයක් නෑ.
"ඊයෙත් ඔහොමයි. මම ජෝක් එකට කියපුවට අප්සට් ගියා. අද මට ඔයා ජෝක් කරල ඔයාම එකට අප්සට් ගිහින්."


"හරි හරි නoගියෝ අවුලක් නෑ. දැන් හරි  :-)

"මොනාද හරි?" මo ඇහුව.

"හැමදේම."

"ෂෝයි!!!"

"ඔයා සිරාවට ගන්න ඕනා එක ජෝක් එකට ගන්නවා. ජෝක් එක සිරාවට ගන්නව. තරහ නෑ නේද බබෝ?"



මට මේ වචන ටික කවදාවත් අමතක වෙන එකක් නෑ. මේ කතාව publish කලාට තරහ නෑ නේද බබෝ?



No comments:

Post a Comment