සීදූව, අමන්දොළුව මහා
විද්‍යාලයය ප්‍රදේශයේ ඉතා කීර්තිමක් විද්‍යාලයයකි. ඇවරිවත්ත පාරම්පරික වෙද පරපුරක් වන කුමාරසිංහ
වෙද පරපුරෙහි ඉතාමත් කීර්තිධර වෛද්‍ය උත්මයෙකු වන රන්සිරි කුමාරසිංහ
මැතිතුමන් විසින් ප්‍රදේශයේ දරු දැරියන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් තිළිණ කළ මෙම විද්‍යාලයය
එදත් අදත් ඉතාමත් ආදර්ශමත් විද්‍යාලයක් ලෙස හඳුන්වාදිය හැකියි. එකළ පූර්ව ජ්‍යෙෂ්ඨ පන්තිය ලෙස හඳුන්වන ලද නව
වන පන්තියේ සිට අ.පො.ස. (උසස්) පෙළ දක්වාම මෙම ගෞරවණීය පාසැල් මාතාවගෙන් අධ්‍යාපනය
ලබන්නට මාද පින්කර තිබූ බව සඳහන් කරනුයේ
ඉතාමත් භක්තියෙන් හා ආදරයෙනි.
වසර හතළිස් හතරක් තරම් දිගු කාලයකට පසු නැවතත් අමන්දොළුව මහ විදුහල් මෑණියන් ගේ මව් සුවඳ විඳ ගන්නට
අගෝස්තු මස 02 වන දින ආදි සිසු පරපුරට වාසනාව උදාවුනා. ඒ විදුහලෙහි විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය
මණ්ඩලයත්, වත්මන් සිසු කැලත්, ආදි ශිෂ්‍ය සංගමයත් එක්වී පවත්වන්නට යෙදුනු
ගුරු උපහාර උළෙල නිසා.
විදුහලෙහි සේවය කොට
විශ්‍රාම ගොස් තිබූ ගුරු මව් පියවරුද, විදුහලෙහි සේවය කොට මාරුවීම් ලැබ වෙනත්
පාසැල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත ගුරු මව්පියන්ද ඇතුළු සියයක් පමණවූ ගුරු
පරපුරක් වෙත බැතිඋපහාර පුද කළේ කළගුණ සැළකීම යන උතුම් ගුණාංගය සිහි
ගන්වමින් හා වත්මන් පරපුරට ආදර්ශයක් ද ලබාදෙමින්.
උපහාර උළෙලට පැමිණි
ආරාධිත ගුරු භවතුන් හෘදයංගමව පිළිගෙන පළමුව ඔවුන් වෙත තේපැන් සංග්‍රහයක්
පවත්වා ඉන්පසු ඔවුන් මඟුල්බෙර හඬ මැද, දර්ශණීය
නැටුම් සහිත පෙරහැරකින්, රතු පලස මතින් උත්සව ශාලාව වෙත කැඳවා ගෙන ගියේ
ආදි සිසු සිසුවියන් විසින් තම භක්ත්‍යාදරය පිළිගන්වමින්. මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මැද ආරම්භ වූ උත්සවය කතෝලික පියතුමන්ගේ දේශණාවන්ගෙන් ද ආශිර්වාද ලැබුවා.
කටුනායක බෝධිරතනාරාමයේ
අධිපති, අමන්දොළුව මහ විදුහලෙහි ආදි ශිෂ්‍ය, පූජ්‍ය පාද අමන්දොළුවේ ධම්මරතන ස්වාමීන්
වහන්සේ විසින් මෙම විදුහලෙහි අගය පහදා දෙමින් කළ මාහැඟි දේශණය
සියළු දෙනාගේ හදවත් ගුරුබැතියෙන් පුබුදුවාලීමට සමත්උනා. ගිහි පැවිදි හරවත් දෙසුම් රැසකට සවන් යොමු
කරන්නට බොහෝ කලකට පසු එදින අපට අවස්ථාව ලැබුණා.
මේ අතර ගුරු බැති උපහාර තිළිණ පිරිනැමීමද සිදු කළ අතර එදා යෝධ ශක්තියෙන්
මෙම වේදිකාව මත හැසිරුණු ගුරු පියවරු අද වියපත්ව සැරයටි අතැතිව ආදි සිසුන්ගේ
වාරුවෙන් වේදිකාවට ආ හැටි ඉතාමත් සංවේදී දර්ශණයක් වුනා.
දෙසුම් අතර තුර පාසැල්
නැටුම් කණ්ඩායම් ඉදිරිපත් කළ දර්ශණීය රංගන හා සංගීතාචාර්යතුමිය ඉදිරිපත් කළ කර්ණ රසායන ගායනා සියල්ලන් සැනසුමට පත් කළා.
උපහාර පිදීමෙන් පසු
ආරාධිත ගුරු භවතුන් වෙත, ආදි සිසු සිසුවියන් වෙත හා උත්සවයට පැමිණි සියළු දෙනා වෙත
ප්‍රණීත දිවා ආහාර සංග්‍රහයක් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා
තිබුණා. ඇත්තෙන්ම සියළු දෙයින්
සම්පූර්ණ වූ මනස්කාන්ත උළෙලක් අපට එදා දැකගන්නට විඳගන්නට අවස්ථාව
සැළසුණා.
ආදි ශිෂ්‍ය සංගමය
පිහිටුවා මාස හතරක් වැනි සුළු කාලයක් තුල සංගමයේ ප්‍රථම යෝජනාව වූ ගුරු උපහාර
උළෙල මනා සංවිධානයකින් පැවැත්වීමට වත්මන් විදුහල්පති, සරත් කුමාරතුංග මැති
තුමන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණේ විශාල කැප කිරීමකින්. වත්මන් සිසු පරපුර මෙම උත්සවය සාර්තක කර ගැනීමට
ප්‍රශංසනීය දායකත්වයක් ලබා දුන් බවද පෙනී ගියා. ආදි සිසු සංගමයේ උත්සව සංවිධානය කමිටුවද තම ශ්‍රමය,
ධනය හා කාලය කැප කරමින් ඉතාමත් විශිෂ්ඨ සේවයක් උපරිමයෙන්ම සිදු කර තිබුණා. එමෙන්ම විදුහලේ ආදි සිසුන් වු ප්‍රදේශයේ
ගෞරවාන්විත තනතුරු හොබවන සහෝදර පිරිසක් මෙම උත්සවය සඳහා තම අනුග්‍රහය භක්ති
පූර්වකව ලබාදී තිබුණා.
මෙම සියළු දෙනා
වෙනුවෙන් ස්තුතිය පුද කිරීම අපගේ යුතුකමක් යයි හැඟුනා. එදින රාත්‍රියේ මෙම පින්බර උළෙල නැවත නැවතත්
සිහිපත් කරද්දී සටහන් වූ මෙම පැදි කිහිපය ඉහත සඳහන් කළ සියළු
දෙනාටත්, ආදරණීය ගුරු මව් පිය සියළු දෙනාටත්, උත්සවයට සපැමිණි සහෝදර ආදී
සිසු සිසුවියන්ටත්, මගේ ආදරණීය විදුහල් මාතාවටත් උපහාරයක්ම වේවා.
අමන්දොළුව මහ විදුහල් අම්මා බැතියෙන් නමදිමි
ඒ පින්බිම පින්බර බව පසුගිය ශනිදා දුටුවෙමි
ගුරු බැතියෙන් පිරුණු හදින් ඇදුරු දෙපා යුග
වැන්දෙමි
ඔබ සැම වෙත තුති නොපිදුවහොත් වරදක් යැයි
සිතුවෙමි
ආදි සිසුන් එකමුතු කොට ගෙවුනේ මාසද හතරකි
ගුරු බැති උපහාර උළෙල එහි කුළුඳුල් සිතුවිල්ලකි
ඒ සිතුවිලි ඔප් නැංවී මැවුනේ පින්බර උළෙලකි
එය මෙහෙයූ විදුහල්පතිතුමා සැබෑ නායකයෙකි
ගුරු සවියයි සිසු බැතියයි ආදි සිසුන්ගේ
බලයයි
එකමුතුවී කළ පින්කම පෙර ගුරු දෙවිඳුන් සනසයි
මෙවන් දූ පුතුන් ලද මගෙ විදුහල් මව
පින්වන්තයි
විදුහල් ඉතිහාස පොතේ මෙය රන් අකුරින්
ලියැවෙයි
පැවිදි දේශනාවන්ගෙන් මහා සභා ගැබ පිබිදුනි
ගුරු භවතුන් හා මැතිඳුන්ගේ දෙසුමන්ගෙන් සැනසුනි
විදුහල් සිසු කැලගේ රංගනයෙන් සැම කුල්මත්
වුනි
පැය හතරක් ගතව ගියාදැයි කිසිවෙකුටත්
නොදැනුනි
ගීත ගයනවාය කියා බෙරිහන්දී හඬා වැටෙන
යුගයක
කන් කරච්චලෙන් සවන් අගුල් වැටී තිබින
ගීතය
ගීතයක් ලෙසින් දෙසවන් සනසවා ගයන
ඇදුරුතුමියට
ද වෙසෙසින් තුති පුද කළ බව කියන්න
මඟුල්
බෙර හඬින් නැටුමෙන් සැදුනු පෙරහැරෙන් බැතියෙන්
ආදි
ඇදුරු කැල පෙරටුව ගෙන ගොස් රතු පලස මතින්
ගුරු බැති
උපහාර පුදා සැනසුව පසු සංග්‍රහයෙන්
සැම දෙන
හද සැනසුන බව දැනුනා මුව හසරැල්ලෙන්
සමුගන්නට
සුදානම් වී ඇත ගුරු මව් පියවරු
දැකගන්නට
ලැබුනා යළි බැතින් දෙපා වඳින අයුරු
අප
දරුවන් ලෙස සිටි කල අපට ශිල්ප දුන්නු අයුරු
සිහිවී හද
සසල වෙමින් නෙතින් ගලති කඳුළු සයුරු
කුරුල්ලන්ට
ගහ කොළ හා සියළු සතුන් වෙත නිරතුරු
ආදරය පුදන්නට නිති සැමට කියා දුන් ගුරුවරු
ජීවිතය කුමක්ද කියා අපට ඉගැන්වූ දෙවිවරු
සැරයටියේ පිහිට සොයනු දැක නෙතුයුග තෙමෙන
අයුරු
හාත්පස පුරා බැලුවෙමි අප ලද මඳ විරාමයෙන්
එදා තිබූ අඹගස් කජුගස් නැති බව දැනුන
හෙයින්
වෙන්වී සිව් සතළස් වසරකි එනමුදු හැඳිනගමින්
පෙර තිබු සුදු අරලිය ගස් ඇත මා හා හිනාවෙමින්
පාසැල් බිම සුදු අරලිය මල් පිපුනෙත් ඔබ
නිසාය
ඒ මල් කෙමි තුල සුවඳැති රොන්
පිරුනෙත් ඔබ නිසාය
ලොව දස දෙස ඒ සුවඳින් සුවඳ උනෙත් ඔබ නිසාය
ඇදුරුතුමනි අප ලොව මිනිසුන් වූයෙත් ඔබ නිසාය
-ප්‍රේමරත්න පලිහවඩන-
තාත්තා ලියූ තවත් ලිපියක්
තාත්තාගේ බ්ලොග් අඩවිය
තාත්තා ගැන මම ලියූ ලිපියක්
ඇති යන්තම් තාත්තගෙ ලියුම දාල;)
ReplyDeleteතාත්තට හරිම සතුටු හිතෙයි දැක්කම
මරු කවිටික නේද . . . !
Delete"මිදුල" බ්ලොග් එකේ දාන්න හිතාගෙන හිටියෙ.
Deleteඒත් තාත්තගෙ බ්ලොගර් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මතක නෑ. ඒක හෙවුව හෙවුවා හරිගියෙ නෑ. ඒකයි පරක්කු වුනේ.
හ්ම්ම් හ්ම්ම්... ^_^
Deleteමුල මතක තියෙන එක ගොඩක් වටිනවා බස්සි අක්කෙ, මේවා කියවද්දී ඇස වලට කඳුළු එනවා අපේ කාලෙත් මතක් වෙලා. මට හම්බ වුනු හොඳම ගුරුතුමිය (අනේ මගේ කරුමෙට එතුමියගේ නම මතක නෑ) අපි කිව්වේ නම් ආච්චි ටීච කියලා. හම්බ උනේ 2 වසරේදී, කොච්චර දේවල් ටිකක් කියලා දුන්නද දෙක වසර පොඩි එකකුට ජීවිතේ විඳින හැටි ගැන, වැස්සේ නටන්න, මද වලවල් වලට පනින්න මිසුත් එන්න අපිත් එක්ක හරි හරියටම, මොකක්දෝ පුරුවේ කරුමෙකට එතුමියව ඊට පස්සේ මුණ ගැහුනෙම නෑ, එතුමිය ජීවතුන් අතරද දන්නෙත් නෑ. මේ ලිපිය කියවද්දී පාසල් ජීවිතේ ගොඩක් අමතක වෙලා තිබුණු දේවල් මතක් උනා අක්කා. ඇණී ආච්චි, බන්ටි, අයිස්ක්‍රීම් මාමා, වෙරළු ඇන්ටි, මිස්ලා සර්ලා රසලතා ගොඩයි, තැන්කු බස්සි අක්ක.
ReplyDeleteකාගේත් ජීවිතේ සුන්දරම කාලය තමයි පාසල් කාලය ... ඒකේ දෙකක් නෑ
Deleteසොමියාගෙ කමෙන්ට් එක නිසාම මට මගේ ප්‍රියතම ගුරුවරියව ආයෙමත් මතක් වුනා.
Deleteමට හමුවුන හොඳම ගුරුතුමිය එක වසරෙදි උගන්වපු ඉන්දු මිස්. මම හිතන්නේ මාව හොඳින්ම තේරුම් ගත්තු එකම ගුරුතුමිය ඇය. පහ වසරට යනකල්ම මම විවේක වෙලාවට යනවා මිස්ව බලන්න. ආදරේ පිරුණ චරිතයක්. ඉන් පස්සෙ මිස්ට දුර ඉස්කෝලෙකට මාරුවක් ලැබෙනවා. ආයෙමත් මම මිස්ව දකින්නෙ අපි ඕ ලෙවල් ලියන්න යන පලමු දවසෙ ශාලා පරීක්ෂක විදියට ඇය ඇවිත් ඉන්නකොට.
මම එදා විභාගයට යන්නෙ කලින් දවසෙ අසනීප වෙලා ඉඳලා නිදිමරලා හරිම චකිතයෙන්. ඒත් මිස්ව දැක්කාම ඒ බය සේරම නැතිවෙලා යනවා.
උසස්පෙල පන්තියකදි මට අලුත් මිතුරෙක් මුණගැහෙනවා. පසුව මම දැනගන්නවා ඉන්දු මිස් එයාගෙ පුංචි අම්මා බව.
ඒ මිතුරා නිසයි මම මිස් හදිසියේ වියෝ වූ බව දැනගන්නෙත්.
අලු පාට මතකයන්ගෙන් පිරුණු පාසල් කාලයට යන්තමින් හරි රෝස පැහැ සොඳුරු මතකයන් එකතු කල ගුරුමවුන් අතළොස්සක් දෙනා අතරේ ඉදිරියෙන්ම ඉන්නෙ ඇයයි.
@ පවුලූස් : පාසැල් වියේ බොහොමයක් මතක හිතට එන්නෙ සිහිනයක කොටස් වගේ
Deleteඕ යේස්. මාත් ඉස්කෝලෙ ගියා නෙවැ. මරු !!!! කොන්වන්ට් එක තිබ්බෙත් ළඟමයි.
Deleteසුදු හුණු කූරෙන් අයන්න ලියලා
Deleteඅකුරු කෙරූ කළු ලෑලි දිගේ...
හෝඩියෙ පංතිය ජීවිතයේ නුඹ
ඉස්කෝලෙට පිය නැගුව දිනේ...
දැන සිප් සත ලොව පොත පත යහළුවො
කෙළිලොල් දිවියක අගය දැනේ...
පේළියෙ ඉඳගත් කාමර පේළිය
වසරින් වසරට අලුත් වුණේ...
නැණ මැන බැලුමට කඩඉම් පසුකොට
සහතික පත්තිරු තරඟ බිමේ...
කඳුළින් ලියවෙන ලොවකට යන්නට
අවසර පාසැල් මෑණියනේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ප්‍රේමදාස අතුකෝරල
ගායනය : ටී. එම්. ජයරත්න
සමනළ රෑනක් සේ ඉගිලී
Deleteඅකුරට ගිය පාසල් කාලේ
අයෙත් එනවා නම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ..
පාසල් මවු තුරුලට වීලා
අයන්න ආයනු ගලපාලා
නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
නිමා වෙලා පාසල් කාලේ .....
දුව පැන නට තරග කරාලා
ජය ගෙන හිනැහුන ඒ කාලේ
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
විදු මව් තුරුලේ උන් කාලේ
සුලගට හසුවූ පහන් සිලක් මෙන්
සැගව ගියාදෝ අපේ බාලේ...
- මේරියන්ස් /සුමිත් ප්‍රියංකර -
සුදු බිත්ති හැඩකෙරූ කුරුටු ගී සිනාසී..
Deleteතව කලක් රැදෙනු ඇත ඔබ ද මට වද දිදී..
පාසලේ ප්‍රේමයට නැවතීමේ ලකුණ විත්..
ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවී..//
එකට වන පොත් කෙරූ එකම තක්සලාවේ..
අප කවුද සිප්හලේ ඉතිහාස කතාවේ..
අපට යලි හිමි නොවන සෙනෙහසේ නිවහනෙන්..
තණ පළස අරලියා සෙවන තනි උනාවේ..
පාසලේ ප්‍රේමයට..
නිමාවක් නැති බැඳුම් දෙසිතේම සඟවලා..
වේලාව නොමගෙවා ගුරු සිත ද නොරිදවා..
පන්හිදට පොත්වලට ජීවිතෙන් පිදුම් දී..
කඳුලකින් සමුගනිමු අපට අප හිමි නොවී..
පාසලේ ප්‍රේමයට...
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සින්දු ඇනෝ කියන ගොඩක් සින්දු මම අහලවත් නෑනෙ :D
Deleteතාත්තා ලියපු සටහන හරිම හෘදයාංගමයි , මුල් කොටස කියවනකොට දැනුනේ ,මාතලන්ගේ බාසාවෙන් කියනවනම් යුගාන්තය කියවනවා වගේ .
ReplyDeleteස්තූතියි ස්තූතියි පවුලූශා.... තාත්තා වෙනුවෙන්. :)
Deleteනියමයි..
ReplyDeleteස්තූතියි !!
Deleteමගේ Factory එක ලගටම ඇවිත් ගිහින්.
ReplyDeleteලිපිය සහ කවිපද එල ද බ්‍රා !!!
ඇවිත් ගිහින් නෙමෙ මෙන්ඩියෝ. ඒ අපේ ගම. :D
Deleteගම්මානෙ හැඩයි නුඹ හිටියානම්
Deleteවෙල් යාය සරුයි නුඹ දැක්කානම්… :D
ගම්මානෙ හැඩයි නුඹ සිටියා නම්..
Deleteවෙල් යාය සරුයි නුඹ දැක්කා නම්...
ගල් ලිදේ වතුර නුඹ බොනවා නම්...
මගෙ කන්දෙ පැලට කැන්දන් යන්නම්....
අවුරුද්දෙම කරව්වලේ කොහා හඩනවා...
අලුත බැදපු මැටි බිත්තියෙ සීතල එනවා...
ලගදි වියපු මෝරපු තල් පැදුර තියනවා...
හැන්දෑවට මත් උනාම හීන දකිනවා...
සිංදු ඇනෝ … අති විශිෂ්ටයි !!!!!!
Deleteපත්තරෙයි, සින්දු ඇනෝයි දෙන්නා රයිගමයයි ගම්පලයයි වගේ. නියමෙට ගැලපෙනවා.
Deleteමුල මැද අග
ReplyDeleteඅමතක නැති
මැදහත් සිත...
අමතක නොකරන
මතකත් එක්කම...
අපූරු ලිපියක් බස්සියෙ
ස්තූතියි ස්තූතියි.
Deleteලිපිය ලීවෙ බස්සිගේ තාත්තා.
ගුරුතුමී මා
ReplyDeleteසිසුවියයි නුඹ
ඒත් අපි එක
පංතියේ … !!
හරි ආඩම්බරෙන් මේ කියන්නේ …… ඕක ලිව්වේ අපේ ඉස්කෝලෙ සර් කෙනෙක්..
උගුන්නපු ගුරුවරුන්ව මතක තියන..ඒ වෙනුවෙන් වෙලාවක් වෙන්කරගෙන කරපු සද් කාර්‍යට මගේ රෙෂ්පට් එක උඹේ තාත්තා ඇතුළු හැමෝටම බස්සි.. සමහර විට ජීවිතේ අවසාන කාලය ගෙවන වියපත් ගුරුවරුන්ට ඒක මහමෙරක් තරම් දැනෙන්න ඇති !!!!!
සුභපතනවා උඹේ තාත්තට … ස්තූතියත් එක්කම !!!
//ජීවිතේ අවසාන කාලය ගෙවන වියපත් ගුරුවරුන්ට ඒක මහමෙරක් තරම් දැනෙන්න ඇති !//
Deleteසහතික ඇත්ත පත්තරේ. තාත්තා කියාපු විස්තර නිසා මටත් එහෙම හිතුනා.
ඉස්කෝලෙ මතක් උනා !! හ්ම්ම් ඇත්තෙන්න්ම තමන්ගෙ පාසල, ගුරුවරු මතක තියෙන්නෙත් කීයෙන් කීයටද?
ReplyDeleteකවි ටිකත් මරු!!
බස්සි ඩැඩාට ස්තූති වේවා!!!!!
බස්සි ඩැඩා වෙනුවෙන් ප්‍රියාටත් ස්තූතියි.
Deleteඉස්කෝලේ සහ ඉස්කෝලේ කාලේ කියන්නේ ඉතින් සෑහෙන මතකයන් සමුදායක් තිලින කරන කාලයක් තමා.. ජීවිතේ ගෙවෙන විශිෂ්ටතම කාලය මට නම්... අපේ පාසලෙත් සිංහල සාහිත්‍ය සංගමේට සියවසරක් පිරීම නිමිත්තෙන් අපි එකතු වෙලා තිබ්බ උත්සවයක්.. ඒකත් අඩු වැඩි වශයෙන් ඔය වගේම තමා.. තාත්තගේ ලිපිය හරි පබිලිස් කරලා මේ පාසල් මතකයන් ආපහු අලුත් කිරීම ගැන ස්තුතියි!
ReplyDeleteස්තූතියි අදහසට අඟහරූ. පොදු පරීක්ෂණය ඉවරවෙලා කෙලින්ම පාවෙන පීරිසිය පාක් කරල තියෙන්නෙ බ්ලොග්වල වගේ. :D
Deleteමේක කියවලා මට හිතුනේ බස්සිගේ තාත්තට උගන්නපු ගුරුවරු කොච්චර වාසනාවන්තද කියලා.
ReplyDeleteතාත්තගේ බ්ලොග් එකේ පාස්වර්ඩ් එක අමතක නම් Forgot your password? ලින්ක් එක හරහා ගිහිල්ලා රිකවර් කරන්න බැරිද?
ස්තූතියි ඩූඩ්. තාත්තගෙ පාස්වර්ඩ් එක ගෙදර තියෙන නිසා ගෙදර යනකම් මේ ලිපිය තාත්තාගෙ බ්ලොග් අඩවියේ පළ කරන්න බැරි වුනා. අද උදේම කලේ තාත්තගෙ බ්ලොග් එකේ ලිපිය පබ්ලිශ් කරපු එක.
Deleteමේ තියෙන්නෙ ඒක;
http://premaratnemidula.blogspot.com/2014/08/blog-post.html
ආයෙ ඒ වගෙ අවුල් නොවෙන්න බස්සිත් මිදුලෙ author කෙනෙක් උනා. නැත්නම් මට පාස්වර්ඩ් මතක හිටින්නෙ බොහොම අඩුවෙන්.
( පාස්වර්ඩ් එක රිකවර් කරන්න බය උනේ අලුත් පාස්වර්ඩ් එක ගන්න දීපු නම්බර් එකත් මට අතමක නිසා අනේ. )
තාත්තට වඩා දුව සෑහෙන ඉදිරියෙන් ඉන්නවා.. ඒක තාත්තට ආඩම්බරයක්..
ReplyDeleteෂාහ්හ්… නයිස් ටෝක මාතේ !!!!
Deleteසුපිරි ………………
ස්තූතියි..... දුව ඇවිද්දේ තාත්තාගේ අඩි සලකුණු ඔස්සේ..... :)
Deleteතාත්තයි දුවයි දෙන්නම නියමයි.. අවුල තියෙන්නේ දුව බස්සියෙක් වෙචචි එක විතරයි..
ReplyDeleteඒකට වැරදිකාරය බස්සා දේශෝ.... :P
Deleteතාත්තා ගේ ලිපියේ තියෙන සුදු අරලියා එක්ක මමත් අපේ ඉස්කෝලේ කාලෙට ගියා යශෝ.උඹට කියන්න දැන් මම ඉස්කෝලේ යන්නේ ජන්දේ දාන්න තමයි.මොකද අපේ ජන්ද පොළ තියෙන්නේ අපේ ස්කොලේ.පහුගිය ජන්දේ දවසේ මම ජන්දේ දාලා ඉස්කෝලේ ඇතුලේ පොඩි රවුමක් ගැහුවාම පොලිසියේ මාමා කෙනෙක් මට කියාපි ජන්දේ දැම්මා නම් ගෙදර යනවා මේකේ කැරකි,කැරකි ඉන්නේ නැතුව කියලා.ඔන්න බලපාන් අවුරුදු දහතුනක් ගිය ඉස්කෝලේ අපිට ඕනේ හැටියට නිදහසේ ඇවිදින්න හැටියක් නැති හැටි විතරක්.
ReplyDeleteඅලුත් ගොඩනැගිලි හැදිලා,ක්‍රීඩා පිටි හැදිලා ගොඩක් හැඩවෙලා,අලුත්වෙලා තියෙන ඉස්කෝලේ පරණ සුවඳ නම් තාමත් වෙනසක් නැතුවම තියෙනවා වෙනසක් නැතුවම.තාත්තා ගේ ලියුමත් එක්ක ඒ අතීතේ මතක් වුණා වගේම ඒ සුවඳත් දැනුනා.
මචෝ මං හිතන්නේ පොලිස් මාමා ඉස්කෝලෙ ගිහිං නැතුව ඇති :D
Deleteඔව් බං පත්තරේ එහෙම වෙන්නත් ඇති.සමහර විට පොලිස් මාමා හිතුවද දන්නේ නැහැනේ මම ජන්ද කොල්ලකන්න ආපු එකෙක්ද කියලත්.මොකද මම කිවේ නැහැනේ පොලිස් මාමට මම මේ ඉස්කෝලේ අතීත සුවඳ විඳිනවා කියලා.
Deleteඋඹත් ඉතිං රවුම් ගහන්න ඡන්දේ දවසෙම යන්නේ මොකෝ , වෙන දවසක යමන්කෝ
Deleteඑහෙම හිතෙන්,හිතෙන දවස්වලට දැන් ඉස්කෝලේ යන්න බැහැ.ගේට්ටු දෙකේම යුනිපෝම් ඇන්ද සිකුරටි මාමලා ඉන්නවා.උන් ලෙසියක්ට ඉස්කෝලේ ඇතුලට යන්න දෙන්නේ නැහැ.ඉස්කෝලෙට යන්න තියෙන එකම විදිය දැන් රගර් මැච් තියෙන දවස් විතරයි.එකත් ග්‍රවුන්ඩ් එකට පමණයි.
Deleteමොනවා කොරන්නද මනෝ..... අපේ පාසලට අපිම ආගන්තුකයො වෙනවා. :/
Deleteතාත්තගේ ලිපියත් එක්ක ඉස්කෝලේ කාලේ මතක් වුනා..කවි ටිකත් ලස්සනයි කිව්වා කියන්න...
ReplyDeleteස්තූතියි තුශානි නංගා
Deleteබස්සි ගේ තාත්තා ගෙ ලිපියක් කියවපු මුල් වතාව වෙනසක් දැනුනා අවුලක් නෑ ,පද පේලි ටික නියමයි ...
ReplyDeleteස්තූතියි සහෝ. තාත්තාගේ බ්ලොග් එකේ ලින්ක් එක දැම්මා, නිවාඩු වෙලාවක බලන්න.
Delete"Back to School" my Memories...
ReplyDeleteතාත්තත් සුපිරියට ලියනවා නොවැ...
හ්ම්ම් හ්ම්ම් :)
Deleteස්තූතියි විභී. . .
කවි ටික නම් මාර අගෙයි..
ReplyDeleteතැන්කූ තැන්කූ දිනේශ් අයියේ
Delete