Thursday, August 21, 2014

වඳයි? (12 +)





දිනය කවදාදැයි හරියටම මතකයක් නැහැ.  අපි  සතිඅන්තයේ ගෙදර ගිහින් ඉරිදා හවස තාත්තාගේ නිල නිවාසයට පැමිණෙමින් හිටියෙ. ඊට සති කිහිපයකට පෙර තාත්තාගේ මිතුරෙක්ගේ පුතෙක්ගේ හදිසියේ වියෝ වීම ගැන කතා කරමිනුයි අපි ආවේ.


ඔහු වෘත්තියෙන් මැවිසුරුවෙක්. මගේ වචනාර්ථයන්ට අනුව නම් “කියුට්,බ්‍රයිට්  කොල්ලෙක්.” විවාහ වී වසර දෙකක් ගතවී තිබුනත් දරුවන් නැති වීම නිසා ඔහු ගේ බිරිඳ උන්නේ මහත් කණස්සල්ලෙන්. වෛද්‍ය උපදෙස් ලබාගන්නට යා යුතු බව පවසමින් ඈ ඔහු ට දිගින් දිගටම ඇවිටිලි කලා.


නමුත් ඔහු ට ඒ සඳහා වෙලාවක් තිබුනේ නැහැ. 


අවසානයේ ඔහු ගේ බිරිඳ තනිවම වෛද්‍ය උපදෙස් සොයා යනවා. එතැනදි දැනගන්නවා ඇයට දරුවෙක් බිහි කිරීමට කිසිදු නොහැකියාවක් නොමැති බව. ඈ පර්යේෂණ වාර්තාද සමග නිවසට එනවා.


එදින සවස ඔහු නිවසට පැමිණි පසු ඈ නැවතත් ඇවිටිලි කරන්නේ වෛද්‍ය උපදෙස් ලබාගෙන අදාළ පරීක්ෂණ සඳහා යොමුවන ලෙසයි. ඔහු ගේ ප්‍රතික්ෂේප කිරීම් නිසා උණුසුම් දෙබස් හුවමාරුවක් ඇතිවෙනවා.


එදින රාත්‍රියේ ඔහු නිවසින් පිට වෙනවා. නිවසට තරමක් දුරින් පිහිටි ගඟක පාවෙමින් තිබූ ඔහු ගේ සිරුර සොයා ගන්නෙ පසුවදා උදේ. . . .






නැවත නැවතත් ඒ දුක්බර සිදුවීම ගැන කතා කරමින් පැමිණුන අපි තාත්තලාගේ කාර්යාලයට ළඟා වෙනවා. මොහොතකට කාර්යාලය අසල නවත්වන්නැයි කී අම්මා ඉක්මනින් එන බව පවසමින් ඇතුලට ගියේ අතපසු වී එහි දමාගොස් තිබූ යමක් රැගෙන ඒම පිණිසයි. එවිට අපි ඔහුව දකිනවා.


ඔහු තරමක් දුරින් පිහිටි කොරිඩෝවක් අතුගාමින් උන්නා. ඔහු තරමක් මෝඩ පහේ, විසුලු චරිතයක්. කාර්යාලයේ සුලු සේවකයෙක්. බොහෝ අවස්ථාවලදී ඔහුගේ අනුවණ හැසිරීම් සහ විසුළු ඉරියව් අපේ මුවගට හිනාවක් ගෙනාවා.


එක්වරම හිස ඔසවා බැලූ ඔහු අපේ වාහනය නවතා තිබෙනු දුටුවා. කොස්ස අසල වූ තරප්පු පේලියට හේත්තු කල ඔහු පිම්මේ අප දෙසට දුවගෙන ආව. ඒ අමුතු දිවිල්ල නිසා මමත්, නංගිත් මුහුණට මුහුණ බලා, සිනහව පිටවෙන්නට නොදී අමාරුවෙන් සිරකර ගත්තා.


දිවිල්ල නතර වුනේ තාත්තා අසලදියි.


“මහත්තයල කොහේ යන ගමන්ද?”

“අහ්. . . අපි මේ ගමේ ඉඳල එන ගමන නේ.”


“මහත්තය අපි ‘තැම්පත් කලා’ මහත්තය.”

“තැම්පත් කලා? ඒ කියන්නෙ?”


තාත්තා ළඟට තවද ලං වූ ඔහු රහසින් මෙන් මොන මොනවාදෝ කිවුවත් මට එය ඇසුනේ නැහැ. හැබැයි ඔහුගේ දෑස් දිලිසුනා.


පසුව තාත්තා පැවසූ පරිදි ඔහු සැලකිය යුතු කාලයක් මදසරු භාවයට බෙහෙත් ගත්තත් පලක් වී නැහැ. දරු සුරතල් බලන්නට ආසාවෙන් ඔවුන් තීරණය කරන්නේ කෘතිමව ශුක්‍රාණු තැන්පත් කිරීමක් සිදු කරන්නයි.


මදින් මද ඔහුගේ හඬ උස් වෙයි.


“ටිකක් වියදම් ගියා මහත්තෙය. ඒ උනාට සල්ලි වගේද දරු පැටියෙක් කියන්නෙ නේද? දරුවෙක් නැත්නම් සල්ලි ඉතුරු කලාට වැඩක් නෑ මහත්තෙය.”

කඩිනම් ගමනින් පැමිණෙන අම්මා වාහනයට ගොඩවෙයි.


“අපි ගිහින් එන්නම් එහෙනම්.” තාත්තා පවසයි.


“හොඳයි මහත්තය. මම නම් අද හවසත් වැඩ.”

“අරක හරි යයි නේද මහත්තෙය?” 


ඔහුගේ දෑස් දැල්වෙයි. සැහැල්ලු සිනහවකින් ඔහුගේ උරහිසට තට්ටුවක් දමන තාත්තා රිය පණගන්වයි.



මේ සිදුවීමට දැන් වසර කිහිපයක් ගතවෙලා. හදිසියේම මට මේක මතක් වුනේ අහම්බෙන් අතපත් වූ පවුල් ප්‍රතිසංවිධාන සමීක්ෂණයක දත්ත පත්‍රිකා කිහිපයක් නිසයි.





එතැනදී මගේ අවධානය යොමු වුන එක පුංචි කාරණාවක් කියන්නම්. දරුඵල නොමැති වීමට පිළියම් වශයෙන් මූලික ප්‍රතිකාර සඳහා යොමුවී ඇති සිංහල පවුල් සංඛ්‍යාව සාපේක්ෂව අතලොස්සක්. හෝර්මෝනමය නික්ෂේපණ පතිකාර සඳහා යොමුවෙන ගණන ඊටත් අඩුයි. කෘතිම සිංචනය සහ වෙනත් කෘතිම පිළිසිඳීම් සඳහා යොමුවී තිවුනේ ඉතාම සීමිත පිරිසක්.


අනිත් කාරණය තමයි එම ප්‍රතිකාර සඳහා යොමුවෙන සිංහල දෙමාපියන්ගේ වයසත් සාපේක්ෂව ඉතා වැඩියි. 
නමුත්, අනිත් ජාතීන් මේ සඳහා යොමුවීම් ප්‍රමාණාත්මකව ඉතා සාධනීය මට්ටමක පවතිනවායැයි හිතුනා, ඒ දත්ත වලට අනුව.

මේ ගැන තව හොයන්න හිතුනා. කියවන්න හිතුනා. වැදගත් දේ වෙතොත් විස්තරාත්මක ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා.





එතකන් මට කියන්න තියෙන්නේ එක දෙයයි.


සිංහලයිනි, පය බරවායට පිටිකර බේත් බැඳලා පලක් නැහැ.




71 comments:

  1. අපරාදේ "තැන්පත්" කරේ. රට වටේ තියෙන දේවාලවලටයි, කපුවෝ ගාවටයි ගියා නම් හරි.. මෙහෙම මට්ට මෝඩ පිරිසක් ළොවෙත් නැතිව ඇති. මේකේ බස්සිගේ කතාව බොහෝම වැදගත්, අපේ රටේ බුද්ධිමත්භාවය හා උගත් කම් පිළිබඳව පෙන්වන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ සිංහල බෞද්ධයෝ තමන් කරනදේ තේරුමවත් නොදැන කිරිකල වලින් කළුගල් නාවනව දැකල ඇතිනේ. :D

      අධ්‍යාපනය අසමබරයි. ඉතින් කොයින්ද ජීවිතාවබෝධයක් ලබන්නේ. දරාගැනීමේ හැකියාවක්, උලැඟිතාවක් නැති යාන්ත්‍රික පරපුරක් නෙ අන්තිමට බිහිවෙන්නෙ.

      Delete
    2. සම්පූර්ණ ඇත්ත. තාම ඒ මානසිකත්වයෙන් මිදෙන්න බැරි අය බොහොම යි. වැදගත් ලිපියක්....

      Delete
  2. විස්තරාත්මක ලිපියද බලාපොරොත්තු වෙමි....දෙයක් ඇත පසුව දන්වමි....

    ReplyDelete
    Replies
    1. ලියන්නම් ලියන්නම් හොඳේ. මේ දාස්වල පොඩ්ඩක් වැඩ වැඩිවී සිටිමි.

      කියපාම්කො කිඹුලියා මොකද්ද පසුව දන්වන සීන් එක?

      Delete
  3. සමහර අය තමන්ට ලැබෙන්න ඉන්න දරුවා නැතිකරගන්න උත්සාහ කරනවා.. තවත් අයට අවුරුදු ගානක් දරුවන් නැහැ.. බස්සි තව දෙයක් තියනවා.. ටික කලක් දරුපල නැති උනාම අපේ උදවිය , දේවාල ගානේ රස්තියාදු ගහනවා පුදපූජා තියනවා.. මිරිස් ගල් නාවනවා.. දෙයියන් දරුවන් දෙයි කියා (එහෙම දෙන වෙලාවලුත් තියනවා - දෙයියා නෙවෙයි කපුවා) හැබැයි නිසි වෛද්‍ය උපදෙස් ගන්න උදවිය විරලයි.. මම නං හිතන්නේ තාම අපේ සමාජය ඔය ගැන හිතන්නේ ප්‍රාථමිකව.. දරුවෙක් නෑ කිව්වම ඒ ගෑනු මනුස්සය දිගා බලන්නේ වපර ඇහින් ඒ එක්කම "වඳ ගෑණි" කියන නම පබඳින්නත් අපේ උන්දැලෑ පසුබට වෙන් නෑ... ස්තුතියි බස්සි මේ වගේ මාතෘකාවක් තෝරගත්තට

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තවත් එකක් මේක කියෙව්වම කථාවක් මතක් උනා - බලමු පෝස්ට් එකකට ගොණුකරන්න

      Delete
    2. සහතික ඇත්ත විදානේ. ළඟදි මම පත්තරේක කියෙවුවා මාර දුක හිතෙන නිවුස් එකක්.

      තමන්ගේ බිරිඳට නිවුන් දරුවන් ලැබෙන්න ඉන්නවායැයි දැනගත් පියෙක් සියදිවි හානි කරගෙන.
      ඒ මනුස්සය ඉස්සර මේසන් වැඩ කරල තියෙන්නෙ. මාස කිහිපයකට කලින් බිල්ඩිමකින් වැටිල ඔත්පල වෙලා.
      ආපහු මේසන් රස්සාව කරන්න බැරි නිසා එයා වඩේ කරත්තයක් තියාගෙන වෙළඳාම් කරන්න අරන්.
      ඒ අතරෙ තමයි දැනගෙන තියෙන්නෙ තමන්ගෙ බිරිඳට ලැබෙන්න ඉන්නෙ නිවුන් දරුවන් බව.
      ළමයින්ට කන්න අඳින්න දෙන්න වත්කමක් නැති නිසා පීඩාවට පත්වෙන ඒ මනුස්සයා වස බීල දිවි තොර කරගන්නව.
      ???????

      Delete
    3. //ළමයින්ට කන්න අඳින්න දෙන්න වත්කමක් නැති නිසා පීඩාවට පත්වෙන ඒ මනුස්සයා වස බීල දිවි තොර කරගන්නව.//
      යශෝ,මමත් ඕක දැක්කා.රට යන්නේ කොහෙද කියලා හිතා ගන්නවත් බැහැ.හරිම අවාසනාවක්.මේ වගේ දේවල් වලට මාධ්‍ය වලින්වත් ඉඩක් නැහැ.කාතිකවක් හැදෙන්න ඕනේ දේවල් වෙනුවෙන් නෙමේ මාධ්‍ය කටයුතු කරන්නේ වෙනත් දේවල් වෙනුවෙන්.නළගනකට දරුවෙක් ලැබෙන එක ප්‍රමුඛ පුවතක් වෙන රටේ මේ වගේ දේවල් ගැන කතාවත් කරන්නේ නැහැ.රෙද්දේ ආශ්චර්ය.

      Delete
    4. ඒ කියපු මිරිස් ගල කිරෙන් නෑවුනාට ම මදි.

      Delete
  4. කිව්වත් වගේ ලංකාවේ ඒ වගේ ප්‍රතිකාර වලට යොමු වෙන සම්භාවිතාව හරිම අඩුයිනේ.. විස්තරාත්මක ලිපියකුත් ඉදිරියේදී ලියන්න..

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරන්නම්කෝ නංගියා. ස්තූතියි

      Delete
  5. කොහෙද... ඔය ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න යන එක හෙන අපරාධයක් වගේනේ හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.
      කළුගලට කිරි වත්කරන එක හොඳයි. සායනයකට යන එක නරකයි.

      Delete
  6. අඩුවෙන් කතා වෙන ඒත් වැදගත් මාතෘකාවක් බස්සි..

    ReplyDelete
    Replies
    1. ඕ යේස් පත්තරේ....

      Delete
    2. මේ ගැන කාමරේ සිරාත් ලියලා තිබුනා ...

      http://siragekamare.blogspot.com/2013/10/blog-post_20.html

      Delete
  7. බොහොම වැදගත් කරුණක් ගැන වුනත් රසට ලියැවිල තිබෙනවා , ස්තුතියි ඔබට , මේ ලිපිය තුලින් සෑහෙන පිරිසක් ප්‍රයෝජනයක් ගනිවි කියල බලාපොරොත්තු වෙනවා .

    ReplyDelete
  8. ලංකාවේ වෙන්නේ දෙන්නා එක්ක රණ්ඩු කර කරා දේවාල ගානේ යනවා මිසක් ඩොකෙක් හම්බවෙන්න යන්නේ නෑ මිත්‍යා මත ලොකු කරගෙන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. දෙකම කරනව.

      දැන් ලංකාවෙ Fertility treatment clinic වලටත්, මිත්යා විශ්වාස මත පදනම් වූ ප්‍රතිකාරවලටත් දෙකටම හොඳට බිස්නස් තියනව

      Delete
    2. Pra : Fertility treatment clinic වලට බිස්නස් තියෙනව. මම කියල තියෙන්නෙ ප්‍රතිශතයක් වශයෙන් ඒවට යොමුවෙන සිංහල පවුල් අඩුයි කියන එක ගැනයි.

      Delete
    3. දොස්තරට කලින් යන්නෙ කපු දොස්තර ගාවටනෙ බොරලු.

      Delete
  9. ඇයි අර අපේ සේනා වලට ඔය වැඩෙත් බාර දුන්නනම් හරිනේ!

    ReplyDelete
    Replies
    1. බල්ලගෙ වැඩේ බූරුවට දුන්න වගේ තියෙයි.

      Delete
  10. ලංකාවේ ඉතින් අලි ඔළුවෙන් ඉන්න අය ඔවට යන්න ඕන කියලා හිතන්නේ නැහැනේ.. හොදම වැඩේ කියන්නේ පූජාවක් මොකක් හරි කලත් වෛද්‍ය පරීක්ශණයකට යන්න ලැජ්ජ වෙන එක..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. ලෙඩකට බෙහෙත් ගන්න යනව කියල හිතන්නෙ නෑ. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න දක්වන මැලිකමත් මේ වගේම තවත් එකක්.

      Delete
  11. මේක ඉතින් ලංකාවේ කොලේ වහලා කතා කරන මාතෘකාවක් නේ.මෙතන කෙලින්ම ලියලා තියේ.ඒල

    ReplyDelete
  12. හොද ළමය......;කවුරුත් වැඩිය නොලියන දෙයක්.......ඔන්න ඔය වගෙ ලිපිත් ලියපං මචී යො .......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්... තැන්කූ කෙන්ජී.... :)

      Delete
  13. ෙකා් බං කෙමන්ට් ඒක?

    ReplyDelete
  14. ලංකාවෙ හොදම රීප්‍රඩක්ෂන් හෙල්ත් සෙන්ටර් එක තියෙන්නෙ බාන්ස් ප්ලේස් එකේ...
    ඒක තමා කොළඹ විශ්ව විද්‍යාල පර්යේෂනාගාරයට පස්සෙ හදපු පළවෙනි එක...
    නම නං වින්දන වෙන්නෝන මට මතක විදියට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට මහේෂ්! :)

      Delete
  15. මේ අපූරු ලියැවිල්ල ලියන භාෂාවෙන් ලිව්වනං මොන තරම් අපූරුද බස්සියේ

    ReplyDelete
  16. නගේ උඹත් ඉක්මනට බැඳපන් ග වැඩික්ල ඉන්නේන නැතිව 03 ක්වත් අම්ම තාත්තටත් අදවි කරන්න පුළුවන් කාලේ හදා ගනින් අඩු ගානේ එක කොල්ලේක්වත් ඉන්න විදිහට දෙයියන්ට කියලා හරි.මම හිත්නේ ඕක තමයි බෙහෙත් බඳින්න තියෙන් නියම ක්‍රමය.

    ReplyDelete
  17. ඔය මාතෘකාව ගැන කොච්චර කතා කලත් කමක් නෑ බස්සියො,

    ඔය දේ ගැන කතා කරපු ගමන් හැමෝම මුලින්ම ඇඟිල්ල දික් කරන්නෙ ගෑණිට වීම තවත් කරුමයක්.!

    අනික ඔහොම ප්‍රශ්ණයකදි මුලින්ම මතක් වෙන්නෙ නොපෙනෙන දෙවියො මිසක්, පෙනෙන වෛද්‍යවරු නොවේ!!

    ReplyDelete
    Replies
    1. //ගමන් හැමෝම මුලින්ම ඇඟිල්ල දික් කරන්නෙ ගෑණිට වීම තවත් කරුමයක්.!//
      සහතික ඇත්ත බං.

      Delete
  18. ෂ්ථර දෙකක දැනුම පිළිබද හොද තර්කයක් ගොඩ නැගෙනවා.. ඔය වගේම තමා කාන්තා සනිපාරක්ෂක තුවාය ගැනත් මිනිසුන් බලන්නේ මහා අමුතු දෙයක් විදියට. ඒක එහෙම දෙයක් නොවී තිබුනත් තාමත් මිනිස්සු පුදුමාකාර නොදැනුවත් කමක් ඒ ගැන තියෙන්නේ. ඒක හරියට කාට හරි අපහාසයක් කියල වගේ හිතනවා. මළ විකාරයක්.. සමහර දොස්තරල හරියට බේත් දෙන්න දන්නෑ. අන්තිමට තැන්පත් කරමු කියනවා. ඒත් හරි දොස්තර කෙනෙක් උනා නං තැන්පත් කරන්න කලින් කරන්න පුළුවන් දේවල් තියෙනවා හරියට තේරුම් ගත්ත නං.

    ඔන්න බලහං අපිටත් බැදල අවුරුදු දෙකක් ළමයි හදන්න උවමනාව තිබ්බේ නැහැ. පස්සේ තව අවුරුදු තුනක්ම “මහාචාර්ය“ වීඕජී නෛක් ගාවට ගියා මේ ප්‍රශ්නෙට. අන්තිමට කරන්න තියෙන ඔක්කේම පරික්ෂණ කරල මගේ ශ්‍රක්‍ර පරික්ෂාවක් කරල ඒක හරි ගියේ නැත්නං තැන්පත් කරමු කිව්වා. මං දේශිකාට කිව්වා මේ ඔලමොට්ටල මහචාර්යයා හරි යන්නෑ කියලා, වෙන ජනප්‍රිය සාමාන්‍ය කෙනෙක් ගාවට ගියා. එයා දේශිකාගේ බ්ලඩ් ටෙස්ට්, ඔසප් චක්‍රය ගැන බලල ස්කෑන් එකක් කරා. ඊට පස්සේ හෝර්මොන සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ කියල මාස තුනක් බේත් බොන්න කිව්වා. එච්චරයි බං.. බඩු හෑව්. තව ඩිංගෙං මාත් ඩිපොසිට් කාරයෙක් තමා..

    මේවා ගැන දැනුවත් කිරීමට ඉතා වටිනවා. මොකද ළමයි නැති උන් මැරි මැරි හිටියට ඒකට හරි බේතක් ගන්න බොරුවට ඇඹරෙනවා..

    ReplyDelete
    Replies
    1. කාන්තා සනීපාරක්ෂක තුවාය ගැනත් මහා මරිමෝඩ අදහස් තියෙන එවුන් තමයි ඉන්නෙ බන්. ඒක වෙනමම කතා කරන්න ඕනෙ එකක්.

      ආපෝ ඔය පණ්ඩිත මහාචාරිල ගැන නම් කතා කරල පලක් නෑ බන්. මම දන්න දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් ඉන්නවා කළුබෝවිල. එයා කෙලින්ම ආහාර රටාව ඒව මේව බලල තමයි හේතුව හොයා ගන්නෙ. එයාගෙ ප්‍රතිකාර ක්‍රමත් බොහොම සාර්ථකයි කියනව.

      අනේ මන්ද අනිත් ලෙඩ වලට බේත් ගන්න කිසි ලැජ්ජාවක් නෑ. හැබැයි මානසික රෝග සහ මදසරුභාවය කියන තත්ව දෙකේදි අපේ මිනිස්සුන්ගෙ මාර ලැජ්ජාවක් තියෙන්නෙ බෙහෙතක් ගන්න.

      Delete
  19. බැදපු ජෝඩුවට දරුවෙක් නෑ කියන ඒක වැඩියෙන්ම ප්‍රශ්නයක් වෙන්නේ අහල පහල අයට නෑදෑයන්ට තමයි.. කෝ නැද්ද තාාම නැද්ද දැන් බැදලා ගොඩක් කල් නේද?? දරුවෙක් හදාගන්න අදහසක් නැද්ද ප්‍රශ්න ගොඩයි.. රට්ටු සනසන්න ගිහින් තමයි අන්තිමට දුක් විදින්න වෙන්නේ..
    සියදිවි නසා ගත්ත තරුණයා ගේ තත්වය කලින් දැනගත්තානම්, දැන් විකල්ප විසදුම් සොයා දෙන කටවල්ම කියයි විනිසුරු පො+++ක් කියලා..

    ReplyDelete
    Replies
    1. රට්ටුන්ට කියකියා කවුද බණ්ඩෝ බෙහෙත් ගන්න යන්නෙ. මොකද දොස්තර ගාවට යන්නෙ පෙරහැරෙන් යැ. ඔය වටේ ඉන්න උන්ගෙ කතා තඹේකට මායින් නොකර තමන්ට හරි කියල හිතෙන විදියට ජීවත් උනානම් එච්චරයි

      Delete
  20. හ්ම්ම් බර ප්‍රශ්නයක්.. මැවීසුරුවා කියන්නේ කවුද ??

    මුලින් කියපු සිද්ධිය මං හිතන සිද්දියම නම් අපෝ ඒ මනුස්සයා සිය දිවි හානි කර ගැනීමම ගොන් වැඩක්.,. ඒ මනුස්සයා මරුනායින් පස්සේ මිනිස්සු කිව්ව් කතා ඇහුවා නම් ඔය මනුස්සයා මැරෙන්න හිතන්නේවත් නැහැ.. මැරුණ එකෙන් උනේ පවුල් ප්‍රශ්නයක් එලියට ඒම නිසා චාටර් වීම..

    ඔච්චර එක එකැ ඒවා තැන්පත් කර කර දුක් විදින්න ඕනේ නැහැ නේ.. අනාත පුංචි අත දරුවෙක් හදාගත්තා නම් මොකෝ වෙන්නේ.. කොයි දරුවත් දරුවෙක් නේ.. හැමෝම ආදරේ තමන්ගේ ලෙය ට විතර යි වගේ..

    ReplyDelete
    Replies
    1. මැවිසුරුවා = engineer

      ඒකනෙ මොණරි. දොස්තර ගාවට ගියානම් දැනගන්නෙ කිහිපදෙනයි. අන්තිමේ පළාතක්ම දැනගත්තා එයාලගෙ පෞද්ගලික කාරණාවක්.

      එක එක ඒවා නෙමෙයි එතනදි තැන්පත් කරන්නෙ විවාහක පුරුෂයාගෙ ශුක්‍රාණු. අනික තමන්ගෙ ලෙය එහෙමත් නැත්නම් තමන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ඉස්සරහට අරන් යන එක සත්වයන්ගෙ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය අනාථ දරුවො හදා ගත්තට ඉටු වෙන්නෙ නෑ. මට මතක තිවුනෙ ඔයා බයෝ කලා වගේ ඒ ලෙවල් වලට.

      අනාථ දරුවන්ට උදව් කිරීම වෙනමම කතා කලයුතු දෙයක් කියලයි මමනම් හිතන්නෙ. අපි කොයි අම්මත් අම්මෙක් කියල අපේ අම්ම කොහෙහරි ඉන්නකොට වෙන අම්මෙක්ව ගෙදර ගේන්නෙ නෑනෙ. අපේ අම්මට මුලින් සලකලා තමයි අනිත් අම්මලට සලකන්නෙ.

      Delete
    2. මැවිසුරුවා කියන වචනය හදලා තියෙන්නේ ඊලියන් ද සිල්වා. පොරත් මැවිසුරුවෙක්. අර "පිස්සු පුසා" වගේ ටෙලිවිෂන් ෂෝ සිංහලෙන් හදපු, "හඳයා" විත්‍රපටිය හදපු, ටයිටස් තොටවත්ත ගේ සහෝදරයා.
      http://kathandara.blogspot.com/2011/03/blog-post_17.html

      Delete
  21. කාර්යාල සුළු සේවකයට තිබුණු දරා ගැනීමේ හැකියාව මැවිසිරුවට තිබුනේ නෑ නේද? සමාජ ආකල්පවල බලපෑම තමයි සියදිවි නසාගැනීමට බලපාන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හ්ම්ම්...

      උගත්කම තිබුනට මදි.

      Delete
  22. දරුවෝ ඇති අම්මාලා.................

    දරුවෝ ඇති අම්මාලා
    දරු සුරතල් පෙන්නාලා
    හඩවා නෙත මා සිත පාරනවා
    දරුවෝ නැත මා පතලා //

    හඩනා කිරි දරුවෝ
    තුරුල පුරා පැතුවා
    පවු පුරවා සංසාරයේ
    මව් පදවිය නැතුවා

    දරුවෝ ඇති අම්මාලා......

    කුරුළු මුවෝ සතුනේ
    දරු සෙනෙහේ විදිනා
    මිනිස් භවේ මහිමේ මගේ
    මට දරුවෝ නොදෙනා

    දරුවෝ ඇති අම්මාලා....

    ගායනය - නිලා වික්‍රමසිංහ
    පද - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - රූකාන්ත ගුණතිලක

    ReplyDelete
    Replies
    1. කිරි අම්මාවරු දනට වඩිනවා
      කිරි සුවඳයි මුළු ගම්මානේ
      අම්මා ඇයි ඒ දනට නොයන්නේ
      නො අසන් පුතනුවනේ
      මා සිත රිදෙන නිසා

      නෙත නිදි වරමින් කැත කුණු අතගා
      මම නුඹ හැදුවෙමි දුක් විඳලා
      එනමුදු කුසයේ හොවමින් බිහිකර
      ඇඟ ලේ කිරි කර නැත පොවලා

      කිරි අම්මාවරු දනට වඩිනවා...

      නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
      මව් පදවිය නැත මා පතලා
      මතු භවයේ මා දනට වඩින්නම්
      නුඹ බිහි කර කිරි මව වීලා
      කිරි අම්මාවරු දනට වඩිනවා...

      Delete
    2. උඩින් තිබුනට උබ දැම්මෙ මට පස්සෙ හරිය

      Delete
    3. දමිත් : කමෙන්ට් එකේ වෙලාවෙන් ගෙම්බා හොරා බව පෙනේ...

      Delete
  23. හොද ටොපික් එකක් අරගෙන තියෙන්නෙ.ගොඩාක් හොදයි.ඔය ප්‍රශ්නෙ හොද වෙලදපොලක් තියෙන එකක්.

    ReplyDelete
    Replies
    1. කිරි අම්මාවරු දනට වඩිනවා
      කිරිසුවදයි මුලු ගම්මානේ
      අම්මා ඇයි ඒ දනට නොයන්නේ
      නොඅසන් පුතුනි මගේ....................................

      Delete
    2. තැන්කූ තැන්කූ හොඳේ....

      Delete
  24. අනේ මන්ද බස්සියෝ මේවට මොනව කියන්නද කියල ........

    ReplyDelete
  25. බස්සියෝ.... මං දන්නා අයුරුවේද වයිද්‍යවරියකට ... තුන් පාරක් තැන්පත් කරලත් ...... වැඩි දවස් යන්න බැරි උනා..... හැබැයි වයස එතකොට 43ක් විතර ඇති....මොකද කරන්නේ.... මේකටත් පිං පව් බලපානවා ඇති.....

    ReplyDelete
    Replies
    1. වයස බලපානව අනිවාර්යයෙන්ම නිහිංසා. වැඩේ තියෙන්නෙ සමහරුන්ගෙ ගර්භාෂයේ ඇතුලත බිත්ති වල වෙනස්කම් බලපානව ඒකට. ටික දවසකින් cyst එකක් විදියට බැහැර වෙනව. ඒක වෙනමම බෙහෙත් ගන්න ඕන රෝගී තත්වයක් නේද.

      Delete
  26. මේ මාතෘකාව හොඳ කතිකාවතක් ඇති කරන්න පුළුවන් මාතෘකාවක්, ලංකාවේ නම් දෙවිවරු පස්සෙයි ,ශිව ලිංගය පස්සෙයි දුවන මිනිස්සු තමයි වැඩි. විද්‍යාත්මකව මේ සඳහා පිලියමක් සෙවීම තුලින් තමාගේ පෞරුෂයට, අභිමානයට කැළලක් වෙයි කියලා හිතන පිරිස බොහෝ වැඩියි උගත් සමාජයේ පවා.

    දරුවෙක් හදාගැනීම කියන කාරණය ගැන රැඩිකල් විදිහට බලන ය කියන්න පුළුවන් කොයි දරුවත් දරුවා නේද කියලා. එත් එහෙම අරගෙන පසුකාලීනව තමන්ගේම කියලා දරුවෙක් ලැබුනම අර දරුවාට නොසලකා හැරීම තුලින් සිදුවන ඛේදජනක සිද්ධි ගැන උදාහරණ ඕන තරම්. තමන්ගේ දෙයට ආසාව ආදරය වැඩි වීම කියන එක මනුෂ්‍ය ස්වභාවය . එක අතික්‍රමණය කරන්න පුළුවන් නම් හොඳයි , එත් වැඩි දෙනෙකුට බෑ. දැනට තියෙන හොඳම විසඳුම තමයි තැන්පත් කිරීම

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ඉස්සරහට අරන් යන එක සත්වයන්ගෙ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය අනාථ දරුවො හදා ගත්තට ඉටු වෙන්නෙ නෑ. ගොඩ දෙනෙක් සාමාන්‍ය මිනිස්සුනෙ. අනාථ දරුවන්ට තමන්ගෙ දරුවන්ට වගේ සලකපු පවුල් කිහිපයක් මම දන්නවා හැබැයි තව දෙයක්, ඒ දෙමව්පියන්ට තමන්ගෙ දෙමව්පියන්ට වගේ සැලකුවෙනම් නෑ ඒ දරුවො ලොකුමහත් උනාට පස්සෙ. දිග කතාවක් තියෙනවා ඒ ගැන.

      අනේ මන්දා සිංහලයන්ට කෙලවෙලා තියෙන්නෙ ඔය නොදන්න දෙවිවරු පස්සෙන් වැටීගෙන ඉන්න එකෙන්ම තමයි

      Delete
  27. අපි බැඳල මාස හයක් ගියා පළවෙනිය පිලිසිදගන්න. මාසතුන යනකොට මෙන්න පරපුරම අහනවා තාම මුකුත් වෙනසක් නැද්ද කියල. පස්සේ හිතුන ළමයි නැතිම උනොත් මොන වගේ පීඩනයක් දෙනවා ඇති ද කියල.

    ReplyDelete
    Replies
    1. නෑදෑයොන්ට ඉතින් මාර උණක්නෙ තියෙන්නෙ අනේ අනුන්ගෙ ඇදකුද හොයන්න.

      Delete
  28. ලංකාව වගේ තාමත් සම්ප්‍රදායිකව හිතන රටවල් වල මේ වගේ කරුණු වලදී ප්‍රතිකාර සඳහා යොමු වෙනවාට වඩා මිත්‍යා දේ කරා යොමු වීමේ ප්‍රවණතාව තමයි වැඩි.අනෙක් අතින් විවාහක දරුවන් නැති යුවළකට සමාජයෙන් එල්ල වන පීඩනය නිසා ඒ අය තව,තවත් දුකට පත් වීමක් තමයි වෙන්නේ.අපේ රටවල තාමත් හරි මානසික සෞඛ්‍ය අධ්‍යාපනයක්,මානසික සෞඛ්‍ය අධ්‍යාපනයක් නැති එක ඔය වගේ දේවල් කරා ජනතාව අඩුවෙන් යොමු වීමට බලපාන තවත් සාධකයක්.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඔය මාතෘකාව කතා කරන්නෙ නැති තරමයිනෙ මනෝජ්. කතා කලත් මාර රහසෙන් නිකම් අපරාධයක් ගැන කියනව වගේනෙ කතා කරන්නෙ.

      Delete
  29. මේ ගැන කතා කරන්න ගොඩක් දේ තියෙනවා. දැන් නම් බෑ

    ReplyDelete
  30. මේ වගේ සිද්ධි නම් අහන්න තියෙනවා ඔසෙට .ප්‍රශ්ණෙ අපේ මිනිස්සු මේ දේවල් දිහා බලන විදිය ගැන ,මමත් ලිව්වා වගේ මතකයි ඔය වගේ දේයකට දේවාල බෙහෙත් ගන්න ගිහින් පරලොව ගිය කෙනෙක් ගැන,කතා කරන්න බොහෝ දේවල් තියෙනවා මේ ගැන නම් ...

    ReplyDelete
  31. උඔද මේ තරම් අර්ථවත් ලිපියක් ලිව්වේ කියලා හිතනකොටත් තංන්තෝසයි ඈ...
    එල ද බ්‍රා

    ReplyDelete
  32. //අවසානයේ ඔහු ගේ බිරිඳ තනිවම වෛද්‍ය උපදෙස් සොයා යනවා. එතැනදි දැනගන්නවා ඇයට දරුවෙක් බිහි කිරීමට කිසිදු නොහැකියාවක් නොමැති බව. ඈ පර්යේෂණ වාර්තාද සමග නිවසට එනවා.// මෙතන දෙන්නම යායුතු තැනක්. එහෙම ගිහිල්ලත් "@#$ , දැන් තියෙන්නේ ඔයාගේ කොටස... කරුණාකරලා ශුක්‍රානු සාම්පලයක් ගෙනැත් දෙන්න" කියපුවහම වැඩේ අතහැරලා පැත්ත පළාතේ නොගිය විසේෂ දොස්තර කෙනෙක් ( කන්සල්ටන්) ගැන මම අහලා තියෙනවා.. "කොහෙද ඉතින් @#$ ගෙන් ළමයි හැදුනොත් ඉතින් හුළඟින් තමයි " කියලා නෝනා ( එත් දොස්තර කෙනෙක් ) අපි එක්ක කිව්වා මතකයි...

    ReplyDelete